Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සතුට යනු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතුට යනු...

ඉස්සරින් දවසක අරලියා මල් පිපිලා තිබුණු, විලෝගස් පේළියට පන්තිකාමර ඉස්සරහ හිටගෙන හිටපු ඉස්කෝලයක් ගැන කතාවක්, නෙල්ලි කතන්දරයක් වෙලා මා අතින් අකුරු වුණා. අද කියන්නේ ඒ ඉස්කෝලේ ගැන නෙමෙයි, වෙන ඉස්කෝලයක් ගැන. ඒත් මේකත් ඉස්කෝලයක්; අකුරු ඉගෙන ගන්නා සහ ඉගැන්වෙන.

මේ කියන ඉස්කෝලේ උසස් පෙළ පන්ති කාමර විහිදිලා තිබුණේ වෙනම පැත්තක. ප්‍රාථමික අංශයෙන් සහ සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් වෙන්වෙලා තනිවෙලා ඉන්න විදිහට. උසස් පෙළ පන්තිත් හරියටම දෙකට බෙදිලා තිබුණා. කලා සහ වාණිජ එක පැත්තක විද්‍යා හා ගණිත ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ. දෙගොල්ලො එකිනෙකා හඳුනන්නේ නෑ වගේ එකිනෙකා දිහා බලාගෙන හිටියා. ඇත්තටම එකිනෙකා හැඳුණුවත් අඳුනන්නේ නෑ වගේ ඉන්න ඒ අය වගබලා ගත්තා.

වාණිජ හා කලා අංශවලට වැඩියෙන් වටිනාකමක් ජීව විද්‍යා සහ ගණිත අංශවලට ලැබිලා තිබුණා. ජීව විද්‍යා අංශයේ ළමයි හැමෝම නැතත් බොහොමයක් දැනටමත් පත්වීම් ලිපි ලැබුණු දොස්තරවරු. ගණිත අංශයේ ළමයි මොරටුව විශ්වවිද්‍යාලය පිළිබඳ ව සිහිනයක සිරවෙලා හිටියා.

විද්‍යා අංශයේ ගුරුවරුත් තමන් කලා සහ වාණිජ අංශයේ ගුරුවරුන්ට වැඩියෙන් උසස් කියලා හිතාගෙන හිටියා. විද්‍යා උපාධි තියෙන අය කලා හරි වාණිජ හරි උපාධි තියෙන අයට වැඩියෙන් උසස්. ගුරුවරුන් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රමය ඇතුළෙම ඒක පිලිගැනුණෙ ඒ විදිහටයි.

විද්‍යා අංශයේ හිටපු පාලිත සර් ඊටත් වැඩියෙන් පොඩ්ඩක් උසස් විදිහට තමන් ගැන හිතාගෙන හිටියා. හැම අවුරුද්දෙම උසස් පෙළ විභාගෙන් වෛද්‍ය විද්‍යාලයට තේරෙන්නේ එයාගෙන් ඉගෙන ගන්න ළමයි විතරයි කියලා එයා හිතාගෙන හිටියා. එහෙමත් නැත්නම් අනිත් ගුරුවරු එක්ක එහෙම පාරම් බෑවා. එහෙමයි කියලා පාලිත සර් අකුරු උගන්නපු හැම දරුවම වෛද්‍ය විද්‍යාලයට තේරුණේ නැහැ. එහෙම තේරෙනවා කියලා පාලිත සර් කිව්වෙත් නැහැ. පාලිත සර් කිව්වේ එයාගේ අමතර පන්ති ආපු බොහොම දරුවො වෛද්‍ය විද්‍යාලයට තේරෙනවා කියලයි.

කවුරු හරි දරුවෙක් තමන්ට බැරි දෙයක් දැන කියාගන්න එයා ළඟට ආපු වෙලාවට එයා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ බැරි දෙයින් හරියටම භාගයක් දරුවට කියා දෙනවා. ඊටත් පස්සේ එයා මෙහෙම කියනවා, "දැන් ඕක ඔය දරුවට කියලා දෙන්න මට වෙලා මදිනේ. ඊළඟ පීරියඩ් එකේ මට පන්තියක් තියෙනවනේ...ඒත් ඉතින් ඔයා අද හවස පන්තියට සහභාගී වුණොත් මට මේ දේ හරියටම කියලා දෙන්න පුළුවන් වෙයි...”

ඒත් ඒ හැමෝටම පාලිත සර්ගේ පන්තියට සහභාගී වෙන්න බැහැ. එක්කෝ එයාලට සල්ලි නැහැ. එහෙමත් නැත්නම් එයාලා ඒ වෙනකොට වෙන පන්තියකට සහභාගී වෙනවා. ඒත් ඒ ළමයි ඒ විත්තියක් සර්ට කියන්නේ නැහැ. සර් අමනාප වෙනවට බයේ එයාලා “හා සර්.." කියලා යනවා.

ඉස්කෝලේ ළමයින් ඉස්කෝලෙට අනවසර බඩු භාණ්ඩ ඒ කියන්නේ ආදර ලියුම් අරගෙන එනවද කියලා බලන්න සමහර දවස්වල විදුහල්පතිතුමා ළමයින්ගේ පොත් මලු පරීක්ෂා කරන්න ගුරුවරුන්ට අවසර දෙනවා. එතකොට පාලිත සර් ළමයින්ගේ පොත්මලුවල තියෙන අමතර පන්තිවල පොත් පත් දිහාටත් තමන්ගේ ඇහැ යොමු කරනවා.

තමන්ගේ අමතර පන්තියේ ඇර වෙනත් අමතර පන්තිවල පොත් තියෙන ළමයෙක් හමුවුණොත් එදා ඉදලා එයාට කුඩම්මගේ සැලකිලි දක්වනවා. "ඔච්චර පාඩම් කරන්නේ හඳට යන්නද?" කියලා එහෙම වෙලාවක සමහර ළමයෙක්ගෙන් අහනවා.

ඒ ළමයින්ගේ මූණු දුකින් පිරිලා බිමට බරවෙනවා. සමහර කෙනකුගේ කම්මුල් ඔස්සේ දුක් කඳුළු වැල් රූරා ගලනවා. ඒත් එයාට ඒවයේ ගාණක් නෑ. පස්සේ දවසක පාලිත සර්ගේ තාත්තා අන්තරා වෙනවා. ළමයි සර්ගේ තාත්තගේ අවසාන කටයුතුවලට සහභාගී වෙනවට ඒතරම් කැමැත්තක් නොතිබුණත් එයාට ඒකට බෑ කියන්නත් බැරිවෙනවා. ළමයි දුරකතර ගෙවාගෙන ඈත ගමක අවමඟුල් කටයුත්තට සහභාගී වෙනවා.

පාලිත සර්ලගේ අම්මලගේ ගෙදර ලයිට් නෑ. වතුර ගන්නෙත් ටිකක් ඈත තියෙන ළිඳකින්. ඉස්සර පාලිත සර්ලා හිටියා කියන කටුමැටි ගෙදරට ටිකක් ළඟින් සිමෙන්ති ගඩොලින් බැඳපු පුංචි ගෙදරක පාලිත සර්ගේ තාත්තා අන්තිම පාරට නිදියගෙන ඉන්නවා. පාලිත සර් ළමයින්ටවත් ගුරුවරුන්ටවත් වැඩිය මූණ දෙන්නේ නෑ. එයාගේ තත්ත්වේ එයාටම මදිකමක් වෙලා කියලා හැමෝටම තේරෙනවා.

මළගෙදර අහවර වෙලා පාලිත සර් වැඩට එනවා. ඒත් එයාගේ හැසිරීම වෙනස් වෙන්නේ නෑ. එයා එහෙමම ඉන්නවා. හැමදාම ළමයි එයා නිසා පීඩාවට පත්වෙනවා. ජීවිතේ හැමදෙයක්ම අපිට ඕනේ විදිහට සිද්ධ වෙන්නේ නෑ. ඒත් පුළුවන් වෙලාවට අනිත් උදවියට උදවු කරන එක මනුස්සකමක්. එහෙම වෙන්නේ නැත්නම් ඒක අමනුස්සකමක්. මේ ලොකේ ජීවත්වෙච්ච දශක තුනකට ආසන්න කාලෙදී මට දැනුණු වැදගත් දෙයක් පාලිත් සර්ගේ කතාවෙන් ආයෙමත් තහවුරු වෙනවා.

අනිත් මිනිස්සුන්ට උදවු කරන්නේ නැත්තේ, එහෙම නැත්නම් ඒකට අදිමදි කරන්නේ පරම්පරාගත පොහොසත්තු නෙමෙයි, එහෙමත් නැත්නම් ජීවිතේ මල් යහනාවක් වෙච්ච මිනිස්සු නෙමෙයි. ජීවිතේ කඨෝර බව හොඳින් දන්න මිනිස්සුයි.

කටු අකුල්වල පැටලෙමින් ජීවිතය ජයගත්ත මිනිස්සුයි. එයාලා හිතන්නේ අනිත් මිනිස්සුත් තමන් විඳපු දුකම විඳින්න ඕනේ කියලයි. දුකින්ම දුක දිනන්න ඕනේ කියලයි. ඒත් ඒක ඇත්තටම එහෙම නෑ. තමන්ගේ ජීවිතේ ලස්සන වෙන්නේ තමන් අනුන්ට උදවු කරන ප්‍රමාණය අනුවයි. තව කෙනෙක් සතුටු කරලා ලබන්න පුළුවන් සතුට තරම් සතුටක් ජීවිතේ තවත් නෑ. ජීවත් වෙනවා කියලා දැනෙන්නේ එතකොටයි; තමන් නිසා තව කෙනෙක් සතුටු වෙනවා දකිනකොටයි. සතුට යනු තමන් නිසා තව කෙනෙක් සතුටු වෙනවා දැකීමයි.

[QUOTE="ජින්තුවා, post: 16592414, member: 502203"] [SIZE=3][B]සතුට යනු...[/B] ඉස්සරින් දවසක අරලියා මල් පිපිලා තිබුණු, විලෝගස් පේළියට පන්තිකාමර ඉස්සරහ හිටගෙන හිටපු ඉස්කෝලයක් ගැන කතාවක්, නෙල්ලි කතන්දරයක් වෙලා මා අතින් අකුරු වුණා. අද කියන්නේ ඒ ඉස්කෝලේ ගැන නෙමෙයි, වෙන ඉස්කෝලයක් ගැන. ඒත් මේකත් ඉස්කෝලයක්; අකුරු ඉගෙන ගන්නා සහ ඉගැන්වෙන. මේ කියන ඉස්කෝලේ උසස් පෙළ පන්ති කාමර විහිදිලා තිබුණේ වෙනම පැත්තක. ප්‍රාථමික අංශයෙන් සහ සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් වෙන්වෙලා තනිවෙලා ඉන්න විදිහට. උසස් පෙළ පන්තිත් හරියටම දෙකට බෙදිලා තිබුණා. කලා සහ වාණිජ එක පැත්තක විද්‍යා හා ගණිත ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ. දෙගොල්ලො එකිනෙකා හඳුනන්නේ නෑ වගේ එකිනෙකා දිහා බලාගෙන හිටියා. ඇත්තටම එකිනෙකා හැඳුණුවත් අඳුනන්නේ නෑ වගේ ඉන්න ඒ අය වගබලා ගත්තා. වාණිජ හා කලා අංශවලට වැඩියෙන් වටිනාකමක් ජීව විද්‍යා සහ ගණිත අංශවලට ලැබිලා තිබුණා. ජීව විද්‍යා අංශයේ ළමයි හැමෝම නැතත් බොහොමයක් දැනටමත් පත්වීම් ලිපි ලැබුණු දොස්තරවරු. ගණිත අංශයේ ළමයි මොරටුව විශ්වවිද්‍යාලය පිළිබඳ ව සිහිනයක සිරවෙලා හිටියා. විද්‍යා අංශයේ ගුරුවරුත් තමන් කලා සහ වාණිජ අංශයේ ගුරුවරුන්ට වැඩියෙන් උසස් කියලා හිතාගෙන හිටියා. විද්‍යා උපාධි තියෙන අය කලා හරි වාණිජ හරි උපාධි තියෙන අයට වැඩියෙන් උසස්. ගුරුවරුන් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රමය ඇතුළෙම ඒක පිලිගැනුණෙ ඒ විදිහටයි. විද්‍යා අංශයේ හිටපු පාලිත සර් ඊටත් වැඩියෙන් පොඩ්ඩක් උසස් විදිහට තමන් ගැන හිතාගෙන හිටියා. හැම අවුරුද්දෙම උසස් පෙළ විභාගෙන් වෛද්‍ය විද්‍යාලයට තේරෙන්නේ එයාගෙන් ඉගෙන ගන්න ළමයි විතරයි කියලා එයා හිතාගෙන හිටියා. එහෙමත් නැත්නම් අනිත් ගුරුවරු එක්ක එහෙම පාරම් බෑවා. එහෙමයි කියලා පාලිත සර් අකුරු උගන්නපු හැම දරුවම වෛද්‍ය විද්‍යාලයට තේරුණේ නැහැ. එහෙම තේරෙනවා කියලා පාලිත සර් කිව්වෙත් නැහැ. පාලිත සර් කිව්වේ එයාගේ අමතර පන්ති ආපු බොහොම දරුවො වෛද්‍ය විද්‍යාලයට තේරෙනවා කියලයි. කවුරු හරි දරුවෙක් තමන්ට බැරි දෙයක් දැන කියාගන්න එයා ළඟට ආපු වෙලාවට එයා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ බැරි දෙයින් හරියටම භාගයක් දරුවට කියා දෙනවා. ඊටත් පස්සේ එයා මෙහෙම කියනවා, "දැන් ඕක ඔය දරුවට කියලා දෙන්න මට වෙලා මදිනේ. ඊළඟ පීරියඩ් එකේ මට පන්තියක් තියෙනවනේ...ඒත් ඉතින් ඔයා අද හවස පන්තියට සහභාගී වුණොත් මට මේ දේ හරියටම කියලා දෙන්න පුළුවන් වෙයි...” ඒත් ඒ හැමෝටම පාලිත සර්ගේ පන්තියට සහභාගී වෙන්න බැහැ. එක්කෝ එයාලට සල්ලි නැහැ. එහෙමත් නැත්නම් එයාලා ඒ වෙනකොට වෙන පන්තියකට සහභාගී වෙනවා. ඒත් ඒ ළමයි ඒ විත්තියක් සර්ට කියන්නේ නැහැ. සර් අමනාප වෙනවට බයේ එයාලා “හා සර්.." කියලා යනවා. ඉස්කෝලේ ළමයින් ඉස්කෝලෙට අනවසර බඩු භාණ්ඩ ඒ කියන්නේ ආදර ලියුම් අරගෙන එනවද කියලා බලන්න සමහර දවස්වල විදුහල්පතිතුමා ළමයින්ගේ පොත් මලු පරීක්ෂා කරන්න ගුරුවරුන්ට අවසර දෙනවා. එතකොට පාලිත සර් ළමයින්ගේ පොත්මලුවල තියෙන අමතර පන්තිවල පොත් පත් දිහාටත් තමන්ගේ ඇහැ යොමු කරනවා. තමන්ගේ අමතර පන්තියේ ඇර වෙනත් අමතර පන්තිවල පොත් තියෙන ළමයෙක් හමුවුණොත් එදා ඉදලා එයාට කුඩම්මගේ සැලකිලි දක්වනවා. "ඔච්චර පාඩම් කරන්නේ හඳට යන්නද?" කියලා එහෙම වෙලාවක සමහර ළමයෙක්ගෙන් අහනවා. ඒ ළමයින්ගේ මූණු දුකින් පිරිලා බිමට බරවෙනවා. සමහර කෙනකුගේ කම්මුල් ඔස්සේ දුක් කඳුළු වැල් රූරා ගලනවා. ඒත් එයාට ඒවයේ ගාණක් නෑ. පස්සේ දවසක පාලිත සර්ගේ තාත්තා අන්තරා වෙනවා. ළමයි සර්ගේ තාත්තගේ අවසාන කටයුතුවලට සහභාගී වෙනවට ඒතරම් කැමැත්තක් නොතිබුණත් එයාට ඒකට බෑ කියන්නත් බැරිවෙනවා. ළමයි දුරකතර ගෙවාගෙන ඈත ගමක අවමඟුල් කටයුත්තට සහභාගී වෙනවා. පාලිත සර්ලගේ අම්මලගේ ගෙදර ලයිට් නෑ. වතුර ගන්නෙත් ටිකක් ඈත තියෙන ළිඳකින්. ඉස්සර පාලිත සර්ලා හිටියා කියන කටුමැටි ගෙදරට ටිකක් ළඟින් සිමෙන්ති ගඩොලින් බැඳපු පුංචි ගෙදරක පාලිත සර්ගේ තාත්තා අන්තිම පාරට නිදියගෙන ඉන්නවා. පාලිත සර් ළමයින්ටවත් ගුරුවරුන්ටවත් වැඩිය මූණ දෙන්නේ නෑ. එයාගේ තත්ත්වේ එයාටම මදිකමක් වෙලා කියලා හැමෝටම තේරෙනවා. මළගෙදර අහවර වෙලා පාලිත සර් වැඩට එනවා. ඒත් එයාගේ හැසිරීම වෙනස් වෙන්නේ නෑ. එයා එහෙමම ඉන්නවා. හැමදාම ළමයි එයා නිසා පීඩාවට පත්වෙනවා. ජීවිතේ හැමදෙයක්ම අපිට ඕනේ විදිහට සිද්ධ වෙන්නේ නෑ. ඒත් පුළුවන් වෙලාවට අනිත් උදවියට උදවු කරන එක මනුස්සකමක්. එහෙම වෙන්නේ නැත්නම් ඒක අමනුස්සකමක්. මේ ලොකේ ජීවත්වෙච්ච දශක තුනකට ආසන්න කාලෙදී මට දැනුණු වැදගත් දෙයක් පාලිත් සර්ගේ කතාවෙන් ආයෙමත් තහවුරු වෙනවා. අනිත් මිනිස්සුන්ට උදවු කරන්නේ නැත්තේ, එහෙම නැත්නම් ඒකට අදිමදි කරන්නේ පරම්පරාගත පොහොසත්තු නෙමෙයි, එහෙමත් නැත්නම් ජීවිතේ මල් යහනාවක් වෙච්ච මිනිස්සු නෙමෙයි. ජීවිතේ කඨෝර බව හොඳින් දන්න මිනිස්සුයි. කටු අකුල්වල පැටලෙමින් ජීවිතය ජයගත්ත මිනිස්සුයි. එයාලා හිතන්නේ අනිත් මිනිස්සුත් තමන් විඳපු දුකම විඳින්න ඕනේ කියලයි. දුකින්ම දුක දිනන්න ඕනේ කියලයි. ඒත් ඒක ඇත්තටම එහෙම නෑ. තමන්ගේ ජීවිතේ ලස්සන වෙන්නේ තමන් අනුන්ට උදවු කරන ප්‍රමාණය අනුවයි. තව කෙනෙක් සතුටු කරලා ලබන්න පුළුවන් සතුට තරම් සතුටක් ජීවිතේ තවත් නෑ. ජීවත් වෙනවා කියලා දැනෙන්නේ එතකොටයි; තමන් නිසා තව කෙනෙක් සතුටු වෙනවා දකිනකොටයි. සතුට යනු තමන් නිසා තව කෙනෙක් සතුටු වෙනවා දැකීමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom