Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළියන්දල ඉදිවන ශාක්‍ය ජනපදය

බුදුන් වහන්සේ උපත ලද්දේ ඉන්දියාවේ ශාක්‍ය වංශයට අයත් සුද්ධෝදන රජුගේ සහ කෝලිය වංශයට අයත් මහමායා දේවියගේ පුත් කුමරු ලෙසින් බව අපි දනිමු. ශාක්‍ය රාජධානියේ අගනුවර කපිලවස්තුවයි. හත්වැනි සියවසේදී ඉන්දියාවට පැමිණ සිය චාරිකා සටහන් ලේඛනගත කළ චීන ජාතික හියුංසාං භික්ෂුව එදා දුටු ශාක්‍ය හෙවත් කපිලවස්තු රාජධානිය ගැන මෙලෙස සඳහන් කරයි.

කපිලවස්තු රාජධානිය වට ප්‍රමාණයෙන් ලී 400ක් (දුර මනින ඒකකයකි) වේ. රජ මාලිගාව පිහිටි භූමිය ලී 14ක වටප්‍රමාණයකින් යුක්තය. එහි අත්තිවාරම් හා බිත්ති තවමත් ශක්තිමත්ය. උස්ය. මාලිගා භූමිය තුළ ජරාවාස වූ අත්තිවාරම් බිත්ති හතරකි. ඒ සුද්ධෝදන රජුගේ නිවාසයේ නෂ්ඨාවශේෂය. එදා ප්‍රසාදය පැවති ස්ථානයේ සුද්ධෝදන රජුගේ ප්‍රතිමාවක් සහිත විහාරයකි. එයට යාබදව පිහිටා ඇත්තේ මායාදේවී විහාරයයි. බෝසතුන් කුස පිළිසිඳගත් අවස්ථාවේ මායාදේවිය නිදා සිටියේ එම ස්ථානයේ බවට පැවසේ. එම අවස්ථාව බිත්තිවල ඇඳ තිබේ. ශරකුප නම් පොකුණ එහි සිට ලී 30ක් දකුණෙන් පිහිටා තිබේ. ලුම්බිණි වනයට පොකුණේ සිට ලී 80ක් දුරය. කපිලවස්තුව සහ දෙව්දහ නුවර අතර මේ උද්‍යානය පිහිටා තිබේ. අශෝක රජු මේ ස්ථානයට පැමිණ ශිලා ලේඛනයක්ද පිහිටුවා ඇත.

අද ඉන්දියාවට යන සැදැහැවතුන්ට දැකබලාගත හැක්කේ එදා ශාක්‍ය රාජධානියේ නටබුන් පමණි. ගඩොල් පදනම්, ගල් කුලුනු, බිත්ති ශේෂ පමණි. ශාක්‍ය ජනපදය හිමාලයට දකුණු දිසාවෙන් රෝහිණී නදිය පාමුල පිහිටා තිබුණි. එය වර්තමානයේ හැඳින්වෙන්නේ තිලරාකොට් යනුවෙනි. ලුම්බිණියට එහි සිට දුර කි.මී. 28කි.

කිඹුල්වත්පුරය හෙවත් කපිලවස්තුව වයස අවුරුදු 27 වනතෙක් සිදුහත් කුමරු වාසය කළ නගරයයි. එය වර්තමාන ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි සිද්ධාර්ථ නගර් සිට කි.මී. 20ක් දුරින් පිහිටි ප්රපර්වා ප්‍රදේශය බව හඳුනාගෙන තිබේ. වර්ෂ 1971 දී එහි කැණීම් කළ කේ.එම්. ශ්රිවාස්තු නම් පුරාවිද්‍යාඥයාට හමුවූ සෙල්ලිපියකට අනුව කපිලවස්තු පුරය හඳුනාගැනීමට ලැබුණි.

අද නටබුන්ව පවතින ශාක්‍ය රාජධානියේ අතීත ස්වරූපය දැකබලා ගනිමින් සිත් පහන් කර ගැනීමට එළඹෙන වෙසක් පොහෝ දිනය වනවිට ඔබට හැකියාව ලැබෙනු ඇත. ඒ බුද්ධකාලීන ශාක්‍ය ජනපදය ශ්‍රී ලංකාවේ ප්‍රතිනිර්මාණය කෙරෙන හෙයිනි. එය ඉදිකෙරෙන්නේ පිළියන්දල මඩපාත කහපොළ පිහිටි අක්කර 77ක රෙජිඩේල් වතුයායේය. සමරකෝන් බූදලයට අයත් මෙම වතුයාය කලින් රබර් වත්තක්ව තිබී පසුව අත්හැර දමන ලද්දකි. මහාභාරකාර දෙපාර්තමේන්තුව භාරයේ පැවැති එය පසුව බුද්ධශාසන අමාත්‍යංශයට පවරා ඇත්තේ සමරකෝන් පවුලේ ඉල්ලීම පරිදි බෞද්ධාගමික කටයුත්තකට යොදා ගැනීම සඳහාය. සම්පූර්ණ ඉඩමෙන් අක්කර 65ක් පමණ ශාක්‍ය ජනපදය ප්‍රතිනිර්මාණයට යොදාගැනීමට යෝජිතය. දැනට ඉඩමේ බොහෝ ප්‍රදේශ විශාල වෘක්ෂ වැවී වනගත ස්වරූපයක් පළකරන අතර එම ශාක ඉවත් නොකර එලෙසම යොදාගැනීමට සැලසුම් කර ඇත.

බුද්ධශාසන අමාත්‍යංශයේ අධීක්ෂණය සහිතව ලයිට් ඔෆ් ඒෂියා පදනමේ නිර්මාණ හා ප්‍රතිපාදන දායකත්වයෙන් ශාක්‍ය ජනපදය ඉදිකරන අතර, ඒ සඳහා භාරකාර මණ්ඩලයක් පත් කිරීමටද යෝජනා වී තිබේ. බුද්ධශාසන අමාත්‍යංශයේ නියෝජිතයන් 6ක් සහ ලයිට් ඔෆ් ඒෂියා පදනමේ නියෝජිතයන් 4ක් එයට එම මණ්ඩලයට අයත් වනු ඇත.

ශාක්‍ය ජනපදය කෝසල දේශයේ ප්‍රධාන ජනපදවලින් එකකි. සුවදායී දේශගුණයක් ඇති මෙම ජනපදය පුරා අලංකාර පුෂ්පයන්ගෙන් යුතු උයන් පිහිටා ඇත. උතුරු සහ නැගෙනහිර දිසාවන්ගෙන් වටවුණු හිමාල කඳුවැටියෙන් ආවරණය සැලසී ඇත. මෙම කඳු පාමුලින් බටහිරින් ගලා යන රොහිණී නදියෙන්ද දකුණට ගලා යන භාග්යරජති නදියෙන්ද එය වටවී ඇත. බස්නාහිර සහ දකුණ තෙක් මහා සාගරය තෙක් දිවයන කෙත්වතුය.

එලෙස ශාක්‍ය ජනපදය උපකල්පනය කරන්නේ සිද්ධාර්ථ ගෞතම ශ්‍රී සම්බුද්ධ නවකතාව ලියන වග නිමල් කරුණාරත්නය. එහෙත් එම උපකල්පන ප්‍රායෝගිකව ප්‍රතිනිර්මාණය කිරීම එතරම් සුකර නොවේ. ඒ ගැන අපට මෙලෙස පැවසුවේ ලයිට් ඔෆ් ඒෂියා පදනමේ සභාපති නවීන් ගුණරත්නයි.

අපි ශ්‍රී ගෞතම සම්බුද්ධ චිත්‍රපටයට කපිලවස්තු මාලිගය ඇතුළු ගොඩනැගිලි දහය සමානව මැවිය යුතු වුණා. නමුත් මේ ගොඩනැගිලි කිසිම තැනක අද දකින්න නැහැ. මම ඒ ගොඩනැගිලි සැලසුම් බාරදී තිබුණේ අපගේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පි රොෂාන් චන්ද්රරත්නටයි. ඔහු පැරැණි නගර ගැන අධ්‍යයනය කරමින් ඒවා සැලසුම් කිරීමට වෙහෙසුණා. ඒ අතර දිනක් ඔහු සිහිනයෙන් කපිලවස්තු මාලිගය දැක්කා. ඒ මොහොතේම ඇඳෙන් නැගිට එය සටහන් කළා. පසුව ඒ අනුව නිර්මාණය කළ සැලසුමක් මට පෙන්නුවා. මම නේපාල ජාතික කපිලවස්තුපුර හා ලුම්බිණියේ ප්‍රධාන පුරාවිද්‍යාඥ බසන්ත බිදාරිට ඒවා පෙන්නුවා. ඔහු පැවසුවා අපේ සැලසුම් පුරාණ ශාක්‍ය රාජධානියේ කපිලවස්තුවට බොහෝදුරට ගැලපෙන බව. ඒ අනුවයි, අපි බොල්ලෑගල මානෙල්වත්ත විහාරයේ කපිලවස්තු මාලිගය නිර්මාණය කළේ. එම සැලසුම්වලටම ගැලපෙන පරිදි පිළියන්දල ශාක්‍ය ජනපදයේ ගොඩනැගිලිත් ඉදි කරනවා. මුල් අදියරට ලුම්බිණි සල් උයන හා රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගා ඉදිකළ යුතුයි. මෙය සැලසුම් කරන්නේ අපට අයත් 124 ඩිසයිනර්ස් ආයතනය. මේ සඳහා අපගේ ආයතනයේ හැම කෙනෙක්ම තම ශ්‍රමය ලබාදෙන්නේ දානයක් ලෙස ස්වේච්ඡාවෙන්මයි.

නගරයට එතරම් දුර නොවුවද සුන්දර ග්‍රාමීය වටපිටාවකින් යුත් කහපොළ රෙජිඩේල්වත්ත එක් පසෙකින් බොල්ගොඩ ජලාශයට මායිම් වෙයි. තැනින් තැන වන වදුලුවලින් සමන්විත උස් බිමක පිහිටි එය නුදුරේදී ශාක්‍ය ජනපදය දැකබලා ගැනීමට පැමිණෙන්නන්ගෙන් පිරී යනු ඇත.

මේ සඳහා මුල් අදියරට රැපියල් මිලියන 500ක් වැයවෙනවා. ලයිට් ඔෆ් ඒෂියා පදනම එම මුදල දානපතියන්ගෙන්, අපට හිතවත් ජාත්‍යන්තර ආයතනවලින් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. පුරාවිද්‍යාඥ බසන්ත බිදාරි මහතාගේ අධීක්ෂණය යටතේ තමයි මෙහි සියලු ඉදිකිරීම් කෙරෙන්නේ.

ශාක්‍ය ජනපදය ඉදිකර ඒ සමඟම ශ්‍රී ගෞතම සම්බුද්ධ චිත්‍රපටයේ දෙවැනි කොටස නිර්මාණය කිරීමට නවීන් ගුණරත්න මහතාගේ අදහස විය. ඔහු ඒ සඳහා සැලසුම් සකස් කර ලංකාව පුරා මෙන්ම ලෝකය පුරාත් ඉඩම් සෙව්වේය. එහෙත් ලංකාවේ සුදුසු ස්ථානයක් සොයාගැනීමට බාධා මතුවිය. ඒ අතර අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයෙන් සියලු පහසුකම් සපයන බවට ආරාධනාවක් ලැබුණි. එහි ශාක්‍ය ජනපදය ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින විටයි බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දිනක් නවීන් ගුණරත්න මහතාට හමුවූයේ.

නවීන් මේ දිනවල මොනවද කරන්නේ? ඇමැතිතුමා මගෙන් ඇසුවා. මම කිව්වා ශාක්‍ය ජනපදය ප්‍රතිනිර්මාණය කිරීමේ අදහස ගැන. ඔහු එවර පැවසුවේ එය ඇමෙරිකාවට නොදී බුද්ධශාසන අමාත්‍යංශය සතු පිළියන්දල ඉඩමේ ඉදිකරන ලෙසයි. ඒ අනුවයි, මෙම ව්‍යාපෘතියට පදනම වැටුණේ. නවීන් ගුණරත්න මහතා අපට පැවසුවේය.

මෙහි මුල් අදියර කඩිනමින් ඉදිකිරීමට අපේක්ෂිතය. ඒ මැයි මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම හා ජාත්‍යන්තර බෞද්ධ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සමගාමීවය. ලෝක නායකයන් ඇතුළු දේශීය විදේශීය නියෝජිතයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ඊට සහභාගි වීමට නියමිතය. ලුම්බිණියට අමතරව බුද්ධත්වයට පත්වූ බුද්ධගයාව, මහා පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවර, ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ ඉසිපතනාරාමය ආදී බුද්ධ චරිතයට සම්බන්ධ ස්ථාන මෙහි නිර්මාණය කිරීමට නියමිතය. එයට අමතරව ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ කේන්ද්‍රයක් වශයෙන්ද මෙම ස්ථානය සංවර්ධනය කෙරේ. අංගසම්පූර්ණ බෞද්ධ පුස්තකාලයක්, බෞද්ධ භාවනා මධ්‍යස්ථානයක්, ඩිජිටල් තාක්ෂණය මගින් බුද්ධ චරිතය හා සම්බන්ධ කතාවස්තු නිර්මාණය කිරීමේ හා ඉදිරිපත් කිරීමේ මධ්‍යස්ථානයක්, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යවලින් ධර්ම දේශනා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඇතුළු අංගෝපාංග රාශියක්ද මෙහි ඉදිවේ.

පසුගිය 17 වැනි දින මෙම ශාක්‍ය ජනපද බෞද්ධ මධ්‍යස්ථානයට මුල්ගල තැබුණේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ලයිට් ඔෆ් ඒෂියා පදනමේ සභාපති නවීන් ගුණරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙනි.

මගේ මූලික පරමාර්ථය මේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ආසියාවේ බෞද්ධ කේන්ද්‍රස්ථානයක් කිරීමයි. මෙතැනින් යන බුදුදහමේ හඬ නවීන තාක්ෂණය හරහා ලෝකයටම ලබාදීමට ඉදිරියේදී හැකිවේවි. බුදුදහම ගැන ඉහළ දැනුමකින් යුත් බුද්ධිමතුන් ලංකාවේ වගේම ලෝකය පුරාම ඉන්නවා. ඔවුන් මෙම මධ්‍යස්ථානය හා අත්වැල් බැඳ ගනීවි. නවීන් ගුණරත්න මහතා අපට කීවේය.

♦ කුසුම්සිරි විජයවර්ධන

- http://www.deshaya.lk/article/43/features/719/පිළියන්දල-ඉදිවන-ශාක්‍ය-ජනපදය

[QUOTE="monson, post: 21162428, member: 30005"] [B][SIZE="5"]පිළියන්දල ඉදිවන ශාක්‍ය ජනපදය[/SIZE][/B] [IMG]http://static.deshaya.lk/assets/uploads/image_4dab9a28a6.jpg[/IMG] [SIZE="4"]බුදුන් වහන්සේ උපත ලද්දේ ඉන්දියාවේ ශාක්‍ය වංශයට අයත් සුද්ධෝදන රජුගේ සහ කෝලිය වංශයට අයත් මහමායා දේවියගේ පුත් කුමරු ලෙසින් බව අපි දනිමු. ශාක්‍ය රාජධානියේ අගනුවර කපිලවස්තුවයි. හත්වැනි සියවසේදී ඉන්දියාවට පැමිණ සිය චාරිකා සටහන් ලේඛනගත කළ චීන ජාතික හියුංසාං භික්ෂුව එදා දුටු ශාක්‍ය හෙවත් කපිලවස්තු රාජධානිය ගැන මෙලෙස සඳහන් කරයි. කපිලවස්තු රාජධානිය වට ප්‍රමාණයෙන් ලී 400ක් (දුර මනින ඒකකයකි) වේ. රජ මාලිගාව පිහිටි භූමිය ලී 14ක වටප්‍රමාණයකින් යුක්තය. එහි අත්තිවාරම් හා බිත්ති තවමත් ශක්තිමත්ය. උස්ය. මාලිගා භූමිය තුළ ජරාවාස වූ අත්තිවාරම් බිත්ති හතරකි. ඒ සුද්ධෝදන රජුගේ නිවාසයේ නෂ්ඨාවශේෂය. එදා ප්‍රසාදය පැවති ස්ථානයේ සුද්ධෝදන රජුගේ ප්‍රතිමාවක් සහිත විහාරයකි. එයට යාබදව පිහිටා ඇත්තේ මායාදේවී විහාරයයි. බෝසතුන් කුස පිළිසිඳගත් අවස්ථාවේ මායාදේවිය නිදා සිටියේ එම ස්ථානයේ බවට පැවසේ. එම අවස්ථාව බිත්තිවල ඇඳ තිබේ. ශරකුප නම් පොකුණ එහි සිට ලී 30ක් දකුණෙන් පිහිටා තිබේ. ලුම්බිණි වනයට පොකුණේ සිට ලී 80ක් දුරය. කපිලවස්තුව සහ දෙව්දහ නුවර අතර මේ උද්‍යානය පිහිටා තිබේ. අශෝක රජු මේ ස්ථානයට පැමිණ ශිලා ලේඛනයක්ද පිහිටුවා ඇත. අද ඉන්දියාවට යන සැදැහැවතුන්ට දැකබලාගත හැක්කේ එදා ශාක්‍ය රාජධානියේ නටබුන් පමණි. ගඩොල් පදනම්, ගල් කුලුනු, බිත්ති ශේෂ පමණි. ශාක්‍ය ජනපදය හිමාලයට දකුණු දිසාවෙන් රෝහිණී නදිය පාමුල පිහිටා තිබුණි. එය වර්තමානයේ හැඳින්වෙන්නේ තිලරාකොට් යනුවෙනි. ලුම්බිණියට එහි සිට දුර කි.මී. 28කි. කිඹුල්වත්පුරය හෙවත් කපිලවස්තුව වයස අවුරුදු 27 වනතෙක් සිදුහත් කුමරු වාසය කළ නගරයයි. එය වර්තමාන ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි සිද්ධාර්ථ නගර් සිට කි.මී. 20ක් දුරින් පිහිටි ප්රපර්වා ප්‍රදේශය බව හඳුනාගෙන තිබේ. වර්ෂ 1971 දී එහි කැණීම් කළ කේ.එම්. ශ්රිවාස්තු නම් පුරාවිද්‍යාඥයාට හමුවූ සෙල්ලිපියකට අනුව කපිලවස්තු පුරය හඳුනාගැනීමට ලැබුණි. අද නටබුන්ව පවතින ශාක්‍ය රාජධානියේ අතීත ස්වරූපය දැකබලා ගනිමින් සිත් පහන් කර ගැනීමට එළඹෙන වෙසක් පොහෝ දිනය වනවිට ඔබට හැකියාව ලැබෙනු ඇත. ඒ බුද්ධකාලීන ශාක්‍ය ජනපදය ශ්‍රී ලංකාවේ ප්‍රතිනිර්මාණය කෙරෙන හෙයිනි. එය ඉදිකෙරෙන්නේ පිළියන්දල මඩපාත කහපොළ පිහිටි අක්කර 77ක රෙජිඩේල් වතුයායේය. සමරකෝන් බූදලයට අයත් මෙම වතුයාය කලින් රබර් වත්තක්ව තිබී පසුව අත්හැර දමන ලද්දකි. මහාභාරකාර දෙපාර්තමේන්තුව භාරයේ පැවැති එය පසුව බුද්ධශාසන අමාත්‍යංශයට පවරා ඇත්තේ සමරකෝන් පවුලේ ඉල්ලීම පරිදි බෞද්ධාගමික කටයුත්තකට යොදා ගැනීම සඳහාය. සම්පූර්ණ ඉඩමෙන් අක්කර 65ක් පමණ ශාක්‍ය ජනපදය ප්‍රතිනිර්මාණයට යොදාගැනීමට යෝජිතය. දැනට ඉඩමේ බොහෝ ප්‍රදේශ විශාල වෘක්ෂ වැවී වනගත ස්වරූපයක් පළකරන අතර එම ශාක ඉවත් නොකර එලෙසම යොදාගැනීමට සැලසුම් කර ඇත. බුද්ධශාසන අමාත්‍යංශයේ අධීක්ෂණය සහිතව ලයිට් ඔෆ් ඒෂියා පදනමේ නිර්මාණ හා ප්‍රතිපාදන දායකත්වයෙන් ශාක්‍ය ජනපදය ඉදිකරන අතර, ඒ සඳහා භාරකාර මණ්ඩලයක් පත් කිරීමටද යෝජනා වී තිබේ. බුද්ධශාසන අමාත්‍යංශයේ නියෝජිතයන් 6ක් සහ ලයිට් ඔෆ් ඒෂියා පදනමේ නියෝජිතයන් 4ක් එයට එම මණ්ඩලයට අයත් වනු ඇත. ශාක්‍ය ජනපදය කෝසල දේශයේ ප්‍රධාන ජනපදවලින් එකකි. සුවදායී දේශගුණයක් ඇති මෙම ජනපදය පුරා අලංකාර පුෂ්පයන්ගෙන් යුතු උයන් පිහිටා ඇත. උතුරු සහ නැගෙනහිර දිසාවන්ගෙන් වටවුණු හිමාල කඳුවැටියෙන් ආවරණය සැලසී ඇත. මෙම කඳු පාමුලින් බටහිරින් ගලා යන රොහිණී නදියෙන්ද දකුණට ගලා යන භාග්යරජති නදියෙන්ද එය වටවී ඇත. බස්නාහිර සහ දකුණ තෙක් මහා සාගරය තෙක් දිවයන කෙත්වතුය. එලෙස ශාක්‍ය ජනපදය උපකල්පනය කරන්නේ සිද්ධාර්ථ ගෞතම ශ්‍රී සම්බුද්ධ නවකතාව ලියන වග නිමල් කරුණාරත්නය. එහෙත් එම උපකල්පන ප්‍රායෝගිකව ප්‍රතිනිර්මාණය කිරීම එතරම් සුකර නොවේ. ඒ ගැන අපට මෙලෙස පැවසුවේ ලයිට් ඔෆ් ඒෂියා පදනමේ සභාපති නවීන් ගුණරත්නයි. අපි ශ්‍රී ගෞතම සම්බුද්ධ චිත්‍රපටයට කපිලවස්තු මාලිගය ඇතුළු ගොඩනැගිලි දහය සමානව මැවිය යුතු වුණා. නමුත් මේ ගොඩනැගිලි කිසිම තැනක අද දකින්න නැහැ. මම ඒ ගොඩනැගිලි සැලසුම් බාරදී තිබුණේ අපගේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පි රොෂාන් චන්ද්රරත්නටයි. ඔහු පැරැණි නගර ගැන අධ්‍යයනය කරමින් ඒවා සැලසුම් කිරීමට වෙහෙසුණා. ඒ අතර දිනක් ඔහු සිහිනයෙන් කපිලවස්තු මාලිගය දැක්කා. ඒ මොහොතේම ඇඳෙන් නැගිට එය සටහන් කළා. පසුව ඒ අනුව නිර්මාණය කළ සැලසුමක් මට පෙන්නුවා. මම නේපාල ජාතික කපිලවස්තුපුර හා ලුම්බිණියේ ප්‍රධාන පුරාවිද්‍යාඥ බසන්ත බිදාරිට ඒවා පෙන්නුවා. ඔහු පැවසුවා අපේ සැලසුම් පුරාණ ශාක්‍ය රාජධානියේ කපිලවස්තුවට බොහෝදුරට ගැලපෙන බව. ඒ අනුවයි, අපි බොල්ලෑගල මානෙල්වත්ත විහාරයේ කපිලවස්තු මාලිගය නිර්මාණය කළේ. එම සැලසුම්වලටම ගැලපෙන පරිදි පිළියන්දල ශාක්‍ය ජනපදයේ ගොඩනැගිලිත් ඉදි කරනවා. මුල් අදියරට ලුම්බිණි සල් උයන හා රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගා ඉදිකළ යුතුයි. මෙය සැලසුම් කරන්නේ අපට අයත් 124 ඩිසයිනර්ස් ආයතනය. මේ සඳහා අපගේ ආයතනයේ හැම කෙනෙක්ම තම ශ්‍රමය ලබාදෙන්නේ දානයක් ලෙස ස්වේච්ඡාවෙන්මයි. නගරයට එතරම් දුර නොවුවද සුන්දර ග්‍රාමීය වටපිටාවකින් යුත් කහපොළ රෙජිඩේල්වත්ත එක් පසෙකින් බොල්ගොඩ ජලාශයට මායිම් වෙයි. තැනින් තැන වන වදුලුවලින් සමන්විත උස් බිමක පිහිටි එය නුදුරේදී ශාක්‍ය ජනපදය දැකබලා ගැනීමට පැමිණෙන්නන්ගෙන් පිරී යනු ඇත. මේ සඳහා මුල් අදියරට රැපියල් මිලියන 500ක් වැයවෙනවා. ලයිට් ඔෆ් ඒෂියා පදනම එම මුදල දානපතියන්ගෙන්, අපට හිතවත් ජාත්‍යන්තර ආයතනවලින් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. පුරාවිද්‍යාඥ බසන්ත බිදාරි මහතාගේ අධීක්ෂණය යටතේ තමයි මෙහි සියලු ඉදිකිරීම් කෙරෙන්නේ. ශාක්‍ය ජනපදය ඉදිකර ඒ සමඟම ශ්‍රී ගෞතම සම්බුද්ධ චිත්‍රපටයේ දෙවැනි කොටස නිර්මාණය කිරීමට නවීන් ගුණරත්න මහතාගේ අදහස විය. ඔහු ඒ සඳහා සැලසුම් සකස් කර ලංකාව පුරා මෙන්ම ලෝකය පුරාත් ඉඩම් සෙව්වේය. එහෙත් ලංකාවේ සුදුසු ස්ථානයක් සොයාගැනීමට බාධා මතුවිය. ඒ අතර අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයෙන් සියලු පහසුකම් සපයන බවට ආරාධනාවක් ලැබුණි. එහි ශාක්‍ය ජනපදය ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින විටයි බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දිනක් නවීන් ගුණරත්න මහතාට හමුවූයේ. නවීන් මේ දිනවල මොනවද කරන්නේ? ඇමැතිතුමා මගෙන් ඇසුවා. මම කිව්වා ශාක්‍ය ජනපදය ප්‍රතිනිර්මාණය කිරීමේ අදහස ගැන. ඔහු එවර පැවසුවේ එය ඇමෙරිකාවට නොදී බුද්ධශාසන අමාත්‍යංශය සතු පිළියන්දල ඉඩමේ ඉදිකරන ලෙසයි. ඒ අනුවයි, මෙම ව්‍යාපෘතියට පදනම වැටුණේ. නවීන් ගුණරත්න මහතා අපට පැවසුවේය. මෙහි මුල් අදියර කඩිනමින් ඉදිකිරීමට අපේක්ෂිතය. ඒ මැයි මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම හා ජාත්‍යන්තර බෞද්ධ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සමගාමීවය. ලෝක නායකයන් ඇතුළු දේශීය විදේශීය නියෝජිතයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ඊට සහභාගි වීමට නියමිතය. ලුම්බිණියට අමතරව බුද්ධත්වයට පත්වූ බුද්ධගයාව, මහා පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවර, ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ ඉසිපතනාරාමය ආදී බුද්ධ චරිතයට සම්බන්ධ ස්ථාන මෙහි නිර්මාණය කිරීමට නියමිතය. එයට අමතරව ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ කේන්ද්‍රයක් වශයෙන්ද මෙම ස්ථානය සංවර්ධනය කෙරේ. අංගසම්පූර්ණ බෞද්ධ පුස්තකාලයක්, බෞද්ධ භාවනා මධ්‍යස්ථානයක්, ඩිජිටල් තාක්ෂණය මගින් බුද්ධ චරිතය හා සම්බන්ධ කතාවස්තු නිර්මාණය කිරීමේ හා ඉදිරිපත් කිරීමේ මධ්‍යස්ථානයක්, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යවලින් ධර්ම දේශනා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඇතුළු අංගෝපාංග රාශියක්ද මෙහි ඉදිවේ. පසුගිය 17 වැනි දින මෙම ශාක්‍ය ජනපද බෞද්ධ මධ්‍යස්ථානයට මුල්ගල තැබුණේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ලයිට් ඔෆ් ඒෂියා පදනමේ සභාපති නවීන් ගුණරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙනි. මගේ මූලික පරමාර්ථය මේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ආසියාවේ බෞද්ධ කේන්ද්‍රස්ථානයක් කිරීමයි. මෙතැනින් යන බුදුදහමේ හඬ නවීන තාක්ෂණය හරහා ලෝකයටම ලබාදීමට ඉදිරියේදී හැකිවේවි. බුදුදහම ගැන ඉහළ දැනුමකින් යුත් බුද්ධිමතුන් ලංකාවේ වගේම ලෝකය පුරාම ඉන්නවා. ඔවුන් මෙම මධ්‍යස්ථානය හා අත්වැල් බැඳ ගනීවි. නවීන් ගුණරත්න මහතා අපට කීවේය. [IMG]http://static.deshaya.lk/assets/uploads/image_d36f8252a2.jpg[/IMG] ♦ කුසුම්සිරි විජයවර්ධන[/SIZE] - [url]http://www.deshaya.lk/article/43/features/719/%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD-%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%B1-%E0%B7%81%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AF%E0%B6%BA[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom