Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සංස්කාර...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉගෙන ගන්න පටිච්චසමුප්පාදයේ සංස්කාර

දැන් අප ඊළඟට දැන ගන්නට සූදානම් වන්නේ පටිච්චසමුප්පාදයේ "සංඛාර" යන වචනය තෝරා ඇති ආකාරය යි. මේ විස්තරය ද හොඳින් තේරුම් ගන්න.

"පින්වත් මහණෙනි, සංස්කාර යනු මොනවා ද? පින්වත් මහණෙනි, සංස්කාර තුනක් තිබේ. එනම් කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර වශයෙන් ය."

(විභංග සුත්ත – සං. නි. 02)

මෙම "සංස්කාර" ගැන ඉතා පැහැදිලි විස්තරයක් මජ්ඣිම නිකායේ පළමු වන කොටසට අයත් චූලවේදල්ල සූත්‍රයේ දක්නට ලැබේ.

ආශ්වාස – ප්‍රශ්වාස, විතර්ක – විචාර, සඤ්ඤා – වේදනා

"පින්වත් ආර්යාවෙනි, කාය සංස්කාර යනු මොනවා ද? වචී සංස්කාර යනු මොනවා ද? චිත්ත සංස්කාර යනු මොනවා ද?"

"පින්වත් ආයුෂ්මත් විශාඛ, කාය සංස්කාර කියන්නේ ආශ්වාස – ප්‍රශ්වාසයට යි. වචී සංස්කාර කියන්නේ විතර්ක – විචාරවලට ය. චිත්ත සංඛාර කියන්නේ සඤ්ඤා – වේදනාවලට ය."

"පින්වත් ආර්යාවෙනි, ආශ්වාස – ප්‍රශ්වාස කාය සංස්කාර වශයෙන් හඳුන්වන්නේ මක් නිසා ද? විතර්ක – විචාර වචී සංස්කාර වශයෙන් හඳුන්වන්නේ මක් නිසා ද? සඤ්ඤා – වේදනා චිත්ත සංස්කාර වශයෙන් හඳුන්වන්නේ මක් නිසා ද?"

බැඳී තිබෙන නිසා "සංස්කාර" කියයි.

"පින්වත් ආයුෂ්මත් විශාඛ, ආශ්වාස – ප්‍රශ්වාස අයත් වන්නේ කයට යි. ආශ්වාස – ප්‍රශ්වාස කය හා බැඳි (ඒතේ ධම්මා කාය පටිබද්ධා) තිබේ. එම නිසා ආශ්වාස – ප්‍රශ්වාසය කාය සංස්කාර නම් වේ.

පින්වත් ආයුෂ්මත් විශාඛ, කලින් ම විතර්ක කොට විචාර කොට (සිතුවිලි හසුරවා) පසුව යි වචන කථා කරන්නේ. එම නිස යි විතර්ක – විචාර වචී සංස්කාර වන්නේ.

සඤ්ඤා – වේදනා අයිති වන්නේ සිතට යි. සඤ්ඤා – වේදනා සිත හා බැඳී පවතී (ඒතේ ධම්මා චිත්ත පටිබද්ධා). එනිස යි සඤ්ඤා – වේදනා චිත්ත සංස්කාර වන්නේ."

(චූළ වේදල්ල සුත්ත – ම. නි. 01)

පටිච්චසමුප්පාදය දකින්නා ධර්මය දකී.

යම් කෙනෙක් පටිච්චසමුප්පාදය අවබෝධ කරගැනීමෙන් අවබෝධ කරන්නේ දුක්ඛාර්ය සත්‍යය යි. එමෙන් ම පඤ්ච උපාදානස්කන්ධ අවබෝධ කර ගැනීමෙන් ද අවබෝධ කරන්නේ දුක්ඛාර්ය සත්‍යය යි.

වරක්, පංච උපාදානස්කන්ධය ආයතන ඔස්සේ හටගන්නා ආකාරය විස්තර කළ සැරියුත් තෙරණුවෝ තව දුරටත් මෙසේ පැවැසූහ.

"මේ ආකාරයට ය මේ පංච උපාදානස්කන්ධයන් ගේ එකට එකතු වීම, එකට මුසු වීම, එකට රැස්වීම සිදුවන්නේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ වදාරණ ලදී. 'යමෙක් පටිච්චසමුප්පාදය දකී නම්, ඔහු ධර්මය දකියි. යමෙක් ධර්මය දකී නම්, ඔහු පටිච්චසමුප්පාදය දකියි' යනුවෙනි. මේ පංච උපාදානස්කන්ධයන් ද පටිච්චසමුප්පන්න හෙවත් හේතු ප්‍රත්‍යයන් ගෙන් හටගත් දේවල් ය. මේ පඤ්චුපාදානස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක්, යම් ආලයක්, යම් සෙනෙහසක්, යම් බැස ගැනීමක් වේ ද, එය දුකේ හටගැනීම යි. මේ පඤ්චුපාදානස්කන්ධයන් කෙරෙහි තිබෙන ඡන්දරාගයේ යම් දුරු වීමක් වේ ද, ඡන්දරාගයේ යම් ප්රහාණයක් වේ ද, එය දුකේ නැතිවීම යි."

(මහාහත්ථිපදෝපම සුත්ත – ම. නි. 01)

නිරෝධ සමාපත්තිය

පටිච්චසමුප්පාදය විස්තර කරන ලද කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර යන සංස්කාර තුන ම ප්‍රායෝගිකව නිරුද්ධ වන සමාපත්තියක් ද තිබේ. එය හඳුන්වන්නේ නිරෝධ සමාපත්තිය වශයෙනි.

"පින්වත් ආර්යාවෙනි, සඤ්ඤා – විඳීම් නිරුද්ධ වන සමාපත්තියට සමවදින්නා වූ භික්ෂුවට කවර ධර්මයන් ද පළමුව නිරුද්ධ වන්නේ? කාය සංස්කාර ද, එසේත් නැති නම් වචී සංස්කාර ද, එසේත් නැතිනම් චිත්ත සංස්කාර ද?"

"පින්වත් ආයුෂ්මත් විශාඛ, සඤ්ඤා – විඳීම් නිරුද්ධ වන සමාපත්තියට සමවදින්නා වූ භික්ෂුවට පළමුවෙන් නිරුද්ධ වන්නේ වචී සංස්කාරයන් ය. ඊළඟට නිරුද්ධ වන්නේ කාය සංස්කාරයන් ය. ඊළඟට නිරුද්ධ වන්නේ චිත්ත සංස්කාරයන් ය."

(චූළ වේදල්ල සුත්ත – ම. නි. 01)

මෙම විස්තර කිරීම් තුළින් "සංස්කාර" යන වචනයේ විවිධ තේරුම් තිබෙන බව දැන් අපට වටහා ගත හැකිය. දැන් අප කථා කළ නිරෝධ සමාපත්තියට සියලු දෙනාට ම සමවැදිය නො හැකි ය. ඒ තැනැත්තා පළමු කොට රූපාරූප ධ්‍යානයන් නේවසඤ්ඤානාසඤ්ඤා මට්ටම ට දියුණු කර ගත යුතු ය. එය කරන්නේ සමථය මුල් කොට ය. ඊ ළඟට විදර්ශනාවෙන් අනාගාමී ඵලය දක්වා දියුණු කොට තිබිය යුතු ය. ඒ තැනැත්තාටත්, එමෙන් ම විදර්ශනාවෙන් අරහත්වය දක්වා දියුණු කළ තැනැත්තාටත් පමණි නිරෝධ සමාපත්තියට සමවැදිය හැක්කේ. එම නිසා සමාධිය හතර වන ධ්‍යානය දක්වා පමණක් දියුණු කළ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේට නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි බවක් ධර්මයේ සඳහන් නො වේ.

මෙය වරදවා තේරුම් ගැනීමෙන් ය සමහරුන් තුළ ශුෂ්ක විදර්ශනාවෙන් රහත් විය හැකි ය යන වැරදි මතය ඇති වී තිබෙන්නේ. ඔවුන් ගේ අදහසට අනුව හුදෙක් විදර්ශනාවෙන් අරහත් වීමට වත් සම්මා සමාධිය අවශ්‍ය නැත. ක්ෂණික සමාධිය නම් වූ කුමක්දෝ දෙයක් ගැන ඔවුහු පවසති. එහෙත් සම්මා සමාධිය ගැන සෑම දේශනයකම විස්තර වන්නේ ධ්‍යාන සතර ගැන ය. සමාධිස්කන්ධය පිණිස ආර්ය මාර්ගයේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංශ තුනක් දක්වා තිබේ. සම්මා සමාධිය ප්‍රතික්ෂේප කළවිට මේ මාර්ග අංග තුන ම ප්‍රතික්ෂේප වේ. එවිට ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගාංග පහක් දක්වා පහළ වැටේ. ධ්‍යානවලින් තොරව අරහත් විය හැකි ය යන මතයේ භයානක කම මේ තුළින් මනාව තේරුම් ගත හැකිය.

සංස්කාර හටගන්නේ කුමක් නිසා ද?

"සංස්කාර ඇති වන්නේ කුමක් ඇති කල්හි ද? සංස්කාර හටගන්නේ කුමක් හේතු කොට ගෙන ද?

සංස්කාර ඇති වන්නේ අවිද්‍යාව ඇති කල්හි ය. සංස්කාර හටගන්නේ අවිද්‍යාව හේතු කොට ගෙන ය."

(ගෝතම සුත්ත – සං. නි. 02)

මෙම සංස්කාර හටගන්නේ අවිද්‍යාව හේතු කොට ගෙන බව භාග්‍යවතුන් වහන්සේ විසින් සොයා ගන්නා ලදී. එතැන් සිට භාග්‍යවතුන් වහන්සේ මෙම පටිච්චසමුප්පාද න්‍යාය ම මනාකොට පෙන්වා දෙන්නේ මෙසේ ය. එනම් අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හටගනී. සංස්කාර... විඤ්ඤාණය හටගනී... නාම-රූප... ආයතන හය... ස්පර්ශය... විඳීම... ආශාව... බැඳීම... විපාක පිණිස කර්ම සකස් වීම (භවය)... ඉපදීම (අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික වශයෙන්) හටගනී. ඉපදීම හේතු කොට ගෙන ජරා මරණ සෝක වැළපීම් දුක්, දොම්නස්, සුසුම් හෙළීම් ආදිය හටගනී.

මේ ආකාරයෙන් ය මුළු මහත් දුක්ඛස්කන්ධයා ගේ ම හට ගැනීම සිදුවන්නේ (ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති).

මෙලෙසින් දක්වන ලද පටිච්චසමුප්පාදය තුළින් පෙන්වා තිබෙන්නේ සත්වයා ගේ සාංසාරික දුක සකස්වන ආකාරය ම ය.

මෙහි සඳහන් “අවිද්‍යාව” යනු සුළු පටු දෙයක් නොවේ.

කුමක් ද මේ අවිද්‍යාව?

"පින්වත් මහණෙනි, කුමක් ද මේ අවිද්‍යාව? පින්වත් මහණෙනි, අවබෝධ කළ යුතු දුක්ඛාර්ය සත්‍යය ගැන ඤාණයක් නැත්තේ වේ ද, ප්රහාණය කළ යුතු දුක්ඛ සමුදයාර්ය සත්‍යය පිළිබඳ ව ඤාණයක් නැත්තේ වේ ද, සාක්ක්‍ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධාර්ය සත්‍යය පිළිබඳ ඤාණයක් නොමැත්තේ වේ ද, ප්‍රගුණ කළ යුතු දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ඤාණයක් නැත්තේ වේ ද, මෙය වනාහී 'අවිද්‍යාව' යයි කියනු ලැබේ."

(විභංග සුත්ත – සං. නි. 02)

වැඩි විස්තර සඳහා 'විස්මිත අවබොධය' කෘතිය බලන්න; අදාළ සූත්‍ර දේශනා ත්රීපිටක පරිවර්තනයකින් ගෙන බලන්න...

තෙරුවන් සරණයි!

[QUOTE="kalyanamithra, post: 5884934, member: 99586"] [B]ඉගෙන ගන්න පටිච්චසමුප්පාදයේ සංස්කාර[/B] දැන් අප ඊළඟට දැන ගන්නට සූදානම් වන්නේ පටිච්චසමුප්පාදයේ "සංඛාර" යන වචනය තෝරා ඇති ආකාරය යි. මේ විස්තරය ද හොඳින් තේරුම් ගන්න. "පින්වත් මහණෙනි, සංස්කාර යනු මොනවා ද? පින්වත් මහණෙනි, සංස්කාර තුනක් තිබේ. එනම් කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර වශයෙන් ය." [RIGHT] (විභංග සුත්ත – සං. නි. 02) [/RIGHT] මෙම "සංස්කාර" ගැන ඉතා පැහැදිලි විස්තරයක් මජ්ඣිම නිකායේ පළමු වන කොටසට අයත් චූලවේදල්ල සූත්‍රයේ දක්නට ලැබේ. [B]ආශ්වාස – ප්‍රශ්වාස, විතර්ක – විචාර, සඤ්ඤා – වේදනා[/B] "පින්වත් ආර්යාවෙනි, කාය සංස්කාර යනු මොනවා ද? වචී සංස්කාර යනු මොනවා ද? චිත්ත සංස්කාර යනු මොනවා ද?" "පින්වත් ආයුෂ්මත් විශාඛ, කාය සංස්කාර කියන්නේ ආශ්වාස – ප්‍රශ්වාසයට යි. වචී සංස්කාර කියන්නේ විතර්ක – විචාරවලට ය. චිත්ත සංඛාර කියන්නේ සඤ්ඤා – වේදනාවලට ය." "පින්වත් ආර්යාවෙනි, ආශ්වාස – ප්‍රශ්වාස කාය සංස්කාර වශයෙන් හඳුන්වන්නේ මක් නිසා ද? විතර්ක – විචාර වචී සංස්කාර වශයෙන් හඳුන්වන්නේ මක් නිසා ද? සඤ්ඤා – වේදනා චිත්ත සංස්කාර වශයෙන් හඳුන්වන්නේ මක් නිසා ද?" [B]බැඳී තිබෙන නිසා "සංස්කාර" කියයි.[/B] "පින්වත් ආයුෂ්මත් විශාඛ, ආශ්වාස – ප්‍රශ්වාස අයත් වන්නේ කයට යි. ආශ්වාස – ප්‍රශ්වාස කය හා බැඳි (ඒතේ ධම්මා කාය පටිබද්ධා) තිබේ. එම නිසා ආශ්වාස – ප්‍රශ්වාසය කාය සංස්කාර නම් වේ. පින්වත් ආයුෂ්මත් විශාඛ, කලින් ම විතර්ක කොට විචාර කොට (සිතුවිලි හසුරවා) පසුව යි වචන කථා කරන්නේ. එම නිස යි විතර්ක – විචාර වචී සංස්කාර වන්නේ. සඤ්ඤා – වේදනා අයිති වන්නේ සිතට යි. සඤ්ඤා – වේදනා සිත හා බැඳී පවතී (ඒතේ ධම්මා චිත්ත පටිබද්ධා). එනිස යි සඤ්ඤා – වේදනා චිත්ත සංස්කාර වන්නේ." [RIGHT] (චූළ වේදල්ල සුත්ත – ම. නි. 01) [/RIGHT] [B]පටිච්චසමුප්පාදය දකින්නා ධර්මය දකී.[/B] යම් කෙනෙක් පටිච්චසමුප්පාදය අවබෝධ කරගැනීමෙන් අවබෝධ කරන්නේ දුක්ඛාර්ය සත්‍යය යි. එමෙන් ම පඤ්ච උපාදානස්කන්ධ අවබෝධ කර ගැනීමෙන් ද අවබෝධ කරන්නේ දුක්ඛාර්ය සත්‍යය යි. වරක්, පංච උපාදානස්කන්ධය ආයතන ඔස්සේ හටගන්නා ආකාරය විස්තර කළ සැරියුත් තෙරණුවෝ තව දුරටත් මෙසේ පැවැසූහ. "මේ ආකාරයට ය මේ පංච උපාදානස්කන්ධයන් ගේ එකට එකතු වීම, එකට මුසු වීම, එකට රැස්වීම සිදුවන්නේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ වදාරණ ලදී. 'යමෙක් පටිච්චසමුප්පාදය දකී නම්, ඔහු ධර්මය දකියි. යමෙක් ධර්මය දකී නම්, ඔහු පටිච්චසමුප්පාදය දකියි' යනුවෙනි. මේ පංච උපාදානස්කන්ධයන් ද පටිච්චසමුප්පන්න හෙවත් හේතු ප්‍රත්‍යයන් ගෙන් හටගත් දේවල් ය. මේ පඤ්චුපාදානස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක්, යම් ආලයක්, යම් සෙනෙහසක්, යම් බැස ගැනීමක් වේ ද, එය දුකේ හටගැනීම යි. මේ පඤ්චුපාදානස්කන්ධයන් කෙරෙහි තිබෙන ඡන්දරාගයේ යම් දුරු වීමක් වේ ද, ඡන්දරාගයේ යම් ප්රහාණයක් වේ ද, එය දුකේ නැතිවීම යි." [RIGHT] (මහාහත්ථිපදෝපම සුත්ත – ම. නි. 01) [/RIGHT] [B]නිරෝධ සමාපත්තිය[/B] පටිච්චසමුප්පාදය විස්තර කරන ලද කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර යන සංස්කාර තුන ම ප්‍රායෝගිකව නිරුද්ධ වන සමාපත්තියක් ද තිබේ. එය හඳුන්වන්නේ නිරෝධ සමාපත්තිය වශයෙනි. "පින්වත් ආර්යාවෙනි, සඤ්ඤා – විඳීම් නිරුද්ධ වන සමාපත්තියට සමවදින්නා වූ භික්ෂුවට කවර ධර්මයන් ද පළමුව නිරුද්ධ වන්නේ? කාය සංස්කාර ද, එසේත් නැති නම් වචී සංස්කාර ද, එසේත් නැතිනම් චිත්ත සංස්කාර ද?" "පින්වත් ආයුෂ්මත් විශාඛ, සඤ්ඤා – විඳීම් නිරුද්ධ වන සමාපත්තියට සමවදින්නා වූ භික්ෂුවට පළමුවෙන් නිරුද්ධ වන්නේ වචී සංස්කාරයන් ය. ඊළඟට නිරුද්ධ වන්නේ කාය සංස්කාරයන් ය. ඊළඟට නිරුද්ධ වන්නේ චිත්ත සංස්කාරයන් ය." [RIGHT] (චූළ වේදල්ල සුත්ත – ම. නි. 01) [/RIGHT] මෙම විස්තර කිරීම් තුළින් "සංස්කාර" යන වචනයේ විවිධ තේරුම් තිබෙන බව දැන් අපට වටහා ගත හැකිය. දැන් අප කථා කළ නිරෝධ සමාපත්තියට සියලු දෙනාට ම සමවැදිය නො හැකි ය. ඒ තැනැත්තා පළමු කොට රූපාරූප ධ්‍යානයන් නේවසඤ්ඤානාසඤ්ඤා මට්ටම ට දියුණු කර ගත යුතු ය. එය කරන්නේ සමථය මුල් කොට ය. ඊ ළඟට විදර්ශනාවෙන් අනාගාමී ඵලය දක්වා දියුණු කොට තිබිය යුතු ය. ඒ තැනැත්තාටත්, එමෙන් ම විදර්ශනාවෙන් අරහත්වය දක්වා දියුණු කළ තැනැත්තාටත් පමණි නිරෝධ සමාපත්තියට සමවැදිය හැක්කේ. එම නිසා සමාධිය හතර වන ධ්‍යානය දක්වා පමණක් දියුණු කළ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේට නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි බවක් ධර්මයේ සඳහන් නො වේ. මෙය වරදවා තේරුම් ගැනීමෙන් ය සමහරුන් තුළ ශුෂ්ක විදර්ශනාවෙන් රහත් විය හැකි ය යන වැරදි මතය ඇති වී තිබෙන්නේ. ඔවුන් ගේ අදහසට අනුව හුදෙක් විදර්ශනාවෙන් අරහත් වීමට වත් සම්මා සමාධිය අවශ්‍ය නැත. ක්ෂණික සමාධිය නම් වූ කුමක්දෝ දෙයක් ගැන ඔවුහු පවසති. එහෙත් සම්මා සමාධිය ගැන සෑම දේශනයකම විස්තර වන්නේ ධ්‍යාන සතර ගැන ය. සමාධිස්කන්ධය පිණිස ආර්ය මාර්ගයේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංශ තුනක් දක්වා තිබේ. සම්මා සමාධිය ප්‍රතික්ෂේප කළවිට මේ මාර්ග අංග තුන ම ප්‍රතික්ෂේප වේ. එවිට ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගාංග පහක් දක්වා පහළ වැටේ. ධ්‍යානවලින් තොරව අරහත් විය හැකි ය යන මතයේ භයානක කම මේ තුළින් මනාව තේරුම් ගත හැකිය. ... ... ... [B]සංස්කාර හටගන්නේ කුමක් නිසා ද?[/B] "සංස්කාර ඇති වන්නේ කුමක් ඇති කල්හි ද? සංස්කාර හටගන්නේ කුමක් හේතු කොට ගෙන ද? සංස්කාර ඇති වන්නේ අවිද්‍යාව ඇති කල්හි ය. සංස්කාර හටගන්නේ අවිද්‍යාව හේතු කොට ගෙන ය." [RIGHT] (ගෝතම සුත්ත – සං. නි. 02) [/RIGHT] මෙම සංස්කාර හටගන්නේ අවිද්‍යාව හේතු කොට ගෙන බව භාග්‍යවතුන් වහන්සේ විසින් සොයා ගන්නා ලදී. එතැන් සිට භාග්‍යවතුන් වහන්සේ මෙම පටිච්චසමුප්පාද න්‍යාය ම මනාකොට පෙන්වා දෙන්නේ මෙසේ ය. එනම් අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හටගනී. සංස්කාර... විඤ්ඤාණය හටගනී... නාම-රූප... ආයතන හය... ස්පර්ශය... විඳීම... ආශාව... බැඳීම... විපාක පිණිස කර්ම සකස් වීම (භවය)... ඉපදීම (අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික වශයෙන්) හටගනී. ඉපදීම හේතු කොට ගෙන ජරා මරණ සෝක වැළපීම් දුක්, දොම්නස්, සුසුම් හෙළීම් ආදිය හටගනී. මේ ආකාරයෙන් ය මුළු මහත් දුක්ඛස්කන්ධයා ගේ ම හට ගැනීම සිදුවන්නේ (ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති). මෙලෙසින් දක්වන ලද පටිච්චසමුප්පාදය තුළින් පෙන්වා තිබෙන්නේ සත්වයා ගේ සාංසාරික දුක සකස්වන ආකාරය ම ය. මෙහි සඳහන් “අවිද්‍යාව” යනු සුළු පටු දෙයක් නොවේ. [B] කුමක් ද මේ අවිද්‍යාව?[/B] "පින්වත් මහණෙනි, කුමක් ද මේ අවිද්‍යාව? පින්වත් මහණෙනි, අවබෝධ කළ යුතු දුක්ඛාර්ය සත්‍යය ගැන ඤාණයක් නැත්තේ වේ ද, ප්රහාණය කළ යුතු දුක්ඛ සමුදයාර්ය සත්‍යය පිළිබඳ ව ඤාණයක් නැත්තේ වේ ද, සාක්ක්‍ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධාර්ය සත්‍යය පිළිබඳ ඤාණයක් නොමැත්තේ වේ ද, ප්‍රගුණ කළ යුතු දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ඤාණයක් නැත්තේ වේ ද, මෙය වනාහී 'අවිද්‍යාව' යයි කියනු ලැබේ." [RIGHT] (විභංග සුත්ත – සං. නි. 02) [LEFT]... ... -------------------------------------------------------------------- වැඩි විස්තර සඳහා 'විස්මිත අවබොධය' කෘතිය බලන්න; අදාළ සූත්‍ර දේශනා ත්රීපිටක පරිවර්තනයකින් ගෙන බලන්න... තෙරුවන් සරණයි! [/LEFT] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom