Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සත්‍යක්‍රියාවෙන් ප්‍රාර්ථනා ඉටුකරගන්නා පිළිවෙත 🙏🙏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්‍යක්‍රියාවෙන් ප්‍රාර්ථනා ඉටුකරගන්නා පිළිවෙත

සත්‍ය ක්රියාවේ බලයෙන් දුක් පීඩා විපත් දුරු කර ගත් ප්රවෘත්ති අපේ ජාතක කතා පොතෙහි බොහෝවිට අපි දකිමු. එසේ නම් සත්‍ය ක්‍රියා මගින් දැන් අපට සෙතක් ශාන්තියක් සලසා ගැනීමට නොහැකිද යන්න ඔබටත් සිතෙන්නට බැරිකමක් නැත.

සත්‍ය ක්‍රියාව යන්නෙහි සරල අරුත සත්‍යයක පිහිටා කරනු ලබන ක්‍රියාව යන්නයි. මෙය ප්‍රාර්ථනාවක් හෝ ආශිර්වාදයක් වේ.

සත්‍යයක පිහිටා තමන් වෙනුවෙන් ප්‍රාර්ථනාවක් හෝ අන් කෙනකු වෙනුවෙන් ආශිර්වාදයක් කළ හැකිය.

සත්‍ය ක්‍රියාව දෙආකාරයකි.

01. තමන් තුළ පිහිටා තිබෙන සත්යබලයක් ගැන සිතා කරනු ලබන සත්‍ය ක්‍රියාව.

02. බුදු ගුණය, ධර්මයේ ගුණය සහ සංඝයාගේ ගුණය යන ගුණයන් තුනෙන් එකක් හෝ තෙරුවන්ගේම ගුණය පිළිබඳව සිහිකර කරනු ලබන සත්‍ය ක්‍රියාව.

තව කෙනෙකුගේ ගුණයක් සිහි කරමින් ඔබට සත්‍ය ක්‍රියාවක් කළ හැක්කේ තෙරුවන්ගේ ගුණය සම්බන්ධයෙන් පමණි. වෙනත් ඉතා ගුණවත් සත්පුරුෂයකුගේ වුවද යහ ගුණයක් සිහි කරමින් ඔබ සත්‍ය ක්රියාවේ යෙදීම එතරම් සාර්ථක වන්නේ නැත. එයට හේතුව අපි පැහැදිලි කර ගනිමු.

ඔබ හොඳින් දන්නා යහපත් පුද්ගලයකු මරණයට කැප වූ සතකු ඉන් බේරා එම සතාට අභය දානය දුන්නේ යැයි සිතමු. මෙය ඉතා උතුම් ක්‍රියාවක් වුවත් එම ක්‍රියාව කරන අවස්ථාවේ හෝ එම ක්‍රියාව සම්බන්ධයෙන් එම පුද්ගලයා තුළ තිබූ චේතනාව පිළිබඳව ඔබ හරියටම දන්නේ නැත. එනිසා වෙනත් කෙනකුගේ යහපත් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔබ සත්‍ය ක්‍රියා කිරීමෙන් පලක් නොවේ.

නමුත් තෙරුවන්ගේ ගුණය කිසිදා බිඳිය නොහැකි සත්‍යයකි. එබැවින් තෙරුවන්ගේම ගුණය හෝ තෙරුවන්ගෙන් එක් රුවනකගේ ගුණය පිළිබඳව හෝ මෙනෙහි කර සත්‍ය ක්‍රියාවක් කිරීමට පුළුවන.

මේ හැරුණු විට ඇති ප්‍රබලම සත්‍ය ක්‍රියාව නම් ඔබේ යහපත් ගුණයක් සිහි කර සත්‍ය ක්‍රියාවක් කිරීමය. තමන් තුළ පිහිටා තිබෙන ගුණයක් සිහි කර අනුන් වෙනුවෙන් කරන ආශිර්වාදය ඉතා ප්‍රබලවේ.

සත්‍ය ක්‍රියාවක් කිරීමේදී පහත දැක්වෙන කරුණු පිළිබඳව සැලකිල්ලට ගන්න.

01. ඔබ නිතරම යහපත් ක්‍රියා කරමින් තමන්ට සේම අනුන්ටත් යහපත සලසාලන ගුණවත් පුද්ගලයකු විය හැකිය. නමුත් සත්‍ය ක්‍රියාවක් කිරීමේදී ඔබ කළ ඒ සියලුම යහපත් ක්‍රියා ගැන මෙනෙහි කරන්නට යාමෙන් මෙම කටයුත්ත වඩාත් සංකීර්ණ විය හැකිය. එනිසා ඉතාමත් සැලකිල්ලෙන් යුතුව පැහැදිලි ලෙසම කරුණා, මෛත්‍රිය පෙරදැරි කරගෙන කළ එක් ක්‍රියාවක් තෝරා ගන්න. මෙහිදි බලවත් කරුණාවකින් මෛත්රියකින් කරන ලද එක් පුංචි ක්‍රියාවක් වේ නම් එයද මේ සඳහා ප්රමාණවත්ය.

02. ඔබ කරන සත්‍ය ක්‍රියාව පිළිබඳව ඔබට විශ්වාසයක් තිබිය යුතුය.

03. ඔබ විසින් ඉස්මතු කරන සත්‍යය පිළිබඳව ඔබ තුළ අවංක භාවයක් තිබිය යුතුවේ. “මං මෙහෙම කිව්වට ඇත්තටම ඒක එහෙමද දන්නෙ නෑ” වැනි චකිතයක්, කුකුසක් එම ක්‍රියාව සම්බන්ධයෙන් ඔබ තුළ ඇති වුවහොත් සත්‍ය ක්‍රියාවෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යා හැකිය.

04. ඔබ සත්‍ය ක්‍රියාව තුළින් කරන්නේ වෙනත් කෙනෙකුට ආශිර්වාදයක් නම් සැබෑ ලෙසම ඒ පුද්ගලයා කෙරෙහි කරුණාව, මෛත්‍රිය පෙරදැරිව එය කළ යුතුය. නැතහොත් එය අසාර්ථක විය හැකිය.

05. සත්‍ය ක්‍රියාව කරන අවස්ථාවේ වඩාත්ම සිත පිරිසිදු කරගෙන ශීලයක පිහිටා සිටියොත් එහි බලසම්පන්න බව වැඩිවේ. නිදසුනක් ලෙස ඔබ පළමුව ඉතා හොඳින් පන්සිල් සමාදන් වී ඉන්පසු සත්‍ය ක්‍රියාව කළ හැකිය. එසේම මෛත්‍රී භාවනාව වඩා ඉන්පසු සත්‍ය ක්‍රියාව කිරීමද සුදුසුවේ. මෙලෙස ශීලයක පිහිටීමෙන් සිත වඩාත් පිරිසිදු වී සත්‍ය ක්‍රියාවට සුදුසු පසුබිම සකස් වෙයි.

සත්‍ය ක්‍රියාවට සුදුසු යහපත් ක්‍රියාවක් තෝරා ගන්නේ කෙසේද?

ඔබ දිනපතා බුදුන් වඳින, පන්සිල් සමාදන් වන කෙනෙක් යැයි සිතමු.

මෙහිදී ඔබ අතින් පන්සිල් පද පහම එකසේ ආරක්ෂා නොවිය හැකිය. නමුත් එක් සිල් පදයක් හෝ ඔබ මැනවින් ආරක්ෂා කරන්නේ නම් ඒ ගුණය ඉස්මතු කර සත්‍ය ක්‍රියාව කළ හැකිය. එම ගුණය ඔබ කලින් සිටම ආරක්ෂා නොකළ, මෑතක සිට ආරක්ෂා කිරීමට පටන්ගත් කෙනකු වීම ගැටලුවක් නොවේ. එවිට “අසවල් කාලයේ සිට මා මේ පන්සිල් පදය ආරක්ෂා කළා” යනුවෙන් ඔබට සත්‍ය ක්‍රියාව කළ හැකිය.

ඔබ කුසගින්නේ සිටින අසරණ සතකු හට ආහාර දී උගේ කුසගින්න නිවා දැමුවේයැයි සිතන්න. මෙම අවස්ථාවේදී ඔබේ සිතේ ඌ කෙරෙහි මුලින්ම කරුණාවක් වර්ධනය වූ බව ඔබට දැනිය යුතුය. ඉන්පසු ඔබ දුන් ආහාරය බුදින කල උගේ කුස ගින්න නිවෙන්නා හා සමානව ඔබ තුළ එම සතා කෙරෙහි කරුණාවද වර්ධනය වූ බව ඔබට දැනිය යුතුය. එසේ වීම යනු ඔබේ ආධ්‍යාත්මික ගුණයක් වර්ධනය වීමකි. මෙම උතුම් සත් ක්‍රියාව සිහිපත් කරමින් ඔබට සත්‍ය ක්‍රියාව කළ හැකිය.

ඔබ යම් සතෙකුගෙන් බේරෙන්නට බැරි තැන ඌට බැන වදිමින් ආහාරයක් දෙන්නේ නම් එතුළ කරුණාවක් නැත.

ඔබ හදිසි ගමනක් යාමට පිටත් වන මොහොතක ඔබේ දොරකඩට වී අසරණ සතකු කුසගින්නේ බලා හිඳින්නේ යැයි සිතන්න. මෙහිදී සතාට කෑම ටිකක් අනා දෙන්නට ගියහොත් ඔබට ප්‍රමාද විය හැකි නිසා ඔබ ඌට බැන වදින්නට පුළුවන. නමුත් ඒ සතාගේ අහිංසක, අසරණ විලාසය දැක “කමක් නෑ අසරණ සතෙක්නේ. කෑම ටිකක් දීලම යනවා” යැයි ඌ කෙරෙහි අනුකම්පාව උපදවා ඌට ආහාරයට ගත හැකි පරිදි කෑම ටිකක් අනා කන්නට දුන්නොත් එය ඔබ කරුණාවෙන් කරනු ලබන සත්ක්‍රියාවකි. ඔබට සිදුවන ප්‍රමාදය ගැන නොසලකා ඒ සතාගේ අසරණ විලාසය කෙරෙහි අනුකම්පාවෙන්, උගේ කුසගිනි නිවන සැබෑම චේතනාවෙන් ඔබ ඌට කෑමට ආහාර දී උගේ කුසගිනි නිවීමට යම් උපකාරයක් කළේ නම් එයද ඔබට සත්‍ය ක්‍රියාවක් කිරීම සඳහා තෝරා ගත හැකිය.

සම්බුදුරජාණන් වහන්සේ ගැන මෙසේ හිත පහදවා ගන්න

දෙවිමිනිසුන්ගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට ගෙන, නව අරහාදී සම්බුදු ගුණ, දස බල ඤාණ, සිව් විශාරද ඤාණ, ෂඞ් අසාධාරණ ඤාණ ආදී අනන්ත ඤාණ සමුදායකින් යුක්තවයි වැඩසිටියේ.

භාග්‍යවතුන් වහන්සේ සීලයෙන් සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්තිඤාණ දර්ශනයෙන් තුන්ලෝකාග්‍රයි.

එම නිසා යම් කෙනෙක් සම්බුදු ගුණ මහිමය ගැන සිත පහදවාගෙන බුද්ධානුස්සතිය වඩනවා නම්, සම්බුදු ගුණ සජ්ඣායනා කරමින් සත්‍යක්‍රියා කොට, මෙත් සිතින් කෙනෙකුට සෙත් පතනවා නම් එය ආශීර්වාදයක් ම යි.

මෙතරම් දිගු කලක් මුළුල්ලේ ඉපදීමත්, ජරාවත්, මරණයත් වැළඳගෙන අප සසර ගමනක පැටලී සිටින බව අප මෙතෙක් දැන සිටියේ නැත. එහෙත් දැන් අපි එය දනිමු. අපගේ ජීවිත තුළ පවතින සැබෑ ම අනතුර කුමක් දැයි අපි දැන් දනිමු. මේ දක්වා ම නිමා නො වන සසර ගමනක් උරුම වූයේ මක් නිසා දැයි දැන් අපි දනිමු. කලාතුරකින් පහළ වන අසිරිමත් මනුෂ්‍ය රත්නයක් වන භාග්‍යවත් වූ, අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපට වදාරණ ලද ශ්‍රී සද්ධර්මය නිසා අප එය දැනගතිමු.

චතුරාර්ය සත්‍යාවබෝධයට පැමිණෙන තුරු සතර අපා දුකින් නිදහස් විය නො හැකි බව අපට පහදා දුන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ය. චතුරාර්ය සත්‍යය යනු කුමක් දැයි අපට පහදා දුන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ය. මේ සා දිගු ගමනක් අප සසර පුරා සැරිසරා ආවේ ස්ථිර වූ, නොවෙනස් වූ කිසිවක් නිසා නො ව හේතූන් නිසා ඵල හටගන්නා ධර්ම නියාමයක් මත බව අපට පහදා දුන්නේ උන්වහන්සේ ය. හේතූන් නැති වීමෙන් ඵල ද නැති වී යන ස්වභාවයෙන් යුක්ත යෑයි අපට පහදා දුන්නේ උන්වහන්සේ ය.

මේ හේතු ඵල දහමින් සකස් වූ ජීවිතය පිළිබඳ යථාභූත ඤාණය ඇති කර ගත හැකි බව අපට පහදා දුන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ය.

ලොව සියලු දෙය අනිත්‍ය බවත්, අනිත්‍ය වූ සියල්ල ම දුකට අයත් වන බවත්, දුක් වූ සියල්ල තමාගේ වසඟයේ පවත්වා ගත නො හැකි නිසා අනාත්ම බවත් අපට පහදා දුන්නේ උන්වහන්සේ ය. ඒ යථාර්ථය අවබෝධ කර ගැනීම බුද්ධිමත් කෙනෙකුට කළ හැකි බවත් පහදා දුන්නේ උන්වහන්සේ ය. එවිට මේ හේතු ඵල දහමින් සකස් වූ ජීවිතයේ ස්වභාවය අවබෝධ වන බවත්, ඒ නිසා ම ඒ ගැන කලකිරෙන බවත්, ඒ නිසා ම ඒ ගැන ඇල්ම දුරුවීමෙන් එයින් නිදහස් වන බවත් පහදා දුන්නේ උන්වහන්සේ ය.

හේතුඵල දහමින් සකස් වූ දුක හේතු නැති වීමෙන් නැති වී ගිය විට ඔහු දුකින් නිදහස් වන බවත් අපට පහදා දුන්නේ උන්වහන්සේ ය. ඒ කෙනා අමා මහ නිවන නම් වූ අතිඋදාර සැපයට පත්වන බවත්, ඒ අමා නිවන් හේතූන්ගෙන් හට නො ගත් නිසා ජාති, ජරා, මරණ කිසිවක් එහි නැති බවත් අපට පහදා දුන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ය.

ඒ සඳහා සීල, සමාධි, ප්‍රඥාවෙන් යුතු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කළ යුතු බවත්, ඒ ආර්ය මාර්ගය සම්පූර්ණ කර ගත් විට ඒ අමා නිවන සාක්ෂාත් කළ හැකි බවත් අපට පහදා දුන්නේ උන්වහන්සේ ය.

[QUOTE="asliyanage, post: 29167298, member: 8764"] සත්‍යක්‍රියාවෙන් ප්‍රාර්ථනා ඉටුකරගන්නා පිළිවෙත [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG] සත්‍ය ක්රියාවේ බලයෙන් දුක් පීඩා විපත් දුරු කර ගත් ප්රවෘත්ති අපේ ජාතක කතා පොතෙහි බොහෝවිට අපි දකිමු. එසේ නම් සත්‍ය ක්‍රියා මගින් දැන් අපට සෙතක් ශාන්තියක් සලසා ගැනීමට නොහැකිද යන්න ඔබටත් සිතෙන්නට බැරිකමක් නැත. සත්‍ය ක්‍රියාව යන්නෙහි සරල අරුත සත්‍යයක පිහිටා කරනු ලබන ක්‍රියාව යන්නයි. මෙය ප්‍රාර්ථනාවක් හෝ ආශිර්වාදයක් වේ. සත්‍යයක පිහිටා තමන් වෙනුවෙන් ප්‍රාර්ථනාවක් හෝ අන් කෙනකු වෙනුවෙන් ආශිර්වාදයක් කළ හැකිය. සත්‍ය ක්‍රියාව දෙආකාරයකි. 01. තමන් තුළ පිහිටා තිබෙන සත්යබලයක් ගැන සිතා කරනු ලබන සත්‍ය ක්‍රියාව. 02. බුදු ගුණය, ධර්මයේ ගුණය සහ සංඝයාගේ ගුණය යන ගුණයන් තුනෙන් එකක් හෝ තෙරුවන්ගේම ගුණය පිළිබඳව සිහිකර කරනු ලබන සත්‍ය ක්‍රියාව. තව කෙනෙකුගේ ගුණයක් සිහි කරමින් ඔබට සත්‍ය ක්‍රියාවක් කළ හැක්කේ තෙරුවන්ගේ ගුණය සම්බන්ධයෙන් පමණි. වෙනත් ඉතා ගුණවත් සත්පුරුෂයකුගේ වුවද යහ ගුණයක් සිහි කරමින් ඔබ සත්‍ය ක්රියාවේ යෙදීම එතරම් සාර්ථක වන්නේ නැත. එයට හේතුව අපි පැහැදිලි කර ගනිමු. ඔබ හොඳින් දන්නා යහපත් පුද්ගලයකු මරණයට කැප වූ සතකු ඉන් බේරා එම සතාට අභය දානය දුන්නේ යැයි සිතමු. මෙය ඉතා උතුම් ක්‍රියාවක් වුවත් එම ක්‍රියාව කරන අවස්ථාවේ හෝ එම ක්‍රියාව සම්බන්ධයෙන් එම පුද්ගලයා තුළ තිබූ චේතනාව පිළිබඳව ඔබ හරියටම දන්නේ නැත. එනිසා වෙනත් කෙනකුගේ යහපත් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔබ සත්‍ය ක්‍රියා කිරීමෙන් පලක් නොවේ. නමුත් තෙරුවන්ගේ ගුණය කිසිදා බිඳිය නොහැකි සත්‍යයකි. එබැවින් තෙරුවන්ගේම ගුණය හෝ තෙරුවන්ගෙන් එක් රුවනකගේ ගුණය පිළිබඳව හෝ මෙනෙහි කර සත්‍ය ක්‍රියාවක් කිරීමට පුළුවන. මේ හැරුණු විට ඇති ප්‍රබලම සත්‍ය ක්‍රියාව නම් ඔබේ යහපත් ගුණයක් සිහි කර සත්‍ය ක්‍රියාවක් කිරීමය. තමන් තුළ පිහිටා තිබෙන ගුණයක් සිහි කර අනුන් වෙනුවෙන් කරන ආශිර්වාදය ඉතා ප්‍රබලවේ. සත්‍ය ක්‍රියාවක් කිරීමේදී පහත දැක්වෙන කරුණු පිළිබඳව සැලකිල්ලට ගන්න. 01. ඔබ නිතරම යහපත් ක්‍රියා කරමින් තමන්ට සේම අනුන්ටත් යහපත සලසාලන ගුණවත් පුද්ගලයකු විය හැකිය. නමුත් සත්‍ය ක්‍රියාවක් කිරීමේදී ඔබ කළ ඒ සියලුම යහපත් ක්‍රියා ගැන මෙනෙහි කරන්නට යාමෙන් මෙම කටයුත්ත වඩාත් සංකීර්ණ විය හැකිය. එනිසා ඉතාමත් සැලකිල්ලෙන් යුතුව පැහැදිලි ලෙසම කරුණා, මෛත්‍රිය පෙරදැරි කරගෙන කළ එක් ක්‍රියාවක් තෝරා ගන්න. මෙහිදි බලවත් කරුණාවකින් මෛත්රියකින් කරන ලද එක් පුංචි ක්‍රියාවක් වේ නම් එයද මේ සඳහා ප්රමාණවත්ය. 02. ඔබ කරන සත්‍ය ක්‍රියාව පිළිබඳව ඔබට විශ්වාසයක් තිබිය යුතුය. 03. ඔබ විසින් ඉස්මතු කරන සත්‍යය පිළිබඳව ඔබ තුළ අවංක භාවයක් තිබිය යුතුවේ. “මං මෙහෙම කිව්වට ඇත්තටම ඒක එහෙමද දන්නෙ නෑ” වැනි චකිතයක්, කුකුසක් එම ක්‍රියාව සම්බන්ධයෙන් ඔබ තුළ ඇති වුවහොත් සත්‍ය ක්‍රියාවෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යා හැකිය. 04. ඔබ සත්‍ය ක්‍රියාව තුළින් කරන්නේ වෙනත් කෙනෙකුට ආශිර්වාදයක් නම් සැබෑ ලෙසම ඒ පුද්ගලයා කෙරෙහි කරුණාව, මෛත්‍රිය පෙරදැරිව එය කළ යුතුය. නැතහොත් එය අසාර්ථක විය හැකිය. 05. සත්‍ය ක්‍රියාව කරන අවස්ථාවේ වඩාත්ම සිත පිරිසිදු කරගෙන ශීලයක පිහිටා සිටියොත් එහි බලසම්පන්න බව වැඩිවේ. නිදසුනක් ලෙස ඔබ පළමුව ඉතා හොඳින් පන්සිල් සමාදන් වී ඉන්පසු සත්‍ය ක්‍රියාව කළ හැකිය. එසේම මෛත්‍රී භාවනාව වඩා ඉන්පසු සත්‍ය ක්‍රියාව කිරීමද සුදුසුවේ. මෙලෙස ශීලයක පිහිටීමෙන් සිත වඩාත් පිරිසිදු වී සත්‍ය ක්‍රියාවට සුදුසු පසුබිම සකස් වෙයි. [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG] සත්‍ය ක්‍රියාවට සුදුසු යහපත් ක්‍රියාවක් තෝරා ගන්නේ කෙසේද? ඔබ දිනපතා බුදුන් වඳින, පන්සිල් සමාදන් වන කෙනෙක් යැයි සිතමු. මෙහිදී ඔබ අතින් පන්සිල් පද පහම එකසේ ආරක්ෂා නොවිය හැකිය. නමුත් එක් සිල් පදයක් හෝ ඔබ මැනවින් ආරක්ෂා කරන්නේ නම් ඒ ගුණය ඉස්මතු කර සත්‍ය ක්‍රියාව කළ හැකිය. එම ගුණය ඔබ කලින් සිටම ආරක්ෂා නොකළ, මෑතක සිට ආරක්ෂා කිරීමට පටන්ගත් කෙනකු වීම ගැටලුවක් නොවේ. එවිට “අසවල් කාලයේ සිට මා මේ පන්සිල් පදය ආරක්ෂා කළා” යනුවෙන් ඔබට සත්‍ය ක්‍රියාව කළ හැකිය. ඔබ කුසගින්නේ සිටින අසරණ සතකු හට ආහාර දී උගේ කුසගින්න නිවා දැමුවේයැයි සිතන්න. මෙම අවස්ථාවේදී ඔබේ සිතේ ඌ කෙරෙහි මුලින්ම කරුණාවක් වර්ධනය වූ බව ඔබට දැනිය යුතුය. ඉන්පසු ඔබ දුන් ආහාරය බුදින කල උගේ කුස ගින්න නිවෙන්නා හා සමානව ඔබ තුළ එම සතා කෙරෙහි කරුණාවද වර්ධනය වූ බව ඔබට දැනිය යුතුය. එසේ වීම යනු ඔබේ ආධ්‍යාත්මික ගුණයක් වර්ධනය වීමකි. මෙම උතුම් සත් ක්‍රියාව සිහිපත් කරමින් ඔබට සත්‍ය ක්‍රියාව කළ හැකිය. ඔබ යම් සතෙකුගෙන් බේරෙන්නට බැරි තැන ඌට බැන වදිමින් ආහාරයක් දෙන්නේ නම් එතුළ කරුණාවක් නැත. ඔබ හදිසි ගමනක් යාමට පිටත් වන මොහොතක ඔබේ දොරකඩට වී අසරණ සතකු කුසගින්නේ බලා හිඳින්නේ යැයි සිතන්න. මෙහිදී සතාට කෑම ටිකක් අනා දෙන්නට ගියහොත් ඔබට ප්‍රමාද විය හැකි නිසා ඔබ ඌට බැන වදින්නට පුළුවන. නමුත් ඒ සතාගේ අහිංසක, අසරණ විලාසය දැක “කමක් නෑ අසරණ සතෙක්නේ. කෑම ටිකක් දීලම යනවා” යැයි ඌ කෙරෙහි අනුකම්පාව උපදවා ඌට ආහාරයට ගත හැකි පරිදි කෑම ටිකක් අනා කන්නට දුන්නොත් එය ඔබ කරුණාවෙන් කරනු ලබන සත්ක්‍රියාවකි. ඔබට සිදුවන ප්‍රමාදය ගැන නොසලකා ඒ සතාගේ අසරණ විලාසය කෙරෙහි අනුකම්පාවෙන්, උගේ කුසගිනි නිවන සැබෑම චේතනාවෙන් ඔබ ඌට කෑමට ආහාර දී උගේ කුසගිනි නිවීමට යම් උපකාරයක් කළේ නම් එයද ඔබට සත්‍ය ක්‍රියාවක් කිරීම සඳහා තෝරා ගත හැකිය. [IMG alt="🌹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f339.png[/IMG] සම්බුදුරජාණන් වහන්සේ ගැන මෙසේ හිත පහදවා ගන්න [IMG alt="🌹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f339.png[/IMG] දෙවිමිනිසුන්ගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට ගෙන, නව අරහාදී සම්බුදු ගුණ, දස බල ඤාණ, සිව් විශාරද ඤාණ, ෂඞ් අසාධාරණ ඤාණ ආදී අනන්ත ඤාණ සමුදායකින් යුක්තවයි වැඩසිටියේ. භාග්‍යවතුන් වහන්සේ සීලයෙන් සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්තිඤාණ දර්ශනයෙන් තුන්ලෝකාග්‍රයි. එම නිසා යම් කෙනෙක් සම්බුදු ගුණ මහිමය ගැන සිත පහදවාගෙන බුද්ධානුස්සතිය වඩනවා නම්, සම්බුදු ගුණ සජ්ඣායනා කරමින් සත්‍යක්‍රියා කොට, මෙත් සිතින් කෙනෙකුට සෙත් පතනවා නම් එය ආශීර්වාදයක් ම යි. මෙතරම් දිගු කලක් මුළුල්ලේ ඉපදීමත්, ජරාවත්, මරණයත් වැළඳගෙන අප සසර ගමනක පැටලී සිටින බව අප මෙතෙක් දැන සිටියේ නැත. එහෙත් දැන් අපි එය දනිමු. අපගේ ජීවිත තුළ පවතින සැබෑ ම අනතුර කුමක් දැයි අපි දැන් දනිමු. මේ දක්වා ම නිමා නො වන සසර ගමනක් උරුම වූයේ මක් නිසා දැයි දැන් අපි දනිමු. කලාතුරකින් පහළ වන අසිරිමත් මනුෂ්‍ය රත්නයක් වන භාග්‍යවත් වූ, අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපට වදාරණ ලද ශ්‍රී සද්ධර්මය නිසා අප එය දැනගතිමු. චතුරාර්ය සත්‍යාවබෝධයට පැමිණෙන තුරු සතර අපා දුකින් නිදහස් විය නො හැකි බව අපට පහදා දුන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ය. චතුරාර්ය සත්‍යය යනු කුමක් දැයි අපට පහදා දුන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ය. මේ සා දිගු ගමනක් අප සසර පුරා සැරිසරා ආවේ ස්ථිර වූ, නොවෙනස් වූ කිසිවක් නිසා නො ව හේතූන් නිසා ඵල හටගන්නා ධර්ම නියාමයක් මත බව අපට පහදා දුන්නේ උන්වහන්සේ ය. හේතූන් නැති වීමෙන් ඵල ද නැති වී යන ස්වභාවයෙන් යුක්ත යෑයි අපට පහදා දුන්නේ උන්වහන්සේ ය. මේ හේතු ඵල දහමින් සකස් වූ ජීවිතය පිළිබඳ යථාභූත ඤාණය ඇති කර ගත හැකි බව අපට පහදා දුන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ය. ලොව සියලු දෙය අනිත්‍ය බවත්, අනිත්‍ය වූ සියල්ල ම දුකට අයත් වන බවත්, දුක් වූ සියල්ල තමාගේ වසඟයේ පවත්වා ගත නො හැකි නිසා අනාත්ම බවත් අපට පහදා දුන්නේ උන්වහන්සේ ය. ඒ යථාර්ථය අවබෝධ කර ගැනීම බුද්ධිමත් කෙනෙකුට කළ හැකි බවත් පහදා දුන්නේ උන්වහන්සේ ය. එවිට මේ හේතු ඵල දහමින් සකස් වූ ජීවිතයේ ස්වභාවය අවබෝධ වන බවත්, ඒ නිසා ම ඒ ගැන කලකිරෙන බවත්, ඒ නිසා ම ඒ ගැන ඇල්ම දුරුවීමෙන් එයින් නිදහස් වන බවත් පහදා දුන්නේ උන්වහන්සේ ය. හේතුඵල දහමින් සකස් වූ දුක හේතු නැති වීමෙන් නැති වී ගිය විට ඔහු දුකින් නිදහස් වන බවත් අපට පහදා දුන්නේ උන්වහන්සේ ය. ඒ කෙනා අමා මහ නිවන නම් වූ අතිඋදාර සැපයට පත්වන බවත්, ඒ අමා නිවන් හේතූන්ගෙන් හට නො ගත් නිසා ජාති, ජරා, මරණ කිසිවක් එහි නැති බවත් අපට පහදා දුන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ය. ඒ සඳහා සීල, සමාධි, ප්‍රඥාවෙන් යුතු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කළ යුතු බවත්, ඒ ආර්ය මාර්ගය සම්පූර්ණ කර ගත් විට ඒ අමා නිවන සාක්ෂාත් කළ හැකි බවත් අපට පහදා දුන්නේ උන්වහන්සේ ය. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom