Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග (LRT) ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් (PMU) ස්ථාපනය කිරීම

- ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) අනුග්‍රහයෙන් ඉදි කිරීමට නියමිත කොළඹ කොටුව සිට බම්බලපිටිය හා බොරැල්ල හරහා මරදාන දක්වා දිවෙන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය (LRT) හා බොරැල්ල සිට මාලඹේ දක්වා දිවෙන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම, එම මාර්ග පද්ධති නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම

- ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් (National Science Centre - NSC) ස්ථාපිත කිරීම සඳහා හෝමාගම, පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයෙන් අක්කර හතක (07) භූමි භාගයක් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය වෙත දැනටමත් වෙන් කර දෙනු ලැබ ඇත. මෙම ජාතික විද්‍යා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව සඳහා වන නව මූලාරම්භයක් වන අතර, එබැවින් එහි කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, සුදුසුකම් ලත් විශේෂඥයන්ගේ සහාය ලබා ගෙන සිදු කිරීම වැදගත් වේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සැලසුම්කරණය හා ගෘහ නිර්මාණ සැලසුම්කරණය, ජාතික විද්‍යා මධ්‍යස්ථානය ඉදි කිරීම, ස්ථාපනය සහ අධීක්ෂණය කිරීම යන කාර්යයන් සඳහා උපදේශක සේවා ලබාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත්, යෝග්‍ය නියෝජිතායතන වෙතින් තාක්ෂණික හා මූල්‍යමය සහාය ලබාගැනීමටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීම

- රටේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා දායක විය හැකි ප්‍රධාන කර්මාන්තයක් වශයෙන් ඖෂධ නිෂ්පාදන කාර්මාන්තය හඳුනාගනු ලැබ තිබේ. එබැවින්, දේශීය ඖෂධ ඉල්ලුම සපුරා ලීමට, ගුණාත්මක ඖෂධ පහසු මිලකට ලබා දීමට සහ ආනයනික ඖෂධ මත රඳා පැවැත්ම අවම කිරීමට හැකි වන අයුරින් මෙරට ඖෂධ නිෂ්පාදකයින්ගේ ධාරිතාව වැඩිදියුණු කර ලීම සඳහා පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය වේ. මෙරට සමස්ත ඖෂධ අවශ්‍යතාවෙන් 15% ක් පමණ දැනට දේශීයව නිපදවනු ලබන අතර, එය 80% ක් පමණ දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි. ඒ අනුව, මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නවීකරණය හා පුළුල් කිරීම සඳහාත්, අපනයන වෙළඳ පොළට පිවිසීමට හැකි වන පරිදි තරගකාරීත්වය වර්ධනය කර ලීම සඳහාත් පහසුකම් සැලසීමේ අරමුණින්, ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන අමුද්‍රව්‍ය, ඇසුරුම් ද්‍රව්‍ය, යන්ත්රසූත්ර, උපකරණ හා උපාංග සහ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ඉදි කිරීමේදී අවශ්‍ය යන්ත්රසූත්ර ආනයනය කිරීෙම්දී බදු සහන ලබා දීමටත්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සඳහා ආයෝජන ආකර්ෂණය කරගැනීම පිණිස යෝජිත 'ජෛව වෛද්‍ය කලාපය' (Biomedical Zone) පිහිටුවීමේ කටයුතු කඩිනම් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම

- හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා චීන රජයට අයත් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම අතර ඇති කරගැනීමට යෝජිත අනුග්‍රාහක ගිවිසුම යටතේ දැනට වැඩ කටයුතු නිම වී ඇති හම්බන්තොට වරායේ අදියර I හා අදියර II ද, යෝජිත අදියර III ද ඇතුළත් වන පරිදි වරායේ ඉදිරි සැලසුම් සකස් කිරීම, මූල්‍ය සම්පාදනය, මෙහෙයුම් ප්‍රවර්ධනය කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කෙරේ. නීතිපතිතුමා විසින් නිෂ්කාශනය ලබා දී ඇති මෙම අනුග්‍රාහක ගිවිසුමට එළඹීම සඳහාත්, මෙම අනුග්‍රාහක ගිවිසුම ක්‍රියාවට නැංවීම අධීක්ෂණය කිරීම සඳහා විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අදාළ අනෙකුත් අමාත්‍යවරුන්ගේ සහභාගිත්වය ඇති අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය දෙන ලදී.

පෞද්ගලික - රාජ්‍ය සහයෝගිතා (PPP) ආකෘතිය තුළින් රාජ්‍ය අංශයේ යටිතල පහසුකම් සඳහා ආයෝජනයන් සිදු කිරීම

- යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය අරමුදල් මත රඳා පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු කලාපයේ අනෙකුත් තරගකාරී රටවලට සාපේක්ෂව පසුගාමී තත්ත්වයක පවතී. මෙම තත්ත්වය රජයේ මූල්‍ය ක්‍රියාකාරීත්වය මත දැඩි පීඩනයක් ඇති කර තිබේ. මෙම පසුබිම තුළ රටේ ඉදිරි යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලි සඳහා, වෙනත් රටවල සාර්ථකව අත්හදා බලා ඇති රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘතීන් යොදාගැනීම වැදගත් වනු ඇත. ඒ අනුව, සාර්ථක රාජ්‍ය - පෞද්ගලික සහයෝගීත්ව ආකෘති මඟින් රට තුළට විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම පිණිස සුදුසු යන්ත්‍රණයක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සූර්ය බල පද්ධති සිය නිවාසවල වහළ මත ඉදි කිරීම සඳහා විදුලි පාරිභෝගිකයන් වෙත ණය පොලී සහන ලබා දීම

- මාසික විදුලි බිල රුපියල් 2,000/-කට වඩා වැඩි නිවාසවල බලශක්ති අවශ්‍යතාව සූර්ය බලශක්තිය මඟින් සපුරාගැනීම දිරිමත් කිරීම සඳහා වන සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි. එහෙත් මෙරට විදුලි පාරිභෝගිකයින්ගෙන් 40%කගේ පමණ මාසික විදුලි බිල රුපියල් 300/-ට වඩා අඩු බැවින්, එම වැඩසටහන වඩා සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා, අදාළ ණය පොලී සහනය මුලින් සැලසුම් කළ පරිදි මාසික විදුලි බිල රුපියල් 2,000/-කට වඩා වැඩි ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා පමණක් සීමා නොකොට සියලුම ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා අදාළ කිරීමටත්, මේ සදහා රජයේ හෝ ඕනෑම පෞද්ගලික බැංකුවකින් ලබා ගන්නා ණය සඳහා ණය පොලී සහනය ලබා දීමටත්, ණය පොලී සහනය ලබා දීමට යෝජිත ණය මුදලේ සීමාව රුපියල් 150,000/- සිට රුපියල් 350,000/- දක්වා වැඩි කිරීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ පිහිටි ඉඩම සංවර්ධනය කිරීම

- මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයට සහ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගයට මුහුණලා පිහිටි, අක්කර 14.5ක භූමි ප්‍රමාණයකින් යුත් ඉඩමක් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතුවන අතර, එම ඉඩමෙහි ප්‍රමාණය හා පිහිටීම සැලකිල්ලට ගැනීමේදී එය මහා පරිමාණ සංවර්ධන කාර්යයක් සඳහා යොදා ගත හැකි බව නිරීක්ෂණය වේ. විශේෂයෙන්ම වාණිජ හා නේවාසික පහසුකම් ඇතුළත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා එම ඉඩම යොදාගැනීමට ඉහළ විභවතාවක් පවතී. ඒ අනුව, ඉහත දේපළ තුළ ක්‍රියාත්මක කළ හැකි ඵලදායී සංවර්ධන ව්‍යාපෘති යෝජනා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් හඳුනාගැනීමටත්, ඉඩම සංවර්ධනය සඳහා වන අදාළ ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීමට, යෝජනා ඇගයීමට හා සලකා බැලීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත්, එම සාකච්ඡා සම්මුති කමිටුවට සහාය වීම පිණිස අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නෙදර්ලන්ත සහනදායී මූල්‍ය පහසුකම්

- නෙදර්ලන්ත රජය විසින්, එරට පිළිගත් සමාගම් හරහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාලම් ඉදි කිරීම, පොළොන්නරුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම, මීරිගම ජලසම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කරනු ලැබ ඇත. එම ව්‍යාපෘති සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නෙදර්ලන්ත සමාගම් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා ඇගයීමට ලක් කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය - දෙවන අදියර - අමතර පාලම් 63ක් ඉදි කිරීම

- ග්‍රාමීය පාලම් 537ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා ස්ටර්ලින් පවුම් මිලියන 100ක ණය මුදලක් ලබාගැනීම පිණිස ඩොයිෂ් බෑන්ක් ඒජී ලන්ඩන් බැංකුවෙන් වාණිජ ණය පහසුකම් ලබාගැනීමට 2014 පෙබරවාරි 21 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. වසර 03ක් වන එහි ව්‍යාපෘති කාලසීමාව 2017 දෙසැම්බර් මස 08 දින අවසන් වීමට නියමිත අතර විනිමය අනුපාතයන්ගේ වෙනස්වීම හේතුවෙන් අදාළ ණය පහසුකම යටතේ තවදුරටත් අරමුදල් අතිරික්තයක් පවතින බව පෙනී ගොස් ඇත. ඒ අනුව, එකී ඉතිරි මුදල ප්‍රයෝජනයට ගනිමින් අතිරේක පාලම් 63ක් ඉදි කිරීමටත්, ඒ සඳහා මෙම ව්‍යාපෘතියේ කාලසීමාව 2017 දෙසැම්බර් මස 08 වන දින සිට තවත් මාස 03කින් දීර්ඝ කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ 3 වන අදියරෙහි කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම

- මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ 3 වන අදියර මඟින් කිලෝමීටර 74ක දිගකින් යුත් මිණිපේ වම් ඉවුරු ඇළ මාර්ගයේ කිලෝමීටර 49.82 සිට කිලෝමීටර 63.65ක් දක්වා වන ප්‍රදේශය පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 625.73ක (වැට් රහිත) මුදලකට, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන නවලෝක ඉදි කිරීම් (පුද්ගලික) සමාගම වෙත ප්රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ජල නළ මාර්ගය වැඩිදියුණු කිරීම

- ඔස්ට්‍රියාවේ Uni Credit Bank AG හා මහජන බැංකුව මඟින් අරමුදල් සලසනු ලබන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වනුයේ දැනට ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග කොටසට සමගාමීව එළනු ලැබ ඇති ජල උපයෝගිතා නළ මාර්ගය, ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට යෝජිත මාර්ගයට සමගාමීව අලුතින් එළීම වේ. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශ පරිදි, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු සමාගමක් තෝරාගැනීම පිණිස ආයතන 03කින් යෝජනා කැඳවනු ලැබ ඇති මුත්, ඒ සඳහා ප්‍රතිචාර දක්වනු ලැබ ඇත්තේ Mascinen - Umwelttechink - Transport Anlagen (M-U-T) සමාගම පමණි. ඒ අනුව, එම සමාගම සමඟ සාකච්ඡා සම්මුති පවත්වා ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් පත් කරන ලද අමාත්‍ය කමිටුවේ නිර්දේශය පරිදි, මෙම ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව, යුරෝ මිලියන 46.21ක මුළු මුදලකට, Mascinen - Umwelttechink - Transport Anlagen (M-U-T) සමාගම වෙත ප්රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මැදිරිගිරිය ජල සම්පාදන යෝජනා ක්‍රමය අදියර III - බිසෝපුර හා කුමුදුපුර ජල කුලුනුවල ප්‍රධාන පොම්පාගාර සඳහා නළ එළීම සහ උපාංග සවි කිරීම

- රුපියල් මිලියන 3,057ක පමණ පිරිවැයක් දරමින් ඉදි කෙරෙන මැදිරිගිරිය ජල සම්පාදන යෝජනා ක්රමයේ III වන අදියර, 'රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන ජල සම්පාදන ව්‍යාපෘති 09න් එකකි. මෙම ව්‍යාපෘතිය මඟින් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 14ක් ආවරණය කෙරෙමින් නළ ජල පහසුකම් සැපෙයනු ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ බිසෝපුර හා කුමුදුපුර ජල කුලුනුවල ප්‍රධාන පොම්පාගාර සඳහා ජලනළ, සවි කිරීමේ උපාංග, හා කපාට (VALVES) සපයා එළීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 678.06ක මුදලකට, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Sanken Construction (Pvt.) Ltd. - Vonlan Constructions (Pvt.) Ltd. - JV වෙත ප්රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හිඟුරක්ගොඩ, ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම

- පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වාර්ෂිකව පාසල් හැර යන සිසුන් ප්‍රමාණය 3,225ක් පමණ වන අතර ඔවුන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීමට එම දිස්ත්‍රික්කයේ දැනට පවතින රාජ්‍ය අංශයේ පුහුණු මධ්‍යස්ථානවල ධාරිතාව ප්‍රමාණවත් නොවේ. එම තරුණ තරුණියන්ට ඵලදායී රැකියා අවස්ථා ලබා ගත හැකි වන පරිදි ගුණාත්මක කාර්මික හා වෘත්තීය අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා දීම සඳහා පොළොන්නරුව ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනට සමගාමීව ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, නෙදර්ලන්ත රජයේ ණය ආධාර යටතේ, හිඟුරක්ගොඩ ස්ථාපිත කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-03-21

[QUOTE="monson, post: 21370323, member: 30005"] [SIZE="4"][B]සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග (LRT) ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් (PMU) ස්ථාපනය කිරීම[/B] - ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) අනුග්‍රහයෙන් ඉදි කිරීමට නියමිත කොළඹ කොටුව සිට බම්බලපිටිය හා බොරැල්ල හරහා මරදාන දක්වා දිවෙන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය (LRT) හා බොරැල්ල සිට මාලඹේ දක්වා දිවෙන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම, එම මාර්ග පද්ධති නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම[/B] - ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් (National Science Centre - NSC) ස්ථාපිත කිරීම සඳහා හෝමාගම, පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයෙන් අක්කර හතක (07) භූමි භාගයක් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය වෙත දැනටමත් වෙන් කර දෙනු ලැබ ඇත. මෙම ජාතික විද්‍යා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව සඳහා වන නව මූලාරම්භයක් වන අතර, එබැවින් එහි කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, සුදුසුකම් ලත් විශේෂඥයන්ගේ සහාය ලබා ගෙන සිදු කිරීම වැදගත් වේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සැලසුම්කරණය හා ගෘහ නිර්මාණ සැලසුම්කරණය, ජාතික විද්‍යා මධ්‍යස්ථානය ඉදි කිරීම, ස්ථාපනය සහ අධීක්ෂණය කිරීම යන කාර්යයන් සඳහා උපදේශක සේවා ලබාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත්, යෝග්‍ය නියෝජිතායතන වෙතින් තාක්ෂණික හා මූල්‍යමය සහාය ලබාගැනීමටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීම[/B] - රටේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා දායක විය හැකි ප්‍රධාන කර්මාන්තයක් වශයෙන් ඖෂධ නිෂ්පාදන කාර්මාන්තය හඳුනාගනු ලැබ තිබේ. එබැවින්, දේශීය ඖෂධ ඉල්ලුම සපුරා ලීමට, ගුණාත්මක ඖෂධ පහසු මිලකට ලබා දීමට සහ ආනයනික ඖෂධ මත රඳා පැවැත්ම අවම කිරීමට හැකි වන අයුරින් මෙරට ඖෂධ නිෂ්පාදකයින්ගේ ධාරිතාව වැඩිදියුණු කර ලීම සඳහා පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය වේ. මෙරට සමස්ත ඖෂධ අවශ්‍යතාවෙන් 15% ක් පමණ දැනට දේශීයව නිපදවනු ලබන අතර, එය 80% ක් පමණ දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි. ඒ අනුව, මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නවීකරණය හා පුළුල් කිරීම සඳහාත්, අපනයන වෙළඳ පොළට පිවිසීමට හැකි වන පරිදි තරගකාරීත්වය වර්ධනය කර ලීම සඳහාත් පහසුකම් සැලසීමේ අරමුණින්, ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන අමුද්‍රව්‍ය, ඇසුරුම් ද්‍රව්‍ය, යන්ත්රසූත්ර, උපකරණ හා උපාංග සහ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ඉදි කිරීමේදී අවශ්‍ය යන්ත්රසූත්ර ආනයනය කිරීෙම්දී බදු සහන ලබා දීමටත්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සඳහා ආයෝජන ආකර්ෂණය කරගැනීම පිණිස යෝජිත 'ජෛව වෛද්‍ය කලාපය' (Biomedical Zone) පිහිටුවීමේ කටයුතු කඩිනම් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම[/B] - හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා චීන රජයට අයත් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම අතර ඇති කරගැනීමට යෝජිත අනුග්‍රාහක ගිවිසුම යටතේ දැනට වැඩ කටයුතු නිම වී ඇති හම්බන්තොට වරායේ අදියර I හා අදියර II ද, යෝජිත අදියර III ද ඇතුළත් වන පරිදි වරායේ ඉදිරි සැලසුම් සකස් කිරීම, මූල්‍ය සම්පාදනය, මෙහෙයුම් ප්‍රවර්ධනය කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කෙරේ. නීතිපතිතුමා විසින් නිෂ්කාශනය ලබා දී ඇති මෙම අනුග්‍රාහක ගිවිසුමට එළඹීම සඳහාත්, මෙම අනුග්‍රාහක ගිවිසුම ක්‍රියාවට නැංවීම අධීක්ෂණය කිරීම සඳහා විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අදාළ අනෙකුත් අමාත්‍යවරුන්ගේ සහභාගිත්වය ඇති අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය දෙන ලදී. [B]පෞද්ගලික - රාජ්‍ය සහයෝගිතා (PPP) ආකෘතිය තුළින් රාජ්‍ය අංශයේ යටිතල පහසුකම් සඳහා ආයෝජනයන් සිදු කිරීම[/B] - යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය අරමුදල් මත රඳා පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු කලාපයේ අනෙකුත් තරගකාරී රටවලට සාපේක්ෂව පසුගාමී තත්ත්වයක පවතී. මෙම තත්ත්වය රජයේ මූල්‍ය ක්‍රියාකාරීත්වය මත දැඩි පීඩනයක් ඇති කර තිබේ. මෙම පසුබිම තුළ රටේ ඉදිරි යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලි සඳහා, වෙනත් රටවල සාර්ථකව අත්හදා බලා ඇති රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘතීන් යොදාගැනීම වැදගත් වනු ඇත. ඒ අනුව, සාර්ථක රාජ්‍ය - පෞද්ගලික සහයෝගීත්ව ආකෘති මඟින් රට තුළට විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම පිණිස සුදුසු යන්ත්‍රණයක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]සූර්ය බල පද්ධති සිය නිවාසවල වහළ මත ඉදි කිරීම සඳහා විදුලි පාරිභෝගිකයන් වෙත ණය පොලී සහන ලබා දීම[/B] - මාසික විදුලි බිල රුපියල් 2,000/-කට වඩා වැඩි නිවාසවල බලශක්ති අවශ්‍යතාව සූර්ය බලශක්තිය මඟින් සපුරාගැනීම දිරිමත් කිරීම සඳහා වන සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි. එහෙත් මෙරට විදුලි පාරිභෝගිකයින්ගෙන් 40%කගේ පමණ මාසික විදුලි බිල රුපියල් 300/-ට වඩා අඩු බැවින්, එම වැඩසටහන වඩා සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා, අදාළ ණය පොලී සහනය මුලින් සැලසුම් කළ පරිදි මාසික විදුලි බිල රුපියල් 2,000/-කට වඩා වැඩි ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා පමණක් සීමා නොකොට සියලුම ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා අදාළ කිරීමටත්, මේ සදහා රජයේ හෝ ඕනෑම පෞද්ගලික බැංකුවකින් ලබා ගන්නා ණය සඳහා ණය පොලී සහනය ලබා දීමටත්, ණය පොලී සහනය ලබා දීමට යෝජිත ණය මුදලේ සීමාව රුපියල් 150,000/- සිට රුපියල් 350,000/- දක්වා වැඩි කිරීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ පිහිටි ඉඩම සංවර්ධනය කිරීම[/B] - මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයට සහ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගයට මුහුණලා පිහිටි, අක්කර 14.5ක භූමි ප්‍රමාණයකින් යුත් ඉඩමක් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතුවන අතර, එම ඉඩමෙහි ප්‍රමාණය හා පිහිටීම සැලකිල්ලට ගැනීමේදී එය මහා පරිමාණ සංවර්ධන කාර්යයක් සඳහා යොදා ගත හැකි බව නිරීක්ෂණය වේ. විශේෂයෙන්ම වාණිජ හා නේවාසික පහසුකම් ඇතුළත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා එම ඉඩම යොදාගැනීමට ඉහළ විභවතාවක් පවතී. ඒ අනුව, ඉහත දේපළ තුළ ක්‍රියාත්මක කළ හැකි ඵලදායී සංවර්ධන ව්‍යාපෘති යෝජනා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් හඳුනාගැනීමටත්, ඉඩම සංවර්ධනය සඳහා වන අදාළ ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීමට, යෝජනා ඇගයීමට හා සලකා බැලීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත්, එම සාකච්ඡා සම්මුති කමිටුවට සහාය වීම පිණිස අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]නෙදර්ලන්ත සහනදායී මූල්‍ය පහසුකම්[/B] - නෙදර්ලන්ත රජය විසින්, එරට පිළිගත් සමාගම් හරහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාලම් ඉදි කිරීම, පොළොන්නරුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම, මීරිගම ජලසම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කරනු ලැබ ඇත. එම ව්‍යාපෘති සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නෙදර්ලන්ත සමාගම් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා ඇගයීමට ලක් කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය - දෙවන අදියර - අමතර පාලම් 63ක් ඉදි කිරීම[/B] - ග්‍රාමීය පාලම් 537ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා ස්ටර්ලින් පවුම් මිලියන 100ක ණය මුදලක් ලබාගැනීම පිණිස ඩොයිෂ් බෑන්ක් ඒජී ලන්ඩන් බැංකුවෙන් වාණිජ ණය පහසුකම් ලබාගැනීමට 2014 පෙබරවාරි 21 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. වසර 03ක් වන එහි ව්‍යාපෘති කාලසීමාව 2017 දෙසැම්බර් මස 08 දින අවසන් වීමට නියමිත අතර විනිමය අනුපාතයන්ගේ වෙනස්වීම හේතුවෙන් අදාළ ණය පහසුකම යටතේ තවදුරටත් අරමුදල් අතිරික්තයක් පවතින බව පෙනී ගොස් ඇත. ඒ අනුව, එකී ඉතිරි මුදල ප්‍රයෝජනයට ගනිමින් අතිරේක පාලම් 63ක් ඉදි කිරීමටත්, ඒ සඳහා මෙම ව්‍යාපෘතියේ කාලසීමාව 2017 දෙසැම්බර් මස 08 වන දින සිට තවත් මාස 03කින් දීර්ඝ කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ 3 වන අදියරෙහි කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම[/B] - මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ 3 වන අදියර මඟින් කිලෝමීටර 74ක දිගකින් යුත් මිණිපේ වම් ඉවුරු ඇළ මාර්ගයේ කිලෝමීටර 49.82 සිට කිලෝමීටර 63.65ක් දක්වා වන ප්‍රදේශය පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 625.73ක (වැට් රහිත) මුදලකට, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන නවලෝක ඉදි කිරීම් (පුද්ගලික) සමාගම වෙත ප්රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ජල නළ මාර්ගය වැඩිදියුණු කිරීම[/B] - ඔස්ට්‍රියාවේ Uni Credit Bank AG හා මහජන බැංකුව මඟින් අරමුදල් සලසනු ලබන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වනුයේ දැනට ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග කොටසට සමගාමීව එළනු ලැබ ඇති ජල උපයෝගිතා නළ මාර්ගය, ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට යෝජිත මාර්ගයට සමගාමීව අලුතින් එළීම වේ. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශ පරිදි, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු සමාගමක් තෝරාගැනීම පිණිස ආයතන 03කින් යෝජනා කැඳවනු ලැබ ඇති මුත්, ඒ සඳහා ප්‍රතිචාර දක්වනු ලැබ ඇත්තේ Mascinen - Umwelttechink - Transport Anlagen (M-U-T) සමාගම පමණි. ඒ අනුව, එම සමාගම සමඟ සාකච්ඡා සම්මුති පවත්වා ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් පත් කරන ලද අමාත්‍ය කමිටුවේ නිර්දේශය පරිදි, මෙම ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව, යුරෝ මිලියන 46.21ක මුළු මුදලකට, Mascinen - Umwelttechink - Transport Anlagen (M-U-T) සමාගම වෙත ප්රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මැදිරිගිරිය ජල සම්පාදන යෝජනා ක්‍රමය අදියර III - බිසෝපුර හා කුමුදුපුර ජල කුලුනුවල ප්‍රධාන පොම්පාගාර සඳහා නළ එළීම සහ උපාංග සවි කිරීම[/B] - රුපියල් මිලියන 3,057ක පමණ පිරිවැයක් දරමින් ඉදි කෙරෙන මැදිරිගිරිය ජල සම්පාදන යෝජනා ක්රමයේ III වන අදියර, 'රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන ජල සම්පාදන ව්‍යාපෘති 09න් එකකි. මෙම ව්‍යාපෘතිය මඟින් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 14ක් ආවරණය කෙරෙමින් නළ ජල පහසුකම් සැපෙයනු ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ බිසෝපුර හා කුමුදුපුර ජල කුලුනුවල ප්‍රධාන පොම්පාගාර සඳහා ජලනළ, සවි කිරීමේ උපාංග, හා කපාට (VALVES) සපයා එළීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 678.06ක මුදලකට, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Sanken Construction (Pvt.) Ltd. - Vonlan Constructions (Pvt.) Ltd. - JV වෙත ප්රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]හිඟුරක්ගොඩ, ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම[/B] - පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වාර්ෂිකව පාසල් හැර යන සිසුන් ප්‍රමාණය 3,225ක් පමණ වන අතර ඔවුන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීමට එම දිස්ත්‍රික්කයේ දැනට පවතින රාජ්‍ය අංශයේ පුහුණු මධ්‍යස්ථානවල ධාරිතාව ප්‍රමාණවත් නොවේ. එම තරුණ තරුණියන්ට ඵලදායී රැකියා අවස්ථා ලබා ගත හැකි වන පරිදි ගුණාත්මක කාර්මික හා වෘත්තීය අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා දීම සඳහා පොළොන්නරුව ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනට සමගාමීව ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, නෙදර්ලන්ත රජයේ ණය ආධාර යටතේ, හිඟුරක්ගොඩ ස්ථාපිත කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-03-21[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom