Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සතිය පවත්වා ගත යුතු අයුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කයින් කෙතරම් විවේකීව සිටියද සිතින් විඩාපත්ව සිටී නම් භාවනාව සාර්ථක නොවේ. සිතින් හැමවිටම ලෞකික ලෝකයේ දේවල්ම අල්ලාගෙන ඒවා ගැනම සිතමින් සිහින දකිමින් සිටින කෙනෙකුට භාවනාව සාර්ථක නොවීම පුදුමයක් නොවේ. ඇතැම් අය කාර්යාල වල දේවල් වලට සිතින් බොහෝ ඇලෙයි. ගැටෙයි. ඒවැනි පීඩාකාරී සිතිවිලි බහුල නම් සිතට විවේකයක් නැත. භාවනාවට යොමු වීමටත් මූලිකවම සිතේ යම් කිසි හෝ අත හැරීමක්, පැවතිය යුතුය. මේ ලෞකික දේවල් කෙරෙහි නිබ්බිදාවක්, විරාගයක් පැවතිය යුතුය. සිතේ තණ්හාව බහුල නම්, ඔබ විසින් නොයෙක් දේවල් හා පුද්ගලයන් කෙරෙහි ඇලීම, ගැටීම ආදී සිතිවිලි නිරතුරුව සිතේ පවත්වා ගනී. ලෞකික දේවල් කෙරෙහි බලාපොරොත්තු ආශාවන් පොදි බැඳගෙන නිවන් දකින්නට නොහැකි බව ඔබ තේරුම් ගත යුතුය. නිවන යනු සියල්ලම අතහැරීමයි. එක අතකින් අල්ලා ගෙන අනෙක අතින් අත හැරිය නොහැක.

භාවනාව, නිවන යනු ඔබ තනිව සිදු කරන දෙයකි. ඔබ අවන්කව කරන තරමට ඔබට ප්‍රතිඵල ලැබේ. සසර භය තිබුණාට නිවන් දකින්නට නොහැක. සසරට භිය විය යුත්තේ යම් සේද එලෙසින්ම සසර කෙරෙහි කළකිරීමද ඇතිවිය යුතුය. තවත් නම් උපතක් එපා, පැවැත්මක් එපා ලෙසින් හදවතින්ම පැන නැගී ආ යුතුය. අද බොහෝ දෙනා වෙහෙසෙන්නේ සෝවාන් වීමටය. ඒ සසර අපා දුක් විදින්නට ඇති භිය නිසාය. අප කවුරුත් දුකක් විඳින්නට භිය වෙමු. එය දෙව්, මිනිස්, බඹුන්, තිරිසන්, ප්‍රේත, අපා ආදී කවර සත්වයකුටත් පොදු දෙයකි. සියළු සත්වයෝ දුක් වේදනාවන් විඳින්නට භිය වෙති. බොහෝ අය අපාය ආදීය ගැන විශ්වාස නොකරන නිසා ඔවුන් තුළ කිසි භියක් හට නොගනී. නමුත් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිළිගැනීම ඇති අය අපාය ආදිය ගැන පිළිගනී. එසේ අපා දුක් විඳින්නට ඔවුන් සැබවින්ම භිය වෙති. අපායේ ඉපදීමට ඇති භිය පමණක් ඔබව නිවන් දකින්නට ප්‍රමාණවත් නොවේ. අපායේ ඉපදීමට භිය වූවත්, දිව්‍ය සම්පත් විඳින්නට බොහෝ අය කැමතිය. පින් කම් කිරීමට බොහෝ අය බහුලව පෙළබෙන්නේ එබැවිනි.

නමුත් නිවන් දැකීමට එය පමණක් ප්‍රමාණවත් නොවේ. එයද තණ්හාව ක්‍රියාත්මක වීමකි. භවයක් ප්‍රාර්ථනා කරමින්, භවයෙන් නිදහස් වීමට නොහැක. ඔබ විසින් සතර අපා ආදියත් ඇතුළුව සියලු තැන්හි ඉපදීම කෙරෙහි කළකිරිය යුතුයමය. සිතේ ඇති තණ්හාව අඩු කරගත යුතුය. එක පසෙකින් තණ්හාව පෝෂණය කරමින් අනෙක් පසින් කොපමණ භාවනාව කරද තණ්හාව ප්‍රහීණ කරමින් අත්දකිනා නිවන අවබෝධ කරගත නොහැකිය. එය හරියට හිස් කූඩයකට වතුර පුරවනවාක් මෙනි. සැබෑ ලෙසම දේවල් කෙරෙහි ඇති ආශාව අඩු කර ගනිමින් අත් හැරීම පුරුදු කළ යුතුය. දානය දීම මඟින් අප පුරුදු කළ යුත්තේ එයයි.

නමුත් අද බෞද්ධයන් දානය දෙන්නේම තණ්හාව පෝෂණය කරමිනි. දානය දෙන්නේ අතහරිමි යන සිතිවිල්ල ප්රමුඛ කොට ගනිමින් නොව, දිව්‍ය සැප ලැබීමට හේතුවන පින නම් වූ සිත අල්ලාගෙනය . ඔබ විසින් කර්මය හා කර්ම ඵලය අදහාගෙන දානය දිය යුතුමය. කුසලයක් ත්‍රිහේතුක වීමට එය උපකාරී වන බැවිනි. නමුත් දානය යනු දෙන දෙයකි. ඔබට දෙයක් පෙරළා ලැබුණා හෝ නොලැබුණා විය හැක. නමුත් ඔබ සිතින් අත හරිමින් දෙන්නට පුරුදු විය යුතුය. තමන්ට පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවී දිය යුතුය. ඔබ අවන්කව බලන්න. ඔබ බොහෝ පින්කම් කරන්නේ කීර්තිය ප්‍රශංසාවට ආශාවෙනි. සමාජයට පෙනෙන්නට කරන්නට කැමතිය. එසේ තමන් කළ පින්කමක් අන් අයටත් අනුමෝදන් කරවීම උතුම් දෙයකි. එය අන් අයවත් එවැනි දේ සඳහා පෙළඹවීමකි. නමුත් මේ කියන්නේ ඔබේ සිතේ ස්වභාවය ගැනය. ඔබ ඔබටම අවංක වෙමින් දෙන දේ අත් හරිමින්ම දෙන්න. අත් හැරීය යුත්තේ දෙන ලබන වස්තුව නොව, ඒ වෙනුවෙන් ඔබේ සිතේ ඇතිවන තණ්හාව මිශ්‍ර සිතිවිලිය.

එසේ ඔබ විසින් තණ්හාව අඩු කරන මාර්ගයට අවතීර්ණ විය යුතුය.

මේ සියළු දේවල් කෙරෙහි නිබ්බිදාව , විරාගය සිතේ පැවැත්විය යුතුය.

නිබ්බිදාව යනු සාමාන්‍ය කළකිරීම නොවේ. ඒ කළකිරීම පටිඝ මිශ්‍ර සිතකි. කළකිරීම ඇතිවන්නේ අපට අසතුටු දෙයක් ඇතිවූ විට පමණි. ඔබට රාජකාරියේ වැඩක් කරගැනීමට නොහැකි විට, ඔබේ පෙම්වතා තරහා වූ විට ඔබට කළකිරීම ඇතිවේ. එය කාටත් එන කළකිරීමකි. නමුත් ඔබේ රාජකාරී වැඩ ඉතා හොඳින් වෙද්දී, ඔබට කීර්ති ප්‍රශංසා උසස්වීම, පඩි ලැබෙද්දී, ඔබේ පෙම්වතා සැමියා ඉතා හොදින් ආදරයෙන් ඉද්දී, ඔබට ආස යාන වාහන, ගෙවල් ලැබෙද්දී ඔබට කළකිරීම එයිද.. බොහෝ අයට නැත. නිබ්බිදාව යනු ඒ කළකිරීම නොවේ.

කුමන සැප සම්පත් මැද, සතුටින්, සිටියද ඒ සියල්ලේ ඇති නිස්සාර බව, හිස් බව අවබෝධ වෙමින් ඒ සියල්ලෙන්ම මිදී යන්නට තරම් ඇතිවන සියුම් විරාගි සිත නිබ්බිදාවයි.

සියළු දෙය අනිත්‍යය බැවින් කිසිවක් සදාකාලිකව පවත්වා ගත නොහැක. අප සතු රූපය, ධනය, වටිනාකම්, ආදරණීය පුද්ගලයන් කිසිම දෙයක් අප ළඟ සදාකාලිකව නොරැඳේ. සියල්ල තණ අග රැඳි පිණි මෙනි. ඊළඟ මොහොතේ නැතිවන්නට පුළුවන. සුනාමි, කොටි, සහරාන්, ආදි නොයෙක් සිදුවීම් ඇස් පණා පිට සිදුවෙද්දී මේ සියල්ල එක මොහොතකින් වෙනස් වන බව අප අවබෝධ කරගත යුතුය. අපට නොවේ යැයි කිසිවකුට කිව නොහැක. අතීත සංසාරයේ අප විසින් කරන ලද කර්ම ප්‍රමාණය අතිවිශාලය. ඔබේ ඉදිරි සසර ගමනම ඔබ ගොඩනගාගෙන, දැනුදු ගොඩනගමින් සිටියි.

එය හරියට ඔබේ පොතේ කෝටි දහයක් ඇතැයි සිතන්න. ඔබ සිතන්නේ රැකියාවක් නැතිව වුවද පොළියෙන් ජීවත් වීමට ඇති බව. එලෙසින්ම සංසාරයේ බැංකු ගිණුම වන කර්ම, ඔබ විසින් සාදාගෙන ඉවරය. දැනුදු ඊට එකතු කරගනිමින් සිටියි. මේ ලිපිය කියවන ගමන් ඔබ අතේ මදුරුවෙකු වැහුවේ නම් ඔබ ඌ මරා දැමුවේ නම්, ඔබ විසින් අනාගත සංසාරයටද එලෙසින්ම මිය යන්නට කර්මයක් එක් ක්ෂණයකදී ගොඩ නගා ගත්තේය. මේ සසර යනු එවැනි දෙයකි. ඉතින් ඒ සසර ගැන පැවැත්ම ගැන ඔබ භිය විය යුතුය. කළකිරිය යුතුය. විරාගී විය යුතුය. නිරර්ථක බව වටහා ගත යුතුය. ඔබට මට විපාක දීමට මොන අන්දමේ කර්මයන් ඇත්දැයි අප නොදන්නෙමු. අවස්ථාව ආ සැනින් ඒවා එළඹ සිටියි. කිසිවකුටත් නවතාළිය නොහැක.

එසේ මේ සංසාරය ගැන යළි යළි සිතමින් ඔබේ සිතේ ආශාව අඩු කරගත යුතුය. එසේ වූ සිතකින් ඔබ භාවනාවට හිඳගන්නේ නම්, ඔබේ සමාධිය වැඩීම තවත් පමා නොවනු ඇත..

කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන් යුත් කෙනා තුළ ප්‍රීතියක් පිහිටයි. ඔහු භාවනාවට හිදගන්නේ ඒ මොහොතේ සංසුන් සිතිනි. ඒ ප්‍රීතිය තුළින් භාවනාවෙදී ඔහුට ඵස්සද්දිය ජනිත කරවයි. කය නිවී, සිත සංසිදී යද්දී කයට මහත් වූ සුඛයක් දැනේ. මේ සියළු දේ මැද්දෙන් ඔහුගේ සිත සමාධිමත් වේ.

ඒ සමාධිමත් සිතේ විතක්ක, විචාරද ක්‍රමයෙන් සංසිදී ප්‍රීතිය, සුඛය ඒකග්ගතාවය පිහිටයි. ඒ සියලු දෑද ක්‍රමයෙන් ඉක්මවා යමින් ඒකග්ගතාවය පමණක්ද පිහිටන අවස්ථාවක් එයි. එහිදී සති ඉන්ද්රිය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වේ. මේ සියළු රූපාවචර ධ්‍යානයන්ද ඉක්මවා යමින් කාය නිරෝධය ( එනම් කය නොදැනීම යමින්) අරූපාවචර ධ්‍යාන වලටද සමවදින්නට හැකිවේ. සියළු රූප නිමිති නිරුද්ධ වී ගොස් හිස් අහසක සිත පවතිනවා බඳු තත්වයකි. එම අහස යන සංඥාවද ඉක්මවා සිතට සිත පමණක් අරමුණු වන අවස්ථාවක්ද, ඒ සිත යන බවත් සිතේම සංඥාවක් බව අවබෝධ වෙමින් ඒ සංඥාද ඉක්මවා, සංඥාවක් ඇතිත්, නැතිත් යන ඉතාමත්ම සියුම් දැනීමක් වන නේවසංඥානාසංඥායතය නම් වූ අරූපාවචර ඉහළම ධ්‍යානයට වුවද සමවැදිය හැක. මේ ධ්‍යාන මට්ටමද ඉක්මවා යමින් නිරෝධ සමාපත්තීන් වැනි තත්වයන්ටද සමවැදීමට ඉහළ මාර්ගඵල ලාබී කෙනෙකුට හැකියාව ඇත.

සැම ධ්‍යාන සිතකම අනිත්‍ය , අනාත්ම, දුක් බව විදර්ශනාවට නඟමින් ඒ සියළු ධ්‍යාන සිත් ඉක්මවා නිවනට සිත පත් කර ගැනීමට හැක. සෝවාන් වීමට නම් අඩුම වශයෙන් උපචාර සමාධියක් හෝ (පළමුවන ධ්‍යානයට පෙර අවස්ථාවක්) සමථ ආකාරයෙන් හෝ විදර්ශනා ආකාරයෙන් වඩා තිබිය යුතුය.

ධ්‍යාන වඩවමින් සමථ ආකාරයෙන් භාවනාව ප්‍රගුණ කරන ආකාරය එලෙස වන අතර පංචස්කන්ධය විදර්ශනාවට නඟමින් ත්රිලක්ෂණය දකිමින් විදර්ශනා භාවනාව මුල සිටම වැඩීමෙන්ද නිවන් ලබා ගත හැක. විදර්ශනා භාවනාවෙන්ද සමථයෙන් ලැබෙනා ධ්‍යාන උපදවා ගත හැක. උදාහරණයකට විදර්ශනා භාවනාවෙන් කය විදර්ශනා කොට කාය නිරෝධයකට සිත පත්වේ. එනම් කය සම්පූර්ණයෙන්ම සිතට නොදැනී නොපෙනී යයි. සිත පමණක් පවත්නා බව පෙනී යයි. මෙය සමථයෙන් ලබා ගන්නා පළමුවන අරූපාවචර ධ්‍යානයට සමවේ.

කුමන අයුරකින් කළද ප්‍රායෝගික වශයෙන් මේ ලබා ගන්නා අත්දැකීම් සඳහා ඔබ විසින් ප්රායෝගිකවම ධර්මය පුහුණු කළ යුතුය. ක්‍රමානුකූලව ඉතාමත් අවබෝධයෙන්, අවංකව , නිවන් දැකීමේ පරම අභිලාශයෙන් සිදු කළ යුතුය. බොහෝ අය භාවනා කරන්නේ ලෝකයට පෙනෙන්නටය. කීර්ති ප්රශංසාවටය. ඒ භාවනාවෙන් වන්නේ කෙලෙස් වඩවා ගැනීමකි. සිත යනු කෙලෙස් ඇති කිරීමටම උපන් දෙයකි.

අප විසින් භාවනාව වැඩිය යුතුවන්නේ කෙලෙස් වඩවාගැනීමට නොව, තිබෙන කෙලෙස් වියළා දැමීමටය.

ඇතැම් අය තමන් ලැබූ මාර්ග ඵල ලොවට කිය කියා , ඒ තුළින්ද ආත්ම තෘප්තියක් ලබයි. ඔබ නිවනක් අවබෝධ කළෙ නම් එහි සතුට ඔබටය. ඔබ සතර අපායෙන් මිදුණේ නම් එහි විපාකය ඔබටය. අනෙක් අයට ඉන් යහපතක් ලැබෙන්නේ ඔබ විසින් අන් අයවත් මේ නිවන් මාර්ගය තුළ පිහිටවීමට යම්කිසි හෝ උපකාරයක් කිරීමෙනි. පහළ මාර්ගඵල ලබාගත් අයගේ සිත් තුළ වුවද ඊර්ශ්‍යා, මාන්න, ද්වේශ, රාග ආදී කෙලෙස් පවතී. ඔවුන් උත්සාහ කළ යුත්තේ ඒවා නිරුද්ධ කිරීමටය.

කොතෙක් පොත් පත් කටපාඩමින් සිටියද ප්‍රායෝගිකව අත්දකිමින් ධර්මය ප්රත්යවේක්ෂා කිරීමෙන් ලැබෙන දේ ඉඳුරා වෙනස්ය. අවබෝධය, දැනුම හා ප්රත්යක්ෂ දැනීම යනු මහත් වෙනස් දෙකකි. ඒ ධර්මය දැකීමෙන් එන ශ්‍රද්ධාව යළි සසරේ කිසිඳු දිනෙක බිඳී නොයයි. ජාතක කතා කියවා හෝ, බෝධියක කොඩියක් එල්වා අපට පිහිටක් ලැබුණු විට එන ශ්‍රද්ධාව හා ධර්මය දැකීමෙන් එන ශ්‍රද්ධාව සසදන්නේ නම් මහ සාගරයක් හා ළිඳක ඇති වතුර සසඳනවා මෙනි.

නිවනක් සාක්ෂාත් කරගනිමින් සියල්ලු විපරීත සංස්කාරයන්ගෙන් මිදී සිත ඒ මහා ශාන්ත වූ අමා මහ නිවනේ ගිලී නිවන් සුව විඳින විට....

"ඒතං සංතං ඒතං පණීධං යදිදං සබ්බ සංඛාර සමථො සබ්බූපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ, විරාගෝ, නිරෝධෝ නිබ්බානන්ති..."

සියළු සංස්කාර සංසිඳී ගිය, සියළු උපධීන් සමනය වූ, තණ්හාව ක්ෂය වු, කිසිවකට ඇල්මක් නැති, නිරුද්ධ වී ගියාවූ , නිවන ඒකාන්තයෙන්ම ශාන්තය..ඒකාන්තයෙන්ම. ප්‍රණීතය...!!!!!!

[QUOTE="asliyanage, post: 25681164, member: 8764"] කයින් කෙතරම් විවේකීව සිටියද සිතින් විඩාපත්ව සිටී නම් භාවනාව සාර්ථක නොවේ. සිතින් හැමවිටම ලෞකික ලෝකයේ දේවල්ම අල්ලාගෙන ඒවා ගැනම සිතමින් සිහින දකිමින් සිටින කෙනෙකුට භාවනාව සාර්ථක නොවීම පුදුමයක් නොවේ. ඇතැම් අය කාර්යාල වල දේවල් වලට සිතින් බොහෝ ඇලෙයි. ගැටෙයි. ඒවැනි පීඩාකාරී සිතිවිලි බහුල නම් සිතට විවේකයක් නැත. භාවනාවට යොමු වීමටත් මූලිකවම සිතේ යම් කිසි හෝ අත හැරීමක්, පැවතිය යුතුය. මේ ලෞකික දේවල් කෙරෙහි නිබ්බිදාවක්, විරාගයක් පැවතිය යුතුය. සිතේ තණ්හාව බහුල නම්, ඔබ විසින් නොයෙක් දේවල් හා පුද්ගලයන් කෙරෙහි ඇලීම, ගැටීම ආදී සිතිවිලි නිරතුරුව සිතේ පවත්වා ගනී. ලෞකික දේවල් කෙරෙහි බලාපොරොත්තු ආශාවන් පොදි බැඳගෙන නිවන් දකින්නට නොහැකි බව ඔබ තේරුම් ගත යුතුය. නිවන යනු සියල්ලම අතහැරීමයි. එක අතකින් අල්ලා ගෙන අනෙක අතින් අත හැරිය නොහැක. භාවනාව, නිවන යනු ඔබ තනිව සිදු කරන දෙයකි. ඔබ අවන්කව කරන තරමට ඔබට ප්‍රතිඵල ලැබේ. සසර භය තිබුණාට නිවන් දකින්නට නොහැක. සසරට භිය විය යුත්තේ යම් සේද එලෙසින්ම සසර කෙරෙහි කළකිරීමද ඇතිවිය යුතුය. තවත් නම් උපතක් එපා, පැවැත්මක් එපා ලෙසින් හදවතින්ම පැන නැගී ආ යුතුය. අද බොහෝ දෙනා වෙහෙසෙන්නේ සෝවාන් වීමටය. ඒ සසර අපා දුක් විදින්නට ඇති භිය නිසාය. අප කවුරුත් දුකක් විඳින්නට භිය වෙමු. එය දෙව්, මිනිස්, බඹුන්, තිරිසන්, ප්‍රේත, අපා ආදී කවර සත්වයකුටත් පොදු දෙයකි. සියළු සත්වයෝ දුක් වේදනාවන් විඳින්නට භිය වෙති. බොහෝ අය අපාය ආදීය ගැන විශ්වාස නොකරන නිසා ඔවුන් තුළ කිසි භියක් හට නොගනී. නමුත් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිළිගැනීම ඇති අය අපාය ආදිය ගැන පිළිගනී. එසේ අපා දුක් විඳින්නට ඔවුන් සැබවින්ම භිය වෙති. අපායේ ඉපදීමට ඇති භිය පමණක් ඔබව නිවන් දකින්නට ප්‍රමාණවත් නොවේ. අපායේ ඉපදීමට භිය වූවත්, දිව්‍ය සම්පත් විඳින්නට බොහෝ අය කැමතිය. පින් කම් කිරීමට බොහෝ අය බහුලව පෙළබෙන්නේ එබැවිනි. නමුත් නිවන් දැකීමට එය පමණක් ප්‍රමාණවත් නොවේ. එයද තණ්හාව ක්‍රියාත්මක වීමකි. භවයක් ප්‍රාර්ථනා කරමින්, භවයෙන් නිදහස් වීමට නොහැක. ඔබ විසින් සතර අපා ආදියත් ඇතුළුව සියලු තැන්හි ඉපදීම කෙරෙහි කළකිරිය යුතුයමය. සිතේ ඇති තණ්හාව අඩු කරගත යුතුය. එක පසෙකින් තණ්හාව පෝෂණය කරමින් අනෙක් පසින් කොපමණ භාවනාව කරද තණ්හාව ප්‍රහීණ කරමින් අත්දකිනා නිවන අවබෝධ කරගත නොහැකිය. එය හරියට හිස් කූඩයකට වතුර පුරවනවාක් මෙනි. සැබෑ ලෙසම දේවල් කෙරෙහි ඇති ආශාව අඩු කර ගනිමින් අත් හැරීම පුරුදු කළ යුතුය. දානය දීම මඟින් අප පුරුදු කළ යුත්තේ එයයි. නමුත් අද බෞද්ධයන් දානය දෙන්නේම තණ්හාව පෝෂණය කරමිනි. දානය දෙන්නේ අතහරිමි යන සිතිවිල්ල ප්රමුඛ කොට ගනිමින් නොව, දිව්‍ය සැප ලැබීමට හේතුවන පින නම් වූ සිත අල්ලාගෙනය . ඔබ විසින් කර්මය හා කර්ම ඵලය අදහාගෙන දානය දිය යුතුමය. කුසලයක් ත්‍රිහේතුක වීමට එය උපකාරී වන බැවිනි. නමුත් දානය යනු දෙන දෙයකි. ඔබට දෙයක් පෙරළා ලැබුණා හෝ නොලැබුණා විය හැක. නමුත් ඔබ සිතින් අත හරිමින් දෙන්නට පුරුදු විය යුතුය. තමන්ට පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවී දිය යුතුය. ඔබ අවන්කව බලන්න. ඔබ බොහෝ පින්කම් කරන්නේ කීර්තිය ප්‍රශංසාවට ආශාවෙනි. සමාජයට පෙනෙන්නට කරන්නට කැමතිය. එසේ තමන් කළ පින්කමක් අන් අයටත් අනුමෝදන් කරවීම උතුම් දෙයකි. එය අන් අයවත් එවැනි දේ සඳහා පෙළඹවීමකි. නමුත් මේ කියන්නේ ඔබේ සිතේ ස්වභාවය ගැනය. ඔබ ඔබටම අවංක වෙමින් දෙන දේ අත් හරිමින්ම දෙන්න. අත් හැරීය යුත්තේ දෙන ලබන වස්තුව නොව, ඒ වෙනුවෙන් ඔබේ සිතේ ඇතිවන තණ්හාව මිශ්‍ර සිතිවිලිය. එසේ ඔබ විසින් තණ්හාව අඩු කරන මාර්ගයට අවතීර්ණ විය යුතුය. මේ සියළු දේවල් කෙරෙහි නිබ්බිදාව , විරාගය සිතේ පැවැත්විය යුතුය. නිබ්බිදාව යනු සාමාන්‍ය කළකිරීම නොවේ. ඒ කළකිරීම පටිඝ මිශ්‍ර සිතකි. කළකිරීම ඇතිවන්නේ අපට අසතුටු දෙයක් ඇතිවූ විට පමණි. ඔබට රාජකාරියේ වැඩක් කරගැනීමට නොහැකි විට, ඔබේ පෙම්වතා තරහා වූ විට ඔබට කළකිරීම ඇතිවේ. එය කාටත් එන කළකිරීමකි. නමුත් ඔබේ රාජකාරී වැඩ ඉතා හොඳින් වෙද්දී, ඔබට කීර්ති ප්‍රශංසා උසස්වීම, පඩි ලැබෙද්දී, ඔබේ පෙම්වතා සැමියා ඉතා හොදින් ආදරයෙන් ඉද්දී, ඔබට ආස යාන වාහන, ගෙවල් ලැබෙද්දී ඔබට කළකිරීම එයිද.. බොහෝ අයට නැත. නිබ්බිදාව යනු ඒ කළකිරීම නොවේ. කුමන සැප සම්පත් මැද, සතුටින්, සිටියද ඒ සියල්ලේ ඇති නිස්සාර බව, හිස් බව අවබෝධ වෙමින් ඒ සියල්ලෙන්ම මිදී යන්නට තරම් ඇතිවන සියුම් විරාගි සිත නිබ්බිදාවයි. සියළු දෙය අනිත්‍යය බැවින් කිසිවක් සදාකාලිකව පවත්වා ගත නොහැක. අප සතු රූපය, ධනය, වටිනාකම්, ආදරණීය පුද්ගලයන් කිසිම දෙයක් අප ළඟ සදාකාලිකව නොරැඳේ. සියල්ල තණ අග රැඳි පිණි මෙනි. ඊළඟ මොහොතේ නැතිවන්නට පුළුවන. සුනාමි, කොටි, සහරාන්, ආදි නොයෙක් සිදුවීම් ඇස් පණා පිට සිදුවෙද්දී මේ සියල්ල එක මොහොතකින් වෙනස් වන බව අප අවබෝධ කරගත යුතුය. අපට නොවේ යැයි කිසිවකුට කිව නොහැක. අතීත සංසාරයේ අප විසින් කරන ලද කර්ම ප්‍රමාණය අතිවිශාලය. ඔබේ ඉදිරි සසර ගමනම ඔබ ගොඩනගාගෙන, දැනුදු ගොඩනගමින් සිටියි. එය හරියට ඔබේ පොතේ කෝටි දහයක් ඇතැයි සිතන්න. ඔබ සිතන්නේ රැකියාවක් නැතිව වුවද පොළියෙන් ජීවත් වීමට ඇති බව. එලෙසින්ම සංසාරයේ බැංකු ගිණුම වන කර්ම, ඔබ විසින් සාදාගෙන ඉවරය. දැනුදු ඊට එකතු කරගනිමින් සිටියි. මේ ලිපිය කියවන ගමන් ඔබ අතේ මදුරුවෙකු වැහුවේ නම් ඔබ ඌ මරා දැමුවේ නම්, ඔබ විසින් අනාගත සංසාරයටද එලෙසින්ම මිය යන්නට කර්මයක් එක් ක්ෂණයකදී ගොඩ නගා ගත්තේය. මේ සසර යනු එවැනි දෙයකි. ඉතින් ඒ සසර ගැන පැවැත්ම ගැන ඔබ භිය විය යුතුය. කළකිරිය යුතුය. විරාගී විය යුතුය. නිරර්ථක බව වටහා ගත යුතුය. ඔබට මට විපාක දීමට මොන අන්දමේ කර්මයන් ඇත්දැයි අප නොදන්නෙමු. අවස්ථාව ආ සැනින් ඒවා එළඹ සිටියි. කිසිවකුටත් නවතාළිය නොහැක. එසේ මේ සංසාරය ගැන යළි යළි සිතමින් ඔබේ සිතේ ආශාව අඩු කරගත යුතුය. එසේ වූ සිතකින් ඔබ භාවනාවට හිඳගන්නේ නම්, ඔබේ සමාධිය වැඩීම තවත් පමා නොවනු ඇත.. කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන් යුත් කෙනා තුළ ප්‍රීතියක් පිහිටයි. ඔහු භාවනාවට හිදගන්නේ ඒ මොහොතේ සංසුන් සිතිනි. ඒ ප්‍රීතිය තුළින් භාවනාවෙදී ඔහුට ඵස්සද්දිය ජනිත කරවයි. කය නිවී, සිත සංසිදී යද්දී කයට මහත් වූ සුඛයක් දැනේ. මේ සියළු දේ මැද්දෙන් ඔහුගේ සිත සමාධිමත් වේ. ඒ සමාධිමත් සිතේ විතක්ක, විචාරද ක්‍රමයෙන් සංසිදී ප්‍රීතිය, සුඛය ඒකග්ගතාවය පිහිටයි. ඒ සියලු දෑද ක්‍රමයෙන් ඉක්මවා යමින් ඒකග්ගතාවය පමණක්ද පිහිටන අවස්ථාවක් එයි. එහිදී සති ඉන්ද්රිය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වේ. මේ සියළු රූපාවචර ධ්‍යානයන්ද ඉක්මවා යමින් කාය නිරෝධය ( එනම් කය නොදැනීම යමින්) අරූපාවචර ධ්‍යාන වලටද සමවදින්නට හැකිවේ. සියළු රූප නිමිති නිරුද්ධ වී ගොස් හිස් අහසක සිත පවතිනවා බඳු තත්වයකි. එම අහස යන සංඥාවද ඉක්මවා සිතට සිත පමණක් අරමුණු වන අවස්ථාවක්ද, ඒ සිත යන බවත් සිතේම සංඥාවක් බව අවබෝධ වෙමින් ඒ සංඥාද ඉක්මවා, සංඥාවක් ඇතිත්, නැතිත් යන ඉතාමත්ම සියුම් දැනීමක් වන නේවසංඥානාසංඥායතය නම් වූ අරූපාවචර ඉහළම ධ්‍යානයට වුවද සමවැදිය හැක. මේ ධ්‍යාන මට්ටමද ඉක්මවා යමින් නිරෝධ සමාපත්තීන් වැනි තත්වයන්ටද සමවැදීමට ඉහළ මාර්ගඵල ලාබී කෙනෙකුට හැකියාව ඇත. සැම ධ්‍යාන සිතකම අනිත්‍ය , අනාත්ම, දුක් බව විදර්ශනාවට නඟමින් ඒ සියළු ධ්‍යාන සිත් ඉක්මවා නිවනට සිත පත් කර ගැනීමට හැක. සෝවාන් වීමට නම් අඩුම වශයෙන් උපචාර සමාධියක් හෝ (පළමුවන ධ්‍යානයට පෙර අවස්ථාවක්) සමථ ආකාරයෙන් හෝ විදර්ශනා ආකාරයෙන් වඩා තිබිය යුතුය. ධ්‍යාන වඩවමින් සමථ ආකාරයෙන් භාවනාව ප්‍රගුණ කරන ආකාරය එලෙස වන අතර පංචස්කන්ධය විදර්ශනාවට නඟමින් ත්රිලක්ෂණය දකිමින් විදර්ශනා භාවනාව මුල සිටම වැඩීමෙන්ද නිවන් ලබා ගත හැක. විදර්ශනා භාවනාවෙන්ද සමථයෙන් ලැබෙනා ධ්‍යාන උපදවා ගත හැක. උදාහරණයකට විදර්ශනා භාවනාවෙන් කය විදර්ශනා කොට කාය නිරෝධයකට සිත පත්වේ. එනම් කය සම්පූර්ණයෙන්ම සිතට නොදැනී නොපෙනී යයි. සිත පමණක් පවත්නා බව පෙනී යයි. මෙය සමථයෙන් ලබා ගන්නා පළමුවන අරූපාවචර ධ්‍යානයට සමවේ. කුමන අයුරකින් කළද ප්‍රායෝගික වශයෙන් මේ ලබා ගන්නා අත්දැකීම් සඳහා ඔබ විසින් ප්රායෝගිකවම ධර්මය පුහුණු කළ යුතුය. ක්‍රමානුකූලව ඉතාමත් අවබෝධයෙන්, අවංකව , නිවන් දැකීමේ පරම අභිලාශයෙන් සිදු කළ යුතුය. බොහෝ අය භාවනා කරන්නේ ලෝකයට පෙනෙන්නටය. කීර්ති ප්රශංසාවටය. ඒ භාවනාවෙන් වන්නේ කෙලෙස් වඩවා ගැනීමකි. සිත යනු කෙලෙස් ඇති කිරීමටම උපන් දෙයකි. අප විසින් භාවනාව වැඩිය යුතුවන්නේ කෙලෙස් වඩවාගැනීමට නොව, තිබෙන කෙලෙස් වියළා දැමීමටය. ඇතැම් අය තමන් ලැබූ මාර්ග ඵල ලොවට කිය කියා , ඒ තුළින්ද ආත්ම තෘප්තියක් ලබයි. ඔබ නිවනක් අවබෝධ කළෙ නම් එහි සතුට ඔබටය. ඔබ සතර අපායෙන් මිදුණේ නම් එහි විපාකය ඔබටය. අනෙක් අයට ඉන් යහපතක් ලැබෙන්නේ ඔබ විසින් අන් අයවත් මේ නිවන් මාර්ගය තුළ පිහිටවීමට යම්කිසි හෝ උපකාරයක් කිරීමෙනි. පහළ මාර්ගඵල ලබාගත් අයගේ සිත් තුළ වුවද ඊර්ශ්‍යා, මාන්න, ද්වේශ, රාග ආදී කෙලෙස් පවතී. ඔවුන් උත්සාහ කළ යුත්තේ ඒවා නිරුද්ධ කිරීමටය. කොතෙක් පොත් පත් කටපාඩමින් සිටියද ප්‍රායෝගිකව අත්දකිමින් ධර්මය ප්රත්යවේක්ෂා කිරීමෙන් ලැබෙන දේ ඉඳුරා වෙනස්ය. අවබෝධය, දැනුම හා ප්රත්යක්ෂ දැනීම යනු මහත් වෙනස් දෙකකි. ඒ ධර්මය දැකීමෙන් එන ශ්‍රද්ධාව යළි සසරේ කිසිඳු දිනෙක බිඳී නොයයි. ජාතක කතා කියවා හෝ, බෝධියක කොඩියක් එල්වා අපට පිහිටක් ලැබුණු විට එන ශ්‍රද්ධාව හා ධර්මය දැකීමෙන් එන ශ්‍රද්ධාව සසදන්නේ නම් මහ සාගරයක් හා ළිඳක ඇති වතුර සසඳනවා මෙනි. නිවනක් සාක්ෂාත් කරගනිමින් සියල්ලු විපරීත සංස්කාරයන්ගෙන් මිදී සිත ඒ මහා ශාන්ත වූ අමා මහ නිවනේ ගිලී නිවන් සුව විඳින විට.... "ඒතං සංතං ඒතං පණීධං යදිදං සබ්බ සංඛාර සමථො සබ්බූපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ, විරාගෝ, නිරෝධෝ නිබ්බානන්ති..." සියළු සංස්කාර සංසිඳී ගිය, සියළු උපධීන් සමනය වූ, තණ්හාව ක්ෂය වු, කිසිවකට ඇල්මක් නැති, නිරුද්ධ වී ගියාවූ , නිවන ඒකාන්තයෙන්ම ශාන්තය..ඒකාන්තයෙන්ම. ප්‍රණීතය...!!!!!! [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom