Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවේදී සංගක්කාරගේ හිත කියවීම...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංවේදී සංගක්කාරගේ හිත කියවීම...

Sanga ගැන කරපු interview එකක්..

ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවන් අතළොස්ස අතරට වැටෙන කුමාර් සංගක්කාර ටෙස්ට් කී‍්‍රඩකයකු වශයෙන් සහභාගි වන අවසන් එංගලන්ත සංචාරය මෙය වුවහොත් එය අරුමයක් නොවේ. එක්දින අන්තර්ජාතික තරග සම්බන්ධයෙන් වුවද තත්ත්වය එය එසේම විය හැකි නමුත් සංගක්කාර යනු හුදු කි‍්‍රකට් කී‍්‍රඩකයකු පමණක්ද නොවේ.

මානව හැගීම් වටහාගැනීමේ සුවිශේෂී හැකියාකින් යුත් කුමාර් සංගක්කාර නීතිය, කලාව මෙන්ම සාහිත්‍යය කෙරේද සංවේදී මිනිසෙකි. අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතර අතිශයින් දුර්ලභ එවන් කී‍්‍රඩකයකු සම්බන්ධයෙන්, එංගලන්තයේ ‘ද ගාර්ඩියන්’ පුවත් පතට ඩොනල්ඞ් මැක්රේ විසින් සපයන ලද ලිපියක සිංහල අනුවාදය මෙසේ සටහන් වෙයි.

එංගලන්තයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ඩරම් ප්‍රාන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා කළ සංගක්කාර සසෙක්ස් පිලට එරෙහිව හෝවිහිදී පැවති ක්‍රිකට් තරගයේ අත්හැර දමන ලද දිනයේ අවසන සීතලේ ගැහෙමින් සිටියේය. කළේ ක්‍රීඩාගාරයෙන් ලබා ගත්, ඔහුට වඩා විශාල කබායක් ඇඳ ගෙන මා හා කතාකරමින් සිටින විට සීතල වැස්සක් වැටෙමින් තිබිණ.

කතාව දිග හැරෙන විට හා ගැඹුරු සිතුවිල්ලට වැටෙත්ම අපේක්ෂාවේ ගිනි සිළුවක් මෙන් ඔහුුගේ විචක්ෂණ භාවයත් සුහදත්වයත් දිලිසේ.

ඔහු සමග පැයක් ගත කිරීමෙන් පසු ඇති වෙනස අමතක කළ නොහැකිය. එංගලන්ත කණ්ඩායමේද දීප්තිමත්, සුහදශීලී අය සිටින නමුත් මෑතක සිට ඔවුන් සමග කතා කිරීම අතිශයෙන් අසීරු වී ඇත. ඉල්ලීමක් කළ ද එංගලන්ත කණ්ඩායමේ හොඳම ක්‍රිඩකයෙක් හමුවීම මෑතක සිට කෙතරම් පාලනය කර ඇත්ද යත් කණිෂ්ඨ ක්‍රීඩකයෙකු පවා සම්මුඛ සාකච්ඡුාවකට හමු වීම ‘අනුග්‍රාහක අවස්ථාවක්’ හා බැඳී තිබිය යුතුය.

එවැනි හමුවීම් පවා අවංකත්වය හා පෞද්ගලිකත්වය සීමා කිරීමේ ප්රයත්න ලෙස හැෙඟ්. නිසැකවම නූතන ක්‍රිකට් ලෝකයේ යෝධයකු වන නමුත් සංගක්කාර ඊට හාත්පසින්ම වෙනස්ය.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික තරග 547 කට සහභාගි වී ඇති අතර ඔහුගේ ටෙස්ට් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 58.07 කි. එය ඔහුගේ සමකාලීනයන් මෙන්ම දැනට ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමු ගෙන ඇති දැවැන්තයන් වන රාහුල් ඩ්රාවිඞ්, රිකි පොන්ටින්, සචින් තෙන්ඩුල්කාර් හා ජැක් කලිස් ඉක්මවා යයි.

ගැටුම් හා ආපදාවන්, ඉවසීම හා විවිධත්වය, ඛේදය හා ජයග්‍රහණය වැනි කරුණු ගැන කතා කිරීමේ දී සැබෑ සංගක්කාරගේ ගුණය ඉස්මතු වේ. ඔහුට එහි දී මාධ්‍ය නිලධරයෙකුගේ හෝ ආයතන සම්බන්ධීකාරකයෙකුගේ සරල මගපන්වීම් අවශ්‍ය නැත.

”කි‍්‍රකට් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබීම විශ්මිත ආශ්වාදයක්” යැයි 36 හැවිරිදි සංගක්කාර පවසයි.

”පුද්ගලික සම්බන්ධතාවයන් තුළ දී සමරු පොතක සටහනක් තැබීමේ දී පවා මම බෙහෙවින් කෘතගුුණවේදී වෙනවා. ඒක ‘හලෝ කොහොමද? පැමිණියාට බොහොම ස්තූතියි’ වගේ දෙයක් වෙන්න පුළුවන්”

”ළමයෙක් කිසියම් දිනක සමරු පොතේ තබන සටහනට වඩා මේ වචනය සිහිපත් කරාවි. අප බොහෝ දෙනෙක් මේවා ගණන් ගන්නේ නැහැ.

ඒ වුනාට ඒවා තමයි අපට අවශ්‍ය. අපගේ ප්‍රමුඛතාවය විය යුත්තේ වඩාත් සුහද සම්බන්ධතා, වඩාත් සුහද ආශ්‍රය, විවිධ අදහස් හා මතවාද හුවමාරු කර ගැනීමයි” යයි සංගක්කාර කියයි.

බෙදුනු ප්‍රජාවන් එකතු කිරීමට ක්‍රිකට් ක්‍රිඩාවට ඇති හැකියාව ගැන සංගක්කාර විශ්වාස කරයි. පසුගිය මාසයේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගයේ දී අර්ධ ශතකයක් ලබාගත් සංගක්කාර නිදහසේ වර්ධනය වීමට ඉඩ හරින්නේනම් ක්‍රීඩාවේ ඇති බලය සිහිපත් කරයි.

ඩකා නුවරදී ඔහු ලබා ගත් අපරාජිත ලකුණු 52 සුවිශේෂී වන්නේ පසුගිය ලෝක ශූරතා හතරකදීම ශ්‍රී ලංකාව අවසන් තරගවලින් ලත් පරාජයන් සැලකීමේ දීය. මෙම තරග මාලාවේ මුල් තරග වලින් ඔහුට ලකුණු ලබා ගැනීමේ සාර්ථකත්වයක් පෙන්වීමට නොහැකි විය. එහෙත් ඔහුගේ සේවය වඩාත්ම අවශ්‍ය මොහොතක ඔහු ඊට මුහුණ දුන්නේය.

”පිටතින් නම් මා බොහොම සන්සුන් ගතියක් පෙනෙන්න ඇති” ඔහු කියයි.

”ඒත් ඇතුළතින් වූයේ මහත් කැළඹීමක්. මහේලයි මමයි පන්දුවට පහර දෙමින් සිටින විට ඔහු දැවී ගියා. හොඳයි මම ඉන්නවානෙ කියා මා හිත හදා ගත්තා. කොහොම හරි ගොඩ දාන්න ඕනෑ’යි කියලා මම සිතා ගත්තා. මට ඒකට අවස්ථාව ලැබුණා”

”අවසාන ලකුණු තුන ගන්න කලින් මම හිතුවෙ අප දිනුවා කියා. මම හිතින් සතුටු වුනා කල් වැඩියි. ඒත් එතකොටම තිසර පෙරේරා හයේ පාරක් ගැහුවා” යයි සංගක්කාර සිය කි‍්‍රකට් දිවියේ අනුස්මරණීීය මොහොතක් වදන් වලට හැරවීය.

ජයග්රහණයෙන් පසු කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයෝ සංගක්කාර ඔසවා ගෙන පිටිටනිය වටේ ගියහ.

”ආපහු ඇඳුම් මාරු කරන කාමරයට ගියාම කරන්නේ මොකක්ද කියල හිතා ගන්න බැරිව ගියා. ලොකු සතුටක්. ඒ වගේම මහන්සිය. ප්‍රීතිවෙවී ඉන්නවද? සිදු වුනේ මොකක්ද කියල හිතනවද? ගෙදරට කතා කරනවද? විස්තරය කියලා සතුට බෙදා ගන්නවාද? මේ කිසිවක් හිතාගන්න බැරුව ගියා”

”මම වාඩි වෙලා ප්‍රීතියෙන් උදම්ව ඉන්න අතරේම සෑම දෙනාටම කෘතවේදී වුනා”

”මම බෞද්ධයෙක්. අපේ කණ්ඩායමේ ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් අය ඉන්නවා. අප නිහතමානී වෙන්න ඕන. අපට දෙවියන්ගේ, මිත්‍රයන්ගේ, පවුලේ ආධාරකරුවන්ගේ සහාය අවශ්‍යයි. ලෝක ශූරතාවය දිනු කණ්ඩායමක සාමාජිකයෙක් කියන විට ඒ සියල්ලම අවශ්‍යයි” සංගක්කාර කියයි

”කොහොම වුණත් අප ලංකාවට ගියාම ලැබුණු පිළිගැනීම අප කිසි දිනක බලාපොරොත්තු වූවක් නෙමෙයි”

”කිලෝ මීටර් 40 ක් එක දිගට සෙනග පිරී සිටියා. ඒක හරිම සතුටක්. ජාතිය ආගම මොනව වුනත් ශ්‍රී ලාංකික හැම කෙනෙක්ම සිටියා. ඒක තමන් ගේ ආසාව ඇත්තටම මුදුන් පත් කළ දරුවන් 15 ක් ආපසු ගෙදර එනකොට පිළිගන්න හිටිය මහා පවුලක් වගේ”

”ඒක මට හොඳින් දැනුණා. මොකද ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් විතරක් නොවෙයි. පශ්චාත් යුද කාලීන සමාජයේ අන්තර් වාර්ගික සම්බන්ධතා ගොඩ නැගීමේදී එය වඩාත් අවශ්‍යයි”

වසර 2011 දී ලෝර්ඞ්ස් ශාලාවේ දී කවුඞ්රි අනුස්මරණ දේශනය කළ අවස්ථාවේදීත් ඔහු ශ්‍රී ලංකා කි‍්‍රකට් පරිපාලනයේ ඇති දූෂණ හෙළි කෙළේය. දැන් එහි ප්‍රගතියක් දක්නට ඇත්ද යන්න ප්‍රශ්නයට ඔහු අද මුහුණ දෙන්නේ මේ ආකාරයෙනි.

”මා හිතන්නේ ඒ ඉතිහාසය නැවත ඇති නොවීමට විශාල ප්රයත්නයක් ගන්නවා”

”එපමණ කාලයක් අප මුහුණ දුන් පීඩාවෙන් පසුව, ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැන සම්පූර්ණ එකඟතාවයක් තියෙනවා. සුවපත්වීමේ ක්‍රියාවලිය සිදු වෙමින් පවතිනවා. ක්‍රිකට් ක්‍රිඩාව සුභ අනාගතයක් කරා ගෙන යෑමට ලොකු උත්සාහයක් ගන්නවා” යයි සංගක්කාර පැවසීය.

තියුණු සමාජ සවිඥානයකට මුහුණ දුන් කණ්ඩායම් ඇත්තේ කීපයකි. 1983 සිට පුරා වසර 26 ක් පැවති සිවිල් යුද්ධයේ බලපෑම ගැන ඇසු විට සංගක්කාර මොහොතක් සිතා බැලූවේය.

”අපේ කණ්ඩායම තුළ කවුරුත් අගය කළ, අපේක්ෂා කළ, ජාති, වාර්ගික හා ආගමික විවිධත්වය සුුවිශේෂී ලෙස නියෝජනය වුනා. එකිනෙකා තේරුම් ගන්න, අගය කරන්න හා එකට වැඩ කරන්න අපට පුළුවන් වුනා. ඒකෙන් අප හැම දෙනා තුළම වගකීම පිළිබඳ හැඟීමක් ඇති වුනා.’’

”සුනාමිය (2004 දෙසැම්බර්) තීරණාත්මක අවස්ථාවක්. මුරලි, මහේල සහ තවත් ක්‍රිකට් කී‍්‍රඩකයන් එක්ක ආධාර අරගෙන ගියාම සිදුව ඇති විනාශය දැක්කා. එය අපගේ ජීවිත වෙනස් කළා”

”ඒ මිනිස්සුන් එක්ක කතා කළාම, ඔවුන් තුළ ඇති වේදනාව ශෝකය දැනුනා. තම බිරිඳ හා දරුවන් නැති වූ මිනිසෙක් අපට හමු වුනා. එයා තනිවෙලා. ඒක හරිම ඛේදවාචකයක්. ඒකෙන් ක්‍රිකට් කණ්ඩායමත් වෙනස් වුනා” යයි සංගක්කාර මෙතෙක් කලක් සැගවී තිබූ යමක් හෙළිදරව් කළේය.

එච්. අයි. වී. වෛරසය ශරීරගතවීමෙන් ‘ඒඞ්ස්’ රෝගය වැළඳුණ මිනිසුන්ට තනිවම මුහුණ දීමට සිදු වන සමාජ පිළිකුල තුරන් කරන්නේ කෙසේද යන්න ගැන දැන ගැනීමට ඇතැම් විට ලන්ඩනයේ ටෙරන්ස් හිගින්ස් භාරය නැරඹීමට සංගක්කාර යයි. බොහෝ වැදගත් කාර්යන් සිදු වන්නේ නිහඬවය.

”අප කිසියම් දෙයක් දෙන කොට එය හැමතිස්සෙම පත්තරවල වැටෙන්න ඕන නැහැ”

”එය සල්ලි දීම හෝ ඔවුන් සමග පින්තූරයක් ගැනීම විතරක් නොවෙයි. ඔබගේ කාලය වැය කිරීම හා කෙනෙකුගේ ජීවිතයේ සාධනීය භුමිකාවක් වීමක්.... මුදලක් දීලා යන එක පහසු වැඩක් වුණත් අප සාමුහික රඟපෑමක් විදියට පරිත්‍යාග කරන්නේ නැහැ. ඒ වුනාට අප තරගයේ වීරයාට, තරගාවලියේ වීරයාට ලැබෙන ත්‍යාග මුදල් එකතු කරලා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කෙනෙකුට දෙනවා” සංගක්කාර පැවසීය.

වසර 2009 ලාහෝර් නගරයේදී තුවක්ක-ුකරුවන් 12 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පහර දුන් අවස්ථාවේදී ඔහුද එහි සිටියේය. ඔහුගේ කලවයටද මූණිස්සම් වැදී තුවාල සිදුවිය.

”මට ඒ අවස්ථාවේදී සිහිපත් වුනේ අනෙක් මිනිසුන් දිනපතාම මුහුණ දෙන එවැනි තත්වයන් ගැන”

”ඊට ගත වුනේ විනාඩි තුනක් වැනි කෙටි කාලයක් වුණත් ඛේදවාචකයකින් නැගී සිටීමට අපේ මිනිසුන්ට ඇති හැකියාව ගැන අදහසක් ඇති වුනා. ඒ බසයේ සිටි හැම දෙනෙක්ම මාසයක් ඇතුළත නැවත ක්‍රීඩා පිටියට ගියා. හොඳට සෙල්ලම් කළා”

”පස්සේ දවසක, මාර්ග බාධකයකදී මා නැවතූ සෙබළෙක් මගෙන් ඇහුවා ‘හලෝ කොහොමද? කියලා. මා දැක්කා ඔහු හිටියේ ගල්ගැහිලා. මේ වගේ දෙවල් වලට ඔබ දිනපතාම මුහුණ දෙනවා නේද කියා මා කිව්වා”

”‘නෑ. ඒක මගේ රස්සාව, ඒත් ඔබ වීරයෙක්, ඒ වගේ දෙයක් ඔබට විය යුතු නැහැ.’ ඔහු පිළිතුරු දුන්නා.

එහෙම කියන්නේ අවම වැටුපකට රට වෙනුවෙන් සටන් කරන මිනිහෙක්. කොළඹ දී වාහනයක් නතර කරන හැම විටම එයාගෙ ජීවිතය අනතුරේ.

අප වීරයන් කියන්නේ එයාගෙ නිහතමානීකම නිසා. සැබෑ වීරත්වය කියන්නේ තමන්ට වඩා අනෙකුගේ ජීවිතය ඉහළින් තබා ‘මගේ රස්සාව ඔබ රැකීම කියන එකයි” ඒ සංගක්කාරගේ අදහස්ය.

ලාහෝර් ප්‍රහාරය, ක්‍රිකට් කී‍්‍රඩාවේ යහපත් ගුණාංග, ඔහුගේ ‘ලෝඞ්ස්’ දේශනයේ ප්‍රධාන තැනක් ගෙන තිබිණ.

නීතිඥවරයෙකු වන ඔහුගේ පියා 1983 ‘කළු ජූලියේදී’ පළා යන දෙමළ ජතිකයන් 25 දෙනෙකුට තම නිවස විවෘත කිරීම සිහිපත් කරමින් පුද්ගලිකත්වය හා දේශපාලනය මනා ලෙස සංකලනය කර ප්‍රබෝධමත් බලපෑමක් ඇති කිරීමට ඔහු සමත් විය. එංගලන්තයේ එම්. සී. සී. (මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජය) වැනි සම්ප්‍රදායික තැනකදී මෙවැනි පෞද්ගලික හා දේශපාලනික කරුණු ගැන කතා කිරීමේ දී ඔහුට කිසියම් සැකයක් තිබුණේම නැද්ද?

”ශාලාව දිහා පළමුවෙන්ම බැලූවාම මට බයකුත් ඇති වුනා. මගේ කතාව ලියා අවසන් කිරීමට පැය දෙකකට කලින්, එදා හවස එහි කටු සටහනක් මම දුන්නා”

”මම ලෝර්ඞ්ස් ශාලාවට ඇතුළුවන විට කි‍්‍රස්ටෝපර් මාර්ටින් ජෙන්කින්ස් මහතා (අන්තර්ජාතික වශයෙන් ඉතා ඉහළින් සම්භාවනාවට පාත්රවූ කි‍්‍රකට් මාධ්‍යවේදියෙකි) එතැන සිටියා... ‘මොකද කතාව ගැන හිතන්නේ’ මම ඇහුවා. ‘මට හිතෙන්නෙ ඒක හොඳයි. වැදගත් කතාවක්.’ ඔහු පිළිතුරු දුන්නා.’... එයා පොඩි හිනාවක් දැම්මා. මමත් හිතුවා කමක් නැහැ කියලා.”

”කතාව අවසානයේ පිරිස නැගි සිටින විට මට හිතුණේ ඒක සම්ප්‍රදායිකව කරන දෙයක් කියල. ඒත් ඒක මහත් උද්යෝගයෙන් කරපු එකක්”

”එවැනි දෙයක් කලින් කරල තියෙන්නේ ඩෙස්මන්ඞ් ටුටුට විතරයි. ඔවුන් ඒක අගය කරන්න ඇති. ඒත් ඒක (ලෝඞ්ස්හි පැවැත්වූ කොලින් කවුඞ්රි අනුස්මරණ දේශනය) අපේ රටේ ප්‍රශ්නයක් ඇති කළා. ඒත් ඊට ලැබුණූ මහත් ප්‍රතිචාරයෙන් ඒ ප්රශ්නය යටපත් වුනා. එම කතාව විවිධ පරම්පරා තුළ ඇති කළ දෝංකාරය මහත් සතුටක්.” යයි සංගක්කාර නිහතමානීම පැවසීය.

සංගක්කාර විස්සයි 20 තරග වලින් විශ්‍රාම ගෙන ඇති නමුත් සීමිත ඕවර තරග සඳහා 2015 ලෝක කුසලාන තරගාවලිය තෙක් ක්‍රීඩා කරනු ඇත.

”මම තවත් වැඩි කාලයක් සෙල්ලම් නොකරන නිසා හැම තරගයක්ම වැදගත්. ක්‍රීඩා සමාජයක්, ප්‍රාන්ත තරගයක් වුවත් ජාත්‍යන්තර තරගයක් වුවත් මම හැකි උපරිම ආකාරයෙන් ක්‍රීඩා කරනවා. මම ඒකෙන් උපරිම වින්දනයක් ලබනවා” යයි පැවසූ සංගක්කාර ඩරම් සහ සසකේස් පිල අතර තරගයේ ලකුණු 159 ක් ලබාගනිමින් ඩරම් පිලේ ගෞරවය රැකගත්තේය.

සංගක්කාර වඩාත් අගය කරන්නේ ටෙස්ට් තරගයි. කලක් ඔහු පිතිකරුවෙකුගේ දක්ෂතාවය තක්සේරු කළ ආකාරය සිහිපත් කරමින් සිනාසුනේය.

වසර 2007 වන විට ටෙස්ට් ශතක 20 ක් ලබා ගත් ඕනෑම පිතිකරුවෙකු ශ්‍රේෂ්ඨයෙකු සේ පිළිගැණින. ශතක 30 ලබා ගැනීම ඊටත් වඩා උසස් මට්ටමකට පැමිණීමකි. එහෙත් ටෙස්ට් ශතක 35ක් ලබා ගැනීමෙන් පසු ඔහු තමා ගැන සිතන්නේ කුමක් ද?

”ඒකෙන් ලොකු සතුටක් දැනෙනවා. තවත් ඉදිරි ඉලක්ක කරා යෑමට පෙළෙඹීමක් වෙනවා”

”ඒ වැඩි පිළිගැනීමකට ඇති ආශාව නිසාම නොවෙයි. ඔබට හිතෙනවා ඊට වඩා දෙයක් කිරීමට හැකියාව තියෙන බව. ‘මම හොඳින් සෙල්ලම් කළා. දැන් ඇති කියා හිතන්න බැහැ. ඔබට එය ඉක්මවා යන්න පුළුවන්. ඒ කියන්නේ 35 ට වඩා ඉදිරියට යන්න පුළුවන්.”

එංගලන්තයේ නව පුහුණුකරු පීටර් මුවර්ස් ය. ඔහු මීට පෙරද එම තනතුර දැරුවේය. ඔහුගේ සහායක පෝල් ෆාබ්‍රේස් පසුගිය විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පුහුණුකරු විය. ඉංග්‍රීසි ජාතිකයකු වන ඔහු සංගක්කාර හොඳින් තේරුම් ගනී.

”‘ෆැබී හොඳ කෙනෙක්. එයා මිනිසුන්ව හොඳින් තේරුම් ගන්නවා විතරක් නෙමෙයි අනෙක් අයට එයාව තේරුම් ගන්නත් අවස්ථාව දෙනවා. ඒක පැය මිලියන ගණනක් කරන විග්රහයට වඩා වටිනවා”

”සමහර කනගාටුදායක දේවලූත් සිදු වුනා. එයා අපිත් සමග හිටියානම් හොඳයි. ඒත් ෆැබි එංගලන්තයට අවශ්‍ය වුනා.” යයි සංගක්කාර තමන් හැරගිය පුහුණුකරුවා පිළිබඳ පැවසීය.

එංගලන්තයට මෑතකදී අත් වූ පරාජයන් සංගක්කාර දකින්නේ කෙසේද? මේ ඔහුගේ අදහස්ය.

”සෑම කෙනෙක්ම මෙවර ‘අළු බඳුන’ තරගාවලිය දෙස උනන්දුවෙන් බලා ඉන්නවා. මොකද, කි‍්‍රකට් කී‍්‍රඩාවේ එදා මට්ටමෙන්ම අදටත් පවතින එකම තරගාවලිය ඒක නිසා. ඒක කණගාටුවට කාරණයක්. ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව දීර්ඝ කාලයක් පවතින්න නම් ඒ වගේ තරගාවලි තව තවත් අවශ්‍යයි”

”ඔස්ටේ්රලියාව ඉතාමත් උසස් මට්ටමෙන් ක්‍රීඩා කළා. පන්දු යැවීම, පන්දුවට පහරදීම හා පන්දු රැකීම යන හැම අතින්ම එංගලන්තයට වඩා බොහොම ඉස්සරහින් සිටියා”

”වසර කීපයක්ම ඔස්ට්්රලියාවට ඉස්සරහින් හිටි එංගලන්තයට ඒක ( ඕස්ටේ්රලියාව හමුවේ ලද 5-0 ක තරගවලි පරාජය) පුදුමයක් වෙන්න ඇති. ඒත් මිචෙල් ජොන්සන්, බ‍්‍රැඞ් හැඩින්, ස්ටීවන් ස්මිත්, ක්‍රිස් රොජර්ස් හා ඬේවිඞ් වෝනර් වැනි නවකයන් සමග ඔස්ට්්රලියාව ප්‍රබල කණ්ඩායමක්. ඔවුන්ට බොහොම දුෂ්කර සමයක් තිබුණත් ඒවා පසුකර ශක්තිමත් තැනකට පත්වෙලා තියෙනවා. සමහර වෙලාවට වාසිය අනිත් පැත්තට යන විට කෝප වෙන්න පුළුවන්. අදහස්වල හා චරිතවල වෙනස්කම් තිබෙන්න පුළුවන්. අවංක කම, වගකීම හා වගවීම ලබා ගන්න තර්ක කරන්න වෙනවා”

පසුගිය වසර 14 තිස්සේ සංගක්කාර එම ගුණාංග වලට අමතරව බුද්ධිය හා උදාර ගුණය ශ්‍රී ලංකාවට හා ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට එක් කළේය.

ඔස්කාර් වයිල්ඞ් ගැන කිව හැක්කේ තවත් ටෙස්ට් ක්‍රීඩකයන් කිහිප දෙනකුට පමණි.

”සාහිත්‍යය හැම විටම මගේ ඇෙඟ් තිබුණා”

චාල්ස් ඩිකන්ස් ගේ කතා ළමයින්ට කියා දීමේදී ලත් රසවත් අත්දැකිමක් ද ඔහු කීවේය.

”දරුවන්ට ඬේවිඞ් කොපර්ෆීල්ඞ් කියවන්න මට හිතුණා. ඒත් දෙවැනි පිටුවට යන කොටම ඒ ගොල්ල බෙරිහන් දෙන්න පටන් ගත්තා. මම කියවීම නැවැත්වුවා. මගේ බිරිඳටත් සිනාව නතර කර ගන්න බැරි වුනා” යයි සංගක්කාර පැවසීය.

දිනය පැමිණි විට, සමහර විට ලබන වසරේදී, සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ අඩුවක් දැනෙනු ඇත. එහෙත් ඒ වනතෙක්, හැම විටම, ක්‍රීඩාවට වඩා වැඩි දෙයක් ගෙනෙන, තරගයක දී උපරිමයේ පිළිබිමුවක් වන මේ මිනිසා අපට ආශ්වාදයකි..

(එංගලන්තයේ ‘ද ගාර්ඩියන්’ පුවත් පත වෙනුවෙන් ඩොනල්ඞ් මැක්රේ විසින් සපයන ලද ලිපියක් ඇසුරිනි)

උපුටා ගැනීම: http://kelimandala.lankadeepa.lk/article/18391/සංවේදී-සංගක්කාරගේ-හිත-කියවීම----

හොදයි නම් සලකල යන්න..

[QUOTE="raveenrdk, post: 16705684, member: 145449"] [b]සංවේදී සංගක්කාරගේ හිත කියවීම...[/b] [COLOR="Red"][SIZE="5"]Sanga ගැන කරපු interview එකක්..[/SIZE][/COLOR] [IMG]http://kelimandala.lankadeepa.lk/kelimandalaadmin/wp-content/uploads/file/Sanga-09.jpg[/IMG] [SIZE="4"]ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවන් අතළොස්ස අතරට වැටෙන කුමාර් සංගක්කාර ටෙස්ට් කී‍්‍රඩකයකු වශයෙන් සහභාගි වන අවසන් එංගලන්ත සංචාරය මෙය වුවහොත් එය අරුමයක් නොවේ. එක්දින අන්තර්ජාතික තරග සම්බන්ධයෙන් වුවද තත්ත්වය එය එසේම විය හැකි නමුත් සංගක්කාර යනු හුදු කි‍්‍රකට් කී‍්‍රඩකයකු පමණක්ද නොවේ. මානව හැගීම් වටහාගැනීමේ සුවිශේෂී හැකියාකින් යුත් කුමාර් සංගක්කාර නීතිය, කලාව මෙන්ම සාහිත්‍යය කෙරේද සංවේදී මිනිසෙකි. අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතර අතිශයින් දුර්ලභ එවන් කී‍්‍රඩකයකු සම්බන්ධයෙන්, එංගලන්තයේ ‘ද ගාර්ඩියන්’ පුවත් පතට ඩොනල්ඞ් මැක්රේ විසින් සපයන ලද ලිපියක සිංහල අනුවාදය මෙසේ සටහන් වෙයි. ................................. එංගලන්තයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ඩරම් ප්‍රාන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා කළ සංගක්කාර සසෙක්ස් පිලට එරෙහිව හෝවිහිදී පැවති ක්‍රිකට් තරගයේ අත්හැර දමන ලද දිනයේ අවසන සීතලේ ගැහෙමින් සිටියේය. කළේ ක්‍රීඩාගාරයෙන් ලබා ගත්, ඔහුට වඩා විශාල කබායක් ඇඳ ගෙන මා හා කතාකරමින් සිටින විට සීතල වැස්සක් වැටෙමින් තිබිණ. කතාව දිග හැරෙන විට හා ගැඹුරු සිතුවිල්ලට වැටෙත්ම අපේක්ෂාවේ ගිනි සිළුවක් මෙන් ඔහුුගේ විචක්ෂණ භාවයත් සුහදත්වයත් දිලිසේ. ඔහු සමග පැයක් ගත කිරීමෙන් පසු ඇති වෙනස අමතක කළ නොහැකිය. එංගලන්ත කණ්ඩායමේද දීප්තිමත්, සුහදශීලී අය සිටින නමුත් මෑතක සිට ඔවුන් සමග කතා කිරීම අතිශයෙන් අසීරු වී ඇත. ඉල්ලීමක් කළ ද එංගලන්ත කණ්ඩායමේ හොඳම ක්‍රිඩකයෙක් හමුවීම මෑතක සිට කෙතරම් පාලනය කර ඇත්ද යත් කණිෂ්ඨ ක්‍රීඩකයෙකු පවා සම්මුඛ සාකච්ඡුාවකට හමු වීම ‘අනුග්‍රාහක අවස්ථාවක්’ හා බැඳී තිබිය යුතුය. එවැනි හමුවීම් පවා අවංකත්වය හා පෞද්ගලිකත්වය සීමා කිරීමේ ප්රයත්න ලෙස හැෙඟ්. නිසැකවම නූතන ක්‍රිකට් ලෝකයේ යෝධයකු වන නමුත් සංගක්කාර ඊට හාත්පසින්ම වෙනස්ය. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික තරග 547 කට සහභාගි වී ඇති අතර ඔහුගේ ටෙස්ට් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 58.07 කි. එය ඔහුගේ සමකාලීනයන් මෙන්ම දැනට ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමු ගෙන ඇති දැවැන්තයන් වන රාහුල් ඩ්රාවිඞ්, රිකි පොන්ටින්, සචින් තෙන්ඩුල්කාර් හා ජැක් කලිස් ඉක්මවා යයි. ගැටුම් හා ආපදාවන්, ඉවසීම හා විවිධත්වය, ඛේදය හා ජයග්‍රහණය වැනි කරුණු ගැන කතා කිරීමේ දී සැබෑ සංගක්කාරගේ ගුණය ඉස්මතු වේ. ඔහුට එහි දී මාධ්‍ය නිලධරයෙකුගේ හෝ ආයතන සම්බන්ධීකාරකයෙකුගේ සරල මගපන්වීම් අවශ්‍ය නැත. ”කි‍්‍රකට් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබීම විශ්මිත ආශ්වාදයක්” යැයි 36 හැවිරිදි සංගක්කාර පවසයි. ”පුද්ගලික සම්බන්ධතාවයන් තුළ දී සමරු පොතක සටහනක් තැබීමේ දී පවා මම බෙහෙවින් කෘතගුුණවේදී වෙනවා. ඒක ‘හලෝ කොහොමද? පැමිණියාට බොහොම ස්තූතියි’ වගේ දෙයක් වෙන්න පුළුවන්” ”ළමයෙක් කිසියම් දිනක සමරු පොතේ තබන සටහනට වඩා මේ වචනය සිහිපත් කරාවි. අප බොහෝ දෙනෙක් මේවා ගණන් ගන්නේ නැහැ. ඒ වුනාට ඒවා තමයි අපට අවශ්‍ය. අපගේ ප්‍රමුඛතාවය විය යුත්තේ වඩාත් සුහද සම්බන්ධතා, වඩාත් සුහද ආශ්‍රය, විවිධ අදහස් හා මතවාද හුවමාරු කර ගැනීමයි” යයි සංගක්කාර කියයි. බෙදුනු ප්‍රජාවන් එකතු කිරීමට ක්‍රිකට් ක්‍රිඩාවට ඇති හැකියාව ගැන සංගක්කාර විශ්වාස කරයි. පසුගිය මාසයේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගයේ දී අර්ධ ශතකයක් ලබාගත් සංගක්කාර නිදහසේ වර්ධනය වීමට ඉඩ හරින්නේනම් ක්‍රීඩාවේ ඇති බලය සිහිපත් කරයි. ඩකා නුවරදී ඔහු ලබා ගත් අපරාජිත ලකුණු 52 සුවිශේෂී වන්නේ පසුගිය ලෝක ශූරතා හතරකදීම ශ්‍රී ලංකාව අවසන් තරගවලින් ලත් පරාජයන් සැලකීමේ දීය. මෙම තරග මාලාවේ මුල් තරග වලින් ඔහුට ලකුණු ලබා ගැනීමේ සාර්ථකත්වයක් පෙන්වීමට නොහැකි විය. එහෙත් ඔහුගේ සේවය වඩාත්ම අවශ්‍ය මොහොතක ඔහු ඊට මුහුණ දුන්නේය. ”පිටතින් නම් මා බොහොම සන්සුන් ගතියක් පෙනෙන්න ඇති” ඔහු කියයි. ”ඒත් ඇතුළතින් වූයේ මහත් කැළඹීමක්. මහේලයි මමයි පන්දුවට පහර දෙමින් සිටින විට ඔහු දැවී ගියා. හොඳයි මම ඉන්නවානෙ කියා මා හිත හදා ගත්තා. කොහොම හරි ගොඩ දාන්න ඕනෑ’යි කියලා මම සිතා ගත්තා. මට ඒකට අවස්ථාව ලැබුණා” ”අවසාන ලකුණු තුන ගන්න කලින් මම හිතුවෙ අප දිනුවා කියා. මම හිතින් සතුටු වුනා කල් වැඩියි. ඒත් එතකොටම තිසර පෙරේරා හයේ පාරක් ගැහුවා” යයි සංගක්කාර සිය කි‍්‍රකට් දිවියේ අනුස්මරණීීය මොහොතක් වදන් වලට හැරවීය. ජයග්රහණයෙන් පසු කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයෝ සංගක්කාර ඔසවා ගෙන පිටිටනිය වටේ ගියහ. ”ආපහු ඇඳුම් මාරු කරන කාමරයට ගියාම කරන්නේ මොකක්ද කියල හිතා ගන්න බැරිව ගියා. ලොකු සතුටක්. ඒ වගේම මහන්සිය. ප්‍රීතිවෙවී ඉන්නවද? සිදු වුනේ මොකක්ද කියල හිතනවද? ගෙදරට කතා කරනවද? විස්තරය කියලා සතුට බෙදා ගන්නවාද? මේ කිසිවක් හිතාගන්න බැරුව ගියා” ”මම වාඩි වෙලා ප්‍රීතියෙන් උදම්ව ඉන්න අතරේම සෑම දෙනාටම කෘතවේදී වුනා” ”මම බෞද්ධයෙක්. අපේ කණ්ඩායමේ ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් අය ඉන්නවා. අප නිහතමානී වෙන්න ඕන. අපට දෙවියන්ගේ, මිත්‍රයන්ගේ, පවුලේ ආධාරකරුවන්ගේ සහාය අවශ්‍යයි. ලෝක ශූරතාවය දිනු කණ්ඩායමක සාමාජිකයෙක් කියන විට ඒ සියල්ලම අවශ්‍යයි” සංගක්කාර කියයි ”කොහොම වුණත් අප ලංකාවට ගියාම ලැබුණු පිළිගැනීම අප කිසි දිනක බලාපොරොත්තු වූවක් නෙමෙයි” ”කිලෝ මීටර් 40 ක් එක දිගට සෙනග පිරී සිටියා. ඒක හරිම සතුටක්. ජාතිය ආගම මොනව වුනත් ශ්‍රී ලාංකික හැම කෙනෙක්ම සිටියා. ඒක තමන් ගේ ආසාව ඇත්තටම මුදුන් පත් කළ දරුවන් 15 ක් ආපසු ගෙදර එනකොට පිළිගන්න හිටිය මහා පවුලක් වගේ” ”ඒක මට හොඳින් දැනුණා. මොකද ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් විතරක් නොවෙයි. පශ්චාත් යුද කාලීන සමාජයේ අන්තර් වාර්ගික සම්බන්ධතා ගොඩ නැගීමේදී එය වඩාත් අවශ්‍යයි” වසර 2011 දී ලෝර්ඞ්ස් ශාලාවේ දී කවුඞ්රි අනුස්මරණ දේශනය කළ අවස්ථාවේදීත් ඔහු ශ්‍රී ලංකා කි‍්‍රකට් පරිපාලනයේ ඇති දූෂණ හෙළි කෙළේය. දැන් එහි ප්‍රගතියක් දක්නට ඇත්ද යන්න ප්‍රශ්නයට ඔහු අද මුහුණ දෙන්නේ මේ ආකාරයෙනි. ”මා හිතන්නේ ඒ ඉතිහාසය නැවත ඇති නොවීමට විශාල ප්රයත්නයක් ගන්නවා” ”එපමණ කාලයක් අප මුහුණ දුන් පීඩාවෙන් පසුව, ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැන සම්පූර්ණ එකඟතාවයක් තියෙනවා. සුවපත්වීමේ ක්‍රියාවලිය සිදු වෙමින් පවතිනවා. ක්‍රිකට් ක්‍රිඩාව සුභ අනාගතයක් කරා ගෙන යෑමට ලොකු උත්සාහයක් ගන්නවා” යයි සංගක්කාර පැවසීය. තියුණු සමාජ සවිඥානයකට මුහුණ දුන් කණ්ඩායම් ඇත්තේ කීපයකි. 1983 සිට පුරා වසර 26 ක් පැවති සිවිල් යුද්ධයේ බලපෑම ගැන ඇසු විට සංගක්කාර මොහොතක් සිතා බැලූවේය. ”අපේ කණ්ඩායම තුළ කවුරුත් අගය කළ, අපේක්ෂා කළ, ජාති, වාර්ගික හා ආගමික විවිධත්වය සුුවිශේෂී ලෙස නියෝජනය වුනා. එකිනෙකා තේරුම් ගන්න, අගය කරන්න හා එකට වැඩ කරන්න අපට පුළුවන් වුනා. ඒකෙන් අප හැම දෙනා තුළම වගකීම පිළිබඳ හැඟීමක් ඇති වුනා.’’ ”සුනාමිය (2004 දෙසැම්බර්) තීරණාත්මක අවස්ථාවක්. මුරලි, මහේල සහ තවත් ක්‍රිකට් කී‍්‍රඩකයන් එක්ක ආධාර අරගෙන ගියාම සිදුව ඇති විනාශය දැක්කා. එය අපගේ ජීවිත වෙනස් කළා” ”ඒ මිනිස්සුන් එක්ක කතා කළාම, ඔවුන් තුළ ඇති වේදනාව ශෝකය දැනුනා. තම බිරිඳ හා දරුවන් නැති වූ මිනිසෙක් අපට හමු වුනා. එයා තනිවෙලා. ඒක හරිම ඛේදවාචකයක්. ඒකෙන් ක්‍රිකට් කණ්ඩායමත් වෙනස් වුනා” යයි සංගක්කාර මෙතෙක් කලක් සැගවී තිබූ යමක් හෙළිදරව් කළේය. එච්. අයි. වී. වෛරසය ශරීරගතවීමෙන් ‘ඒඞ්ස්’ රෝගය වැළඳුණ මිනිසුන්ට තනිවම මුහුණ දීමට සිදු වන සමාජ පිළිකුල තුරන් කරන්නේ කෙසේද යන්න ගැන දැන ගැනීමට ඇතැම් විට ලන්ඩනයේ ටෙරන්ස් හිගින්ස් භාරය නැරඹීමට සංගක්කාර යයි. බොහෝ වැදගත් කාර්යන් සිදු වන්නේ නිහඬවය. ”අප කිසියම් දෙයක් දෙන කොට එය හැමතිස්සෙම පත්තරවල වැටෙන්න ඕන නැහැ” ”එය සල්ලි දීම හෝ ඔවුන් සමග පින්තූරයක් ගැනීම විතරක් නොවෙයි. ඔබගේ කාලය වැය කිරීම හා කෙනෙකුගේ ජීවිතයේ සාධනීය භුමිකාවක් වීමක්.... මුදලක් දීලා යන එක පහසු වැඩක් වුණත් අප සාමුහික රඟපෑමක් විදියට පරිත්‍යාග කරන්නේ නැහැ. ඒ වුනාට අප තරගයේ වීරයාට, තරගාවලියේ වීරයාට ලැබෙන ත්‍යාග මුදල් එකතු කරලා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කෙනෙකුට දෙනවා” සංගක්කාර පැවසීය. වසර 2009 ලාහෝර් නගරයේදී තුවක්ක-ුකරුවන් 12 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පහර දුන් අවස්ථාවේදී ඔහුද එහි සිටියේය. ඔහුගේ කලවයටද මූණිස්සම් වැදී තුවාල සිදුවිය. ”මට ඒ අවස්ථාවේදී සිහිපත් වුනේ අනෙක් මිනිසුන් දිනපතාම මුහුණ දෙන එවැනි තත්වයන් ගැන” ”ඊට ගත වුනේ විනාඩි තුනක් වැනි කෙටි කාලයක් වුණත් ඛේදවාචකයකින් නැගී සිටීමට අපේ මිනිසුන්ට ඇති හැකියාව ගැන අදහසක් ඇති වුනා. ඒ බසයේ සිටි හැම දෙනෙක්ම මාසයක් ඇතුළත නැවත ක්‍රීඩා පිටියට ගියා. හොඳට සෙල්ලම් කළා” ”පස්සේ දවසක, මාර්ග බාධකයකදී මා නැවතූ සෙබළෙක් මගෙන් ඇහුවා ‘හලෝ කොහොමද? කියලා. මා දැක්කා ඔහු හිටියේ ගල්ගැහිලා. මේ වගේ දෙවල් වලට ඔබ දිනපතාම මුහුණ දෙනවා නේද කියා මා කිව්වා” ”‘නෑ. ඒක මගේ රස්සාව, ඒත් ඔබ වීරයෙක්, ඒ වගේ දෙයක් ඔබට විය යුතු නැහැ.’ ඔහු පිළිතුරු දුන්නා. එහෙම කියන්නේ අවම වැටුපකට රට වෙනුවෙන් සටන් කරන මිනිහෙක්. කොළඹ දී වාහනයක් නතර කරන හැම විටම එයාගෙ ජීවිතය අනතුරේ. අප වීරයන් කියන්නේ එයාගෙ නිහතමානීකම නිසා. සැබෑ වීරත්වය කියන්නේ තමන්ට වඩා අනෙකුගේ ජීවිතය ඉහළින් තබා ‘මගේ රස්සාව ඔබ රැකීම කියන එකයි” ඒ සංගක්කාරගේ අදහස්ය. ලාහෝර් ප්‍රහාරය, ක්‍රිකට් කී‍්‍රඩාවේ යහපත් ගුණාංග, ඔහුගේ ‘ලෝඞ්ස්’ දේශනයේ ප්‍රධාන තැනක් ගෙන තිබිණ. නීතිඥවරයෙකු වන ඔහුගේ පියා 1983 ‘කළු ජූලියේදී’ පළා යන දෙමළ ජතිකයන් 25 දෙනෙකුට තම නිවස විවෘත කිරීම සිහිපත් කරමින් පුද්ගලිකත්වය හා දේශපාලනය මනා ලෙස සංකලනය කර ප්‍රබෝධමත් බලපෑමක් ඇති කිරීමට ඔහු සමත් විය. එංගලන්තයේ එම්. සී. සී. (මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජය) වැනි සම්ප්‍රදායික තැනකදී මෙවැනි පෞද්ගලික හා දේශපාලනික කරුණු ගැන කතා කිරීමේ දී ඔහුට කිසියම් සැකයක් තිබුණේම නැද්ද? ”ශාලාව දිහා පළමුවෙන්ම බැලූවාම මට බයකුත් ඇති වුනා. මගේ කතාව ලියා අවසන් කිරීමට පැය දෙකකට කලින්, එදා හවස එහි කටු සටහනක් මම දුන්නා” ”මම ලෝර්ඞ්ස් ශාලාවට ඇතුළුවන විට කි‍්‍රස්ටෝපර් මාර්ටින් ජෙන්කින්ස් මහතා (අන්තර්ජාතික වශයෙන් ඉතා ඉහළින් සම්භාවනාවට පාත්රවූ කි‍්‍රකට් මාධ්‍යවේදියෙකි) එතැන සිටියා... ‘මොකද කතාව ගැන හිතන්නේ’ මම ඇහුවා. ‘මට හිතෙන්නෙ ඒක හොඳයි. වැදගත් කතාවක්.’ ඔහු පිළිතුරු දුන්නා.’... එයා පොඩි හිනාවක් දැම්මා. මමත් හිතුවා කමක් නැහැ කියලා.” ”කතාව අවසානයේ පිරිස නැගි සිටින විට මට හිතුණේ ඒක සම්ප්‍රදායිකව කරන දෙයක් කියල. ඒත් ඒක මහත් උද්යෝගයෙන් කරපු එකක්” ”එවැනි දෙයක් කලින් කරල තියෙන්නේ ඩෙස්මන්ඞ් ටුටුට විතරයි. ඔවුන් ඒක අගය කරන්න ඇති. ඒත් ඒක (ලෝඞ්ස්හි පැවැත්වූ කොලින් කවුඞ්රි අනුස්මරණ දේශනය) අපේ රටේ ප්‍රශ්නයක් ඇති කළා. ඒත් ඊට ලැබුණූ මහත් ප්‍රතිචාරයෙන් ඒ ප්රශ්නය යටපත් වුනා. එම කතාව විවිධ පරම්පරා තුළ ඇති කළ දෝංකාරය මහත් සතුටක්.” යයි සංගක්කාර නිහතමානීම පැවසීය. සංගක්කාර විස්සයි 20 තරග වලින් විශ්‍රාම ගෙන ඇති නමුත් සීමිත ඕවර තරග සඳහා 2015 ලෝක කුසලාන තරගාවලිය තෙක් ක්‍රීඩා කරනු ඇත. ”මම තවත් වැඩි කාලයක් සෙල්ලම් නොකරන නිසා හැම තරගයක්ම වැදගත්. ක්‍රීඩා සමාජයක්, ප්‍රාන්ත තරගයක් වුවත් ජාත්‍යන්තර තරගයක් වුවත් මම හැකි උපරිම ආකාරයෙන් ක්‍රීඩා කරනවා. මම ඒකෙන් උපරිම වින්දනයක් ලබනවා” යයි පැවසූ සංගක්කාර ඩරම් සහ සසකේස් පිල අතර තරගයේ ලකුණු 159 ක් ලබාගනිමින් ඩරම් පිලේ ගෞරවය රැකගත්තේය. සංගක්කාර වඩාත් අගය කරන්නේ ටෙස්ට් තරගයි. කලක් ඔහු පිතිකරුවෙකුගේ දක්ෂතාවය තක්සේරු කළ ආකාරය සිහිපත් කරමින් සිනාසුනේය. වසර 2007 වන විට ටෙස්ට් ශතක 20 ක් ලබා ගත් ඕනෑම පිතිකරුවෙකු ශ්‍රේෂ්ඨයෙකු සේ පිළිගැණින. ශතක 30 ලබා ගැනීම ඊටත් වඩා උසස් මට්ටමකට පැමිණීමකි. එහෙත් ටෙස්ට් ශතක 35ක් ලබා ගැනීමෙන් පසු ඔහු තමා ගැන සිතන්නේ කුමක් ද? ”ඒකෙන් ලොකු සතුටක් දැනෙනවා. තවත් ඉදිරි ඉලක්ක කරා යෑමට පෙළෙඹීමක් වෙනවා” ”ඒ වැඩි පිළිගැනීමකට ඇති ආශාව නිසාම නොවෙයි. ඔබට හිතෙනවා ඊට වඩා දෙයක් කිරීමට හැකියාව තියෙන බව. ‘මම හොඳින් සෙල්ලම් කළා. දැන් ඇති කියා හිතන්න බැහැ. ඔබට එය ඉක්මවා යන්න පුළුවන්. ඒ කියන්නේ 35 ට වඩා ඉදිරියට යන්න පුළුවන්.” එංගලන්තයේ නව පුහුණුකරු පීටර් මුවර්ස් ය. ඔහු මීට පෙරද එම තනතුර දැරුවේය. ඔහුගේ සහායක පෝල් ෆාබ්‍රේස් පසුගිය විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පුහුණුකරු විය. ඉංග්‍රීසි ජාතිකයකු වන ඔහු සංගක්කාර හොඳින් තේරුම් ගනී. ”‘ෆැබී හොඳ කෙනෙක්. එයා මිනිසුන්ව හොඳින් තේරුම් ගන්නවා විතරක් නෙමෙයි අනෙක් අයට එයාව තේරුම් ගන්නත් අවස්ථාව දෙනවා. ඒක පැය මිලියන ගණනක් කරන විග්රහයට වඩා වටිනවා” ”සමහර කනගාටුදායක දේවලූත් සිදු වුනා. එයා අපිත් සමග හිටියානම් හොඳයි. ඒත් ෆැබි එංගලන්තයට අවශ්‍ය වුනා.” යයි සංගක්කාර තමන් හැරගිය පුහුණුකරුවා පිළිබඳ පැවසීය. එංගලන්තයට මෑතකදී අත් වූ පරාජයන් සංගක්කාර දකින්නේ කෙසේද? මේ ඔහුගේ අදහස්ය. ”සෑම කෙනෙක්ම මෙවර ‘අළු බඳුන’ තරගාවලිය දෙස උනන්දුවෙන් බලා ඉන්නවා. මොකද, කි‍්‍රකට් කී‍්‍රඩාවේ එදා මට්ටමෙන්ම අදටත් පවතින එකම තරගාවලිය ඒක නිසා. ඒක කණගාටුවට කාරණයක්. ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව දීර්ඝ කාලයක් පවතින්න නම් ඒ වගේ තරගාවලි තව තවත් අවශ්‍යයි” ”ඔස්ටේ්රලියාව ඉතාමත් උසස් මට්ටමෙන් ක්‍රීඩා කළා. පන්දු යැවීම, පන්දුවට පහරදීම හා පන්දු රැකීම යන හැම අතින්ම එංගලන්තයට වඩා බොහොම ඉස්සරහින් සිටියා” ”වසර කීපයක්ම ඔස්ට්්රලියාවට ඉස්සරහින් හිටි එංගලන්තයට ඒක ( ඕස්ටේ්රලියාව හමුවේ ලද 5-0 ක තරගවලි පරාජය) පුදුමයක් වෙන්න ඇති. ඒත් මිචෙල් ජොන්සන්, බ‍්‍රැඞ් හැඩින්, ස්ටීවන් ස්මිත්, ක්‍රිස් රොජර්ස් හා ඬේවිඞ් වෝනර් වැනි නවකයන් සමග ඔස්ට්්රලියාව ප්‍රබල කණ්ඩායමක්. ඔවුන්ට බොහොම දුෂ්කර සමයක් තිබුණත් ඒවා පසුකර ශක්තිමත් තැනකට පත්වෙලා තියෙනවා. සමහර වෙලාවට වාසිය අනිත් පැත්තට යන විට කෝප වෙන්න පුළුවන්. අදහස්වල හා චරිතවල වෙනස්කම් තිබෙන්න පුළුවන්. අවංක කම, වගකීම හා වගවීම ලබා ගන්න තර්ක කරන්න වෙනවා” පසුගිය වසර 14 තිස්සේ සංගක්කාර එම ගුණාංග වලට අමතරව බුද්ධිය හා උදාර ගුණය ශ්‍රී ලංකාවට හා ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට එක් කළේය. ඔස්කාර් වයිල්ඞ් ගැන කිව හැක්කේ තවත් ටෙස්ට් ක්‍රීඩකයන් කිහිප දෙනකුට පමණි. ”සාහිත්‍යය හැම විටම මගේ ඇෙඟ් තිබුණා” චාල්ස් ඩිකන්ස් ගේ කතා ළමයින්ට කියා දීමේදී ලත් රසවත් අත්දැකිමක් ද ඔහු කීවේය. ”දරුවන්ට ඬේවිඞ් කොපර්ෆීල්ඞ් කියවන්න මට හිතුණා. ඒත් දෙවැනි පිටුවට යන කොටම ඒ ගොල්ල බෙරිහන් දෙන්න පටන් ගත්තා. මම කියවීම නැවැත්වුවා. මගේ බිරිඳටත් සිනාව නතර කර ගන්න බැරි වුනා” යයි සංගක්කාර පැවසීය. දිනය පැමිණි විට, සමහර විට ලබන වසරේදී, සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ අඩුවක් දැනෙනු ඇත. එහෙත් ඒ වනතෙක්, හැම විටම, ක්‍රීඩාවට වඩා වැඩි දෙයක් ගෙනෙන, තරගයක දී උපරිමයේ පිළිබිමුවක් වන මේ මිනිසා අපට ආශ්වාදයකි.. (එංගලන්තයේ ‘ද ගාර්ඩියන්’ පුවත් පත වෙනුවෙන් ඩොනල්ඞ් මැක්රේ විසින් සපයන ලද ලිපියක් ඇසුරිනි)[/SIZE] උපුටා ගැනීම: [url]http://kelimandala.lankadeepa.lk/article/18391/%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A-%E0%B7%84%E0%B7%92%E0%B6%AD-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%93%E0%B6%B8----[/url] [COLOR="Red"][SIZE="5"]හොදයි නම් සලකල යන්න[/SIZE][/COLOR]..:):) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom