Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෛව තාක්ෂණ (Bio-Technology) නවෝත්පාදන උද්‍යානය ස්ථාපනය කිරීම

- ලොව නැඟී එන තාක්ෂණයන් අතරට ගැනෙන 'ජෛව තාක්ෂණය' හා සම්බන්ධ පර්යේෂණ හා කර්මාන්ත රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජාතික පර්යේෂණ සහ සංවර්ධන රාමුව යටතේ හඳුනාගනු ලැබ ඇති අතර 'ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක්' ස්ථාපනය කිරීම සඳහා 2017 අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. ඒ අනුව, හෝමගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි නිනිති තාක්ෂණ හා විද්‍යා උද්‍යානය තුළ රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාවක් වශයෙන් ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක් ස්ථාපනය කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ මන්නාරම - නඩුකුඩා සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම

- ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් කිරීම සඳහා හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහනේ දෙවන අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 166.6ක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එම ණය මුදල උපයෝගි කරගනිමින් මන්නාරම සිට නඩුකුඩා දක්වා කි.මී.30ක දිගකින් යුතු සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,379.9ක මුදලකට, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන KEC International Limited ආයතනය වෙත ප්රදානය කිරීම පිණිස පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහකොළඹ ප්‍රදේශයේ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීම

- මහ කොළඹ ප්‍රදේශයේ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීම තුළින් ප්‍රදේශයේ ජනතාවට වඩාත් සෞඛ්යාරක්ෂිත පරිසරයක ජීවත්විය හැකි වන පරිදි 'මහ කොළඹ පානීය ජල හා අපජල කළමනාකරණ සහ සංවර්ධන ආයෝජන වැඩසටහන - ව්‍යාපෘතිය 3' ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 112.83ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව එම ණය මුදලින් කොටසක් උපයෝගි කරගනිමින් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කිරුළපන අපජල පෝෂිත ප්‍රදේශය සඳහා නව ගුරුත්ව අපජලාපවහන පද්ධතියක්, අපජල පොම්පාගාර සහ ප්‍රධාන නළ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සහ ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව පරිදි, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. Larsen & Toubro Limited ආයතනය වෙත රුපියල් මිලියන 7,015.91ක මුළු මුදලකට ප්රදානය කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බම්බලපිටිය මහල් නිවාස ප්‍රතිසංවර්ධනය

- ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, මෙම කරුණට අදාළ ගිවිසුම අත්සන් කර සති 04-06 අතර කාල සීමාව තුළ අදාළ ආයෝජකයා විසින් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ප්‍රේෂණය කළ යුතු බවට වන කොන්දේසියක් ඇතුළත් කරමින්, බම්බලපිටිය මහල් නිවාස ප්‍රතිසංවර්ධනය කිරීමේ කාර්යය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා අදාළ ආයෝජකයා අතර රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වයඹ විශ්වවිද්‍යාල නාගරිකය සංවර්ධන ව්‍යාපෘතිය සහ මහවැලි වම් ඉවුරු පහළ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) වෙතින් මූල්‍ය සහාය ලබාගැනීම

- වයඹ විශ්වවිද්‍යාල නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞදි රියාල් මිලියන 105ක් සහ මහවැලි වම් ඉවුරු පහළ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞදි රියාල් මිලියන 168.75ක් වශයෙන් සෞදි රියාල් මිලියන 273.5ක (ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 73) සහනදායී ණය මුදලක් ලබා දීමට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) එකඟ වී ඇත. ඒ අනුව, එම ණය මුදල ලබාගැනීම සඳහා සම්මුති සාකච්ඡා පැවත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෑතදී සංවර්ධන කටයුතු වේගවත් වූ ප්‍රදේශයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

- ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට හා ප්‍රාදේශීය විෂමතාවන් අවම කිරීමේ අරමුණින් උතුරු, නැඟෙහිර හා මධ්‍යම හා ඌව පළාත්වල ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා පරිමාණයේ වාරිමාර්ග හා ග්‍රාමීය ජල සම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් එකී ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මඟින් ජපන් යෙන් මිලියන 12,957ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 17,369) ණය මුදලක් ලබා දීමට ජපාන රජයේ එකඟතාවය පළ කර ඇත. ඒ අනුව, එම ණය මුදල ලබා ගැනීම සඳහා JICA ආයතනය සමඟ ණය ගිවිසුමකට එළඹිම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කළුගඟ ජල සම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය

- කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා නළජල පහසුකම් සපයනු ලබන ජලය බෙදාහැරීමේ පද්ධතිය අවුරුදු 70කට වඩා පැරණි වන අතර ඒ හේතුවෙන් සිදු වන ජලය කාන්දුවීම අවම කිරීමටත්, ශීඝ්‍ර නාගරීකරණය හේතුවෙන් ඉහළ යමින් පවතින නළජල ඉල්ලුම සපුරාලීම සඳහාත් කළුගඟ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. කළුගඟ ජලසම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මඟින් ජපන් යෙන් මිලියන 31,810ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 42,240) ණය මුදලක් ලබා දීමට ජපාන රජය විසින් එකඟතාවය පළ කරනු ලැබ ඇත. ඒ අනුව, එම ණය මුදල ලබා ගැනීම සඳහා JICA ආයතනය සමඟ ණය ගිවිසුමකට එළඹිම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආයෝජන හා නිෂ්පාදන හැකියාවන් වර්ධනය කිරීමේ සහයෝගිතාව පිළිබඳව චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම

- පසුගිය වර්ෂයේ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් චීනයේ සිදු කරන ලද සංචාරයේදී ආයෝජන, ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ විස්තීර්ණ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය විසින් චීන රජය සමඟ එළඹෙන ලදී. එම පුළුල් අවබෝධතා ගිවිසුමට අනුපූරක ලෙස, නිෂ්පාදන පදනම හා උපායමාර්ගික යටිතල පහසුකම්වලට අදාළව වඩාත් කේන්ද්‍රගත උපායමාර්ගික ක්ෂේත්රයන්හි හවුල්කාරීත්වය ගොඩනැංවීමේ අරමුණින් 'නිෂ්පාදන ධාරිතාව පිළිබඳ ආයෝජනය හා සහයෝගිතාව' පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සමඟ එළඹීමට මහජන චීන ජනරජයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (National Development and Reform Commission-NDRC) විසින් කැමැත්ත පළ කරනු ලැබ ඇත. ඒ අනුව, මහජන චීන ජනරජයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජාත්‍යන්තර වෙළඳ හා ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය අතර වන යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ග්‍රාමීය යටිතල පහසුකම් හා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම

- ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර, පොළොන්නරුව හා මඩකළපුව යන දිස්ත්‍රික්ක පදනම් කරගෙන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 241ක් සහ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති 145ක් 2016 වර්ෂය තුළ සාර්ථකව නිම කිරීමට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය සමත් වී ඇත. ඒ අනුව, ප්‍රාදේශීය දරිද්‍රතා මට්ටම් සැලකිල්ලට ගෙන, මුළු දිවයිනම ආවරණය වන පරිදි අනෙකුත් දිස්ත්‍රික්කවලද ඉහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සුදුසු බව හඳුනාගෙන තිබේ. ඒ යටතේ අදාළ දිස්ත්‍රික්කවල ග්‍රාමීය ප්‍රවේශ මාර්ග සංවර්ධනය, සුළු වාරිමාර්ග නවීකරණය, පානීය ජල යෝජනා ක්‍රම, කුඩා පාලම් හා බෝක්කු ආදී හඳුනාගත් පොදු පහසුකම් සංවර්ධනය කිරීම, තරුණ-තරුණියන් සඳහා ස්වයං රැකියා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ව්‍යාපෘති සහ සත්ත්ව පාලන, ධීවර හා වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආදී කටයුතු සිදු කෙරෙනු ඇත. ඒ අනුව, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා අදාළ රාජ්‍ය ආයතන මඟින් ග්‍රාමීය යටිතල පහසුකම් හා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන, 2017 වර්ෂයේදී අනුරාධපුර, පොළොන්නරුව හා මඩකළපුව යන දිස්ත්‍රික්කවලට අමතරව මුලතිව්, ගාල්ල, මොනරාගල, රත්නපුර, කළුතර, පුත්තලම හා මාතලේ යන දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමටත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දඹුල්ල සහ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් ශීතාගාර ඉදි කිරීම - උපදේශක සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම

- වෙළඳ පොළ මිල ස්ථායීකරණය සහ පසු අස්වනු හානිය අවම කිරීම මූලික අරමුණු කරගනිමින් ශීතාගාර ස්ථාපිත කිරීම සඳහා 2016 අයවැය යෝජනා යටතේ රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය වෙත වෙන් කරන ලදී. ඒ අනුව, රාජ්‍ය, පෞද්ගලික හා විශ්වවිද්‍යාල විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයක ප්‍රතිඵල මත දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හා කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ශීතාගාර දෙකක් ස්ථාපිත කිරීම වඩාත් යෝග්‍ය බව තීරණය කරන ලද අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම ව්‍යාපෘති 2017 ඔක්තෝබර් මස වන විට නිම කිරීමට හැකිවන ලෙස එම ව්‍යාපෘතිවල කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා, ශීතාගාර ස්ථාපිත කිරීමට අදාළ උපදේශක සේවා ලබාගැනීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 30.1ක වැට් රහිත මුදලකට, Design Consultant ආයතනය වෙත පිරිනැමීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

- වාර්ෂිකව ඇතුළත් කර ගනු ලබන සිසුන් සංඛ්‍යාව 300 සිට 500 දක්වා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපාතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය, උපකරණ සහ උපාංග සැපයීම, විෂය මාලා සංවර්ධනය සහ ධාරිතා ප්‍රවර්ධන ක්‍රියාකාරකම් ඇතුළත්ව, යූරෝ මිලියන 9.5ක උපරිමයකට යටත්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඔස්ට්‍රියාවේ M/s KUHN ජාත්‍යන්තර ව්‍යාපෘතිය GmbH CoKG ආයතනය වෙත පැවරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-03-14

[QUOTE="monson, post: 21349078, member: 30005"] [SIZE="4"][B]ජෛව තාක්ෂණ (Bio-Technology) නවෝත්පාදන උද්‍යානය ස්ථාපනය කිරීම[/B] - ලොව නැඟී එන තාක්ෂණයන් අතරට ගැනෙන 'ජෛව තාක්ෂණය' හා සම්බන්ධ පර්යේෂණ හා කර්මාන්ත රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජාතික පර්යේෂණ සහ සංවර්ධන රාමුව යටතේ හඳුනාගනු ලැබ ඇති අතර 'ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක්' ස්ථාපනය කිරීම සඳහා 2017 අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. ඒ අනුව, හෝමගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි නිනිති තාක්ෂණ හා විද්‍යා උද්‍යානය තුළ රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාවක් වශයෙන් ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක් ස්ථාපනය කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ මන්නාරම - නඩුකුඩා සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම[/B] - ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් කිරීම සඳහා හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහනේ දෙවන අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 166.6ක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එම ණය මුදල උපයෝගි කරගනිමින් මන්නාරම සිට නඩුකුඩා දක්වා කි.මී.30ක දිගකින් යුතු සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,379.9ක මුදලකට, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන KEC International Limited ආයතනය වෙත ප්රදානය කිරීම පිණිස පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මහකොළඹ ප්‍රදේශයේ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීම[/B] - මහ කොළඹ ප්‍රදේශයේ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීම තුළින් ප්‍රදේශයේ ජනතාවට වඩාත් සෞඛ්යාරක්ෂිත පරිසරයක ජීවත්විය හැකි වන පරිදි 'මහ කොළඹ පානීය ජල හා අපජල කළමනාකරණ සහ සංවර්ධන ආයෝජන වැඩසටහන - ව්‍යාපෘතිය 3' ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 112.83ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව එම ණය මුදලින් කොටසක් උපයෝගි කරගනිමින් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කිරුළපන අපජල පෝෂිත ප්‍රදේශය සඳහා නව ගුරුත්ව අපජලාපවහන පද්ධතියක්, අපජල පොම්පාගාර සහ ප්‍රධාන නළ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සහ ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව පරිදි, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. Larsen & Toubro Limited ආයතනය වෙත රුපියල් මිලියන 7,015.91ක මුළු මුදලකට ප්රදානය කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]බම්බලපිටිය මහල් නිවාස ප්‍රතිසංවර්ධනය[/B] - ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, මෙම කරුණට අදාළ ගිවිසුම අත්සන් කර සති 04-06 අතර කාල සීමාව තුළ අදාළ ආයෝජකයා විසින් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ප්‍රේෂණය කළ යුතු බවට වන කොන්දේසියක් ඇතුළත් කරමින්, බම්බලපිටිය මහල් නිවාස ප්‍රතිසංවර්ධනය කිරීමේ කාර්යය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා අදාළ ආයෝජකයා අතර රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]වයඹ විශ්වවිද්‍යාල නාගරිකය සංවර්ධන ව්‍යාපෘතිය සහ මහවැලි වම් ඉවුරු පහළ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) වෙතින් මූල්‍ය සහාය ලබාගැනීම[/B] - වයඹ විශ්වවිද්‍යාල නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞදි රියාල් මිලියන 105ක් සහ මහවැලි වම් ඉවුරු පහළ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞදි රියාල් මිලියන 168.75ක් වශයෙන් සෞදි රියාල් මිලියන 273.5ක (ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 73) සහනදායී ණය මුදලක් ලබා දීමට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) එකඟ වී ඇත. ඒ අනුව, එම ණය මුදල ලබාගැනීම සඳහා සම්මුති සාකච්ඡා පැවත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මෑතදී සංවර්ධන කටයුතු වේගවත් වූ ප්‍රදේශයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය[/B] - ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට හා ප්‍රාදේශීය විෂමතාවන් අවම කිරීමේ අරමුණින් උතුරු, නැඟෙහිර හා මධ්‍යම හා ඌව පළාත්වල ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා පරිමාණයේ වාරිමාර්ග හා ග්‍රාමීය ජල සම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් එකී ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මඟින් ජපන් යෙන් මිලියන 12,957ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 17,369) ණය මුදලක් ලබා දීමට ජපාන රජයේ එකඟතාවය පළ කර ඇත. ඒ අනුව, එම ණය මුදල ලබා ගැනීම සඳහා JICA ආයතනය සමඟ ණය ගිවිසුමකට එළඹිම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කළුගඟ ජල සම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය[/B] - කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා නළජල පහසුකම් සපයනු ලබන ජලය බෙදාහැරීමේ පද්ධතිය අවුරුදු 70කට වඩා පැරණි වන අතර ඒ හේතුවෙන් සිදු වන ජලය කාන්දුවීම අවම කිරීමටත්, ශීඝ්‍ර නාගරීකරණය හේතුවෙන් ඉහළ යමින් පවතින නළජල ඉල්ලුම සපුරාලීම සඳහාත් කළුගඟ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. කළුගඟ ජලසම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මඟින් ජපන් යෙන් මිලියන 31,810ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 42,240) ණය මුදලක් ලබා දීමට ජපාන රජය විසින් එකඟතාවය පළ කරනු ලැබ ඇත. ඒ අනුව, එම ණය මුදල ලබා ගැනීම සඳහා JICA ආයතනය සමඟ ණය ගිවිසුමකට එළඹිම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ආයෝජන හා නිෂ්පාදන හැකියාවන් වර්ධනය කිරීමේ සහයෝගිතාව පිළිබඳව චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම[/B] - පසුගිය වර්ෂයේ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් චීනයේ සිදු කරන ලද සංචාරයේදී ආයෝජන, ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ විස්තීර්ණ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය විසින් චීන රජය සමඟ එළඹෙන ලදී. එම පුළුල් අවබෝධතා ගිවිසුමට අනුපූරක ලෙස, නිෂ්පාදන පදනම හා උපායමාර්ගික යටිතල පහසුකම්වලට අදාළව වඩාත් කේන්ද්‍රගත උපායමාර්ගික ක්ෂේත්රයන්හි හවුල්කාරීත්වය ගොඩනැංවීමේ අරමුණින් 'නිෂ්පාදන ධාරිතාව පිළිබඳ ආයෝජනය හා සහයෝගිතාව' පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සමඟ එළඹීමට මහජන චීන ජනරජයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (National Development and Reform Commission-NDRC) විසින් කැමැත්ත පළ කරනු ලැබ ඇත. ඒ අනුව, මහජන චීන ජනරජයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජාත්‍යන්තර වෙළඳ හා ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය අතර වන යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ග්‍රාමීය යටිතල පහසුකම් හා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම[/B] - ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර, පොළොන්නරුව හා මඩකළපුව යන දිස්ත්‍රික්ක පදනම් කරගෙන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 241ක් සහ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති 145ක් 2016 වර්ෂය තුළ සාර්ථකව නිම කිරීමට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය සමත් වී ඇත. ඒ අනුව, ප්‍රාදේශීය දරිද්‍රතා මට්ටම් සැලකිල්ලට ගෙන, මුළු දිවයිනම ආවරණය වන පරිදි අනෙකුත් දිස්ත්‍රික්කවලද ඉහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සුදුසු බව හඳුනාගෙන තිබේ. ඒ යටතේ අදාළ දිස්ත්‍රික්කවල ග්‍රාමීය ප්‍රවේශ මාර්ග සංවර්ධනය, සුළු වාරිමාර්ග නවීකරණය, පානීය ජල යෝජනා ක්‍රම, කුඩා පාලම් හා බෝක්කු ආදී හඳුනාගත් පොදු පහසුකම් සංවර්ධනය කිරීම, තරුණ-තරුණියන් සඳහා ස්වයං රැකියා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ව්‍යාපෘති සහ සත්ත්ව පාලන, ධීවර හා වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආදී කටයුතු සිදු කෙරෙනු ඇත. ඒ අනුව, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා අදාළ රාජ්‍ය ආයතන මඟින් ග්‍රාමීය යටිතල පහසුකම් හා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන, 2017 වර්ෂයේදී අනුරාධපුර, පොළොන්නරුව හා මඩකළපුව යන දිස්ත්‍රික්කවලට අමතරව මුලතිව්, ගාල්ල, මොනරාගල, රත්නපුර, කළුතර, පුත්තලම හා මාතලේ යන දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමටත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]දඹුල්ල සහ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් ශීතාගාර ඉදි කිරීම - උපදේශක සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම[/B] - වෙළඳ පොළ මිල ස්ථායීකරණය සහ පසු අස්වනු හානිය අවම කිරීම මූලික අරමුණු කරගනිමින් ශීතාගාර ස්ථාපිත කිරීම සඳහා 2016 අයවැය යෝජනා යටතේ රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය වෙත වෙන් කරන ලදී. ඒ අනුව, රාජ්‍ය, පෞද්ගලික හා විශ්වවිද්‍යාල විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයක ප්‍රතිඵල මත දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හා කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ශීතාගාර දෙකක් ස්ථාපිත කිරීම වඩාත් යෝග්‍ය බව තීරණය කරන ලද අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම ව්‍යාපෘති 2017 ඔක්තෝබර් මස වන විට නිම කිරීමට හැකිවන ලෙස එම ව්‍යාපෘතිවල කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා, ශීතාගාර ස්ථාපිත කිරීමට අදාළ උපදේශක සේවා ලබාගැනීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 30.1ක වැට් රහිත මුදලකට, Design Consultant ආයතනය වෙත පිරිනැමීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය[/B] - වාර්ෂිකව ඇතුළත් කර ගනු ලබන සිසුන් සංඛ්‍යාව 300 සිට 500 දක්වා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපාතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය, උපකරණ සහ උපාංග සැපයීම, විෂය මාලා සංවර්ධනය සහ ධාරිතා ප්‍රවර්ධන ක්‍රියාකාරකම් ඇතුළත්ව, යූරෝ මිලියන 9.5ක උපරිමයකට යටත්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඔස්ට්‍රියාවේ M/s KUHN ජාත්‍යන්තර ව්‍යාපෘතිය GmbH CoKG ආයතනය වෙත පැවරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-03-14[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom