Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන්නිපිටියේ, වීර මාවතේ, වෘත්තිකයන් සඳහා වන නිවාස 500ක් සැලසුම් කිරීමේ සහ ඉදි කිරීමේ පදනම මත ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්රදානය කිරීම

- මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් පන්නිපිටිය, වීර මාවතේ වෘත්තිකයන් සඳහා නිවාස 500ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. තෝරාගනු ලබන නිවාසලාභීන්ගෙන් නිවාස වටිනාකම කළින් ලබාගන්නා අරමුදල් මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණ ඇගයීම් කමිටුවේ නිර්දේශය හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බදුල්ල - චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලුණුගල සිට බිබිල (කි.මී.171.80 සිට කි.මී.190.80) දක්වා ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම

- බදුල්ල - චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලුණුගල සිට බිබිල (කි.මී.171.80 සිට කි.මී.190.80) දක්වා ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරන ලද නිර්දේශ අනුව කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ කොටුව සහ පිටකොටුව ඇතුළත පදික මංතීරු සංවර්ධනය (ඉදි කිරීම් අදියර III)

- කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වන පරිදි ආකර්ශණීය ස්ථාන යා කරමින් මංතීරු ජාලයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතියේ 1 අදියර ලෙස ඩී.ආර්.විජේවර්ධන මාවතේ සිට ඕල්කට් මාවත දක්වා කොටස දැනටමත් වැඩ නිම කර ඇති අතර, අදියර 2 යටතේ ඔල්කට් මාවත සහ සමුද්‍ර මාවත අතර කොටස දැනට වැඩ නිම වෙමින් පවතී. ව්‍යාපෘතියේ අදියර 3 වශයෙන් සාන්ත සෙබස්තියන් ඇළ ටෙක්නිකල් හංදියේ සිට උපරිමාධිකරණ සංකීර්ණය දක්වා වන පදික මාරුව සංවර්ධනය කිරීමට යෝජිත අතර එය මීටර් 6ක (අඩි 20ක) පළලකින් යුතු වන අතර, දිග මීටර් 1,485කි. එම අදියර III යටතේ යෝජිත ඉදි කිරීම් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කර ගැනීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නව කර්මාන්ත පිහිටුවීම සඳහා ප්රාදේශීයව පිහිටි කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම

- බුත්තල, නාලන්ද (මාතලේ), නාලන්ද එල්ලාවල, ගලිගමුව, කළුතර, මිල්ලව, මිනුවන්ගොඩ, මතුගම, දඹදෙනිය, නූරාන, මාකදුර (බටහිර), දංකොටුව, උඩුකාව, ත්‍රිකුණාමලය යන කර්මාන්තපුරවල පිහිටි ඉඩම් කොටස් 23ක් රුපියල් බිලියන 1,617ක පමණ ආයෝජනය කිරීමට අපේක්ෂිත තෝරාගත් ආයෝජකයින් සඳහා ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරනු ලබන බදු කුලිය අය කිරීමේ පදනම මත වසර 35ක කාලයකට බදු පදනම මත ලබා දීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පාකිස්තානු රජය වෙතින් ඇ.ඩො. මිලියන 200ක ණය පහසුකමක් ලබාගැනීම

- ශ්‍රී ලංකා රජයේ ප්රමුඛ සංවර්ධන ව්‍යාපෘති මූල්‍යයනය කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා දීමට පාකිස්තානු රජය එකඟ වී ඇත. නිවාස ඉදි කිරීම, පශු සම්පත් නඟා සිටුවීමට අවශ්‍ය සතුන් ආනයනය, කෘෂිකර්මාන්තය හා කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්රසූත්ර ආනයනය, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සංවර්ධනය කිරීම වැනි කාර්යයන් සඳහා මෙම ණය පහසුකම උපයෝගි කරගනු ඇත. ඒ අනුව, පාකිස්තානු රජය සමඟ ඊට අදාළ ණය ගිවිසුමට එළඹීම පිණිස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය නිලධාරින් සඳහා නිල නිවාස පහසුකම් සැපයීම - කොළඹ දිස්ත්‍රික්කය

- කොළඹ දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් පිහිටා ඇති අතර ඒවායේ සේවය කරන සැලකිය යුතු නිලධාරින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචිකරුවන් බැවින් ඔවුහු රාජකාරි නිල නිවාස අපේක්ෂා කරති. දැනට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය සතු රජයේ නිල නිවාසවලින් යම් ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට හා සේවා අවශ්‍යතාව මත වෙනත් නිලධාරින්ට ලබා දී ඇතත් අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වැනි නිලධාරින්ට නිල නිවාස ලබා දීමේදී එවැනි නිවාසවල පවතින හිඟය ගැටලුවක්ව පවතී. මේ සඳහා පිළියමක් වශයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි මීට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා කාර්යාලය පවත්වාගෙන යන ලද ඉඩමේ හෙක්ටයාර 0.284ක ඉඩම් කොටසක මහල් 08ක නිවාස 49 කින් යුත් නිල නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර ඇති අතර එය මේ වර්ෂයේදී ආරම්භ කර 2019 වසර අවසානය වන විට නිම කිරීමට අපේක්ෂිතය. අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2017-2019 කාල සීමාව තුළ මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීමටත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-05-30

[QUOTE="monson, post: 21719180, member: 30005"] [SIZE="4"][B]පන්නිපිටියේ, වීර මාවතේ, වෘත්තිකයන් සඳහා වන නිවාස 500ක් සැලසුම් කිරීමේ සහ ඉදි කිරීමේ පදනම මත ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්රදානය කිරීම[/B] - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් පන්නිපිටිය, වීර මාවතේ වෘත්තිකයන් සඳහා නිවාස 500ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. තෝරාගනු ලබන නිවාසලාභීන්ගෙන් නිවාස වටිනාකම කළින් ලබාගන්නා අරමුදල් මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණ ඇගයීම් කමිටුවේ නිර්දේශය හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]බදුල්ල - චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලුණුගල සිට බිබිල (කි.මී.171.80 සිට කි.මී.190.80) දක්වා ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම[/B] - බදුල්ල - චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලුණුගල සිට බිබිල (කි.මී.171.80 සිට කි.මී.190.80) දක්වා ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරන ලද නිර්දේශ අනුව කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කොළඹ කොටුව සහ පිටකොටුව ඇතුළත පදික මංතීරු සංවර්ධනය (ඉදි කිරීම් අදියර III)[/B] - කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වන පරිදි ආකර්ශණීය ස්ථාන යා කරමින් මංතීරු ජාලයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතියේ 1 අදියර ලෙස ඩී.ආර්.විජේවර්ධන මාවතේ සිට ඕල්කට් මාවත දක්වා කොටස දැනටමත් වැඩ නිම කර ඇති අතර, අදියර 2 යටතේ ඔල්කට් මාවත සහ සමුද්‍ර මාවත අතර කොටස දැනට වැඩ නිම වෙමින් පවතී. ව්‍යාපෘතියේ අදියර 3 වශයෙන් සාන්ත සෙබස්තියන් ඇළ ටෙක්නිකල් හංදියේ සිට උපරිමාධිකරණ සංකීර්ණය දක්වා වන පදික මාරුව සංවර්ධනය කිරීමට යෝජිත අතර එය මීටර් 6ක (අඩි 20ක) පළලකින් යුතු වන අතර, දිග මීටර් 1,485කි. එම අදියර III යටතේ යෝජිත ඉදි කිරීම් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කර ගැනීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] නව කර්මාන්ත පිහිටුවීම සඳහා ප්රාදේශීයව පිහිටි කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම[/B] - බුත්තල, නාලන්ද (මාතලේ), නාලන්ද එල්ලාවල, ගලිගමුව, කළුතර, මිල්ලව, මිනුවන්ගොඩ, මතුගම, දඹදෙනිය, නූරාන, මාකදුර (බටහිර), දංකොටුව, උඩුකාව, ත්‍රිකුණාමලය යන කර්මාන්තපුරවල පිහිටි ඉඩම් කොටස් 23ක් රුපියල් බිලියන 1,617ක පමණ ආයෝජනය කිරීමට අපේක්ෂිත තෝරාගත් ආයෝජකයින් සඳහා ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරනු ලබන බදු කුලිය අය කිරීමේ පදනම මත වසර 35ක කාලයකට බදු පදනම මත ලබා දීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] පාකිස්තානු රජය වෙතින් ඇ.ඩො. මිලියන 200ක ණය පහසුකමක් ලබාගැනීම[/B] - ශ්‍රී ලංකා රජයේ ප්රමුඛ සංවර්ධන ව්‍යාපෘති මූල්‍යයනය කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා දීමට පාකිස්තානු රජය එකඟ වී ඇත. නිවාස ඉදි කිරීම, පශු සම්පත් නඟා සිටුවීමට අවශ්‍ය සතුන් ආනයනය, කෘෂිකර්මාන්තය හා කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්රසූත්ර ආනයනය, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සංවර්ධනය කිරීම වැනි කාර්යයන් සඳහා මෙම ණය පහසුකම උපයෝගි කරගනු ඇත. ඒ අනුව, පාකිස්තානු රජය සමඟ ඊට අදාළ ණය ගිවිසුමට එළඹීම පිණිස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] රාජ්‍ය නිලධාරින් සඳහා නිල නිවාස පහසුකම් සැපයීම - කොළඹ දිස්ත්‍රික්කය[/B] - කොළඹ දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් පිහිටා ඇති අතර ඒවායේ සේවය කරන සැලකිය යුතු නිලධාරින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචිකරුවන් බැවින් ඔවුහු රාජකාරි නිල නිවාස අපේක්ෂා කරති. දැනට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය සතු රජයේ නිල නිවාසවලින් යම් ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට හා සේවා අවශ්‍යතාව මත වෙනත් නිලධාරින්ට ලබා දී ඇතත් අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වැනි නිලධාරින්ට නිල නිවාස ලබා දීමේදී එවැනි නිවාසවල පවතින හිඟය ගැටලුවක්ව පවතී. මේ සඳහා පිළියමක් වශයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි මීට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා කාර්යාලය පවත්වාගෙන යන ලද ඉඩමේ හෙක්ටයාර 0.284ක ඉඩම් කොටසක මහල් 08ක නිවාස 49 කින් යුත් නිල නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර ඇති අතර එය මේ වර්ෂයේදී ආරම්භ කර 2019 වසර අවසානය වන විට නිම කිරීමට අපේක්ෂිතය. අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2017-2019 කාල සීමාව තුළ මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීමටත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-05-30[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom