Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදින් ඇරඹෙන්නේ ඒකීය ශ්‍රී ලංකාවේ

අවසාන වසර විය හැකියි

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් අපේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මේ දිනවල සිදුවෙයි. මේ වන විට එහි අන්තර්ගතව ඇතැයි පැවසෙන නොයෙක් කරුණු පිළිබඳ විවිධ මත පළවෙයි. යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්රමයේ බලතල කප්පාදු කිරීම සහ පළාත් සභා බලතල පුළුල් කිරීම තුළින් රටේ ඒකීයභාවයට බරපතළ තර්ජනයක් එල්ල වන බව මේ පිළිබඳ විද්වතුන් වැඩිදෙනෙකු දරන මතයකි.

අපේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ කුමකටද? ව්‍යවස්ථා සංශෝධනයකින් වත්මන් ගැටලුවලය විසඳුම් සොයාගත නොහැකිද? නව ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයක් පැවැත්වුවහොත් කෙබඳු තත්ත්වයක් උද්ගත විය හැකිද? ඒකීය ශ්‍රී ලංකාව එක්සත් ශ්‍රී ලංකාවක් බවට පත්වුවහොත් එහි අනාගත ඉරණම කෙබඳුද? වැනි යෝජිත නව ව්‍යවස්ථාව සමඟ සමාජයේ කතාබහට ලක්ව ඇති කරුණු රැසක් පිළිබඳ ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලකයන් සමඟ දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

ජනවාර්ගික ගැටලුව විසඳීම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ප්‍රධාන අරමුණ ලෙස ආණ්ඩුව පැවසුවත් පවතින ව්‍යවස්ථාවට සංශෝධනයක් එක් කිරීමෙන් එය කළ හැකි බවට මතයකුත් පළ වී තිබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

අපේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය ආණ්ඩුව පැහැදිලිව ප්‍රකාශ කරල නෑ. ඉඳල හිටල ඇහෙන දේවල්වලට අනුව අපට හිතාගන්න හැකි වන්නේ ජනවාර්ගික සංහිඳියාව සහ ස්ථිරසාර සාමයක් සඳහා ව්‍යවස්ථාමය විසඳුමක් අවශ්‍ය යෑයි ආණ්ඩුව කල්පනා කරන බවයි. නමුත් එතැන දී මතුවන ප්රශ්නය වන්නේ මේ ව්‍යවස්ථාමය විසඳුමක් සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍යද යන්නයි. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් යෑයි ගෙනා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය නව ව්‍යවස්ථාවක් නොවේ. එසේ නම් ව්‍යවස්ථා සංශෝධනයකින් කළ නොහැකි දේ කවරේද? ව්‍යවස්ථා සංශෝධනයකින් කළ නොහැකි දේ වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීයභාවය පෙරළා දැමීමයි. ඒකීයභාවය පෙරළා දැමීමට නම් නව ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය වෙයි. ඒ අනුව නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ රටේ ඒකීයභාවය ජනවාර්ගික සංහිඳියාවට බාධකයක් ලෙස සලකතොත් පමණයි. රටේ ඒකීයභාවය ඕනෑම ජනවාර්ගික විසඳුමකට පූර්ව කොන්දේසියක් ලෙස පැවතිය යුතු බව සලකන්නේ නම් නව ව්‍යවස්ථාවක් නොව පවතින 13 වැනි සංශෝධනයට අවශ්‍ය පිළිසකර කිරීම් මගින් හෝ නව සංශෝධනයක් මගින් හෝ එවැනි විසඳුමක් ළඟාකර ගත හැකිය.

විධායක ජනාධිපති බලතල කප්පාදු කිරීමත් පළාත් සභා බලතල පුළුල් කිරීමත් යෝජිත නව ව්‍යවස්ථාවේ එක් අරමුණක් ලෙස සඳහන් වෙනවා. මෙය රටේ ඒකීයභාවයට බලවත් අනතුරක් බව ඇතැමුන් දරන මතයක්?

විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ප්රශ්නය ඒකීය සහ පෙඩරල් ආණ්ඩු ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයට සම්බන්ධ වුවත් එය එකම ප්‍රශ්නයක් නොවෙයි. 1972 ව්‍යවස්ථාවේදී ලංකාවේ රාජ්‍ය ක්‍රමය එAකීය රාජ්‍ය ක්‍රමයක් ලෙස නිර්වචනය කරන ලදී. නමුත් 1972 ක්‍රියාත්මක වූයේ වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තු ක්‍රමයක්. එය විධායක ජනාධිපති ක්‍රමයක් නොවේ. විධායක ජනාධිපති ක්‍රමය ඇතිකරන ලද්දේ 1978 දී ඡේ. ආර්. ජයවර්ධන මහතා විසිනුයි. ඔහු එසේ කළත් 1972 ඒකීය රාජ්‍ය සංකල්පය 78 ව්‍යවස්ථාවටත් ඇතුළත් කළා. වෙනත් ආකාරයකින් කියනවා නම් 1978 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමයක් හඳුන්වා දුන්නේ 1972 ඒකීය රාජ්‍ය සංකල්පය අත්තිවාරමක් කොට ගනිමිනි. 72 සහ 78 ව්‍යවස්ථාවන් දෙකම ඒකීය රාජ්‍ය ව්‍යවස්ථාවන් වූ අතර ඒ දෙකේම තිබූ අනෙක් වැදගත්ම පොදු ලක්ෂණය වූයේ 72 සහ 78 ව්‍යවස්ථාවන් දෙකම ජනරජ ව්‍යවස්ථාවන් වීමයි.

විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යද නැද්ද යන ප්රශ්නය සලකා බැලීමේදී අප ජාත්‍යන්තර සහ ඓතිහාසික කරුණු සමාලෝචනය කළ යුතුයි. ලෝකයේ වඩාත්ම සාර්ථක සහ ප්‍රබල රාජ්‍යයන් 5 සිටින්නේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ආරක්ෂක මණ්ඩලය තුළයි. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස්දෙනා අතුරෙන් හතරදෙනෙක්ම එනම් ඇමරිකාව, රුසියාව, චීනය හා ප්‍රංශය විධායක ජනාධිපති ක්‍රම සහිත රටවල්ය. ඒ රටවල් 5 අතුරෙන් පාර්ලිමේන්තු ක්‍රමය අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍යය පමණයි. ලෝකයේ ප්‍රබලම හා සාර්ථකම රටවල් පහෙන් හතරක්ම විධායක ජනාධිපති ක්‍රමය අනුගමනය කරන්නේ නම් ශ්‍රී ලංකාව එය අතහරින්නේ ඇයි? මේ පිළිබඳව තවදුරටත් ගැඹුරින් සලකා බලන්නේ නම් සමස්ත ඇමරිකානු මහාද්වීපය පුරා පවතින්නේද විධායක ජනාධිපති ක්‍රමයයි. එපමණකුත් නොව අනෙක් හැම දෙයක් සම්බන්ධයෙන්ම පසමිතුරුව සිටින ඇමරිකා එක්සත් ජනපදය හා කියුබාව යන රටවල් දෙක ගත් විටත් එහි පොදු ලක්ෂණය වන්නේ විධායක ජනාධිපති ක්‍රම තිබීමයි. නැගෙනහිර ආසියාව ගත්විට චීනය, වියට්නාමය, පිලිපීනය, ටියුනීසියාව, දකුණු කොරියාව වැනි රටවල ඇත්තේද විධායක ජනාධිපති ක්‍රමයයි. දේශපාලන ක්රමයන් ලෙස ගත් කල පෙනී යන්නේ විධායක ජනාධිපති ක්‍රමය හුදෙක් පාර්ලිමේන්තු ක්‍රමයකට වඩා දියුණු හා ශක්තිමත් දේශපාලන ක්‍රමයක් බවයි. එවැනි ක්‍රමයක් තිබෙද්දී එය අහෝසි කර ගැනීම සැලකිය හැක්කේ මෝඩකම නිසා හෝ දැන දැනම ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල කිරීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙසටයි.

ඡේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක්‍රමය යෝජනා කළේ සහ ක්‍රියාත්මක කළේ රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් සඳහාය. ඔහු පැවසුවේ ලංකාව වැනි කුඩා දූපතක විශේෂයෙන්ම එහි විෂමත්වය අනුව පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය යටතේ අනිවාර්යයෙන්ම ඇතිවන තත්ත්වයන් හා හැලහැප්පීම් නිසා ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගත නොහැකි බවයි. ඔහු පැවසුවේ ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් රටේ පවත්වාගෙන යැමට පාර්ලිමේන්තු හැලහැප්පීම්වලින් මිදුණු ස්ථාවර විධායකයක් අත්‍යවශ්‍ය බවයි. එය පසුකාලීන අත්දැකීම්වලින් මනාව සනාථ වූ ප්රස්තුතයකි. විවෘත ආර්ථික ක්‍රමයක් යටතේ යූ.එන්.පී. සහ ශ්‍රී ලංකා නායකයන් මාරුවෙද්දීත් සාපේක්ෂ වශයෙන් ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් රට තුළ යුද්ධයක් පවතිද්දී පවා අපට ලබාගත හැකි විය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් හෝ 19 වැනි සංශෝධනයටත් එහාට ගොස් දුර්වල කරන්නේ නම් සිද්ධ වන්නේ අපේ ආර්ථික වර්ධන වේගයත් දැනටමත් තිබෙන දුර්වල තත්ත්වයටත් වඩා පහත් අඩියකට වැටීමයි. එයින් සිදුවන්නේ ජාතියක් වශයෙන් අප දුබල වීමයි.

ඒකීය රාජ්‍යය සහ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ප්රශ්නය සාකච්ඡා කරද්දී 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් 1987 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අපට අමතක කළ නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුවෙන් කියා සිටියේ 13 වැනි සංශෝධනය යටතේ ඉදිවූ පළාත් සභා ක්‍රමය පවා ඒකීය රාජ්‍ය රාමුවක් තුළ රැඳී පවතින්නේ යාන්තමින් බවත් එය ඒකීය රාජ්‍යය තුළ රඳවාගෙන තිබෙන්නේ ප්‍රබල විධායක ජනාධිපති ක්රමයේ සෘජු නියෝජිතයා වන පළාත්බද ආණ්ඩුකාරවරයාගේ බලතල නිසා බවත්ය. දැන් පාර්ලිමේන්තුවේ කාරක සභාවක් වන කේන්ද්‍ර පරිවාර කාරක සභා වාර්තාවේ ඇත්තේ ආණ්ඩුකාරවරයාගේ බලතල සහමුලින්ම පාහේ අවප්‍රමාණ කිරීමක් සහ මහ ඇමැතිවරයාට ඔහු යටත් කිරීමක්ය. මහ ඇමැතිවරයා යනු ඒ පළාතේ ඡන්දයෙන් තෝරා පත්කරගනු ලැබූ නියෝජිතයාය. විධායක ජනාධිපතිවරයා යනු සමස්ත රටේ බහුතර ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ජාතික නියෝජිතයාය. ආණ්ඩුකාරවරයා යනු එම විධායක ජනාධිපතිවරයාගේ නියෝජිතයාය. ඉදින් යම් නිශ්චිත පළාතකට, සීමිත ජන පදනමකින් තෝරා පත්කර ගන්නා ලද මහ ඇමැතිවරයාට සමස්ත රටේ බහුතර ඡන්දයෙන් තෝරා පත්කරගනු ලැබූ ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයා හිස නැමිය යුත්තේ ඇයි? එයින් සිද්ධ වන්නේ සමස්ත ජාතිය නමැති සංකල්පයට වඩා ඒ ඒ නිශ්චිත පළාත නමැති සංකල්පය ඉස්මතු කිරීමකි.

එAකීය හෝ පෙඩරල් යන ලේබල් රටකට වැදගත් නැති බව ප්‍රකාශ කරන පිරිසකුත් අපේ රටේ සිටිනවා නේද?

ඔවුන්ගෙන් අප ඇසිය යුතු ප්රශ්නය වන්නේ ලේබලය වැදගත් නොවේනම් ඒකීය ලේබලය රඳවා ගත නොහැක්කේ මන්ද යන්නයි. ඒකීය ලේබලය හලන්නට උත්සාහ දරන්නේ ලේබලය හෙවත් සංකල්පය අතිශය වැදගත් දෙයක් නිසයි. එය වැදගත් වන්නේ රටක් ඒකීය ලෙස නිර්වචනය නොකරන්නේ නම් පළාත් සභාවකට පෙඩරල්වාදී රටක තිබෙන බලතල ක්‍රියාත්මක කරන්නට ඕනෑතරම් ඉඩකඩ ලැබෙන නිසයි.

ඒකීය රට එක්සත් රටක් වුණොත් සිදුවිය හැක්කේ කුමක්ද?

යම් පළාත් සභාවක් සීමාව ඉක්මවා කටයුතු කළහොත් එය රටේ ඒකීය ව්‍යවස්ථාවට විරුද්ධ යෑයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැක්කේ රටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යයක් ලෙස නිර්වචනය කර ඇත්නම් පමණකි. යම් රටක් ඒකීය රාජ්‍යයක් ලෙස ව්‍යවස්ථාවෙන් නිර්වචනය නොකර ඇතිවිට පළාත් සභාවලට ඇති එකම සීමාව එක්සත් රටක් යන සීමාවයි. නමුත් තමුන්ගේම වූ ජනවර්ගයේ හා භාෂා කණ්ඩායමේ දශලක්ෂ 80 ක් පිරිසක් සැතපුම් 18 ක මුහුදු තීරයෙන් එහා සිටින තත්ත්වයක් තුළ ඒකීය රාජ්‍ය සීමාව අහෝසි කර හුදෙක් එක්සත් යන රාජ්‍ය සීමාව තුළ පළාත් රඳවා ගැනීමෙන් සිදු වන්නේ එක් පරම්පරාවක් තුළ එම එක්සත්කම ද නැති වන ආකාරයට ලංකාවේ උතුර හා ඉන්දියාවේ තමිල්නාඩුව හාවීමට දොර විවෘත කිරීමයි.

ජනමත විචාරණයකින් තොරව රටේ ඒකීය භාවය අහෝසි කළ නොහැකි නම් යෝජිත නව ව්‍යවස්ථාවෙන් ඒකීයභාවය අහෝසි වෙනවා යෑයි ඇතැමුන් තුළ තිබෙන්නේ හුඹස් බියක්ද?

අපේ රටේ අද පවතින්නේ අරුම පුදුම තත්ත්වයක්. ජනවාර්ගික සංහිඳියාව පිළිබඳව කාර්යසාධන මණ්ඩලයක් විසින් පිටු 493 ක වාර්තාවක් සකස් කර ඇති බව ජනමාධ්‍ය ඔස්සේ පළවුණා. ඒ වාර්තාව ජනවාරි මාසයේ මුල් සතියේ ආණ්ඩුවට භාරදීමට නියමිතයි. එම කාර්ය සාධන මණ්ඩලය පත්කරනු ලැබුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. එම කාර්යසාධන මණ්ඩලයේ ලේකම්වරයා වන්නේ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතායි. ඒ මහතා පසුගියදා ඩේලිමිරර් පුවත්පතට සැපයූ ලිපියක ජනමත විචාරණය ගැන මූලෝපායක් සපයා තිබෙන්නේ මෙසේය. නව ව්‍යවස්ථාව පිළිබඳ ආණ්ඩුව ජනමත විචාරණයකට ගියහොත් එය ජයග්‍රහණය කළ හැකි බවත්, එසේ කළ හැක්කේ සියයට 30 ක ජනවාර්ගික සුළුතරයන්ගේ ඡන්දය අනිවාර්යයෙන්ම නව ව්‍යවස්ථාවකට ලැබීමෙන් සහ 2015 ජනවාරි මස සිදුවූ ආකාරයටම සිංහල ඡන්දවලින් කොටසක් මෙයට එකතු වීමෙන් බවයි, ඔහු තවදුරටත් කියා සිටින්නේ. උතුර නැගෙනහිර දමිළ ජනතාවගේ ඡන්ද ප්‍රතිශතය 2015 ජනවාරි 8 දා තරම්ම ඉහළ නැංවීමටත් අවශ්‍ය බවයි. තවදුරටත් එය විග්රහ කරන ඔහු මෙවර ලැබෙන සිංහල ඡන්ද එතරම්ම සහතික නොවන නිසා 2015 ජනවාරියටත් වඩා දෙමළ හා මුස්ලිම් ඡන්ද මෙම ඡනමත විචාරණ ජයග්‍රහණයට අවශ්‍ය වන බවයි. ඒ සඳහා ඔහුගේ රෙකමදාරුව වන්නේ නව ව්‍යවස්ථාවෙන් උතුර නැගෙනහිර පළාත්වලට දෙන බලතල ප්‍රමාණය ඉතා විශාල විය යුතු බවයි. එයින් පමණක්ම උතුර නැගෙනහිර සහ රටපුරා සුළුතරයන්ගේ ඡන්ද ප්‍රතිශතය සුපිරි තත්ත්වයකට නැංවීමට හැකි බවද ඔහු කියයි. මෙවැනි මතවාදයන් ඉදිරිපත් කරන පුද්ගලයාම සංහිඳියාව පිළිබඳ වාර්තාවක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ඇත්තේ තව දින කිහිපයකි. මොවුන්ගේ මූලෝපායික මාර්ග සිතියම අනුව යන කල නව ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම හා පහසුවෙන්ම පරාජය කළ හැකි යෑයි අපට නිශ්චිතව කිව නොහැකියි.

නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණයකට ආණ්ඩුව ගියහොත් ඒ සඳහා කොතරම් මුදල් පාවිච්චි කරනු ලැබෙයිද, ඩයස්පෝරාවෙන් සහ බටහිර රටවලින් පැමිණෙන සම්පත් කොතරම් වේද, ඒ අතරවාරයේ විපක්ෂයේ ප්‍රබල කථිකයන් කීදෙනෙක් බොරු චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබෙයිද, බොරු කුමන්ත්‍රණ මවා පා විපක්ෂය මර්දනය කොට ජනමත විචාරණයක් පවත්වනු ලැබේවිද යන්න කල් ඇතිව කිව නොහැකිය.

ඒ අනුව අදින් ඇරඹෙන නව වසර අපේ රටේ ඉතිහාසයේ තවත් තීරණාත්මක සන්ධිස්ථානයක් වේවිද?

මා සිතන්නේ මේ වසර ඇරඹෙන්නේ ශ්‍රී ලංකාව නමැති මේ කුඩා දූපතේ අයිතිය අපට අහිමිවීමේ අනතුරත් සමඟයි. ඒ අහිමි වීම සිදු වන්නේ ආකාර දෙකකින්. එකක් දේශපාලනමය ව්‍යවස්ථාමය ලෙස. අනික ආර්ථිකමය ලෙස. නව ව්‍යවස්ථාවේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නම් ජාතික රාජ්‍ය හා ජාතිය අවසන් වනු ඇත. පළාත් සභාවලට උවමනාවට වඩා බලතල පැවරීම සහ විධායක ජනාධිපති ක්‍රමය මිළාන කිරීම, ඒකීය රාජ්‍ය සංකල්පය අතහැර දැමීම හෝ දියකර දැමීම යන මේ සියල්ල කැටිකර ගත් විට අපට පෙනෙන්නේ තනි සමස්ත රටක් ලෙස අපට තවදුරටත් පවතින්නට නොහැකි තත්ත්වයක් උදාවන බවයි. මෙය මා කියන්නේ කිසිලෙසකින්වත් සිංහල හෝ ජාතිවාදී ස්ථාවරයක සිට නොවෙයි.

http://www.divaina.com/2017/01/01/politics03.html

[QUOTE="KOTA NIHAL, post: 21085887, member: 557900"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][FONT=Times New Roman][SIZE=5][SIZE=5][COLOR=#336600]අදින් ඇරඹෙන්නේ ඒකීය ශ්‍රී ලංකාවේ අවසාන වසර විය හැකියි [/COLOR][/SIZE][/SIZE][/FONT] ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් අපේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මේ දිනවල සිදුවෙයි. මේ වන විට එහි අන්තර්ගතව ඇතැයි පැවසෙන නොයෙක් කරුණු පිළිබඳ විවිධ මත පළවෙයි. යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්රමයේ බලතල කප්පාදු කිරීම සහ පළාත් සභා බලතල පුළුල් කිරීම තුළින් රටේ ඒකීයභාවයට බරපතළ තර්ජනයක් එල්ල වන බව මේ පිළිබඳ විද්වතුන් වැඩිදෙනෙකු දරන මතයකි. අපේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ කුමකටද? ව්‍යවස්ථා සංශෝධනයකින් වත්මන් ගැටලුවලය විසඳුම් සොයාගත නොහැකිද? නව ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයක් පැවැත්වුවහොත් කෙබඳු තත්ත්වයක් උද්ගත විය හැකිද? ඒකීය ශ්‍රී ලංකාව එක්සත් ශ්‍රී ලංකාවක් බවට පත්වුවහොත් එහි අනාගත ඉරණම කෙබඳුද? වැනි යෝජිත නව ව්‍යවස්ථාව සමඟ සමාජයේ කතාබහට ලක්ව ඇති කරුණු රැසක් පිළිබඳ ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලකයන් සමඟ දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ. ජනවාර්ගික ගැටලුව විසඳීම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ප්‍රධාන අරමුණ ලෙස ආණ්ඩුව පැවසුවත් පවතින ව්‍යවස්ථාවට සංශෝධනයක් එක් කිරීමෙන් එය කළ හැකි බවට මතයකුත් පළ වී තිබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද? අපේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය ආණ්ඩුව පැහැදිලිව ප්‍රකාශ කරල නෑ. ඉඳල හිටල ඇහෙන දේවල්වලට අනුව අපට හිතාගන්න හැකි වන්නේ ජනවාර්ගික සංහිඳියාව සහ ස්ථිරසාර සාමයක් සඳහා ව්‍යවස්ථාමය විසඳුමක් අවශ්‍ය යෑයි ආණ්ඩුව කල්පනා කරන බවයි. නමුත් එතැන දී මතුවන ප්රශ්නය වන්නේ මේ ව්‍යවස්ථාමය විසඳුමක් සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍යද යන්නයි. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් යෑයි ගෙනා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය නව ව්‍යවස්ථාවක් නොවේ. එසේ නම් ව්‍යවස්ථා සංශෝධනයකින් කළ නොහැකි දේ කවරේද? ව්‍යවස්ථා සංශෝධනයකින් කළ නොහැකි දේ වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීයභාවය පෙරළා දැමීමයි. ඒකීයභාවය පෙරළා දැමීමට නම් නව ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය වෙයි. ඒ අනුව නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ රටේ ඒකීයභාවය ජනවාර්ගික සංහිඳියාවට බාධකයක් ලෙස සලකතොත් පමණයි. රටේ ඒකීයභාවය ඕනෑම ජනවාර්ගික විසඳුමකට පූර්ව කොන්දේසියක් ලෙස පැවතිය යුතු බව සලකන්නේ නම් නව ව්‍යවස්ථාවක් නොව පවතින 13 වැනි සංශෝධනයට අවශ්‍ය පිළිසකර කිරීම් මගින් හෝ නව සංශෝධනයක් මගින් හෝ එවැනි විසඳුමක් ළඟාකර ගත හැකිය. විධායක ජනාධිපති බලතල කප්පාදු කිරීමත් පළාත් සභා බලතල පුළුල් කිරීමත් යෝජිත නව ව්‍යවස්ථාවේ එක් අරමුණක් ලෙස සඳහන් වෙනවා. මෙය රටේ ඒකීයභාවයට බලවත් අනතුරක් බව ඇතැමුන් දරන මතයක්? විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ප්රශ්නය ඒකීය සහ පෙඩරල් ආණ්ඩු ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයට සම්බන්ධ වුවත් එය එකම ප්‍රශ්නයක් නොවෙයි. 1972 ව්‍යවස්ථාවේදී ලංකාවේ රාජ්‍ය ක්‍රමය එAකීය රාජ්‍ය ක්‍රමයක් ලෙස නිර්වචනය කරන ලදී. නමුත් 1972 ක්‍රියාත්මක වූයේ වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තු ක්‍රමයක්. එය විධායක ජනාධිපති ක්‍රමයක් නොවේ. විධායක ජනාධිපති ක්‍රමය ඇතිකරන ලද්දේ 1978 දී ඡේ. ආර්. ජයවර්ධන මහතා විසිනුයි. ඔහු එසේ කළත් 1972 ඒකීය රාජ්‍ය සංකල්පය 78 ව්‍යවස්ථාවටත් ඇතුළත් කළා. වෙනත් ආකාරයකින් කියනවා නම් 1978 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමයක් හඳුන්වා දුන්නේ 1972 ඒකීය රාජ්‍ය සංකල්පය අත්තිවාරමක් කොට ගනිමිනි. 72 සහ 78 ව්‍යවස්ථාවන් දෙකම ඒකීය රාජ්‍ය ව්‍යවස්ථාවන් වූ අතර ඒ දෙකේම තිබූ අනෙක් වැදගත්ම පොදු ලක්ෂණය වූයේ 72 සහ 78 ව්‍යවස්ථාවන් දෙකම ජනරජ ව්‍යවස්ථාවන් වීමයි. විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යද නැද්ද යන ප්රශ්නය සලකා බැලීමේදී අප ජාත්‍යන්තර සහ ඓතිහාසික කරුණු සමාලෝචනය කළ යුතුයි. ලෝකයේ වඩාත්ම සාර්ථක සහ ප්‍රබල රාජ්‍යයන් 5 සිටින්නේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ආරක්ෂක මණ්ඩලය තුළයි. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස්දෙනා අතුරෙන් හතරදෙනෙක්ම එනම් ඇමරිකාව, රුසියාව, චීනය හා ප්‍රංශය විධායක ජනාධිපති ක්‍රම සහිත රටවල්ය. ඒ රටවල් 5 අතුරෙන් පාර්ලිමේන්තු ක්‍රමය අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍යය පමණයි. ලෝකයේ ප්‍රබලම හා සාර්ථකම රටවල් පහෙන් හතරක්ම විධායක ජනාධිපති ක්‍රමය අනුගමනය කරන්නේ නම් ශ්‍රී ලංකාව එය අතහරින්නේ ඇයි? මේ පිළිබඳව තවදුරටත් ගැඹුරින් සලකා බලන්නේ නම් සමස්ත ඇමරිකානු මහාද්වීපය පුරා පවතින්නේද විධායක ජනාධිපති ක්‍රමයයි. එපමණකුත් නොව අනෙක් හැම දෙයක් සම්බන්ධයෙන්ම පසමිතුරුව සිටින ඇමරිකා එක්සත් ජනපදය හා කියුබාව යන රටවල් දෙක ගත් විටත් එහි පොදු ලක්ෂණය වන්නේ විධායක ජනාධිපති ක්‍රම තිබීමයි. නැගෙනහිර ආසියාව ගත්විට චීනය, වියට්නාමය, පිලිපීනය, ටියුනීසියාව, දකුණු කොරියාව වැනි රටවල ඇත්තේද විධායක ජනාධිපති ක්‍රමයයි. දේශපාලන ක්රමයන් ලෙස ගත් කල පෙනී යන්නේ විධායක ජනාධිපති ක්‍රමය හුදෙක් පාර්ලිමේන්තු ක්‍රමයකට වඩා දියුණු හා ශක්තිමත් දේශපාලන ක්‍රමයක් බවයි. එවැනි ක්‍රමයක් තිබෙද්දී එය අහෝසි කර ගැනීම සැලකිය හැක්කේ මෝඩකම නිසා හෝ දැන දැනම ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල කිරීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙසටයි. ඡේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක්‍රමය යෝජනා කළේ සහ ක්‍රියාත්මක කළේ රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් සඳහාය. ඔහු පැවසුවේ ලංකාව වැනි කුඩා දූපතක විශේෂයෙන්ම එහි විෂමත්වය අනුව පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය යටතේ අනිවාර්යයෙන්ම ඇතිවන තත්ත්වයන් හා හැලහැප්පීම් නිසා ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගත නොහැකි බවයි. ඔහු පැවසුවේ ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් රටේ පවත්වාගෙන යැමට පාර්ලිමේන්තු හැලහැප්පීම්වලින් මිදුණු ස්ථාවර විධායකයක් අත්‍යවශ්‍ය බවයි. එය පසුකාලීන අත්දැකීම්වලින් මනාව සනාථ වූ ප්රස්තුතයකි. විවෘත ආර්ථික ක්‍රමයක් යටතේ යූ.එන්.පී. සහ ශ්‍රී ලංකා නායකයන් මාරුවෙද්දීත් සාපේක්ෂ වශයෙන් ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් රට තුළ යුද්ධයක් පවතිද්දී පවා අපට ලබාගත හැකි විය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් හෝ 19 වැනි සංශෝධනයටත් එහාට ගොස් දුර්වල කරන්නේ නම් සිද්ධ වන්නේ අපේ ආර්ථික වර්ධන වේගයත් දැනටමත් තිබෙන දුර්වල තත්ත්වයටත් වඩා පහත් අඩියකට වැටීමයි. එයින් සිදුවන්නේ ජාතියක් වශයෙන් අප දුබල වීමයි. ඒකීය රාජ්‍යය සහ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ප්රශ්නය සාකච්ඡා කරද්දී 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් 1987 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අපට අමතක කළ නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුවෙන් කියා සිටියේ 13 වැනි සංශෝධනය යටතේ ඉදිවූ පළාත් සභා ක්‍රමය පවා ඒකීය රාජ්‍ය රාමුවක් තුළ රැඳී පවතින්නේ යාන්තමින් බවත් එය ඒකීය රාජ්‍යය තුළ රඳවාගෙන තිබෙන්නේ ප්‍රබල විධායක ජනාධිපති ක්රමයේ සෘජු නියෝජිතයා වන පළාත්බද ආණ්ඩුකාරවරයාගේ බලතල නිසා බවත්ය. දැන් පාර්ලිමේන්තුවේ කාරක සභාවක් වන කේන්ද්‍ර පරිවාර කාරක සභා වාර්තාවේ ඇත්තේ ආණ්ඩුකාරවරයාගේ බලතල සහමුලින්ම පාහේ අවප්‍රමාණ කිරීමක් සහ මහ ඇමැතිවරයාට ඔහු යටත් කිරීමක්ය. මහ ඇමැතිවරයා යනු ඒ පළාතේ ඡන්දයෙන් තෝරා පත්කරගනු ලැබූ නියෝජිතයාය. විධායක ජනාධිපතිවරයා යනු සමස්ත රටේ බහුතර ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ජාතික නියෝජිතයාය. ආණ්ඩුකාරවරයා යනු එම විධායක ජනාධිපතිවරයාගේ නියෝජිතයාය. ඉදින් යම් නිශ්චිත පළාතකට, සීමිත ජන පදනමකින් තෝරා පත්කර ගන්නා ලද මහ ඇමැතිවරයාට සමස්ත රටේ බහුතර ඡන්දයෙන් තෝරා පත්කරගනු ලැබූ ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයා හිස නැමිය යුත්තේ ඇයි? එයින් සිද්ධ වන්නේ සමස්ත ජාතිය නමැති සංකල්පයට වඩා ඒ ඒ නිශ්චිත පළාත නමැති සංකල්පය ඉස්මතු කිරීමකි. එAකීය හෝ පෙඩරල් යන ලේබල් රටකට වැදගත් නැති බව ප්‍රකාශ කරන පිරිසකුත් අපේ රටේ සිටිනවා නේද? ඔවුන්ගෙන් අප ඇසිය යුතු ප්රශ්නය වන්නේ ලේබලය වැදගත් නොවේනම් ඒකීය ලේබලය රඳවා ගත නොහැක්කේ මන්ද යන්නයි. ඒකීය ලේබලය හලන්නට උත්සාහ දරන්නේ ලේබලය හෙවත් සංකල්පය අතිශය වැදගත් දෙයක් නිසයි. එය වැදගත් වන්නේ රටක් ඒකීය ලෙස නිර්වචනය නොකරන්නේ නම් පළාත් සභාවකට පෙඩරල්වාදී රටක තිබෙන බලතල ක්‍රියාත්මක කරන්නට ඕනෑතරම් ඉඩකඩ ලැබෙන නිසයි. ඒකීය රට එක්සත් රටක් වුණොත් සිදුවිය හැක්කේ කුමක්ද? යම් පළාත් සභාවක් සීමාව ඉක්මවා කටයුතු කළහොත් එය රටේ ඒකීය ව්‍යවස්ථාවට විරුද්ධ යෑයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැක්කේ රටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යයක් ලෙස නිර්වචනය කර ඇත්නම් පමණකි. යම් රටක් ඒකීය රාජ්‍යයක් ලෙස ව්‍යවස්ථාවෙන් නිර්වචනය නොකර ඇතිවිට පළාත් සභාවලට ඇති එකම සීමාව එක්සත් රටක් යන සීමාවයි. නමුත් තමුන්ගේම වූ ජනවර්ගයේ හා භාෂා කණ්ඩායමේ දශලක්ෂ 80 ක් පිරිසක් සැතපුම් 18 ක මුහුදු තීරයෙන් එහා සිටින තත්ත්වයක් තුළ ඒකීය රාජ්‍ය සීමාව අහෝසි කර හුදෙක් එක්සත් යන රාජ්‍ය සීමාව තුළ පළාත් රඳවා ගැනීමෙන් සිදු වන්නේ එක් පරම්පරාවක් තුළ එම එක්සත්කම ද නැති වන ආකාරයට ලංකාවේ උතුර හා ඉන්දියාවේ තමිල්නාඩුව හාවීමට දොර විවෘත කිරීමයි. ජනමත විචාරණයකින් තොරව රටේ ඒකීය භාවය අහෝසි කළ නොහැකි නම් යෝජිත නව ව්‍යවස්ථාවෙන් ඒකීයභාවය අහෝසි වෙනවා යෑයි ඇතැමුන් තුළ තිබෙන්නේ හුඹස් බියක්ද? අපේ රටේ අද පවතින්නේ අරුම පුදුම තත්ත්වයක්. ජනවාර්ගික සංහිඳියාව පිළිබඳව කාර්යසාධන මණ්ඩලයක් විසින් පිටු 493 ක වාර්තාවක් සකස් කර ඇති බව ජනමාධ්‍ය ඔස්සේ පළවුණා. ඒ වාර්තාව ජනවාරි මාසයේ මුල් සතියේ ආණ්ඩුවට භාරදීමට නියමිතයි. එම කාර්ය සාධන මණ්ඩලය පත්කරනු ලැබුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. එම කාර්යසාධන මණ්ඩලයේ ලේකම්වරයා වන්නේ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතායි. ඒ මහතා පසුගියදා ඩේලිමිරර් පුවත්පතට සැපයූ ලිපියක ජනමත විචාරණය ගැන මූලෝපායක් සපයා තිබෙන්නේ මෙසේය. නව ව්‍යවස්ථාව පිළිබඳ ආණ්ඩුව ජනමත විචාරණයකට ගියහොත් එය ජයග්‍රහණය කළ හැකි බවත්, එසේ කළ හැක්කේ සියයට 30 ක ජනවාර්ගික සුළුතරයන්ගේ ඡන්දය අනිවාර්යයෙන්ම නව ව්‍යවස්ථාවකට ලැබීමෙන් සහ 2015 ජනවාරි මස සිදුවූ ආකාරයටම සිංහල ඡන්දවලින් කොටසක් මෙයට එකතු වීමෙන් බවයි, ඔහු තවදුරටත් කියා සිටින්නේ. උතුර නැගෙනහිර දමිළ ජනතාවගේ ඡන්ද ප්‍රතිශතය 2015 ජනවාරි 8 දා තරම්ම ඉහළ නැංවීමටත් අවශ්‍ය බවයි. තවදුරටත් එය විග්රහ කරන ඔහු මෙවර ලැබෙන සිංහල ඡන්ද එතරම්ම සහතික නොවන නිසා 2015 ජනවාරියටත් වඩා දෙමළ හා මුස්ලිම් ඡන්ද මෙම ඡනමත විචාරණ ජයග්‍රහණයට අවශ්‍ය වන බවයි. ඒ සඳහා ඔහුගේ රෙකමදාරුව වන්නේ නව ව්‍යවස්ථාවෙන් උතුර නැගෙනහිර පළාත්වලට දෙන බලතල ප්‍රමාණය ඉතා විශාල විය යුතු බවයි. එයින් පමණක්ම උතුර නැගෙනහිර සහ රටපුරා සුළුතරයන්ගේ ඡන්ද ප්‍රතිශතය සුපිරි තත්ත්වයකට නැංවීමට හැකි බවද ඔහු කියයි. මෙවැනි මතවාදයන් ඉදිරිපත් කරන පුද්ගලයාම සංහිඳියාව පිළිබඳ වාර්තාවක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ඇත්තේ තව දින කිහිපයකි. මොවුන්ගේ මූලෝපායික මාර්ග සිතියම අනුව යන කල නව ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම හා පහසුවෙන්ම පරාජය කළ හැකි යෑයි අපට නිශ්චිතව කිව නොහැකියි. නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණයකට ආණ්ඩුව ගියහොත් ඒ සඳහා කොතරම් මුදල් පාවිච්චි කරනු ලැබෙයිද, ඩයස්පෝරාවෙන් සහ බටහිර රටවලින් පැමිණෙන සම්පත් කොතරම් වේද, ඒ අතරවාරයේ විපක්ෂයේ ප්‍රබල කථිකයන් කීදෙනෙක් බොරු චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබෙයිද, බොරු කුමන්ත්‍රණ මවා පා විපක්ෂය මර්දනය කොට ජනමත විචාරණයක් පවත්වනු ලැබේවිද යන්න කල් ඇතිව කිව නොහැකිය. ඒ අනුව අදින් ඇරඹෙන නව වසර අපේ රටේ ඉතිහාසයේ තවත් තීරණාත්මක සන්ධිස්ථානයක් වේවිද? මා සිතන්නේ මේ වසර ඇරඹෙන්නේ ශ්‍රී ලංකාව නමැති මේ කුඩා දූපතේ අයිතිය අපට අහිමිවීමේ අනතුරත් සමඟයි. ඒ අහිමි වීම සිදු වන්නේ ආකාර දෙකකින්. එකක් දේශපාලනමය ව්‍යවස්ථාමය ලෙස. අනික ආර්ථිකමය ලෙස. නව ව්‍යවස්ථාවේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නම් ජාතික රාජ්‍ය හා ජාතිය අවසන් වනු ඇත. පළාත් සභාවලට උවමනාවට වඩා බලතල පැවරීම සහ විධායක ජනාධිපති ක්‍රමය මිළාන කිරීම, ඒකීය රාජ්‍ය සංකල්පය අතහැර දැමීම හෝ දියකර දැමීම යන මේ සියල්ල කැටිකර ගත් විට අපට පෙනෙන්නේ තනි සමස්ත රටක් ලෙස අපට තවදුරටත් පවතින්නට නොහැකි තත්ත්වයක් උදාවන බවයි. මෙය මා කියන්නේ කිසිලෙසකින්වත් සිංහල හෝ ජාතිවාදී ස්ථාවරයක සිට නොවෙයි. [url]http://www.divaina.com/2017/01/01/politics03.html[/url] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom