Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝමාගම, පිටිපන, මාහේනවත්ත ඉඩමෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය සඳහා ඉඩම් ලබා දීම

- විද්‍යා හා තාක්ෂණ ආශ්රිත සංවර්ධන කටයුතු නංවා ලීම සඳහා සහ ඒ ආශ්රිත ආයතන ස්ථාපිත කිරීම පිණිස හෝමාගම, පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 34ක පමණ ඉඩම් අත්පත් කරගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් කටයුතු කරනු ලැබ ඇත. එම ඉඩම්වලින් අක්කර 46ක පමණ වපසරියකින් යුත් ඉඩම් කොටස්, රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තක්සේරු කරනු ලබන වටිනාකම ගෙවීමට යටත්ව, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය යන ආයතන වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක් වන ඉඩම් හිමියන්ට ගෙවනු ලබන අමතර වන්දි මුදල ගෙවීම කඩිනම් කිරීම

- මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක්වන පවුල් සඳහා ඔවුන්ගෙන් අත් කරගනු ලබන ඉඩම්වල තක්සේරු වටිනාකමට අමතරව 50%ක වන්දි මුදලක්, 2016-2019 වසර 04ක කාල පරිච්ඡේදය තුළ කොටස් වශයෙන් ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී තිබේ. ජලාශයට යටවන ඉඩම්හිමියන්ට ඇති වී තිබෙන දුෂ්කරතා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කරුණු සැලකිල්ලට ගෙන, එම අමතර වන්දි මුදල, 2017-2018 දෙවර්ෂය තුළ සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මොරගොඩ ඇළ හා පන්සල අතුරු මාර්ගය පුනරුත්ථාපනය කිරීම

- නුවර හා ගාල්ල නගරවල උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 147ක ණය මුදලක් ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) විසින් සපයනු ලැබ ඇත. එම ණය මුදලින් කොටසක් උපයෝගි කරගනිමින් ගාල්ල ප්‍රදේශයේ මොරගොඩ ඇළ හා පන්සල අතුරු මාර්ගය පුනරුත්ථාපනය කිරීමට නියමිතය. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් 844,907,205.00ක වැට් රහිත මුදලකට සී/ස බිස්නස් ප්රමෝටර්ස් ඇන්ඩ් පාර්ට්නර්ස් ඉංජිනියරින් (පෞද්.) සමාගම [M/s Business Promoters & Partners Engineering (Pvt.) Ltd.] වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නාගරික ඝන අපද්‍රව්‍ය දහනය කිරීම මඟින් නිපදවනු ලබන විදුලිය මිල දී ගැනීම සඳහා අය ක්‍රමයක් හඳුන්වාදීම

- කරදියාන සහ මුතුරාජවෙල යන ප්‍රදේශවල ස්ථාපිත කරනු ලැබීමට දැනටමත් අනුමැතිය ලබා දී ඇති නාගරික ඝන අපද්‍රව්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන සහ ඉදිරියේදී ස්ථාපිත කරනු ලබන එවැනි නාගරික ඝන අපද්‍රව්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන මඟින් කසළ දහනය කිරීමෙන් උත්පාදනය කරනු ලබන විදුලිය මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නියම කරනු ලැබ ඇති අයක්‍රමය (Feed in Tariff) ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රජය සතු විශේෂ යටිතල පහසුකම් සමාගමක් (SIFCO) මඟින් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම

- කාර්යක්ෂම සහ ඵලදායී මෙහෙයුම් යොදාගනිමින් වගකීම් සහගතව අරමුදල් කළමනාකරණය කරමින් රටෙහි සංවර්ධනය වේගවත් කිරීමට දායක වන ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම සඳහා මූලිකත්වය දීම රජයේ ප්රතිපත්තියයි. ඒ අනුව, හඳුනාගත් අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල ප්රශස්ත කාර්යක්ෂමතාවකින් ආයෝජනය කිරීමට ඉඩ සැලසෙන පරිදි, ශ්‍රී ලංකා රජයට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අයත්, වගකීමෙන් සීමිත පොදු සමාගමක් ලෙස 'විශේෂ යටිතල පහසුකම් සමාගම' (SIFCO) ස්ථාපනය කිරීමටත්, දැනට ඉදි කරනු ලැබ ඇති දක්ෂිණ, පිටත වටරවුම්, කොළඹ - කටුනායක යන අධිවේගී මාර්ගවල, ඉදි කෙරෙමින් පවතින හා අනාගතයේ ඉදි කෙරෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල වත්කම් එම සමාගම වෙත පැවරීමටත්, එම වත්කම් පදනම යොදාගනිමින් ආයෝජකයින්ගෙන් ප්රාග්ධනය ඉපයීමට හෝ එම වත්කම් ඇපයක් වශයෙන් යොදාගනිමින් නව අධිවේගී මාර්ග ඉදි කිරීම සඳහා ණය ලබාගැනීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රය නවීකරණ සඳහා මූල්‍ය අංශය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

- ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රය තුළ අත්‍යවශයෙන්ම සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ හඳුනාගනු ලැබ ඇති අතර, මූල්‍ය ක්ෂේත්රයේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් එම ප්‍රතිසංස්කරණ අතුරින් කිහිපයක් 2017 - 2022 කාලය තුළ 'මූල්‍ය ක්ෂේත්රය නවීකරණ ව්‍යාපෘතිය' මඟින් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා රජය විසින් සැලසුම් කරනු ලැබ ඇත. තෝරාගත් මධ්‍යම මට්ටමේ ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍යමය සහාය දැක්වීම, නියාමන ආයතනවල ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම හා එම ක්ෂේත්රයේ යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හා අධීක්ෂණය කිරීම යන සංරචක තුන(03) යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනු ඇත.

ඒ අනුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය යන ආයතන විසින් 2017 - 2022 කාලය තුළ 'මූල්‍ය ක්ෂේත්රය නවීකරණ ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන්(IDA) ඇමරිකන් ඩොලර් මිලියන 75කට සමාන විශේෂ හර ගැනුම් හිමිකම් (SDR) ව්‍යවහාර ණය මුදලක් ලබාගැනීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික රෝහල සියලු පහසුකම්වලින් සමන්විත නවීන රෝහලක් ලෙස සංවර්ධනය කිරීම

- මෙරට සෞඛ්‍ය සත්කාරක සේවා පද්ධතියේ විශිෂ්ටතම මධ්‍යස්ථානය ලෙස සැලකිය හැකි, ඇඳන් 3,382කින් සමන්විත ශ්‍රී ලංකා ජාතික රෝහල දීර්ඝකාලීන සංවර්ධන සැලසුමක් අනුගමනය කරමින් අංග සම්පූර්ණ නවීන රෝහලක් වශයෙන් සංවර්ධනය කිරීම කාලෝචිත වේ. මෙම සංවර්ධන ක්රියාදාමයේ කොටසක් වශයෙන්, කඩිනමින් සම්පූර්ණ කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇති පහත සඳහන් අවශ්‍යතා ඉටු කිරීම පිණිස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රෝගීන්ට හා කාර්යමණ්ඩලයට පුළුල් පහසුකම් සැලසෙන පරිදි පැරණි වික්ටෝරියා ගොඩනැඟිල්ල හා බණ්ඩාරනායක ගොඩනැඟිල්ල නවීකරණය කිරීම.

බාන්ස් පෙදෙසෙහි පිහිටි වෛද්‍යවරුන්ගේ නිල නිවාස සහ අංක 93හි පිහිටි හෙද නිල නිවාස නවීකරණය කිරීම.

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ නවීන නවජ (Neonatal) ළදරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම

- කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යාබදව, කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති 'ද සොයිසා කාන්තා රෝහල' මඟින් මාතෘ, ප්‍රසව හා නාරිවේද, මඳසරු බව, ළදරු සත්කාර සහ පවුල් සැලසුම් සම්බන්ධ වෛද්‍ය සේවාවන් සලසා දෙනු ලැබේ. එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි අපේක්ෂයින් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයින් පුහුණු කිරීම සඳහා ද එම රෝහල දායක වේ. ද සොයිසා කාන්තා රෝහලේ සිදුවන දරු උපත් සංඛ්‍යාව මෙන්ම සංකූලතා හේතුවෙන් වෙනත් රෝහල්වලින් මාරු කර එවනු ලබන මව්වරුන් හා ළදරුවන් සංඛ්‍යාවද ඉහළ අයගයක් ගන්නා බැවින්, එම රෝහලේ නොමේරූ ළදරු ඒකකය (PBU) සහ විශේෂ සත්කාර ළදරු ඒකකය (SCBU) වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම ප්රමුඛ අවශ්‍යතාවක්ව පවතින අතර ඒ සඳහා අරමුදල් සලසා ගැනීමට දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

ඒ අනුව, ද සොයිසා කාන්තා රෝහලෙහි නවජ ළදරු සත්කාර සහ විශේෂඥ ළදරු සත්කාරක සේවාවන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා නවජ ළදරු විශේෂඥතා මධ්‍යස්ථානයක් ප්‍රංශ රජයේ ආධාර යටතේ එම රෝහල තුළ ඉදි කිරීම පිණිස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-02-21

[QUOTE="monson, post: 21274612, member: 30005"] [SIZE="4"][B]හෝමාගම, පිටිපන, මාහේනවත්ත ඉඩමෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය සඳහා ඉඩම් ලබා දීම[/B] - විද්‍යා හා තාක්ෂණ ආශ්රිත සංවර්ධන කටයුතු නංවා ලීම සඳහා සහ ඒ ආශ්රිත ආයතන ස්ථාපිත කිරීම පිණිස හෝමාගම, පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 34ක පමණ ඉඩම් අත්පත් කරගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් කටයුතු කරනු ලැබ ඇත. එම ඉඩම්වලින් අක්කර 46ක පමණ වපසරියකින් යුත් ඉඩම් කොටස්, රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තක්සේරු කරනු ලබන වටිනාකම ගෙවීමට යටත්ව, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය යන ආයතන වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක් වන ඉඩම් හිමියන්ට ගෙවනු ලබන අමතර වන්දි මුදල ගෙවීම කඩිනම් කිරීම[/B] - මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක්වන පවුල් සඳහා ඔවුන්ගෙන් අත් කරගනු ලබන ඉඩම්වල තක්සේරු වටිනාකමට අමතරව 50%ක වන්දි මුදලක්, 2016-2019 වසර 04ක කාල පරිච්ඡේදය තුළ කොටස් වශයෙන් ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී තිබේ. ජලාශයට යටවන ඉඩම්හිමියන්ට ඇති වී තිබෙන දුෂ්කරතා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කරුණු සැලකිල්ලට ගෙන, එම අමතර වන්දි මුදල, 2017-2018 දෙවර්ෂය තුළ සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මොරගොඩ ඇළ හා පන්සල අතුරු මාර්ගය පුනරුත්ථාපනය කිරීම[/B] - නුවර හා ගාල්ල නගරවල උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 147ක ණය මුදලක් ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) විසින් සපයනු ලැබ ඇත. එම ණය මුදලින් කොටසක් උපයෝගි කරගනිමින් ගාල්ල ප්‍රදේශයේ මොරගොඩ ඇළ හා පන්සල අතුරු මාර්ගය පුනරුත්ථාපනය කිරීමට නියමිතය. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් 844,907,205.00ක වැට් රහිත මුදලකට සී/ස බිස්නස් ප්රමෝටර්ස් ඇන්ඩ් පාර්ට්නර්ස් ඉංජිනියරින් (පෞද්.) සමාගම [M/s Business Promoters & Partners Engineering (Pvt.) Ltd.] වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]නාගරික ඝන අපද්‍රව්‍ය දහනය කිරීම මඟින් නිපදවනු ලබන විදුලිය මිල දී ගැනීම සඳහා අය ක්‍රමයක් හඳුන්වාදීම[/B] - කරදියාන සහ මුතුරාජවෙල යන ප්‍රදේශවල ස්ථාපිත කරනු ලැබීමට දැනටමත් අනුමැතිය ලබා දී ඇති නාගරික ඝන අපද්‍රව්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන සහ ඉදිරියේදී ස්ථාපිත කරනු ලබන එවැනි නාගරික ඝන අපද්‍රව්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන මඟින් කසළ දහනය කිරීමෙන් උත්පාදනය කරනු ලබන විදුලිය මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නියම කරනු ලැබ ඇති අයක්‍රමය (Feed in Tariff) ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]රජය සතු විශේෂ යටිතල පහසුකම් සමාගමක් (SIFCO) මඟින් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම[/B] - කාර්යක්ෂම සහ ඵලදායී මෙහෙයුම් යොදාගනිමින් වගකීම් සහගතව අරමුදල් කළමනාකරණය කරමින් රටෙහි සංවර්ධනය වේගවත් කිරීමට දායක වන ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම සඳහා මූලිකත්වය දීම රජයේ ප්රතිපත්තියයි. ඒ අනුව, හඳුනාගත් අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල ප්රශස්ත කාර්යක්ෂමතාවකින් ආයෝජනය කිරීමට ඉඩ සැලසෙන පරිදි, ශ්‍රී ලංකා රජයට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අයත්, වගකීමෙන් සීමිත පොදු සමාගමක් ලෙස 'විශේෂ යටිතල පහසුකම් සමාගම' (SIFCO) ස්ථාපනය කිරීමටත්, දැනට ඉදි කරනු ලැබ ඇති දක්ෂිණ, පිටත වටරවුම්, කොළඹ - කටුනායක යන අධිවේගී මාර්ගවල, ඉදි කෙරෙමින් පවතින හා අනාගතයේ ඉදි කෙරෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල වත්කම් එම සමාගම වෙත පැවරීමටත්, එම වත්කම් පදනම යොදාගනිමින් ආයෝජකයින්ගෙන් ප්රාග්ධනය ඉපයීමට හෝ එම වත්කම් ඇපයක් වශයෙන් යොදාගනිමින් නව අධිවේගී මාර්ග ඉදි කිරීම සඳහා ණය ලබාගැනීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රය නවීකරණ සඳහා මූල්‍ය අංශය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම[/B] - ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රය තුළ අත්‍යවශයෙන්ම සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ හඳුනාගනු ලැබ ඇති අතර, මූල්‍ය ක්ෂේත්රයේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් එම ප්‍රතිසංස්කරණ අතුරින් කිහිපයක් 2017 - 2022 කාලය තුළ 'මූල්‍ය ක්ෂේත්රය නවීකරණ ව්‍යාපෘතිය' මඟින් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා රජය විසින් සැලසුම් කරනු ලැබ ඇත. තෝරාගත් මධ්‍යම මට්ටමේ ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍යමය සහාය දැක්වීම, නියාමන ආයතනවල ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම හා එම ක්ෂේත්රයේ යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හා අධීක්ෂණය කිරීම යන සංරචක තුන(03) යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනු ඇත. ඒ අනුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය යන ආයතන විසින් 2017 - 2022 කාලය තුළ 'මූල්‍ය ක්ෂේත්රය නවීකරණ ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන්(IDA) ඇමරිකන් ඩොලර් මිලියන 75කට සමාන විශේෂ හර ගැනුම් හිමිකම් (SDR) ව්‍යවහාර ණය මුදලක් ලබාගැනීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ශ්‍රී ලංකා ජාතික රෝහල සියලු පහසුකම්වලින් සමන්විත නවීන රෝහලක් ලෙස සංවර්ධනය කිරීම[/B] - මෙරට සෞඛ්‍ය සත්කාරක සේවා පද්ධතියේ විශිෂ්ටතම මධ්‍යස්ථානය ලෙස සැලකිය හැකි, ඇඳන් 3,382කින් සමන්විත ශ්‍රී ලංකා ජාතික රෝහල දීර්ඝකාලීන සංවර්ධන සැලසුමක් අනුගමනය කරමින් අංග සම්පූර්ණ නවීන රෝහලක් වශයෙන් සංවර්ධනය කිරීම කාලෝචිත වේ. මෙම සංවර්ධන ක්රියාදාමයේ කොටසක් වශයෙන්, කඩිනමින් සම්පූර්ණ කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇති පහත සඳහන් අවශ්‍යතා ඉටු කිරීම පිණිස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. රෝගීන්ට හා කාර්යමණ්ඩලයට පුළුල් පහසුකම් සැලසෙන පරිදි පැරණි වික්ටෝරියා ගොඩනැඟිල්ල හා බණ්ඩාරනායක ගොඩනැඟිල්ල නවීකරණය කිරීම. බාන්ස් පෙදෙසෙහි පිහිටි වෛද්‍යවරුන්ගේ නිල නිවාස සහ අංක 93හි පිහිටි හෙද නිල නිවාස නවීකරණය කිරීම. [B]කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ නවීන නවජ (Neonatal) ළදරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම[/B] - කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යාබදව, කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති 'ද සොයිසා කාන්තා රෝහල' මඟින් මාතෘ, ප්‍රසව හා නාරිවේද, මඳසරු බව, ළදරු සත්කාර සහ පවුල් සැලසුම් සම්බන්ධ වෛද්‍ය සේවාවන් සලසා දෙනු ලැබේ. එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි අපේක්ෂයින් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයින් පුහුණු කිරීම සඳහා ද එම රෝහල දායක වේ. ද සොයිසා කාන්තා රෝහලේ සිදුවන දරු උපත් සංඛ්‍යාව මෙන්ම සංකූලතා හේතුවෙන් වෙනත් රෝහල්වලින් මාරු කර එවනු ලබන මව්වරුන් හා ළදරුවන් සංඛ්‍යාවද ඉහළ අයගයක් ගන්නා බැවින්, එම රෝහලේ නොමේරූ ළදරු ඒකකය (PBU) සහ විශේෂ සත්කාර ළදරු ඒකකය (SCBU) වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම ප්රමුඛ අවශ්‍යතාවක්ව පවතින අතර ඒ සඳහා අරමුදල් සලසා ගැනීමට දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, ද සොයිසා කාන්තා රෝහලෙහි නවජ ළදරු සත්කාර සහ විශේෂඥ ළදරු සත්කාරක සේවාවන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා නවජ ළදරු විශේෂඥතා මධ්‍යස්ථානයක් ප්‍රංශ රජයේ ආධාර යටතේ එම රෝහල තුළ ඉදි කිරීම පිණිස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-02-21[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom