Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරණ තරග බිමට එනවා යැයි කී නාගානන්ද කොඩිතුවක්කු ගැන මේ කරුණු දැන සිටියා ද?

මිනිත්තු 23 පෙර

මෙය බෙදාගන්න Facebook මෙය බෙදාගන්න Messenger මෙය බෙදාගන්න Twitter මෙය බෙදාගන්න ඊමේල් යවන්න

විල්පත්තුව ආසන්නයේ සිදු වෙතැයි පැවසෙන වන විනාශය ගැන මෙන් ම වෙනත් වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වී සිටින නාගානන්ද කොඩිතුවක්කු පිළිබඳ පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ අවධානය යොමු විය.

ඒ, නීතිඥ ධූරයේ කටයුතු කිරීම වසර තුනකට අත්හිටුවමින් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නිකුත් කිරීමත් සමගය.

නීතිඥ ධූරයේ කටයුතු කිරීම අත්හිටුවා තිබුණ ද තමන් අධිකරණයට ඉදිරිපත් කළ නඩු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා තවදුරටත් කටයුතු කරන බව නාගානන්ද කොඩිතුවක්කු පවසයි.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එකී අධිකරණ තීන්දුව මගින් අදාළ නඩු විභාගවලට කිසිදු බාධාවක් එල්ල නොවන බවය.

ජනරජ ව්‍යවස්ථාව අනුව රටේ ඕනෑ ම පුරවැසියෙකුට තමන්ගේ නඩුවකට පෙනී සිටිය හැකි අතර එම අයිතිය ක්‍රියාත්මක කරමින් තමන් ඉදිරිටත් පෞද්ගලිකව ම නඩුවලට පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් කතා බහට ලක් වන විල්පත්තුව සහ වෙනත් වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට ගොනු කර ඇති නඩු පිළිබඳව බීබීසී සිංහල සේවය මීට ඉහතදී පළ කළ ලිපියට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් ප්‍රතිචාර ලැබිණි.

නාගානන්ද කොඩිතුවක්කු පවරා ඇති නඩු

විල්පත්තුව සහ සිංහරාජය: ඡායාරූපයක නිවැරදිභාවය හඳුනා ගන්නේ කෙසේ ද?

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර තිබෙන ඔහු පිළිබඳ වැඩිදුර තොරතුරු විමසා බලෙන මෙම ලිපිය සැකසුණේ ඒ අනුවය.

අධ්‍යාපනය සහ රැකියාව

Image caption

නාගානන්ද කොඩිතුවක්කු සිය බිරිඳ සමග

1954 ජූලි 31 වන දින රත්නපුර නගරය ආසන්නයේ පිහිටි බටුගෙදර ප්‍රදේශයේ උපන් නාගානන්ද කොඩිතුවක්කු දරුවන් එකළොස් දෙනෙකුගෙන් සමන්විත පවුලක දස වන දරුවාය. ඔහුගේ පියා ලිපිකරුවෙකු වශයෙන් සේවය කර ඇති අතර මව ගෘහණියකි. රත්නපුර සීවලී මහා විද්‍යාලය, සුමන විද්‍යාලය සහ සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නාගානන්ද කොඩිතුවක්කු වාණිජ අංශයෙන් උසස් පෙළ හදෑරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී තිබේ.

1978 වසරේදී රේගු නිලධාරියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ බව කී නාගානන්ද, බදු වංචනිකයන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා ආරම්භයේ සිට ම තමන් ක්‍රියා කළ බව පැවසීය.

ඔහු පවසන පරිදි:

රෙදිපිළි අපනයනය කරන බවට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරමින් රුපියල් මිලියන 876ක බදු වංචාවක් කළ සමාගමක් පිළිබඳව ඔහු කළ විමර්ශනවලින් අනතුරුව එම සමාගම වසා දැමීමට සිදුව තිබේ.

නාගානන්ද වැඩිදුරටත් කියා සිටියේ අදාළ විමර්ශනයෙන් අනතුරුව රේගුවේ සියලු විමර්ශන කටයුතුවලින් ඉවත් කෙරුණු තමන්ට විවිධ තර්ජන ද එල්ල වූ බවය.

නාගානන්ද අල්ලස් දැලේ

Image copyrightGETTY IMAGES

1986 පෙබරවාරි 13 වන දා අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව ඔහු පවසයි. එවක කුප්‍රකට පාතාල නායකයෙකුගේ ගෝලයෙකු බන්ධනාගාරය තුළදී සිය ජීවිතයට තර්ජනයක් එල්ල කළ හැකි බවට ලද තොරතුරු අනුව ජීවිතාරක්ෂාව වෙනුවෙන් තමන්ව වෙන ම රඳවා තබන්නට බන්ධනාගාර නිලධාරීන්ට සිදු වූ බව නාගානන්ද සිහිපත් කරයි.

එහිදී ඔහුගේ නවාතැන බවට පත්ව ඇත්තේ, මරණීය දණ්ඩනය නියම වූවන්ගේ සිර කුටියකි. අල්ලස් චෝදනාවට ඇප ලබා පැමිණි තමන් වැඩතහනමට ලක්වූ කාලයෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහා නීතී විද්‍යාලයට ඇතුළත් වූ බව ඔහු පැවසීය. එහෙත් වැඩි දවසක් ඔහුට නීතී විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට නොහැකි වී ඇත්තේ අල්ලස් නඩුවක චූදිතයෙකු වන බැවින් ශිෂ්‍යභාවය අහෝසි කරන්නැයි ප්‍රතිවාදීන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීම හේතුවෙනි. ඒ අනුව නාගානන්දගේ ශිෂ්‍යභාවය වසර දහයකට අත්හිටුවා තිබිණි.

1991 වසරේදී අදාළ අල්ලස් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර නාගානන්ද කොඩිතුවක්කු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවෙන් නිදහස් කෙරිණි. ඒ සමග ඔහුට වසර පහකට යළි රේගුවේ රැකියාව ලැබුණේ විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස උසස්වීමක් ද සමගිනි. ජීවිත තර්ජන හේතුවෙන් තමන්ගේ පරිහරණය සඳහා ගිනි අවියක් නිකුත් කර තිබූ බව කී නාගානන්ද එවක ගිනි අවියක් ලබා දී තිබූ එක ම රේගු නිලධාරියා තමන් බව කියා සිටී.

බදු වංචා කළ ක්‍රිකට් තරු

2001 වසරේදී ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් තරු දෙකක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු සිදු කළ බදු වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන්ට රුපියල් මිලියන හතරකට අධික දඩයක් පැනවීමත් සමග යළිත් තමන්ට මරණ තර්ජන එල්ල වූ බව නාගානන්ද පවසයි. රේගු නිලධාරී සුජිත් ප්‍රසන්න ද 2001දී වෙඩි තබා ඝාතනයට කිරීමත් සමග ම නාගනන්ද ජීවිතාරක්ෂාව සඳහා සිය බිරිඳ සහ දරුවන් සමග එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ, 2001 සැප්තැම්බර් 21 වන දාය.

එංගලන්තයේ ජීවිතය

Image caption

නාගානන්ද කොඩිතුවක්කු සිය සුරතලුන් සමග

ඔහු පවසන පරිදි එවක ඔහුගේ දියණියගේ වයස මාස දෙකකි. එම දියණිය සහ පුතුන් දෙදෙනා අදටත් එංගලන්තයේ ජීවත් වෙති. ඔවුන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහසක් නැති බව නාගානන්ද පවසයි. ඒ ගැන කණස්සල්ල පළ කරන නාගානන්ද පෙන්වා දෙන පරිදි සිය දරුවන් මව්බිමෙන් ඈත් කරනු ලැබ ඇත්තේ දූෂිත සමාජ ක්‍රමය විසිනි. එංගලන්තයේ ජීවත් වූ කාලයේදී සොලිසිටර් විභාගය සමත්ව නීතිඥයෙකු ලෙස ක්‍රියා කළ තමන් පසු කාලයේදී ශ්‍රී ලංකාවේ ද නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් බව නාගානන්ද පැවසීය.

යළි ශ්‍රී ලංකාවට

2009 වසරේදී යළි ශ්‍රී ලංකාවට පැමිණි තමන් යළි දූෂණ විරෝධී සටන ආරම්භ කළ බව සඳහන් කරයි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ අදහසක් ඇතිව සිටින බැවින් යෝජිත ව්‍යවස්ථාව, බලය බෙදීම, අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම, සංහිඳියාව ගොඩනැගීම සහ ආර්ථීක, විදේශ ප්‍රතිපත්තිය ගැන ද බීබීසී සිංහල සේවය ඔහුගෙන් අදහස් විමසුවේය.

BBC සිංහල ෆේස්බුක් පිටුවට පිවිසෙන්න

ජනාධිපතිවරණ පොරොන්දු

රට ගොඩ ගැනීම සඳහා තමන් ජනතාවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය නීතිය හමුවේ ප්‍රශ්න කළ හැකි ගිවිසුමක් වනු ඇතැයි නාගානන්ද පවසයි. ඒ තුළ තමන් යෝජනා කරන නව ව්‍යවස්ථාව ගැන ද තොරතුරු එක් කිරීමට අපේක්ෂා කරන නාගානන්ද කොඩිතුවක්කු සිය යෝජිත ව්‍යවස්ථාව ගැන ජනතාව දැනුවත් කිරීම දැනටමත් ආරම්භ කර තිබේ.

නාගානන්ද කොඩිතුවක්කු පවසන පරිදි ඔහුගේ යෝජිත ව්‍යවස්ථාවේ ඇතුළත් මූලික කරුණු:

මහජනතාව අනුමත කළ ව්‍යවස්ථාවට ජයග්රහණයෙන් පසු තමා අත්සන් කිරීමත් සමග විධායක ජනාධිපති ධූරය අහෝසි වන අතර ඒ මොහොතේ සිට අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරීම.

පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 125කට සීමා කෙරේ.

ඇමතිවරු ගණන 15කි.

තීරුබදු සහිත වාහන බලපත්‍ර ක්‍රමය සම්පූර්ණයෙන් ම අහෝසි කෙරේ. (මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අතීතයට බලපාන ලෙස අහෝසි කෙරේ.

පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකි උපරිම වාර ගණන දෙකකි.

මහජන දේපොළ කොල්ල කෑ පුද්ගලයන්ට ඒවා නැවත භාර දීමට දින 30ක පොදු සමා කාලයක් ලබා දේ. දින 30 ඉක්මවූ පසු වරදකරුවන්ට දඬුවම් ලබා දෙනු ඇත.

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුව ද ව්‍යවස්ථාවට පටහැනි නීති අහෝසි කිරීමට අධිකරණයට විශේෂ බලතල.

පළාත් සභා ක්‍රමය අහෝසි කෙරේ.

තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය හා උඩරට නීතිය අහෝසි කෙරෙන අතර එක රටක් තුළ එක නීතියක් බලාත්මක වනු ඇත.

උප්පැන්න සහතිකයට ජාතිය ඇතුළත් කිරීම ඉවත් කෙරේ.

යුද ජයග්‍රහණ සැමරුම් අවලංගු කිරීම

යුද්ධයකදී තම රටේ ම වැසියන් මිය යාම රජයකට ජයග්‍රහණයක් ලෙස සැමරිය නොහැකි බව පවසන නාගානන්ද කොඩිතුවක්කු එය අමතක කළ යුතු අඳුරු මතකයක් බැවින් යුද ජයග්‍රහණ යැයි හඳුන්වා ගාලු මුවදොර සැමරුම් උත්සව පැවැත්වීම අනුමත නොකරන බව සඳහන් කරයි.

සබැඳි

https://www.bbc.com/sinhala/sri-lanka-47696400?ocid=socialflow_facebook&fbclid=IwAR0yaJsNGsdZW-ImXO7tLGD1csgm4p94jFrtdm_91hyts0-sm0LmrWyK_dA

[QUOTE="SadSandun, post: 24320248, member: 427049"] ජනාධිපතිවරණ තරග බිමට එනවා යැයි කී නාගානන්ද කොඩිතුවක්කු ගැන මේ කරුණු දැන සිටියා ද? මිනිත්තු 23 පෙර මෙය බෙදාගන්න Facebook මෙය බෙදාගන්න Messenger මෙය බෙදාගන්න Twitter මෙය බෙදාගන්න ඊමේල් යවන්න විල්පත්තුව ආසන්නයේ සිදු වෙතැයි පැවසෙන වන විනාශය ගැන මෙන් ම වෙනත් වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වී සිටින නාගානන්ද කොඩිතුවක්කු පිළිබඳ පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ අවධානය යොමු විය. ඒ, නීතිඥ ධූරයේ කටයුතු කිරීම වසර තුනකට අත්හිටුවමින් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නිකුත් කිරීමත් සමගය. නීතිඥ ධූරයේ කටයුතු කිරීම අත්හිටුවා තිබුණ ද තමන් අධිකරණයට ඉදිරිපත් කළ නඩු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා තවදුරටත් කටයුතු කරන බව නාගානන්ද කොඩිතුවක්කු පවසයි. බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එකී අධිකරණ තීන්දුව මගින් අදාළ නඩු විභාගවලට කිසිදු බාධාවක් එල්ල නොවන බවය. ජනරජ ව්‍යවස්ථාව අනුව රටේ ඕනෑ ම පුරවැසියෙකුට තමන්ගේ නඩුවකට පෙනී සිටිය හැකි අතර එම අයිතිය ක්‍රියාත්මක කරමින් තමන් ඉදිරිටත් පෞද්ගලිකව ම නඩුවලට පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් කතා බහට ලක් වන විල්පත්තුව සහ වෙනත් වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට ගොනු කර ඇති නඩු පිළිබඳව බීබීසී සිංහල සේවය මීට ඉහතදී පළ කළ ලිපියට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් ප්‍රතිචාර ලැබිණි. නාගානන්ද කොඩිතුවක්කු පවරා ඇති නඩු විල්පත්තුව සහ සිංහරාජය: ඡායාරූපයක නිවැරදිභාවය හඳුනා ගන්නේ කෙසේ ද? එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර තිබෙන ඔහු පිළිබඳ වැඩිදුර තොරතුරු විමසා බලෙන මෙම ලිපිය සැකසුණේ ඒ අනුවය. අධ්‍යාපනය සහ රැකියාව Image caption නාගානන්ද කොඩිතුවක්කු සිය බිරිඳ සමග 1954 ජූලි 31 වන දින රත්නපුර නගරය ආසන්නයේ පිහිටි බටුගෙදර ප්‍රදේශයේ උපන් නාගානන්ද කොඩිතුවක්කු දරුවන් එකළොස් දෙනෙකුගෙන් සමන්විත පවුලක දස වන දරුවාය. ඔහුගේ පියා ලිපිකරුවෙකු වශයෙන් සේවය කර ඇති අතර මව ගෘහණියකි. රත්නපුර සීවලී මහා විද්‍යාලය, සුමන විද්‍යාලය සහ සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නාගානන්ද කොඩිතුවක්කු වාණිජ අංශයෙන් උසස් පෙළ හදෑරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී තිබේ. 1978 වසරේදී රේගු නිලධාරියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ බව කී නාගානන්ද, බදු වංචනිකයන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා ආරම්භයේ සිට ම තමන් ක්‍රියා කළ බව පැවසීය. ඔහු පවසන පරිදි: රෙදිපිළි අපනයනය කරන බවට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරමින් රුපියල් මිලියන 876ක බදු වංචාවක් කළ සමාගමක් පිළිබඳව ඔහු කළ විමර්ශනවලින් අනතුරුව එම සමාගම වසා දැමීමට සිදුව තිබේ. නාගානන්ද වැඩිදුරටත් කියා සිටියේ අදාළ විමර්ශනයෙන් අනතුරුව රේගුවේ සියලු විමර්ශන කටයුතුවලින් ඉවත් කෙරුණු තමන්ට විවිධ තර්ජන ද එල්ල වූ බවය. නාගානන්ද අල්ලස් දැලේ Image copyrightGETTY IMAGES 1986 පෙබරවාරි 13 වන දා අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව ඔහු පවසයි. එවක කුප්‍රකට පාතාල නායකයෙකුගේ ගෝලයෙකු බන්ධනාගාරය තුළදී සිය ජීවිතයට තර්ජනයක් එල්ල කළ හැකි බවට ලද තොරතුරු අනුව ජීවිතාරක්ෂාව වෙනුවෙන් තමන්ව වෙන ම රඳවා තබන්නට බන්ධනාගාර නිලධාරීන්ට සිදු වූ බව නාගානන්ද සිහිපත් කරයි. එහිදී ඔහුගේ නවාතැන බවට පත්ව ඇත්තේ, මරණීය දණ්ඩනය නියම වූවන්ගේ සිර කුටියකි. අල්ලස් චෝදනාවට ඇප ලබා පැමිණි තමන් වැඩතහනමට ලක්වූ කාලයෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහා නීතී විද්‍යාලයට ඇතුළත් වූ බව ඔහු පැවසීය. එහෙත් වැඩි දවසක් ඔහුට නීතී විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට නොහැකි වී ඇත්තේ අල්ලස් නඩුවක චූදිතයෙකු වන බැවින් ශිෂ්‍යභාවය අහෝසි කරන්නැයි ප්‍රතිවාදීන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීම හේතුවෙනි. ඒ අනුව නාගානන්දගේ ශිෂ්‍යභාවය වසර දහයකට අත්හිටුවා තිබිණි. 1991 වසරේදී අදාළ අල්ලස් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර නාගානන්ද කොඩිතුවක්කු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවෙන් නිදහස් කෙරිණි. ඒ සමග ඔහුට වසර පහකට යළි රේගුවේ රැකියාව ලැබුණේ විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස උසස්වීමක් ද සමගිනි. ජීවිත තර්ජන හේතුවෙන් තමන්ගේ පරිහරණය සඳහා ගිනි අවියක් නිකුත් කර තිබූ බව කී නාගානන්ද එවක ගිනි අවියක් ලබා දී තිබූ එක ම රේගු නිලධාරියා තමන් බව කියා සිටී. බදු වංචා කළ ක්‍රිකට් තරු 2001 වසරේදී ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් තරු දෙකක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු සිදු කළ බදු වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන්ට රුපියල් මිලියන හතරකට අධික දඩයක් පැනවීමත් සමග යළිත් තමන්ට මරණ තර්ජන එල්ල වූ බව නාගානන්ද පවසයි. රේගු නිලධාරී සුජිත් ප්‍රසන්න ද 2001දී වෙඩි තබා ඝාතනයට කිරීමත් සමග ම නාගනන්ද ජීවිතාරක්ෂාව සඳහා සිය බිරිඳ සහ දරුවන් සමග එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ, 2001 සැප්තැම්බර් 21 වන දාය. එංගලන්තයේ ජීවිතය Image caption නාගානන්ද කොඩිතුවක්කු සිය සුරතලුන් සමග ඔහු පවසන පරිදි එවක ඔහුගේ දියණියගේ වයස මාස දෙකකි. එම දියණිය සහ පුතුන් දෙදෙනා අදටත් එංගලන්තයේ ජීවත් වෙති. ඔවුන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහසක් නැති බව නාගානන්ද පවසයි. ඒ ගැන කණස්සල්ල පළ කරන නාගානන්ද පෙන්වා දෙන පරිදි සිය දරුවන් මව්බිමෙන් ඈත් කරනු ලැබ ඇත්තේ දූෂිත සමාජ ක්‍රමය විසිනි. එංගලන්තයේ ජීවත් වූ කාලයේදී සොලිසිටර් විභාගය සමත්ව නීතිඥයෙකු ලෙස ක්‍රියා කළ තමන් පසු කාලයේදී ශ්‍රී ලංකාවේ ද නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් බව නාගානන්ද පැවසීය. යළි ශ්‍රී ලංකාවට 2009 වසරේදී යළි ශ්‍රී ලංකාවට පැමිණි තමන් යළි දූෂණ විරෝධී සටන ආරම්භ කළ බව සඳහන් කරයි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ අදහසක් ඇතිව සිටින බැවින් යෝජිත ව්‍යවස්ථාව, බලය බෙදීම, අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම, සංහිඳියාව ගොඩනැගීම සහ ආර්ථීක, විදේශ ප්‍රතිපත්තිය ගැන ද බීබීසී සිංහල සේවය ඔහුගෙන් අදහස් විමසුවේය. BBC සිංහල ෆේස්බුක් පිටුවට පිවිසෙන්න ජනාධිපතිවරණ පොරොන්දු රට ගොඩ ගැනීම සඳහා තමන් ජනතාවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය නීතිය හමුවේ ප්‍රශ්න කළ හැකි ගිවිසුමක් වනු ඇතැයි නාගානන්ද පවසයි. ඒ තුළ තමන් යෝජනා කරන නව ව්‍යවස්ථාව ගැන ද තොරතුරු එක් කිරීමට අපේක්ෂා කරන නාගානන්ද කොඩිතුවක්කු සිය යෝජිත ව්‍යවස්ථාව ගැන ජනතාව දැනුවත් කිරීම දැනටමත් ආරම්භ කර තිබේ. නාගානන්ද කොඩිතුවක්කු පවසන පරිදි ඔහුගේ යෝජිත ව්‍යවස්ථාවේ ඇතුළත් මූලික කරුණු: මහජනතාව අනුමත කළ ව්‍යවස්ථාවට ජයග්රහණයෙන් පසු තමා අත්සන් කිරීමත් සමග විධායක ජනාධිපති ධූරය අහෝසි වන අතර ඒ මොහොතේ සිට අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරීම. පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 125කට සීමා කෙරේ. ඇමතිවරු ගණන 15කි. තීරුබදු සහිත වාහන බලපත්‍ර ක්‍රමය සම්පූර්ණයෙන් ම අහෝසි කෙරේ. (මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අතීතයට බලපාන ලෙස අහෝසි කෙරේ. පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකි උපරිම වාර ගණන දෙකකි. මහජන දේපොළ කොල්ල කෑ පුද්ගලයන්ට ඒවා නැවත භාර දීමට දින 30ක පොදු සමා කාලයක් ලබා දේ. දින 30 ඉක්මවූ පසු වරදකරුවන්ට දඬුවම් ලබා දෙනු ඇත. පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුව ද ව්‍යවස්ථාවට පටහැනි නීති අහෝසි කිරීමට අධිකරණයට විශේෂ බලතල. පළාත් සභා ක්‍රමය අහෝසි කෙරේ. තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය හා උඩරට නීතිය අහෝසි කෙරෙන අතර එක රටක් තුළ එක නීතියක් බලාත්මක වනු ඇත. උප්පැන්න සහතිකයට ජාතිය ඇතුළත් කිරීම ඉවත් කෙරේ. යුද ජයග්‍රහණ සැමරුම් අවලංගු කිරීම යුද්ධයකදී තම රටේ ම වැසියන් මිය යාම රජයකට ජයග්‍රහණයක් ලෙස සැමරිය නොහැකි බව පවසන නාගානන්ද කොඩිතුවක්කු එය අමතක කළ යුතු අඳුරු මතකයක් බැවින් යුද ජයග්‍රහණ යැයි හඳුන්වා ගාලු මුවදොර සැමරුම් උත්සව පැවැත්වීම අනුමත නොකරන බව සඳහන් කරයි. සබැඳි [URL="https://www.bbc.com/sinhala/sri-lanka-47696400?ocid=socialflow_facebook&fbclid=IwAR0yaJsNGsdZW-ImXO7tLGD1csgm4p94jFrtdm_91hyts0-sm0LmrWyK_dA"]https://www.bbc.com/sinhala/sri-lanka-47696400?ocid=socialflow_facebook&fbclid=IwAR0yaJsNGsdZW-ImXO7tLGD1csgm4p94jFrtdm_91hyts0-sm0LmrWyK_dA[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom