Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP) ක්‍රියාත්මක කිරීම

පොදු ප්‍රවාහන සේවාව වැඩිදියුණු කිරීම මඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් මහජනතාවට සැපයීමේදී මෙරට දුම්රිය සේවාව සංවර්ධනය කිරීම ප්රමුඛ කාර්යයක් ලෙස රජය හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගනු ලබන ණය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන 'කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (CSRP)' යටතේ කොළඹ නගරය අනෙක් ප්‍රදේශ හා සම්බන්ධ කෙරෙන තදාසන්න දුම්රිය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට කටයුතු ආරම්භ කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත 'කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP)' මඟින් දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය පහත සඳහන් කුඩා පරිමාණ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

* දැනට පවතින දුම්රිය ප්‍රවේශපත්‍ර සහ ආසන වෙන් කිරීමේ ක්‍රමවේදය වෙනුවට ප්‍රවේශ පත්‍ර හා ආසන වෙන් කිරීමේ නවීන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.

* දුම්රිය මගීන් සඳහා ගුවන් විදුලි සංදේශ සේවා සැපයීම සඳහා නව පද්ධතියක් සකස් කිරීම.

* කොළඹ, මාළිගාවත්ත පාසල් පටුමඟ දුම්රිය මාර්ග පාලම පුළුල් කර නැවත ඉදි කිරීම.

* කොළඹ දුම්රිය පාලන මධ්‍යස්ථානය හා දුම්රිය මාර්ග මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදි කිරීම.

* නව තාක්ෂණය පද්ධති සහ ක්‍රමවේද ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකා - ජර්මානු දුම්රිය මාර්ග තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කටයුතු සංවර්ධනය කිරීම.

* රත්මලානේ දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සඳහා යන්ත්‍ර හා මැදිරි අලුත්වැඩියා කිරීමේ වැඩහලක් ලබා දීම.

* දුම්රිය මාර්ග රක්ෂිතයන් තුළ ජීවත් වන පවුල් නැවත පදිංචි කිරීම සඳහා නිවාස යෝජනා ක්‍රම 02ක් ඉදි කිරීම.

ඒ අනුව, ඉහත උප ව්‍යාපෘති ඇතුළත් කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP) ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැලණිය පැරණි දුම්රිය පාලම ඉදි කිරීම

ඉහළ යන දුම්රිය මගීන්ගේ සංඛ්‍යාව හා දුම්රිය ධාවන වේගය වැඩි කිරීමේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනා ගනු ලැබ තිබේ. ඒ යටතේ, 1881 වර්ෂයේ ඉදි කර ඇති කැලණිය පැරණි දුම්රිය පාලම වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නැවත ඉදි කිරීම සඳහා ව්‍යාපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ සඳහා යුරෝ මිලියන 9ක් පමණ වැය වන බවට ඇස්තමේන්තුගත කර තිබේ. මෙම සමස්ත පිරිවැය දැරීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමට ඔස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුව (UniCredit Bank Austria AG) එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ණය මුදල ලබාගැනීම සඳහා එම බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජපාන රජය, ඉන්දියානු රජය, චීන රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව ද්‍රවීකෘත ස්වාභාවික වායු විදුලි බලාගාර 03ක් ස්ථාපිත කිරීම

රජයකින් රජයට ලබා දීමේ පදනම මත ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර 03ක් මෙරට ස්ථාපනය කිරීමට අනුග්‍රහය දැක්වීමට චීනය, ජපානය හා ඉන්දියාව කැමැත්ත පළ කරනු ලැබ තිබේ. 2021 වර්ෂයෙන් පසු මෙරට බලශක්ති ඉල්ලුමෙහි ඇති වන ඉහළ යාම සැලකිල්ලට ගෙන, ජාතික ආර්ථික සභාවේ නිර්දේශය පරිදි, චීන රජය හා ඒකාබද්ධව හම්බන්තොට ප්‍රදේශයේ මෙගාවොට් 400ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද, ජපාන රජය හා ඒකාබද්ධව මෙගාවොට් 500ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද, ඉන්දියානු රජය හා ඒකාබද්ධව මෙගාවොට් 500ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද ඉදි කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සෞඛ්‍ය පද්ධතීන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සෞඛ්‍ය පද්ධතීන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ සහ අදාළ පළාත් මට්ටමින් ව්‍යාපෘති කළමනාකරණ ඒකක පිහිටුවීමටත්, ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දේශීය ඖෂධ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ආයෝජකයින් සමඟ බද්ධ ව්‍යාපාර පිහිටුවීම

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නඟා සිටුවීම මඟින් ඖෂධ ආනයනය සඳහා වැය වන විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි වේ. එබැවින්, උසස් තත්ත්වයෙන් යුතු ඖෂධ කාර්යක්ෂමව රජයේ රෝහල් වෙත අඛණ්ඩව සැපයීමේ හැකියාවක් ඇති ආයෝජකයින් හඳුනාගෙන එම ආයෝජකයින් සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අතර බද්ධ ව්‍යාපාර පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. මෙම බද්ධ ව්‍යාපාර සඳහා ඇතුළත් වීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට නීතිමය අවසරය ලබා දීමේ අරමුණින්, 1987 07 04 දිනැති අංක 456/21 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති, 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ නිකුත් කරන ලද නියෝග සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් සැපයීම

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් සැපයීම හා ස්ථාපනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ප්‍රංශයේ M/s. Thales Air Systems S.A.S. වෙත ප්රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාදම්පිටිය, කිඹුලා ඇළවත්ත නිවාස ව්‍යාපෘතියේ උපරි ව්‍යුහ වැඩ සැලසුම් කිරීම, ඉදි කිරීම හා මූල්‍යනය කිරීම

නිවාස ඒකක 472කින් සමන්විත මාදම්පිටිය, කිඹුලා ඇළවත්ත අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතියේ උපරි ව්‍යුහ වැඩ සැලසුම් කිරීම, ඉදි කිරීම හා මූල්‍යනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 2,247ක මුදලකට M/s.CML-MTD Construction (Pvt) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ නැවීමේ ව්‍යාපෘතිය (PSEP)

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමට හා ඒවායේ හැකියාවන් වර්ධනය කිරීම පිණිස යුරෝ මිලියන 10ක ප්‍රදානයක් ලබා දීමට යුරෝපා සංගමය එකඟ වී ඇති අතර, එම අරමුදල් ලබාගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ ප්‍රදාන ගිවිසුමට එළඹීමටත්, ඒ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තැබීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත බලය පැවරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'කාන්තා ව්‍යවසායකත්ව මූල්‍යාධාර වැඩසටහන' ක්‍රියාත්මක කිරීම

කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් 'කාන්තා ව්‍යවසායකත්ව මූල්‍යාධාර වැඩසටහන' නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා දීමට එකඟ වී ඇති මූල්‍යාධාර උපයෝගි කරගනිමින්, දැනටමත් ක්‍රියාත්මක කෙරෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්රමයේ දෙවන අදියර යටතේ මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. පහත කොන්දේසි සපුරන කාන්තා ව්‍යවසායකයින් සඳහා මේ යටතේ ණය ලබා දීමටත්, ලබාගනු ලබන ණය මුදලින් සියයට 20 - 30ත් අතර ප්‍රමාණයක් ආපසු ගෙවීම අවශ්‍ය නොවන අධාරයක් වශයෙන් ලබා දීමටත් නියමිතය. I. ඉල්ලුම් කරනු ලබන ණය මුදල රු.750,000/-ක් හෝ ඊට වඩා වැඩි වීම හා අදාළ ව්‍යාපාරික ආයතනයේ අයිතියෙන් සියයට 51ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සතු වීම. හෝ II. ඉල්ලුම් කරනු ලබන ණය මුදල රු.750,000/-ක් හෝ ඊට වඩා වැඩි වීම සහ පහත කොන්දේසි තුන (03) සම්පූර්ණ කිරීම. - අවම වශයෙන් ආයතනයේ අයිතියෙන් සියයට 20ක් කාන්තාවන් සතු වීම. - අදාළ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හෝ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි කාන්තාවක් වීම. - පාලක සභා (Director Boards) පවතින ආයතනවල, එම පාලක සභාවේ කාන්තා නියෝජනය අවම වශයෙන් සියයට 30ක් වීම. ඒ අනුව, ඌව, සබරගමුව, උතුර හා නැඟෙනහිර යන ඌන සංවර්ධිත ප්‍රදේශ වෙත ප්‍රමුඛතාවක් ලබා දෙමින්, මූල්‍ය ආයතන 10 හරහා මෙම ණය යෝජනා ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet decisions 2018.05..09

http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-05-09

[QUOTE="monson, post: 23189567, member: 30005"] [SIZE="4"][B]කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP) ක්‍රියාත්මක කිරීම[/B] පොදු ප්‍රවාහන සේවාව වැඩිදියුණු කිරීම මඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් මහජනතාවට සැපයීමේදී මෙරට දුම්රිය සේවාව සංවර්ධනය කිරීම ප්රමුඛ කාර්යයක් ලෙස රජය හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගනු ලබන ණය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන 'කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (CSRP)' යටතේ කොළඹ නගරය අනෙක් ප්‍රදේශ හා සම්බන්ධ කෙරෙන තදාසන්න දුම්රිය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට කටයුතු ආරම්භ කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත 'කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP)' මඟින් දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය පහත සඳහන් කුඩා පරිමාණ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. * දැනට පවතින දුම්රිය ප්‍රවේශපත්‍ර සහ ආසන වෙන් කිරීමේ ක්‍රමවේදය වෙනුවට ප්‍රවේශ පත්‍ර හා ආසන වෙන් කිරීමේ නවීන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම. * දුම්රිය මගීන් සඳහා ගුවන් විදුලි සංදේශ සේවා සැපයීම සඳහා නව පද්ධතියක් සකස් කිරීම. * කොළඹ, මාළිගාවත්ත පාසල් පටුමඟ දුම්රිය මාර්ග පාලම පුළුල් කර නැවත ඉදි කිරීම. * කොළඹ දුම්රිය පාලන මධ්‍යස්ථානය හා දුම්රිය මාර්ග මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදි කිරීම. * නව තාක්ෂණය පද්ධති සහ ක්‍රමවේද ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකා - ජර්මානු දුම්රිය මාර්ග තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කටයුතු සංවර්ධනය කිරීම. * රත්මලානේ දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සඳහා යන්ත්‍ර හා මැදිරි අලුත්වැඩියා කිරීමේ වැඩහලක් ලබා දීම. * දුම්රිය මාර්ග රක්ෂිතයන් තුළ ජීවත් වන පවුල් නැවත පදිංචි කිරීම සඳහා නිවාස යෝජනා ක්‍රම 02ක් ඉදි කිරීම. ඒ අනුව, ඉහත උප ව්‍යාපෘති ඇතුළත් කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP) ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කැලණිය පැරණි දුම්රිය පාලම ඉදි කිරීම[/B] ඉහළ යන දුම්රිය මගීන්ගේ සංඛ්‍යාව හා දුම්රිය ධාවන වේගය වැඩි කිරීමේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනා ගනු ලැබ තිබේ. ඒ යටතේ, 1881 වර්ෂයේ ඉදි කර ඇති කැලණිය පැරණි දුම්රිය පාලම වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නැවත ඉදි කිරීම සඳහා ව්‍යාපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ සඳහා යුරෝ මිලියන 9ක් පමණ වැය වන බවට ඇස්තමේන්තුගත කර තිබේ. මෙම සමස්ත පිරිවැය දැරීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමට ඔස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුව (UniCredit Bank Austria AG) එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ණය මුදල ලබාගැනීම සඳහා එම බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ජපාන රජය, ඉන්දියානු රජය, චීන රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව ද්‍රවීකෘත ස්වාභාවික වායු විදුලි බලාගාර 03ක් ස්ථාපිත කිරීම[/B] රජයකින් රජයට ලබා දීමේ පදනම මත ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර 03ක් මෙරට ස්ථාපනය කිරීමට අනුග්‍රහය දැක්වීමට චීනය, ජපානය හා ඉන්දියාව කැමැත්ත පළ කරනු ලැබ තිබේ. 2021 වර්ෂයෙන් පසු මෙරට බලශක්ති ඉල්ලුමෙහි ඇති වන ඉහළ යාම සැලකිල්ලට ගෙන, ජාතික ආර්ථික සභාවේ නිර්දේශය පරිදි, චීන රජය හා ඒකාබද්ධව හම්බන්තොට ප්‍රදේශයේ මෙගාවොට් 400ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද, ජපාන රජය හා ඒකාබද්ධව මෙගාවොට් 500ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද, ඉන්දියානු රජය හා ඒකාබද්ධව මෙගාවොට් 500ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද ඉදි කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]සෞඛ්‍ය පද්ධතීන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය[/B] ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සෞඛ්‍ය පද්ධතීන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ සහ අදාළ පළාත් මට්ටමින් ව්‍යාපෘති කළමනාකරණ ඒකක පිහිටුවීමටත්, ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]දේශීය ඖෂධ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ආයෝජකයින් සමඟ බද්ධ ව්‍යාපාර පිහිටුවීම[/B] ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නඟා සිටුවීම මඟින් ඖෂධ ආනයනය සඳහා වැය වන විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි වේ. එබැවින්, උසස් තත්ත්වයෙන් යුතු ඖෂධ කාර්යක්ෂමව රජයේ රෝහල් වෙත අඛණ්ඩව සැපයීමේ හැකියාවක් ඇති ආයෝජකයින් හඳුනාගෙන එම ආයෝජකයින් සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අතර බද්ධ ව්‍යාපාර පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. මෙම බද්ධ ව්‍යාපාර සඳහා ඇතුළත් වීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට නීතිමය අවසරය ලබා දීමේ අරමුණින්, 1987 07 04 දිනැති අංක 456/21 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති, 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ නිකුත් කරන ලද නියෝග සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් සැපයීම[/B] කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් සැපයීම හා ස්ථාපනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ප්‍රංශයේ M/s. Thales Air Systems S.A.S. වෙත ප්රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මාදම්පිටිය, කිඹුලා ඇළවත්ත නිවාස ව්‍යාපෘතියේ උපරි ව්‍යුහ වැඩ සැලසුම් කිරීම, ඉදි කිරීම හා මූල්‍යනය කිරීම[/B] නිවාස ඒකක 472කින් සමන්විත මාදම්පිටිය, කිඹුලා ඇළවත්ත අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතියේ උපරි ව්‍යුහ වැඩ සැලසුම් කිරීම, ඉදි කිරීම හා මූල්‍යනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 2,247ක මුදලකට M/s.CML-MTD Construction (Pvt) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ නැවීමේ ව්‍යාපෘතිය (PSEP)[/B] රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමට හා ඒවායේ හැකියාවන් වර්ධනය කිරීම පිණිස යුරෝ මිලියන 10ක ප්‍රදානයක් ලබා දීමට යුරෝපා සංගමය එකඟ වී ඇති අතර, එම අරමුදල් ලබාගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ ප්‍රදාන ගිවිසුමට එළඹීමටත්, ඒ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තැබීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත බලය පැවරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]'කාන්තා ව්‍යවසායකත්ව මූල්‍යාධාර වැඩසටහන' ක්‍රියාත්මක කිරීම[/B] කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් 'කාන්තා ව්‍යවසායකත්ව මූල්‍යාධාර වැඩසටහන' නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා දීමට එකඟ වී ඇති මූල්‍යාධාර උපයෝගි කරගනිමින්, දැනටමත් ක්‍රියාත්මක කෙරෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්රමයේ දෙවන අදියර යටතේ මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. පහත කොන්දේසි සපුරන කාන්තා ව්‍යවසායකයින් සඳහා මේ යටතේ ණය ලබා දීමටත්, ලබාගනු ලබන ණය මුදලින් සියයට 20 - 30ත් අතර ප්‍රමාණයක් ආපසු ගෙවීම අවශ්‍ය නොවන අධාරයක් වශයෙන් ලබා දීමටත් නියමිතය. I. ඉල්ලුම් කරනු ලබන ණය මුදල රු.750,000/-ක් හෝ ඊට වඩා වැඩි වීම හා අදාළ ව්‍යාපාරික ආයතනයේ අයිතියෙන් සියයට 51ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සතු වීම. හෝ II. ඉල්ලුම් කරනු ලබන ණය මුදල රු.750,000/-ක් හෝ ඊට වඩා වැඩි වීම සහ පහත කොන්දේසි තුන (03) සම්පූර්ණ කිරීම. - අවම වශයෙන් ආයතනයේ අයිතියෙන් සියයට 20ක් කාන්තාවන් සතු වීම. - අදාළ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හෝ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි කාන්තාවක් වීම. - පාලක සභා (Director Boards) පවතින ආයතනවල, එම පාලක සභාවේ කාන්තා නියෝජනය අවම වශයෙන් සියයට 30ක් වීම. ඒ අනුව, ඌව, සබරගමුව, උතුර හා නැඟෙනහිර යන ඌන සංවර්ධිත ප්‍රදේශ වෙත ප්‍රමුඛතාවක් ලබා දෙමින්, මූල්‍ය ආයතන 10 හරහා මෙම ණය යෝජනා ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. Cabinet decisions 2018.05..09 [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-05-09[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom