Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය පිළිබඳ පනත් කෙටුම්පත

- කොළඹ මහ නගර ප්‍රදේශය තුළ කාර්යක්ෂම සහ ඵලදායී මගී ප්‍රවාහන ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටියි. මේ යටතේ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 07ක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, කොළඹ නගරය තුළ දිවෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය සහ බොරැල්ල සිට බත්තරමුල්ල හරහා මාලඹේ දෙසට විහිදෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය සඳහා මෙහිදී ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබ තිබේ. 2025 වර්ෂය වන විට කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

එම මාර්ග දෙක ඉදි කිරීම සඳහා අරමුදල් සපයනු ලබන ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ ඇති එකඟතාව අනුව, මෙම මාර්ග ඉදි කිරීමට පෙර ඊට අදාළ නියාමන රාමු සකස් කළ යුතු වේ. ඒ අනුව, යෝජිත සැහැල්ලු දුම්රිය පද්ධතිය නියාමනය සහ කළමනාකරණය සඳහා නෛතික ආයතනයක් ස්ථාපනය කිරීමටත්, අදාළ අනෙකුත් නීතිමය විධිවිධාන සැලසීමටත්, ශ්‍රී ලංකා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහනුවර නාගරික කලාපයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග සංවර්ධනය කිරීම

- මහනුවර දිස්ත්‍රික්කයේ ජනගහනය මිලියන 1.4ක් පමණ වන අතර, ඉන් 150,000ක් පමණ මහනුවර නාගරික කලාපයේ පදිංචිකරුවන් වේ. මහනුවර නගරය වෙත දිනකට වාහන 55,000ක් පමණ ඇතුළු වන අතර, ඒ සඳහා පවතින ප්‍රධාන පිවිසුම් මාර්ග 03 වත්මන් සහ අනාගත ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් නොවන අතර, අධික නාගරීකරණය හේතුවෙන් එම මාර්ග තවදුරටත් පුළුල් කිරීමේ ඉඩකඩ සීමා වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදය අඩු කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පහත දැක්වෙන දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය උපදේශක සේවා ලබාගැනීම සඳහා යෝග්‍ය ආයතන වෙතින් යෝජනා කැඳවනු ලැබ ඇති බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

* රඹුක්කන සිට කඩුගන්නාව දක්වා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන ධාරිතාව වැඩිදියුණු කිරීම;

* කඩුගන්නාව සිට කටුගස්තොට දක්වා හෝ වල්ලේගඟම (මාතලේ මාර්ගය) දක්වා ද්විත්ව මාර්ග ඉදි කිරීම;

* කටුගස්තොට සිට මාතලේ දක්වා දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීම;

* පේරාදෙනිය හංදියේ සිට ගම්පොළ දක්වා ගමනාගමන ධාරිතාව වැඩිදියුණු කිරීම.

මොරගොල්ල ජල විදුලි බලාගාරය ඉදි කිරීම

- හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ මෙගා වොට් 30.2ක ධාරිතාවයක් සහිතව මොරගොල්ල ජල විදුලි බලාගාරය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදන කටයුතු කොටස් 03ක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. එයින් පළමු කොටස යටතේ සිවිල් වැඩවල මූලික වැඩකටයුතු යටතේ පාරවල් සකස් කිරීම, කාර්යාල ඉදි කිරීම, වාරිමාර්ග පද්ධති හා සේවක නිවාස ඉදි කිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 5.21ක මුදලක් වෙන් කර තිබේ. මෙම ප්‍රසම්පාදනය සඳහා කරන ලද ලංසු කැඳවීම අනුව ලැබී තිබුණු ලංසු 07 අතුරින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අවම ලංසුව ඉදිරිපත් කරන ලද වී.වී. කරුණාරත්න සමාගම වෙත රුපියල් මිලියන 1,109.4ක (බදු රහිත) මුදලකට පිරිනැමීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ වරායෙහි උතුරු වරාය කොටස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම

- ප්‍රවාහන ක්ෂේත්රයේ සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය විසින් කොළඹ වරාය උතුරු දෙසට සංවර්ධනය කිරීම සඳහා අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය අනුව එම කාර්යය සඳහා කැමැත්ත පළ කිරීමේ (EOI) සහ යෝජනා කැඳවීම (RFP) මඟින් සුදුසු උපදේශණ සමාගමක් තෝරා පත් කරගැනීම සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ නැබඩගහවත්ත සිට මහකිතුල ජලාශ පිවිසුම් උමඟ දක්වා ප්‍රධාන ඇළ ඉදි කිරීම

- මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ නැබඩගහවත්ත සිට මහකිතුල ජලාශ පිවිසුම් උමඟ දක්වා ප්‍රධාන ඇළ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 5,505.28ක මුදලකට China State Construction Engineering Corporation Ltd. වෙත ප්රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ණය පහසුකම් සලසා ගැනීම

- තල්පිටිගල ජලාශය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 174ක් වන අතර, ඉන් 85%ක ප්‍රමාණයක් ආවරණය කිරීම සඳහා චීනයේ අපනයන - ආනයන බැංකුව වෙතින් ණය මුදලක් ලබාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ව්‍යාපෘති පිරිවැයේ ඉතිරි 15%ක ප්‍රමාණය ආවරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 26.1ක ණය මුදලක් මහජන බැංකුව වෙතින් ලබාගැනීමටත්, ඒ සඳහා ණය ගිවිසුමකට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවෝත්පාදකයින් කර්මාන්තවලට යොමු කිරීම

- නව නිපැයුම්කරුවන් හට කර්මාන්තවලට ප්‍රවේශ වීමේ අවස්ථාව සලසා දීමට 2018 අයවැය මඟින් යෝජනා වූ අතර, එහි අරමුණ වනුයේ ලියාපදිංචි පේටන්ට් බලපත්‍රයක් හෝ යෝග්‍ය ව්‍යාපාර අදහසක් සහිත විශ්වවිද්‍යාල උපාධිධරයන් සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකලාභීන් කර්මාන්ත හා සම්බන්ධ කිරීමයි. එහිදී නවෝත්පාදකයින් අදාළ කර්මාන්ත සඳහා යොමු කරනු ලබන අතර, ඔවුන්ගේ මාසික වැටුපෙන් 50% ක් සඳහා දායක වීමටත් (රුපියල් 50,000/-ක සහ මාස 24ක උපරිමයකට යටත්ව) ඊට අමතරව පේටන්ට් බලපත්‍ර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ දැරීමට සිදුවන වියදම් හා උපදෙස් ලබා දීමටද රජය විසින් කටයුතු කෙරෙනු ඇත.

ඒ අනුව, මේ සඳහා අයදුම්කරුවන් හා හවුල්කාර සමාගම් තෝරා ගැනීම සඳහා නිර්ණායක තීරණය කිරීම, ආයතන සඳහා අයදුම්කරුවන් ගළපමින් සුදුසු අයදුම්කරුවන් සහ ආයතන තෝරාගැනීම ඇතුළුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ එය සාර්ථක කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත්, එම මෙහෙයුම් කමිටුවට සහාය වීම පිණිස තාක්ෂණික කමිටුවක් පත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන

- අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා තාක්ෂණවේදය විෂයධාරාව 2013 වර්ෂයේ සිට හඳුන්වා දෙන ලද අතර, එහි ප්‍රථම අදියරේදී පාසල් 251ක මෙම විෂයධාරාව ඉගැන්වීම ආරම්භ කරන ලදී. තාක්ෂණවේදය විෂය ඉගෙනුමට ඇති ඉඩ ප්රස්ථා තවදුරටත් වැඩි කිරීමේ අරමුණින් 2019 වසර වන විට පාසල් 1,500කට තාක්ෂණවේදය විෂයධාරව හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. මෙම විෂයධාරාව ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට නැඹුරු විෂයයන් වන බැවින්, මෙම විෂයධාරාව ඉගැන්වීම සිදු කරන පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, නවීන තාක්ෂණයෙන් සමන්විත උපකරණ සැපයීම සහ එම විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම අත්‍යාවශයෙන්ම සිදු කළ යුතු වේ. එම අරමුණු ඉටු කරගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත 'තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන', අන්තර්ජාතික සංවර්ධනය සඳහා OPEC අරමුදලේ (OFID) සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අඹතලේ ජල පවිත්‍රාගාරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය

- 2020 වර්ෂය වන විට කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික ජල ඉල්ලුම ජලය ඝනමීටර 863,602ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් එම ජල ඉල්ලුම සපුරාලීම සඳහා අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලය පිරිසිදු කිරීමේ ධාරිතාව දිනකට ජලය ඝනමීටර 50,000කින් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ප්රමුඛ ව්‍යාපෘතියක් ලෙස සලකා අඹතලේ ජල පවිත්‍රාගාරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම

- ග්‍රාමීය ප්‍රදේශයන්හි ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම සහ පළාත් විෂමතාවයන් අවම කිරීම සඳහා ආසන්න වශයෙන් ග්‍රාමීය පාලම් 4,000ක් ඉදි කළ යුතු බවට හඳුනාගෙන තිබූ අතර, ඒවායින් පාලම් 1,210ක් ඉදි කිරීම සඳහා ක්‍රියාත්මක වන පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ දැනට පාලම් 1,000කට වැඩි ප්‍රමාණයක ඉදි කිරීම් අවසන් කර ඇති අතර, තවත් 200ක පමණ වැඩ අවසන් කිරීමට නියමිතව තිබේ.

පාලම් කඩිනමින් ඉදි කර ග්‍රාමීය ප්‍රදේශ අතර සබඳතාවන් වැඩිදියුණු කරන ලෙස විවිධ පළාත්වලින් ලැබී ඇති ඉල්ලිම් සලකා තවත් ග්‍රාමීය පාලම් 250ක් ඉදි කිරීම සඳහා අවශ්‍ය වන අතිරේක අරමුදල් මුල් ව්‍යාපෘති සඳහා අරමුදල් සලසා දුන් ආයතන මඟින් ලබාගැනීම සඳහා අදාළ ණය ගිවිසුම්වල කාලසීමාවන් දීර්ඝ කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet Decisions 27.03.2018

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-03-27

[QUOTE="monson, post: 23010772, member: 30005"] [SIZE="4"][B]ශ්‍රී ලංකා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය පිළිබඳ පනත් කෙටුම්පත[/B] - කොළඹ මහ නගර ප්‍රදේශය තුළ කාර්යක්ෂම සහ ඵලදායී මගී ප්‍රවාහන ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටියි. මේ යටතේ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 07ක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, කොළඹ නගරය තුළ දිවෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය සහ බොරැල්ල සිට බත්තරමුල්ල හරහා මාලඹේ දෙසට විහිදෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය සඳහා මෙහිදී ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබ තිබේ. 2025 වර්ෂය වන විට කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. එම මාර්ග දෙක ඉදි කිරීම සඳහා අරමුදල් සපයනු ලබන ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ ඇති එකඟතාව අනුව, මෙම මාර්ග ඉදි කිරීමට පෙර ඊට අදාළ නියාමන රාමු සකස් කළ යුතු වේ. ඒ අනුව, යෝජිත සැහැල්ලු දුම්රිය පද්ධතිය නියාමනය සහ කළමනාකරණය සඳහා නෛතික ආයතනයක් ස්ථාපනය කිරීමටත්, අදාළ අනෙකුත් නීතිමය විධිවිධාන සැලසීමටත්, ශ්‍රී ලංකා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මහනුවර නාගරික කලාපයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග සංවර්ධනය කිරීම[/B] - මහනුවර දිස්ත්‍රික්කයේ ජනගහනය මිලියන 1.4ක් පමණ වන අතර, ඉන් 150,000ක් පමණ මහනුවර නාගරික කලාපයේ පදිංචිකරුවන් වේ. මහනුවර නගරය වෙත දිනකට වාහන 55,000ක් පමණ ඇතුළු වන අතර, ඒ සඳහා පවතින ප්‍රධාන පිවිසුම් මාර්ග 03 වත්මන් සහ අනාගත ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් නොවන අතර, අධික නාගරීකරණය හේතුවෙන් එම මාර්ග තවදුරටත් පුළුල් කිරීමේ ඉඩකඩ සීමා වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදය අඩු කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පහත දැක්වෙන දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය උපදේශක සේවා ලබාගැනීම සඳහා යෝග්‍ය ආයතන වෙතින් යෝජනා කැඳවනු ලැබ ඇති බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. * රඹුක්කන සිට කඩුගන්නාව දක්වා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන ධාරිතාව වැඩිදියුණු කිරීම; * කඩුගන්නාව සිට කටුගස්තොට දක්වා හෝ වල්ලේගඟම (මාතලේ මාර්ගය) දක්වා ද්විත්ව මාර්ග ඉදි කිරීම; * කටුගස්තොට සිට මාතලේ දක්වා දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීම; * පේරාදෙනිය හංදියේ සිට ගම්පොළ දක්වා ගමනාගමන ධාරිතාව වැඩිදියුණු කිරීම. [B]මොරගොල්ල ජල විදුලි බලාගාරය ඉදි කිරීම[/B] - හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ මෙගා වොට් 30.2ක ධාරිතාවයක් සහිතව මොරගොල්ල ජල විදුලි බලාගාරය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදන කටයුතු කොටස් 03ක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. එයින් පළමු කොටස යටතේ සිවිල් වැඩවල මූලික වැඩකටයුතු යටතේ පාරවල් සකස් කිරීම, කාර්යාල ඉදි කිරීම, වාරිමාර්ග පද්ධති හා සේවක නිවාස ඉදි කිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 5.21ක මුදලක් වෙන් කර තිබේ. මෙම ප්‍රසම්පාදනය සඳහා කරන ලද ලංසු කැඳවීම අනුව ලැබී තිබුණු ලංසු 07 අතුරින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අවම ලංසුව ඉදිරිපත් කරන ලද වී.වී. කරුණාරත්න සමාගම වෙත රුපියල් මිලියන 1,109.4ක (බදු රහිත) මුදලකට පිරිනැමීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කොළඹ වරායෙහි උතුරු වරාය කොටස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම[/B] - ප්‍රවාහන ක්ෂේත්රයේ සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය විසින් කොළඹ වරාය උතුරු දෙසට සංවර්ධනය කිරීම සඳහා අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය අනුව එම කාර්යය සඳහා කැමැත්ත පළ කිරීමේ (EOI) සහ යෝජනා කැඳවීම (RFP) මඟින් සුදුසු උපදේශණ සමාගමක් තෝරා පත් කරගැනීම සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ නැබඩගහවත්ත සිට මහකිතුල ජලාශ පිවිසුම් උමඟ දක්වා ප්‍රධාන ඇළ ඉදි කිරීම[/B] - මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ නැබඩගහවත්ත සිට මහකිතුල ජලාශ පිවිසුම් උමඟ දක්වා ප්‍රධාන ඇළ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 5,505.28ක මුදලකට China State Construction Engineering Corporation Ltd. වෙත ප්රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ණය පහසුකම් සලසා ගැනීම[/B] - තල්පිටිගල ජලාශය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 174ක් වන අතර, ඉන් 85%ක ප්‍රමාණයක් ආවරණය කිරීම සඳහා චීනයේ අපනයන - ආනයන බැංකුව වෙතින් ණය මුදලක් ලබාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ව්‍යාපෘති පිරිවැයේ ඉතිරි 15%ක ප්‍රමාණය ආවරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 26.1ක ණය මුදලක් මහජන බැංකුව වෙතින් ලබාගැනීමටත්, ඒ සඳහා ණය ගිවිසුමකට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]නවෝත්පාදකයින් කර්මාන්තවලට යොමු කිරීම[/B] - නව නිපැයුම්කරුවන් හට කර්මාන්තවලට ප්‍රවේශ වීමේ අවස්ථාව සලසා දීමට 2018 අයවැය මඟින් යෝජනා වූ අතර, එහි අරමුණ වනුයේ ලියාපදිංචි පේටන්ට් බලපත්‍රයක් හෝ යෝග්‍ය ව්‍යාපාර අදහසක් සහිත විශ්වවිද්‍යාල උපාධිධරයන් සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකලාභීන් කර්මාන්ත හා සම්බන්ධ කිරීමයි. එහිදී නවෝත්පාදකයින් අදාළ කර්මාන්ත සඳහා යොමු කරනු ලබන අතර, ඔවුන්ගේ මාසික වැටුපෙන් 50% ක් සඳහා දායක වීමටත් (රුපියල් 50,000/-ක සහ මාස 24ක උපරිමයකට යටත්ව) ඊට අමතරව පේටන්ට් බලපත්‍ර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ දැරීමට සිදුවන වියදම් හා උපදෙස් ලබා දීමටද රජය විසින් කටයුතු කෙරෙනු ඇත. ඒ අනුව, මේ සඳහා අයදුම්කරුවන් හා හවුල්කාර සමාගම් තෝරා ගැනීම සඳහා නිර්ණායක තීරණය කිරීම, ආයතන සඳහා අයදුම්කරුවන් ගළපමින් සුදුසු අයදුම්කරුවන් සහ ආයතන තෝරාගැනීම ඇතුළුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ එය සාර්ථක කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත්, එම මෙහෙයුම් කමිටුවට සහාය වීම පිණිස තාක්ෂණික කමිටුවක් පත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන[/B] - අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා තාක්ෂණවේදය විෂයධාරාව 2013 වර්ෂයේ සිට හඳුන්වා දෙන ලද අතර, එහි ප්‍රථම අදියරේදී පාසල් 251ක මෙම විෂයධාරාව ඉගැන්වීම ආරම්භ කරන ලදී. තාක්ෂණවේදය විෂය ඉගෙනුමට ඇති ඉඩ ප්රස්ථා තවදුරටත් වැඩි කිරීමේ අරමුණින් 2019 වසර වන විට පාසල් 1,500කට තාක්ෂණවේදය විෂයධාරව හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. මෙම විෂයධාරාව ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට නැඹුරු විෂයයන් වන බැවින්, මෙම විෂයධාරාව ඉගැන්වීම සිදු කරන පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, නවීන තාක්ෂණයෙන් සමන්විත උපකරණ සැපයීම සහ එම විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම අත්‍යාවශයෙන්ම සිදු කළ යුතු වේ. එම අරමුණු ඉටු කරගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත 'තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන', අන්තර්ජාතික සංවර්ධනය සඳහා OPEC අරමුදලේ (OFID) සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]අඹතලේ ජල පවිත්‍රාගාරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය[/B] - 2020 වර්ෂය වන විට කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික ජල ඉල්ලුම ජලය ඝනමීටර 863,602ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් එම ජල ඉල්ලුම සපුරාලීම සඳහා අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලය පිරිසිදු කිරීමේ ධාරිතාව දිනකට ජලය ඝනමීටර 50,000කින් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ප්රමුඛ ව්‍යාපෘතියක් ලෙස සලකා අඹතලේ ජල පවිත්‍රාගාරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම[/B] - ග්‍රාමීය ප්‍රදේශයන්හි ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම සහ පළාත් විෂමතාවයන් අවම කිරීම සඳහා ආසන්න වශයෙන් ග්‍රාමීය පාලම් 4,000ක් ඉදි කළ යුතු බවට හඳුනාගෙන තිබූ අතර, ඒවායින් පාලම් 1,210ක් ඉදි කිරීම සඳහා ක්‍රියාත්මක වන පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ දැනට පාලම් 1,000කට වැඩි ප්‍රමාණයක ඉදි කිරීම් අවසන් කර ඇති අතර, තවත් 200ක පමණ වැඩ අවසන් කිරීමට නියමිතව තිබේ. පාලම් කඩිනමින් ඉදි කර ග්‍රාමීය ප්‍රදේශ අතර සබඳතාවන් වැඩිදියුණු කරන ලෙස විවිධ පළාත්වලින් ලැබී ඇති ඉල්ලිම් සලකා තවත් ග්‍රාමීය පාලම් 250ක් ඉදි කිරීම සඳහා අවශ්‍ය වන අතිරේක අරමුදල් මුල් ව්‍යාපෘති සඳහා අරමුදල් සලසා දුන් ආයතන මඟින් ලබාගැනීම සඳහා අදාළ ණය ගිවිසුම්වල කාලසීමාවන් දීර්ඝ කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]Cabinet Decisions 27.03.2018[/B] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-03-27[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom