Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සතුටින් ඉන්න සැක නැතිව ජීවත් වෙන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැකය කියන හැඟීම මිනිස්සුන්ට සෑහෙන්න දුක් ගෙන දෙන්න සමර්ථ හැඟීමක්. මේක අපිට විතරක් නෙමෙයි දෙවියන්ටත් එහෙමයි. මේ ගැන ශිව දෙවියන්ට අදාළ කථාවක් තමයි අද කියන්නෙ.

ශිව දෙවියො තමයි දෙවියන්ගෙත් දෙවියා. ශිව දෙවියන් නිතරම භාවනා කරමින් තමයි ඉන්නෙ. මේ නිසා මහායෝගී නැත්නම් ආදියෝගී කියන නමුත් ශිව දෙවියන්ට භාවිතා කරනවා. කොහොමින් කොහොම හරි විශ්වයේ සංතුලිතතාවය පවත්වාගෙන යාම සඳහා ශිව දෙවියන් ලෞකික ජීවිතේ ගත කිරීමේ අවශ්‍යතාවයත් බ්‍රහ්ම සහ විෂ්ණු දකිනවා. බ්‍රහ්ම සහ විෂ්ණු කියන්නෙ විශ්වසේ ආරම්භය සහ පැවැත්ම. අවසානය තමයි ශිව. මේ නිසා මේ ත්‍රිත්වය, ත්‍රිමූර්ති විදියට හඳුන්වනවා. ඉතින් බ්‍රහ්ම මේ ගැන විෂ්ණුගෙන් අදහස් ඇහුවාම විෂ්ණු කියනවා ආදිශක්ති තමයි ශිවගේ කාන්තා පාර්ශ්වය, ආදි ශක්තියගෙන් ශිව දෙවියන්ගෙ බිරිඳ වෙන්න කැමැත්ත අහන්න කියලා. මේ ගැන විමසුවට පස්සෙ ආදිශක්ති කැමැති වෙනවා ශිව දෙවියන්ගේ බිරිඳ වෙන්න. ඒ සඳහා ඇය ‘සති‘ කියන නාමයෙන් බ්‍රහ්මයගේ පුතෙක් වුන දක්ෂගෙ දුවෙක් වෙලා උපදිනවා. ඇයගේ අරමුණ වෙන්නෙ ශිව දෙවියන් සමග ලෞකික ජීවිතය ගත කිරීම. දැන් ඉතින් සති පහල වෙලා. හැබැයි ශිවට මේ ගැන වගක් නැහැ. පස්සෙ සියළුම දෙවිවරු ගිහිල්ලා ශිවගෙන් ඉල්ලීමක් කරනවා සති පහල වෙලා ඉන්න නිසා සති සමග විවාහ වෙන්න කියලා. දෙවියන්ගේ ඉල්ලීම මත ශිව දෙවියො, සති සමග ජීවත්වෙන්න කැමැති වෙනවා. හැබැයි විෂ්ණු දෙවියන්ට ශිව දෙවියො මෙහෙම කියනවා.

‘දවසක සති මා ගැන සැක කලොත් එදයින් පස්සෙ සතිගෙත් මගෙත් එකට විසීමක් නැහැ‘ කියලා. මේක පොරොන්දුවක් විදියට තමයි වෙන්නෙ.

ඉතින් ශිව දෙවියොත් සතිත් විවාහ වෙලා එකට ජීවත් වෙන්න පටන් ගන්නවා. දවසක් මේ දෙන්න ඇවිදින්න යනවා දණ්ඩක කැලයට. ඒ වෙද්දි රාම සහ ලක්ෂමන ඉන්නෙ මේ කැලයේ. ඒ දෙන්නා කැලය පීරමින් සීතාව සොයනවා. රාවණා සීතාව පැහැරගෙන ගිහිල්ලා. මේ දෙන්නා මෙහෙම සීතාව හොයමින් ඇවිදින අතරෙ තමයි ශිව සහ සති දණ්ඩක කැලයට එන්නෙ. ඈත ඉඳන් රාමව දකින ශිව රාමට වන්දනා කරනවා. රාමට වන්දනා කරන ශිව දෙවියන්ව දකින සති කල්පනා කරනවා, මගේ සැමියා දෙවියන්ගෙත් දෙවියා. ඉතින් මොකටද මේ තපසෙකුට වඳින්නෙ කියලා. එයා ඒ ගැන ශිවගෙන් අහනවා. එතකොට ශිව කියනවා ඒ ඉන්නෙ ශ්‍රී විෂ්ණුගේ අවතාරය වන රාමත් ලක්ෂමනත් කියන සහෝදරයො දෙන්න කියලා. රාමගේ මුහුණෙ තියෙන දුක්ඛිත පෙනුම දකින සති විශ්වාස කරන්නෙ නැහැ ශිව කියන්නෙ ඇත්ත කියලා. ඒක තේරුන ශිව සතිට කියනවා රාමගෙන් අහලම බලන්න කියලා. ඒ සැරේ සති, සීතා විදියට වෙස් මාරු කරන් රාම ඉස්සරහට යනවා. එයා හිතන්නෙ රාම කියන්නෙ විෂ්ණු නම් වෙස් වලාගෙන ඉන්න තමුන්ව අඳුනගනී කියලා. හැබැයි සීතාව දකින රාම ඒ මොහොතෙම අඳුනගන්නවා මේ ඉන්නෙ සීතා නෙමෙයි සති කියලා. ඒ නිසා රාම, සතිට වන්දනා කරලා අහනවා ඇයි වෙස් මාරු කරන් ඉන්නෙ කෝ ශිව දෙවියො කියලා.

මේක ඇහුවට පස්සෙ සති පිළිගන්නවා රාම කියන්නෙ ශ්‍රී විෂ්ණු කියලා. ඊට පස්සෙ එයා රාම සහ ලක්ෂ්මනව දකින කම් වෙච්චි කතාව රාමට කියනවා. එයාට ඇති වුන සැකය ගැන කියනවා. හැබැයි සතිගෙ සැකය මෙනිසා නැති වෙන්නෙ නැහැ. එයා විශ්වාස කරන විදියට ශිව සහ විෂ්ණු කියන්නෙ එක සමාන දෙන්නෙක් එහෙම තියෙද්දිත් ඇය ඇගේ සැමියා වෙන ශිව, විෂ්ණුට ගරු බුහුමන් කරන්නෙ කියන එක එයාට ප්‍රශ්නයක්. මේ නිසා මේ ගැනත් රාමගෙන් අහන්න සති අමතක කරන්නෙ නැහැ.

ඒකට උත්තරය දෙමින් රාම කියනවා වරක ශිව දෙවියෝ විශ්වකර්ම දිව්‍යපුත්‍රයා ලවා අලංකාර ශාලාවක් හදලා ඒකෙ ලස්සන රාජාසනයක් හදවනවා, ඉන්පස්සෙ සියළුම දෙවියන්ට තාපසයන්ට එතැනට එන්න කියලා විෂ්ණුටත් ආරාධනා කරලා විෂ්ණුව ඒ රාජාසනයේ වඩා හිඳෙව්වා කියලා. එහෙම ඉන්දලා හොඳම වෙලාවෙදි ස්වර්ණමය ඔටුන්නක් විෂ්ණුගෙ හිසට පළඳනවා කියලා. ඒ වෙලාවෙදි රැස්ව සිටින පිරිසටත් ඇහෙන්න ශිව කිව්වාලු ‘ඔබ තමයි විශ්වයේ දෙවියන්. ඔබ තමයි සියල්ලන්ගෙම වන්දනාවට පූජාවට ලක්විය යුතු කෙනා. මා එක්ක කරන සටනකදි වුනත් ඔබ පරදින්නෙ නැහැ. මම පුද්ගලිකව ඔබේ බැතිමතුන්ට මෝක්ෂය ලබා දෙනවා.‘ කියලා. ඉතින් එදා ඉඳන් මම ශිවට වන්දනා කරනවා, ශිව මට වන්දනා කරනවා කියලා.

මේ කතාව ඇහුවම සතිගෙ හිතේ තිබ්බ සැක දුරු වෙනවා. ඒත් ඇගේ හිතේ ප්‍රශ්නයක් ඉතිරි වෙනවා මම මගේ සැමියා වෙන ශිවගේ වචන විශ්වාස කලේ නැහැ, සැක කලා නේද කියලා. මෙනිසා ආපහු ශිව ලඟට ආපු සතිගෙ මූනෙ තිබුනෙ දුකක්. ඇගේ දුක් සහිත මූණ දැකපු ශිව ඒකට හේතු ඇහුවා. සතිත් තමුන් දැන ගත්ත දේවල් වගේම තමුන් දුක් වුන හේතුවත් කිව්වා. ඒක අහද්දි ශිවට මත් වුනා විෂ්ණුට වරෙක වෙච්චි පොරොන්දුව. ඒ කියන්නෙ සති විසින් ශිව ගැන සැක කලොත් එයින් පසු එකට විසීමක් නැහැ කියන එක. මේ ගැන මතක් වෙද්දි ශිව දෙවියන්ගෙ මුහුණ වෙනස් වුනා. දුකක් ඇති වුනා. සතිත් ඒක දැක්ක. නමුත් ශිව දෙවියො ඒ ගැන වචනයක්වත් සතිට කියන්නෙ නැහැ. ඒ ගැන නොතකා ආදරෙන් ඉන්නවා.

හැබැයි වැඩි දවසක් ගියෙ නැහැ. සතිට මියැදෙන්න සිද්ධ වුනා. ඉන්පස්සෙ ශිව දෙවියො මහත් දුකට පත් වෙලා ආපහු යෝගියෙක් බවට පත්වුනා. එහෙමයි සැකය නිසා ශිව දෙවියොත් දුකට පත් වුනේ. ඒකත් ශිව දෙවියන්ගෙ සැකයක් නිසා නෙමෙයි.

දෙවියන්ට සැකය නිසා දුක් ඇති වෙනවා වගේ තමයි සාමාන්‍ය මිනිස්සුන්ටත් සැකය නිසා දුක ඇති වෙනවා. සමහරු මේ නිසා සදාකාලික දුකට පත් වෙනවා. එහෙම දුකට පත්වෙන්නෙ බුද්ධාදි අට තැන ගැන සැක කරලා. මේ අවස්ථාවෙදි තියෙන සැකය හඳුන්වන්නෙ ‘විචිකිච්ඡාව‘ කියලා. අහලත් ඇතිනෙ. සමහරුන්ට මේ සැකය මානසික පීඩාවක් බවට පත් වෙලා බෙහෙත් ගන්න පවා සිද්ධ වෙනවා. එහෙම බැලුවම සැකය කියන්නෙ මානසික රෝගයක්. සැකයේ ස්වභාවය තමයි තැවෙන සුළු ගතිය. එක පැත්තකින් බය හිතෙනවා. අනෙක් පැත්තෙන් දුක හිතෙනවා. හැම පැත්තෙන්ම තැවෙනවා. මේ නිසා නොතැවි ඉන්න බලාපොරොත්තුවෙන මිනිස්සු පුළුවන්තරම් උත්සාහ කරන්න ඕනා සැකයකින් තොරව ජීවත් වෙන්න.

[QUOTE="hpalpola, post: 30212180, member: 321413"] [SIZE=4]සැකය කියන හැඟීම මිනිස්සුන්ට සෑහෙන්න දුක් ගෙන දෙන්න සමර්ථ හැඟීමක්. මේක අපිට විතරක් නෙමෙයි දෙවියන්ටත් එහෙමයි. මේ ගැන ශිව දෙවියන්ට අදාළ කථාවක් තමයි අද කියන්නෙ. ශිව දෙවියො තමයි දෙවියන්ගෙත් දෙවියා. ශිව දෙවියන් නිතරම භාවනා කරමින් තමයි ඉන්නෙ. මේ නිසා මහායෝගී නැත්නම් ආදියෝගී කියන නමුත් ශිව දෙවියන්ට භාවිතා කරනවා. කොහොමින් කොහොම හරි විශ්වයේ සංතුලිතතාවය පවත්වාගෙන යාම සඳහා ශිව දෙවියන් ලෞකික ජීවිතේ ගත කිරීමේ අවශ්‍යතාවයත් බ්‍රහ්ම සහ විෂ්ණු දකිනවා. බ්‍රහ්ම සහ විෂ්ණු කියන්නෙ විශ්වසේ ආරම්භය සහ පැවැත්ම. අවසානය තමයි ශිව. මේ නිසා මේ ත්‍රිත්වය, ත්‍රිමූර්ති විදියට හඳුන්වනවා. ඉතින් බ්‍රහ්ම මේ ගැන විෂ්ණුගෙන් අදහස් ඇහුවාම විෂ්ණු කියනවා ආදිශක්ති තමයි ශිවගේ කාන්තා පාර්ශ්වය, ආදි ශක්තියගෙන් ශිව දෙවියන්ගෙ බිරිඳ වෙන්න කැමැත්ත අහන්න කියලා. මේ ගැන විමසුවට පස්සෙ ආදිශක්ති කැමැති වෙනවා ශිව දෙවියන්ගේ බිරිඳ වෙන්න. ඒ සඳහා ඇය ‘සති‘ කියන නාමයෙන් බ්‍රහ්මයගේ පුතෙක් වුන දක්ෂගෙ දුවෙක් වෙලා උපදිනවා. ඇයගේ අරමුණ වෙන්නෙ ශිව දෙවියන් සමග ලෞකික ජීවිතය ගත කිරීම. දැන් ඉතින් සති පහල වෙලා. හැබැයි ශිවට මේ ගැන වගක් නැහැ. පස්සෙ සියළුම දෙවිවරු ගිහිල්ලා ශිවගෙන් ඉල්ලීමක් කරනවා සති පහල වෙලා ඉන්න නිසා සති සමග විවාහ වෙන්න කියලා. දෙවියන්ගේ ඉල්ලීම මත ශිව දෙවියො, සති සමග ජීවත්වෙන්න කැමැති වෙනවා. හැබැයි විෂ්ණු දෙවියන්ට ශිව දෙවියො මෙහෙම කියනවා. ‘දවසක සති මා ගැන සැක කලොත් එදයින් පස්සෙ සතිගෙත් මගෙත් එකට විසීමක් නැහැ‘ කියලා. මේක පොරොන්දුවක් විදියට තමයි වෙන්නෙ. ඉතින් ශිව දෙවියොත් සතිත් විවාහ වෙලා එකට ජීවත් වෙන්න පටන් ගන්නවා. දවසක් මේ දෙන්න ඇවිදින්න යනවා දණ්ඩක කැලයට. ඒ වෙද්දි රාම සහ ලක්ෂමන ඉන්නෙ මේ කැලයේ. ඒ දෙන්නා කැලය පීරමින් සීතාව සොයනවා. රාවණා සීතාව පැහැරගෙන ගිහිල්ලා. මේ දෙන්නා මෙහෙම සීතාව හොයමින් ඇවිදින අතරෙ තමයි ශිව සහ සති දණ්ඩක කැලයට එන්නෙ. ඈත ඉඳන් රාමව දකින ශිව රාමට වන්දනා කරනවා. රාමට වන්දනා කරන ශිව දෙවියන්ව දකින සති කල්පනා කරනවා, මගේ සැමියා දෙවියන්ගෙත් දෙවියා. ඉතින් මොකටද මේ තපසෙකුට වඳින්නෙ කියලා. එයා ඒ ගැන ශිවගෙන් අහනවා. එතකොට ශිව කියනවා ඒ ඉන්නෙ ශ්‍රී විෂ්ණුගේ අවතාරය වන රාමත් ලක්ෂමනත් කියන සහෝදරයො දෙන්න කියලා. රාමගේ මුහුණෙ තියෙන දුක්ඛිත පෙනුම දකින සති විශ්වාස කරන්නෙ නැහැ ශිව කියන්නෙ ඇත්ත කියලා. ඒක තේරුන ශිව සතිට කියනවා රාමගෙන් අහලම බලන්න කියලා. ඒ සැරේ සති, සීතා විදියට වෙස් මාරු කරන් රාම ඉස්සරහට යනවා. එයා හිතන්නෙ රාම කියන්නෙ විෂ්ණු නම් වෙස් වලාගෙන ඉන්න තමුන්ව අඳුනගනී කියලා. හැබැයි සීතාව දකින රාම ඒ මොහොතෙම අඳුනගන්නවා මේ ඉන්නෙ සීතා නෙමෙයි සති කියලා. ඒ නිසා රාම, සතිට වන්දනා කරලා අහනවා ඇයි වෙස් මාරු කරන් ඉන්නෙ කෝ ශිව දෙවියො කියලා. මේක ඇහුවට පස්සෙ සති පිළිගන්නවා රාම කියන්නෙ ශ්‍රී විෂ්ණු කියලා. ඊට පස්සෙ එයා රාම සහ ලක්ෂ්මනව දකින කම් වෙච්චි කතාව රාමට කියනවා. එයාට ඇති වුන සැකය ගැන කියනවා. හැබැයි සතිගෙ සැකය මෙනිසා නැති වෙන්නෙ නැහැ. එයා විශ්වාස කරන විදියට ශිව සහ විෂ්ණු කියන්නෙ එක සමාන දෙන්නෙක් එහෙම තියෙද්දිත් ඇය ඇගේ සැමියා වෙන ශිව, විෂ්ණුට ගරු බුහුමන් කරන්නෙ කියන එක එයාට ප්‍රශ්නයක්. මේ නිසා මේ ගැනත් රාමගෙන් අහන්න සති අමතක කරන්නෙ නැහැ. ඒකට උත්තරය දෙමින් රාම කියනවා වරක ශිව දෙවියෝ විශ්වකර්ම දිව්‍යපුත්‍රයා ලවා අලංකාර ශාලාවක් හදලා ඒකෙ ලස්සන රාජාසනයක් හදවනවා, ඉන්පස්සෙ සියළුම දෙවියන්ට තාපසයන්ට එතැනට එන්න කියලා විෂ්ණුටත් ආරාධනා කරලා විෂ්ණුව ඒ රාජාසනයේ වඩා හිඳෙව්වා කියලා. එහෙම ඉන්දලා හොඳම වෙලාවෙදි ස්වර්ණමය ඔටුන්නක් විෂ්ණුගෙ හිසට පළඳනවා කියලා. ඒ වෙලාවෙදි රැස්ව සිටින පිරිසටත් ඇහෙන්න ශිව කිව්වාලු ‘ඔබ තමයි විශ්වයේ දෙවියන්. ඔබ තමයි සියල්ලන්ගෙම වන්දනාවට පූජාවට ලක්විය යුතු කෙනා. මා එක්ක කරන සටනකදි වුනත් ඔබ පරදින්නෙ නැහැ. මම පුද්ගලිකව ඔබේ බැතිමතුන්ට මෝක්ෂය ලබා දෙනවා.‘ කියලා. ඉතින් එදා ඉඳන් මම ශිවට වන්දනා කරනවා, ශිව මට වන්දනා කරනවා කියලා. මේ කතාව ඇහුවම සතිගෙ හිතේ තිබ්බ සැක දුරු වෙනවා. ඒත් ඇගේ හිතේ ප්‍රශ්නයක් ඉතිරි වෙනවා මම මගේ සැමියා වෙන ශිවගේ වචන විශ්වාස කලේ නැහැ, සැක කලා නේද කියලා. මෙනිසා ආපහු ශිව ලඟට ආපු සතිගෙ මූනෙ තිබුනෙ දුකක්. ඇගේ දුක් සහිත මූණ දැකපු ශිව ඒකට හේතු ඇහුවා. සතිත් තමුන් දැන ගත්ත දේවල් වගේම තමුන් දුක් වුන හේතුවත් කිව්වා. ඒක අහද්දි ශිවට මත් වුනා විෂ්ණුට වරෙක වෙච්චි පොරොන්දුව. ඒ කියන්නෙ සති විසින් ශිව ගැන සැක කලොත් එයින් පසු එකට විසීමක් නැහැ කියන එක. මේ ගැන මතක් වෙද්දි ශිව දෙවියන්ගෙ මුහුණ වෙනස් වුනා. දුකක් ඇති වුනා. සතිත් ඒක දැක්ක. නමුත් ශිව දෙවියො ඒ ගැන වචනයක්වත් සතිට කියන්නෙ නැහැ. ඒ ගැන නොතකා ආදරෙන් ඉන්නවා. හැබැයි වැඩි දවසක් ගියෙ නැහැ. සතිට මියැදෙන්න සිද්ධ වුනා. ඉන්පස්සෙ ශිව දෙවියො මහත් දුකට පත් වෙලා ආපහු යෝගියෙක් බවට පත්වුනා. එහෙමයි සැකය නිසා ශිව දෙවියොත් දුකට පත් වුනේ. ඒකත් ශිව දෙවියන්ගෙ සැකයක් නිසා නෙමෙයි. දෙවියන්ට සැකය නිසා දුක් ඇති වෙනවා වගේ තමයි සාමාන්‍ය මිනිස්සුන්ටත් සැකය නිසා දුක ඇති වෙනවා. සමහරු මේ නිසා සදාකාලික දුකට පත් වෙනවා. එහෙම දුකට පත්වෙන්නෙ බුද්ධාදි අට තැන ගැන සැක කරලා. මේ අවස්ථාවෙදි තියෙන සැකය හඳුන්වන්නෙ ‘විචිකිච්ඡාව‘ කියලා. අහලත් ඇතිනෙ. සමහරුන්ට මේ සැකය මානසික පීඩාවක් බවට පත් වෙලා බෙහෙත් ගන්න පවා සිද්ධ වෙනවා. එහෙම බැලුවම සැකය කියන්නෙ මානසික රෝගයක්. සැකයේ ස්වභාවය තමයි තැවෙන සුළු ගතිය. එක පැත්තකින් බය හිතෙනවා. අනෙක් පැත්තෙන් දුක හිතෙනවා. හැම පැත්තෙන්ම තැවෙනවා. මේ නිසා නොතැවි ඉන්න බලාපොරොත්තුවෙන මිනිස්සු පුළුවන්තරම් උත්සාහ කරන්න ඕනා සැකයකින් තොරව ජීවත් වෙන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom