Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සචින් තෙන්දුල්කාර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සචින් තෙන්දුල්කාර්

ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරගවලදී ශතක 100 කඩඉමට ළඟා වූ ලොව ප්‍රථම පිතිකරුවා සචින් තෙන්දුල්කාර්

මතකයෙන් නොමැකෙන තරු

ලොව බිහි වූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන් අතළොස්ස අතර ඔහුටද හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. 2013 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට මෙම ක්‍රීඩකයා ටෙස්ට් ක්‍රිකට් තරග 200කට, ජාත්‍යන්තර එක්දින තරග 463කට, එක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට, අයිපීඑල් තරග 78කට, චැම්පියන් ලීග් තරග 13කට සහ පළමු පෙළ තරග 310කට සහභාගී වී තිබිණි. මිතුරන් අතර ටෙන්ඩ්ල්යා ලෙසද, ක්‍රිකට් විචාරකයන් අතර මාස්ටර් බ්ලාස්ටර් නැතිනම් ලිට්ල් මාස්ටර් ලෙසද ප්‍රකට ඔහු ඉන්දියාවේ සචින් රමේෂ් තෙන්දුල්කාර්ය.

ටෙස්ට් ක්‍රිකට් තරග මෙන්ම එක්දින තරගවලින්ද වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් ලොව එකම ක්‍රීඩකයා සචින්ය. ඔහු ටෙස්ට් ලකුණු 15,921කට හිමිකම් කියන අතර රැස් කර ගෙන ඇති එක්දින ලකුණු සංඛ්‍යාව 18,426කි. පළමු පෙළ තරගවලින් ලකුණු 25,396ක් ඔහු රැස් කර තිබේ. සචින්ගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍යය 53.78ක් වන අතර එක් දින තරගවලදී එය 44.83ක් වේ. ඔහු ටෙස්ට් ද්විත්ව ශතක 6ක්, ශතක 51ක් හා අර්ධ ශතක 68ක්ද, එක් දින ද්විත්ව ශතකයක්, ශතක 49ක් හා අර්ධ ශතක 96ක්ද රැස්කර තිබේ.

ඉන්දීය කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවකු වූ සචින් දකුණත් පිතිකරුවෙකි. අඩි 5 අඟල් 5ක් උස මේ ක්‍රීඩකයා පිතිකරණයට අමතරව දකුණත් පිට දඟ පන්දු, පා දඟ පන්දු සහ ගුග්ලි පන්දු යවන්නකු ලෙස පිටියේ දස්කම් පෑවේය. ඔහුගේ ගිණුමට ටෙස්ට් කඩුලු 46ක් සහ එක්දින කඩුළු 154ක් බැර වී ඇති අතර එක්දින තරගවලදී ඉනිමක කඩුළු 5 බැගින් ලබා ගත් අවස්ථා ගණන 2කි.

1989 නොවැම්බර් 15 දින පාකිස්තානය සමඟ සිය මංගල ටෙස්ට් තරගයට මුහුණ දුන් සචින්, 2013 නොවැම්බර් 13 වැනි දින බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ සිය අවසන් තරගය වූ 200 වැනි ටෙස්ට් තරගයට සහභාගි විය. සචින් ලබා ඇති වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව නොදැවී 248කි. ඔහු එම වාර්තාව පිහිටුවනු ලැබුවේ 2004 බංග්ලාදේශය සමඟ පැවැති තරගයේදීය.

ඔහු සහභාගී වූ පළමු එක් දින තරගය 1989 දෙසැම්බර් 18 වැනි දා පැවැත්වුණු අතර අවසන් එක්දින තරගය 2012 මාර්තු 18 පැවැත්විණි. එක් දින තරග සඳහා ඔහුගේ අංකය වූයේ අංක 10යි. සචින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවලට සහභාගී වී ඇත්තේ එක් වරක් පමණි. ඒ 2006 දෙසැම්බර් 1 වැනි දින දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගයටය. ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරගවලදී ශතක 100 කඩඉමට ළඟා වූ ලොව ප්‍රථම පිතිකරුවා වූයේ සචින් තෙන්දුල්කාර්ය. 2012 මාර්තු මස බංග්ලාදේශයට එරෙහිව ලකුණු 114 ලබා ගනිමින් ඔහු එම සීමාවට ළඟා විය. සචින් තම ප්‍රථම ශතකය වාර්තා වූයේ 1990දී එංගලන්තයේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදීය. ඔහු එහිදී නොදැවී ලකුණු 119ක් රැස්කර ගැනීමට සමත් විය. ටෙස්ට් ක්‍රීඩා කරන සියලු රටවලට එරෙහිව ශතක වාර්තා කරනු ලැබ ඇති සචින්, ඒ සියලු රටවලට එරෙහිව ලකුණු 150 ඉක්මවා රැස්කරන ලද දෙවැනි ක්‍රීඩකයාද වේ.

සචින්ගේ ප්‍රථම එක්දින ශතකය වාර්තා වූයේ එක් දින තරග 79කට ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය. ඔහුගේ පළමු එක්දින ශතකය 1994දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලද අතර එක් දින තරගයක ද්විත්ව ශතකයක් ලද ප්‍රථම ක්‍රීඩකයා වන්නේද තෙන්දුල්කාර්ය. ලකුණු 90ත් 99ත් අතර රැස්කර සිටියදී 18 වතාවක් දැවී ගොස් ඇති තෙන්දුල්කාර් 17 වතාවක් ලකුණු 80ත් 89ත් අතර රැස් කොට තිබියදී දැවී යාමට හසු වී තිබේ.

1973 අප්‍රේල් 24 දා බොම්බායේ දී උපත ලද සචින්ගේ පියා රමේෂ් තෙන්දුල්කාර්ය. ඔහු මහරාශ්ට්රයේ සුප්‍රකට මරාති ලේඛකයෙකි. මව රාජිනී රක්ෂණ ක්ෂේත්රයට සම්බන්ධ රැකියාවක නිරත කාන්තාවක විය. රමේෂ් තෙන්දුල්කාර්ගේ ප්‍රියතම ගායකයා හා සංගීතඥයා වූයේ බෙංගාලි ජාතික සචින් දේව් බර්මන්ය (සංගීතඥ ආර්.ඩී. බර්මන්ගේ පියා). එම සංගීතඥයා සිහිවීම පිණිස ඔහු තම බාල පුත්‍රයාට සචින් ලෙස නම් තැබීය. සචින්හට තම පියාගේ ප්‍රථම විවාහයේ නිතින් හා අජිත් නමින් සොහොයුරන් දෙදෙනෙක් හා සවිතා නමින් සොහොයුරියක සිටී.

ළමා වියේදී සචින් නිතර පාසල් මිතුරන්ගේ හිරිහැරවලට ලක් විය. තමාට හිරිහැර කළ සිසුන් සමඟ ඔහු ඉඳහිට ගුටිබැටද හුවමාරු කර ගත්තේය. කුඩා කල ටෙනිස් ක්‍රීඩාවට දැඩි කැමැත්තක් දැක් වූ සචින්ගේ වීරයා වූයේ ජෝන් මැකන්රෝ නම් ලෝක පූජිත ටෙනිස් ක්‍රීඩකයාය. තම බාල සොහොයුරා පාසලේදී මුහුණ දෙන හිරිහැරවලින් බේරා ගැනීම සඳහා ඔහුගේ වැඩිමහලු සොහොයුරු අජිත්, 1984දී සචින් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීමට උත්සාහ කළේය. ඔහු සුප්‍රකට ඉන්දියානු ක්‍රිකට් පුහුණුකරුවකු වූ රාමකාන්ත් අච්රෙකාර් වෙතට තම සොහොයුරා කැඳවාගෙන ගියේ එහෙයිනි. එහෙත් සචින්ට පුහුණුකරුගේ අවධානය දිනා ගැනීමට නොහැකි විය. තම සොහොයුරාට අවස්ථාවක් ලබා දෙන ලෙසට අජිත් කළ ඉල්ලීම ඉවත දැමිය නොහැකි වූ රාමකාන්ත් ඔහුට පුහුණුව ලබා දීමට එකඟ විය. අජිත් සචින්ට වඩා දස වසරකින් වැඩිමහලු වූ අතර සචින්ගේ ක්‍රීඩා ජීවිතයට විශාල බලපෑමක් කළ පවුලේ සාමාජිකයා වූයේ ඔහුය.

කල් ගතවත්ම සචින් පුහුණුකරුගේ සිත් දිනා ගැනීමට සමත් වෙමින් දක්ෂතා ප්‍රකට කරන්නට විය. දාදාර් ප්‍රදේශයේ දක්ෂතම පාසල් ක්‍රිකට් කණ්ඩායම සිටියේ ශාරදාෂ්රම් විද්‍යාමන්දිර් ඉංග්‍රීසි උසස් පාසලේය. එම පාසල අති දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහි කිරීම පිළිබඳව කීර්තියක් ඉසිලීය. රාමකාන්ත් සචින්හට එම විද්‍යාලයට ඇතුළු වන ලෙසට දිරිමත් කළේය. තෙන්දුල්කාර් අධ්‍යාපනය ලැබුවේ බන්ද්‍රාහි ඉන්දියානු අධ්‍යාපන සංගමයට අයත් ඉංග්‍රීසි පාසලකය. ඔහු දිනපතා උදය වරුවේත්, සවස් වරුවේත් රාමකාන්ත් යටතේ පුහුණු විය. ඇතැම් දිනවල කඩුල්ල මත රුපියලේ කාසියක් තබන රාමකාන්ත් කවුරුන් හෝ පන්දු යවන්නකු සචින්ගේ කඩුල්ල දවා ගතහොත් ඔහුට එම රුපියල හිමි වන බවට කියා සිටියේය. කිසිවකුට ඔහු දවා ගත නොහැකි වූ අතර රුපියල හිමි වූයේ තෙන්දුල්කාර්ටය. තෙන්දුල්කාර් සතුව රුපියලේ කාසි 13ක් ඇති අතර අදටද ඔහු ඒවා තමා ලද වටිනාම ත්‍යාග ලෙස සලකා ආරක්ෂා කරගෙන සිටී.

ශාරදාෂ්රම් විද්‍යාමන්දිර් ඉංග්‍රීසි උසස් පාසලේ ක්‍රිකට් කණ්ඩායමට එක් වූ සචින් ප්‍රදේශයේ ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය තරුවක් විය. පාසල් ක්‍රිකට්වලට අමතරව ජෝන් බ්‍රයිට් ක්‍රීඩා සමාජයටද ඔහු ක්‍රීඩා කළේය. වයස අවුරුදු 14දී මදුරාසි වේග පන්දු පුහුණු ඇකඩමියට එක්වූයේ වේග පන්දු යවන්නකු ලෙස පුහුණුව ලැබීම සඳහාය. එහි පුහුණුකරුවකු වූයේ ලෝක ප්‍රකට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නකු වූ ඩෙනිස් ලිලීය. ලිලී සචින්ගේ වේග පන්දු පිළිබඳව සෑහීමට පත් නොවූ හෙයින් සචින්ට පැවසුවේ පිතිකරුවකු ලෙස ඔහුගේ හැකියාවන් වර්ධනය කර ගන්නා ලෙසටය.

පිතිකරණය වෙත යොමු වූ සචින්ට ඉන්දියාවේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් තමා සතු සැහැල්ලු පා ආවරණ යුගලක් තෑගි කළේය. “ගවස්කාර්ගේ ත්‍යාගය මගේ ජීවිතයට විශාල බලපෑමක් හා දිරියක් ලබාදුන්නා” යනුවෙන් සචින් ප්‍රකාශ කළේ ඉන් වසර 20කට පසු ගවස්කාර් තබා තිබූ ටෙස්ට් ශතක 34රේ වාර්තාව බිඳ දමන ලද අවස්ථාවේදීය. එම පා ආවරණ යුගලය සචින් පුහුණු සැසියකට සහභාගී වූ අවස්ථාවක කිසිවකු විසින් සොරකම් කරනු ලැබ තිබිණි.

1987දී රංජි කුසලාන තරගාවලිය සඳහා බොම්බාය නියෝජනය කිරීමට සචින් තෝරා ගැනුණද එකදු තරගයකට හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූයේ නැත. 1988 දෙසැම්බරයේ ඔහුට බොම්බාය කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව සැලසිණි. ගුජරාටයට එරෙහිව පැවැති පළමු තරගයේදී නොදැවී ශතකයක් ලබා ගනිමින් තම ස්ථානය තහවුරු කර ගැනීමට සචින් සමත් විය. පළමු පන්තියේ ක්‍රිකට් තරගයකට පළමු වරට මුහුණ දෙමින් ශතකයක් ලද ළාබාලතම ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එකතු වන්නට ඔහුට හැකි විය.

1992දී සචින්ට එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ අතර එවක 19 හැවිරිදි වූ ඔහු යෝක්ෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කළ පළමු විදේශික ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත විය. යෝක්ෂයර් කණ්ඩායම සමඟ තරග 16කට සහභාගී වූ අතර ලකුණු 1070 රැස් කළේය.

1989 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු සංචාරය සඳහා සචින් තෝරා ගැනිණි. ඔහු ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගී වන විට ඔහුගේ වයස අවුරුදු 16ක් විය. ප්‍රථම තරගයේදී ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 15ක් පමණි. ඔහු වකාර් යුනිස්ගේ පන්දුවකට දැවී ගියේය. එතැනින් ආරම්භ වූ සචින්ගේ ක්‍රීඩා දිවිය නිම වන විට ඔහු ටෙස්ට් හා එක්දින තරග 664කට සහභාගී වී ලකුණු 34,357ක් රැස්කරගෙන තිබිණි.

සචින් ක්‍රීඩා සමාජ කීපයකට ක්‍රීඩා කළේය. ඒ අතර ඉන්දියානු ක්‍රිකට් සමාජය, මුම්බායි ක්‍රිකට් සමාජය, යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රීඩා සමාජය, මුම්බායි ඉන්ඩියන් සහ මෙරිලෙබෝන් ක්‍රිකට් සමාජය ප්‍රධාන වේ.

සචින් 1995දී ළමාරෝග පිළිබද වෛද්‍යවරියක වූ අංජලී සමඟ විවාහ වන විට ඔහුගේ වයස අවුරුදු 22කි. ඔවුනට සාරා නමින් දියණියක හා අර්ජුන් නමින් පුත්‍රයෙක් සිටී. හින්දු භක්තිකයකු වන සචින් සතුව ‘තෙන්ඩුල්කාර්’ සහ ‘සචින්’ නමින් අවහල් දෙකක් තිබේ. ෆෝබ්ස් සඟරාවට අනුව ලොව සිටින 51 වැනි ධනවතා ඔහුය. 2013 වසරේ ඔහු ඉපයූ ආදායම ඩොලර් මිලියන 22කි. ඔහු සතු සමස්ත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 160ක් වන අතර ඉන්දියාවේ සිටින ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සැලකේ.

2012දී ඉන්දීය ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තෙන්දුල්කාර් ඉන්දීය රාජ්‍ය සභාවට පත් කෙරිණි. ක්‍රියාකාරී ක්‍රීඩකයකු එයට තෝරා ගැනුණු පළමු අවස්ථාව එය විය.

සෑම වසරකම මුම්බායේ අඩු ආදායම් ලබන පවුල්වල දරුවන් 200 දෙනකු වෙනුවෙන් අනුග්‍රහය දක්වන සචින් පිළිකා රෝගීන් සඳහාද අරමුදලක් පිහිටුවා තිබේ. රට පුරා ඇති පාසල් 140කට මූලික පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමටද ඔහු කටයුතු කරයි.

අර්ජුන සම්මානය, රජිව් ගාන්ධි කෙහෙල් රත්න සම්මානය, පද්ම ශ්‍රී සම්මානය, මහරාශ්ට්ර භූෂණ සම්මානය, පද්ම විභූෂණ සම්මානය හා ඉන්දියානු පුරවැසියකු ලැබිය හැකි ඉහළම සම්මානය වන භාරත රත්න යන ජාතික සම්මානවලින් හා තවත් සම්මාන 17කින් සචින් තෙන්දුල්කාර් පිදුම් ලබා තිබේ.

ඉන්දියාව විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ නිජබිම වේ. එය ලොවට දායාද කළ ක්‍රීඩකයන් අතුරින් සචින් තෙන්දුල්කාර් නාමය සදානුස්මරණීයය.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

[QUOTE="araki, post: 23159088, member: 360239"] [b]සචින් තෙන්දුල්කාර්[/b] [B][SIZE=5]ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරගවලදී ශතක 100 කඩඉමට ළඟා වූ ලොව ප්‍රථම පිතිකරුවා සචින් තෙන්දුල්කාර්[/SIZE][/B] [SIZE=5][/SIZE] [COLOR=#B22222][B][SIZE=5]මතකයෙන් නොමැකෙන තරු[/SIZE][/B][/COLOR] [SIZE=5][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c21439f908.jpg[/IMG]ලොව බිහි වූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන් අතළොස්ස අතර ඔහුටද හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. 2013 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට මෙම ක්‍රීඩකයා ටෙස්ට් ක්‍රිකට් තරග 200කට, ජාත්‍යන්තර එක්දින තරග 463කට, එක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට, අයිපීඑල් තරග 78කට, චැම්පියන් ලීග් තරග 13කට සහ පළමු පෙළ තරග 310කට සහභාගී වී තිබිණි. මිතුරන් අතර ටෙන්ඩ්ල්යා ලෙසද, ක්‍රිකට් විචාරකයන් අතර මාස්ටර් බ්ලාස්ටර් නැතිනම් ලිට්ල් මාස්ටර් ලෙසද ප්‍රකට ඔහු ඉන්දියාවේ සචින් රමේෂ් තෙන්දුල්කාර්ය.[/B] ටෙස්ට් ක්‍රිකට් තරග මෙන්ම එක්දින තරගවලින්ද වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් ලොව එකම ක්‍රීඩකයා සචින්ය. ඔහු ටෙස්ට් ලකුණු 15,921කට හිමිකම් කියන අතර රැස් කර ගෙන ඇති එක්දින ලකුණු සංඛ්‍යාව 18,426කි. පළමු පෙළ තරගවලින් ලකුණු 25,396ක් ඔහු රැස් කර තිබේ. සචින්ගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍යය 53.78ක් වන අතර එක් දින තරගවලදී එය 44.83ක් වේ. ඔහු ටෙස්ට් ද්විත්ව ශතක 6ක්, ශතක 51ක් හා අර්ධ ශතක 68ක්ද, එක් දින ද්විත්ව ශතකයක්, ශතක 49ක් හා අර්ධ ශතක 96ක්ද රැස්කර තිබේ. [/SIZE] [SIZE=5]ඉන්දීය කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවකු වූ සචින් දකුණත් පිතිකරුවෙකි. අඩි 5 අඟල් 5ක් උස මේ ක්‍රීඩකයා පිතිකරණයට අමතරව දකුණත් පිට දඟ පන්දු, පා දඟ පන්දු සහ ගුග්ලි පන්දු යවන්නකු ලෙස පිටියේ දස්කම් පෑවේය. ඔහුගේ ගිණුමට ටෙස්ට් කඩුලු 46ක් සහ එක්දින කඩුළු 154ක් බැර වී ඇති අතර එක්දින තරගවලදී ඉනිමක කඩුළු 5 බැගින් ලබා ගත් අවස්ථා ගණන 2කි. [/SIZE] [SIZE=5]1989 නොවැම්බර් 15 දින පාකිස්තානය සමඟ සිය මංගල ටෙස්ට් තරගයට මුහුණ දුන් සචින්, 2013 නොවැම්බර් 13 වැනි දින බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ සිය අවසන් තරගය වූ 200 වැනි ටෙස්ට් තරගයට සහභාගි විය. සචින් ලබා ඇති වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව නොදැවී 248කි. ඔහු එම වාර්තාව පිහිටුවනු ලැබුවේ 2004 බංග්ලාදේශය සමඟ පැවැති තරගයේදීය. [/SIZE] [SIZE=5]ඔහු සහභාගී වූ පළමු එක් දින තරගය 1989 දෙසැම්බර් 18 වැනි දා පැවැත්වුණු අතර අවසන් එක්දින තරගය 2012 මාර්තු 18 පැවැත්විණි. එක් දින තරග සඳහා ඔහුගේ අංකය වූයේ අංක 10යි. සචින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවලට සහභාගී වී ඇත්තේ එක් වරක් පමණි. ඒ 2006 දෙසැම්බර් 1 වැනි දින දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගයටය. ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරගවලදී ශතක 100 කඩඉමට ළඟා වූ ලොව ප්‍රථම පිතිකරුවා වූයේ සචින් තෙන්දුල්කාර්ය. 2012 මාර්තු මස බංග්ලාදේශයට එරෙහිව ලකුණු 114 ලබා ගනිමින් ඔහු එම සීමාවට ළඟා විය. සචින් තම ප්‍රථම ශතකය වාර්තා වූයේ 1990දී එංගලන්තයේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදීය. ඔහු එහිදී නොදැවී ලකුණු 119ක් රැස්කර ගැනීමට සමත් විය. ටෙස්ට් ක්‍රීඩා කරන සියලු රටවලට එරෙහිව ශතක වාර්තා කරනු ලැබ ඇති සචින්, ඒ සියලු රටවලට එරෙහිව ලකුණු 150 ඉක්මවා රැස්කරන ලද දෙවැනි ක්‍රීඩකයාද වේ. [/SIZE] [SIZE=5]සචින්ගේ ප්‍රථම එක්දින ශතකය වාර්තා වූයේ එක් දින තරග 79කට ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය. ඔහුගේ පළමු එක්දින ශතකය 1994දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලද අතර එක් දින තරගයක ද්විත්ව ශතකයක් ලද ප්‍රථම ක්‍රීඩකයා වන්නේද තෙන්දුල්කාර්ය. ලකුණු 90ත් 99ත් අතර රැස්කර සිටියදී 18 වතාවක් දැවී ගොස් ඇති තෙන්දුල්කාර් 17 වතාවක් ලකුණු 80ත් 89ත් අතර රැස් කොට තිබියදී දැවී යාමට හසු වී තිබේ. [/SIZE] [SIZE=5]1973 අප්‍රේල් 24 දා බොම්බායේ දී උපත ලද සචින්ගේ පියා රමේෂ් තෙන්දුල්කාර්ය. ඔහු මහරාශ්ට්රයේ සුප්‍රකට මරාති ලේඛකයෙකි. මව රාජිනී රක්ෂණ ක්ෂේත්රයට සම්බන්ධ රැකියාවක නිරත කාන්තාවක විය. රමේෂ් තෙන්දුල්කාර්ගේ ප්‍රියතම ගායකයා හා සංගීතඥයා වූයේ බෙංගාලි ජාතික සචින් දේව් බර්මන්ය (සංගීතඥ ආර්.ඩී. බර්මන්ගේ පියා). එම සංගීතඥයා සිහිවීම පිණිස ඔහු තම බාල පුත්‍රයාට සචින් ලෙස නම් තැබීය. සචින්හට තම පියාගේ ප්‍රථම විවාහයේ නිතින් හා අජිත් නමින් සොහොයුරන් දෙදෙනෙක් හා සවිතා නමින් සොහොයුරියක සිටී. [/SIZE] [SIZE=5]ළමා වියේදී සචින් නිතර පාසල් මිතුරන්ගේ හිරිහැරවලට ලක් විය. තමාට හිරිහැර කළ සිසුන් සමඟ ඔහු ඉඳහිට ගුටිබැටද හුවමාරු කර ගත්තේය. කුඩා කල ටෙනිස් ක්‍රීඩාවට දැඩි කැමැත්තක් දැක් වූ සචින්ගේ වීරයා වූයේ ජෝන් මැකන්රෝ නම් ලෝක පූජිත ටෙනිස් ක්‍රීඩකයාය. තම බාල සොහොයුරා පාසලේදී මුහුණ දෙන හිරිහැරවලින් බේරා ගැනීම සඳහා ඔහුගේ වැඩිමහලු සොහොයුරු අජිත්, 1984දී සචින් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීමට උත්සාහ කළේය. ඔහු සුප්‍රකට ඉන්දියානු ක්‍රිකට් පුහුණුකරුවකු වූ රාමකාන්ත් අච්රෙකාර් වෙතට තම සොහොයුරා කැඳවාගෙන ගියේ එහෙයිනි. එහෙත් සචින්ට පුහුණුකරුගේ අවධානය දිනා ගැනීමට නොහැකි විය. තම සොහොයුරාට අවස්ථාවක් ලබා දෙන ලෙසට අජිත් කළ ඉල්ලීම ඉවත දැමිය නොහැකි වූ රාමකාන්ත් ඔහුට පුහුණුව ලබා දීමට එකඟ විය. අජිත් සචින්ට වඩා දස වසරකින් වැඩිමහලු වූ අතර සචින්ගේ ක්‍රීඩා ජීවිතයට විශාල බලපෑමක් කළ පවුලේ සාමාජිකයා වූයේ ඔහුය. [/SIZE] [SIZE=5]කල් ගතවත්ම සචින් පුහුණුකරුගේ සිත් දිනා ගැනීමට සමත් වෙමින් දක්ෂතා ප්‍රකට කරන්නට විය. දාදාර් ප්‍රදේශයේ දක්ෂතම පාසල් ක්‍රිකට් කණ්ඩායම සිටියේ ශාරදාෂ්රම් විද්‍යාමන්දිර් ඉංග්‍රීසි උසස් පාසලේය. එම පාසල අති දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහි කිරීම පිළිබඳව කීර්තියක් ඉසිලීය. රාමකාන්ත් සචින්හට එම විද්‍යාලයට ඇතුළු වන ලෙසට දිරිමත් කළේය. තෙන්දුල්කාර් අධ්‍යාපනය ලැබුවේ බන්ද්‍රාහි ඉන්දියානු අධ්‍යාපන සංගමයට අයත් ඉංග්‍රීසි පාසලකය. ඔහු දිනපතා උදය වරුවේත්, සවස් වරුවේත් රාමකාන්ත් යටතේ පුහුණු විය. ඇතැම් දිනවල කඩුල්ල මත රුපියලේ කාසියක් තබන රාමකාන්ත් කවුරුන් හෝ පන්දු යවන්නකු සචින්ගේ කඩුල්ල දවා ගතහොත් ඔහුට එම රුපියල හිමි වන බවට කියා සිටියේය. කිසිවකුට ඔහු දවා ගත නොහැකි වූ අතර රුපියල හිමි වූයේ තෙන්දුල්කාර්ටය. තෙන්දුල්කාර් සතුව රුපියලේ කාසි 13ක් ඇති අතර අදටද ඔහු ඒවා තමා ලද වටිනාම ත්‍යාග ලෙස සලකා ආරක්ෂා කරගෙන සිටී. [/SIZE] [SIZE=5]ශාරදාෂ්රම් විද්‍යාමන්දිර් ඉංග්‍රීසි උසස් පාසලේ ක්‍රිකට් කණ්ඩායමට එක් වූ සචින් ප්‍රදේශයේ ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය තරුවක් විය. පාසල් ක්‍රිකට්වලට අමතරව ජෝන් බ්‍රයිට් ක්‍රීඩා සමාජයටද ඔහු ක්‍රීඩා කළේය. වයස අවුරුදු 14දී මදුරාසි වේග පන්දු පුහුණු ඇකඩමියට එක්වූයේ වේග පන්දු යවන්නකු ලෙස පුහුණුව ලැබීම සඳහාය. එහි පුහුණුකරුවකු වූයේ ලෝක ප්‍රකට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නකු වූ ඩෙනිස් ලිලීය. ලිලී සචින්ගේ වේග පන්දු පිළිබඳව සෑහීමට පත් නොවූ හෙයින් සචින්ට පැවසුවේ පිතිකරුවකු ලෙස ඔහුගේ හැකියාවන් වර්ධනය කර ගන්නා ලෙසටය. [/SIZE] [SIZE=5]පිතිකරණය වෙත යොමු වූ සචින්ට ඉන්දියාවේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් තමා සතු සැහැල්ලු පා ආවරණ යුගලක් තෑගි කළේය. “ගවස්කාර්ගේ ත්‍යාගය මගේ ජීවිතයට විශාල බලපෑමක් හා දිරියක් ලබාදුන්නා” යනුවෙන් සචින් ප්‍රකාශ කළේ ඉන් වසර 20කට පසු ගවස්කාර් තබා තිබූ ටෙස්ට් ශතක 34රේ වාර්තාව බිඳ දමන ලද අවස්ථාවේදීය. එම පා ආවරණ යුගලය සචින් පුහුණු සැසියකට සහභාගී වූ අවස්ථාවක කිසිවකු විසින් සොරකම් කරනු ලැබ තිබිණි. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4df8023249.jpg[/IMG]1987දී රංජි කුසලාන තරගාවලිය සඳහා බොම්බාය නියෝජනය කිරීමට සචින් තෝරා ගැනුණද එකදු තරගයකට හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූයේ නැත. 1988 දෙසැම්බරයේ ඔහුට බොම්බාය කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව සැලසිණි. ගුජරාටයට එරෙහිව පැවැති පළමු තරගයේදී නොදැවී ශතකයක් ලබා ගනිමින් තම ස්ථානය තහවුරු කර ගැනීමට සචින් සමත් විය. පළමු පන්තියේ ක්‍රිකට් තරගයකට පළමු වරට මුහුණ දෙමින් ශතකයක් ලද ළාබාලතම ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එකතු වන්නට ඔහුට හැකි විය. [/SIZE] [SIZE=5]1992දී සචින්ට එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ අතර එවක 19 හැවිරිදි වූ ඔහු යෝක්ෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කළ පළමු විදේශික ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත විය. යෝක්ෂයර් කණ්ඩායම සමඟ තරග 16කට සහභාගී වූ අතර ලකුණු 1070 රැස් කළේය. [/SIZE] [SIZE=5]1989 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු සංචාරය සඳහා සචින් තෝරා ගැනිණි. ඔහු ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගී වන විට ඔහුගේ වයස අවුරුදු 16ක් විය. ප්‍රථම තරගයේදී ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 15ක් පමණි. ඔහු වකාර් යුනිස්ගේ පන්දුවකට දැවී ගියේය. එතැනින් ආරම්භ වූ සචින්ගේ ක්‍රීඩා දිවිය නිම වන විට ඔහු ටෙස්ට් හා එක්දින තරග 664කට සහභාගී වී ලකුණු 34,357ක් රැස්කරගෙන තිබිණි. [/SIZE] [SIZE=5]සචින් ක්‍රීඩා සමාජ කීපයකට ක්‍රීඩා කළේය. ඒ අතර ඉන්දියානු ක්‍රිකට් සමාජය, මුම්බායි ක්‍රිකට් සමාජය, යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රීඩා සමාජය, මුම්බායි ඉන්ඩියන් සහ මෙරිලෙබෝන් ක්‍රිකට් සමාජය ප්‍රධාන වේ. [/SIZE] [SIZE=5] සචින් 1995දී ළමාරෝග පිළිබද වෛද්‍යවරියක වූ අංජලී සමඟ විවාහ වන විට ඔහුගේ වයස අවුරුදු 22කි. ඔවුනට සාරා නමින් දියණියක හා අර්ජුන් නමින් පුත්‍රයෙක් සිටී. හින්දු භක්තිකයකු වන සචින් සතුව ‘තෙන්ඩුල්කාර්’ සහ ‘සචින්’ නමින් අවහල් දෙකක් තිබේ. ෆෝබ්ස් සඟරාවට අනුව ලොව සිටින 51 වැනි ධනවතා ඔහුය. 2013 වසරේ ඔහු ඉපයූ ආදායම ඩොලර් මිලියන 22කි. ඔහු සතු සමස්ත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 160ක් වන අතර ඉන්දියාවේ සිටින ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සැලකේ. [/SIZE] [SIZE=5]2012දී ඉන්දීය ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තෙන්දුල්කාර් ඉන්දීය රාජ්‍ය සභාවට පත් කෙරිණි. ක්‍රියාකාරී ක්‍රීඩකයකු එයට තෝරා ගැනුණු පළමු අවස්ථාව එය විය. [/SIZE] [SIZE=5]සෑම වසරකම මුම්බායේ අඩු ආදායම් ලබන පවුල්වල දරුවන් 200 දෙනකු වෙනුවෙන් අනුග්‍රහය දක්වන සචින් පිළිකා රෝගීන් සඳහාද අරමුදලක් පිහිටුවා තිබේ. රට පුරා ඇති පාසල් 140කට මූලික පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමටද ඔහු කටයුතු කරයි. [/SIZE] [SIZE=5]අර්ජුන සම්මානය, රජිව් ගාන්ධි කෙහෙල් රත්න සම්මානය, පද්ම ශ්‍රී සම්මානය, මහරාශ්ට්ර භූෂණ සම්මානය, පද්ම විභූෂණ සම්මානය හා ඉන්දියානු පුරවැසියකු ලැබිය හැකි ඉහළම සම්මානය වන භාරත රත්න යන ජාතික සම්මානවලින් හා තවත් සම්මාන 17කින් සචින් තෙන්දුල්කාර් පිදුම් ලබා තිබේ. [/SIZE] [SIZE=5]ඉන්දියාව විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ නිජබිම වේ. එය ලොවට දායාද කළ ක්‍රීඩකයන් අතුරින් සචින් තෙන්දුල්කාර් නාමය සදානුස්මරණීයය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom