Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ හදන මහ උමං තුන

2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 40

කොළඹ නගරය පසුගිය දශක කිහිපයක සිට සීඝ්රයෙන් පුළුල් වන්නට පටන්ගෙන ඇත. එහි ප්‍රතිඵල ලෙස බත්තරමුල්ල, කඩුවෙල, තලවතුගොඩ, මාලබේ වැනි ප්‍රදේශ දක්වා සීඝ්‍ර ලෙස නාගරීකරණය වීම හේතුවෙන් අතීතයේ වගුරුබිම් හා කුඹුරු යායවල් පැවැති ප්‍රදේශවල පවා ඉඩම් ගොඩකිරීම සිදුවෙමින් පවතී. එම තත්ත්වය තුළ ඉතා සුළු වර්ෂා තත්ත්වයකදී වුවද එම ප්‍රදේශ ජලයෙන් යට වේ. කාලයක පටන්ම පැවතුණු මේ තත්ත්වය දිනෙන් දින තීව්ර වන බව පසුගිය වර්ෂා කාලවලදී පැහැදිලිව අපට දැකගත හැකි විය.

මෙලෙස රටේ සියලු ක්ෂේත්රයන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානය වන කොළඹ සුළු වර්ෂාපනත තත්ත්වයකදී වුවද ජලයෙන් යටවීම නිසා නගර වැසියන්ගේ ජන ජීවිතය මෙන්ම සතර දිගින් කොළඹට පැමිණෙන ජනතාවද මහත් ලෙස පීඩාවට පත්වෙති.

රටට අලුත් අත්දැකීමක් වූ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සකසාගෙන යමින් පවතී.

ඒ අනුව කොළඹ ගංවතුරින් යටවන ප්‍රදේශවලට අයත් කිලෝමීටර 44ක් තරම් දිග ඇළ මාර්ග සියල්ල පිරිසුදු කොට ක්‍රමවත් කිරීම, වැසි ජලය මහ මුහුදට බැස යාමට අලුතින් උමං මාර්ග තුනක් ඉදිකිරීම, කොළඹ තොටළඟ නාගලගම්වීදිය ප්‍රදේශයේ අලුතින්ම ජල පොම්පාගාරයක් ඉදිකිරීම කෙරෙහි මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ඒ සඳහා යන වියදම රුපියල් කෝටි 500කට අධිකය.

ඔලියමුල්ල, තුම්මුල්ල සහ මෝදර යන ප්‍රදේශයන්හි මෙම උමං මාර්ග ඉදිකිරීමට නියමිත අතර මෙම සංවර්ධන වැඩ කටයුතු අවසන් වූ වහාම කොළඹ නගරයට සුළු වැස්සකදී වුවද ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කරගත හැකිය.

ලෝකයේ බොහෝ රටවල නගර මැද උද්‍යාන ඉදිකරනු ලබන්නේ ජලය පොළොවට උරාගැනීමේ අවකාශය වැඩි කිරීම සඳහා වන අතර වර්තමාන කොළඹ නගරය නවීකරණයන්ගේ ප්‍රතිඵලය ලෙස වැසි ජලය මහ පොළොවට උරාගැනීමට ඇති අවකාශය අඩුවෙමින් පැවැතීම ලොකු ගැටලුවකි. පොඩි වැස්සකදී වුවද කොළඹ නගරයේ මංමාවත් යටවීම ගැන ඇසූ සැණින්ම ජනතාව ඇඟිල්ල දිගු කරන්නේ පළාත් පාලන ආයතනවලට සහ රජයටය. ඒ ජලය බැස යන ලෙස කාණු පද්ධතිය ඉදිකර නොමැති බවට චෝදනා නගමිනි. නමුත් නගරයේ භූමි ප්‍රමාණයෙන් වැසි ජලය උරාගැනීමට ඇති අවකාශය සීමාකර කර ඇති ඉදිකිරීම් හේතුවෙන් කුමන ආකාරයට කාණු පද්ධතිය ඉදිකළද ක්ෂණිකව ජලය බැස යාමක් බලාපොරොත්තු විය නොහැකිය.

මේ වනවිටත් වැසි ජලය ගලාබැසීමට අවහිරවන ස්ථාන 41ක් හඳුනාගෙන ඇත. එමෙන්ම ජලය රඳාපැවතීමට වෙන්කොට තිබෙන පහත්බිම්වල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, අනවසර බිම් ගොඩකිරීම තහනම් කිරීම සහ ඇළ මාර්ග හා අවට ප්‍රදේශවල පස සෝදාපාළුව වැළැක්වීමට නුදුරේදීම පියවර ගනු ඇත.

කොළඹ නගරයේ ප්‍රධාන අවශ්‍යතා දෙස බැලීමේදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, මාර්ග සංවර්ධනය, වැසි ජලය කළමනාකරණය යන අංගයන් යටතේ මෙම වැඩපිළිවෙළ කෙරෙනු ඇත.

ගංවතුරකදී විපතට පත්වූවන්ට සහන සැලසීමට රජය විශාල මුදලක් වැය කරන අතර මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම මගින් එම මුදල් රටෙහි ඉදිරි සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට හැකියාව ලැබෙනු ඇත. කොළඹ නගරයේ ගංවතුර පාලනයට ඉදිකිරීමට නියමිත ව්‍යාපෘතිය සම්බන්ධව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවල මහතා අපට දැක්වූ අදහස් මෙසේය.

“කොළඹ නගරයේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා රුපියල් කෝටි 500කට වඩා වැඩි මුදලක් වැයකරමින් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරන්න මෙම රජය පියවර අරගෙන තියෙනවා. ඒ වගේම මේ ගංවතුරට ප්‍රධාන වශයෙන් බලපාන පහත් බිම්වල සිදුකොට ඇති අනවසර ඉදිකිරීම් හා ඒවායේ පදිංචිකරුවන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ පවුල් 2327ක් ඉවත් කරන්න සැලසුම් සකසාගෙන යනවා. කැලණි ගඟෙන් මහ මුහුදට ජලය ගලාබැසීම පුළුල් කිරීම, අඹතලේ අවට වැඩි ජලය රැඳි ස්ථානවල බැමි උස් කිරීම, මුහුදට ජලය ගලාබැසීමට මෝදර මුතුවෙල්හි කොළඹ 07, ටොරින්ටන්වල හා ශාන්ත සෙබස්තියන් දකුණු ප්‍රදේශයේ නව උමං මාර්ග තැනීමට අප කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලබන මාසය වෙනකොට මෙහි මුල්ගල තියලා අවුරුදු දෙකක කාලයක් තුළ මේ වැඩ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම උමං මාර්ග ඉදිකිරීමෙන් සුළු වැස්සකදී වුවද යටවන කොළඹ නගරයේ ගංවතුර තත්ත්වය පාලනය කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.

පසුගිය සතියේ වත්තල ප්‍රදේශයේ දික්ඕවිට ගංවතුර පාලන දියදොර ඉදිකිරීමේ සමාරම්භක උත්සවයට එක් වූ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද එහිදී කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ඉදිකිරීමට නියමිත උමං මාර්ග තුන සම්බන්ධව අදහස් දක්වා තිබුණි.

“නාගරික සංවර්ධනය කියලා අපි හුරුපුරුදුවෙලා තිබෙන්නේ විශාල ගොඩනැගිලි ඉදිකරන්න. ඒ වගේම ඇහැට පෙනෙන මල් වතු, උයන් වතු, කෙත් වතු ඇති කරන්න. හැබැයි ඒ නගර තුළ කුණු ප්‍රශ්න තියනවනම් ඒ නගර තුළ ගංවතුර තත්ත්වයන් ඇතිවෙනවානම් එම නගරවල ජීවත්වෙන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි 2016 වසරේ ගංවතුරෙන් පස්සේ අගෝස්තු මාසයේදී අපි මේ ගැන විධිමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා කැලණි ගඟේ අත්තනගලු ඔයේ, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ ගංවතුර පාලනය කරන්න. එය කැබිනට් මණ්ඩලය පිළිගත්තත් ඒ සඳහා අපිට අරමුදල් සම්පාදනය වුණේ නැහැ. ඒ වගේම තමයි කොළඹ නගරයේ ගංවතුර පාලනය කරන්න උමං මාර්ග 3ක් අපි ඉදිකරන්න යනවා. අපිට විශ්වාසයි ඒ ක්‍රියාව කළාට පස්සේ කොටුව පිටකොටුව ප්‍රදේශය, ඩයස් පෙදෙස, ගේන්චස් පෙදෙස, අලුත් මාවත ගංවතුරෙන් නිදහස් ප්‍රදේශයක් බවට පත්වෙනවා. 2019 – 20 වගේ වෙනකොට මේ තත්ත්වය පාලනය කරන්න අපි කටයුතු කරනවා.” හෙතෙම කීය.

♦ හසිත් අංජන

- http://www.deshaya.lk/article/51/හරබර/2855/කොළඹ-හදන-මහ-උමං-තුන

[QUOTE="monson, post: 21955020, member: 30005"] [B][SIZE="5"]කොළඹ හදන මහ උමං තුන[/SIZE][/B] [SIZE="4"]2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 40 කොළඹ නගරය පසුගිය දශක කිහිපයක සිට සීඝ්රයෙන් පුළුල් වන්නට පටන්ගෙන ඇත. එහි ප්‍රතිඵල ලෙස බත්තරමුල්ල, කඩුවෙල, තලවතුගොඩ, මාලබේ වැනි ප්‍රදේශ දක්වා සීඝ්‍ර ලෙස නාගරීකරණය වීම හේතුවෙන් අතීතයේ වගුරුබිම් හා කුඹුරු යායවල් පැවැති ප්‍රදේශවල පවා ඉඩම් ගොඩකිරීම සිදුවෙමින් පවතී. එම තත්ත්වය තුළ ඉතා සුළු වර්ෂා තත්ත්වයකදී වුවද එම ප්‍රදේශ ජලයෙන් යට වේ. කාලයක පටන්ම පැවතුණු මේ තත්ත්වය දිනෙන් දින තීව්ර වන බව පසුගිය වර්ෂා කාලවලදී පැහැදිලිව අපට දැකගත හැකි විය. මෙලෙස රටේ සියලු ක්ෂේත්රයන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානය වන කොළඹ සුළු වර්ෂාපනත තත්ත්වයකදී වුවද ජලයෙන් යටවීම නිසා නගර වැසියන්ගේ ජන ජීවිතය මෙන්ම සතර දිගින් කොළඹට පැමිණෙන ජනතාවද මහත් ලෙස පීඩාවට පත්වෙති. රටට අලුත් අත්දැකීමක් වූ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සකසාගෙන යමින් පවතී. ඒ අනුව කොළඹ ගංවතුරින් යටවන ප්‍රදේශවලට අයත් කිලෝමීටර 44ක් තරම් දිග ඇළ මාර්ග සියල්ල පිරිසුදු කොට ක්‍රමවත් කිරීම, වැසි ජලය මහ මුහුදට බැස යාමට අලුතින් උමං මාර්ග තුනක් ඉදිකිරීම, කොළඹ තොටළඟ නාගලගම්වීදිය ප්‍රදේශයේ අලුතින්ම ජල පොම්පාගාරයක් ඉදිකිරීම කෙරෙහි මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ඒ සඳහා යන වියදම රුපියල් කෝටි 500කට අධිකය. ඔලියමුල්ල, තුම්මුල්ල සහ මෝදර යන ප්‍රදේශයන්හි මෙම උමං මාර්ග ඉදිකිරීමට නියමිත අතර මෙම සංවර්ධන වැඩ කටයුතු අවසන් වූ වහාම කොළඹ නගරයට සුළු වැස්සකදී වුවද ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කරගත හැකිය. ලෝකයේ බොහෝ රටවල නගර මැද උද්‍යාන ඉදිකරනු ලබන්නේ ජලය පොළොවට උරාගැනීමේ අවකාශය වැඩි කිරීම සඳහා වන අතර වර්තමාන කොළඹ නගරය නවීකරණයන්ගේ ප්‍රතිඵලය ලෙස වැසි ජලය මහ පොළොවට උරාගැනීමට ඇති අවකාශය අඩුවෙමින් පැවැතීම ලොකු ගැටලුවකි. පොඩි වැස්සකදී වුවද කොළඹ නගරයේ මංමාවත් යටවීම ගැන ඇසූ සැණින්ම ජනතාව ඇඟිල්ල දිගු කරන්නේ පළාත් පාලන ආයතනවලට සහ රජයටය. ඒ ජලය බැස යන ලෙස කාණු පද්ධතිය ඉදිකර නොමැති බවට චෝදනා නගමිනි. නමුත් නගරයේ භූමි ප්‍රමාණයෙන් වැසි ජලය උරාගැනීමට ඇති අවකාශය සීමාකර කර ඇති ඉදිකිරීම් හේතුවෙන් කුමන ආකාරයට කාණු පද්ධතිය ඉදිකළද ක්ෂණිකව ජලය බැස යාමක් බලාපොරොත්තු විය නොහැකිය. මේ වනවිටත් වැසි ජලය ගලාබැසීමට අවහිරවන ස්ථාන 41ක් හඳුනාගෙන ඇත. එමෙන්ම ජලය රඳාපැවතීමට වෙන්කොට තිබෙන පහත්බිම්වල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, අනවසර බිම් ගොඩකිරීම තහනම් කිරීම සහ ඇළ මාර්ග හා අවට ප්‍රදේශවල පස සෝදාපාළුව වැළැක්වීමට නුදුරේදීම පියවර ගනු ඇත. කොළඹ නගරයේ ප්‍රධාන අවශ්‍යතා දෙස බැලීමේදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, මාර්ග සංවර්ධනය, වැසි ජලය කළමනාකරණය යන අංගයන් යටතේ මෙම වැඩපිළිවෙළ කෙරෙනු ඇත. ගංවතුරකදී විපතට පත්වූවන්ට සහන සැලසීමට රජය විශාල මුදලක් වැය කරන අතර මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම මගින් එම මුදල් රටෙහි ඉදිරි සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට හැකියාව ලැබෙනු ඇත. කොළඹ නගරයේ ගංවතුර පාලනයට ඉදිකිරීමට නියමිත ව්‍යාපෘතිය සම්බන්ධව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවල මහතා අපට දැක්වූ අදහස් මෙසේය. “කොළඹ නගරයේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා රුපියල් කෝටි 500කට වඩා වැඩි මුදලක් වැයකරමින් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරන්න මෙම රජය පියවර අරගෙන තියෙනවා. ඒ වගේම මේ ගංවතුරට ප්‍රධාන වශයෙන් බලපාන පහත් බිම්වල සිදුකොට ඇති අනවසර ඉදිකිරීම් හා ඒවායේ පදිංචිකරුවන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ පවුල් 2327ක් ඉවත් කරන්න සැලසුම් සකසාගෙන යනවා. කැලණි ගඟෙන් මහ මුහුදට ජලය ගලාබැසීම පුළුල් කිරීම, අඹතලේ අවට වැඩි ජලය රැඳි ස්ථානවල බැමි උස් කිරීම, මුහුදට ජලය ගලාබැසීමට මෝදර මුතුවෙල්හි කොළඹ 07, ටොරින්ටන්වල හා ශාන්ත සෙබස්තියන් දකුණු ප්‍රදේශයේ නව උමං මාර්ග තැනීමට අප කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලබන මාසය වෙනකොට මෙහි මුල්ගල තියලා අවුරුදු දෙකක කාලයක් තුළ මේ වැඩ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම උමං මාර්ග ඉදිකිරීමෙන් සුළු වැස්සකදී වුවද යටවන කොළඹ නගරයේ ගංවතුර තත්ත්වය පාලනය කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. පසුගිය සතියේ වත්තල ප්‍රදේශයේ දික්ඕවිට ගංවතුර පාලන දියදොර ඉදිකිරීමේ සමාරම්භක උත්සවයට එක් වූ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද එහිදී කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ඉදිකිරීමට නියමිත උමං මාර්ග තුන සම්බන්ධව අදහස් දක්වා තිබුණි. “නාගරික සංවර්ධනය කියලා අපි හුරුපුරුදුවෙලා තිබෙන්නේ විශාල ගොඩනැගිලි ඉදිකරන්න. ඒ වගේම ඇහැට පෙනෙන මල් වතු, උයන් වතු, කෙත් වතු ඇති කරන්න. හැබැයි ඒ නගර තුළ කුණු ප්‍රශ්න තියනවනම් ඒ නගර තුළ ගංවතුර තත්ත්වයන් ඇතිවෙනවානම් එම නගරවල ජීවත්වෙන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි 2016 වසරේ ගංවතුරෙන් පස්සේ අගෝස්තු මාසයේදී අපි මේ ගැන විධිමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා කැලණි ගඟේ අත්තනගලු ඔයේ, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ ගංවතුර පාලනය කරන්න. එය කැබිනට් මණ්ඩලය පිළිගත්තත් ඒ සඳහා අපිට අරමුදල් සම්පාදනය වුණේ නැහැ. ඒ වගේම තමයි කොළඹ නගරයේ ගංවතුර පාලනය කරන්න උමං මාර්ග 3ක් අපි ඉදිකරන්න යනවා. අපිට විශ්වාසයි ඒ ක්‍රියාව කළාට පස්සේ කොටුව පිටකොටුව ප්‍රදේශය, ඩයස් පෙදෙස, ගේන්චස් පෙදෙස, අලුත් මාවත ගංවතුරෙන් නිදහස් ප්‍රදේශයක් බවට පත්වෙනවා. 2019 – 20 වගේ වෙනකොට මේ තත්ත්වය පාලනය කරන්න අපි කටයුතු කරනවා.” හෙතෙම කීය. ♦ හසිත් අංජන[/SIZE] - [url]http://www.deshaya.lk/article/51/%E0%B7%84%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB/2855/%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B7%84%E0%B6%AF%E0%B6%B1-%E0%B6%B8%E0%B7%84-%E0%B6%8B%E0%B6%B8%E0%B6%82-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom