Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුර-දකුණ ළං කරන මධ්‍යම අධිවේගය

11 පෙබරවාරි, 2017

තාරක වික්‍රමසේකර

රටක දියුණුව රඳා පවතින්නේ ඒ රටේ සෞඛ්‍ය, විදුලි සංදේශ, ප්‍රවාහන හා මහාමාර්ග පද්ධතියේ දියුණුව අනුවය. එහෙත් අපේ රටේ මහ පුදුම සංස්කෘතියක් තිබේ. ඒ, කුමන දියුණු අලුත් සංකල්පයක් හඳුන්වා දීමට උත්සාහ කළත් එයට විරුද්ධ වීමයි. අධිවේගී මාර්ග සංකල්පය අපේ රටට ගෙන ආවේ මීට දශක කිහිපයකට පෙර වුවත් අධිවේගී මාර්ග සංකල්පය ක්‍රියාවට නංවා ගැනීමට අපට බොහෝ කාලයක් ගත විය. අධිවේගී මාර්ග මහා රකුසකු බව පෙන්වන ලදි. ගම්-බිම් නැති කර දමන, ජනතා දිවිය අඩ පණ කරන මේ රකුසා ලංකාවට ඒම වැළැක්වීමට ඇතැමුන් නොගත් උත්සාහයක් නැත. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය තැනීම ආරම්භ කළද වසර ගණනාවක් එහි වැඩ කටයුතු ඇනහිටියේය.

කෙසේ හෝ කොළඹ - මාතර අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල (පින්නදූව) දක්වා අදියර මෙරට පළමු අධිවේගී මාර්ගය ලෙස ඉතිහාස ගත වී 2011 වසරේ ඔක්තෝබර් මස 27 වැනිදා ජනතා අයිතියට පැවරිණි.

පසුව කොට්ටාව - කඩුවෙල කොළඹ පිටත අධිවේගි මාර්ගය, කොළඹ - කටුනායක අධිවේගි මාර්ගය, ගාල්ල මාතර අධිවේගි මාර්ගය හා කඩුවෙල - කඩවත අධිවේගි මාර්ගයත් ජනතා අයිතියට පත් විය.

මෙහි දී විශේෂයෙන් වැදගත් වන අධිවේගි මාර්ගය වන්නේ කොළඹ පිටත අධිවේගි මාර්ගයයි. එය කොට්ටාවේ දී දක්ෂිණ අධිවේගි මාර්ගය හා සම්බන්ධ වන අතර, කෙරවලපිටියේ දී කොළඹ - කටුනායක අධිවේගි මාර්ගයත් කඩවත ‘සිව්මංසල‘ දී මධ්‍යම අධිවේගි මාර්ගයත් හා සම්බන්ධ වේ.

අප මේ කතා කරන්න යන්නේ මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදි කිරීම් සම්බන්ධයෙනි. එයට විශේෂ හේතුවක්ද ඇත.

රජයේ සංවර්ධන වැඩ ඇනහිට ඇතැයි, නැත් නම් සංවර්ධන වැඩ නවතා දමා ඇතැයි ඇතැමුන් තර්ක කරද් දී සැබෑවටම සිදු වන්නේ කුමක්ද යන්න හෙළි කිරීම මාධ්‍යයේ වගකීමක් වන නිසාය.

මධ්‍යම අධිවේගි මාර්ගය කොළඹ පිටත වටරවුම් මාර්ගය සේම රටේ හදවත යා කරන්නකි. කඩවතින් ආරම්භ වන මධ්‍යම අධිවේගයේ එක් මාර්ගයක් කඩවත සිට පොතුහැර හරහා මහනුවර දෙසට ගලගෙදර දක්වාත්, තවත් මාර්ගයක් පොතුහැර සිට කුරුණෑගල හරහා දඹුල්ල දක්වාත් ඉදි කෙරේ. අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතියේ ආරම්භක සැලසුම් වෙනස් කරමින් නව සැලැස්මක් යටතේ මේ වන විට මාර්ගය ඉදි කිරීම් ආරම්භ කර ඇත.

ආරම්භක සැලසුමේ මධ්‍යම අධිවේගය ආරම්භ කිරීමට යෝජිත වූයේ කඩවත හා කෙරවලපිටිය යා කෙරෙන කොළඹ පිටත වටරවුම් මාර්ගයේ එඬේරමුල්ල ප්‍රදේශයේදීය. එඬේරමුල්ල සිට රාගම හරහා වල්පොළ, බටුවත්ත, ගලහිටියාව, ගණේමුල්ල හරහා ගම්පහ දක්වා ලෙසින් අධිවේගි මාර්ගයේ සැලසුම් වෙනස් විය.

එසේ කිරීමට හේතු වූයේ මෙරට ඉදි වන දීර්ඝතම පාලම මෙන්ම දීර්ඝතම ගුවන් පාලමද වන කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත කෙරවලපිටිය මාර්ගයේ මුතුරාජවෙල උඩින් දිවෙන ගුවන් පාලම මත දී අධිවේගි අන්තර්-හුවමාරු මධ්‍යස්ථානයක් ඉදි කළ යුතු වීමයි. එය අප දැනට භාවිත කරන අන්තර්-හුවමාරු මධ්‍යස්ථානයක් මෙන් නොවේ. අධිවේගයෙන් ධාවනයේ යෙදෙන ගමන් මධ්‍යම අධිවේගී මාර්ගයටත් අනෙක් පසින් කෙරවලපිටිය දෙසට හෝ කඩවත දෙසට හෝ පිවිසීමට සිදු වීය.

එසේම ඒ ආසන්නයෙන් දුම්රිය මාර්ගයද පිහිටා ඇත. මේ නිසා කඩවත සිට කෙරවලපිටිය දක්වා දිවෙන කොළඹ සිටත අධිවේගි මාර්ගය මංතීරු 6කින් ඉදි කිරීමට යෝජිත වුවත් එය ඉතා අධික වියදමක් වැය වන කාර්යයක් වන හෙයින් මධ්‍යම අධිවේගය කඩවත සිව්මංසල පිවිසුමෙන් ආරම්භ කර එය කොස්සින්න හරහා ගම්පහ දක්වා ගමන් කිරීමට සැලසුම් සකස් කරන ලදී.

ඒ අනුව කඩවත සිට කෙරවලපිටිය දක්වා මාර්ගය මංතීරු 4කින් පමණක් ඉදි කිරීමට සැලසුම් කෙරිණි. දැන් අවසන් සැලැසුම එයයි. ඒ සැලැස්ම මධ්‍යම අධිවේගය ඉදි කෙරෙනු ඇත.

එහි පළමු අදියර යටතේ කඩවත සිට මීරිගම දක්වා මාර්ග කොටස ඉදි කෙරේ. එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 37.09කි. මේ මාර්ග කොටසේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4කි. කඩවත, ගම්පහ, වේයන්ගොඩ හා මීරිගම-දකුණ එම මධ්‍යස්ථාන වන අතර, මේ අදියර සඳහා මුල්ගල් තැබීම 2015 වසරේ අගෝස්තු මස 3 වැනිදා කඩවත - පුවක්වැටිය ප්‍රදේශයේ දී එවකට මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමාගේ ආරාධනයෙන්, පාර්ලිමේන්තුවේ සභානායක, අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ සහභාගීත්වයෙන්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

මේ සඳහා ආධාර සපයනු ලබන්නේ චීන එක්සීම් බැංකුවෙන් වන අතර ඒ සඳහා රුපියල් බිලියන 158.4ක් වැය වන බව එම මාර්ග කොටසේ ව්‍යාපෘති අධ්යක්ෂ බී.ඩී.එස්. කුමාර මහතා පවසයි. මේ සඳහා ඉදි කිරීම් බාරව සිටින්නේ චීන එම්.සී.සී සමාගමයි. වසර 4කින් මේ මාර්ගයේ වැඩ නිම කරනු ලබන බව ද කුමාර මහතා සිළුමිණට කීය.

මේ මාර්ගයේ පළමු කොටස වන කඩවත-මීරිගම මාර්ග කොටසේ, කඩවත ආරම්භක සිව්මංසල පිවිසුමේ දී කඩවත අන්තර්-පිවිසුමට අමතරව තවත් අධිවේගී විශේෂ මාර්ග පිවිසුමක් ඉදි කෙරෙනු ඇත. එය දැනට කඩවත පවතින අන්තර්-පිවිසුමට මීටර් 500ක් ඔබ්බෙන් ආරම්භ වන අතර එම පිවිසුම අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන සඳහා පමණක්ම භාවිත කළ යුතු වන්නකි. එම පිවිසුම් මාර්ගයෙන් සිදු කෙරෙන්නේ කඩවත සිට කෙරවලපිටියට ගමන් ගන්නා වාහන සහ මධ්‍යම අධිවේගයේ ගමන් ගන්නා වාහන මාර්ග දෙකට වෙන් වශයෙන් යොමු කිරීමයි.

මෙහි දෙවන අදියර යටතේ මීරිගම සිට පොතුහැර හරහා කුරුණෑගල දක්වා මාර්ගය ඉදි වනු ඇත. එහි දුර කිලෝමීටර් 39.29 කි. මේ සඳහා රුපියල් බිලියන 137.098ක මුදලක් වැය වේ. මේ මාර්ගයේ විශේෂත්වය වනනේ දේශීය සමාගමක් විසින් මෙහි සියලු ඉදි කිරීම් සිදු කිරීමයි. මීටර් 3.6 බැගින් වන මංතීරු 4කින් සමන්විත මේ මාර්ගයේ පළල මීටර් 23 කි. අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන 5ක් මේ සඳහා ඇතුළත් වේ. මීරිගම උතුර, නාකලගමුව, මල්පිටිය, පොතුහැර සහ කුරුණෑගල එම අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන වන අතර, 2019 වසරේ මේ මාර්ග කොටසේ වැඩ කටයුතු අවසන් කිරීමට දේශීය කොන්ත්‍රාත් සමාගම බලාපොරොත්තු වේ. අධිවේගී මාර්ගයට සම්බන්ධ වීමට මහනුවර - කොළඹ මාර්ගයේ සිට (අඹේපුස්ස) කිලෝමීටර් 10ක පිවිසුම් මාර්ගයක්ද ඉදි කෙරේ. මේ මාර්ගයේ ඉදි කිරීම් සඳහා මුල්ගල තැබීම පසුගිය 01 වැනිදා පෙ.ව.10.30ට යෙදුණු සුබ මොහොතින්, කුරුණෑගල, අලව්ව - ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කුඩගම්මන දී සිදු කෙරුණේ පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ ආරාධනය පරිදි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

මේ මාර්ගයේ 3 අදියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා මාර්ගය මහනුවර දක්වා යන වාහන සඳහා පහසුව සලසනු ඇත. දිගින් කිලෝමීටර් 32.5ක් වන මේ මාර්ගයේ රඹුක්කන, ගලගෙදර අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන ලෙසින් ඉදි කෙරේ. මේ මාර්ගයේ ඉදි කිරීම් මේ මාසය තුළදීම ගලගෙදර අන්තයෙන් ආරම්භ කෙරෙනු ඇත. මේ මාර්ග අදියර සඳහා රුපියල් මිලියන 150000ක් වැය කෙරේ.

සිවුවන අදියර යටතේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60.3ක අධිවේගී මාර්ගයක් ඉදි කෙරෙනු ඇත. ඒ සඳහා ආයෝජනය රුපියල් බිලියන 150කි. මේ මාර්ගයේද ඉදිකිරීම් මේ මාසයේ දී ආරම්භ කිරීමට නියමිතය.

රිදීගම, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල ඒ-9 මාර්ගයේ පිවිසුම හා දඹුල්ල - ඒ 6 මාර්ගයේ පිවිසුම අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන ලෙසින් ඉදි කරේ.

වසර 30කින් තනා නිම කරන්නට තිබූ මහවැලි ව්‍යාපාරය කඩිනම් ව්‍යාපාරයක් ලෙස ඉදි කෙරුණා සේ මේ අධිවේගී මාර්ග පද්ධතියද වසර 2030 වන විට මේ රටේ මාර්ග පද්ධතියට නව පණක් ලබා දීම උදෙසා කටයුතු කර ඇත. අධිවේගී මාර්ග දඹුල්ල දක්වා දීර්ඝ කිරීම එක් පියවරකි. ඉදිරියේ දී එය යාපනය දක්වා දීර්ඝ කෙරෙනු ඇත. එසේම වාණිජ නගරයක් මෙන්ම උතුර නැඟෙනහිර හා උතුරු මැද කේන්ද්‍රස්ථානය වන දඹුල්ල නගරය අපට ඉතා වැදගත් වන නිසා කුරුණෑගල සිට දඹුල්ල දක්වා දුම්රිය මඟක්ද තැනීමට මේ වන විට සියලු පියවර ගෙන ඇත.

වාණිජ නගරයක් වන දඹුල්ල හා කොළඹ සම්බන්ධ කෙරෙන මේ මධ්‍යම අධිවේගයෙන් පැය එකහමාරක කාලයකින් දඹුල්ලටද ළගාවීමට හැකියාව ලැබෙනු ඇත. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරියේ දී යාපනයට දීර්ඝ කිරීමෙන් පසුව පැය 3ක් වැනි කාලයකින් යාපනයට ළගාවීමට හැකියාව ලැබෙනු ඇත. මේ මාර්ග පද්ධතිය ඉඳි කිරීමේ දී අප දකින ඉතා දුර්වල කරුණු කිහිපයක්ද මෙහිලා පවසා සිටීමට සිදු වේ. එයින් පළමු වැන්න මේ මාර්ග පද්ධතිය සම්බන්ධව නිසි අයුරින් මාධ්‍ය හා ජනතාව දැනුවත් නොකිරීමයි. හම්බන්තොට අක්කර 15000ක් චීනයට විකිණීමට යන කතාව ජනතාව අතරට ගියේ ජනතාව නිසි අයුරින් දැනුවත් කර නොතිබූ නිසාය. එසේම මේ සංවර්ධන ක්‍රියාදාමය ගැන ජනතා අවබෝධය නොදැනුවත්කමය. මහා පරාක්‍රමබාහු රජු තැනූ පරාක්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයක ජලාශයක් මොරගහකන්දේ ඉදි කෙරිණි. ඒ ගැනද ජනතාව නිසි පරිදි දැනුවත් වූයේ නැත. ඒ දුර්වලතාව මේ මාර්ග පද්ධතිය හා සම්බන්ධවද අපට දැක ගත හැකිය. ඒ තත්ත්වය සහමුලින්ම ඉවත් කර ලිය යුතුය. දෙවැන්න මීරිගම අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන දෙකක් සැලැසුම් කර තිබීමය. බැලූ බැල්මට මෙය සංවර්ධනය යැයි යම් අයකුට පැවසිය හැකිය. එහෙත් අන්තර්හුවමාරුවක් නඩත්තු කිරීම මෙන්ම එය ඉදි කිරීමට යන වියදම සුළු පටු නොවේ. ඒ සියල්ලටම වැය වන්නේ ජාතික ධනය බව අප සිත්හි තබා ගත යුතුය.

කඩුවෙල, කොතලාවලපුර මෙන්ම අතුරුගිරියේද අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන 3ක් ආසන්නයේ ඉදි කිරීම මඟින් මේ බව විද්‍යමාන වේ. අන්තර්-හුවමාරුවක එක් පසෙක පිවිසුම් ගේට්ටු දෙකක් වශයෙන් පිවිසුම් ගේට්ටු 4ක් අවම වශයෙන් විවරව තිබුණොත් පැය 24ක සේවාව සඳහා අවම වශයෙන් සේවකයන් 12 දෙනකු මුදල් අය කර ගැනීමට පමණක් යෙදවිය යුතු වේ. විදුලි බිල් ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් යන මේ සියල්ල සලකා බැලිය යුතුය. මේ සඳහා කළ යුතු එකම සුදුසුම ක්‍රියාවලිය වන්නේ අත්‍යවශ්‍යම අන්තර්-හුවමාරුව ඉදි කර, අනෙක් අන්තර්-හුවමාරුවේ සිට පිවිසුම් මාර්ගයක් ඉදි කිරීමයි.

එසේ නොකොට, තවත් අන්තර්-හුවමාරුවක් ඉදි කිරීම තවත් මුදල් අපතේ දැමීමක් පමණි.

අධිවේගි මාර්ග පද්ධතිය ජනතාවට මිස, ලකුණු දාගැනීමට ප්‍රාදේශීය මට්ටමේ හෝ දේශපාලඥයන් කටයුතු නොකළ යුතුය.

මෙය රටේ සංවර්ධනයටම පමණක් යොදා ගත යුතුය. අධිවේගී මාර්ගයේ සැබෑ ප්‍රයෝජනය අත් කර ගත හැක්කේ එවිටය.

- http://www.silumina.lk/2017/02/11/විශේෂාංග/උතුර-දකුණ-ළං-කරන-මධ්‍යම-අධිවේගය

[QUOTE="monson, post: 21235833, member: 30005"] [B][SIZE="5"]උතුර-දකුණ ළං කරන මධ්‍යම අධිවේගය[/SIZE][/B] [SIZE="4"] 11 පෙබරවාරි, 2017 තාරක වික්‍රමසේකර [IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/02/10/central_highway_1.jpg?itok=6dPlJ7dS[/IMG] රටක දියුණුව රඳා පවතින්නේ ඒ රටේ සෞඛ්‍ය, විදුලි සංදේශ, ප්‍රවාහන හා මහාමාර්ග පද්ධතියේ දියුණුව අනුවය. එහෙත් අපේ රටේ මහ පුදුම සංස්කෘතියක් තිබේ. ඒ, කුමන දියුණු අලුත් සංකල්පයක් හඳුන්වා දීමට උත්සාහ කළත් එයට විරුද්ධ වීමයි. අධිවේගී මාර්ග සංකල්පය අපේ රටට ගෙන ආවේ මීට දශක කිහිපයකට පෙර වුවත් අධිවේගී මාර්ග සංකල්පය ක්‍රියාවට නංවා ගැනීමට අපට බොහෝ කාලයක් ගත විය. අධිවේගී මාර්ග මහා රකුසකු බව පෙන්වන ලදි. ගම්-බිම් නැති කර දමන, ජනතා දිවිය අඩ පණ කරන මේ රකුසා ලංකාවට ඒම වැළැක්වීමට ඇතැමුන් නොගත් උත්සාහයක් නැත. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය තැනීම ආරම්භ කළද වසර ගණනාවක් එහි වැඩ කටයුතු ඇනහිටියේය. කෙසේ හෝ කොළඹ - මාතර අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල (පින්නදූව) දක්වා අදියර මෙරට පළමු අධිවේගී මාර්ගය ලෙස ඉතිහාස ගත වී 2011 වසරේ ඔක්තෝබර් මස 27 වැනිදා ජනතා අයිතියට පැවරිණි. පසුව කොට්ටාව - කඩුවෙල කොළඹ පිටත අධිවේගි මාර්ගය, කොළඹ - කටුනායක අධිවේගි මාර්ගය, ගාල්ල මාතර අධිවේගි මාර්ගය හා කඩුවෙල - කඩවත අධිවේගි මාර්ගයත් ජනතා අයිතියට පත් විය. මෙහි දී විශේෂයෙන් වැදගත් වන අධිවේගි මාර්ගය වන්නේ කොළඹ පිටත අධිවේගි මාර්ගයයි. එය කොට්ටාවේ දී දක්ෂිණ අධිවේගි මාර්ගය හා සම්බන්ධ වන අතර, කෙරවලපිටියේ දී කොළඹ - කටුනායක අධිවේගි මාර්ගයත් කඩවත ‘සිව්මංසල‘ දී මධ්‍යම අධිවේගි මාර්ගයත් හා සම්බන්ධ වේ. අප මේ කතා කරන්න යන්නේ මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදි කිරීම් සම්බන්ධයෙනි. එයට විශේෂ හේතුවක්ද ඇත. රජයේ සංවර්ධන වැඩ ඇනහිට ඇතැයි, නැත් නම් සංවර්ධන වැඩ නවතා දමා ඇතැයි ඇතැමුන් තර්ක කරද් දී සැබෑවටම සිදු වන්නේ කුමක්ද යන්න හෙළි කිරීම මාධ්‍යයේ වගකීමක් වන නිසාය. මධ්‍යම අධිවේගි මාර්ගය කොළඹ පිටත වටරවුම් මාර්ගය සේම රටේ හදවත යා කරන්නකි. කඩවතින් ආරම්භ වන මධ්‍යම අධිවේගයේ එක් මාර්ගයක් කඩවත සිට පොතුහැර හරහා මහනුවර දෙසට ගලගෙදර දක්වාත්, තවත් මාර්ගයක් පොතුහැර සිට කුරුණෑගල හරහා දඹුල්ල දක්වාත් ඉදි කෙරේ. අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතියේ ආරම්භක සැලසුම් වෙනස් කරමින් නව සැලැස්මක් යටතේ මේ වන විට මාර්ගය ඉදි කිරීම් ආරම්භ කර ඇත. [IMG]http://www.silumina.lk/sites/default/files/news/2017/02/10/central_highway_2.jpg[/IMG] ආරම්භක සැලසුමේ මධ්‍යම අධිවේගය ආරම්භ කිරීමට යෝජිත වූයේ කඩවත හා කෙරවලපිටිය යා කෙරෙන කොළඹ පිටත වටරවුම් මාර්ගයේ එඬේරමුල්ල ප්‍රදේශයේදීය. එඬේරමුල්ල සිට රාගම හරහා වල්පොළ, බටුවත්ත, ගලහිටියාව, ගණේමුල්ල හරහා ගම්පහ දක්වා ලෙසින් අධිවේගි මාර්ගයේ සැලසුම් වෙනස් විය. එසේ කිරීමට හේතු වූයේ මෙරට ඉදි වන දීර්ඝතම පාලම මෙන්ම දීර්ඝතම ගුවන් පාලමද වන කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත කෙරවලපිටිය මාර්ගයේ මුතුරාජවෙල උඩින් දිවෙන ගුවන් පාලම මත දී අධිවේගි අන්තර්-හුවමාරු මධ්‍යස්ථානයක් ඉදි කළ යුතු වීමයි. එය අප දැනට භාවිත කරන අන්තර්-හුවමාරු මධ්‍යස්ථානයක් මෙන් නොවේ. අධිවේගයෙන් ධාවනයේ යෙදෙන ගමන් මධ්‍යම අධිවේගී මාර්ගයටත් අනෙක් පසින් කෙරවලපිටිය දෙසට හෝ කඩවත දෙසට හෝ පිවිසීමට සිදු වීය. එසේම ඒ ආසන්නයෙන් දුම්රිය මාර්ගයද පිහිටා ඇත. මේ නිසා කඩවත සිට කෙරවලපිටිය දක්වා දිවෙන කොළඹ සිටත අධිවේගි මාර්ගය මංතීරු 6කින් ඉදි කිරීමට යෝජිත වුවත් එය ඉතා අධික වියදමක් වැය වන කාර්යයක් වන හෙයින් මධ්‍යම අධිවේගය කඩවත සිව්මංසල පිවිසුමෙන් ආරම්භ කර එය කොස්සින්න හරහා ගම්පහ දක්වා ගමන් කිරීමට සැලසුම් සකස් කරන ලදී. ඒ අනුව කඩවත සිට කෙරවලපිටිය දක්වා මාර්ගය මංතීරු 4කින් පමණක් ඉදි කිරීමට සැලසුම් කෙරිණි. දැන් අවසන් සැලැසුම එයයි. ඒ සැලැස්ම මධ්‍යම අධිවේගය ඉදි කෙරෙනු ඇත. එහි පළමු අදියර යටතේ කඩවත සිට මීරිගම දක්වා මාර්ග කොටස ඉදි කෙරේ. එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 37.09කි. මේ මාර්ග කොටසේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4කි. කඩවත, ගම්පහ, වේයන්ගොඩ හා මීරිගම-දකුණ එම මධ්‍යස්ථාන වන අතර, මේ අදියර සඳහා මුල්ගල් තැබීම 2015 වසරේ අගෝස්තු මස 3 වැනිදා කඩවත - පුවක්වැටිය ප්‍රදේශයේ දී එවකට මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමාගේ ආරාධනයෙන්, පාර්ලිමේන්තුවේ සභානායක, අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ සහභාගීත්වයෙන්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. මේ සඳහා ආධාර සපයනු ලබන්නේ චීන එක්සීම් බැංකුවෙන් වන අතර ඒ සඳහා රුපියල් බිලියන 158.4ක් වැය වන බව එම මාර්ග කොටසේ ව්‍යාපෘති අධ්යක්ෂ බී.ඩී.එස්. කුමාර මහතා පවසයි. මේ සඳහා ඉදි කිරීම් බාරව සිටින්නේ චීන එම්.සී.සී සමාගමයි. වසර 4කින් මේ මාර්ගයේ වැඩ නිම කරනු ලබන බව ද කුමාර මහතා සිළුමිණට කීය. මේ මාර්ගයේ පළමු කොටස වන කඩවත-මීරිගම මාර්ග කොටසේ, කඩවත ආරම්භක සිව්මංසල පිවිසුමේ දී කඩවත අන්තර්-පිවිසුමට අමතරව තවත් අධිවේගී විශේෂ මාර්ග පිවිසුමක් ඉදි කෙරෙනු ඇත. එය දැනට කඩවත පවතින අන්තර්-පිවිසුමට මීටර් 500ක් ඔබ්බෙන් ආරම්භ වන අතර එම පිවිසුම අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන සඳහා පමණක්ම භාවිත කළ යුතු වන්නකි. එම පිවිසුම් මාර්ගයෙන් සිදු කෙරෙන්නේ කඩවත සිට කෙරවලපිටියට ගමන් ගන්නා වාහන සහ මධ්‍යම අධිවේගයේ ගමන් ගන්නා වාහන මාර්ග දෙකට වෙන් වශයෙන් යොමු කිරීමයි. මෙහි දෙවන අදියර යටතේ මීරිගම සිට පොතුහැර හරහා කුරුණෑගල දක්වා මාර්ගය ඉදි වනු ඇත. එහි දුර කිලෝමීටර් 39.29 කි. මේ සඳහා රුපියල් බිලියන 137.098ක මුදලක් වැය වේ. මේ මාර්ගයේ විශේෂත්වය වනනේ දේශීය සමාගමක් විසින් මෙහි සියලු ඉදි කිරීම් සිදු කිරීමයි. මීටර් 3.6 බැගින් වන මංතීරු 4කින් සමන්විත මේ මාර්ගයේ පළල මීටර් 23 කි. අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන 5ක් මේ සඳහා ඇතුළත් වේ. මීරිගම උතුර, නාකලගමුව, මල්පිටිය, පොතුහැර සහ කුරුණෑගල එම අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන වන අතර, 2019 වසරේ මේ මාර්ග කොටසේ වැඩ කටයුතු අවසන් කිරීමට දේශීය කොන්ත්‍රාත් සමාගම බලාපොරොත්තු වේ. අධිවේගී මාර්ගයට සම්බන්ධ වීමට මහනුවර - කොළඹ මාර්ගයේ සිට (අඹේපුස්ස) කිලෝමීටර් 10ක පිවිසුම් මාර්ගයක්ද ඉදි කෙරේ. මේ මාර්ගයේ ඉදි කිරීම් සඳහා මුල්ගල තැබීම පසුගිය 01 වැනිදා පෙ.ව.10.30ට යෙදුණු සුබ මොහොතින්, කුරුණෑගල, අලව්ව - ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කුඩගම්මන දී සිදු කෙරුණේ පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ ආරාධනය පරිදි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. මේ මාර්ගයේ 3 අදියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා මාර්ගය මහනුවර දක්වා යන වාහන සඳහා පහසුව සලසනු ඇත. දිගින් කිලෝමීටර් 32.5ක් වන මේ මාර්ගයේ රඹුක්කන, ගලගෙදර අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන ලෙසින් ඉදි කෙරේ. මේ මාර්ගයේ ඉදි කිරීම් මේ මාසය තුළදීම ගලගෙදර අන්තයෙන් ආරම්භ කෙරෙනු ඇත. මේ මාර්ග අදියර සඳහා රුපියල් මිලියන 150000ක් වැය කෙරේ. සිවුවන අදියර යටතේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60.3ක අධිවේගී මාර්ගයක් ඉදි කෙරෙනු ඇත. ඒ සඳහා ආයෝජනය රුපියල් බිලියන 150කි. මේ මාර්ගයේද ඉදිකිරීම් මේ මාසයේ දී ආරම්භ කිරීමට නියමිතය. රිදීගම, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල ඒ-9 මාර්ගයේ පිවිසුම හා දඹුල්ල - ඒ 6 මාර්ගයේ පිවිසුම අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන ලෙසින් ඉදි කරේ. වසර 30කින් තනා නිම කරන්නට තිබූ මහවැලි ව්‍යාපාරය කඩිනම් ව්‍යාපාරයක් ලෙස ඉදි කෙරුණා සේ මේ අධිවේගී මාර්ග පද්ධතියද වසර 2030 වන විට මේ රටේ මාර්ග පද්ධතියට නව පණක් ලබා දීම උදෙසා කටයුතු කර ඇත. අධිවේගී මාර්ග දඹුල්ල දක්වා දීර්ඝ කිරීම එක් පියවරකි. ඉදිරියේ දී එය යාපනය දක්වා දීර්ඝ කෙරෙනු ඇත. එසේම වාණිජ නගරයක් මෙන්ම උතුර නැඟෙනහිර හා උතුරු මැද කේන්ද්‍රස්ථානය වන දඹුල්ල නගරය අපට ඉතා වැදගත් වන නිසා කුරුණෑගල සිට දඹුල්ල දක්වා දුම්රිය මඟක්ද තැනීමට මේ වන විට සියලු පියවර ගෙන ඇත. [IMG]http://www.silumina.lk/sites/default/files/news/2017/02/10/central_highway_3.jpg[/IMG] වාණිජ නගරයක් වන දඹුල්ල හා කොළඹ සම්බන්ධ කෙරෙන මේ මධ්‍යම අධිවේගයෙන් පැය එකහමාරක කාලයකින් දඹුල්ලටද ළගාවීමට හැකියාව ලැබෙනු ඇත. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරියේ දී යාපනයට දීර්ඝ කිරීමෙන් පසුව පැය 3ක් වැනි කාලයකින් යාපනයට ළගාවීමට හැකියාව ලැබෙනු ඇත. මේ මාර්ග පද්ධතිය ඉඳි කිරීමේ දී අප දකින ඉතා දුර්වල කරුණු කිහිපයක්ද මෙහිලා පවසා සිටීමට සිදු වේ. එයින් පළමු වැන්න මේ මාර්ග පද්ධතිය සම්බන්ධව නිසි අයුරින් මාධ්‍ය හා ජනතාව දැනුවත් නොකිරීමයි. හම්බන්තොට අක්කර 15000ක් චීනයට විකිණීමට යන කතාව ජනතාව අතරට ගියේ ජනතාව නිසි අයුරින් දැනුවත් කර නොතිබූ නිසාය. එසේම මේ සංවර්ධන ක්‍රියාදාමය ගැන ජනතා අවබෝධය නොදැනුවත්කමය. මහා පරාක්‍රමබාහු රජු තැනූ පරාක්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයක ජලාශයක් මොරගහකන්දේ ඉදි කෙරිණි. ඒ ගැනද ජනතාව නිසි පරිදි දැනුවත් වූයේ නැත. ඒ දුර්වලතාව මේ මාර්ග පද්ධතිය හා සම්බන්ධවද අපට දැක ගත හැකිය. ඒ තත්ත්වය සහමුලින්ම ඉවත් කර ලිය යුතුය. දෙවැන්න මීරිගම අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන දෙකක් සැලැසුම් කර තිබීමය. බැලූ බැල්මට මෙය සංවර්ධනය යැයි යම් අයකුට පැවසිය හැකිය. එහෙත් අන්තර්හුවමාරුවක් නඩත්තු කිරීම මෙන්ම එය ඉදි කිරීමට යන වියදම සුළු පටු නොවේ. ඒ සියල්ලටම වැය වන්නේ ජාතික ධනය බව අප සිත්හි තබා ගත යුතුය. කඩුවෙල, කොතලාවලපුර මෙන්ම අතුරුගිරියේද අන්තර්-හුවමාරු මධ්‍යස්ථාන 3ක් ආසන්නයේ ඉදි කිරීම මඟින් මේ බව විද්‍යමාන වේ. අන්තර්-හුවමාරුවක එක් පසෙක පිවිසුම් ගේට්ටු දෙකක් වශයෙන් පිවිසුම් ගේට්ටු 4ක් අවම වශයෙන් විවරව තිබුණොත් පැය 24ක සේවාව සඳහා අවම වශයෙන් සේවකයන් 12 දෙනකු මුදල් අය කර ගැනීමට පමණක් යෙදවිය යුතු වේ. විදුලි බිල් ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් යන මේ සියල්ල සලකා බැලිය යුතුය. මේ සඳහා කළ යුතු එකම සුදුසුම ක්‍රියාවලිය වන්නේ අත්‍යවශ්‍යම අන්තර්-හුවමාරුව ඉදි කර, අනෙක් අන්තර්-හුවමාරුවේ සිට පිවිසුම් මාර්ගයක් ඉදි කිරීමයි. එසේ නොකොට, තවත් අන්තර්-හුවමාරුවක් ඉදි කිරීම තවත් මුදල් අපතේ දැමීමක් පමණි. අධිවේගි මාර්ග පද්ධතිය ජනතාවට මිස, ලකුණු දාගැනීමට ප්‍රාදේශීය මට්ටමේ හෝ දේශපාලඥයන් කටයුතු නොකළ යුතුය. මෙය රටේ සංවර්ධනයටම පමණක් යොදා ගත යුතුය. අධිවේගී මාර්ගයේ සැබෑ ප්‍රයෝජනය අත් කර ගත හැක්කේ එවිටය.[/SIZE] - [url]http://www.silumina.lk/2017/02/11/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB-%E0%B7%85%E0%B6%82-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom