Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංහිඳියාව_සහ_කුල පීඩනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංහිඳියාව_සහ_කුල පීඩනය

සංහිඳියාව සහ වෙල්ලාල ජනයාගේ කුල පීඩනය

මුලදී දෙමළ අරගලය වර්ධනය වී ආවේ වෙල්ලාල කුලය දෙසට මිස සිංහලයන් වෙත නොවේ. ජොවිල් පෝල් හා එම්.සී. සුබ්‍රමනියම් විසින් එක් දහස් නවසිය හැට ගණන්වල කුල පීඩිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙල්ලාල විරෝධී අරගලය පටන්ගෙන තිබුණි. වැල්වැටිතුරෙයි ග්‍රාමයේ කරෙයියාර් නම්වූ ධීවර කුලයේ ප්රභාකරන්ගේ කල්ලිය ද මුලින්ම කුල පීඩනය නිසා නැගී සිටියහ. උතුරේ ගැවසෙමින් සිටි එවැනි කල්ලිවලට ආයුධ පුහුණුව දී සිංහල විරෝධයක් වෙත හරවා එවන ලද්දේ ඉංදිරා ගාන්ධි රජය විසින්ය. ඇත්ත වශයෙන්ම බණ්ඩාරනායක රජය සංහිඳියාව ප්රදානය කිරීම නිසා දෙමළ වර්ගවාදය ඇවිස්සූ බව ඉතිහාසයේ අප්රකටව එන්නකි. මේ ලිපිය ඒ යට ගියාව පැහැදිලි කිරීම පිණිස ය.

ආරුමුග නාවලර්ගේ හිංදු පුනර්ජීවනය, පොන්නම්බලම් රාමනාදන් 1920 ලංකාවේ කුල ක්‍රමය නීතිගත කිරීමට ඉල්ලීම, 1929 ජුනි මාසයේ රජයේ පාසල්වල දරුවන්ට සම වරප්‍රසාද පිළිගැන්වීම, 1949 දී යාපනය නගර සභාව මහ නගර සභාවක් බවට පත් කිරීම සහ 1950 දී අඩු කුලය සඳහා වෙනම නියෝජනයක් ලබාදීමට යෝජනා කිරීම නිසා වෙල්ලාලවරු ස්වකීය කුල බලය පවත්වා ගැනීමට නොහැකිව බියෙන් විවිධ අරගල කරන ලදී. එවකට පහත් බව කී කුලවල අය කෝවිලට ඇතුල්වීම තබා ළිඳකින් වතුර බීම පවා මාරාන්තික තත්ත්වයක පැවතුණි. දෙමළ නායකයින් බව කී අය අදහස් කර ඇති දෙමළ ජනතාව වෙල්ලාලවරුන්ට සීමා විය. ඉංග්‍රීසි උගතුන් බහුතරයක් වූ ඔවුන් පාරම්පරික ඉඩම් හිමි බලවතුන්ය. යටත් විජිත ලංකාවේ අවසාන භාගය හැසිරවූ ඔවුන් සම අයිතිය ලබාදීමට පුදුම සහගත ලෙස විරුද්ධ වූ අතීතයක් ඇතිව සිටියහ. මේ විරෝධය සිංහලයන් දෙසට හරියටම එල්ල වූයේ 1957 අප්‍රේල් මස අංක 27 දරන සමාජ දුබලතා ඉවත් කිරීමේ පනත සම්මත වීම නිසාය. පනත සම්මත වූ පසු අඩු කුලයේ අයට කෝවිලට පැමිණීම බාධා කළ සී. සුන්දරලිංගම් නඩුවක වරදකරු වී දඩ ගැසීමකට පවා ලක්විය. සිංහලය රාජ්‍යය භාෂාව කිරීම ගැන මුලදී උරණ නොවූ ඔවුන් ඉංග්‍රීසියෙන් වැඩ කළ පිරිසකි. මේ වෙල්ලාල කුලයේ අසීමිත අහංකාරය නිසා ඇවිල වූ යුද ගින්න පිළිබඳ අප්‍රකට කතාවයි.

දෙමළ දෙමළ ලෙස අදහස් කරන සමාජය පවත්වාගෙන යන්නේ තියුණු සමාජ බෙදීමක් පදනම් කරගෙනය. එය කුල භේදය ලෙස හැඳින්විය හැකිය. මෙම බෙදීම නිසා දෙමළ කතා කරන මුස්ලිම් නොවන සමාජය විශාල බෙදීම් ගණනකින් වෙන්ව සහ එකම භාෂා අනන්‍යතාවයක් යටතේ යළි එකතු වී සිටිත්. කතෝලික, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගම් වලට දෙමළ භාෂා කතා කරන්නන් නැවත බෙදී සිටිත්. මේ බෙදීම් සියල්ල ඉක්මවා සමහර විට මුළු රටේම වුවද බලවත්ම කුලය විය හැක්කේ දෙමළ වෙල්ලාලවරුය (Vellalar) මේ හැර එහි අණසකට යටත් වෙනත් දෙමළ කුල වන්නේ කෝවියර් (Koviar) පල්ලර් (Pallar) නලවාර් (Nalavar) කරායියර් (Karaiyar) තිමිලර් (Thimilar) මුක්කුවර් (Mukkuvar) යන පහත් බව කියන කුලහීනයෝය.

වෙල්ලාල (Vellalar) කුලය දෙමළ ප්‍රජාවෙන් විශාලම පිරිස අයත් කුලය විය හැකිය. ගොවීන් වන ඔවුන් ප්‍රමුඛතම ඉඩම් හිමියන්ය. පල්ලර් (Pallar, Mallar, Pallar) කුලය තවත් පිරිසකි. තන්ජෝර්, මධුරෙයි සහ රාම්නාතපුරම් හී ලංකා පල්ලර්වරුන්ගේ පැරණි ඥාතීන් වාසය කරයි. කෘෂිකර්මය සහ කම්කරු වෘත්තිය පල්ලර්වරුන්ගේ මූලික ජීවන ක්‍රමය වෙයි. නලවාර් (Nalavan) කුලයේ අය පාරම්පරික තල් රා මදින්නන්ය. මොවුන් කේරළයෙන් පැමිණි බව කියවෙයි. යාල්පාන වෙයිපව මලෙයි (Yalpana Vaipava Malai) හි කියවෙන මෙම කුලය වෙල්ලාලවරු තම සේවකයන් ලෙස ගෙන ආ පිරිසක් බව කියවේ. කරායියර් (Karaiyar, Karaiyar) කුලය සමහර තැනෙක කුරුකුලය නමින්ද හැඳින්වෙයි. මොවුන් කොරමැන්ඩල් වෙරළින් සංක්‍රමණය වූ පිරිසක් බව කියවෙයි. ප්රභාකරන් ද මෙම කුලයට අයත්ය.

යාපනයේ පමණක් නොව දකුණු පළාත දක්වා විවිධ මුහුදු තීරවල පදිංචි ඔවුන් සිංහලයන් අතර හැඳින්වෙන්නේ කරාවේ නමින්ය. කරාවේ ජනතාව දෙමළ අනන්‍යතාවය අතහැර සිංහල භාෂාව පිළිගැනීම නිසා රටේ බහුතර ජනතාව දියවීමට සමත්ව සිටී. මුහුදු කොල්ලකරුවන් ලෙස ජීවිකාව කළ මේ පිරිස ධීවරයන්ය. කරායියර්වරු උසස් පෙළපතක් ඇත්තන් ලෙස වෙල්ලාලවරු පිළිගන්නේ නැත. මුක්කුරු හටන (Mukkara Hatana) නම් පුස්කොළ පොත අනුව මේ ජනතාව කුරුමණ්ඩලම් සිට පැමිණ ඇති බව කියවෙයි.

ලංකාවේ කරායියර්වරු මීලොංගි (Meelongi) සහ කීලොංගි (Keelongi) ලෙස දෙපිරිසකි. තිමිලර් (Thimilar) කුලය මුහුදු යන්නන්ගේ කුලයකි. සංගම් සාහිත්‍යයේ පවා කියවෙන මොවුන් තමිල්නාඩු වෙරළෙන් සංක්‍රමණය වූ ධීවරයන්ය. වෙල්ලාලවරු තිමිලර්වරු සමග විවාහ සබඳතා පවත්වන්නේ නැත. මුක්කුවර් (Mukkuvar) ජනයා නැගෙනහිර පළාතේ මුහුදුබඩ තීරයේ පදිංචිව සිටියද මොවුන් ද තමිල්නාඩුවේ සහ කේරළයේ ධීවරයන්ගෙන් පැවත එන්නන්ය.

මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් බෙදී සිටින සිවියර් හෙවත් චිවියර් (Chiviyar) කඩෙයාර් (Kadeyar) කොල්ලෙර් (Koller) කුසාවර් (Kusavar) පානර් (Paanar) වන්නර් (Vannar) යන කුලවලට අයත් ජනතාව මූලික අයිතීන් භුක්ති විඳිය නොහැකි දුක්ඛිත ජීවිත ගෙවමින් සිටියි. සිවියර්වරු පල්ලැක්කි ඔසවාගෙන යන්නන්ය. වන්නර්වරු රෙදි සෝදන්නන්ය. ඔවුහු කවුරුත් කුලවත් වෙල්ලාලවරු ඉදිරියේ පහත් ජන වර්ග දෙකක් පමණි. තවද වඩාත් පහත් යැයි කියනු ලබන කුල දෙකක් කඳුකරයේ වෙසෙයි. පරායිරාස් (Paraiyars) සහ සක්කිලර් (Sakkiliar) දෙමළ වතු කම්කරු සමාජයේ පතුලේම සිටින මෙම කුල දෙකට අයත් ජනතාවගේ ලයින් කාමර පවා වෙන්කර ඇත්තේ කුලවතුන්ගෙන් ඈත් කර බව පැවසෙයි.

කෝවියර් (Koviyar, Koviyar, Covia) කුලයේ ප්රභවය පිළිබඳ පැහැදිලි අදහසක් නැත්තේ ඔවුන් දකුණු ඉන්දියාවේ පවා නොමැති නිසාද? මේ පිළිබඳ විවිධ අර්ථකථන ඉදිරිපත් කර තිබෙයි. කෝවියර් යාල්පාන වෙයිපවා මලෙයි කෘතියේ එය කෝවිල් (කෝවිල) යන වචනයට සම්බන්ධ කර දක්වන බව කියවෙයි. අනෙක් අදහස ගොපල්ලන් (Cowherd) බවය. නමුත් ඒවා කිසිත් වාග් විද්‍යාත්මක හෝ ඓතිහාසික මූලාශ්‍ර වලින් ශක්තිමත් සාක්ෂි නොමැතිව ඉදිරිපත් කර ඇති බව පෙනෙයි. නමුත් මෙයින් ද්‍රවිඩ ස්වරූපයෙන් උච්චාරණය කර ඇත්තේ නිශ්ශංකමල්ල රජුගේ ශිලා ලිපියක පවා සඳහන්ව ඇති ගොවි කුලය බව නිසැකවම කිව හැකිය.

යාපනය හෙවත් පැරණි උත්තර පස්සහි පදිංචි සිංහලයන් සංකිලි විසින් අති සාහසික ලෙස ඝාතනය කිරීම සහ පලවා හැරී පසු, ඉතිරි පිරිස ද්‍රවිඩකරණයට ලක්වී ගොවි හෙවත් කොවි ස්වරූපයෙන් පරම්පරාගතව ආ බව පෙනෙයි. එහිද නිශ්චිත ස්වරූපයක් නැත කොවියර් කෝවියර් සහ කොවියා යන ස්වරූප තුනකි. කොවියා යන්න ගොවියා යන්නට වඩාත් සමානය. චිකාගෝ විශ්ව විද්‍යාලයේ ප්රකාශනයක මේ අදහස ස්ටැන්ලි ජයරාජා (Stanley Jeyaraja 1992) විසින් තවදුරටත් පැහැදිලි කර ඇත. ඉඩම් හිමිකරු වන කෝවියර් කුලවතුන් ගැන යාපන වංසකතාවේ පවා සඳහන්ව ඇති බව කියවෙයි. දකුණු ඉන්දියාවේ නැති කොවියා කුලය යාපනයේ ඉඩම් හිමියන් වූවා පමණක් නොව වෙල්ලාලවරු සමග විවාහ ගනුදෙනු පැවැත්වූ (Leach E.R. 1971) කුලීන පාර්ශ්වයකි. ටෙලෝ සංවිධානයේ සාමාජිකයන් වැඩි පිරිසක් කෝවියර්වරුන්ගෙන් සැදුම්ලත් බව කියවෙන අතර මොවුන්ගෙන් විශාල පිරිසක් කළු ජූලියෙන් පසුව යුරෝපීය රටවලට සංක්‍රමණය වී සිටිත්.

ලන්දේසි යුගය වන විට ලංකාවේ දෙමළ ජනාවාස යාපන අර්ධද්වීපයේ සුළු කොටසකට සහ මඩකළපුවේ පමණක් සීමා වී තිබුණු බව තේසලවමෙයි නීතිය සහ මුක්කුවා නීතිය පැනවීමේ පසුබිම පිළිබිඹු කරයි. තේසවලමෙයි නීතිය (Thesavalamai) යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය පිළිබඳ ලන්දේසීන් (Dutch) විසින් ඇති කරන ලද්දකි. මේ නීතිය යාපනයේ පදිංචි වී සිටි මලබාර්වරු (Malabar Inhabitants) සඳහාම ඇති කරවන ලද්දකි. පාරම්පරිකව ඉඩම් භුක්තිය පවත්වා ගැනීම සීමා කිරීමේ (A person Could give away only the tediatettam) නව නීතියක් ඉන් කියවෙයි. මුක්කුවා නීතිය (Mukkuva Laws) මඩකළපුවේ පදිංචි කරවන ලද දෙමළ ජනතාව උදෙසාම 1707 දී ලන්දේසීන් (Dutch) විසින් පනවන ලදී. මෙම නීති සංග්‍රහය 1876 දී බ්රීටෝ විසින් (C. Brito) The Mukkuva Law නමින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම නීති පැනවීමේදී රැකවරණයට යෝජිත දෙමළ වැවිලිකරුවන්ගේ උපරිම ව්‍යාප්තිය යාපනය සහ මඩකළපු දිස්ත්‍රික්ක දෙක බව පෙනෙයි. ඉන් කියවෙන්නේ එම ප්‍රදේශවලට අලුත පැමිණි වෙල්ලාලවරු ආක්රමණික ලන්දේසීන්ට උපකාර කර එහි සිංහල බලය පාලනය කිරීමට අවස්ථාව උදාකරගෙන ඇති බව නොවේද? එය ඔවුන්ගේ නිජබිම වී නම් ආක්රමණික යටත් විජිත හිමිවරුන් ලවා භූමියේ අයිතිය තහවුරු කර ගැනීමට තැත් කළේ ඇයි? මේ අන්දමින් මුලින්ම සිංහල මුල් ජනාවාසකරුවන් වෙතින් භූමියේ අයිතිය ලබාගැනීමට දියත් කළ වර්ගවාදය දෙවැනි වතාවේදී තමන්ගේ කුලහීන දෙමළ ජනතාව මත හෙළීමෙන් දුර්දාන්ත කැරැල්ලක් ඇතිවූ ආකාරය මෙයින් විස්තර කෙරෙයි.

ලංකාවේ කුල බයිබලය ලෙස සැලකිය හැකි බ්‍රයිස් රයන් (Bryce Rayan) ගේ Caste in Modern Ceylon නමැති ග්‍රන්ථයේ, රයන් කියා තිබෙන ආකාරයට දහවැනි සියවසේ අවසානයේ පටන් 1925 දක්වා ලංකාවේ පහළ වූ ඉතාම කටුක ගැටුම් පැන නැගුණේ ජනවර්ග අතර නොව විවිධ කුල අතරය. (වික්ටර් අයිවන්, 2017.04.27 රාවය) මෙම අදහස වඩාත් පැහැදිලි කිරීමක නිරත වන විජේදාස රාජපක්ෂ මහතා ආරුමුග නාවලර් ගැන අදහස් දක්වා ඇත්තේ මෙසේය.

ද්‍රවිඩ ජාතික ශාන්තුවරයකු හා වීරයකු ලෙස සලකන ආරුමුග නාවලර් (1822-1879) ගුරුවරයකු ලෙස සේවය කළ යාපනය මහා විද්‍යාලයේ ගුරු සේවයෙන් ඉල්ලා අස් වූයේ එවකට විදුහල්පතිව සිටි පීටර් පර්සිවල් විසින් පහත් කුල දරුවන් එම විද්‍යාලයට ඇතුළු කිරීමට ගත් තීරණය නිසාය. (විජේදාස රාජපක්ෂ 2018 අප්‍රේ. 8 ඉරිදා දිවයින)

මේ අන්දමින් හිංදු පුනර්ජීවන බව කියවෙන ආගමික ව්‍යාපාරයකින් අතිබිහිසුණු කුල ක්‍රමය ශක්තිමත් කර ඇති බව නාවලර් චරිතය පුරා විද්‍යමාන වන්නකි. හේ යාපනයේ කුල ක්‍රමයට පැහැදිලි පැවැත්මක් ඇති කරවන ලදී. බ්‍රිතාන්‍ය පාලනයේ අන්තිම හෝරාවේ පවා මෙවැනි ආගමික පසු තලයකදී සිට වෙල්ලාල කුලය සම්පත් අත්පත් කර ගැනීමට කුලය ආයුධයක් කර ගැනීම අතිබිහිසුණු මුහුණුවරකින් ගෙන ගියෝය. මේ කුල පීඩනය අධ්‍යාපන ක්‍රමයට ද ගෙන ආවෝය.

පොන්නම්බලම් රාමනාදන් 1920 දශකයේ දෙවතාවක් ලන්ඩන් නුවරට ගොස් ලංකාවේ කුල ක්‍රමය නීතිගත කිරීම ඉල්ලීම් කර ඇති බව කියවෙයි. මේ අන්දමින් වෙල්ලාල නායකයන් කුල පීඩනය සෑම අතින්ම ශක්තිමත් කර පවත්වාගෙන යාමට අරගල කර තිබෙයි. ඇත්තෙන්ම දෙමළ දේශපාලනය යනු කුල ක්රමයේ නූතන යාන්ත්‍රණයක් මිස අඩු තරමේ දෙමළ දේශපාලනයක් හෝ නොවීය. කුල බෙදීමේ විෂමතාව නැති කර මිනිස් අයිතීන් යාපනයට බෙදාදීමට තැත් කළ සෑම රජයක් සමගම වෙල්ලාලවරු ගැටුම් ඇති කරගෙන තිබේ. එවැනි වෙනස්කම් යාපනයේ දෙමළ සංස්කෘතිය විනාශ කිරීමක් ලෙස ඔවුන් තේරුම් ගෙන සිටි බව පෙනෙයි.

1929 ජූනි මාසයේ රජයේ පාසල්වල දරුවන්ට සම වරප්‍රසාද පිළිගැන්වීමට එරෙහිව වෙල්ලාලවරු ජන සංහාරයක් දියත් කර තිබේ. රාජ්‍ය නිවේදනය අවලංගු කරන ලෙසද ඉල්ලා සිටියෝය. 1949 දී පළාත් පාලන ඇමැති බණ්ඩාරනායක විසින් යාපනය නගර සභාව මහ නගර සභාවක් බවට පත් කරන්නට යෙදුන විට වෙල්ලාලවරු සැනෙකින් එරෙහි වූයේ සීමාව පළල් කළ විට පීඩිත කුල නියෝජිතයන් ද සභාවට පත්වේය යන අකමැත්තෙන්ය. ඇත්තෙන්ම කතා කොතෙක් කීමට තිබුණද පීඩිත කුලවලට ඇහුම්කන් දෙන්නට කිසිවෙක් යාපනයේ නොවීය. ඔවුන්ගේ සමාජ ප්‍රශ්න වෙල්ලාලවරු කතා නොකළාය. මේ නිසා 1950 දී පහත් කුල නියෝජනය පිණිස කොට්ඨාස දෙකක් යෝජනා කළ විට වෙල්ලාලවරු පිරිවරාගත් යාපනය නගරාධිපතිව සිටි කතිරවේලු පොන්නම්බලම් එම තීරණයට එරෙහි යුද ප්‍රකාශ කරන්නට විය. දෙමළ ජනතාවට ඇත්තම සහනය දෙනවිට දේශපාලන බලවතුන් වැඩ කළ හැටි එසේය. එහි ප්‍රතිඵලය වූයේ ප්රභාකරන්ට පෙරාතුව කුල විරෝධීන් සටන පටන්ගෙන තිබීමයි. ජොවිල් පෝල් හා එම්.සී. සුබ්‍රමනියම් විසින් එක්දහස් නවසිය හැට ගණන්වල කුල පීඩිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධාන පිහිටුවා බලපෑම් කරන්නට විය. නමුත් වෙල්ලාල බලවතුන් ඒවා උපන්ගෙයිම මරා දමන ලද්දේය. තම ඉඩම් හා නිලතල බෙදාගැනීමට කිසිසේත්ම අකමැති විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රඥප්තිය පිළිගැනීම නිසා 1957 අප්‍රේල් මස අංක 27 දරන සමාජ දුබලතා ඉවත් කිරීමේ පනත සම්මත විය. එතැනින් වර්ගවාදයේ බෝම්බය පිපිරවීය. යුද්ධය ඇවිලුනේ එතැනින් බව කීම වරදක් නැත. එනම්, කුලහීන දරුවන්ට පාසල තුළ සම අයිතිය නීත්‍යානුකූල වීම නිසා, ඔවුන්ට කෝවිල් තුළට යාමට අවසර හිමිවීම නිසා, ළිං වලින් වතුර බීමට අවසර හිමිවීම නිසා, කැමති රැකියාවක් කළ හැකි වූ නිසා වෙල්ලාලවරු බණ්ඩාරනායක එරෙහි අරගලය දියත් කළේ සමස්ත දෙමළ විරෝධයක ස්වරූපයෙනි.

ෆෙඩරල්වාදයේ න්‍යායාචාර්යවරයා වන සී. සුන්දරලිංගම් 1969 මාවිද්දපුර කෝවිලට වෙල්ලාලයන්ට ඇතුල්වීමට වෙනම ද්වාරයක් හදා, නීච කුල ඇත්තන් කෝවිල මධ්‍යයට පැමිණීම වැළැක්වීමට හරස් බැම්මක් බැඳීම නිසා නිර්ලජ්ජිත කුලහීන කුලීන ගැටුමක් ඇති විය. මේ නිසා නලවාස්, පල්ලර්, පරයා කුලවල අය වැළැක්වීමට කෝවිල වසා දමන ලදී. පනත අනුව සුන්දරලිංගම්ට නඩු දමා රුපියල් 100 ක දඩයක්ද නියම කර ඇත. සුන්දරලිංගම්ගේ වෛරය සිංහල ජනතාවට එල්ලවීමේ වේගය වැඩි වූයේ එතැනින්ය. මේ වන විට පවා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට එරෙහි විරෝධතා උත්සන්න නොවීය. ඔවුන් ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව වී තිබියදී පවා අරගල කිසිත් කර තිබුණේ නැත. සීමිත වෙල්ලාල කල්ලියකට හැර ඉංග්‍රීසි කතා කළ හැකි බහුතර දෙමළ ප්‍රජාවක් වේද? නීච කුල දෙමළුන්ට වෙල්ලාල තත්ත්වයේ වරප්‍රසාද දීම මිස අප කර අැති වෙනත් වරදක් වේද?

ඇත්ත වශයෙන්ම පීඩිත දෙමළ ජනතාවට මානව හිමිකම් ලබාදුන්නේ බණ්ඩාරනායක රජය මීට වසර 50 ට පෙරය. එදා ඊට එරෙහිවූ දෙමළ නායකයන් අද ඉල්ලන මානව හිමිකම කුමක්ද? සමාජ දුබලතා ඉවත් කිරීමේ පනත නිසා ස්වකීය කුල පීඩනය මුදාහැරීමට සෑහෙන පමණක ශක්තියක් ගත් නීචකුල දෙමළ තරුණයන් අහංකාර වෙල්ලාලවරුන්ට එරෙහිව නැගී සිටින්නට පටන් ගත්තේය. ඒ අනුව 1975 ජූලි 27 දින වෙල්ලාල වංශවතෙකු වූ යාපනයේ නගරාධිපති ඇල්ෆර්ඩ් දොරෙයප්පා වෙඩි තබා මරන්නේ පූනාලෙයි හිංදු කෝවිල අභියසදීය. පසුව හෙළිවූයේ මිනීමරුවා ප්රභාකරන් නමැත්තෙකු බවයි. ඔහු මුල පටන්ම මහත්මා ගාන්ධි, නේරු, ආරුමුග නාවලර්, සුන්දරලිංගම්, චෙල්වනායගම්, පොන්නම්බලම් වැනි අය අප්‍රිය කළ වැල්වැටිතුරෙයි ග්‍රාමයේ කරෙයියාර් නම්වූ ධීවර ජන කොට්ඨාසයට අයත් පහත් කුලයක අයෙකි.

පහේ පංතියට පමණක් උගත් හේ හොර බඩු හුවමාරු තිප්පලක් වූ වැල්වැටිතුරෙයි හිදී ලද කුල පීඩන තේරුම් ගත්තේ කොළඹ රජය ඇති කරන අසාධාරණයක් ලෙසය. මේ නිසා ඔහු මුලින්ම වෙල්ලාල වංශවතුන් බියවද්දා බලවත් සංවිධානයක් සකස් කරන්නට විය. තවත් වසර 6 කදී ජේ.ආර්. ජයවර්ධන රජයේ බටහිර ගැති පාලනය මෙල්ල කිරීමට ඉන්දිරා ගාන්ධි විසින් උතුරේ සන්නද්ධ කල්ලි ගණනාවකට අවි පුහුණුව දුන්නේය. ආධාරදී උතුරට එවීය.

මේ අන්දමින් හැදී වැඩී ආ ඉන්දියානු කලාපයේ බල අරගලයට ලංකාවේ ඉරණම තීන්දු වී අප මත තිස් අවුරුදු යුද්ධය පැටවිණ. ආයුධ ගත්තා නොව දුන්නාය. කුල පීඩනයේ වෛරය සිංහල ජනතාව වෙත හරවා එව්වේය. මේ නිසා දෙමළ ජනතාවට මානව හිමිකම් ලබාදී, අප කෲර සිවිල් යුද්ධයක් ඇති කරගත්ත ද ලංකාවේ ආණ්ඩු මේ බව පැහැදිලි කිරීමට අසමත් විය. කොටි සංවිධානය තම දරුවන් පැහැරගෙන ළමා සොල්දාදුවන් බවට පත්කර තිබියදී යුද්ධයෙන් මියගිය අය ආපසු ඉල්ලා සිටින්නේ රජයෙන්ය. ළමයින් පැහැරගත් ත්රස්තවාදීන් මගහැර මේ අරගලය කරන්නේ රජයේ පාර්ශ්වය එය පැහැදිලි කිරීමට අසමත් වූ නිසාය.

මෙහි ප්‍රතිඵලය වූයේ වරදක් නැතත් ලංකාව වරදකරු කළ බව පිළිගැනීමට පුරුදු කරන්නට විය. දෙමළ ජාතිවාදයට මුහුණ දීමට උපන් සිංහල ජාතිකත්වය ඒ හැම දෙනාගේම ඉලක්කය විය. දැන් අපට වරද පිළිගැනීමට ස්වයං යෝජනා ඇති කරනු ලබන්නේ ගීත වලින්ය. චිත්‍රපට වලින්ය. උද්ඝෝෂණ වලින්ය. ජිනීවා යෝජනා වලින්ය.

දෙමළ කුල පීඩනය සහමුලින්ම යටපත් කර, සිංහල බෞද්ධයන් ම්ලේච්ඡ වර්ගවාදීන් බව පුන පුනා ප්‍රචාරය කිරීමට වෙල්ලාලවරු සමත් විය. ඊට පිළිතුරු දීමට යාන්ත්‍රණයක් නොතිබීම නිසා සිංහලයන් හේතු විරහිත වරදකරුවන් වී සිටිත්. බෞද්ධයන් යහපත් කාරුණික ජනතාවකි. හිංදු දෙවිවරු පන්සල්වල පවා වන්දනා කරන නමුත් කිසිදු කෝවිලක බෞද්ධාගමික යැයි කිව හැකි කිසිවක් තිබේද? ශිව, කාලි වැනි විනාශයේ දෙවි දේවතාවන් කෙරෙන් ආවේශ ගන්වනු ලබන දෙමළ සමාජයට වඩා සියලු සත්ත්වයන්ට මෛත්‍රී කිරීමට පුරුදු කරවන බෞද්ධ සමාජය කාරුණික බව සාමාන්‍ය දෙමළ ජනයා අත්විඳින සත්‍යයකි.

සිංහලයන් සමග තබා පහත් බව කියන ස්වකීය දෙමළ කුල සමග හෝ කිසිත් මිනිස් සබඳතාවක් පැවැත්වීමට අද පවා සූදානම් නැති වෙල්ලාල දෙමළ සමාජයේ ඇති සංහිඳියාව කුමක්ද? තමිල් අරසුකච්චි පක්ෂය තනිකරම වෙල්ලාල නියෝජනයකින් සැදුම්ලත් සංහිඳියා විරෝධි කුල සංඝටකයකි. නමුත් ඒ දෙමළ දේශපාලනය සෑම අතින්ම සාකච්ඡාවෙන් මගහැර සුදනන් කර සිංහල සමාජය අගතිගාමීවද, පදනම් විරහිතවද වෛරයකට ලක්කරන බව පෙනෙන්නට තිබේ. මේ නිසා සංහිඳියාව සහ වෙල්ලාල කුලයේ හැසිරීම ගැන ආපසු හැරී බැලිය යුතුය.

කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න

[QUOTE="Oli_Vili, post: 23242567, member: 563195"] [b]සංහිඳියාව_සහ_කුල පීඩනය[/b] [SIZE="7"][B][COLOR="Magenta"]සංහිඳියාව සහ වෙල්ලාල ජනයාගේ කුල පීඩනය [/COLOR][/B][/SIZE] [IMG]http://www.jaffnavoice.com/nallur/var/resizes/Manjam-Nallur-Kandaswamy-Kovil-Festival-2013/Manjam-Nallur%20Kandaswamy%20Kovil%20Festival%202013%20%287%29.jpg?m=1377104263[/IMG] [SIZE="5"][B][COLOR="Purple"] මුලදී දෙමළ අරගලය වර්ධනය වී ආවේ වෙල්ලාල කුලය දෙසට මිස සිංහලයන් වෙත නොවේ. ජොවිල් පෝල් හා එම්.සී. සුබ්‍රමනියම් විසින් එක් දහස් නවසිය හැට ගණන්වල කුල පීඩිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙල්ලාල විරෝධී අරගලය පටන්ගෙන තිබුණි. වැල්වැටිතුරෙයි ග්‍රාමයේ කරෙයියාර් නම්වූ ධීවර කුලයේ ප්රභාකරන්ගේ කල්ලිය ද මුලින්ම කුල පීඩනය නිසා නැගී සිටියහ. උතුරේ ගැවසෙමින් සිටි එවැනි කල්ලිවලට ආයුධ පුහුණුව දී සිංහල විරෝධයක් වෙත හරවා එවන ලද්දේ ඉංදිරා ගාන්ධි රජය විසින්ය. ඇත්ත වශයෙන්ම බණ්ඩාරනායක රජය සංහිඳියාව ප්රදානය කිරීම නිසා දෙමළ වර්ගවාදය ඇවිස්සූ බව ඉතිහාසයේ අප්රකටව එන්නකි. මේ ලිපිය ඒ යට ගියාව පැහැදිලි කිරීම පිණිස ය. ආරුමුග නාවලර්ගේ හිංදු පුනර්ජීවනය, පොන්නම්බලම් රාමනාදන් 1920 ලංකාවේ කුල ක්‍රමය නීතිගත කිරීමට ඉල්ලීම, 1929 ජුනි මාසයේ රජයේ පාසල්වල දරුවන්ට සම වරප්‍රසාද පිළිගැන්වීම, 1949 දී යාපනය නගර සභාව මහ නගර සභාවක් බවට පත් කිරීම සහ 1950 දී අඩු කුලය සඳහා වෙනම නියෝජනයක් ලබාදීමට යෝජනා කිරීම නිසා වෙල්ලාලවරු ස්වකීය කුල බලය පවත්වා ගැනීමට නොහැකිව බියෙන් විවිධ අරගල කරන ලදී. එවකට පහත් බව කී කුලවල අය කෝවිලට ඇතුල්වීම තබා ළිඳකින් වතුර බීම පවා මාරාන්තික තත්ත්වයක පැවතුණි. දෙමළ නායකයින් බව කී අය අදහස් කර ඇති දෙමළ ජනතාව වෙල්ලාලවරුන්ට සීමා විය. ඉංග්‍රීසි උගතුන් බහුතරයක් වූ ඔවුන් පාරම්පරික ඉඩම් හිමි බලවතුන්ය. යටත් විජිත ලංකාවේ අවසාන භාගය හැසිරවූ ඔවුන් සම අයිතිය ලබාදීමට පුදුම සහගත ලෙස විරුද්ධ වූ අතීතයක් ඇතිව සිටියහ. මේ විරෝධය සිංහලයන් දෙසට හරියටම එල්ල වූයේ 1957 අප්‍රේල් මස අංක 27 දරන සමාජ දුබලතා ඉවත් කිරීමේ පනත සම්මත වීම නිසාය. පනත සම්මත වූ පසු අඩු කුලයේ අයට කෝවිලට පැමිණීම බාධා කළ සී. සුන්දරලිංගම් නඩුවක වරදකරු වී දඩ ගැසීමකට පවා ලක්විය. සිංහලය රාජ්‍යය භාෂාව කිරීම ගැන මුලදී උරණ නොවූ ඔවුන් ඉංග්‍රීසියෙන් වැඩ කළ පිරිසකි. මේ වෙල්ලාල කුලයේ අසීමිත අහංකාරය නිසා ඇවිල වූ යුද ගින්න පිළිබඳ අප්‍රකට කතාවයි. දෙමළ දෙමළ ලෙස අදහස් කරන සමාජය පවත්වාගෙන යන්නේ තියුණු සමාජ බෙදීමක් පදනම් කරගෙනය. එය කුල භේදය ලෙස හැඳින්විය හැකිය. මෙම බෙදීම නිසා දෙමළ කතා කරන මුස්ලිම් නොවන සමාජය විශාල බෙදීම් ගණනකින් වෙන්ව සහ එකම භාෂා අනන්‍යතාවයක් යටතේ යළි එකතු වී සිටිත්. කතෝලික, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගම් වලට දෙමළ භාෂා කතා කරන්නන් නැවත බෙදී සිටිත්. මේ බෙදීම් සියල්ල ඉක්මවා සමහර විට මුළු රටේම වුවද බලවත්ම කුලය විය හැක්කේ දෙමළ වෙල්ලාලවරුය (Vellalar) මේ හැර එහි අණසකට යටත් වෙනත් දෙමළ කුල වන්නේ කෝවියර් (Koviar) පල්ලර් (Pallar) නලවාර් (Nalavar) කරායියර් (Karaiyar) තිමිලර් (Thimilar) මුක්කුවර් (Mukkuvar) යන පහත් බව කියන කුලහීනයෝය. වෙල්ලාල (Vellalar) කුලය දෙමළ ප්‍රජාවෙන් විශාලම පිරිස අයත් කුලය විය හැකිය. ගොවීන් වන ඔවුන් ප්‍රමුඛතම ඉඩම් හිමියන්ය. පල්ලර් (Pallar, Mallar, Pallar) කුලය තවත් පිරිසකි. තන්ජෝර්, මධුරෙයි සහ රාම්නාතපුරම් හී ලංකා පල්ලර්වරුන්ගේ පැරණි ඥාතීන් වාසය කරයි. කෘෂිකර්මය සහ කම්කරු වෘත්තිය පල්ලර්වරුන්ගේ මූලික ජීවන ක්‍රමය වෙයි. නලවාර් (Nalavan) කුලයේ අය පාරම්පරික තල් රා මදින්නන්ය. මොවුන් කේරළයෙන් පැමිණි බව කියවෙයි. යාල්පාන වෙයිපව මලෙයි (Yalpana Vaipava Malai) හි කියවෙන මෙම කුලය වෙල්ලාලවරු තම සේවකයන් ලෙස ගෙන ආ පිරිසක් බව කියවේ. කරායියර් (Karaiyar, Karaiyar) කුලය සමහර තැනෙක කුරුකුලය නමින්ද හැඳින්වෙයි. මොවුන් කොරමැන්ඩල් වෙරළින් සංක්‍රමණය වූ පිරිසක් බව කියවෙයි. ප්රභාකරන් ද මෙම කුලයට අයත්ය. යාපනයේ පමණක් නොව දකුණු පළාත දක්වා විවිධ මුහුදු තීරවල පදිංචි ඔවුන් සිංහලයන් අතර හැඳින්වෙන්නේ කරාවේ නමින්ය. කරාවේ ජනතාව දෙමළ අනන්‍යතාවය අතහැර සිංහල භාෂාව පිළිගැනීම නිසා රටේ බහුතර ජනතාව දියවීමට සමත්ව සිටී. මුහුදු කොල්ලකරුවන් ලෙස ජීවිකාව කළ මේ පිරිස ධීවරයන්ය. කරායියර්වරු උසස් පෙළපතක් ඇත්තන් ලෙස වෙල්ලාලවරු පිළිගන්නේ නැත. මුක්කුරු හටන (Mukkara Hatana) නම් පුස්කොළ පොත අනුව මේ ජනතාව කුරුමණ්ඩලම් සිට පැමිණ ඇති බව කියවෙයි. ලංකාවේ කරායියර්වරු මීලොංගි (Meelongi) සහ කීලොංගි (Keelongi) ලෙස දෙපිරිසකි. තිමිලර් (Thimilar) කුලය මුහුදු යන්නන්ගේ කුලයකි. සංගම් සාහිත්‍යයේ පවා කියවෙන මොවුන් තමිල්නාඩු වෙරළෙන් සංක්‍රමණය වූ ධීවරයන්ය. වෙල්ලාලවරු තිමිලර්වරු සමග විවාහ සබඳතා පවත්වන්නේ නැත. මුක්කුවර් (Mukkuvar) ජනයා නැගෙනහිර පළාතේ මුහුදුබඩ තීරයේ පදිංචිව සිටියද මොවුන් ද තමිල්නාඩුවේ සහ කේරළයේ ධීවරයන්ගෙන් පැවත එන්නන්ය. මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් බෙදී සිටින සිවියර් හෙවත් චිවියර් (Chiviyar) කඩෙයාර් (Kadeyar) කොල්ලෙර් (Koller) කුසාවර් (Kusavar) පානර් (Paanar) වන්නර් (Vannar) යන කුලවලට අයත් ජනතාව මූලික අයිතීන් භුක්ති විඳිය නොහැකි දුක්ඛිත ජීවිත ගෙවමින් සිටියි. සිවියර්වරු පල්ලැක්කි ඔසවාගෙන යන්නන්ය. වන්නර්වරු රෙදි සෝදන්නන්ය. ඔවුහු කවුරුත් කුලවත් වෙල්ලාලවරු ඉදිරියේ පහත් ජන වර්ග දෙකක් පමණි. තවද වඩාත් පහත් යැයි කියනු ලබන කුල දෙකක් කඳුකරයේ වෙසෙයි. පරායිරාස් (Paraiyars) සහ සක්කිලර් (Sakkiliar) දෙමළ වතු කම්කරු සමාජයේ පතුලේම සිටින මෙම කුල දෙකට අයත් ජනතාවගේ ලයින් කාමර පවා වෙන්කර ඇත්තේ කුලවතුන්ගෙන් ඈත් කර බව පැවසෙයි. කෝවියර් (Koviyar, Koviyar, Covia) කුලයේ ප්රභවය පිළිබඳ පැහැදිලි අදහසක් නැත්තේ ඔවුන් දකුණු ඉන්දියාවේ පවා නොමැති නිසාද? මේ පිළිබඳ විවිධ අර්ථකථන ඉදිරිපත් කර තිබෙයි. කෝවියර් යාල්පාන වෙයිපවා මලෙයි කෘතියේ එය කෝවිල් (කෝවිල) යන වචනයට සම්බන්ධ කර දක්වන බව කියවෙයි. අනෙක් අදහස ගොපල්ලන් (Cowherd) බවය. නමුත් ඒවා කිසිත් වාග් විද්‍යාත්මක හෝ ඓතිහාසික මූලාශ්‍ර වලින් ශක්තිමත් සාක්ෂි නොමැතිව ඉදිරිපත් කර ඇති බව පෙනෙයි. නමුත් මෙයින් ද්‍රවිඩ ස්වරූපයෙන් උච්චාරණය කර ඇත්තේ නිශ්ශංකමල්ල රජුගේ ශිලා ලිපියක පවා සඳහන්ව ඇති ගොවි කුලය බව නිසැකවම කිව හැකිය. යාපනය හෙවත් පැරණි උත්තර පස්සහි පදිංචි සිංහලයන් සංකිලි විසින් අති සාහසික ලෙස ඝාතනය කිරීම සහ පලවා හැරී පසු, ඉතිරි පිරිස ද්‍රවිඩකරණයට ලක්වී ගොවි හෙවත් කොවි ස්වරූපයෙන් පරම්පරාගතව ආ බව පෙනෙයි. එහිද නිශ්චිත ස්වරූපයක් නැත කොවියර් කෝවියර් සහ කොවියා යන ස්වරූප තුනකි. කොවියා යන්න ගොවියා යන්නට වඩාත් සමානය. චිකාගෝ විශ්ව විද්‍යාලයේ ප්රකාශනයක මේ අදහස ස්ටැන්ලි ජයරාජා (Stanley Jeyaraja 1992) විසින් තවදුරටත් පැහැදිලි කර ඇත. ඉඩම් හිමිකරු වන කෝවියර් කුලවතුන් ගැන යාපන වංසකතාවේ පවා සඳහන්ව ඇති බව කියවෙයි. දකුණු ඉන්දියාවේ නැති කොවියා කුලය යාපනයේ ඉඩම් හිමියන් වූවා පමණක් නොව වෙල්ලාලවරු සමග විවාහ ගනුදෙනු පැවැත්වූ (Leach E.R. 1971) කුලීන පාර්ශ්වයකි. ටෙලෝ සංවිධානයේ සාමාජිකයන් වැඩි පිරිසක් කෝවියර්වරුන්ගෙන් සැදුම්ලත් බව කියවෙන අතර මොවුන්ගෙන් විශාල පිරිසක් කළු ජූලියෙන් පසුව යුරෝපීය රටවලට සංක්‍රමණය වී සිටිත්. ලන්දේසි යුගය වන විට ලංකාවේ දෙමළ ජනාවාස යාපන අර්ධද්වීපයේ සුළු කොටසකට සහ මඩකළපුවේ පමණක් සීමා වී තිබුණු බව තේසලවමෙයි නීතිය සහ මුක්කුවා නීතිය පැනවීමේ පසුබිම පිළිබිඹු කරයි. තේසවලමෙයි නීතිය (Thesavalamai) යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය පිළිබඳ ලන්දේසීන් (Dutch) විසින් ඇති කරන ලද්දකි. මේ නීතිය යාපනයේ පදිංචි වී සිටි මලබාර්වරු (Malabar Inhabitants) සඳහාම ඇති කරවන ලද්දකි. පාරම්පරිකව ඉඩම් භුක්තිය පවත්වා ගැනීම සීමා කිරීමේ (A person Could give away only the tediatettam) නව නීතියක් ඉන් කියවෙයි. මුක්කුවා නීතිය (Mukkuva Laws) මඩකළපුවේ පදිංචි කරවන ලද දෙමළ ජනතාව උදෙසාම 1707 දී ලන්දේසීන් (Dutch) විසින් පනවන ලදී. මෙම නීති සංග්‍රහය 1876 දී බ්රීටෝ විසින් (C. Brito) The Mukkuva Law නමින් ප්‍රකාශයට පත් කර ඇත. [COLOR="Green"]මෙම නීති පැනවීමේදී රැකවරණයට යෝජිත දෙමළ වැවිලිකරුවන්ගේ උපරිම ව්‍යාප්තිය යාපනය සහ මඩකළපු දිස්ත්‍රික්ක දෙක බව පෙනෙයි. ඉන් කියවෙන්නේ එම ප්‍රදේශවලට අලුත පැමිණි වෙල්ලාලවරු ආක්රමණික ලන්දේසීන්ට උපකාර කර එහි සිංහල බලය පාලනය කිරීමට අවස්ථාව උදාකරගෙන ඇති බව නොවේද? එය ඔවුන්ගේ නිජබිම වී නම් ආක්රමණික යටත් විජිත හිමිවරුන් ලවා භූමියේ අයිතිය තහවුරු කර ගැනීමට තැත් කළේ ඇයි? මේ අන්දමින් මුලින්ම සිංහල මුල් ජනාවාසකරුවන් වෙතින් භූමියේ අයිතිය ලබාගැනීමට දියත් කළ වර්ගවාදය දෙවැනි වතාවේදී තමන්ගේ කුලහීන දෙමළ ජනතාව මත හෙළීමෙන් දුර්දාන්ත කැරැල්ලක් ඇතිවූ ආකාරය මෙයින් විස්තර කෙරෙයි. [/COLOR] ලංකාවේ කුල බයිබලය ලෙස සැලකිය හැකි බ්‍රයිස් රයන් (Bryce Rayan) ගේ Caste in Modern Ceylon නමැති ග්‍රන්ථයේ, රයන් කියා තිබෙන ආකාරයට දහවැනි සියවසේ අවසානයේ පටන් 1925 දක්වා ලංකාවේ පහළ වූ ඉතාම කටුක ගැටුම් පැන නැගුණේ ජනවර්ග අතර නොව විවිධ කුල අතරය. (වික්ටර් අයිවන්, 2017.04.27 රාවය) මෙම අදහස වඩාත් පැහැදිලි කිරීමක නිරත වන විජේදාස රාජපක්ෂ මහතා ආරුමුග නාවලර් ගැන අදහස් දක්වා ඇත්තේ මෙසේය. [COLOR="Red"]ද්‍රවිඩ ජාතික ශාන්තුවරයකු හා වීරයකු ලෙස සලකන ආරුමුග නාවලර් (1822-1879) ගුරුවරයකු ලෙස සේවය කළ යාපනය මහා විද්‍යාලයේ ගුරු සේවයෙන් ඉල්ලා අස් වූයේ එවකට විදුහල්පතිව සිටි පීටර් පර්සිවල් විසින් පහත් කුල දරුවන් එම විද්‍යාලයට ඇතුළු කිරීමට ගත් තීරණය නිසාය. (විජේදාස රාජපක්ෂ 2018 අප්‍රේ. 8 ඉරිදා දිවයින) [/COLOR] මේ අන්දමින් හිංදු පුනර්ජීවන බව කියවෙන ආගමික ව්‍යාපාරයකින් අතිබිහිසුණු කුල ක්‍රමය ශක්තිමත් කර ඇති බව නාවලර් චරිතය පුරා විද්‍යමාන වන්නකි. හේ යාපනයේ කුල ක්‍රමයට පැහැදිලි පැවැත්මක් ඇති කරවන ලදී. බ්‍රිතාන්‍ය පාලනයේ අන්තිම හෝරාවේ පවා මෙවැනි ආගමික පසු තලයකදී සිට වෙල්ලාල කුලය සම්පත් අත්පත් කර ගැනීමට කුලය ආයුධයක් කර ගැනීම අතිබිහිසුණු මුහුණුවරකින් ගෙන ගියෝය. මේ කුල පීඩනය අධ්‍යාපන ක්‍රමයට ද ගෙන ආවෝය. [COLOR="Green"]පොන්නම්බලම් රාමනාදන් 1920 දශකයේ දෙවතාවක් ලන්ඩන් නුවරට ගොස් ලංකාවේ කුල ක්‍රමය නීතිගත කිරීම ඉල්ලීම් කර ඇති බව කියවෙයි. මේ අන්දමින් වෙල්ලාල නායකයන් කුල පීඩනය සෑම අතින්ම ශක්තිමත් කර පවත්වාගෙන යාමට අරගල කර තිබෙයි. ඇත්තෙන්ම දෙමළ දේශපාලනය යනු කුල ක්රමයේ නූතන යාන්ත්‍රණයක් මිස අඩු තරමේ දෙමළ දේශපාලනයක් හෝ නොවීය. කුල බෙදීමේ විෂමතාව නැති කර මිනිස් අයිතීන් යාපනයට බෙදාදීමට තැත් කළ සෑම රජයක් සමගම වෙල්ලාලවරු ගැටුම් ඇති කරගෙන තිබේ. එවැනි වෙනස්කම් යාපනයේ දෙමළ සංස්කෘතිය විනාශ කිරීමක් ලෙස ඔවුන් තේරුම් ගෙන සිටි බව පෙනෙයි. [/COLOR] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f02f77e787.jpg[/IMG] 1929 ජූනි මාසයේ රජයේ පාසල්වල දරුවන්ට සම වරප්‍රසාද පිළිගැන්වීමට එරෙහිව වෙල්ලාලවරු ජන සංහාරයක් දියත් කර තිබේ. රාජ්‍ය නිවේදනය අවලංගු කරන ලෙසද ඉල්ලා සිටියෝය. 1949 දී පළාත් පාලන ඇමැති බණ්ඩාරනායක විසින් යාපනය නගර සභාව මහ නගර සභාවක් බවට පත් කරන්නට යෙදුන විට වෙල්ලාලවරු සැනෙකින් එරෙහි වූයේ සීමාව පළල් කළ විට පීඩිත කුල නියෝජිතයන් ද සභාවට පත්වේය යන අකමැත්තෙන්ය. ඇත්තෙන්ම කතා කොතෙක් කීමට තිබුණද පීඩිත කුලවලට ඇහුම්කන් දෙන්නට කිසිවෙක් යාපනයේ නොවීය. ඔවුන්ගේ සමාජ ප්‍රශ්න වෙල්ලාලවරු කතා නොකළාය. මේ නිසා 1950 දී පහත් කුල නියෝජනය පිණිස කොට්ඨාස දෙකක් යෝජනා කළ විට වෙල්ලාලවරු පිරිවරාගත් යාපනය නගරාධිපතිව සිටි කතිරවේලු පොන්නම්බලම් එම තීරණයට එරෙහි යුද ප්‍රකාශ කරන්නට විය. දෙමළ ජනතාවට ඇත්තම සහනය දෙනවිට දේශපාලන බලවතුන් වැඩ කළ හැටි එසේය. එහි ප්‍රතිඵලය වූයේ ප්රභාකරන්ට පෙරාතුව කුල විරෝධීන් සටන පටන්ගෙන තිබීමයි. ජොවිල් පෝල් හා එම්.සී. සුබ්‍රමනියම් විසින් එක්දහස් නවසිය හැට ගණන්වල කුල පීඩිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධාන පිහිටුවා බලපෑම් කරන්නට විය. නමුත් වෙල්ලාල බලවතුන් ඒවා උපන්ගෙයිම මරා දමන ලද්දේය. තම ඉඩම් හා නිලතල බෙදාගැනීමට කිසිසේත්ම අකමැති විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රඥප්තිය පිළිගැනීම නිසා 1957 අප්‍රේල් මස අංක 27 දරන සමාජ දුබලතා ඉවත් කිරීමේ පනත සම්මත විය. එතැනින් වර්ගවාදයේ බෝම්බය පිපිරවීය. යුද්ධය ඇවිලුනේ එතැනින් බව කීම වරදක් නැත. එනම්, කුලහීන දරුවන්ට පාසල තුළ සම අයිතිය නීත්‍යානුකූල වීම නිසා, ඔවුන්ට කෝවිල් තුළට යාමට අවසර හිමිවීම නිසා, ළිං වලින් වතුර බීමට අවසර හිමිවීම නිසා, කැමති රැකියාවක් කළ හැකි වූ නිසා වෙල්ලාලවරු බණ්ඩාරනායක එරෙහි අරගලය දියත් කළේ සමස්ත දෙමළ විරෝධයක ස්වරූපයෙනි. [COLOR="green"]ෆෙඩරල්වාදයේ න්‍යායාචාර්යවරයා වන සී. සුන්දරලිංගම් 1969 මාවිද්දපුර කෝවිලට වෙල්ලාලයන්ට ඇතුල්වීමට වෙනම ද්වාරයක් හදා, නීච කුල ඇත්තන් කෝවිල මධ්‍යයට පැමිණීම වැළැක්වීමට හරස් බැම්මක් බැඳීම නිසා නිර්ලජ්ජිත කුලහීන කුලීන ගැටුමක් ඇති විය. මේ නිසා නලවාස්, පල්ලර්, පරයා කුලවල අය වැළැක්වීමට කෝවිල වසා දමන ලදී. පනත අනුව සුන්දරලිංගම්ට නඩු දමා රුපියල් 100 ක දඩයක්ද නියම කර ඇත. සුන්දරලිංගම්ගේ වෛරය සිංහල ජනතාවට එල්ලවීමේ වේගය වැඩි වූයේ එතැනින්ය. මේ වන විට පවා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට එරෙහි විරෝධතා උත්සන්න නොවීය. ඔවුන් ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව වී තිබියදී පවා අරගල කිසිත් කර තිබුණේ නැත. සීමිත වෙල්ලාල කල්ලියකට හැර ඉංග්‍රීසි කතා කළ හැකි බහුතර දෙමළ ප්‍රජාවක් වේද? නීච කුල දෙමළුන්ට වෙල්ලාල තත්ත්වයේ වරප්‍රසාද දීම මිස අප කර අැති වෙනත් වරදක් වේද? [/COLOR] ඇත්ත වශයෙන්ම පීඩිත දෙමළ ජනතාවට මානව හිමිකම් ලබාදුන්නේ බණ්ඩාරනායක රජය මීට වසර 50 ට පෙරය. එදා ඊට එරෙහිවූ දෙමළ නායකයන් අද ඉල්ලන මානව හිමිකම කුමක්ද? සමාජ දුබලතා ඉවත් කිරීමේ පනත නිසා ස්වකීය කුල පීඩනය මුදාහැරීමට සෑහෙන පමණක ශක්තියක් ගත් නීචකුල දෙමළ තරුණයන් අහංකාර වෙල්ලාලවරුන්ට එරෙහිව නැගී සිටින්නට පටන් ගත්තේය. ඒ අනුව 1975 ජූලි 27 දින වෙල්ලාල වංශවතෙකු වූ යාපනයේ නගරාධිපති ඇල්ෆර්ඩ් දොරෙයප්පා වෙඩි තබා මරන්නේ පූනාලෙයි හිංදු කෝවිල අභියසදීය. පසුව හෙළිවූයේ මිනීමරුවා ප්රභාකරන් නමැත්තෙකු බවයි. ඔහු මුල පටන්ම මහත්මා ගාන්ධි, නේරු, ආරුමුග නාවලර්, සුන්දරලිංගම්, චෙල්වනායගම්, පොන්නම්බලම් වැනි අය අප්‍රිය කළ වැල්වැටිතුරෙයි ග්‍රාමයේ කරෙයියාර් නම්වූ ධීවර ජන කොට්ඨාසයට අයත් පහත් කුලයක අයෙකි. [COLOR="Magenta"]පහේ පංතියට පමණක් උගත් හේ හොර බඩු හුවමාරු තිප්පලක් වූ වැල්වැටිතුරෙයි හිදී ලද කුල පීඩන තේරුම් ගත්තේ කොළඹ රජය ඇති කරන අසාධාරණයක් ලෙසය. මේ නිසා ඔහු මුලින්ම වෙල්ලාල වංශවතුන් බියවද්දා බලවත් සංවිධානයක් සකස් කරන්නට විය. තවත් වසර 6 කදී ජේ.ආර්. ජයවර්ධන රජයේ බටහිර ගැති පාලනය මෙල්ල කිරීමට ඉන්දිරා ගාන්ධි විසින් උතුරේ සන්නද්ධ කල්ලි ගණනාවකට අවි පුහුණුව දුන්නේය. ආධාරදී උතුරට එවීය.[/COLOR] මේ අන්දමින් හැදී වැඩී ආ ඉන්දියානු කලාපයේ බල අරගලයට ලංකාවේ ඉරණම තීන්දු වී අප මත තිස් අවුරුදු යුද්ධය පැටවිණ. ආයුධ ගත්තා නොව දුන්නාය. කුල පීඩනයේ වෛරය සිංහල ජනතාව වෙත හරවා එව්වේය. මේ නිසා දෙමළ ජනතාවට මානව හිමිකම් ලබාදී, අප කෲර සිවිල් යුද්ධයක් ඇති කරගත්ත ද ලංකාවේ ආණ්ඩු මේ බව පැහැදිලි කිරීමට අසමත් විය. කොටි සංවිධානය තම දරුවන් පැහැරගෙන ළමා සොල්දාදුවන් බවට පත්කර තිබියදී යුද්ධයෙන් මියගිය අය ආපසු ඉල්ලා සිටින්නේ රජයෙන්ය. ළමයින් පැහැරගත් ත්රස්තවාදීන් මගහැර මේ අරගලය කරන්නේ රජයේ පාර්ශ්වය එය පැහැදිලි කිරීමට අසමත් වූ නිසාය. මෙහි ප්‍රතිඵලය වූයේ වරදක් නැතත් ලංකාව වරදකරු කළ බව පිළිගැනීමට පුරුදු කරන්නට විය. දෙමළ ජාතිවාදයට මුහුණ දීමට උපන් සිංහල ජාතිකත්වය ඒ හැම දෙනාගේම ඉලක්කය විය. දැන් අපට වරද පිළිගැනීමට ස්වයං යෝජනා ඇති කරනු ලබන්නේ ගීත වලින්ය. චිත්‍රපට වලින්ය. උද්ඝෝෂණ වලින්ය. ජිනීවා යෝජනා වලින්ය. දෙමළ කුල පීඩනය සහමුලින්ම යටපත් කර, සිංහල බෞද්ධයන් ම්ලේච්ඡ වර්ගවාදීන් බව පුන පුනා ප්‍රචාරය කිරීමට වෙල්ලාලවරු සමත් විය. ඊට පිළිතුරු දීමට යාන්ත්‍රණයක් නොතිබීම නිසා සිංහලයන් හේතු විරහිත වරදකරුවන් වී සිටිත්. බෞද්ධයන් යහපත් කාරුණික ජනතාවකි. හිංදු දෙවිවරු පන්සල්වල පවා වන්දනා කරන නමුත් කිසිදු කෝවිලක බෞද්ධාගමික යැයි කිව හැකි කිසිවක් තිබේද? ශිව, කාලි වැනි විනාශයේ දෙවි දේවතාවන් කෙරෙන් ආවේශ ගන්වනු ලබන දෙමළ සමාජයට වඩා සියලු සත්ත්වයන්ට මෛත්‍රී කිරීමට පුරුදු කරවන බෞද්ධ සමාජය කාරුණික බව සාමාන්‍ය දෙමළ ජනයා අත්විඳින සත්‍යයකි. සිංහලයන් සමග තබා පහත් බව කියන ස්වකීය දෙමළ කුල සමග හෝ කිසිත් මිනිස් සබඳතාවක් පැවැත්වීමට අද පවා සූදානම් නැති වෙල්ලාල දෙමළ සමාජයේ ඇති සංහිඳියාව කුමක්ද? තමිල් අරසුකච්චි පක්ෂය තනිකරම වෙල්ලාල නියෝජනයකින් සැදුම්ලත් සංහිඳියා විරෝධි කුල සංඝටකයකි. නමුත් ඒ දෙමළ දේශපාලනය සෑම අතින්ම සාකච්ඡාවෙන් මගහැර සුදනන් කර සිංහල සමාජය අගතිගාමීවද, පදනම් විරහිතවද වෛරයකට ලක්කරන බව පෙනෙන්නට තිබේ. මේ නිසා සංහිඳියාව සහ වෙල්ලාල කුලයේ හැසිරීම ගැන ආපසු හැරී බැලිය යුතුය. [/COLOR][/B][/SIZE] [SIZE="7"][B][COLOR="Red"] කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom