Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස්නාහිර කලාපීය සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීම

- වඩාත් සුව පහසු සහ ආරක්ෂාකාරී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් රාගම-කඩවත-කොළඹ කොටුව හරහා කිරුළපන දක්වා කිලෝ මීටර 33ක දිගින් යුත් 'රක්ත මාර්ගය', කැලණිය-බොරැල්ල-නුගේගොඩ-පිළියන්දල හරහා මොරටුව දක්වා කිලෝ මීටර 28.3ක දිගින් යුත් 'හරිත මාර්ගය' සහ හුණුපිටිය-අංගොඩ-කොස්වත්ත හරහා කොට්ටාව දක්වා කිලෝමීටර 22.3ක දිගින් යුත් 'නීල මාර්ගය' නමින් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 3ක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීම

- ද්‍රවීකෘත ස්වභාවික වායුව මඟින් ක්‍රියාත්මක කරන මෙගාවොට් 400ක ධාරිතාවයකින් යුත් විදුලි බලාගාරයක් චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව එම ව්‍යාපෘතිය සිංගප්පූරුවේ සංස්ථාපනය කර ඇති Hambantota Power Private Limited හා ලංකා විදුලිබල මණ්ඩලය අතර පිහිටුවාගත් බද්ධ ව්‍යාපාරයක් මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ ධාරිතාව වැඩිදියුණු කිරීම

- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ දැනට පවතින ධාරිතාවය මගීන් මිලියන 15ක් සඳහා පහසුකම් සැලසීමට හැකිවන පරිදි වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය නිම වන තෙක් මගීන් සඳහා පහසුකම් සැලසීම පිණිස අතුරු පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව එම අතුරු පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි M/s. China State Construction Engineering Corporation Ltd. වෙත ප්රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ග්‍රාමීය පාලම් ඉදි කිරීම

- ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහන සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ප්‍රදේශවල පාලම් 4,000ක් පමණ ඉදි කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. මේ සඳහා බෙල්ජියම් සහ නෙදර්ලන්ත රජයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා 02ක් රජය විසින් ඇගයීමට ලක් කරනු ලැබ ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ග්‍රාමිය පාලම් 60ක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, යුරෝ මිලියන 17.12ක බදු රහිත මුදලකට බෙල්ජියමේ Janson Bridging Belgium NV සමාගමට පැවරීමටත්, තවත් ග්‍රාමීය පාලම් 200ක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, යුරෝ මිලියන 50.68ක බදු රහිත මුදලකට නෙදර්ලන්තයේ Janson Bridging International BV සමාගමට පැවරීමටත් පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උතුරු, නැඟෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල 'ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යපෘතිය' ක්‍රියාත්මක කිරීම

- උතුරු, නැඟෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල සියලුම පළාත් පාලන අයතන ආවරණය වන පරිදි, ඒවායේ යටිතල පහසුකම් සහ ආයතනික හැකියාවන් වර්ධනය කිරීම ඇතුළුව පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු සඳහා 'ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යපෘතිය' යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක අරමුදල් සැලසීමට ලෝක බැංකුව විසින් එකඟතාවය පළ කර තිබිණි. එසේ වුවද, උක්ත ප්‍රදේශවල පළාත් පාලන ආයතන 134ක තවදුරටත් සිදු කළ යුතු සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමේ අරමුණින් එම ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ දායකත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් දක්වා ඉහළ නැංවීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදාහැරීම සඳහා බෙදාහැරීම් ජාලය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීම

- ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් ජාලය වැඩිදියුණු කිරීමට එහි බෙදාහැරීම් මධ්‍යස්ථාන සඳහා විදුලි මීටර සහ මොඩම් 25,000ක් සහ ට්‍රාන්ස්ෆෝමර් 75,000ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පිළිවෙළින් චීනයේ M/s. Shenzeng Kaifa Technology Co. Ltd වෙත සහ M/s. Shenzhen Chuangyin Co. Ltd. වෙත ප්රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මොරටුව ලුනාව රෝහල නවීකරණය කිරීම

- මොරටුව ලුනාව රෝහල, මොරටුව ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමේ විශේෂ කාර්යයන් සිදු කරනු ලැබේ. එම රෝහල නවීකරණය කිරීම යටතේ බාහිර රෝගී අංශයක් හා සායන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව කඩිනමින් සිදු කර ගැනීම සඳහා රුපියල් මිලියන 1,035ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය/ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම යන ආයතන වෙත ප්රදානය කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නාඋල නගරය ද ඇතුළත්ව මහනුවර-යාපනය (A9) මාර්ගයේ කි.මී. 53.74 සිට කි.මී. 58.00 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම

- ශ්‍රී ලංකාවේ ජාතික මාර්ග ජාලයේ කිලෝ මීටර 144ක් පමණ පුනරුත්තාපනය හා වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතිය යටතේ නාඋල නගරය ද ඇතුළත්ව මහනුවර-යාපනය (A9) මාර්ගයේ කිලෝ මීටර 53.74 සිට කිලෝ මීටර 58.00 දක්වා වන කිලෝ මීටර 4.26ක මාර්ග කොටස පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 590.62ක මුදලකට Consulting Engineers & Contractors (Pvt) Ltd වෙත ප්රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නිල්වලා එළිය මාතර දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය : 2018 - 2020

- මාතර දිස්ත්‍රික්කයේ, විශේෂයෙන් ප්‍රධාන නගරවලින් බැහැරව පවතින ප්‍රදේශවල සිදු කළ යුතු යැයි හඳුනාගෙන තිබෙන අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, වාරිමාර්ග, පොදු පහසුකම් යනාදී යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා 2018 - 2020 කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත නිල්වලා එළිය ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රී ලංකා පොලීසියේ නිලධාරින්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබා දීම පිණිස ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම

- ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරින්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබා දීම පිණිස ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම පිළිබඳ අදාළ ක්ෂේත්රයේ ප්‍රවීනතාවයක් දක්වන කමිටුවක නිර්දේශ සහිතව සංකල්ප පත්‍රිකාවක් පිළියෙළ කරනු ලැබ ඇත. එම සංකල්ප පත්‍රිකාවද අවධානයට ගනිමින් යෝජිත විශ්වවිද්‍යාලය ස්ථාපනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මානවල ප්‍රතිලාභීන්ගේ අභිවෘද්ධිය සඳහා ග්‍රාමීය පාලම් ඉදි කිරීම

- හම්බන්තොට දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් අඩු ගම්මානවල ආරම්භ කෙරෙන ආදර්ශ ගම්මානවල නිවාස ප්‍රතිලාභීන්ට නාගරික පොදු පහසුකම් වෙත පහසුවෙන් ලඟා විය හැකි පරිදි කටුවන, බටගස්ස කිරම ඔය හරහා පාලම, හදුගල කිරම ආර හරහා තරුණ සේවා පාලම, කටුවන ඌරුබොක්ක ඔය හරහා කම්මලේ තොටුපොළ පාලම, කොහාම්පෝරුව හා සියඹලාමුරය යාකෙරෙන තුන්දොළ හරහා පාලම, බෙලිඅත්ත කිරම ඔය හරහා අඟුල්මඩුව-අරංවෙල මාර්ගයේ පාලම හා තංගල්ල කඳුරුපොකුණ මාර්ගය හරහා මගී ගුවන් පාලම යන ව්‍යාපෘති 06 'නගමු පුරවර' වැඩසටහන යටතේ ඉදි කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබන බහාලුම් සහ බඩුබාහිරාදිය කඩිනමින් නිෂ්කාශනය කිරීම සඳහා පහසුකම් සැලසීම

- නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබන බහාලුම් සහ බඩුබාහිරාදිය, නවීන තාක්ෂණය භාවිත කර කඩිනමින් නිෂ්කාශනය කිරීමට හැකි වන පරිදි ලංකා නැව් සංස්ථාව සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස රේගු බන්ධිත ගුදමක් ඉදි කර මෙහෙයුම් පවත්වාගෙන යෑමට යෝජනා වී තිබේ. ඒ සඳහා අභිලාශ ප්‍රකාශ කැඳවීමට ප්‍රතිචාර දක්වන ලද පාර්ශ්වයන් වෙතින් ශක්‍යතා අධ්‍යයනයක් සහිතව ලංසු ඉදිරිපත් කරනු පිණිස යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීමට වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය ආයෝජන සකස් කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම

- වර්ෂ 2025 වන විට ආර්ථික වශයෙන් දියුණු, නවීන සමාජයක් නිර්මාණය කිරීම සඳහා වන රජයේ අභිප්‍රාය උදෙසා ප්‍රමුඛතා අනුපිළිවෙළක් අනුව කාර්යක්ෂමව රාජ්‍ය ආයෝජන සිදු කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව රාජ්‍ය ආයතන මඟින් ව්‍යාපෘති හඳුනාගැනීම, තෝරා ගැනීම, සැලසුම් කිරීම සහ එම ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාගැනීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් රාජ්‍ය ආයතන වෙත නිකුත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ සලසනු ලබන ණය සහන පහසුකම් පුළුල් කිරීම

- 'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන සහන ණය යෝජනා ක්‍රමවල ප්රතිලාභ, දැනට තාක්ෂණික ක්ෂේත්රයේ නිරතව සිටින, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 5,6 හා 7 මට්ටම් සපුරා ඇති වෘත්තිකයින්, සුළු පරිමාණ සත්ත්ව පාලන අංශවල යෙදෙන්නන්, දිරාපත්වන ද්‍රව්‍ය භාවිත කරමින් විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන්ට සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ආයෝජන අපේක්ෂා කරන්නන්හටද ලබාගැනීමට හැකි වන පරිදි ව්‍යාප්ත කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2018-10-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ

More:

http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-10-02

[QUOTE="monson, post: 23695028, member: 30005"] [SIZE="4"][COLOR="Blue"]බස්නාහිර කලාපීය සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීම[/COLOR] - වඩාත් සුව පහසු සහ ආරක්ෂාකාරී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් රාගම-කඩවත-කොළඹ කොටුව හරහා කිරුළපන දක්වා කිලෝ මීටර 33ක දිගින් යුත් 'රක්ත මාර්ගය', කැලණිය-බොරැල්ල-නුගේගොඩ-පිළියන්දල හරහා මොරටුව දක්වා කිලෝ මීටර 28.3ක දිගින් යුත් 'හරිත මාර්ගය' සහ හුණුපිටිය-අංගොඩ-කොස්වත්ත හරහා කොට්ටාව දක්වා කිලෝමීටර 22.3ක දිගින් යුත් 'නීල මාර්ගය' නමින් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 3ක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීම[/COLOR] - ද්‍රවීකෘත ස්වභාවික වායුව මඟින් ක්‍රියාත්මක කරන මෙගාවොට් 400ක ධාරිතාවයකින් යුත් විදුලි බලාගාරයක් චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව එම ව්‍යාපෘතිය සිංගප්පූරුවේ සංස්ථාපනය කර ඇති Hambantota Power Private Limited හා ලංකා විදුලිබල මණ්ඩලය අතර පිහිටුවාගත් බද්ධ ව්‍යාපාරයක් මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ ධාරිතාව වැඩිදියුණු කිරීම[/COLOR] - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ දැනට පවතින ධාරිතාවය මගීන් මිලියන 15ක් සඳහා පහසුකම් සැලසීමට හැකිවන පරිදි වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය නිම වන තෙක් මගීන් සඳහා පහසුකම් සැලසීම පිණිස අතුරු පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව එම අතුරු පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි M/s. China State Construction Engineering Corporation Ltd. වෙත ප්රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]ග්‍රාමීය පාලම් ඉදි කිරීම[/COLOR] - ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහන සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ප්‍රදේශවල පාලම් 4,000ක් පමණ ඉදි කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. මේ සඳහා බෙල්ජියම් සහ නෙදර්ලන්ත රජයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා 02ක් රජය විසින් ඇගයීමට ලක් කරනු ලැබ ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ග්‍රාමිය පාලම් 60ක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, යුරෝ මිලියන 17.12ක බදු රහිත මුදලකට බෙල්ජියමේ Janson Bridging Belgium NV සමාගමට පැවරීමටත්, තවත් ග්‍රාමීය පාලම් 200ක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, යුරෝ මිලියන 50.68ක බදු රහිත මුදලකට නෙදර්ලන්තයේ Janson Bridging International BV සමාගමට පැවරීමටත් පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]උතුරු, නැඟෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල 'ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යපෘතිය' ක්‍රියාත්මක කිරීම[/COLOR] - උතුරු, නැඟෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල සියලුම පළාත් පාලන අයතන ආවරණය වන පරිදි, ඒවායේ යටිතල පහසුකම් සහ ආයතනික හැකියාවන් වර්ධනය කිරීම ඇතුළුව පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු සඳහා 'ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යපෘතිය' යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක අරමුදල් සැලසීමට ලෝක බැංකුව විසින් එකඟතාවය පළ කර තිබිණි. එසේ වුවද, උක්ත ප්‍රදේශවල පළාත් පාලන ආයතන 134ක තවදුරටත් සිදු කළ යුතු සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමේ අරමුණින් එම ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ දායකත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් දක්වා ඉහළ නැංවීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදාහැරීම සඳහා බෙදාහැරීම් ජාලය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීම[/COLOR] - ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් ජාලය වැඩිදියුණු කිරීමට එහි බෙදාහැරීම් මධ්‍යස්ථාන සඳහා විදුලි මීටර සහ මොඩම් 25,000ක් සහ ට්‍රාන්ස්ෆෝමර් 75,000ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පිළිවෙළින් චීනයේ M/s. Shenzeng Kaifa Technology Co. Ltd වෙත සහ M/s. Shenzhen Chuangyin Co. Ltd. වෙත ප්රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]මොරටුව ලුනාව රෝහල නවීකරණය කිරීම[/COLOR] - මොරටුව ලුනාව රෝහල, මොරටුව ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමේ විශේෂ කාර්යයන් සිදු කරනු ලැබේ. එම රෝහල නවීකරණය කිරීම යටතේ බාහිර රෝගී අංශයක් හා සායන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව කඩිනමින් සිදු කර ගැනීම සඳහා රුපියල් මිලියන 1,035ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය/ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම යන ආයතන වෙත ප්රදානය කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]නාඋල නගරය ද ඇතුළත්ව මහනුවර-යාපනය (A9) මාර්ගයේ කි.මී. 53.74 සිට කි.මී. 58.00 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම[/COLOR] - ශ්‍රී ලංකාවේ ජාතික මාර්ග ජාලයේ කිලෝ මීටර 144ක් පමණ පුනරුත්තාපනය හා වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතිය යටතේ නාඋල නගරය ද ඇතුළත්ව මහනුවර-යාපනය (A9) මාර්ගයේ කිලෝ මීටර 53.74 සිට කිලෝ මීටර 58.00 දක්වා වන කිලෝ මීටර 4.26ක මාර්ග කොටස පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 590.62ක මුදලකට Consulting Engineers & Contractors (Pvt) Ltd වෙත ප්රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]නිල්වලා එළිය මාතර දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය : 2018 - 2020[/COLOR] - මාතර දිස්ත්‍රික්කයේ, විශේෂයෙන් ප්‍රධාන නගරවලින් බැහැරව පවතින ප්‍රදේශවල සිදු කළ යුතු යැයි හඳුනාගෙන තිබෙන අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, වාරිමාර්ග, පොදු පහසුකම් යනාදී යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා 2018 - 2020 කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත නිල්වලා එළිය ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]රී ලංකා පොලීසියේ නිලධාරින්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබා දීම පිණිස ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම[/COLOR] - ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරින්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබා දීම පිණිස ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම පිළිබඳ අදාළ ක්ෂේත්රයේ ප්‍රවීනතාවයක් දක්වන කමිටුවක නිර්දේශ සහිතව සංකල්ප පත්‍රිකාවක් පිළියෙළ කරනු ලැබ ඇත. එම සංකල්ප පත්‍රිකාවද අවධානයට ගනිමින් යෝජිත විශ්වවිද්‍යාලය ස්ථාපනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මානවල ප්‍රතිලාභීන්ගේ අභිවෘද්ධිය සඳහා ග්‍රාමීය පාලම් ඉදි කිරීම[/COLOR] - හම්බන්තොට දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් අඩු ගම්මානවල ආරම්භ කෙරෙන ආදර්ශ ගම්මානවල නිවාස ප්‍රතිලාභීන්ට නාගරික පොදු පහසුකම් වෙත පහසුවෙන් ලඟා විය හැකි පරිදි කටුවන, බටගස්ස කිරම ඔය හරහා පාලම, හදුගල කිරම ආර හරහා තරුණ සේවා පාලම, කටුවන ඌරුබොක්ක ඔය හරහා කම්මලේ තොටුපොළ පාලම, කොහාම්පෝරුව හා සියඹලාමුරය යාකෙරෙන තුන්දොළ හරහා පාලම, බෙලිඅත්ත කිරම ඔය හරහා අඟුල්මඩුව-අරංවෙල මාර්ගයේ පාලම හා තංගල්ල කඳුරුපොකුණ මාර්ගය හරහා මගී ගුවන් පාලම යන ව්‍යාපෘති 06 'නගමු පුරවර' වැඩසටහන යටතේ ඉදි කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබන බහාලුම් සහ බඩුබාහිරාදිය කඩිනමින් නිෂ්කාශනය කිරීම සඳහා පහසුකම් සැලසීම[/COLOR] - නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබන බහාලුම් සහ බඩුබාහිරාදිය, නවීන තාක්ෂණය භාවිත කර කඩිනමින් නිෂ්කාශනය කිරීමට හැකි වන පරිදි ලංකා නැව් සංස්ථාව සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස රේගු බන්ධිත ගුදමක් ඉදි කර මෙහෙයුම් පවත්වාගෙන යෑමට යෝජනා වී තිබේ. ඒ සඳහා අභිලාශ ප්‍රකාශ කැඳවීමට ප්‍රතිචාර දක්වන ලද පාර්ශ්වයන් වෙතින් ශක්‍යතා අධ්‍යයනයක් සහිතව ලංසු ඉදිරිපත් කරනු පිණිස යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීමට වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"] රාජ්‍ය ආයෝජන සකස් කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම[/COLOR] - වර්ෂ 2025 වන විට ආර්ථික වශයෙන් දියුණු, නවීන සමාජයක් නිර්මාණය කිරීම සඳහා වන රජයේ අභිප්‍රාය උදෙසා ප්‍රමුඛතා අනුපිළිවෙළක් අනුව කාර්යක්ෂමව රාජ්‍ය ආයෝජන සිදු කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව රාජ්‍ය ආයතන මඟින් ව්‍යාපෘති හඳුනාගැනීම, තෝරා ගැනීම, සැලසුම් කිරීම සහ එම ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාගැනීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් රාජ්‍ය ආයතන වෙත නිකුත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"]'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ සලසනු ලබන ණය සහන පහසුකම් පුළුල් කිරීම[/COLOR] - 'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන සහන ණය යෝජනා ක්‍රමවල ප්රතිලාභ, දැනට තාක්ෂණික ක්ෂේත්රයේ නිරතව සිටින, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 5,6 හා 7 මට්ටම් සපුරා ඇති වෘත්තිකයින්, සුළු පරිමාණ සත්ත්ව පාලන අංශවල යෙදෙන්නන්, දිරාපත්වන ද්‍රව්‍ය භාවිත කරමින් විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන්ට සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ආයෝජන අපේක්ෂා කරන්නන්හටද ලබාගැනීමට හැකි වන පරිදි ව්‍යාප්ත කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 2018-10-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ[/SIZE] More: [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2018-10-02[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom