Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාතික ගිවිසුම් සඳහා ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුමත කිරීම: 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනය කිරීම

- අන්තර්ජාතික ගිවිසුම් තුළ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන භාවිත කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ ප්‍රතිපාදන ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දෙන ලද අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එකී පනත් කෙටුම්පත අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බස්නාහිර කලාපය තුළ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දිගුකාලීන විසඳුම්

- බස්නාහිර කලාපයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දිගුකාලීන විසඳුම් සෙවීමේ කාර්යභාරය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇත. කොළඹ මහ නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වීම සහ කොළඹ වරාය මූල්‍ය නගරය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ වසර 2030 වන විට තවත් කසළ මෙට්‍රික් ටොන් 1,300ක් පමණ අතිරේකව දෛනිකව එකතු වනු ඇතැයි පුරෝකථනය කරනු ලැබ තිබේ. ඒ අනුව, නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබ ඇති පහත සඳහන් ව්‍යාපෘති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් යුද හමුදාවේ සහාය ඇතිව දැනට කරගෙන යනු ලබන කටයුතු මාස 05ක් තුළ අවසන් කිරීම සහ එම ස්ථානය නාගරික වන උයනක් ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම;

* දැනට ආරම්භ කර ඇති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති කසළ බැහැර කිරීමේ ව්‍යාපෘති සඳහා මූලික පාරිසරික ඇගයීම් ක්‍රියාවලිය අනුගමනය කරමින් පාරිසරික අනුමැතීන් ලබා දීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියට බලය පැවරීම;

* කසළ වර්ගකර බැහැර කිරීම සඳහා ජනතාව පෙළඹවීම සහ වර්ගීකරණය කරන ලද කසළ පමණක් ඒ සඳහා වෙන් කරන ලද මධ්‍යස්ථානවලට ප්‍රවාහනය කිරීම;

* පවුල් 50,000ට වැඩි සංඛ්‍යාවක් වෙසෙන පළාත් පාලන ආයතන විසින් ඔවුන්ගේම කසළ බැහැර කිරීමේ හා පිරිසැකසුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට පියවර ගැනීම;

* මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් ආයතනය එක්ව කසළ මඟින් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම;

* පුත්තලම, අරුවක්කාරු කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ දූත මණ්ඩල මඟින් විදේශ රජයන්ගෙන් ව්‍යාපෘති යෝජනා ලබාගැනීම;

* කැලණිය, කසළ හුවමාරු මධ්‍යස්ථානය ඉදි කිරීමට අවශ්‍ය ඉඩම් කොටස ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත පැවරීම;

හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රංශ සංවර්ධන ආයතනයෙන් මුල්‍යාධාර ලබා ගැනීම

- මෙරට විදුලි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, මධ්‍යම වෝල්ටීයතා ජාලයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ සුහුරුජාල හා මනුකරණ වැඩිදියුණු කිරීම මඟින් බලශක්ති කාර්යක්ෂමතාව ඇති කිරීම යන උප ව්‍යාපෘති 3ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - දෙවන අදියර සඳහා වැය වන ඇමරිකානු ඩොලර් මිලියන 260ක සමස්ත පිරිවැයෙන් කොටසක් දැරීම පිණිස යුරෝ මිලියන 30ක් ලබා දීමට ප්‍රංශ සංවර්ධන ආයතනය (AFD) එකඟවී ඇත. ඒ අනුව, එකී ණය මුදල ලබාගැනීම සඳහා එම ආයතනය සමඟ ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය

- බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි බත්මැඩිල්ල අමුණට ඉහළින් උමාඔය හරස් කර යෝජිත තල්පිටිගල ජලාශය ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර එමඟින් බත්මැඩිල්ල ව්‍යාපාරය සඳහා වාරි ජලය සැපයීමට අපේක්ෂා කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය මඟින් කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාසනාගම, මඩුල්ල, තැටිල්ල සහ බෙරමඩ යන ගම්මානවලට පානීය ජලය සැපයීමටත්, ගිගාවොට් පැය 51ක ජල විදුලිබලයක් වාර්ෂිකව උත්පාදනය කර ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටත් යෝජිතය. ඇමරිකානු ඩොලර් මිලියන 174ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. මෙහි ඇස්තමේන්තුගත පිරිවැයෙන් 85%ක් සඳහා අරමුදල් සැපයීමට චීනයේ අපනයන ආනයන බැංකුව එකඟවී ඇති අතර එම ණය මුදල ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ චීනයේ අපනයන ආනයන බැංකුව අතර ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය - වල්ගම - දියගම(B452) මාර්ගය පුනරුත්ථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම

- ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන 'කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය' යටතේ, වල්ගම - දියගම(B452) මාර්ගයේ කිලෝ මීටර් 7.06ක් දිගැති මාර්ග කොටසක් පුනරුත්ථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව නිර්දේශය පරිදි ප්‍රතිචාරාත්මක අවම ලංසුව ඉදිරිපත් කර ඇති ආයතනය වෙත ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'සූර්යබල සංග්‍රාමය' වැඩසටහන යටතේ රජයේ ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීමේ ව්‍යාපෘතිය

- රජයේ ආයතන පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිලි හරිත බලශක්ති මූලාශ්රයන්ට පරිවර්තනය කිරීම සඳහා 2017 වර්ෂයේ අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 350ක් වෙන් කරනු ලැබ ඇත. මෙහි පළමු අදියර යටතේ, එම අරමුදල්වලින් 75%ක් භාවිතා කර සෑම දිස්ත්‍රික්කයම තෝරාගත් රජයේ රෝහල් සඳහා සූර්ය බලශක්ති ජනන කට්ටල සවිකිරීමටත්, ඉතිරි 25%ක ප්‍රමාණය භාවිතා කර පිරිවැය බෙදා ගැනීමේ පදනම මත තෝරාගත් රජයේ ආයතන සඳහා සූර්ය බලශක්ති ජනන කට්ටල සවිකිරීමටත්, ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කන්කසන්තුරෙයි වරාය ප්‍රතිසංස්කරණය කිරීම

- උතුරු ප්‍රදේශයේ වෙළඳ ක්‍රියාකාරකම් දිරිගැන්වීම සඳහා කන්කසන්තුරෙයි වරාය ප්‍රතිසංස්කරණය කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. එම වරාය ඉන්දියාවේ නැඟෙනහිර ප්‍රදේශයේ පිහිටි සියලුම වරායන්ට හා මියන්මාරය සහ බංග්ලාදේශය යන රටවල්වලටද ආසන්නතම වරාය වේ. මෙම වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 45.27ක ණය මුදලක් ඉන්දියානු අපනයන - ආනයන බැංකුව මඟින් ලබා දීමට ඉන්දීය රජය එකඟ වී ඇති අතර ව්‍යාපෘතියේ කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව, අදාළ ණය කොන්දේසි සම්බන්ධයෙන් ඉන්දියානු අපනයන - ආනයන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පවත්වා ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයක් සහිත මෞත්‍ර -ලිංගික ප්‍රතිකාර ඒකකය (Urological Unit) ඉදි කිරීම

- ශ්‍රී ලංකා ජාතික රෝහලේ මෞත්‍ර-ලිංගික ශල්‍ය ඒකකය 1955 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර මුත්‍රා ගල්, පුරස්ථි ග්‍රන්ථි හා සම්බන්ධ රෝග, මෞත්‍ර - ලිංගික පද්ධතිය ආශ්රිත පිළිකා, කාන්තාවන්ගේ මුත්‍රාශය හා සම්බන්ධ ගැටලු, ආදී රෝග හා ගැටලු 50කට අධික සංඛ්‍යාවක් සඳහා මෙහි දී ප්‍රතිකාර කරනු ලැබේ. මාළිගාවත්තේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකය පිහිටුවීමට පෙර මෙම ඒකකය මඟින් වකුගඩු බද්ධ කිරීම්ද සිදු කරන ලදී. වර්තමානයේ මෙම ඒකකය තවදුරටත් අලුත්වැඩියා කළ නොහැකි ඉතා පැරණි ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබන බැවින් එම ඒකකය අවශ්‍ය පහසුකම් සහිතව වෙනත් සුදුසු ගොඩනැඟිල්ලක කඩිනමින් ස්ථාපිත කළ යුතුව ඇත. ඒ සඳහා දැනට පවතින තනි මහල් ගොඩනැඟිල්ල ඉවත් කර මහල් තුනකින් යුත් නව ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 150ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම සඳහා අනුග්‍රහය දැක්වීමට ඊ.ඒ.එම්.මැලිබන් ටෙක්ස්ටයිල්ස් පෞද්ගලික සමාගම එකඟතාව පළ කර ඇත. ඒ අනුව, නවීන පහසුකම් සහිතව ඇඳන් 80 - 100 ප්‍රමාණයක් හා ශල්‍ය දැඩි සත්කාර ඒකකයක් ද සහිතව මෙම ඒකකය ස්ථාපනය කිරීම සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස එකී අනුග්‍රාහක ආයතනය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බුදුපුත් මාපිය උපහාර නිවාස වැඩ සටහන

- සසුන්ගත වී ඇති භික්ෂුන් වහන්සේලාගේ නිවාස අහිමි දෙමාපියන් හා පවුලේ සාමාජිකයින්ට නව නිවාස ඉදි කර දීම පිණිස 'බුදුපුත් මාපිය උපහාර නිවාස වැඩසටහන' නමින් ව්‍යාපෘතියක්, 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සමගාමීව ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල නිර්දේශ පරිදි ප්‍රතිලාභී පවුල් හඳුනාගැනීමටත්, අවශ්‍ය ඉඩම් හඳුනාගෙන වර්ග අඩි 500ක උපරිමයක් යටතේ එක් නිවසක් ඉදි කිරීම සඳහා රුපියල් 500,000/-ක උපරිමයකට යටත්ව ආධාර සැපයීමටත්, දිවයිනපුරා එවැනි තෝරා ගනු ලබන පවුල් 500ක් සඳහා මෙම වැඩසටහන යටතේ නිවාස ඉදි කරදීමටත් බුද්ධ ශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කළුතර මහ රෝහලේ අක්ෂි ශල්‍යාගාරය හා වාට්ටු ඉදි කිරීම (අදියර II)

- කළුතර මහ රෝහලේ දැනට පවතින ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අක්ෂි සායන සේවාවන් සහ රෝගී සත්කාර සේවාවන් පවත්වා ගෙන යාමේදී සිදුවන බාධා අවම කර ගැනීම උදෙසා අක්ෂි ශල්‍යාගාරය හා වාට්ටු සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා ඉදිරිපත්ව ඇති ලංසුකරුවන් අතුරින් සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මොරටුව, ඌව වෙල්ලස්ස සහ සෞන්දර්ය කලා යන විශ්වවිද්‍යාලවල ඉදිකිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම

- මොරටුව විශ්වවිද්‍යාලයේ රෙදිපිළි හා ඇඟලුම් තාක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ල දීර්ඝ කිරීම, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විෂයධාරව යටතේ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා පහසුකම් සංවර්ධනය කිරීම, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත හා පොදු පහසුකම් පීඨය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි කොන්ත්‍රාත් ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ප්‍රවාහන සේවාවන්හි ගුණාත්මක සංවර්ධනයක් උදෙසා බකමූණ බස් නැවතුම්පොළ නව ස්ථානයක ඉදි කිරීම

- දිවයිනේ ප්‍රධාන නගර හා උප නගරවල මගී ජනතාවගේ පහසුව සඳහා බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට සමගාමීව රජරට නවෝදය පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ බකමූණ නගරයේ නව බස් නැවතුම්පොළක් ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා ඉඩම් කොටසක් ලබා දීමට බකමූණ ප්‍රාදේශීය සභාව එකඟ වී ඇති අතර එකවර බස් රථ 07ක් පමණ නැවැත්වීමට පහසුකම් සහිතව මෙම බස් නැවතුම්පොළ ඉදි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 50ක ඇස්තමේන්තුගත පිරිවැයකින් බකමූණ බස් නැවතුම්පළ ඉදි කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සාගර විශ්වවිද්‍යාලයේ පානදුර මධ්‍යස්ථානය සඳහා මහල් හතරකින් සමන්විත ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- සාගර විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව ප්‍රාදේශීය මධ්‍යස්ථාන 08ක් මට්ටක්කුලිය, කළුතර, ගාල්ල, තංගල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය හා මීගමුව යන ප්‍රදේශවල පවත්වා ගෙන යන අතර, එම මධ්‍යස්ථාන මඟින් ධීවර හා නාවික ක්ෂේත්රයේ විශාල ඉල්ලුමක් පවතින ක්ෂේත්‍ර සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් 05 සහ 06 මට්ටමේ ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලා පවත්වා ගෙන යනු ලබයි. නාවික සන්නිවේදනය, කිමිදීම, දිය යට වෑද්දුම් ශිල්පය, නාවික යාත්‍රා නිපදවීම වැනි ක්ෂේත්රවල පුහුණු ශ්‍රමිකයින් සඳහා මේ වන විට ඉහළ ඉල්ලුමක් පවතී. කළුතර දිස්ත්‍රික්කයේ, දෙදියවල පවත්වා ගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානයේ ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමේ හැකියාවක් නොමැති බැවින් පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, උයන්කැලේ ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් ඉඩමක සාගර විශ්වවිද්‍යාලයේ නව ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය උපකරණ හා අනෙකුත් යටිතල පහසුකම් සපයා දීමටත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අම්පාර තාක්ෂණ විද්‍යාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම

- අම්පාර තාක්ෂණ විද්‍යාලය කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන අතර දැනට එහි ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම් (NVQ) 03, 04, 05, සහ 06 මට්ටම්වලට අදාළ පුහුණු පාඨමාලා පවත්වා ගෙන යනු ලැබේ. සිසු සිසුවියන් 1000කට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව මෙම තාක්ෂණ විද්‍යාලය සඳහා බඳවා ගනු ලැබේ. 2013 වර්ෂයේ පැවති දැයට කිරුළ වැඩසටහනට සමගාමීව මෙම තාක්ෂණ විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් ගොඩනැඟිලි කිහිපයක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ යටතේ දේශනශාලා, නේවාසිකාගාරය අර්ධ වශයෙන් ඉදි කරනු ලැබ ඇත. මේ පිළිබඳව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ පරිදි 2017 වර්ෂයේ අයවැය ප්‍රතිපාදන මඟින් මෙම ඉදි කිරීම්වල ඉතිරි වැඩකටයුතු නිම කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හැටන් හි පිහිටා ඇති තොණ්ඩමාන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම

- වතුකරයේ තරුණ තරුණියන්ගේ කුසලතා හා වෘත්තීය දක්ෂතා වැඩිදියුණු කිරීමේ අරමුණින්, හැටන් හි පිහිටා ඇති තොණ්ඩමාන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 199ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟ වී ඇත. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තෝරාගත් දිස්ත්‍රික්ක 3ක භූගත ජල විමංසන ජාලයක් ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතිය

- භූගත ජල සම්පත පරිහරණය ශීඝ්‍රයෙන් ඉහළ යාමත්, ජල දූෂණය හේතුවෙන් ජල සම්පත තර්ජනයට ලක්වීමට ඇති අවකාශයත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූගත ජලය නිසි කළමනාකරණයකට ලක් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. මේ සඳහා භූගත ජලයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක බව පිළිබඳ කාලීන දත්ත සපයා ගැනීම අවශ්‍ය වන අතර, ඒ සඳහා දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක 03ක 'භූගත ජල විමංසන ජාලයක්' ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. මෙම නියමු ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගත් භූගත ජලය දූෂණය වීම හේතුවෙන් වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති ගංගා ද්‍රෝණි තුනක භූගත ජල විමංසන ජාලයක් ඉදි කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය යුරෝ මිලියන 20.63ක් වන අතර එයින් 85%ක ප්‍රමාණයක් මූල්‍යනය කිරීම සඳහා නෙදර්ලන්තයේ රබෝ බැංකුව එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ණය මුදල ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නෙදර්ලන්තයේ රබෝ බැංකුව සමඟ අදාළ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-05-02

[QUOTE="monson, post: 21574980, member: 30005"] [SIZE="4"][B]අන්තර්ජාතික ගිවිසුම් සඳහා ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුමත කිරීම: 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනය කිරීම[/B] - අන්තර්ජාතික ගිවිසුම් තුළ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන භාවිත කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ ප්‍රතිපාදන ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දෙන ලද අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එකී පනත් කෙටුම්පත අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][SIZE="4"]බස්නාහිර කලාපය තුළ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දිගුකාලීන විසඳුම්[/SIZE][/B] - බස්නාහිර කලාපයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දිගුකාලීන විසඳුම් සෙවීමේ කාර්යභාරය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇත. කොළඹ මහ නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වීම සහ කොළඹ වරාය මූල්‍ය නගරය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ වසර 2030 වන විට තවත් කසළ මෙට්‍රික් ටොන් 1,300ක් පමණ අතිරේකව දෛනිකව එකතු වනු ඇතැයි පුරෝකථනය කරනු ලැබ තිබේ. ඒ අනුව, නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබ ඇති පහත සඳහන් ව්‍යාපෘති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. * මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් යුද හමුදාවේ සහාය ඇතිව දැනට කරගෙන යනු ලබන කටයුතු මාස 05ක් තුළ අවසන් කිරීම සහ එම ස්ථානය නාගරික වන උයනක් ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම; * දැනට ආරම්භ කර ඇති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති කසළ බැහැර කිරීමේ ව්‍යාපෘති සඳහා මූලික පාරිසරික ඇගයීම් ක්‍රියාවලිය අනුගමනය කරමින් පාරිසරික අනුමැතීන් ලබා දීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියට බලය පැවරීම; * කසළ වර්ගකර බැහැර කිරීම සඳහා ජනතාව පෙළඹවීම සහ වර්ගීකරණය කරන ලද කසළ පමණක් ඒ සඳහා වෙන් කරන ලද මධ්‍යස්ථානවලට ප්‍රවාහනය කිරීම; * පවුල් 50,000ට වැඩි සංඛ්‍යාවක් වෙසෙන පළාත් පාලන ආයතන විසින් ඔවුන්ගේම කසළ බැහැර කිරීමේ හා පිරිසැකසුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට පියවර ගැනීම; * මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් ආයතනය එක්ව කසළ මඟින් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම; * පුත්තලම, අරුවක්කාරු කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ දූත මණ්ඩල මඟින් විදේශ රජයන්ගෙන් ව්‍යාපෘති යෝජනා ලබාගැනීම; * කැලණිය, කසළ හුවමාරු මධ්‍යස්ථානය ඉදි කිරීමට අවශ්‍ය ඉඩම් කොටස ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත පැවරීම; [B]හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රංශ සංවර්ධන ආයතනයෙන් මුල්‍යාධාර ලබා ගැනීම[/B] - මෙරට විදුලි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, මධ්‍යම වෝල්ටීයතා ජාලයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ සුහුරුජාල හා මනුකරණ වැඩිදියුණු කිරීම මඟින් බලශක්ති කාර්යක්ෂමතාව ඇති කිරීම යන උප ව්‍යාපෘති 3ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - දෙවන අදියර සඳහා වැය වන ඇමරිකානු ඩොලර් මිලියන 260ක සමස්ත පිරිවැයෙන් කොටසක් දැරීම පිණිස යුරෝ මිලියන 30ක් ලබා දීමට ප්‍රංශ සංවර්ධන ආයතනය (AFD) එකඟවී ඇත. ඒ අනුව, එකී ණය මුදල ලබාගැනීම සඳහා එම ආයතනය සමඟ ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය[/B] - බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි බත්මැඩිල්ල අමුණට ඉහළින් උමාඔය හරස් කර යෝජිත තල්පිටිගල ජලාශය ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර එමඟින් බත්මැඩිල්ල ව්‍යාපාරය සඳහා වාරි ජලය සැපයීමට අපේක්ෂා කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය මඟින් කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාසනාගම, මඩුල්ල, තැටිල්ල සහ බෙරමඩ යන ගම්මානවලට පානීය ජලය සැපයීමටත්, ගිගාවොට් පැය 51ක ජල විදුලිබලයක් වාර්ෂිකව උත්පාදනය කර ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටත් යෝජිතය. ඇමරිකානු ඩොලර් මිලියන 174ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. මෙහි ඇස්තමේන්තුගත පිරිවැයෙන් 85%ක් සඳහා අරමුදල් සැපයීමට චීනයේ අපනයන ආනයන බැංකුව එකඟවී ඇති අතර එම ණය මුදල ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ චීනයේ අපනයන ආනයන බැංකුව අතර ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය - වල්ගම - දියගම(B452) මාර්ගය පුනරුත්ථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම[/B] - ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන 'කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය' යටතේ, වල්ගම - දියගම(B452) මාර්ගයේ කිලෝ මීටර් 7.06ක් දිගැති මාර්ග කොටසක් පුනරුත්ථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව නිර්දේශය පරිදි ප්‍රතිචාරාත්මක අවම ලංසුව ඉදිරිපත් කර ඇති ආයතනය වෙත ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]'සූර්යබල සංග්‍රාමය' වැඩසටහන යටතේ රජයේ ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීමේ ව්‍යාපෘතිය[/B] - රජයේ ආයතන පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිලි හරිත බලශක්ති මූලාශ්රයන්ට පරිවර්තනය කිරීම සඳහා 2017 වර්ෂයේ අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 350ක් වෙන් කරනු ලැබ ඇත. මෙහි පළමු අදියර යටතේ, එම අරමුදල්වලින් 75%ක් භාවිතා කර සෑම දිස්ත්‍රික්කයම තෝරාගත් රජයේ රෝහල් සඳහා සූර්ය බලශක්ති ජනන කට්ටල සවිකිරීමටත්, ඉතිරි 25%ක ප්‍රමාණය භාවිතා කර පිරිවැය බෙදා ගැනීමේ පදනම මත තෝරාගත් රජයේ ආයතන සඳහා සූර්ය බලශක්ති ජනන කට්ටල සවිකිරීමටත්, ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කන්කසන්තුරෙයි වරාය ප්‍රතිසංස්කරණය කිරීම[/B] - උතුරු ප්‍රදේශයේ වෙළඳ ක්‍රියාකාරකම් දිරිගැන්වීම සඳහා කන්කසන්තුරෙයි වරාය ප්‍රතිසංස්කරණය කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. එම වරාය ඉන්දියාවේ නැඟෙනහිර ප්‍රදේශයේ පිහිටි සියලුම වරායන්ට හා මියන්මාරය සහ බංග්ලාදේශය යන රටවල්වලටද ආසන්නතම වරාය වේ. මෙම වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 45.27ක ණය මුදලක් ඉන්දියානු අපනයන - ආනයන බැංකුව මඟින් ලබා දීමට ඉන්දීය රජය එකඟ වී ඇති අතර ව්‍යාපෘතියේ කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව, අදාළ ණය කොන්දේසි සම්බන්ධයෙන් ඉන්දියානු අපනයන - ආනයන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පවත්වා ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ශ්‍රී ලංකා ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයක් සහිත මෞත්‍ර -ලිංගික ප්‍රතිකාර ඒකකය (Urological Unit) ඉදි කිරීම[/B] - ශ්‍රී ලංකා ජාතික රෝහලේ මෞත්‍ර-ලිංගික ශල්‍ය ඒකකය 1955 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර මුත්‍රා ගල්, පුරස්ථි ග්‍රන්ථි හා සම්බන්ධ රෝග, මෞත්‍ර - ලිංගික පද්ධතිය ආශ්රිත පිළිකා, කාන්තාවන්ගේ මුත්‍රාශය හා සම්බන්ධ ගැටලු, ආදී රෝග හා ගැටලු 50කට අධික සංඛ්‍යාවක් සඳහා මෙහි දී ප්‍රතිකාර කරනු ලැබේ. මාළිගාවත්තේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකය පිහිටුවීමට පෙර මෙම ඒකකය මඟින් වකුගඩු බද්ධ කිරීම්ද සිදු කරන ලදී. වර්තමානයේ මෙම ඒකකය තවදුරටත් අලුත්වැඩියා කළ නොහැකි ඉතා පැරණි ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබන බැවින් එම ඒකකය අවශ්‍ය පහසුකම් සහිතව වෙනත් සුදුසු ගොඩනැඟිල්ලක කඩිනමින් ස්ථාපිත කළ යුතුව ඇත. ඒ සඳහා දැනට පවතින තනි මහල් ගොඩනැඟිල්ල ඉවත් කර මහල් තුනකින් යුත් නව ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 150ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම සඳහා අනුග්‍රහය දැක්වීමට ඊ.ඒ.එම්.මැලිබන් ටෙක්ස්ටයිල්ස් පෞද්ගලික සමාගම එකඟතාව පළ කර ඇත. ඒ අනුව, නවීන පහසුකම් සහිතව ඇඳන් 80 - 100 ප්‍රමාණයක් හා ශල්‍ය දැඩි සත්කාර ඒකකයක් ද සහිතව මෙම ඒකකය ස්ථාපනය කිරීම සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස එකී අනුග්‍රාහක ආයතනය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]බුදුපුත් මාපිය උපහාර නිවාස වැඩ සටහන[/B] - සසුන්ගත වී ඇති භික්ෂුන් වහන්සේලාගේ නිවාස අහිමි දෙමාපියන් හා පවුලේ සාමාජිකයින්ට නව නිවාස ඉදි කර දීම පිණිස 'බුදුපුත් මාපිය උපහාර නිවාස වැඩසටහන' නමින් ව්‍යාපෘතියක්, 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සමගාමීව ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල නිර්දේශ පරිදි ප්‍රතිලාභී පවුල් හඳුනාගැනීමටත්, අවශ්‍ය ඉඩම් හඳුනාගෙන වර්ග අඩි 500ක උපරිමයක් යටතේ එක් නිවසක් ඉදි කිරීම සඳහා රුපියල් 500,000/-ක උපරිමයකට යටත්ව ආධාර සැපයීමටත්, දිවයිනපුරා එවැනි තෝරා ගනු ලබන පවුල් 500ක් සඳහා මෙම වැඩසටහන යටතේ නිවාස ඉදි කරදීමටත් බුද්ධ ශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] කළුතර මහ රෝහලේ අක්ෂි ශල්‍යාගාරය හා වාට්ටු ඉදි කිරීම (අදියර II)[/B] - කළුතර මහ රෝහලේ දැනට පවතින ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අක්ෂි සායන සේවාවන් සහ රෝගී සත්කාර සේවාවන් පවත්වා ගෙන යාමේදී සිදුවන බාධා අවම කර ගැනීම උදෙසා අක්ෂි ශල්‍යාගාරය හා වාට්ටු සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා ඉදිරිපත්ව ඇති ලංසුකරුවන් අතුරින් සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මොරටුව, ඌව වෙල්ලස්ස සහ සෞන්දර්ය කලා යන විශ්වවිද්‍යාලවල ඉදිකිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම[/B] - මොරටුව විශ්වවිද්‍යාලයේ රෙදිපිළි හා ඇඟලුම් තාක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ල දීර්ඝ කිරීම, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විෂයධාරව යටතේ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා පහසුකම් සංවර්ධනය කිරීම, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත හා පොදු පහසුකම් පීඨය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි කොන්ත්‍රාත් ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ප්‍රවාහන සේවාවන්හි ගුණාත්මක සංවර්ධනයක් උදෙසා බකමූණ බස් නැවතුම්පොළ නව ස්ථානයක ඉදි කිරීම[/B] - දිවයිනේ ප්‍රධාන නගර හා උප නගරවල මගී ජනතාවගේ පහසුව සඳහා බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට සමගාමීව රජරට නවෝදය පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ බකමූණ නගරයේ නව බස් නැවතුම්පොළක් ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා ඉඩම් කොටසක් ලබා දීමට බකමූණ ප්‍රාදේශීය සභාව එකඟ වී ඇති අතර එකවර බස් රථ 07ක් පමණ නැවැත්වීමට පහසුකම් සහිතව මෙම බස් නැවතුම්පොළ ඉදි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 50ක ඇස්තමේන්තුගත පිරිවැයකින් බකමූණ බස් නැවතුම්පළ ඉදි කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]සාගර විශ්වවිද්‍යාලයේ පානදුර මධ්‍යස්ථානය සඳහා මහල් හතරකින් සමන්විත ගොඩනැඟිල්ලක් ඉදි කිරීම[/B] - සාගර විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව ප්‍රාදේශීය මධ්‍යස්ථාන 08ක් මට්ටක්කුලිය, කළුතර, ගාල්ල, තංගල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය හා මීගමුව යන ප්‍රදේශවල පවත්වා ගෙන යන අතර, එම මධ්‍යස්ථාන මඟින් ධීවර හා නාවික ක්ෂේත්රයේ විශාල ඉල්ලුමක් පවතින ක්ෂේත්‍ර සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් 05 සහ 06 මට්ටමේ ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලා පවත්වා ගෙන යනු ලබයි. නාවික සන්නිවේදනය, කිමිදීම, දිය යට වෑද්දුම් ශිල්පය, නාවික යාත්‍රා නිපදවීම වැනි ක්ෂේත්රවල පුහුණු ශ්‍රමිකයින් සඳහා මේ වන විට ඉහළ ඉල්ලුමක් පවතී. කළුතර දිස්ත්‍රික්කයේ, දෙදියවල පවත්වා ගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානයේ ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමේ හැකියාවක් නොමැති බැවින් පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, උයන්කැලේ ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් ඉඩමක සාගර විශ්වවිද්‍යාලයේ නව ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය උපකරණ හා අනෙකුත් යටිතල පහසුකම් සපයා දීමටත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]අම්පාර තාක්ෂණ විද්‍යාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම[/B] - අම්පාර තාක්ෂණ විද්‍යාලය කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන අතර දැනට එහි ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම් (NVQ) 03, 04, 05, සහ 06 මට්ටම්වලට අදාළ පුහුණු පාඨමාලා පවත්වා ගෙන යනු ලැබේ. සිසු සිසුවියන් 1000කට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව මෙම තාක්ෂණ විද්‍යාලය සඳහා බඳවා ගනු ලැබේ. 2013 වර්ෂයේ පැවති දැයට කිරුළ වැඩසටහනට සමගාමීව මෙම තාක්ෂණ විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් ගොඩනැඟිලි කිහිපයක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ යටතේ දේශනශාලා, නේවාසිකාගාරය අර්ධ වශයෙන් ඉදි කරනු ලැබ ඇත. මේ පිළිබඳව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ පරිදි 2017 වර්ෂයේ අයවැය ප්‍රතිපාදන මඟින් මෙම ඉදි කිරීම්වල ඉතිරි වැඩකටයුතු නිම කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]හැටන් හි පිහිටා ඇති තොණ්ඩමාන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම[/B] - වතුකරයේ තරුණ තරුණියන්ගේ කුසලතා හා වෘත්තීය දක්ෂතා වැඩිදියුණු කිරීමේ අරමුණින්, හැටන් හි පිහිටා ඇති තොණ්ඩමාන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 199ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟ වී ඇත. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]තෝරාගත් දිස්ත්‍රික්ක 3ක භූගත ජල විමංසන ජාලයක් ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතිය[/B] - භූගත ජල සම්පත පරිහරණය ශීඝ්‍රයෙන් ඉහළ යාමත්, ජල දූෂණය හේතුවෙන් ජල සම්පත තර්ජනයට ලක්වීමට ඇති අවකාශයත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූගත ජලය නිසි කළමනාකරණයකට ලක් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. මේ සඳහා භූගත ජලයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක බව පිළිබඳ කාලීන දත්ත සපයා ගැනීම අවශ්‍ය වන අතර, ඒ සඳහා දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක 03ක 'භූගත ජල විමංසන ජාලයක්' ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. මෙම නියමු ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගත් භූගත ජලය දූෂණය වීම හේතුවෙන් වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති ගංගා ද්‍රෝණි තුනක භූගත ජල විමංසන ජාලයක් ඉදි කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය යුරෝ මිලියන 20.63ක් වන අතර එයින් 85%ක ප්‍රමාණයක් මූල්‍යනය කිරීම සඳහා නෙදර්ලන්තයේ රබෝ බැංකුව එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ණය මුදල ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නෙදර්ලන්තයේ රබෝ බැංකුව සමඟ අදාළ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-05-02[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom