සක්කිලි වචනයේ ඉතිහාසය..

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,732
    16,515
    113



    සක්කිලි හා ගාල්ල කොටුවේ ඇලි වීදි

    සක්කිලි යන වචනය සිංහල භාෂාවේ භාවිතා කරන්නේ යමකුට අපහාස කිරීමේ අපේක්ෂාවෙනි. අතීතයේ සක්කිලි යනුවෙන් හැඳින්වෙන රැකියාවක් මෙරට දක්නට ලැබිණි.
    ඔවුන්ගේ රාජකාරිය වූයේ නගරයේ ඇති බාල්දි වැසිකිළිවල අපද්‍රව්‍ය ඉවත් කරමින් සෝදා පවිත‍්‍ර කිරීමයි. එදා සක්කිලි ලෙස සේවයේ යෙදී සිටියේ ඉන්දියාවෙන් ගෙන්වන ලද ද්‍රවිඪ කම්කරුවන් පිරිසකි.
    බ්‍රිතාන්‍ය යුගයේ මැද භාගයේ දී මෙරට ක්‍රියාත්මක වූ බාල්දි වැසිකිළි ක‍්‍රමය ගාල්ල, කොළඹ, මහනුවර, යාපනය වැනි ප‍්‍රධාන නගරවල ද දක්නට ලැබිණි. මේ ක‍්‍රමයේ නෂ්ඨාවශේෂ අදට ද ගාල්ල කොටුවේ පැහැදිලිව දක්නට ලැබෙයි.
    බාල්දි වැසිකිළි ක‍්‍රමය මෙරට භාවිතයට ගැනෙන්නේ 1880 වර්ෂයෙන් පසුව බව පැරණි ඉංග්‍රීසි පාලන වාර්තා අනුව පැහැදිලි වේ. ගාල්ල කොටුවේ එතෙක් පැවති ක‍්‍රමය වූයේ කොටුවේ ඇති භූගත කාණු පද්ධතියට වැසිකිළි අපද්‍රව්‍ය යොමුකර තිබීමයි. මේ ක‍්‍රමය හේතුවෙන් මීයන්, කැරපොත්තන් වැනි අපිරිසිදු සතුන් බෝවන බවත් ලෙඩ රෝග පැතිරෙන බවටත් කොටුවේ පදිංචි කරුවන් කරන ලද චෝදනාවක් හේතුවෙන් බ්‍රිතාන්‍ය රජය ගාල්ල කොටුවේ බාල්දි වැසිකිළි ක‍්‍රමය ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.
    ඒ අනුව 1892 වර්ෂයේ දී ගාල්ල කොටුවේ එවකට තිබූ චැන්ඩෝ වීදිය (වර්තමානයේ වික‍්‍රමසිංහ මාවත) වූ නිවාස සඳහා බාල්දි වැසිකිළි ක‍්‍රමය ගාල්ල මහා නගර සභාව මගින් පථම වතාවට හඳුන්වා දෙන ලදී.
    බාල්දි වැසිකිළියක් යනු වැසිකිළි වළ වෙනුවට අපද්‍රව්‍ය එකතු වීමට තරමක් විශාල බාල්දියක් තැබීමයි. සෑම දිනකම නිශ්චිත වේලාවක පැමිණෙන සක්කිලි හෙවත් වැසිකිළි කම්කරුවකු මේ බාල්දිය ඉවත්කොට අළුත් බාල්දියක් එහි තබා යයි. අනතුරුව නගරයේ ඇති වැසිකිළි අපද්‍රව්‍ය යොදන විශාල වළකට බාල්දියේ වූ අපද්‍රව්‍ය බහාලයි.
    ගාල්ල කොටුව විශාල කරමින් වඩාත් සංවිධානාත්මක ව ගොඩනගන ලද්දේ ලන්දේසි ජාතිකයන් විසිනි. ගාල්ලේ නරග සැළැස්ම වූයේ එකිනෙක සෘජුව විහිදෙන මාර්ග පද්ධතියකින් කොටු වූ යාබදව ගොඩනැගුණු ඕලන්ද යුගයේ නිවාස පද්ධතියක් පිහිටා තිබීමයි. මේ නිවාස පද්ධතිය මැද භූමිය හිස් ඉඩක් විවේක ස්ථාන, ළිඳ මේ හිස් භූමියේ පැවතිණි. නිවෙස්හි වැසිකිළියේ අපද්‍රව්‍ය භූගත කාණු පද්ධතියට සෘජුව යොමුකර තිබුණෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුවක් වූයේ ද නැත.
    බ්‍රිතාන්‍ය යුගයේ දී බාල්දි වැසිකිළි ක‍්‍රමය හඳුන්වාදෙන අවස්ථාවේ විශාලත ම ගැටළුව වූයේ බාල්දි රැගත් කම්කරුවන්ට නිවෙස් ඇතුළට ගොස් අපද්‍රව්‍ය රැගෙන ආපසු පැමිණීමයි. මේ සඳහා බ්‍රිතාන්‍යයෝ නව වීදි ක‍්‍රමයක් ස්ථාපිත කළහ. ඇතැම් ස්ථානලින් ගොඩනැගිලි බිත්ති කඩමින් හා තවත් තැනක දී හිස් අවකාශයන් භාවිතා කරමින් ඔවුහු එක් එක් ස්ථානවලින් ඇලි වීදි සැකසූහ. ඉතා පටු මාවතක් වූ මේ ඇලි වීදි සක්කිලි කම්කරුවන්ට නිවෙස් වෙත නව වැසිකිළි බාල්දියක් තබා අපද්‍රව්‍ය සහිත බාල්දිය ඉවතට රැගෙන යාම සඳහා ප‍්‍රමාණවත් විය.
    ඇතැම් කම්කරුවන් එකතුකර ගන්නා අපද්‍රව්‍ය නියමිත ස්ථානයට ගෙනගොස් නොදමා නගරයේ තැන තැන දමා යාමෙන් දඬුවම් දුන් අවස්ථා පිළිබඳව ද බ්‍රිතාන්‍ය යුගයේ වාර්තාවන්හි දැක්වේ. අද එවැනි කම්කරුවන් හෝ බාල්දි වැසිකිළි ක‍්‍රමයක් නැත. එසේ වුව ද බාල්දි වැසිකිළි අපද්‍රව්‍ය ගැනීමට ගොඩනැගුණු ඇලි වීදි රැසක් තවමත් ගාල්ල කොටුවේ දක්නට ලැබෙයි.
    ඕලන්ද පාලන කාලයේ ගොඩනැගුණු නිවාස රැසකින් සමන්ත ගාල්ල කොටුවේ පැරණි ගෘහ නිර්මාණ ලක්ෂණ හේතුවෙන් ම එය ලෝක උරුමයක් බවට පත්කැර ඇත. ඕලන්ද පාලනයෙන් පසු බ්‍රිතාන්‍ය පාලනයේ දී ඇතිවූ වෙනස් කම් වෙනස් ලක්ෂණ සහිත ගෘහ නිර්මාණවලට අමතරව ඇලි වීදි සමූහයත් ගාල්ල කොටුවේ අධිරාජ්‍ය පාලන යුග දෙකක නෂ්ඨාවශේෂ නිහඬව කියාපාන සාධකයන්ය.
    එහෙත් ගාල්ල කොටුවේ තැනින් තැන පිහිටා ඇති අක‍්‍රමවත්ව තැනූ පටු මාර්ග වැසිකිළි අපද්‍රව්‍ය ගෙන යාමට තැනූ ඇලි වීදි බව බොහෝ දෙනකු දන්නේ නැත. දැන් ඒ මාර්ගවලින් ඇතැම් ඒවා නිවෙස්වලට යාමට ප‍්‍රයෝජනයට ගන්නා අතර ඇතැම් ඇලි වීදි කැළි කසළ දමා අපිරිසිදු තත්ත්වයට පත්ව ඇත.
    යුරෝපීය නගර නිර්මාණයේ තවත් එක් ලක්ෂණයක් වූ ඇලි වීදි අනාගතය වෙනුවෙන් ද ආරක්ෂා කැර ගත යුතුය.
    (මේ ඡායාරූපයේ දැක්වෙන්නේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ අබේගුණවර්ධන වලව්ව නමින් හැඳින්වෙන කොටසට දැන් පිවිසුම් මාර්ගයක් ලෙස භාවිතා කරන ඇලි වීදියකි. මෙය තරුණ බෞද්ධ සමිති ගොඩනැගිල්ලට යාබදව පිහිටා ඇත.)
    උපුටා ගන්නේ නම් කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න. මෙවැනි ලිපි දිගටම කියවීමට මගේ Sajeewa Wijeweera පිටුවට Like එකක් දාන්නත් අමතක කරන්න එපා.


    හාමුගෙ කක්කා බාල්දි අදින උන් = @shenat, @Bitter Truth , @2osama, @monson
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,972
    13,508
    113
    35
    Spain
    සක්කිලියෙක් තමන්ගෙ පරපුර ගැන ත්‍රෙඩ් එකක් දාලා 😎
    ඇයි බන් එහෙම අපහාස කලේ? මේක හොඳ පොස්ට් එකක් නේ? අපි පොඩි කාලේ හිටියේ දෙහිවල ගෙදරක. තාත්තා කියල තියෙනවා තාත්තා පොඩි කාලේ ඒ ගෙදර තිබ්බේ ඔහොම සිස්ටම් එකක් කියල.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,237
    8,597
    113
    "Alborada" Movie Trailer 2021 - Asoka Handagama

    meketh oya caste eke girl kenekta love karana pirimiyek gena thiyenne. eth complete story eeta wada wenas.


    "Alborada" Movie Trailer 2021 - Asoka Handagama

    meketh oya caste eke girl kenekta love karana pirimiyek gena thiyenne. eth complete story eeta wada wenas.

    @Kalegana me film eka torrent hoyagnna thiyeida?
    ------ Post added on Nov 19, 2025 at 1:27 PM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    sakkiliyar කියන්නෙ ඉංදියාවෙ කුලහීන ජන කොට්ඨාශයක් Dalits තමිල්නාඩු ප්‍රාන්තයේ, ආන්ද්‍රා ප්‍රදේශයේ සහ තෙලඟනා ප්‍රදේශවල තමයි ඔවුන් වැඩිපුර වාසය කරන්නෙ. ඔවුන් ප්‍රධාන වශයෙන්ම සම් කර්මාන්තයේ යෙදිල හිටපු අය, එහෙත් ඔවුන් ඉතාම අඩු කුලයක් ලෙස සැලකූ නිසා වෙනත් අය නොකරන දුශ්කර හා අප්‍රසන්න කටයුතුවලට ඔවුන් යොදවනු ලබනව.
    සුද්දො වැසිකිළි ක්‍රම හැදුවත් ඒව සුද්දකරන්න ලාංකිකයො එන්නෙ නෑ ඒ නිසා තමයි ඔවුන්ව ගෙන්වල තියෙන්නෙ. ඕක කිව්වෙ නම් අපේ සිංහල ගුරුවරයෙක්.
    තව ඔවුන්ගෙ පුරුද්දක් තමා මත්පැන් පානය කිරීම, හා වැඩි ශබ්දයකින් කෑ කෝ ගැසීම, විශේෂයෙන් පඩි ලැබුනහම, ඕක නිසා තමයි ''සක්කිලි පඩි ගත්තා වගේ'' කියල කතාවක් හැදිලා තියෙන්නෙ.
    ඒ වගේම ඔවුන් ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව ඔවැනි කටයුතුවල යෙදී සිටී බවට සාධක තියනව වගේම ඔවුන්ගේ පරම්පරාව දැනටත් ඉන්නව.
     
    Last edited:
    • Wow
    Reactions: ozykolla