සටන් විරාම ගිවිසුමේ විපාක
සටන් විරාම ගිවිසුම අත්සන් කර අදට (22දා) වසර 12 ක් සපිරේ. මේ ගිවිසුම අත්සන් කෙරුණේ එදා පැවැති රජය හා කොටි නායක ප්‍රභාකරන් අතරය. ගිවිසුමේ කොන්ත්‍රාත්කරු නෝර්වීජියානු ඇමැතිවරයකු වූ එරික් සෝල්හයිම්ය. මේ ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කෙරුණේ එවකට සිටි ජනාධිපතිනි, යුද, ගුවන්, නාවික සහ පොලිස් ප්‍රධානීන්ටවත් පෙන්නුම් කිරීමකින් තොරවය. "ගිවිසුම ගැන අපි කිසිසේත් දැන සිටියේ නැහැ. අපි එය දුටුවෙත් නැහැ. එහෙත් එරික් සෝල්හයිම් පාර්ලිමේන්තු පිටියේ සිට හෙලිකොප්ටරයකින් පිටත්ව යනු දුටුවා" යෑයි හිටපු නාවික හමුදාපති දයා සඳගිරි කියා සිටියේය.
මෙකී සටන් විරාම ගිවිසුමට විරෝධය දක්‌වමින් මල්වතු සහ අස්‌ගිරි නාහිමිවරුන් ප්‍රකාශයට පත්කළ නිවේදන "දිවයින" පුවත්පතේ පළ වී දෙවැනි මුද්‍රණයෙන් ඉවත් කිරීමට සිදු විය.
එම පසුබිම මැද ප්‍රභාකරන්ගේ ඉල්ලීම මැද ත්‍රස්‌ත මර්දන පනත ක්‍රියාත්මක වීම අත්හිටුවීමට එදා රජය ක්‍රියා කළේය. එහි ප්‍රතිඵලය වූයේ බුද්ධි නිලධාරීහු රැසක් ඝාතනය වීමයි.
එම ගිවිසුම නිසා දෙහිවල පොලිසියේ බුද්ධි අංශ ප්‍රධානි පොලිස් පරීක්‍ෂක තාබෲ කොටි ත්‍රස්‌තයකු විසින් ඝාතනය කෙරුණි. මේ නිසා එදා පොලිස් පරීක්‍ෂක සංගමයේ ප්‍රධානී ඩේල් ගුණරත්න, ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා කුමාරතුංග, වෙත හදිසි සන්දේශයක් යවමින් වහාම ත්‍රස්‌ත මර්දන පනත ක්‍රියාත්මක කරන්නැයි කියා සිටියේය.
ඩේල් ගුණරත්නගේ ඉල්ලීම දුටු එදා රාජ්‍ය බලධාරීහු කෝපයට පත් විය. එක් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඩේල් අමතා එම ලිපිය ඉල්ලා අස්‌කර ගන්නා ලෙසත් නැත්නම් නිල නිවාස හැරදමා යැමට සිදුවන බවත් පළ කළේය. එහෙත් ඩේල් එකී ලිපිය අස්‌කර ගැනීම ප්‍රතික්‍ෂේප කර තමා ඕනෑම අවස්‌ථාවක පොලිස් නිල ඇඳුම හැරදමා යැමට සූදානම් බව සඳහන් කළේය.
එසේම කොටි මර්දනයට මූලිකව ක්‍රියාකරමින් කොළඹ සැරිසරන කොටි ත්‍රස්‌තයන් අල්ලා ගැනීමට දායක වූ ගල්කිස්‌ස පොලිසියේ ත්‍රස්‌ත මර්දන අංශයේ පොලිස් ප්‍රධානී නිලබ්දීන්ද අසරණ තත්ත්වයට පත් විය.
ඔහු ගල්කිස්‌ස පොලිසියේ මුල්ලකට තල්ලුකර දැමිණ. ඒ සමගම නිලබ්දීන්ගේ සගයා වූ පොලිස් පරීක්‍ෂක ජෙයරත්නම් පැහැරගත් කොටි ඔහු වන්නියට ගෙන ගොස් මරා පුළුස්‌සා දමනු ලැබීය.
මෙකී සටන් විරාම ගිවිසුම මෙරට ජාතික ආරක්‍ෂාවට කොතරම් තර්ජනයක් එල්ල කළාද කීවොත් ආරක්‍ෂක අංශ නිකමුන් වී කොටි තම සියලු අවශ්‍යතා ඉටුකර ගත්හ. හමුදාපති ලයනල් බලගල්ලට කොටින්ට මැදි වී සාකච්ඡා පැවැත්වීමටද සිදු විය. එපමණක්‌ද නොවේ. කොටින් නැගෙනහිර සිට වන්නියට ගෙන ඒමට ආරක්‍ෂාව සැපයීමට සිදු වූයේ ද හමුදාවටය. "කොටි අපේ කඳවුරු අසලට පැමිණ හූ කියමින් පස්‌ස පැත්ත පෙන්වා උසුළු විසුළු කරමින් ගියා. අපේ සෙබළුන්ට කට උත්තර නැති වුණා" යෑයි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් පැවසීය.
මෙකී සටන් විරාම ගිවිසුම යටතේ කොටි ව්‍යාජ සාම සාකච්ඡා පවත්වමින් ස්‌විට්‌සර් ලන්තය සහ නෝර්වේ ඇතුළු රටවලට ගියහ. ඔවුහු ආපසු එද්දී බඩු පෙට්‌ටිද ගෙන එනු ලැබූහ. මේ බඩු පෙට්‌ටි රේගු පරීක්‍ෂාවට ලක් වූයේ නැත. එවකට කටුනායක ගුවන්තොටුපළේ සිටි කොටින්ගේ සගයෙක් එකී බඩුපෙට්‌ටි කිලිනොච්චියට ගෙන යැමට එම්. අයි 17 ප්‍රවාහන හෙලිකොප්ටරයක්‌ද ලබා දීමට ක්‍රියා කළේය.
මේ හැර කොටි හඬ ගුවන් විදුලිය සඳහා නෝර්වේ සිට අධි සම්ප්‍රේෂණ විකාශන යන්ත්‍රද කොළඹ සිට වන්නියට ගෙන යැමට ඉඩ ලැබිණි.
එක් පොලිස් නිලධාරියෙක් එකී උපාංග ඕමන්තේ වෙත ගොස් කොටින්ට භාර දුන්නේය.
අනතුරුව ප්‍රභාකරන් විදෙස් කොටි ඒජන්තවරුන් 27 ක් වන්නියට කැඳවීය. වන්නියේදී ඔවුන්ට අරමුදල් එකතු කරන හැටි ප්‍රභාකරන් කියා දුන්නේය.
මේ පසුබිම මැද අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ සිටි අතිශයින් රහසිගත දිගු දුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිස් සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරි උඩුගම්පොල ක්‍රියා කළේය.
කුරුඳුවත්ත පොලිසියට ගෙන ගිය දිගුදුර විහිදුම් බළකාය ජායාරූපගත කිරීමට කොටි වෙනුවෙන් ක්‍රියා කළ විද්යුත් නාලිකාවක් ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරියකුගෙන් අවසරයද ගත්තේය.
මේ අවාසනාවන්ත තත්ත්වය දිගටම පැවැත් විණි. සටන් විරාම කමිටු ප්‍රධානියෙක් කොටි නැවක් ගැන නාවික හමුදාව කළ දැනුම්දීම කොටින්ට හෙළි කළේය. එසේම කොටි වෙඩි අභ්‍යාස පුහුණු වීමට නැගෙනහිර මුහුදු කලාපයක්‌ද කොටි සංවිධානය ඉල්ලා සිටියේය. එදා නාවික හමුදාපති දයා සඳගිරි ඊට එරෙහි විය.
මේ අතර සටන් විරාම ගිවිසුම කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියකු ගැනද විමර්ශන ඇරඹිණි. එවැනි වාතාවරණයක් යටතේ කොටි අන්තර් වාර පාලනය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීය. මේ අන්තර් වාර පාලන යෝජනාවලිය කෙටුම්පත් කළේ මැලේසියාවේ බෙදුම්වාදී මහාචාර්ය රාමසාමියි. ඔහුට රජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කමිටුවේ තනතුරක් දීමටද නිර්දේශ විය. එදා මුදල් අමාත්‍යාංශය කොටි සාම ලේකම් කාර්යාලයට තීරු බදු රහිත වාහන ලබාදීමට ද ක්‍රියා කළේය.
මෙකී ඊනියා සටන් විරාම ගිවිසුම යටතේ කොටි උතුරේ සිට නැගෙනහිරටත් නැගෙනහිර සිට උතුරටත් ගියේ රජයේ හෙලිකොප්ටර්වලිනි. එකී ගමන් සඳහා රුපියල් විසිකෝටියක මහජන මුදල් වැය විය.
ඉන් පසු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් මුහුදු ගුවන් යානාවකින් ඉරණමඩු වැව වෙත සමීප වන අවස්‌ථාවේ ඔහුගේ ගමන් බලපත්‍රයේ රටට ඇතුළු වීමේ මුද්‍රdව තැබීමට ආගමන විගමන නිලධාරියකුට එකී ප්‍රදේශයට යැමට සිදු විය.
මේ පසුබිම මැද රජයේ සාම ලේකම් කාර්යාලය හරහා ප්‍රභාකරන් තම බිරියට හා දරුවන්ට ගමන් බලපත්‍ර ද ලබා ගත්තේය.
කොටි ඊළාම් පොලිස් කණ්‌ඩායමක් අයර්ලන්තයේ පුහුණුවක් සඳහාද යෑවීමට අවසර දෙනු ලැබීය. එහෙත් ඇතැම් රාජ්‍ය නිලධාරීහු "මගේ අත වරදක් නැහැ. මමත් සටන් විරාම ගිවිසුම දුටුවේ නැහැ" යෑයි වසර 12 කට පසු ප්‍රකාශ කරති. මිනිසුන් රැවටිය හැක්‌කේ එක් වතාවකි. හැමදාම රැවටිය නොහැකි යෑයි ඇමරිකානු ජනාධිපතිවරයකු වූ ඒබ්‍රහම් ලින්කන් වරක් කීවේය.
එදා වැජඹුණු මේ හිටපු රාජ්‍ය නිලධාරීහු සිය අතීතය වසන් කළත් එකී අතීතය වසන් කළ නොහැකිය. වත්මන් රජය බලයට පත්වීමත් සමගම එකී හිටපු රාජ්‍ය නිලධාරියෙක් බ්‍රිතාන්‍යයට පැන ගියේය. මාස කීපයකට පසු නැවත මෙරටට සම්ප්‍රාප්ත විය.
මෙම සටන්විරාම ගිවිසුම තවදුරටත් පැවැතියේ නම් අද උතුර නැගෙනහිර ඊළාම් රාජ්‍යය බිහි වී හමාරය. මේ ගිවිසුම යටතේ විදෙස් රාජ්‍ය නොවන සංවිධාන බලවත් විය.
නෝබට් රූපර් නමැති ජර්මානුවාගේ බර්ග්නාප් සංවිධානය මෙරට ජාතික ආරක්‍ෂාවටද මැදිහත් විය. හමුදාව නිරායුධ කළ යුතු යෑයි බර්ග්නොප් පදනම එදා රජයට උපදෙස් දුන්නේය. බර්ග්නොප් පදනම මාධ්‍ය පාර්ශව හා විවිධ ක්‍ෂේත්‍රවල පිරිස් තම කටයුතු සඳහා යොදා ගත්තේය. එසේම විදෙස් රාජ්‍ය නොවන සංවිධාන මෙරට රාජ්‍ය නොවන සංවිධාන, පහකට රුපියල් මිලියන 600 ක අරමුදල්ද ප්‍රදානය කළේය.
එහි ප්‍රතිඵලය වූයේ කොටි පැරදවිය නොහැකි යෑයි යන මතය ජනතාව වෙත ගෙන යැමයි. ඒ සඳහා විවිධ හෝටල්වල වැඩමුළු පවා පැවැත්වීමට ක්‍රියා කෙරුණි.
මෙලෙස ව්‍යාජ සාම ව්‍යාපෘති රැසක් බිහි විය. රටේ ආරක්‍ෂක හමුදාව දුර්වල කිරීමේ ක්‍රියාදාමයක් දියත් විය. මේ තත්ත්වය මැද සාම මාධ්‍යවේදියෝ නමින් කණ්‌ඩායමක් බිහි වී උතුරේ නිජබිම් සංකල්පය පිළිගන්නැයි ඉල්ලා සිටියේය.
එහෙත් ඊනියා සටන් විරාම ගිවිසුමින් වත්මන් රජය ඉවත් වීමෙන් ප්‍රකාශ කරන්නේ ඊළාම් දේශය බිහි කිරීමේ ඉලක්‌කය බිඳවැටීමයි. මේ අතර සටන් විරාම ගිවිසුමට වසර 12 ක් පිරෙන විට නෝර්වේ තානාපතිනි ග්‍රේටේ ලෝචන් උතුරින් හමුදාව අඩු කරන්නැයි ඉල්ලා ඇත.
කීර්ති වර්ණකුලසූරිය,DIVAINA newspaper