Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහවැලි ජලාශයන්හි පාවෙන සූර්ය බලශක්ති නිෂ්පාදනාගාර පිහිටුවීම

- තාප විදුලි ජනනය අඩු කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමු වීමේ පියවරක් වශයෙන් මහවැලි ආර්ථික කලාපයන්හි පිහිටා තිබෙන ජලාශවල මතුපිට පාවෙන සූර්ය විදුලිබලාගාර ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එහි පළමු පියවර වශයෙන් මාදුරු ඔය ජලාශයේ සම්පූර්ණ වපරිසරියෙන් 4%කටත් අඩු ප්‍රමාණයක්, එනම් අක්කර 500ක පමණ ප්‍රමාණයක් යොදාගනිමින් මෙගාවොට් 100ක ධාරිතාවකින් යුත් සූර්ය බලශක්ති නිෂ්පාදනාගාරයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරී යෝජනා (REP) කැඳවීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා; විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා; සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීමේ පුහුණු වැඩසටහන

- 2020 වර්ෂය වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 20%ක ප්‍රතිශතයක් සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් ලබාගැනීම රජයේ ප්‍රතිපත්තිය වේ. ඒ අනුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන සූර්ය බලශක්තිය හා සම්බන්ධ කර්මාන්ත සඳහා සහාය ලබා දීමේ අරමුණින්, සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය කිරීමේ අධ්‍යාපනික පුහුණු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2016-04-06 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර, එහි මූලික කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. මෙමඟින් කැලණිය, යාපනය හා රුහුණ හා පේරාදෙණිය යන විශ්වවිද්‍යාල 04හි මහාචාර්යවරුන් සිව්දෙනෙකු හා ජාතික මූලික අධ්‍යයන ආයතනයෙහි (NIFS) මහාචාර්යවරයෙකුගේ සෘජු මැදිහත් වීම යටතේ තරුණ පිරිස් පුහුණු කිරීම සහ ව්‍යාපෘතිය හා අදාළ අනෙකුත් කාර්යයන් සිදු කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපකරණ, රසායානික ද්‍රව්‍ය හා පාරිභෝගික ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා රුපියල් මිලියන 80ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මුතුරාජවෙල සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා පහසුකම් සැලසීම

- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වර්තමාන නවීකරණ කටයුතුවලට සමගාමීව ගුවන්යානා ඉන්ධන අවශ්‍යතාව ඉදිරියේදී ඉහළ යනු ඇතැයි තක්සේරු කර ඇති බැවින්, එසේ වැඩිවන ඉල්ලුමට සරිලන ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හැකියාව ලැබෙන පරිදි ගුවන්යානා ඉන්ධන ප්‍රවාහනය සඳහාම වෙන් වූ නළ මාර්ගයක් මුතුරාජවෙල තෙල් පර්යන්තයේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ස්ථාපිත කිරීම අවශ්‍ය වී ඇත. ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයක් මඟින් ඝන මීටර 75,000ක සමස්ත මෙහෙයුම් ධාරිතාවකින් යුතු, ගුවන්යානා ඉන්ධන සඳහාම වෙන් වූ වානේ ටැංකි 4ක් ඉදි කිරීමටත්, කිලෝමීටර 23ක දිගකින් යුත් නළ මාර්ගයක් ඉදි කිරීමටත්, ඒ හා සම්බන්ධ අනෙකුත් සංවර්ධන කටයුතු සිදු කිරීමටත් යෝජනා වී ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ප්‍රසම්පාදන කමිටුවක් හා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමටත්, විවෘත ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් මේ සඳහා ලංසු කැඳවීමටත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ වම් ඉවුර ප්‍රධාන ඇළ සැලසුම් කර ඉදි කිරීම

- යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය, ජල සම්පත් සංවර්ධනය කිරීම සඳහා මෑතකාලීනව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන මහා පරිමාණ ව්‍යාපෘතිවලින් එකකි. එමඟින් අනුරාධපුරය හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාව සඳහා ආර්ථික ප්රතිලාභ රැසක් හිමිවනු ඇත. මෙම ජලාශයේ වම් ඉවුරේ ප්‍රධාන ඇළ මඟින්, පදවිය යෝජනා ක්‍රමය හා යාන් ඔය අමුණ යෝජනා ක්‍රමය යටතේ පවතින දැනට විශාල ජල හිඟයකට මුහුණපා සිටින ඉඩම්ද ඇතුළුව හෙක්ටයාර 4,190ක වගා ප්‍රදේශයක් සඳහා ජලය සැපයෙනු ඇත. මුළු දිග කිලෝමීටර 18ක් පමණ වන මෙම වම් ඉවුර ප්‍රධාන ඇළ ඉදි කෙරෙන ප්‍රදේශයේ පිහිටීම අනුව එය සම්පූර්ණයෙන් කොන්ක්‍රීට් ආස්තරණය කිරීමටත්, කිලෝමීටර 05ක දිගකින් යුත් යටි උමං මාර්ගයක් ඇතුළු සංකීර්ණ නිර්මිත රාශියක් ඉදි කිරීමටත් සිදුවනු ඇත.

එබැවින් එකී වම් ඉවුරු ඇළ ඉහළ ගුණාත්මකභාවයකින් සැලසුම් කර ඉදි කිරීම සඳහා තාක්ෂණය අතින් පිරිපුන් ජාත්‍යන්තර මට්ටමේ කොන්ත්‍රාත්කරුවන්ගේ සහාය ලබාගැනීම සුදුසු බව නිරීක්ෂණය වී ඇති නමුත්, ඒ සඳහා විවෘත ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කිරීම සඳහා ගතවන කාලය සැලකිල්ලට ගැනීමේදී ප්‍රදේශයේ ජනතාවට ජලය සැපයීම අපේක්ෂිත කාලයට වඩා වසරකින් පමණ ප්‍රමාද වනු ඇත. එබැවින්, යාන් ඔය ජලාශය සැලසුම් කර ඉදි කිරීම් කරන ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන China CAMCE Engineering ආයතනයේ සේවය වම් ඉවුරු ඇළ සැලසුම් කර ඉදි කිරීමේ කාර්යය සඳහා ලබාගැනීම තාක්ෂණික හා ආර්ථික වශයෙන් වඩා ඵලදායී හා ප්‍රායෝගික වනු ඇතැයි නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, යාන් ඔය ජලාශයේ වම් ඉවුර ප්‍රධාන ඇළ ඉදි කිරීම සඳහා ඉන්ජිනේරුමය, ප්‍රසම්පාදන හා ඉදි කිරීම් (EPC) කොන්ත්‍රාත් පදනම මත මාස 24ක කාලයක් තුළ සැලසුම් කර ඉදි කිරීම සඳහා China CAMCE Engineering ආයතනය වෙතින් තාක්ෂණික හා මූල්‍යමය යෝජනා කැඳවීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම

- යෝජිත කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය මඟින් කුඹුක්කන් ඔය හරහා බුත්තල - මොනරාගල මාර්ගය (A-4) හා කුඹුක්කන් ඔය හමුවන ස්ථානයේ ඝන මීටර මිලියන 48ක ධාරිතාවකින් යුත් ජලාශයක් ඉදි කෙරෙනු ඇත. දැනට සිදු කරනු ලැබ ඇති ශක්‍යතා අධ්‍යයනය අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් නව ඉඩම් හෙක්ටයාර 4,280කට හා දැනට තිබෙන ඉඩම් හෙක්ටයාර 1,255කට වාරි ජල පහසුකම් සැපයීමටත්, වාර්ෂිකව ගිගාවොට් පැය 16ක විදුලිබල උත්පාදනයක් සිදු කිරීමටත්, පානීය හා කාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන ජලය සපයා දීමටත් හැකි බව තහවුරු වී තිබේ. ඒ අනුව, විදේශ අරමුදල් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි සුදුසු ඉදි කිරීම් සමාගමක් හඳුනාගැනීමේ අරමුණින් අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හැඩ ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම

- යෝජිත හැඩ ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ හැඩ ඔය හරහා ඝන මීටර මිලියන 147ක ධාරිතාවකින් යුතු ජලාශයක් ඉදි කිරීමත්, ජලාශයට කිලෝමීටර 6.4ක් පහළින් හැරවුම් වේල්ලක් හැඩ ඔය හරහා ඉදි කිරීමත්, කිලෝමීටර 16ක දිගකින් යුත් දකුණු ඉවුරු ඇළ හා කිලෝමීටර 13.5ක දිගකින් යුත් වම් ඉවුරු ඇළ ඉදි කිරීමත් සිදු කෙරෙනු ඇත. දැනට සිදු කරනු ලැබ ඇති ශක්‍යතා අධ්‍යයනය අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් හැඩ ඔය, විල ඔය සහ කරඳ ඔය පහත් නිම්නවල තිබෙන අලුතින් අස්වද්දනු ලබන ඉඩම් හා පැරණි ඉඩම් හෙක්ටයාර 5,308කට වාරි ජල පහසුකම් සැපයීමටත්, පොතුවිල්, ලාහුගල හා පානම යන ප්‍රදේශවල පානීය හා ගෘහ ජල අවශ්‍යතා සඳහා වාර්ෂිකව ඝන මීටර මිලියන 05ක ජල පහසුකම් සැපයීමටත් හැකි බව තහවුරු වී තිබේ. ඒ අනුව, විදේශ අරමුදල් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි සුදුසු ඉදි කිරීම් සමාගමක් හඳුනාගැනීමේ අරමුණින් අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහනුවර - යාපනය (A9) මාර්ගයේ රඹෑව සිට මැදවච්චිය දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය/වැඩිදියුණු කිරීම

- උතුරු සහ උතුරුමැද පළාත්වල පිහිටි ජාතික මහාමාර්ග හා පළාත් මාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා සහ පළාත් මාර්ගයන්හි පිහිටි තෝරාගත් පාලම් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතියේ (අතිරේක මූල්‍යකරණය) පිරිවැය දැරීම පිණිස ඇමරිකානු ඩොලර් මිලියන 98ක ණය මුදලක් ශ්‍රී ලංකා රජයට ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලැබී ඇත. එම ණය මුදලෙන් කොටසක් උපයෝගි කරගනිමින් මහනුවර - යාපනය (A9) මාර්ගයේ රඹෑව සිට මැදවච්චිය දක්වා (කි.මී.140.76 සිට කි.මී.150.40 දක්වා) මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීමේ / වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන RR Construction (Pvt.) Ltd. ආයතනය වෙත ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආහාර සුරක්ෂිතතාව සඳහා පහත රට තෙත් කලාපය තුළ පවතින පුරන් කුඹුරු යළි වගා කිරීම

- වර්තමානයේදී නිරන්තරයෙන් සිදුවන දේශගුණික තත්ත්වයන්ගේ වෙනස්වීම් හේතුවෙන් කෘෂිකර්මාන්තයට සිදුවන අහිතකර බලපෑම සැලකිල්ලට ගැනීමේදී තිරසර කෘෂි ආර්ථිකයක් බිහි කිරීම සඳහා දිගුකාලීන ආහාර සුරක්ෂිතතාව කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙනී ගොස් ඇත. එහිදී අත්හැර දමා ඇති කුඹුරු සංවර්ධනය කර යළි වගා කිරීම වැදගත් වේ. කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්ක ඇතුළත් මෙරට පහතරට තෙත් කලාපය තුළ හෙක්ටයාර 26,122ක පමණ පුරන් කුඹුරු ප්‍රමාණයක් පවතින බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබ ඇති අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව මෙවර යල කන්නයේදී එකී භූමි ප්‍රමාණය තුළ වී, එළවළු හා අල භෝග වගා කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, ඇළ වේලි, ජලවහන පද්ධතිය, භූමිය සකස් කිරීම යනාදී කටයුතු සිදු කරමින් පුරන් කුඹුරු හෙක්ටයාර 17,000ක් සංවර්ධනය කිරීම සඳහා ගොවීන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමටත්, හෙක්ටයාර 17,000ක් හා වගා නොකළ ගොවිබිම් හෙක්ටයාර 9,000ක් සංවර්ධනය කිරීම සඳහා ගොවීන් පෙලඹවීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාතලේ, බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයට කෘත්‍රීම ධාවන පථයක් ඉදි කිරීම

- මාතලේ දිස්ත්‍රික්කයේ දැනට පවතින විශාලතම ක්‍රීඩාංගණය වන බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය, මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් නොව අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර, බදුල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා ද යොදාගනු ලැබේ. මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා සංකීර්ණයක් ලෙස නවීකරණය කිරීමේ කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පසුගිය වර්ෂයේදී ආරම්භ කරන ලද අතර, එම ක්‍රීඩාංගණය සඳහා කෘත්‍රිම ධාවන පථයක් ඉදි කිරීම කාලීන අවශ්‍යතාවක් බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, මාතලේ දිස්ත්‍රික්කයේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය සඳහා මීටර 400ක දිගකින් යුත් කෘත්‍රිම ධාවන පථයක් අලුතින් ඉදි කිරීමටත්, ඒ සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශක සේවාවන් ලබාගැනීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-02-28

[QUOTE="monson, post: 21297845, member: 30005"] [SIZE="4"][B]මහවැලි ජලාශයන්හි පාවෙන සූර්ය බලශක්ති නිෂ්පාදනාගාර පිහිටුවීම[/B] - තාප විදුලි ජනනය අඩු කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමු වීමේ පියවරක් වශයෙන් මහවැලි ආර්ථික කලාපයන්හි පිහිටා තිබෙන ජලාශවල මතුපිට පාවෙන සූර්ය විදුලිබලාගාර ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එහි පළමු පියවර වශයෙන් මාදුරු ඔය ජලාශයේ සම්පූර්ණ වපරිසරියෙන් 4%කටත් අඩු ප්‍රමාණයක්, එනම් අක්කර 500ක පමණ ප්‍රමාණයක් යොදාගනිමින් මෙගාවොට් 100ක ධාරිතාවකින් යුත් සූර්ය බලශක්ති නිෂ්පාදනාගාරයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරී යෝජනා (REP) කැඳවීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා; විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා; සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීමේ පුහුණු වැඩසටහන[/B] - 2020 වර්ෂය වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 20%ක ප්‍රතිශතයක් සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් ලබාගැනීම රජයේ ප්‍රතිපත්තිය වේ. ඒ අනුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන සූර්ය බලශක්තිය හා සම්බන්ධ කර්මාන්ත සඳහා සහාය ලබා දීමේ අරමුණින්, සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය කිරීමේ අධ්‍යාපනික පුහුණු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2016-04-06 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර, එහි මූලික කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. මෙමඟින් කැලණිය, යාපනය හා රුහුණ හා පේරාදෙණිය යන විශ්වවිද්‍යාල 04හි මහාචාර්යවරුන් සිව්දෙනෙකු හා ජාතික මූලික අධ්‍යයන ආයතනයෙහි (NIFS) මහාචාර්යවරයෙකුගේ සෘජු මැදිහත් වීම යටතේ තරුණ පිරිස් පුහුණු කිරීම සහ ව්‍යාපෘතිය හා අදාළ අනෙකුත් කාර්යයන් සිදු කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපකරණ, රසායානික ද්‍රව්‍ය හා පාරිභෝගික ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා රුපියල් මිලියන 80ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මුතුරාජවෙල සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා පහසුකම් සැලසීම[/B] - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වර්තමාන නවීකරණ කටයුතුවලට සමගාමීව ගුවන්යානා ඉන්ධන අවශ්‍යතාව ඉදිරියේදී ඉහළ යනු ඇතැයි තක්සේරු කර ඇති බැවින්, එසේ වැඩිවන ඉල්ලුමට සරිලන ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හැකියාව ලැබෙන පරිදි ගුවන්යානා ඉන්ධන ප්‍රවාහනය සඳහාම වෙන් වූ නළ මාර්ගයක් මුතුරාජවෙල තෙල් පර්යන්තයේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ස්ථාපිත කිරීම අවශ්‍ය වී ඇත. ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයක් මඟින් ඝන මීටර 75,000ක සමස්ත මෙහෙයුම් ධාරිතාවකින් යුතු, ගුවන්යානා ඉන්ධන සඳහාම වෙන් වූ වානේ ටැංකි 4ක් ඉදි කිරීමටත්, කිලෝමීටර 23ක දිගකින් යුත් නළ මාර්ගයක් ඉදි කිරීමටත්, ඒ හා සම්බන්ධ අනෙකුත් සංවර්ධන කටයුතු සිදු කිරීමටත් යෝජනා වී ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ප්‍රසම්පාදන කමිටුවක් හා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමටත්, විවෘත ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් මේ සඳහා ලංසු කැඳවීමටත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ වම් ඉවුර ප්‍රධාන ඇළ සැලසුම් කර ඉදි කිරීම[/B] - යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය, ජල සම්පත් සංවර්ධනය කිරීම සඳහා මෑතකාලීනව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන මහා පරිමාණ ව්‍යාපෘතිවලින් එකකි. එමඟින් අනුරාධපුරය හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාව සඳහා ආර්ථික ප්රතිලාභ රැසක් හිමිවනු ඇත. මෙම ජලාශයේ වම් ඉවුරේ ප්‍රධාන ඇළ මඟින්, පදවිය යෝජනා ක්‍රමය හා යාන් ඔය අමුණ යෝජනා ක්‍රමය යටතේ පවතින දැනට විශාල ජල හිඟයකට මුහුණපා සිටින ඉඩම්ද ඇතුළුව හෙක්ටයාර 4,190ක වගා ප්‍රදේශයක් සඳහා ජලය සැපයෙනු ඇත. මුළු දිග කිලෝමීටර 18ක් පමණ වන මෙම වම් ඉවුර ප්‍රධාන ඇළ ඉදි කෙරෙන ප්‍රදේශයේ පිහිටීම අනුව එය සම්පූර්ණයෙන් කොන්ක්‍රීට් ආස්තරණය කිරීමටත්, කිලෝමීටර 05ක දිගකින් යුත් යටි උමං මාර්ගයක් ඇතුළු සංකීර්ණ නිර්මිත රාශියක් ඉදි කිරීමටත් සිදුවනු ඇත. එබැවින් එකී වම් ඉවුරු ඇළ ඉහළ ගුණාත්මකභාවයකින් සැලසුම් කර ඉදි කිරීම සඳහා තාක්ෂණය අතින් පිරිපුන් ජාත්‍යන්තර මට්ටමේ කොන්ත්‍රාත්කරුවන්ගේ සහාය ලබාගැනීම සුදුසු බව නිරීක්ෂණය වී ඇති නමුත්, ඒ සඳහා විවෘත ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කිරීම සඳහා ගතවන කාලය සැලකිල්ලට ගැනීමේදී ප්‍රදේශයේ ජනතාවට ජලය සැපයීම අපේක්ෂිත කාලයට වඩා වසරකින් පමණ ප්‍රමාද වනු ඇත. එබැවින්, යාන් ඔය ජලාශය සැලසුම් කර ඉදි කිරීම් කරන ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන China CAMCE Engineering ආයතනයේ සේවය වම් ඉවුරු ඇළ සැලසුම් කර ඉදි කිරීමේ කාර්යය සඳහා ලබාගැනීම තාක්ෂණික හා ආර්ථික වශයෙන් වඩා ඵලදායී හා ප්‍රායෝගික වනු ඇතැයි නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, යාන් ඔය ජලාශයේ වම් ඉවුර ප්‍රධාන ඇළ ඉදි කිරීම සඳහා ඉන්ජිනේරුමය, ප්‍රසම්පාදන හා ඉදි කිරීම් (EPC) කොන්ත්‍රාත් පදනම මත මාස 24ක කාලයක් තුළ සැලසුම් කර ඉදි කිරීම සඳහා China CAMCE Engineering ආයතනය වෙතින් තාක්ෂණික හා මූල්‍යමය යෝජනා කැඳවීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම[/B] - යෝජිත කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය මඟින් කුඹුක්කන් ඔය හරහා බුත්තල - මොනරාගල මාර්ගය (A-4) හා කුඹුක්කන් ඔය හමුවන ස්ථානයේ ඝන මීටර මිලියන 48ක ධාරිතාවකින් යුත් ජලාශයක් ඉදි කෙරෙනු ඇත. දැනට සිදු කරනු ලැබ ඇති ශක්‍යතා අධ්‍යයනය අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් නව ඉඩම් හෙක්ටයාර 4,280කට හා දැනට තිබෙන ඉඩම් හෙක්ටයාර 1,255කට වාරි ජල පහසුකම් සැපයීමටත්, වාර්ෂිකව ගිගාවොට් පැය 16ක විදුලිබල උත්පාදනයක් සිදු කිරීමටත්, පානීය හා කාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන ජලය සපයා දීමටත් හැකි බව තහවුරු වී තිබේ. ඒ අනුව, විදේශ අරමුදල් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි සුදුසු ඉදි කිරීම් සමාගමක් හඳුනාගැනීමේ අරමුණින් අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]හැඩ ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම[/B] - යෝජිත හැඩ ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ හැඩ ඔය හරහා ඝන මීටර මිලියන 147ක ධාරිතාවකින් යුතු ජලාශයක් ඉදි කිරීමත්, ජලාශයට කිලෝමීටර 6.4ක් පහළින් හැරවුම් වේල්ලක් හැඩ ඔය හරහා ඉදි කිරීමත්, කිලෝමීටර 16ක දිගකින් යුත් දකුණු ඉවුරු ඇළ හා කිලෝමීටර 13.5ක දිගකින් යුත් වම් ඉවුරු ඇළ ඉදි කිරීමත් සිදු කෙරෙනු ඇත. දැනට සිදු කරනු ලැබ ඇති ශක්‍යතා අධ්‍යයනය අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් හැඩ ඔය, විල ඔය සහ කරඳ ඔය පහත් නිම්නවල තිබෙන අලුතින් අස්වද්දනු ලබන ඉඩම් හා පැරණි ඉඩම් හෙක්ටයාර 5,308කට වාරි ජල පහසුකම් සැපයීමටත්, පොතුවිල්, ලාහුගල හා පානම යන ප්‍රදේශවල පානීය හා ගෘහ ජල අවශ්‍යතා සඳහා වාර්ෂිකව ඝන මීටර මිලියන 05ක ජල පහසුකම් සැපයීමටත් හැකි බව තහවුරු වී තිබේ. ඒ අනුව, විදේශ අරමුදල් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි සුදුසු ඉදි කිරීම් සමාගමක් හඳුනාගැනීමේ අරමුණින් අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] මහනුවර - යාපනය (A9) මාර්ගයේ රඹෑව සිට මැදවච්චිය දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය/වැඩිදියුණු කිරීම[/B] - උතුරු සහ උතුරුමැද පළාත්වල පිහිටි ජාතික මහාමාර්ග හා පළාත් මාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා සහ පළාත් මාර්ගයන්හි පිහිටි තෝරාගත් පාලම් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතියේ (අතිරේක මූල්‍යකරණය) පිරිවැය දැරීම පිණිස ඇමරිකානු ඩොලර් මිලියන 98ක ණය මුදලක් ශ්‍රී ලංකා රජයට ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලැබී ඇත. එම ණය මුදලෙන් කොටසක් උපයෝගි කරගනිමින් මහනුවර - යාපනය (A9) මාර්ගයේ රඹෑව සිට මැදවච්චිය දක්වා (කි.මී.140.76 සිට කි.මී.150.40 දක්වා) මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීමේ / වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන RR Construction (Pvt.) Ltd. ආයතනය වෙත ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] ආහාර සුරක්ෂිතතාව සඳහා පහත රට තෙත් කලාපය තුළ පවතින පුරන් කුඹුරු යළි වගා කිරීම[/B] - වර්තමානයේදී නිරන්තරයෙන් සිදුවන දේශගුණික තත්ත්වයන්ගේ වෙනස්වීම් හේතුවෙන් කෘෂිකර්මාන්තයට සිදුවන අහිතකර බලපෑම සැලකිල්ලට ගැනීමේදී තිරසර කෘෂි ආර්ථිකයක් බිහි කිරීම සඳහා දිගුකාලීන ආහාර සුරක්ෂිතතාව කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙනී ගොස් ඇත. එහිදී අත්හැර දමා ඇති කුඹුරු සංවර්ධනය කර යළි වගා කිරීම වැදගත් වේ. කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්ක ඇතුළත් මෙරට පහතරට තෙත් කලාපය තුළ හෙක්ටයාර 26,122ක පමණ පුරන් කුඹුරු ප්‍රමාණයක් පවතින බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබ ඇති අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව මෙවර යල කන්නයේදී එකී භූමි ප්‍රමාණය තුළ වී, එළවළු හා අල භෝග වගා කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, ඇළ වේලි, ජලවහන පද්ධතිය, භූමිය සකස් කිරීම යනාදී කටයුතු සිදු කරමින් පුරන් කුඹුරු හෙක්ටයාර 17,000ක් සංවර්ධනය කිරීම සඳහා ගොවීන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමටත්, හෙක්ටයාර 17,000ක් හා වගා නොකළ ගොවිබිම් හෙක්ටයාර 9,000ක් සංවර්ධනය කිරීම සඳහා ගොවීන් පෙලඹවීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මාතලේ, බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයට කෘත්‍රීම ධාවන පථයක් ඉදි කිරීම[/B] - මාතලේ දිස්ත්‍රික්කයේ දැනට පවතින විශාලතම ක්‍රීඩාංගණය වන බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය, මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් නොව අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර, බදුල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා ද යොදාගනු ලැබේ. මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා සංකීර්ණයක් ලෙස නවීකරණය කිරීමේ කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පසුගිය වර්ෂයේදී ආරම්භ කරන ලද අතර, එම ක්‍රීඩාංගණය සඳහා කෘත්‍රිම ධාවන පථයක් ඉදි කිරීම කාලීන අවශ්‍යතාවක් බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, මාතලේ දිස්ත්‍රික්කයේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය සඳහා මීටර 400ක දිගකින් යුත් කෘත්‍රිම ධාවන පථයක් අලුතින් ඉදි කිරීමටත්, ඒ සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශක සේවාවන් ලබාගැනීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-02-28[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom