Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්බන්තොටින් අක්කර 15,000ක් චීනෙට - ආර්ථික පිම්ම ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කර්මාන්ත කලාපයක් ඇති කිරීම සඳහා හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීන ආයෝජකයින්ට ලබාදීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේම දැනට පවතින ආනයන අපනයන පාලන පනත හා අඩු බදු ප්‍රතිපත්තිය වෙනස් කර නව පනතක් ඉදිරිපත් කර ආයෝජකයින් දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද අගමැතිවරයා සඳහන් කළේය.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ආර්ථිකයේ ඉදිරි දැක්ම සහ අනාගත අභිලාෂයන් පිළිබඳව අද(27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

අග්‍රාමාත්‍යවරයා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේ ය.

ගරු කතානායකතුමනි,

රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය, අපේ ආර්ථිකයේ ඉදිරි ගමන සහ අපේ අනාගත අභිලාෂයන් පිළිබඳ 2015 නොවැම්බර් 05 වැනි දා මේ ගරු සභාව ඉදිරියේ කරුණු දක්වමින් කියූ දෙයක් අද යළිත් ඔබ ඉදිරියේ සිහිපත් කරන්නට කැමතියි.

“මානවම්ම සිට මහා පරාක්‍රමබාහු දක්වා වූ අපේ රටේ ස්වර්ණමය යුගය යළි අප උදාකරගත යුතුව තියෙනවා. ඒ සඳහා කැපවීම, වගවීම හා ඉවසීම ඇතිව නිවැරදි මාවතේ ඉදිරියට යා යුතුයි. අපේ මාතෘ භුමිය නිසි තැනට ඔසවා තබන්නටත්, අපේ අනාගත පරම්පරාවට යහපත් දේශයක් නිර්මාණය කර දෙන්නටත් අපට හැකි වන්නේ එවිටයි.”

එය අවධාරණය කරමින් මා කියා සිටියේ අපේ ආර්ථිකයේ ඉදිරි ගමන සඳහා විප්ලවීය චින්තනයක් අවශ්‍ය බවයි. එසේම අභීත ප්‍රතිපත්ති සහ පියවර ගත යුතු බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික රජය සිය ආර්ථික කටයුතු ආරම්භ කළේ සියලූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරමින්. සහන ගණනාවක් ලබා දෙමින්. මෙය අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑමේ සවිමත් පදනමක් වුණා. මෙමගින් දේශීය ඉල්ලූම වැඩි කිරීමටත්, පසුගිය පාලනයෙන් අපට දායද වූ බරපතළ ආදායම් විෂමතා හැකි තාක් සමනය කිරීමටත් අපට හැකි වුණා.

එසේ නමුත් තවත් බොහෝ දේ කළ යුතු යුතුව තිබෙනවා. අපේ ඉලක්කය ජනතාවගේ ආදායම් මට්ටම් වඩාත් ඉක්මනින් ඉහළ නැංවීමයි. පසුගිය අවුරුදු 60 ක කාලය තුළ ආදායම් වර්ධනය සලකා බලද්දී බොහෝ අග්නිදිග ආසියාතික රටවලට වඩා අප ඉන්නේ පිටුපසින්. එසේම අපේ අසල්වැසි දකුණු ආසියාතික රටවල ආදායම් මට්ටම් සමග අප ළං වී සිටින්නේ යන්තමින්. දැනට ඒක පුද්ගල දළ ජාතික ආදායම වන අමෙරිකානු ඩොලර් 4000, අපි අමෙරිකානු ඩොලර් 8000 දක්වා වැඩි කර ගත යුතුයි. දැනට අපේ ආර්ථිකය වර්ධනය වන්නේ වර්ෂයකට 5% වේගයෙන්. මේ වේගයෙන් ගියොත් ඒක පුද්ගල ආදායම දෙගුණ වන්නට 2033 දක්වා බලා සිටින්නට අපට සිදු වෙනවා.

අපිට වසරකට 7% ක ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකි නම් ඒක පුද්ගල ආදායම වර්ෂ 2025 වන විට දෙගුණ කර ගත හැකියි. මේ 7% ආර්ථික වර්ධන වේගය අපේ රට අවසන් වරට ලබාගත්තේ යුද්ධය අවසන් වුණු විගස 2009 දී යි. අවාසනාවකට සාමයත් සමග ලැබිය යුතුව තිබුණු ආර්ථික ප්රතිලාභ ලබාගන්නට අපේ රටට නොහැකි වුණා.

2012 න් පසු වර්ධන වේගය 5% ට වඩා පහත වැටුණා. පෞද්ගලික ව්‍යවසායන් සමහරක් රජයට පවරා ගැනීමත් සමග දේශීය සහ විදේශීය ආයෝජකයන් බියට පත් වුණා. සුදු අලියන් බවට පත්වූ රාජ්‍ය ව්‍යාපෘතිවලට රජය විසින් මහත් සේ ණයට මුදල් ගැනීම නිසා

පෞද්ගලික ආයෝජකයන්ට ණය ලබා ගැනීමට බැංකු වල අතිරික්ත මුදල් තිබුණේ නැහැ. නමුත් 2015 වසර තුළ ආදායම් බෙදීයාමේ විෂමතා හැකිතාක් අඩු කරන්නට අප උත්සාහ කර තිබෙනවා. අඩු ආදායම් ලාභීන්ගේත්, රාජ්‍ය සේවකයන්ගේත් ආදායම් වැඩි කළා. ඇති හැකි අයගෙන් බදු මුදල් අය කර ගෙන රටේ සංවර්ධනයට යොදා ගත්තා. රජයේ ණය ගැනීම් අඩු කළා.

දැන් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම යුරෝපයේ, ජපානයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ අනෙකුත් ණය දෙන ආයතන සහන පොලී අනුපාතිකයන් මත අප රජයට ණය මුදල් ලබා දීමට යළිත් ඉදිරිපත් වෙමින් සිටිනවා. ඒ මගින් අපේ ආර්ථිකය පුළුල් හා ශක්තිමත් කරලීමට හැකි වෙනවා. මේ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අනුග්‍රහය අවසන් වරට ලැබුණේ මා අග්‍රාමාත්‍යව සිටි 2001 – 2004 වකවානුවේදීයි. දැන් නැවතත් ජනාධිපති සිරිසේන මැතිතුමාටත්, මටත් නැවතත් විදේශීය මූල්‍යාධාර වැඩි වැඩියෙන් ලබා ගන්නට හැකි වී තිබෙනවා.

ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දීය සාගරයේ හදවත වූයේ ශ්‍රී ලංකාවයි. බටහිර සහ නැගෙනහිර ආසියාව යා කරන කේන්èය මර්මස්ථානය වූයේ ද ශ්‍රී ලංකාවයි. ගෝලීය වෙළෙඳ සම්බන්ධීකරණ සහ මෙහෙයුම් සමබන්ධයෙන් කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික වැදගත් පිහිටීම සැවොම පිළිගන්නවා.

මේ පසුමිබ ඔස්සේ වඩාත් තිරසාර ආර්ථික ක්‍රමවේදයක් රටේ ස්ථාපිත කරන්නට අප පදනම සකස් කරමින් සිටිනවා. දුර්වල ආර්ථික ව්‍යුහයක පව් බර කර ගැසීමට පසුගිය වසර පුරා අපට සිදු වුණා. එය අතීතයේ අනුගමනය කළ පටු ආර්ථික ප්රතිපත්තිවල අහිතකර ප්‍රතිපලයයි. අමෙරිකානු ඩොලර් බිලියන 11 ක් පමණ වූ අපනයන ආදායම පහත වැටෙමින් පවතිනවා. නිමි ඇඟළුම් අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 5 ක මට්ටමක හිර වෙලා. ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීම සඳහා අප අයදුම් පතක් ඉදිරිපත් කළේ ඒ ඔස්සේ නැවතත් ඇඟළුම් කර්මාන්තයේ පිබිදීමක් ඇති කරලීම සඳහායි.

ලෝක වෙළෙඳපොළේ තේ හා රබර් මිල පහත වැටීමත් සමග අපේ කෘෂි නිෂ්පාදන අපනයන ආදායමත් අඩු වෙලා. වැවිලි ක්ෂේත්රයේ සමහර සමාගම් හොදින් කටයුතු කළත් සමහර සමාගම් දුර්වලයි. ඒ නිසා නව ප්රාග්ධනය මෙන්ම කාර්යක්ෂමතා මට්ටම් ද හඳුන්වාදෙමින් ප්‍රාදේශීය වැවිලි සමාගම් ප්‍රතිව්‍යුහගත කොට කාර්යක්ෂම ව්‍යවසාය බවට පරිවර්තනය කිරීමට අප කටයුතු කරනවා.

ගෙවී ගිය 30 වසරක පමණ කාලය තුළ අපේ අපනයන නිෂ්පාදනවල සංයුතිය තරගකාරී වෙළඳපොලට සරිලන අයුරින් වෙනස් වී නැහැ. තවමත් අපි අපනයන ආදායමෙන් බහුතරයක් උපයා ගන්නේ නිමි ඇඟළුම්, තේ, රබර්, මැණික් සහ සංචාරක කර්මාන්ත යන ක්ෂේත්රයන්හි පටු අපනයන පදනමක් මතයි. මෙබඳු පටු සීමාවන් තුළ දීර්ඝ හා තිරසාර ආර්ථික වර්ධනයක් ලබා ගැනීම අසීරුයි.

මැදපෙරදිග අපේ ශ්‍රමිකයන් දැඩි වෙහෙස මහන්සියෙන් උපයන ආදායම් පිළිබඳව ද අවිනිශ්චිත භාවයක් පැන නැගී තිබෙනවා. දැන් කලක් තිස්සේ ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වී තිබීම නිසා සෞදි ආරාබිය වැනි රටවලට තමන්ගේ රට වැසියන්ට පවා ගෙවන වැටුප් අඩු කිරීමට සිදුව තියෙනවා. මෙය මැදපෙරදිග සේවය කරන ලාංකේය ශ්‍රමිකයන්ට අලූතෙන් එල්ලවන අභියෝගයක්.

ගෝලීය ආර්ථිකය කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා අරගලයක යෙදෙන පසුබිමක, දේශීය ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් පවත්වාගෙන යාමටත්, ආර්ථික ගතිකයන්ගේ වෙනස් වීම් මධ්‍යයේ සාර්ථකව ඉදිරියට යෑමටත් ශ්‍රී ලංකාව සමත් වී තියෙනවා. මෙහිදී මෙරට සහ පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඉදිකිරීම් කර්මාන්තයේ ආයෝජන කරන මෙන් අප දිරිමත්කළා. මේ නිසා ඉදි කිරීම් ක්ෂේත්රයේ පිබිදීමක් ඇති වුණා.

ලෝකයේ අපේ රට ගැන තිබෙන ප්‍රතිරූපය දියුණු වීමත් සමඟ සංචාරකයන්ගේ පැමිණීම සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් තිබෙනවා. දශකයක් පුරා අපේ වෙළෙඳපොළ ගැන නොතකා සිටි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ගුවන් සේවා සහ හෝටල් සමාගම් නැවතත් මෙරටට පිවිසෙන්නට පටන් අරන් තිබෙනවා.

සාර්ථකත්වය සඳහා ඉහළ වර්ධන වේගයක් අප පවත්වාගෙන යා යුතුයි. එමගින් අපනයන මෙන්ම දේශීය ඉල්ලූම ද ඉහළ නංවාගත හැකියි. වේගවත් සංවර්ධනය හේතුවෙන් රජයේ ආදායම ද ඉහළ යනවා. මා පසුගිය වසරේ ද සඳහන් කළ පරිදි, රජයේ ආදායම් පහත වැටීම හා වාණිජ ණය උපරිම මට්ටම දක්වා ඉහළ නැංවීම නිසා ආර්ථික වර්ධනයට බාධා සිදු වෙනවා.

අපනයන ක්ෂේත්රයේ ඉහළ වර්ධනයක් සඳහා විශාල ප්‍රාග්ධන සැපයුම් සහ මහා පරිමාණආයෝජන අවශ්‍ය වනවා. වඩාත් වර්ධනීය ප්‍රථිපල ලබා ගැනීමට නම් නව තාක්ෂණ සොයා ගැනීම්, නවීන කළමනාකරණ දත්ත ක්‍රමවේදයන් හා යාවත්කාලීනක වෙළෙඳපොළ තොරතුරු ආදියෙන් සන්නද්ධ විය යුතු වෙනවා.

එක් දහස් නවසිය අසූ ගණන් වලදී තම නිෂ්පාදන කර්මාන්ත සේවාවන් බැහැරින් ලබා ගැනීම වඩාත් සුදුසු බව ජපානය කල්පනා කළා. ඔවුන් තීරණය කළේ මෙහෙයුම් කටයුතු තායිලන්තය හා ශ්‍රී ලංකාව වෙත ගෙන යන්නයි. ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන වාර්තාවක් සැකසීම පිණිස ජපන් දූත පිරිසක් 1983 දී මෙහි පැමිණියා. ඔවුන් මෙරටට ගොඩබැස්සේ 83 කලූ ජූලිය ඇරැඹෙනවාත් සමගමයි. මේ නිසා අපේ අවස්ථාව අහිමි වුණා. තායිලන්තයට අමෙරිකානු ඩොලර් බිලියන 50 ක ජපන් ආයෝජන ලැබුණා. තායිලන්තයේ තවත් ආයෝජන සිදු කළ නොහැකි බැවින්, අමෙරිකානු ඩොලර් බිලියන 13 ක ජපන් ආයෝජන මැලේසියාවට යොමු කෙරුණා.

මා කර්මාන්ත ඇමැතිවරයා ලෙස පත් වූ පසු කාර්මීකරණ ප්‍රවර්ධනය සඳහා සැලකිල්ල යොමු කළා. ඒ වන විට වියට්නාමය වෙළෙඳපොළ ආර්ථික ක්‍රමවේදයට පිවිසුණා පමණයි. උපදෙස් සඳහා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියා. එහෙත් අවාසනාවකට යුද්ධය පැතිර යෑම නිසා 1997 වන විට කාර්මීකරණ වැඩපිළිවෙළ අත්හැර දමන්නට අපට සිදු වුණත් වියට්නාම කාර්මීකරණය ඔස්සේ ඉදිරියටම ගෙන ගියා.

1990 දී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් වෙද්දී වියට්නාමයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2.4 යි. විසිපස් වසරකට පසු අද තත්වය කුමක්ද? ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 10 යි. වියට්නාමයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 162 යි. මේ ආදායමෙන් බහුතරයක් ඔවුන් ලබා ගත්තේ නිෂ්පාදන කර්මාන්ත වලිනුයි.

2003 දී මා අග්‍රාමාත්‍ය ධූරය දරන අවදියේ යුරෝපා හවුලේ ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය සඳහා අයදුම් කළා. එම අයදුම් පත පිළිබඳ සාකච්ඡා නිම කළේ චන්ඬිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින්. ඒ අතර බංග්ලාදේශයත් යුරෝපීය වෙළඳ පොළේ ජීඑස්පී සහනය භුක්ති විඳීමේ අවස්ථාව ලබා ගත්තා. 2010 වසරේදී ශ්‍රී ලංකාවට හිමිව තිබූ ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුණා.

2003 දී අපේ රෙදිපිළි සහ ඇඟළුම් කර්මාන්තය අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක් පමණ වූවා. ඒ වසරේ බංග්ලාදේශයේ රෙදිපිළි සහ ඇඟළුම් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5.2 යි. 2015 වන විට අපි රෙදිපිළි සහ ඇඟළුම් අපනයන කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.8 ක් උපයද්දී බංග්ලාදේශය අමෙරිකානු ඩොලර් බිලියන 26.6 ක් උපයනවා.

දුප්පත්කමින් හා පසුගාමීත්වයෙන් මිදී ඉදිරියට යන සංවර්ධිත රටක් බවට පත් වන්නට නම් අපේ වර්ධනය වේගවත් කරලීමට පාදක වන මහා පරිමාණයේ සෘජු විදේශ ආයෝජන මෙරටට ඇද ගත යුතුයි. අප සියළු දෙනා අවබෝධ කර ගත යුතු සත්‍යය එයයි.

රැකියා උත්පාදනයට දායක වන ආයෝජන දිරිමත් කරලීමේ පරිසරයක් අප සකස් කරන්නේ ඒ නිසයි. ව්‍යාපාර ඇරැඹිමට හරස් වන නොයෙකුත් රෙගුලාසි සහ බාධක සියල්ල ඉවත් කරන්නේ ඒ නිසයි. ඉදිකිරීම සඳහා අවසර ලබා ගැනීම, විදුලි සබඳතා සහ බැංකු ණය, දේපොළ ලියාපදිංචිය, සුළුතර ආයෝජකයන්ගේ සුරක්ෂිතතාව, ආදායම් බදු ගෙවීම, විදේශ වෙළෙදාම, ගිවිසුම් ක්‍රියාත්මක කිරීම, බංකොළොත් ව්‍යාපාර සමථයකට පත් කිරීම, රැකියා වෙළඳපොල රෙගුලාසි ආදී ෙක්ෂ්ත්ර ගණනාවක් සඳහා ඇති අවහිරතා අප ඉවත් කරනවා. මෙයට අමතරව ආයෝජන සඳහා අවශ්‍ය සියළු අනුමැතීන් එක් කවුන්ටරයකින් ලබා ගත හැකි පරිදි නව නීති සම්පාදනය කරනවා. රටක ව්‍යාපාර කිරීමේ පහසුව සංසන්දනාත්මකව ඇගයීමට ලක් කරන ලෝක බැංකුවේ දර්ශකයක් තිබෙනවා. Doing Business Index නමින් හැදින්වෙන මේ දර්ශකයේ ඉහළින්ම තිබෙන රටවල් 70 අතරට ශ්‍රී ලංකාව ද 2020 වන විට පත් කිරීම අපේ ඉලක්කයයි.

මේ ශක්තිමත් පදනම මත ඉන්දීය සාගරයේ සංවිධාන සහ ව්‍යාපාර ශක්තිය සතු කේන්ද්‍රස්ථානය බවට පත් වීමේ සැලසුමට අප මුල පුරා තියෙනවා. ඒ අරමුණ පෙරදැරි කර ගනිමින්, කලාපයේ විවිධ රටවල් සමග පහසුවෙන් සම්බන්ධ වීම සඳහා ජාත්‍යන්තර ගුවන් තොටුපොල සහ වරාය තුනක සංවර්ධන කාර්යයන් අප ආරම්භ කර තියෙනවා. ප්‍රාග්ධන දීමනා සහ අඩු බදු ක්‍රමවේදයක් පදනම් කර ගත් ආයොජන දිරිගැන්වීම් හඳුන්වා දෙනවා. මේ පිළිබඳ වැඩි විස්තර අයවැය යෝජනා වලදී ඉදිරිපත් කරනවා.

එසේම ආනයන හා අපනයන පාලන පනත වෙනුවට නව පනතක් හඳුන්වා දෙනවා. එය සිංගප්පූරුවේ ආනයන හා අපනයන රෙගුලාසි පනතට සහ උපායමාර්ගික භාණ්ඩ පාලන පනතට සම කළ හැකියි.

අපේ දේශීය ව්‍යවසායකයින්ට ද මෙහිදී විශාල කාර්ය භාරයක් තිබෙනවා. ඔවුන්ට තරගකාරීත්වය වැඩි දියුණු කොට අපනයන නිෂ්පාදනය ඉහළ නැංවිය හැකියි. මේ සමගම නව රැකියා අවස්ථාවන් ද බිහි වෙනවා. මෙතැන දී දේශීය ව්‍යවසායකයින් දිරිමත් කරමින්, ඔවුන්ට ගෝලීය තරගකාරීත්වයට එක්වීමට අවශ්‍ය සහය ලබා දීමට අපි වෙළඳ ගැලපුම් පැකේජයක් - Trade Adjustment Package – හඳුන්වා දෙනවා. අලූත් උපකරණ ලබා ගැනීම සඳහා ලබා දෙන ප්‍රාග්ධන දීමනාවන් ද ඊට ඇතුළත්. මේ ආකාරයෙන් දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන් දිරිමත් කරන්නේ අප මුහුණ දී ඇති ප්‍රධාන අභියෝග දෙකක්, එනම් පෞද්ගලික අංශය කරන අඩු ආයෝජනය සහ රජය මුහුණ දී සිටින විශාල ණය ප්‍රමාණය යන අභියෝග ජය ගැනීම සඳහායි.

ඔබ හොදින් දන්නා පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, මාත් ගෙවී ගිය වසර පුරා කිහිප අවස්ථාවක විදේශයන්හි සංචාරය කරමින් අපේ රට පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් නිර්මාණය කළා. අපේ මේ උත්සාහයන්ගේ ප්‍රතිඵල දැනටමත් දැකිය හැකියි. ඉතා මෑත දී මා බ්‍රසල්ස් නුවරට ගිය අස්ථාවේ යුරෝපා කොමිසමේ ඉහළ නිලධාරීන් 2017 ජනවාරියේ සිට ජීඑස්පී ප්ලස් සහනය නැවතත් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට විශ්වාසයෙන් සහතික වුණා. ජපන් - ශ්‍රී ලංකා පරිපූර්ණ සහයෝගීතාව සම්බන්ධීකරණය සඳහා ජපන් අගමැතිතුමා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කර තිබෙනවා.

අපේ අපනයන සඳහා නව වෙළඳපොලවල් නිර්මාණය කර ගැනීමේ අරමුණින් තවත් වෙළෙඳ ගිවිසුම් 3 ක් පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. ඉන්දියාව සමග එට්කා ගිවිසුම, චීනය හා සිංගප්පූරුව සමග ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්.

මේ විශාල ආර්ථික කලාපයන් ඔවුනොවුන්ගේ දේශීය වෙළඳපොල ආධිපත්‍යය පවත්වාගෙන යාමට වෙහෙසෙනවා. ඒ වෙලඳපොලවල් අතීතයේ අපේ සාම්ප්‍රදායික ව්‍යාපාර කටයුතු සඳහා විවෘතව තිබුණු බවත් අප අමතක කළ යුතු නෑ.

අප බොහෝ දෙනෙක් සිතුවේ හම්බන්තොට වරායට සහ මත්තල ගුවන් තොටුපොළට ලබාගත් අති විශාල ණය ප්‍රමාණය අපේ ඉදිරි පරම්පරාවලට ගෙවන්නට සිදුවනු ඇතැයි කියායි. මේ ණය ගත්ත අයත් සැලසුම් කරලා තිබුණේ එහෙමයි. ඒත් අපි මේ තත්වය වෙනස් කරන්න මහන්සි වුණා. මේ ණය හිලව් කිරීමට හිමිකාරීත්වයේ කොටස් ලබාදෙන ක්‍රමවේදයක් හම්බන්තොට වරායට සහ මත්තල ගුවන් තොටුපොළ වෙනුවෙන් අප සකස් කළා. ඒ දෙකම රාජ්‍ය - පුද්ගලික හවුල් ව්‍යාපාර සේ පවත්වාගෙන යාමට ඒ ඔස්සේ අවකාශ ලැබෙනවා. චීන සමාගම් මේ ක්‍රමවේදය යටතේ වරාය සහ ගුවන්තොටුපොල සංවර්ධනය කරන්නට දැඩි උනන්දුවක් දක්වනවා.

වරාය හා ගුවන් තොටුපොළ වෙනුවෙන් ගෙවන්නට ඇති ඉතිරි ණය පියවන්නට අපට ශක්තිය තියෙනවා. ඒ නිසා හම්බන්තොට වරායේ සහ ගුවන් තොටුපලේ ණය අපේ දරුවන් පිට පැටවෙන්නේ නැති බවට සහතික විය හැකියි. ඒ වගේම හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් සහ නාවුක සේවා කේන්ද්‍රයක් බවට පත් වීමේ වාසිය ද අපට ඉතිරි වෙනවා. චීනය, කොරියාව හා ජපානය යන රටවල ආයෝජකයෝ මේ ආර්ථික ප්‍රවර්ධන කලාපයේ මෙන්ම දිවයිනේ වෙනත් ස්ථානවලත් කර්මාන්ත ඇරැඹිමට කැමැත්ත පළ කර තිබෙනවා. ඔවුන් මේ කර්මාන්ත කලාපවල නිපදවන නිෂ්පාදන යුරෝපයට, චීනයට, ජපානයට, එක්සත් ජනපදයට මෙන්ම ඉන්දියානු සාගරය වටා තිබෙන බොහෝ රටවලට මෙහි සිට අපනයනය කරන්නට හැකි වෙනවා. මැද පෙරදිග සිට ඉරානය, ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව හා ඉන්දුනීසියාව දක්වා රටවල් තුළ බිලියන 2 කට වැඩි ජන සංඛ්‍යාවක් දැනට සිටිනවා. 2050 වන විට ඒ සංඛ්‍යාව බිලියන 3 ක් දක්වා වැඩි වෙනවා.

අපේ සංවර්ධන උපාය වන්නේ ඉන්දියානු සාගරයේ මේ දැවැන්ත වෙළෙඳපොළ සමග ගනුදෙනු කිරීමයි. මේ සඳහා ඉහත කී රටවල ආණ්ඩු සමග වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම අපගේ බලාපොරොත්තුවයි.

මේ අතරම අනාගතයේ පොදු සහ පුද්ගලික අංශයන්හි සංවර්ධන වෑයම සඳහා පදනම සකසන ප්‍රධාන සංවර්ධන කවුලූ දෙකක් අපේ රට තුළ නිර්මාණය කිරීමට දැන් මූලිකත්වය ගෙන තියෙනවා. ගෝලීය අගය දාමයන් සමග වේගවත් හා ආරක්ෂිත සම්බන්ධකම් ඇති කර ගත හැකි සාධනීය ව්‍යවසායන්ට අවශ්‍ය සංවිධානාත්මක සහ යටිතල පහසුකම් සම්බන්ධීකරණය මෙම කවුළු හරහා සිදු කෙරෙනවා. මෙවන් ක්‍රියාදාමයකට ශ්‍රී ලංකාව මුල පුරන්නේ පළමු වතාවටයි.

මෙම සංර්ධන කවුලූ දෙක දිවයිනේ මෝසම් සුළං වැසි දෙකෙන් පෝෂණය ලබන ප්‍රදේශ දෙකට සම්බන්ධ වනවා. නිරිත දිග කවුලූව කොළඹ- මහනුවර අධිවේගී මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගය කේන්ද්‍ර කොට ගෙනයි නිර්මාණය වෙන්නේ. ගෝලීය අගය දාමයන්ට අදාළ ලොකුම විභවය ඇත්තේ මේ කලාපයේයි. එයට හේතුව කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹවරාය පිහිටා තිබීමයි.

අපේ අරමුණ වන්නේ,

•මෙගාපොලිස් සංවර්ධන අධිකාරියක් පිහිටුවා මිලියන 8.5 ක ජනකායකට ජීවත් විය හැකි

බස්නාහිර මහා නගර කලාපයක් ඇති කිරීම,

•චීන සමාගමක් විසින් කොළඹවරායට යාබදව මුහුද ගොඩ කර නිර්මාණය කරන බිම්

ප්‍රදේශයේ නව මූල්‍ය නගර කේන්ද්‍රයක් ඇති කිරීම,

•නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක, කොළඹ– මහනුවර අධිවේගී මාර්ගයට හා මත්තල හරහා දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමෙන් මධ්‍යම කඳුකරය පුරා පැතිරෙන අනු ආර්ථික කවුළුවක් නිර්මාණය කිරීම. මේ කවුළුව තුළ වැවිලි සමාගම ප්‍රතිව්‍ය{හගත කිරීම, තේ වගාව නගා සිටුවීම, කෘෂිකර්ම නවීකරණය, සංචාරක සහ සේවා අංශයන්ට ප්‍රමුඛත්වය ලබා දීම. දෙවැනි සංවර්ධන කවුලූව ඊසාන දිග සංවර්ධන කවුලූවයි. එය ත්‍රිකුණාමලය වරාය හා රජරට යා කරමින්, මඩකලපුව සහ යාපනය සම්බන්ධ කරනවා. මොරගහකන්ද සහ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘති තනා නිම කිරීම සමග මේ ප්‍රදේශයට නව යුගයක් උදා වනවා. ගොවිතැන් සඳහා වැඩිපුර ඉඩම් යෙදවිය හැකි වනවා. එසේම අපේ පෞරාණික පොළොන්නරුව සහ අනුරාධපුර දෙනුවර නවීන නාගරික ප්‍රදේශ ලෙස සීරුවෙන් දියුණු කිරීමේ පදනම මේ සමග සැකසෙනවා. ත්‍රිකුණාමලය ලෝක ප්‍රමිතියට පත් වූ වරාය නගරයක් ලෙස දියුණු කරනවා.

මුලතිව් හා කිලිනොච්චි ප්‍රදේශවල නව නිවාස සහ වෙනත් යටිතල පහසුකම් නැවත ඉදිකිරීමට ඉහළම ප්‍රමුඛස්ථානය අපි ලබා දෙනවා.

[QUOTE="monson, post: 20843569, member: 30005"] [B][SIZE="5"]හම්බන්තොටින් අක්කර 15,000ක් චීනෙට - ආර්ථික පිම්ම ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් [/SIZE][/B] [SIZE="4"] කර්මාන්ත කලාපයක් ඇති කිරීම සඳහා හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීන ආයෝජකයින්ට ලබාදීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එසේම දැනට පවතින ආනයන අපනයන පාලන පනත හා අඩු බදු ප්‍රතිපත්තිය වෙනස් කර නව පනතක් ඉදිරිපත් කර ආයෝජකයින් දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද අගමැතිවරයා සඳහන් කළේය. [B]රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ආර්ථිකයේ ඉදිරි දැක්ම සහ අනාගත අභිලාෂයන් පිළිබඳව අද(27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.[/B] අග්‍රාමාත්‍යවරයා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේ ය. ගරු කතානායකතුමනි, රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය, අපේ ආර්ථිකයේ ඉදිරි ගමන සහ අපේ අනාගත අභිලාෂයන් පිළිබඳ 2015 නොවැම්බර් 05 වැනි දා මේ ගරු සභාව ඉදිරියේ කරුණු දක්වමින් කියූ දෙයක් අද යළිත් ඔබ ඉදිරියේ සිහිපත් කරන්නට කැමතියි. “මානවම්ම සිට මහා පරාක්‍රමබාහු දක්වා වූ අපේ රටේ ස්වර්ණමය යුගය යළි අප උදාකරගත යුතුව තියෙනවා. ඒ සඳහා කැපවීම, වගවීම හා ඉවසීම ඇතිව නිවැරදි මාවතේ ඉදිරියට යා යුතුයි. අපේ මාතෘ භුමිය නිසි තැනට ඔසවා තබන්නටත්, අපේ අනාගත පරම්පරාවට යහපත් දේශයක් නිර්මාණය කර දෙන්නටත් අපට හැකි වන්නේ එවිටයි.” එය අවධාරණය කරමින් මා කියා සිටියේ අපේ ආර්ථිකයේ ඉදිරි ගමන සඳහා විප්ලවීය චින්තනයක් අවශ්‍ය බවයි. එසේම අභීත ප්‍රතිපත්ති සහ පියවර ගත යුතු බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික රජය සිය ආර්ථික කටයුතු ආරම්භ කළේ සියලූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරමින්. සහන ගණනාවක් ලබා දෙමින්. මෙය අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑමේ සවිමත් පදනමක් වුණා. මෙමගින් දේශීය ඉල්ලූම වැඩි කිරීමටත්, පසුගිය පාලනයෙන් අපට දායද වූ බරපතළ ආදායම් විෂමතා හැකි තාක් සමනය කිරීමටත් අපට හැකි වුණා. එසේ නමුත් තවත් බොහෝ දේ කළ යුතු යුතුව තිබෙනවා. අපේ ඉලක්කය ජනතාවගේ ආදායම් මට්ටම් වඩාත් ඉක්මනින් ඉහළ නැංවීමයි. පසුගිය අවුරුදු 60 ක කාලය තුළ ආදායම් වර්ධනය සලකා බලද්දී බොහෝ අග්නිදිග ආසියාතික රටවලට වඩා අප ඉන්නේ පිටුපසින්. එසේම අපේ අසල්වැසි දකුණු ආසියාතික රටවල ආදායම් මට්ටම් සමග අප ළං වී සිටින්නේ යන්තමින්. දැනට ඒක පුද්ගල දළ ජාතික ආදායම වන අමෙරිකානු ඩොලර් 4000, අපි අමෙරිකානු ඩොලර් 8000 දක්වා වැඩි කර ගත යුතුයි. දැනට අපේ ආර්ථිකය වර්ධනය වන්නේ වර්ෂයකට 5% වේගයෙන්. මේ වේගයෙන් ගියොත් ඒක පුද්ගල ආදායම දෙගුණ වන්නට 2033 දක්වා බලා සිටින්නට අපට සිදු වෙනවා. අපිට වසරකට 7% ක ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකි නම් ඒක පුද්ගල ආදායම වර්ෂ 2025 වන විට දෙගුණ කර ගත හැකියි. මේ 7% ආර්ථික වර්ධන වේගය අපේ රට අවසන් වරට ලබාගත්තේ යුද්ධය අවසන් වුණු විගස 2009 දී යි. අවාසනාවකට සාමයත් සමග ලැබිය යුතුව තිබුණු ආර්ථික ප්රතිලාභ ලබාගන්නට අපේ රටට නොහැකි වුණා. 2012 න් පසු වර්ධන වේගය 5% ට වඩා පහත වැටුණා. පෞද්ගලික ව්‍යවසායන් සමහරක් රජයට පවරා ගැනීමත් සමග දේශීය සහ විදේශීය ආයෝජකයන් බියට පත් වුණා. සුදු අලියන් බවට පත්වූ රාජ්‍ය ව්‍යාපෘතිවලට රජය විසින් මහත් සේ ණයට මුදල් ගැනීම නිසා පෞද්ගලික ආයෝජකයන්ට ණය ලබා ගැනීමට බැංකු වල අතිරික්ත මුදල් තිබුණේ නැහැ. නමුත් 2015 වසර තුළ ආදායම් බෙදීයාමේ විෂමතා හැකිතාක් අඩු කරන්නට අප උත්සාහ කර තිබෙනවා. අඩු ආදායම් ලාභීන්ගේත්, රාජ්‍ය සේවකයන්ගේත් ආදායම් වැඩි කළා. ඇති හැකි අයගෙන් බදු මුදල් අය කර ගෙන රටේ සංවර්ධනයට යොදා ගත්තා. රජයේ ණය ගැනීම් අඩු කළා. දැන් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම යුරෝපයේ, ජපානයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ අනෙකුත් ණය දෙන ආයතන සහන පොලී අනුපාතිකයන් මත අප රජයට ණය මුදල් ලබා දීමට යළිත් ඉදිරිපත් වෙමින් සිටිනවා. ඒ මගින් අපේ ආර්ථිකය පුළුල් හා ශක්තිමත් කරලීමට හැකි වෙනවා. මේ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අනුග්‍රහය අවසන් වරට ලැබුණේ මා අග්‍රාමාත්‍යව සිටි 2001 – 2004 වකවානුවේදීයි. දැන් නැවතත් ජනාධිපති සිරිසේන මැතිතුමාටත්, මටත් නැවතත් විදේශීය මූල්‍යාධාර වැඩි වැඩියෙන් ලබා ගන්නට හැකි වී තිබෙනවා. ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දීය සාගරයේ හදවත වූයේ ශ්‍රී ලංකාවයි. බටහිර සහ නැගෙනහිර ආසියාව යා කරන කේන්èය මර්මස්ථානය වූයේ ද ශ්‍රී ලංකාවයි. ගෝලීය වෙළෙඳ සම්බන්ධීකරණ සහ මෙහෙයුම් සමබන්ධයෙන් කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික වැදගත් පිහිටීම සැවොම පිළිගන්නවා. මේ පසුමිබ ඔස්සේ වඩාත් තිරසාර ආර්ථික ක්‍රමවේදයක් රටේ ස්ථාපිත කරන්නට අප පදනම සකස් කරමින් සිටිනවා. දුර්වල ආර්ථික ව්‍යුහයක පව් බර කර ගැසීමට පසුගිය වසර පුරා අපට සිදු වුණා. එය අතීතයේ අනුගමනය කළ පටු ආර්ථික ප්රතිපත්තිවල අහිතකර ප්‍රතිපලයයි. අමෙරිකානු ඩොලර් බිලියන 11 ක් පමණ වූ අපනයන ආදායම පහත වැටෙමින් පවතිනවා. නිමි ඇඟළුම් අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 5 ක මට්ටමක හිර වෙලා. ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීම සඳහා අප අයදුම් පතක් ඉදිරිපත් කළේ ඒ ඔස්සේ නැවතත් ඇඟළුම් කර්මාන්තයේ පිබිදීමක් ඇති කරලීම සඳහායි. ලෝක වෙළෙඳපොළේ තේ හා රබර් මිල පහත වැටීමත් සමග අපේ කෘෂි නිෂ්පාදන අපනයන ආදායමත් අඩු වෙලා. වැවිලි ක්ෂේත්රයේ සමහර සමාගම් හොදින් කටයුතු කළත් සමහර සමාගම් දුර්වලයි. ඒ නිසා නව ප්රාග්ධනය මෙන්ම කාර්යක්ෂමතා මට්ටම් ද හඳුන්වාදෙමින් ප්‍රාදේශීය වැවිලි සමාගම් ප්‍රතිව්‍යුහගත කොට කාර්යක්ෂම ව්‍යවසාය බවට පරිවර්තනය කිරීමට අප කටයුතු කරනවා. ගෙවී ගිය 30 වසරක පමණ කාලය තුළ අපේ අපනයන නිෂ්පාදනවල සංයුතිය තරගකාරී වෙළඳපොලට සරිලන අයුරින් වෙනස් වී නැහැ. තවමත් අපි අපනයන ආදායමෙන් බහුතරයක් උපයා ගන්නේ නිමි ඇඟළුම්, තේ, රබර්, මැණික් සහ සංචාරක කර්මාන්ත යන ක්ෂේත්රයන්හි පටු අපනයන පදනමක් මතයි. මෙබඳු පටු සීමාවන් තුළ දීර්ඝ හා තිරසාර ආර්ථික වර්ධනයක් ලබා ගැනීම අසීරුයි. මැදපෙරදිග අපේ ශ්‍රමිකයන් දැඩි වෙහෙස මහන්සියෙන් උපයන ආදායම් පිළිබඳව ද අවිනිශ්චිත භාවයක් පැන නැගී තිබෙනවා. දැන් කලක් තිස්සේ ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වී තිබීම නිසා සෞදි ආරාබිය වැනි රටවලට තමන්ගේ රට වැසියන්ට පවා ගෙවන වැටුප් අඩු කිරීමට සිදුව තියෙනවා. මෙය මැදපෙරදිග සේවය කරන ලාංකේය ශ්‍රමිකයන්ට අලූතෙන් එල්ලවන අභියෝගයක්. ගෝලීය ආර්ථිකය කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා අරගලයක යෙදෙන පසුබිමක, දේශීය ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් පවත්වාගෙන යාමටත්, ආර්ථික ගතිකයන්ගේ වෙනස් වීම් මධ්‍යයේ සාර්ථකව ඉදිරියට යෑමටත් ශ්‍රී ලංකාව සමත් වී තියෙනවා. මෙහිදී මෙරට සහ පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඉදිකිරීම් කර්මාන්තයේ ආයෝජන කරන මෙන් අප දිරිමත්කළා. මේ නිසා ඉදි කිරීම් ක්ෂේත්රයේ පිබිදීමක් ඇති වුණා. ලෝකයේ අපේ රට ගැන තිබෙන ප්‍රතිරූපය දියුණු වීමත් සමඟ සංචාරකයන්ගේ පැමිණීම සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් තිබෙනවා. දශකයක් පුරා අපේ වෙළෙඳපොළ ගැන නොතකා සිටි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ගුවන් සේවා සහ හෝටල් සමාගම් නැවතත් මෙරටට පිවිසෙන්නට පටන් අරන් තිබෙනවා. සාර්ථකත්වය සඳහා ඉහළ වර්ධන වේගයක් අප පවත්වාගෙන යා යුතුයි. එමගින් අපනයන මෙන්ම දේශීය ඉල්ලූම ද ඉහළ නංවාගත හැකියි. වේගවත් සංවර්ධනය හේතුවෙන් රජයේ ආදායම ද ඉහළ යනවා. මා පසුගිය වසරේ ද සඳහන් කළ පරිදි, රජයේ ආදායම් පහත වැටීම හා වාණිජ ණය උපරිම මට්ටම දක්වා ඉහළ නැංවීම නිසා ආර්ථික වර්ධනයට බාධා සිදු වෙනවා. අපනයන ක්ෂේත්රයේ ඉහළ වර්ධනයක් සඳහා විශාල ප්‍රාග්ධන සැපයුම් සහ මහා පරිමාණආයෝජන අවශ්‍ය වනවා. වඩාත් වර්ධනීය ප්‍රථිපල ලබා ගැනීමට නම් නව තාක්ෂණ සොයා ගැනීම්, නවීන කළමනාකරණ දත්ත ක්‍රමවේදයන් හා යාවත්කාලීනක වෙළෙඳපොළ තොරතුරු ආදියෙන් සන්නද්ධ විය යුතු වෙනවා. එක් දහස් නවසිය අසූ ගණන් වලදී තම නිෂ්පාදන කර්මාන්ත සේවාවන් බැහැරින් ලබා ගැනීම වඩාත් සුදුසු බව ජපානය කල්පනා කළා. ඔවුන් තීරණය කළේ මෙහෙයුම් කටයුතු තායිලන්තය හා ශ්‍රී ලංකාව වෙත ගෙන යන්නයි. ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන වාර්තාවක් සැකසීම පිණිස ජපන් දූත පිරිසක් 1983 දී මෙහි පැමිණියා. ඔවුන් මෙරටට ගොඩබැස්සේ 83 කලූ ජූලිය ඇරැඹෙනවාත් සමගමයි. මේ නිසා අපේ අවස්ථාව අහිමි වුණා. තායිලන්තයට අමෙරිකානු ඩොලර් බිලියන 50 ක ජපන් ආයෝජන ලැබුණා. තායිලන්තයේ තවත් ආයෝජන සිදු කළ නොහැකි බැවින්, අමෙරිකානු ඩොලර් බිලියන 13 ක ජපන් ආයෝජන මැලේසියාවට යොමු කෙරුණා. මා කර්මාන්ත ඇමැතිවරයා ලෙස පත් වූ පසු කාර්මීකරණ ප්‍රවර්ධනය සඳහා සැලකිල්ල යොමු කළා. ඒ වන විට වියට්නාමය වෙළෙඳපොළ ආර්ථික ක්‍රමවේදයට පිවිසුණා පමණයි. උපදෙස් සඳහා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියා. එහෙත් අවාසනාවකට යුද්ධය පැතිර යෑම නිසා 1997 වන විට කාර්මීකරණ වැඩපිළිවෙළ අත්හැර දමන්නට අපට සිදු වුණත් වියට්නාම කාර්මීකරණය ඔස්සේ ඉදිරියටම ගෙන ගියා. 1990 දී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් වෙද්දී වියට්නාමයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2.4 යි. විසිපස් වසරකට පසු අද තත්වය කුමක්ද? ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 10 යි. වියට්නාමයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 162 යි. මේ ආදායමෙන් බහුතරයක් ඔවුන් ලබා ගත්තේ නිෂ්පාදන කර්මාන්ත වලිනුයි. 2003 දී මා අග්‍රාමාත්‍ය ධූරය දරන අවදියේ යුරෝපා හවුලේ ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය සඳහා අයදුම් කළා. එම අයදුම් පත පිළිබඳ සාකච්ඡා නිම කළේ චන්ඬිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින්. ඒ අතර බංග්ලාදේශයත් යුරෝපීය වෙළඳ පොළේ ජීඑස්පී සහනය භුක්ති විඳීමේ අවස්ථාව ලබා ගත්තා. 2010 වසරේදී ශ්‍රී ලංකාවට හිමිව තිබූ ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුණා. 2003 දී අපේ රෙදිපිළි සහ ඇඟළුම් කර්මාන්තය අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක් පමණ වූවා. ඒ වසරේ බංග්ලාදේශයේ රෙදිපිළි සහ ඇඟළුම් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5.2 යි. 2015 වන විට අපි රෙදිපිළි සහ ඇඟළුම් අපනයන කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.8 ක් උපයද්දී බංග්ලාදේශය අමෙරිකානු ඩොලර් බිලියන 26.6 ක් උපයනවා. දුප්පත්කමින් හා පසුගාමීත්වයෙන් මිදී ඉදිරියට යන සංවර්ධිත රටක් බවට පත් වන්නට නම් අපේ වර්ධනය වේගවත් කරලීමට පාදක වන මහා පරිමාණයේ සෘජු විදේශ ආයෝජන මෙරටට ඇද ගත යුතුයි. අප සියළු දෙනා අවබෝධ කර ගත යුතු සත්‍යය එයයි. රැකියා උත්පාදනයට දායක වන ආයෝජන දිරිමත් කරලීමේ පරිසරයක් අප සකස් කරන්නේ ඒ නිසයි. ව්‍යාපාර ඇරැඹිමට හරස් වන නොයෙකුත් රෙගුලාසි සහ බාධක සියල්ල ඉවත් කරන්නේ ඒ නිසයි. ඉදිකිරීම සඳහා අවසර ලබා ගැනීම, විදුලි සබඳතා සහ බැංකු ණය, දේපොළ ලියාපදිංචිය, සුළුතර ආයෝජකයන්ගේ සුරක්ෂිතතාව, ආදායම් බදු ගෙවීම, විදේශ වෙළෙදාම, ගිවිසුම් ක්‍රියාත්මක කිරීම, බංකොළොත් ව්‍යාපාර සමථයකට පත් කිරීම, රැකියා වෙළඳපොල රෙගුලාසි ආදී ෙක්ෂ්ත්ර ගණනාවක් සඳහා ඇති අවහිරතා අප ඉවත් කරනවා. මෙයට අමතරව ආයෝජන සඳහා අවශ්‍ය සියළු අනුමැතීන් එක් කවුන්ටරයකින් ලබා ගත හැකි පරිදි නව නීති සම්පාදනය කරනවා. රටක ව්‍යාපාර කිරීමේ පහසුව සංසන්දනාත්මකව ඇගයීමට ලක් කරන ලෝක බැංකුවේ දර්ශකයක් තිබෙනවා. Doing Business Index නමින් හැදින්වෙන මේ දර්ශකයේ ඉහළින්ම තිබෙන රටවල් 70 අතරට ශ්‍රී ලංකාව ද 2020 වන විට පත් කිරීම අපේ ඉලක්කයයි. මේ ශක්තිමත් පදනම මත ඉන්දීය සාගරයේ සංවිධාන සහ ව්‍යාපාර ශක්තිය සතු කේන්ද්‍රස්ථානය බවට පත් වීමේ සැලසුමට අප මුල පුරා තියෙනවා. ඒ අරමුණ පෙරදැරි කර ගනිමින්, කලාපයේ විවිධ රටවල් සමග පහසුවෙන් සම්බන්ධ වීම සඳහා ජාත්‍යන්තර ගුවන් තොටුපොල සහ වරාය තුනක සංවර්ධන කාර්යයන් අප ආරම්භ කර තියෙනවා. ප්‍රාග්ධන දීමනා සහ අඩු බදු ක්‍රමවේදයක් පදනම් කර ගත් ආයොජන දිරිගැන්වීම් හඳුන්වා දෙනවා. මේ පිළිබඳ වැඩි විස්තර අයවැය යෝජනා වලදී ඉදිරිපත් කරනවා. එසේම ආනයන හා අපනයන පාලන පනත වෙනුවට නව පනතක් හඳුන්වා දෙනවා. එය සිංගප්පූරුවේ ආනයන හා අපනයන රෙගුලාසි පනතට සහ උපායමාර්ගික භාණ්ඩ පාලන පනතට සම කළ හැකියි. අපේ දේශීය ව්‍යවසායකයින්ට ද මෙහිදී විශාල කාර්ය භාරයක් තිබෙනවා. ඔවුන්ට තරගකාරීත්වය වැඩි දියුණු කොට අපනයන නිෂ්පාදනය ඉහළ නැංවිය හැකියි. මේ සමගම නව රැකියා අවස්ථාවන් ද බිහි වෙනවා. මෙතැන දී දේශීය ව්‍යවසායකයින් දිරිමත් කරමින්, ඔවුන්ට ගෝලීය තරගකාරීත්වයට එක්වීමට අවශ්‍ය සහය ලබා දීමට අපි වෙළඳ ගැලපුම් පැකේජයක් - Trade Adjustment Package – හඳුන්වා දෙනවා. අලූත් උපකරණ ලබා ගැනීම සඳහා ලබා දෙන ප්‍රාග්ධන දීමනාවන් ද ඊට ඇතුළත්. මේ ආකාරයෙන් දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන් දිරිමත් කරන්නේ අප මුහුණ දී ඇති ප්‍රධාන අභියෝග දෙකක්, එනම් පෞද්ගලික අංශය කරන අඩු ආයෝජනය සහ රජය මුහුණ දී සිටින විශාල ණය ප්‍රමාණය යන අභියෝග ජය ගැනීම සඳහායි. ඔබ හොදින් දන්නා පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, මාත් ගෙවී ගිය වසර පුරා කිහිප අවස්ථාවක විදේශයන්හි සංචාරය කරමින් අපේ රට පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් නිර්මාණය කළා. අපේ මේ උත්සාහයන්ගේ ප්‍රතිඵල දැනටමත් දැකිය හැකියි. ඉතා මෑත දී මා බ්‍රසල්ස් නුවරට ගිය අස්ථාවේ යුරෝපා කොමිසමේ ඉහළ නිලධාරීන් 2017 ජනවාරියේ සිට ජීඑස්පී ප්ලස් සහනය නැවතත් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට විශ්වාසයෙන් සහතික වුණා. ජපන් - ශ්‍රී ලංකා පරිපූර්ණ සහයෝගීතාව සම්බන්ධීකරණය සඳහා ජපන් අගමැතිතුමා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කර තිබෙනවා. අපේ අපනයන සඳහා නව වෙළඳපොලවල් නිර්මාණය කර ගැනීමේ අරමුණින් තවත් වෙළෙඳ ගිවිසුම් 3 ක් පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. ඉන්දියාව සමග එට්කා ගිවිසුම, චීනය හා සිංගප්පූරුව සමග ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්. මේ විශාල ආර්ථික කලාපයන් ඔවුනොවුන්ගේ දේශීය වෙළඳපොල ආධිපත්‍යය පවත්වාගෙන යාමට වෙහෙසෙනවා. ඒ වෙලඳපොලවල් අතීතයේ අපේ සාම්ප්‍රදායික ව්‍යාපාර කටයුතු සඳහා විවෘතව තිබුණු බවත් අප අමතක කළ යුතු නෑ. අප බොහෝ දෙනෙක් සිතුවේ හම්බන්තොට වරායට සහ මත්තල ගුවන් තොටුපොළට ලබාගත් අති විශාල ණය ප්‍රමාණය අපේ ඉදිරි පරම්පරාවලට ගෙවන්නට සිදුවනු ඇතැයි කියායි. මේ ණය ගත්ත අයත් සැලසුම් කරලා තිබුණේ එහෙමයි. ඒත් අපි මේ තත්වය වෙනස් කරන්න මහන්සි වුණා. මේ ණය හිලව් කිරීමට හිමිකාරීත්වයේ කොටස් ලබාදෙන ක්‍රමවේදයක් හම්බන්තොට වරායට සහ මත්තල ගුවන් තොටුපොළ වෙනුවෙන් අප සකස් කළා. ඒ දෙකම රාජ්‍ය - පුද්ගලික හවුල් ව්‍යාපාර සේ පවත්වාගෙන යාමට ඒ ඔස්සේ අවකාශ ලැබෙනවා. චීන සමාගම් මේ ක්‍රමවේදය යටතේ වරාය සහ ගුවන්තොටුපොල සංවර්ධනය කරන්නට දැඩි උනන්දුවක් දක්වනවා. වරාය හා ගුවන් තොටුපොළ වෙනුවෙන් ගෙවන්නට ඇති ඉතිරි ණය පියවන්නට අපට ශක්තිය තියෙනවා. ඒ නිසා හම්බන්තොට වරායේ සහ ගුවන් තොටුපලේ ණය අපේ දරුවන් පිට පැටවෙන්නේ නැති බවට සහතික විය හැකියි. ඒ වගේම හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් සහ නාවුක සේවා කේන්ද්‍රයක් බවට පත් වීමේ වාසිය ද අපට ඉතිරි වෙනවා. චීනය, කොරියාව හා ජපානය යන රටවල ආයෝජකයෝ මේ ආර්ථික ප්‍රවර්ධන කලාපයේ මෙන්ම දිවයිනේ වෙනත් ස්ථානවලත් කර්මාන්ත ඇරැඹිමට කැමැත්ත පළ කර තිබෙනවා. ඔවුන් මේ කර්මාන්ත කලාපවල නිපදවන නිෂ්පාදන යුරෝපයට, චීනයට, ජපානයට, එක්සත් ජනපදයට මෙන්ම ඉන්දියානු සාගරය වටා තිබෙන බොහෝ රටවලට මෙහි සිට අපනයනය කරන්නට හැකි වෙනවා. මැද පෙරදිග සිට ඉරානය, ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව හා ඉන්දුනීසියාව දක්වා රටවල් තුළ බිලියන 2 කට වැඩි ජන සංඛ්‍යාවක් දැනට සිටිනවා. 2050 වන විට ඒ සංඛ්‍යාව බිලියන 3 ක් දක්වා වැඩි වෙනවා. අපේ සංවර්ධන උපාය වන්නේ ඉන්දියානු සාගරයේ මේ දැවැන්ත වෙළෙඳපොළ සමග ගනුදෙනු කිරීමයි. මේ සඳහා ඉහත කී රටවල ආණ්ඩු සමග වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම අපගේ බලාපොරොත්තුවයි. මේ අතරම අනාගතයේ පොදු සහ පුද්ගලික අංශයන්හි සංවර්ධන වෑයම සඳහා පදනම සකසන ප්‍රධාන සංවර්ධන කවුලූ දෙකක් අපේ රට තුළ නිර්මාණය කිරීමට දැන් මූලිකත්වය ගෙන තියෙනවා. ගෝලීය අගය දාමයන් සමග වේගවත් හා ආරක්ෂිත සම්බන්ධකම් ඇති කර ගත හැකි සාධනීය ව්‍යවසායන්ට අවශ්‍ය සංවිධානාත්මක සහ යටිතල පහසුකම් සම්බන්ධීකරණය මෙම කවුළු හරහා සිදු කෙරෙනවා. මෙවන් ක්‍රියාදාමයකට ශ්‍රී ලංකාව මුල පුරන්නේ පළමු වතාවටයි. මෙම සංර්ධන කවුලූ දෙක දිවයිනේ මෝසම් සුළං වැසි දෙකෙන් පෝෂණය ලබන ප්‍රදේශ දෙකට සම්බන්ධ වනවා. නිරිත දිග කවුලූව කොළඹ- මහනුවර අධිවේගී මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගය කේන්ද්‍ර කොට ගෙනයි නිර්මාණය වෙන්නේ. ගෝලීය අගය දාමයන්ට අදාළ ලොකුම විභවය ඇත්තේ මේ කලාපයේයි. එයට හේතුව කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹවරාය පිහිටා තිබීමයි. අපේ අරමුණ වන්නේ, •මෙගාපොලිස් සංවර්ධන අධිකාරියක් පිහිටුවා මිලියන 8.5 ක ජනකායකට ජීවත් විය හැකි බස්නාහිර මහා නගර කලාපයක් ඇති කිරීම, •චීන සමාගමක් විසින් කොළඹවරායට යාබදව මුහුද ගොඩ කර නිර්මාණය කරන බිම් ප්‍රදේශයේ නව මූල්‍ය නගර කේන්ද්‍රයක් ඇති කිරීම, •නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක, කොළඹ– මහනුවර අධිවේගී මාර්ගයට හා මත්තල හරහා දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමෙන් මධ්‍යම කඳුකරය පුරා පැතිරෙන අනු ආර්ථික කවුළුවක් නිර්මාණය කිරීම. මේ කවුළුව තුළ වැවිලි සමාගම ප්‍රතිව්‍ය{හගත කිරීම, තේ වගාව නගා සිටුවීම, කෘෂිකර්ම නවීකරණය, සංචාරක සහ සේවා අංශයන්ට ප්‍රමුඛත්වය ලබා දීම. දෙවැනි සංවර්ධන කවුලූව ඊසාන දිග සංවර්ධන කවුලූවයි. එය ත්‍රිකුණාමලය වරාය හා රජරට යා කරමින්, මඩකලපුව සහ යාපනය සම්බන්ධ කරනවා. මොරගහකන්ද සහ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘති තනා නිම කිරීම සමග මේ ප්‍රදේශයට නව යුගයක් උදා වනවා. ගොවිතැන් සඳහා වැඩිපුර ඉඩම් යෙදවිය හැකි වනවා. එසේම අපේ පෞරාණික පොළොන්නරුව සහ අනුරාධපුර දෙනුවර නවීන නාගරික ප්‍රදේශ ලෙස සීරුවෙන් දියුණු කිරීමේ පදනම මේ සමග සැකසෙනවා. ත්‍රිකුණාමලය ලෝක ප්‍රමිතියට පත් වූ වරාය නගරයක් ලෙස දියුණු කරනවා. මුලතිව් හා කිලිනොච්චි ප්‍රදේශවල නව නිවාස සහ වෙනත් යටිතල පහසුකම් නැවත ඉදිකිරීමට ඉහළම ප්‍රමුඛස්ථානය අපි ලබා දෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom