Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔස්ට්‍රියානු සහන ණය යටතේ රෝහල්වල ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක වැඩි දියුණු කිරීම

- ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් හඳුනාගත් රජයේ රෝහල් සඳහා නිර්වින්දන උපකරණ, දැඩි සත්කාර ඒකක සඳහා කෘත්‍රිම ශ්වසන උපකරණ, රුධිර වායු විශ්ලේෂකයන්, එන්ඩෝස්කොපි උපකරණ, ශල්‍යාගාර සහ ජංගම අලෝක පද්ධති යන උපකරණ ලබා දීම සඳහා වන ව්‍යාපෘතියක් සැලැසුම් කරනු ලැබ තිබේ. ඒ සඳහා යුරෝ මිලියන 9.58ක සහනදායී ණය මුදලක් ඔස්ට්‍රියානු බැංකුවක් හරහා ලබා දීමට ඔස්ට්‍රියානු රජය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, අදාළ ණය මුදල ලබාගැනීම සඳහා ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු වැඩබලන අමාත්‍යතුමා වශයෙන් ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය දියුණු කිරීම සහ ඉහළ නැංවීම

- කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් ප්රදානය සඳහා 2017 මාර්තු 14 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යුරෝ මිලියන 9.5ක මුදල එරට බැංකුවක් හරහා පොලී රහිත සහනදායී ණයක් වශයෙන් ලබා දීමට ඔස්ට්‍රියානු රජය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ ණය මුදල ලබාගැනීම සඳහා ඔස්ට්‍රියාවේ රෙයිෆේයිසන් බෑන්ක් ඉන්ටර්නැෂනල් සමඟ සම්මුති සාකච්ඡා පැවැත්වීමටත්, අනතුරුව ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු වැඩබලන අමාත්‍යතුමා වශයෙන් ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මා ඔය ද්‍රෝණියේ යටිමහන ජලාශය හා කැලණි ගඟ ද්‍රෝණියේ වී ඔය ජලාශය ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම

- වියළි කාලගුණික තත්ත්වයක් පවතින කාලවලදී මා ඔය සහ කැලණි ගඟ ආශ්‍රිතව ක්‍රියාත්මක වන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල පවිත්රාගාර සඳහා අවශ්‍ය ජලය ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවේ. එම තත්ත්වය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ජල සම්පාදන යෝජනා ක්‍රම සැලසුම් කිරීමේදී ද බලපෑමක් ඇති කරනු ලබයි.

මෙයට පිළියමක් වශයෙන් කැලණි ගං ද්‍රෝණිය ආශ්‍රිතව ඝන මීටර මිලියන 19ක ධාරිතාවකින් යුතු යෝජිත වී ඔය ජලාශය ඉදි කිරීමටත්, මා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඝන මීටර මිලියන 12.7ක ධාරිතාවකින් යුතු යෝජිත යටිමහන ජලාශය ඉදි කිරීමටත් සැලසුම් කරනු ලැබ තිබේ. මෙම යෝජිත උඩු ගං ජලාශ ඉදි කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන සිදු කිරීමටත්, ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව සීමාසහිත මහවැලි උපදේශක කාර්යාංශය වෙත පැවරීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ස්ථාපනය කිරීම

- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ දැනට රාජ්‍ය අංශයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 13ක් ක්‍රියාත්මක වන අතර, විවිධ ක්ෂේත්රයන්ට අදාළ පාඨමාලා 54ක් ඒවායේ පවත්වා ගෙන යනු ලබන අතර පෞද්ගලික අංශය විසින් පවත්වා ගෙන යනු ලබන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පුහුණු පාඨමාලා 24ක් පමණ ක්‍රියාත්මක වේ. රාජ්‍ය අංශයේ පුහුණු මධ්‍යස්ථානවලින් 2016 වර්ෂයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2,200ක් පමණ පුහුණුව ලබා ඇත. එම පුහුණු මධ්‍යස්ථාවල දැනට ක්‍රියාත්මක වන්නේ ජාතික වෘත්තිය සුදුසුකම් 3 සහ 4 මට්ටමේ පාඨමාලා පමණක් වන අතර, ජාතික වෘත්තීය සුදුසුකම් 5 හෝ 6 මට්ටමේ පාඨමාලා හැදෑරීම සඳහා අනුරාධපුරය හෝ යාපනය හෝ පිහිටි විශ්වවිද්‍යාල විද්‍යායතන වෙත යොමු විය යුතු වේ. මෙම තත්ත්වය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, රුපියල් මිලියන 434ක පිරිවැයකින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියාහි විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ස්ථාපනය කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පරිසර හිතකාමී කාබනික පළතුරු සහ එළවළු වගාවක් සඳහා එච්.වී.ඒ. ෆාම්ස් (ප්‍රයිවට් ලිමිටඩ්) සමාගම වෙත ඉඩමක් දීර්ඝ කාලීන බදු ලබා දීම

- පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, රාල්මඩුව ග්‍රාම නිලධාරි වසමේ පිහිටි හෙක්ටයාර 69.9ක ඉඩම් කොටසක් පරිසර හිතකාමී කාබනික පළතුරු සහ එළවළු වගාවක් සිදු කිරීම පිණිස එච්.වී.ඒ. ෆාම්ස් (ප්‍රයිවට් ලිමිටඩ්) සමාගම වෙත 30 අවුරුදු කාලයක් සඳහා බදු පදනම මත ලබා දීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය

- කාර්මික - අධ්‍යාපන හවුල්කාරිත්වය ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය (SLT) විසින් සිය අරමුදල් යොදවමින් ස්ථාපිත කරනු ලැබ ඇති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය (Sri Lanka Technological University) සඳහා 2016 වර්ෂයේදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් උපාධි ප්රදානය කිරීමේ තත්ත්වය ලබා දෙනු ලැබ තිබේ. පාදුක්කේ පිහිටි SLT චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ අක්කර 36ක භූමි ප්‍රදේශයක මෙම විශ්වවිද්‍යාලය පිහිටුවනු ලැබ තිබේ.

2017 වර්ෂයේ සිට උසස්පෙළ විභාගයේදී තාක්ෂණික විෂය ධාරාවෙන් සමත් වන සිසුන් සඳහා සිව් වසරක ඉංජිනේරු උපාධි පාඨමාලා මෙම විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දෙනු ලැබීමට නියමිත බවටත්, එක්සත් රාජධානියේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ ඩීකින් යන විශ්වවිද්‍යාල සමඟ සිසුන් හුවමාරු කරගැනීමේ ගිවිසුම්වලට එළඹ ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා තාක්ෂණ විශ්වවිද්‍යාලය හා ටෙක්සාස් තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ නවසීලන්තයේ ලින්කන් විශ්වවිද්‍යාලය සමඟ එවැනි වැඩසටහන් ඇරඹීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බවටත්, කර්මාන්තයේ නියැළි ආයතන විසින් අනුග්‍රහය දක්වනු ලබන පර්යේෂණ පැවැත්වීම දිරිගැන්වීම පිණිස පශ්චාත් උපාධි පර්යේෂණ අංශයක්ද මෙම විශ්වවිද්‍යාලය යටතේ පිහිටුවනු ලැබ ඇති බවටත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කොළඹ 02, සර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි ඉඩමක් සුපර්ලේටිව් ප්‍රොපටීස් ලිමිටඩ් වෙත බදු දීම

- නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 02, සර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි රූඩ් 03, පර්චස් 01ක ඉඩම් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා බදු දීමට සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස විවෘත තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා සමාගම් 05ක් විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඉදිරිපත් වූ ලංසුකරුවන් අතරින් ඉහළම ලංසුව ඉදිරිපත් කර ඇති ආයතනය වන සුපර්ලේටිව් ප්‍රොපටීස් ලිමිටඩ් ආයතනය වෙත අදාළ ඉඩම් කොටස රුපියල් මිලියන 1,815ක වටිනාකමට වසර 99ක කාලසීමාවක් සඳහා බදු දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව, අදාළ ඉඩම් කොටස බදු පදනම මත බැහැර කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නව හබරණ ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ වේයන්ගොඩ ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම

- හබරණ නව විදුලි සම්ප්‍රේෂණ ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ වේයන්ගොඩ විදුලි සම්ප්‍රේෂණ ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව ඉන්දියාවේ Siemens සමාගම වෙත ප්රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-06-20

[QUOTE="monson, post: 21842309, member: 30005"] [SIZE="4"][B]ඔස්ට්‍රියානු සහන ණය යටතේ රෝහල්වල ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක වැඩි දියුණු කිරීම[/B] - ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් හඳුනාගත් රජයේ රෝහල් සඳහා නිර්වින්දන උපකරණ, දැඩි සත්කාර ඒකක සඳහා කෘත්‍රිම ශ්වසන උපකරණ, රුධිර වායු විශ්ලේෂකයන්, එන්ඩෝස්කොපි උපකරණ, ශල්‍යාගාර සහ ජංගම අලෝක පද්ධති යන උපකරණ ලබා දීම සඳහා වන ව්‍යාපෘතියක් සැලැසුම් කරනු ලැබ තිබේ. ඒ සඳහා යුරෝ මිලියන 9.58ක සහනදායී ණය මුදලක් ඔස්ට්‍රියානු බැංකුවක් හරහා ලබා දීමට ඔස්ට්‍රියානු රජය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, අදාළ ණය මුදල ලබාගැනීම සඳහා ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු වැඩබලන අමාත්‍යතුමා වශයෙන් ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය දියුණු කිරීම සහ ඉහළ නැංවීම[/B] - කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් ප්රදානය සඳහා 2017 මාර්තු 14 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යුරෝ මිලියන 9.5ක මුදල එරට බැංකුවක් හරහා පොලී රහිත සහනදායී ණයක් වශයෙන් ලබා දීමට ඔස්ට්‍රියානු රජය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ ණය මුදල ලබාගැනීම සඳහා ඔස්ට්‍රියාවේ රෙයිෆේයිසන් බෑන්ක් ඉන්ටර්නැෂනල් සමඟ සම්මුති සාකච්ඡා පැවැත්වීමටත්, අනතුරුව ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු වැඩබලන අමාත්‍යතුමා වශයෙන් ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මා ඔය ද්‍රෝණියේ යටිමහන ජලාශය හා කැලණි ගඟ ද්‍රෝණියේ වී ඔය ජලාශය ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම[/B] - වියළි කාලගුණික තත්ත්වයක් පවතින කාලවලදී මා ඔය සහ කැලණි ගඟ ආශ්‍රිතව ක්‍රියාත්මක වන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල පවිත්රාගාර සඳහා අවශ්‍ය ජලය ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවේ. එම තත්ත්වය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ජල සම්පාදන යෝජනා ක්‍රම සැලසුම් කිරීමේදී ද බලපෑමක් ඇති කරනු ලබයි. මෙයට පිළියමක් වශයෙන් කැලණි ගං ද්‍රෝණිය ආශ්‍රිතව ඝන මීටර මිලියන 19ක ධාරිතාවකින් යුතු යෝජිත වී ඔය ජලාශය ඉදි කිරීමටත්, මා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඝන මීටර මිලියන 12.7ක ධාරිතාවකින් යුතු යෝජිත යටිමහන ජලාශය ඉදි කිරීමටත් සැලසුම් කරනු ලැබ තිබේ. මෙම යෝජිත උඩු ගං ජලාශ ඉදි කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන සිදු කිරීමටත්, ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව සීමාසහිත මහවැලි උපදේශක කාර්යාංශය වෙත පැවරීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ස්ථාපනය කිරීම[/B] - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ දැනට රාජ්‍ය අංශයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 13ක් ක්‍රියාත්මක වන අතර, විවිධ ක්ෂේත්රයන්ට අදාළ පාඨමාලා 54ක් ඒවායේ පවත්වා ගෙන යනු ලබන අතර පෞද්ගලික අංශය විසින් පවත්වා ගෙන යනු ලබන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පුහුණු පාඨමාලා 24ක් පමණ ක්‍රියාත්මක වේ. රාජ්‍ය අංශයේ පුහුණු මධ්‍යස්ථානවලින් 2016 වර්ෂයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2,200ක් පමණ පුහුණුව ලබා ඇත. එම පුහුණු මධ්‍යස්ථාවල දැනට ක්‍රියාත්මක වන්නේ ජාතික වෘත්තිය සුදුසුකම් 3 සහ 4 මට්ටමේ පාඨමාලා පමණක් වන අතර, ජාතික වෘත්තීය සුදුසුකම් 5 හෝ 6 මට්ටමේ පාඨමාලා හැදෑරීම සඳහා අනුරාධපුරය හෝ යාපනය හෝ පිහිටි විශ්වවිද්‍යාල විද්‍යායතන වෙත යොමු විය යුතු වේ. මෙම තත්ත්වය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, රුපියල් මිලියන 434ක පිරිවැයකින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියාහි විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ස්ථාපනය කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]පරිසර හිතකාමී කාබනික පළතුරු සහ එළවළු වගාවක් සඳහා එච්.වී.ඒ. ෆාම්ස් (ප්‍රයිවට් ලිමිටඩ්) සමාගම වෙත ඉඩමක් දීර්ඝ කාලීන බදු ලබා දීම[/B] - පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, රාල්මඩුව ග්‍රාම නිලධාරි වසමේ පිහිටි හෙක්ටයාර 69.9ක ඉඩම් කොටසක් පරිසර හිතකාමී කාබනික පළතුරු සහ එළවළු වගාවක් සිදු කිරීම පිණිස එච්.වී.ඒ. ෆාම්ස් (ප්‍රයිවට් ලිමිටඩ්) සමාගම වෙත 30 අවුරුදු කාලයක් සඳහා බදු පදනම මත ලබා දීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය[/B] - කාර්මික - අධ්‍යාපන හවුල්කාරිත්වය ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය (SLT) විසින් සිය අරමුදල් යොදවමින් ස්ථාපිත කරනු ලැබ ඇති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය (Sri Lanka Technological University) සඳහා 2016 වර්ෂයේදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් උපාධි ප්රදානය කිරීමේ තත්ත්වය ලබා දෙනු ලැබ තිබේ. පාදුක්කේ පිහිටි SLT චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ අක්කර 36ක භූමි ප්‍රදේශයක මෙම විශ්වවිද්‍යාලය පිහිටුවනු ලැබ තිබේ. 2017 වර්ෂයේ සිට උසස්පෙළ විභාගයේදී තාක්ෂණික විෂය ධාරාවෙන් සමත් වන සිසුන් සඳහා සිව් වසරක ඉංජිනේරු උපාධි පාඨමාලා මෙම විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දෙනු ලැබීමට නියමිත බවටත්, එක්සත් රාජධානියේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ ඩීකින් යන විශ්වවිද්‍යාල සමඟ සිසුන් හුවමාරු කරගැනීමේ ගිවිසුම්වලට එළඹ ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා තාක්ෂණ විශ්වවිද්‍යාලය හා ටෙක්සාස් තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ නවසීලන්තයේ ලින්කන් විශ්වවිද්‍යාලය සමඟ එවැනි වැඩසටහන් ඇරඹීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බවටත්, කර්මාන්තයේ නියැළි ආයතන විසින් අනුග්‍රහය දක්වනු ලබන පර්යේෂණ පැවැත්වීම දිරිගැන්වීම පිණිස පශ්චාත් උපාධි පර්යේෂණ අංශයක්ද මෙම විශ්වවිද්‍යාලය යටතේ පිහිටුවනු ලැබ ඇති බවටත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. [B]මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කොළඹ 02, සර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි ඉඩමක් සුපර්ලේටිව් ප්‍රොපටීස් ලිමිටඩ් වෙත බදු දීම[/B] - නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 02, සර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි රූඩ් 03, පර්චස් 01ක ඉඩම් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා බදු දීමට සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස විවෘත තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා සමාගම් 05ක් විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඉදිරිපත් වූ ලංසුකරුවන් අතරින් ඉහළම ලංසුව ඉදිරිපත් කර ඇති ආයතනය වන සුපර්ලේටිව් ප්‍රොපටීස් ලිමිටඩ් ආයතනය වෙත අදාළ ඉඩම් කොටස රුපියල් මිලියන 1,815ක වටිනාකමට වසර 99ක කාලසීමාවක් සඳහා බදු දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව, අදාළ ඉඩම් කොටස බදු පදනම මත බැහැර කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]නව හබරණ ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ වේයන්ගොඩ ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම[/B] - හබරණ නව විදුලි සම්ප්‍රේෂණ ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ වේයන්ගොඩ විදුලි සම්ප්‍රේෂණ ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව ඉන්දියාවේ Siemens සමාගම වෙත ප්රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-06-20[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom