Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
15 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේ

මෙරට ඉංගී්රසි පාලන අවධියේදී ථූපාරාමයට බටහිරින් පිහිටි නටබුන් ස්මාරකය මිහිඳු සොහොන ලෙසත් නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය සංඝමිත්තා සොහොන ලෙසත් පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි එච්.සී.පී. බෙල් මෙන්ම ජේ.ජී. ස්මිතර් ද දක්වා ඇත. පසුගිය වසරේ නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපයටත් නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය සංරක්ෂණය කළ අනුරාධපුර පුරාවිද්‍යා අංශය එයට සංඝමිත්තා සොහොන යනුවෙන් නාම පුවරුවක් සවිකොට තිබුණි. එම ස්තූපය අනුලා මෙහෙණියගේ සොහොන ලෙස ද ජන ව්‍යවහාරයේ පැවති අයුරු වලිසිංහ හරිස්චන්ද්‍ර ද සඳහන් කර ඇත. ඉංගී්රසි අවධිය වනවිට මතුකරගෙන තිබූ ප්‍රථම ස්තූපය සංඝමිත්තා සොහොන නොවන බව හා එය පදලස චේතියක් බව සනාථ කරමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා යුනිවර්සිටි ඔෆ් සිලෝන් රිවිච් සඟරාවට අගනා ලිපියක් සපයා තිබුණි.

පදලස චේතිය යනු අති පුරාණයේ සතර බුදුවරයන් වරින් වර ථූපාරාම භූමියට වැඩම කොට දම් දෙසා පෙරළා දඹදිව වැඞීම සඳහා සිරි පදලස තබා බර කොට අහසට නැගි ස්ථානය යැයි මෙරට අනුරාධපුර සමයේ බෞද්ධයන්ගේ විශ්වාසයක් පැවතුන බවද දීපවංසය, මහාවංසය, වංසත්ථප්පකාසිනිය ආදී ග්රන්ථයන්හි සඳහන්ය. එම ස්ථාන පූජනීය තැන් ලෙස සලකා පසුකාලයක ථූපාරාමයෙන් නැගෙනහිරට පිළිවෙළින් ස්තූප සතරක් ඉදිකොට තිබී ඇත. අනුරාධපුර අවසන් කාලයේ එනම් 4 වැනි උදය රජු සමයේ (946-954) පරන්තක නම් වූ සොළී පාලකයා විසින් අනුරාධපුරය ආක්‍රමණය කරන ලද්දේ පාණ්ඩ්‍ය පාලකයා විසින් 3 වැනි දප්පුල රජු වෙත ආරක්ෂාව සඳහා තබාගිය පාණ්ඩ්‍ය රාජ කකුධ භාණ්ඩ ලබාගැනීම පිණිසය. එහෙත් රජතුමා රුහුණට පලා ගියෙන් සිය අරමුණ සපුරාගත නොහැකි වූ සොලී ආක්‍රමණිකයන් විසින් ගිනි තබා විනාශ කරන ලද ස්ථාන අතර පදලසෙහි වූ පූජනීය ගොඩනැගිලි ද විය. ඉන් පසු රාජ්‍යයට පත් 4 වැනි මිහිඳු රජු විසින් ඒවා පිළිසකර කරන ලද බව මහාවංසයේ සඳහන්ය.

ක්ධයාපිතඃ චොළ රාජස්ස් බලෙන පදලාංඡනෙ

චතුන්නං චෙතියානං සො රමනීයං ඝරං අකා

සතර බුදුවරයින් සඳහා ඉදිකළ ස්තූප සතර නගරයෙන් දකුණු දෙස වූ බව දීපවංසයේද සඳහන්ය. ථූපාරාම භූමිය පැරණි නගරයට දකුණින් පිහිටා ඇත.

විසාලෙ පාචිනාරාමො-ථුපාරාමො ’නුරාධකෙ

දක්ඛිණෙ චතුරොථූපා චතුබුද්ධාන සාසනෙ

සත්‍ය වශයෙන්ම ථූපාරාමයට නැගෙනහිරින් ඇති කුඩා ස්තූප සම්බන්ධව පුරාණයේ පැවැති පූජනීය ගොඩනැගිලිවල නටබුන් වශයෙන් ගල්කණු, පියගැටපෙළ, කොරවක්ගල්, මුරගල් හා සඳකඩපහණ අදත් දැකිය හැකිය. අනුරාධපුර යුගයේ අවසානය වනවිට පමණක් නොව පොළොන්නරු යුගයේදීද මෙම පදලස චෛත්‍ය සතර පැවති බව මහා බෝධිවංසය සඳහා පොළොන්නරු යුගයේදී රචිත මහාබෝධිවංශ ග්රන්ථපදයේ ථූපාරාමයට නැගෙනහිරින් සතර බුදුවරයන් සඳහා ඉදිකළ පදලස චේතිය සතරක් තිබූ බව සඳහන් වීමෙන් තහවුරු වේ.

අර්හත් මිහිඳු හිමියන් අනුරාධපුරයට වැඩම කොට එහි ඒ ඒ ස්ථානවලට යමින් ඒ ඒ ස්ථානයේ ආගමික වැදගත්කම ගැන කරන ලද විස්තරය සඳහන් කරන බෝධිවංශ ගැටපද කතුවරයා මිහිඳු හිමියන් විසින් පෙන්වන ලද එම ස්ථාන පොළොන්නරු යුගයේදී කුමන නමකින් යුක්ත ස්ථාන දැයි හඳුන්වා දී ඇත. 10 වැනි සියවසේ රචිත පාලි මහාබෝධිවංශයේ මහාවිහාර පරිග්ගහණ කථා යටතේ කකුසඳ, කෝණාගම, කාෂ්‍යප හා ගෞතම යන බුදුවරුන් ථූපාරාමස්ථානයට වැඩම කොට නිමේශයක් සමාධිගතව සිට නැවතත් අහසට නැගි ස්ථාන මිහිඳු හිමියන් විසින් පෙන්වා දෙනු ලබන්නේ අනාගතයේ ථූපාරාමය ඉදිවූ ස්ථානයේ සිටය. ඒ අනුව කකුසඳ බුදුන් අහසට නැගි තැන ”හේ දැන් සතර බුදුන් පදලස පැදුම් දෙසෙන් මහ සෑ තැන්....” යනුවෙන්ද කෝණාගම බුදුන් වැඩ සිටි තැන ”හේ දැන් පදලස පැදුම් දෙසෙන් දෙවැනි මහ සෑ තැන්” යනුවෙන් ද කාෂ්‍යප බුදුන් වැඩ සිටි තැන ”හේ දැන් පදලස පැදුම් දෙසෙන් තුන්වැනි මහ සෑ තැන් යනුවෙන්ද අවසානයට ගෞතම බුදුන් අහසට නැගි තැන ”සිලාචේතියට්ඨානෙ සල තැන්හිදු, හේ පදලස සතරවැනි කුඩා දාගැබයි” යනුවෙන් සඳහන්ය. කාෂ්‍යප බුදුන් වහන්සේ එසේ අහසට නැංග තැන වූ සෝමනස්සමාකයෙහි පසු කල දෙවැනි පෑ තිස් රජුගේ මලණු උත්තිය රජු විසින් සෑයක් කරන ලද බව වංසත්ථප්පකාසිනියේ සඳහන්ය. කෝණාගම බුදුන් වහන්සේ එසේ අහසට නැංග ස්ථානය වූ සිරිස මාලකයේ පසු කල ථූලත්ථන රජු සෑයක් කළ බවද ටීකාව සඳහන් කරයි. මහාවංශයේ හා එහි ටීකාවේද ගෞතම බුදුන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනයේදී අනුරාධපුරයට වැඩම කොට ථූපාරාමය පිහිටන ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිට සිලාචේතිය පිහිටන ස්ථානයේ වැඩවෙසෙමින් දෙවියන්ට අනුශාසනා කළ බව මහාවංසයේ හා ටීකාවේ සඳහන්ය.

සද්ධර්ම රත්නාකරයේ බුදුන් වහන්සේ අනුරාධපුරයට වැඩම කළ පුවත සඳහන්ය. කි‍්‍ර.ව. 1474 දී උපසම්පදාව ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේට පැමිණි බුරුම (පේගු) දුත පිරිස පෙරළා සියරට යාමෙන් පසු එරට පිහිටුවූ කල්‍යාණි ශිලාලිපියේ ඔවුන් සිරිලක රැුඳී සිටි කාලයේදී අනුරාධපුරයට ගොස් පුරාණ සිද්ධස්ථාන වැඳපුදාගත් බවත් ඒවා අතර එකක් වශයෙන් ශිලාථූපයක් සඳහන් කර ඇත. ථෙරා රතනචෙතියඤ්ච මරිච්චවට්ටි චේතියඤ්ච ථූපාරාමචෙතියඤ්ච අභයගිරි චෙතියඤ්ව සිලාචෙතියඤ්ච ජෙතවනචෙතියඤ්්ව වන්දිත්වා දක්ඛිණසාඛං මහාබෝධිරුක්ඛඤ්ඡු වන්දිත්වා ලොහපාසාදඤ්ව පස්සිත්වා සද්්ධාතිස්ස රජගේ වැඩිමල් පුත් ලඤ්ජිතිස්ස (කි‍්‍ර.පු. 119-109) විසින් ථූපාරාමයට නැගෙනහිරින් ශිලාථූපය කරවූ බව මහාවංසයේ සඳහන්ය.

ථූපාරාමස්සපුරතො - සීලාථුපකමෙව ච

ලජ්ජිකාසන සාලංච - භික්ඛුසංඝස්ස කාරයී

මේ අනුව ලඤ්ජිතිස්ස රජු විසින් පදලසෙහි අවසාන ස්තූපය වූ සිලාථූපය ඉදිකරන ලද බව වාර්තා වන හෙයින් දුටුගැමුණු රජුගේ බෞද්ධ ප්රබෝධය යටතේ ලඤ්ජිතිස්සට පෙර ඉතිරි පදලස චේතිය ඉදිකර තිබෙන්නට ඇතැයි සැලකිය හැකිය.

ථූපාරාමයට නැගෙනහිරින් දැනට නටබුන්ව ඇති ස්තූප දෙක හැර වෙනත් කිසිදු ස්තූපයක නටබුන් මතු-පිට පොළවේ දක්නට නැත. මේ සම්බන්ධව අදහස් දක්වන මහාචාර්ය පරණවිතාන නූතන අටමස්ථානයේ ආදාහන මළුව ඒ ආසන්නයේ පිහිටීම නිසා ඒවා විනාශ වන්නට ඇති බව ඉහත කී ලිපියේ දක්වා තිබේ. වර්තමානයේ ථූපාරාම දාගැබ් භූමියට උතුරින් ආදාහන මළුව හා විහාර භූමිය වෙන් වන පරිදි මහාමාර්ගය ඉදිකොට ඇතත් ඉංගී්රසි පාලන සමයේ මෙම ස්තූප පිහිටි බිම ද ආදාහන මළුව ප්‍රදේශයට ඇතුළත් වන පරිදි ස්තූපවලට දකුණු දෙසින් ථූපරාම නැගෙනහිර දොරටුව දෙසට ආසන්නව මහාමාර්ගය පිහිටා තිබී ඇති බව පැරණි සිතියම්වලින් මෙන්ම නටබුන් වූ පාරේ අවශේෂ අනුව පැහැදිලි වේ. තවද 20 වැනි සියවසේ මුල් කාර්තුවේදී මහාමාර්ග සෑදීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් බෙල් බෞද්ධ ස්මාරකවල ගල් යොදාගැනීමට ඉඩදීමට විරුද්ධව වලිසිංහ හරිස්චන්ද්‍ර පැමිණිලි කර තිබීමද සැලකිල්ලට ගත යුතුය.

20 වැනි සියවසේ මුල සිට පූජා නගරය අවට ජනාවාස ඇතිවීමේදී නිවාස සාදා ගැනීම සඳහා ස්මාරකවල ගල් ගඩොල් ගලවාගෙන ඇති බවට සාක්ෂය බොහොමයක් ඇත. උදාහරණයක් වශයෙන් 1894 වර්තාවල අභයගිරි විහාර භූමියේ උතුරු සීමාවේ පැරණි ස්තූපයක මීටරයක් පමණ උසට අවශේෂ ඉතිරි වී තිබීම වාර්තා වී ඇතත් 1994 දී අප විසින් එය පිරික්සීමේදී දක්නට ලැබුණේ පොළාව යටට ඇති අත්තිවාරම් හා යූප ගල් කොටසක් පමණකි. ඊට ආසන්නවම පදිංචිකරුවන් විසින් නිවාස ඉදිකරනු ලැබ ඇත. පදලස චෛත්‍ය පිහිටි භූමිය තවමත් උත්සව කාලවලදී වාහන නැවැත්වීමද අනවසර වෙළෙඳසල් ඉදිවීමද කෙරෙන හෙයින් එම කරුණුද මෙම විනාශයට හේතු වන්නට ඇත. එහෙත් මෙම භූමියේ කැනීම් කළහොත් මෙම ස්තූපවල අත්තිවාරම් සලකුණුවත් සොයා ගැනීමට හැකිවනු ඇත.

http://www.lankadeepa.lk/index.php/articles/81486

[QUOTE="Wild Cat, post: 19924369, member: 557050"] [b]සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේ[/b] [CENTER][IMG]http://goplaces.lk/wp-content/uploads/st_uploadfont/Ruwanwelisaya_Stupa_01-800x600.jpg[/IMG][/CENTER] [SIZE="4"]මෙරට ඉංගී්රසි පාලන අවධියේදී ථූපාරාමයට බටහිරින් පිහිටි නටබුන් ස්මාරකය මිහිඳු සොහොන ලෙසත් නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය සංඝමිත්තා සොහොන ලෙසත් පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි එච්.සී.පී. බෙල් මෙන්ම ජේ.ජී. ස්මිතර් ද දක්වා ඇත. පසුගිය වසරේ නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපයටත් නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය සංරක්ෂණය කළ අනුරාධපුර පුරාවිද්‍යා අංශය එයට සංඝමිත්තා සොහොන යනුවෙන් නාම පුවරුවක් සවිකොට තිබුණි. එම ස්තූපය අනුලා මෙහෙණියගේ සොහොන ලෙස ද ජන ව්‍යවහාරයේ පැවති අයුරු වලිසිංහ හරිස්චන්ද්‍ර ද සඳහන් කර ඇත. ඉංගී්රසි අවධිය වනවිට මතුකරගෙන තිබූ ප්‍රථම ස්තූපය සංඝමිත්තා සොහොන නොවන බව හා එය පදලස චේතියක් බව සනාථ කරමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා යුනිවර්සිටි ඔෆ් සිලෝන් රිවිච් සඟරාවට අගනා ලිපියක් සපයා තිබුණි. පදලස චේතිය යනු අති පුරාණයේ සතර බුදුවරයන් වරින් වර ථූපාරාම භූමියට වැඩම කොට දම් දෙසා පෙරළා දඹදිව වැඞීම සඳහා සිරි පදලස තබා බර කොට අහසට නැගි ස්ථානය යැයි මෙරට අනුරාධපුර සමයේ බෞද්ධයන්ගේ විශ්වාසයක් පැවතුන බවද දීපවංසය, මහාවංසය, වංසත්ථප්පකාසිනිය ආදී ග්රන්ථයන්හි සඳහන්ය. එම ස්ථාන පූජනීය තැන් ලෙස සලකා පසුකාලයක ථූපාරාමයෙන් නැගෙනහිරට පිළිවෙළින් ස්තූප සතරක් ඉදිකොට තිබී ඇත. අනුරාධපුර අවසන් කාලයේ එනම් 4 වැනි උදය රජු සමයේ (946-954) පරන්තක නම් වූ සොළී පාලකයා විසින් අනුරාධපුරය ආක්‍රමණය කරන ලද්දේ පාණ්ඩ්‍ය පාලකයා විසින් 3 වැනි දප්පුල රජු වෙත ආරක්ෂාව සඳහා තබාගිය පාණ්ඩ්‍ය රාජ කකුධ භාණ්ඩ ලබාගැනීම පිණිසය. එහෙත් රජතුමා රුහුණට පලා ගියෙන් සිය අරමුණ සපුරාගත නොහැකි වූ සොලී ආක්‍රමණිකයන් විසින් ගිනි තබා විනාශ කරන ලද ස්ථාන අතර පදලසෙහි වූ පූජනීය ගොඩනැගිලි ද විය. ඉන් පසු රාජ්‍යයට පත් 4 වැනි මිහිඳු රජු විසින් ඒවා පිළිසකර කරන ලද බව මහාවංසයේ සඳහන්ය. ක්ධයාපිතඃ චොළ රාජස්ස් බලෙන පදලාංඡනෙ චතුන්නං චෙතියානං සො රමනීයං ඝරං අකා සතර බුදුවරයින් සඳහා ඉදිකළ ස්තූප සතර නගරයෙන් දකුණු දෙස වූ බව දීපවංසයේද සඳහන්ය. ථූපාරාම භූමිය පැරණි නගරයට දකුණින් පිහිටා ඇත. විසාලෙ පාචිනාරාමො-ථුපාරාමො ’නුරාධකෙ දක්ඛිණෙ චතුරොථූපා චතුබුද්ධාන සාසනෙ සත්‍ය වශයෙන්ම ථූපාරාමයට නැගෙනහිරින් ඇති කුඩා ස්තූප සම්බන්ධව පුරාණයේ පැවැති පූජනීය ගොඩනැගිලිවල නටබුන් වශයෙන් ගල්කණු, පියගැටපෙළ, කොරවක්ගල්, මුරගල් හා සඳකඩපහණ අදත් දැකිය හැකිය. අනුරාධපුර යුගයේ අවසානය වනවිට පමණක් නොව පොළොන්නරු යුගයේදීද මෙම පදලස චෛත්‍ය සතර පැවති බව මහා බෝධිවංසය සඳහා පොළොන්නරු යුගයේදී රචිත මහාබෝධිවංශ ග්රන්ථපදයේ ථූපාරාමයට නැගෙනහිරින් සතර බුදුවරයන් සඳහා ඉදිකළ පදලස චේතිය සතරක් තිබූ බව සඳහන් වීමෙන් තහවුරු වේ. අර්හත් මිහිඳු හිමියන් අනුරාධපුරයට වැඩම කොට එහි ඒ ඒ ස්ථානවලට යමින් ඒ ඒ ස්ථානයේ ආගමික වැදගත්කම ගැන කරන ලද විස්තරය සඳහන් කරන බෝධිවංශ ගැටපද කතුවරයා මිහිඳු හිමියන් විසින් පෙන්වන ලද එම ස්ථාන පොළොන්නරු යුගයේදී කුමන නමකින් යුක්ත ස්ථාන දැයි හඳුන්වා දී ඇත. 10 වැනි සියවසේ රචිත පාලි මහාබෝධිවංශයේ මහාවිහාර පරිග්ගහණ කථා යටතේ කකුසඳ, කෝණාගම, කාෂ්‍යප හා ගෞතම යන බුදුවරුන් ථූපාරාමස්ථානයට වැඩම කොට නිමේශයක් සමාධිගතව සිට නැවතත් අහසට නැගි ස්ථාන මිහිඳු හිමියන් විසින් පෙන්වා දෙනු ලබන්නේ අනාගතයේ ථූපාරාමය ඉදිවූ ස්ථානයේ සිටය. ඒ අනුව කකුසඳ බුදුන් අහසට නැගි තැන ”හේ දැන් සතර බුදුන් පදලස පැදුම් දෙසෙන් මහ සෑ තැන්....” යනුවෙන්ද කෝණාගම බුදුන් වැඩ සිටි තැන ”හේ දැන් පදලස පැදුම් දෙසෙන් දෙවැනි මහ සෑ තැන්” යනුවෙන් ද කාෂ්‍යප බුදුන් වැඩ සිටි තැන ”හේ දැන් පදලස පැදුම් දෙසෙන් තුන්වැනි මහ සෑ තැන් යනුවෙන්ද අවසානයට ගෞතම බුදුන් අහසට නැගි තැන ”සිලාචේතියට්ඨානෙ සල තැන්හිදු, හේ පදලස සතරවැනි කුඩා දාගැබයි” යනුවෙන් සඳහන්ය. කාෂ්‍යප බුදුන් වහන්සේ එසේ අහසට නැංග තැන වූ සෝමනස්සමාකයෙහි පසු කල දෙවැනි පෑ තිස් රජුගේ මලණු උත්තිය රජු විසින් සෑයක් කරන ලද බව වංසත්ථප්පකාසිනියේ සඳහන්ය. කෝණාගම බුදුන් වහන්සේ එසේ අහසට නැංග ස්ථානය වූ සිරිස මාලකයේ පසු කල ථූලත්ථන රජු සෑයක් කළ බවද ටීකාව සඳහන් කරයි. මහාවංශයේ හා එහි ටීකාවේද ගෞතම බුදුන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනයේදී අනුරාධපුරයට වැඩම කොට ථූපාරාමය පිහිටන ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිට සිලාචේතිය පිහිටන ස්ථානයේ වැඩවෙසෙමින් දෙවියන්ට අනුශාසනා කළ බව මහාවංසයේ හා ටීකාවේ සඳහන්ය. සද්ධර්ම රත්නාකරයේ බුදුන් වහන්සේ අනුරාධපුරයට වැඩම කළ පුවත සඳහන්ය. කි‍්‍ර.ව. 1474 දී උපසම්පදාව ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේට පැමිණි බුරුම (පේගු) දුත පිරිස පෙරළා සියරට යාමෙන් පසු එරට පිහිටුවූ කල්‍යාණි ශිලාලිපියේ ඔවුන් සිරිලක රැුඳී සිටි කාලයේදී අනුරාධපුරයට ගොස් පුරාණ සිද්ධස්ථාන වැඳපුදාගත් බවත් ඒවා අතර එකක් වශයෙන් ශිලාථූපයක් සඳහන් කර ඇත. ථෙරා රතනචෙතියඤ්ච මරිච්චවට්ටි චේතියඤ්ච ථූපාරාමචෙතියඤ්ච අභයගිරි චෙතියඤ්ව සිලාචෙතියඤ්ච ජෙතවනචෙතියඤ්්ව වන්දිත්වා දක්ඛිණසාඛං මහාබෝධිරුක්ඛඤ්ඡු වන්දිත්වා ලොහපාසාදඤ්ව පස්සිත්වා සද්්ධාතිස්ස රජගේ වැඩිමල් පුත් ලඤ්ජිතිස්ස (කි‍්‍ර.පු. 119-109) විසින් ථූපාරාමයට නැගෙනහිරින් ශිලාථූපය කරවූ බව මහාවංසයේ සඳහන්ය. ථූපාරාමස්සපුරතො - සීලාථුපකමෙව ච ලජ්ජිකාසන සාලංච - භික්ඛුසංඝස්ස කාරයී මේ අනුව ලඤ්ජිතිස්ස රජු විසින් පදලසෙහි අවසාන ස්තූපය වූ සිලාථූපය ඉදිකරන ලද බව වාර්තා වන හෙයින් දුටුගැමුණු රජුගේ බෞද්ධ ප්රබෝධය යටතේ ලඤ්ජිතිස්සට පෙර ඉතිරි පදලස චේතිය ඉදිකර තිබෙන්නට ඇතැයි සැලකිය හැකිය. ථූපාරාමයට නැගෙනහිරින් දැනට නටබුන්ව ඇති ස්තූප දෙක හැර වෙනත් කිසිදු ස්තූපයක නටබුන් මතු-පිට පොළවේ දක්නට නැත. මේ සම්බන්ධව අදහස් දක්වන මහාචාර්ය පරණවිතාන නූතන අටමස්ථානයේ ආදාහන මළුව ඒ ආසන්නයේ පිහිටීම නිසා ඒවා විනාශ වන්නට ඇති බව ඉහත කී ලිපියේ දක්වා තිබේ. වර්තමානයේ ථූපාරාම දාගැබ් භූමියට උතුරින් ආදාහන මළුව හා විහාර භූමිය වෙන් වන පරිදි මහාමාර්ගය ඉදිකොට ඇතත් ඉංගී්රසි පාලන සමයේ මෙම ස්තූප පිහිටි බිම ද ආදාහන මළුව ප්‍රදේශයට ඇතුළත් වන පරිදි ස්තූපවලට දකුණු දෙසින් ථූපරාම නැගෙනහිර දොරටුව දෙසට ආසන්නව මහාමාර්ගය පිහිටා තිබී ඇති බව පැරණි සිතියම්වලින් මෙන්ම නටබුන් වූ පාරේ අවශේෂ අනුව පැහැදිලි වේ. තවද 20 වැනි සියවසේ මුල් කාර්තුවේදී මහාමාර්ග සෑදීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් බෙල් බෞද්ධ ස්මාරකවල ගල් යොදාගැනීමට ඉඩදීමට විරුද්ධව වලිසිංහ හරිස්චන්ද්‍ර පැමිණිලි කර තිබීමද සැලකිල්ලට ගත යුතුය. 20 වැනි සියවසේ මුල සිට පූජා නගරය අවට ජනාවාස ඇතිවීමේදී නිවාස සාදා ගැනීම සඳහා ස්මාරකවල ගල් ගඩොල් ගලවාගෙන ඇති බවට සාක්ෂය බොහොමයක් ඇත. උදාහරණයක් වශයෙන් 1894 වර්තාවල අභයගිරි විහාර භූමියේ උතුරු සීමාවේ පැරණි ස්තූපයක මීටරයක් පමණ උසට අවශේෂ ඉතිරි වී තිබීම වාර්තා වී ඇතත් 1994 දී අප විසින් එය පිරික්සීමේදී දක්නට ලැබුණේ පොළාව යටට ඇති අත්තිවාරම් හා යූප ගල් කොටසක් පමණකි. ඊට ආසන්නවම පදිංචිකරුවන් විසින් නිවාස ඉදිකරනු ලැබ ඇත. පදලස චෛත්‍ය පිහිටි භූමිය තවමත් උත්සව කාලවලදී වාහන නැවැත්වීමද අනවසර වෙළෙඳසල් ඉදිවීමද කෙරෙන හෙයින් එම කරුණුද මෙම විනාශයට හේතු වන්නට ඇත. එහෙත් මෙම භූමියේ කැනීම් කළහොත් මෙම ස්තූපවල අත්තිවාරම් සලකුණුවත් සොයා ගැනීමට හැකිවනු ඇත.[/SIZE] [URL="http://www.lankadeepa.lk/index.php/articles/81486"]http://www.lankadeepa.lk/index.php/articles/81486[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom