Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සද්ධම්මපතිරූපක සූත්‍රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සද්ධම්මපතිරූපක සූත්‍රය

සාමාන්‍යයෙන් අපිට ප්‍රසිද්ධ මාධ්‍යයෙන් අහන්න නොලැබෙන නමුත් කාලෙට ගැලපෙන සූත්‍රයක් තමයි සද්ධම්මපතිරූපක සූත්‍රය. සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයෙ තමයි මේ සූත්‍රය තියෙන්නෙ. හරි ලස්සන අර්ථවත් සූත්‍රයක්.

මේ සූත්‍රයට අනුව ජේතවනාරාමයේ බුදුරජාණන්වහන්සේ වැඩ සිටින වෙලාවක කාශ්‍යප රහතන්වහන්සේ උන්වහන්සේ හමු වෙලා ප්‍රශ්නයක් අහනවා මෙහෙම.

“ස්වාමීනි, යම්හෙයකින් පෙර ශික්ෂාපදයෝ ඉතා ස්වල්ප වූවාහුද බොහෝවූ භික්ෂූහු රහත් බැව්හි පිහිටියාහුද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? ස්වාමීනි, යම් හෙයකින් දැන් ශික්ෂාපදයෝ ඉතා බොහෝ වූවාහුද ඉතා ස්වල්පවූ භික්ෂූහු රහත්බැව්හි පිහිටියාහුද, ඊට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද?”

සරලව ගත්තම මේ අහන්නෙ ඉස්සර ශික්ෂා පද අඩු කාලේ රහතන්වහන්සේලා වැඩි වුනත් දැන් ශික්ෂා පද වැඩි වෙලා තියෙද්දි රහතන්වහන්සේලා අඩු ඇයි කියන එක. මේ ප්‍රශ්නයට බුදුරජාණන්වහන්සේ දෙනවා ලස්සන උත්තරයක්.

"කස්සප, මෙය මෙසේ ම වෙයි. සත්ත්වයන් පිරිහෙන කල්හි සදහම් අතුරුදන් වන කල්හි ශික්ෂාපදයෝත් ඉතා බොහෝ වෙති ඉතා මඳ වූ භික්ෂූහුත් රහත්බැව්හි පිහිටත්."

මේක තවත් පැහැදිලි කරනවා මෙහෙම.

"කස්සප, ලොව යම් තාක් සදහම් පිළිරුවෙක් (=සදහම් වැනි වූවෙක්) නූපදී ද, ඒ තාක් සදහම්හුගේ අතුරුදන් වීමෙක් නො වේ. කස්සප, ලොව යම් කලෙක සදහම් පිළිරුවෙක් උපදී ද, එකල්හි සදහම්හුගේ අතුරුදන් වීම වේ. කස්සප, යම් සේ ලොව යම් තාක් රන්බඳු දෙයක් නො හටගණී නම් ඒ තාක් රන් අතුරුදන් වීමෙක් නො වේ ද, කස්සප, ලොව යම් කලෙක රන්බඳු දෙයක් හටගණි නම් එකල්හි රන් පිළිබඳ අතුරුදන් වීම වේ ද, කස්සප, එසෙයින් ම ලොව යම් තාක් සදහම්පිළිරුවෙක් නූඋපදී ද, ඒ තාක් සදහම්හුගේ අතුරුදන් වීම නො වේ. කස්සප, යම් කලෙක ලොව සදහම්පිළිරුවෙක් උපදී ද, එකල්හි සදහම්හුගේ අතුරුදන් වීම වේ."

බුදුරජාණන්වහන්සේ පෙන්වලා දෙන්නෙ ධර්මය කියලා කියන ධර්මය නොවන දෙයක් උපදින තාක් ධර්මය අතුරුදන් නොවෙන බව. මෙතැන අතුරුදන් කියන වචනයෙ අර්ථ කීපයක් තියෙනවා. ඒ අතරෙන් එකක් තමයි වැහිලා යනවා කියන එක. මොකද ඒ වැහුණු ධර්මය තමයි බුදුරජාණන්වහන්සේ කෙනෙක් පහල වෙලා අනාවරණය කර ගන්නෙ. බුදුරජාණන්වහන්සේ උදාහරණය විදියට පෙන්වන්නේ රත්තරං වෙනුවට පාවිච්චි කරන වෙන දෙයක් ආවම රත්තරං වැඩක් නෑ කියන එක.

මේක කරන්නෙ නැත්නම් මේ ධර්මය නොවන නමුත් ධර්මය වගේ දේ උපදවන්නෙ කව්ද කියලත් බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මෙහෙම.

"කස්සප, පඨවිධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි. අපෝධාතුව සදහම් අතුරුදන් නො කරයි. තේජෝධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි. වායෝධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි. වැලි, යම් කෙනෙක් මේ සදහම් අතුරුදන් කෙරෙද්ද, ඒ හිස් පුරුෂයෝ මේ සසුනෙහි ම උපදිත්."

හරිම සරලයි. අදට කොයිතරම් ගැලපෙනවද කියලා ඉතින් දන්නෝ දනිති.

ඉතින් මේ ශාසනයෙම උපදින හිස් මිනිස්සු කොහොමද ධර්මය අතුරුදන් කරන්නෙ කියලත් බුදුරජාණන්වහන්සේ පෙන්වලා දෙනවා. ඒ මෙහෙමයි.

"කස්සප, පිරිහීමට හේතු වන මේ දහම් පසෙක් සදහම්හුගේ නැසීම පිණිස අතුරුදන් වීම පිණිස පවතී. කවර පසෙක් ද යත්. කස්සප, මේ සසුන්හි භික්ෂූහු භික්ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. ධර්මය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. ශික්ෂාව කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. සමාධිය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. කස්සප, පිරිහීමට හේතු වන මේ දහම් පස සදහම්හුගේ නැසීම පිණිස, අතුරුදන් වීම පිණිස පවතී."

මේ කරුණු පහ ගැන අමුතු පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැනෙ. ඕන කෙනෙක්ට තේරෙනවා. ඒ වගේම ධර්මය අතුරුදන් නොවෙන්න නම් තියෙන්න ඕනා කරුණු 5 කුත් බුදුරජාණන්වහන්සේ පෙන්වලා දෙනවා.

"කස්සප, මේ දහම් පසෙක් සදහම්හුගේ පැවැත්ම පිණිස නොනැසීම පිණිස අතුරුදන් නො වීම පිණිස පවතී. කවර පසෙක් ද යත්: කස්සප, මෙසස්නෙහි භික්ෂූහු භික්ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ ශාසතෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. ධර්මය කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. ශික්ෂාව කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්, සමාධිය කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. කස්සප, මේ දහම්පස සදහම්හුගේ පැවැත්ම පිණිස නො නැසීම පිණිස අතුරුදන් නො වීම පිණිස පවතී."

මේකත් හරි පැහැදිලියි. සරලව තේරුම් ගත හැකියි.

අද අපි හුඟක් වෙලාවට කියන දෙයක් තමයි කෝ දැන් රහතුන්වහන්සේලා නෑ නෙ කියලා. ඉන්නෙ කොහෙද ඉතින් මේ සූත්‍රයේ තියෙන කරුණු එක්ක බැලුවම. ලංකාවේ ශාසන ඉතිහාසය තුළම තියෙන නිකාය භේදය, කතිකාවත් සැලකිල්ලට අරන් බලන්න. ජනමාධ්‍ය, සමාජමාධ්‍ය තුළ සිව්වණක් පිරිසගේ හැසිරීම බලන්න. කවුරුවත් බුදුරජාණන්වහන්සේට ගරු කරන බවක් පේන්න නැහැ. හැබැයි පම්පෝරිය නම් මහ ඉහළයි. කිසිම හිරිකිතයක් නැතුව සද්ධර්මය තම තමුන්ට ඕන විදියට කියනවා. හැබැයි ඒක තමයි ධර්මය කියලා කරේ තියන් යන්නත් කට්ටිය ඕන තරම් ඉන්නවා. රහතන්වහන්සේලා නැති වෙන්න හේතුව ඉතින් අමුතුවෙන් කියන්න ඕනා නැහැනෙ. ධර්මය පවතින්න නම් තියෙන්න ඕන දේවල් පහක් තියෙනවානෙ. අතුරුදන් වෙන්නත් බලපාන දේවල් පහක් තියෙනවා. තම තමන් ම හිතලා බලන්න අද වැඩියෙන් ම දකින්න ලැබෙන්නෙ කොයි පහ ද කියලා.

වෙලාවකට හිතෙනවා මේ වගේ සූත්‍ර ගැන ධර්මදේශනා නොඇසෙන්නෙ උපාසක උපාසිකාවෝ මේ කරුණු දැනගත්තොත් ධර්ම පතිරූපකයන්ට තියෙන තැන නැතිවෙලා යයි කියන හේතුවෙන් දෝ කියලත්. අනික එහෙම දැනගත්තොත් සමහර විට ශ්‍රාවකයො ධර්මය වැඩි කාලයක් පවතින්න නම් තියෙන්න ඕන දේවල් කරන්නත් ඉඩ තියෙනවා කියන හේතුවත් ඇති. මොකද කියනවා නම් මේ ශ්‍රී ලංකාව බුද්ධ ධර්මයත් එක්ක ම පවතින රටක් වීමත්, මේ රට විනාශ කරන්න නැත්නම් සිංහලයා නැති කරලා දාන්න නියම බුද්ධ ධර්මය අතුරුදන් කරවීම අත්‍යවශ්‍ය වීමත් යැයි කියන්න පුළුවන්.

සම්පූර්ණ සූත්‍රයට

http://www.thripitakaya.org/tipitakaya/Index/108?s=957

[QUOTE="hpalpola, post: 27476658, member: 321413"] [CENTER][B][SIZE=5]සද්ධම්මපතිරූපක සූත්‍රය[/SIZE][/B][/CENTER] සාමාන්‍යයෙන් අපිට ප්‍රසිද්ධ මාධ්‍යයෙන් අහන්න නොලැබෙන නමුත් කාලෙට ගැලපෙන සූත්‍රයක් තමයි සද්ධම්මපතිරූපක සූත්‍රය. සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයෙ තමයි මේ සූත්‍රය තියෙන්නෙ. හරි ලස්සන අර්ථවත් සූත්‍රයක්. මේ සූත්‍රයට අනුව ජේතවනාරාමයේ බුදුරජාණන්වහන්සේ වැඩ සිටින වෙලාවක කාශ්‍යප රහතන්වහන්සේ උන්වහන්සේ හමු වෙලා ප්‍රශ්නයක් අහනවා මෙහෙම. “ස්වාමීනි, යම්හෙයකින් පෙර ශික්ෂාපදයෝ ඉතා ස්වල්ප වූවාහුද බොහෝවූ භික්ෂූහු රහත් බැව්හි පිහිටියාහුද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? ස්වාමීනි, යම් හෙයකින් දැන් ශික්ෂාපදයෝ ඉතා බොහෝ වූවාහුද ඉතා ස්වල්පවූ භික්ෂූහු රහත්බැව්හි පිහිටියාහුද, ඊට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද?” සරලව ගත්තම මේ අහන්නෙ ඉස්සර ශික්ෂා පද අඩු කාලේ රහතන්වහන්සේලා වැඩි වුනත් දැන් ශික්ෂා පද වැඩි වෙලා තියෙද්දි රහතන්වහන්සේලා අඩු ඇයි කියන එක. මේ ප්‍රශ්නයට බුදුරජාණන්වහන්සේ දෙනවා ලස්සන උත්තරයක්. "කස්සප, මෙය මෙසේ ම වෙයි. සත්ත්වයන් පිරිහෙන කල්හි සදහම් අතුරුදන් වන කල්හි ශික්ෂාපදයෝත් ඉතා බොහෝ වෙති ඉතා මඳ වූ භික්ෂූහුත් රහත්බැව්හි පිහිටත්." මේක තවත් පැහැදිලි කරනවා මෙහෙම. "කස්සප, ලොව යම් තාක් සදහම් පිළිරුවෙක් (=සදහම් වැනි වූවෙක්) නූපදී ද, ඒ තාක් සදහම්හුගේ අතුරුදන් වීමෙක් නො වේ. කස්සප, ලොව යම් කලෙක සදහම් පිළිරුවෙක් උපදී ද, එකල්හි සදහම්හුගේ අතුරුදන් වීම වේ. කස්සප, යම් සේ ලොව යම් තාක් රන්බඳු දෙයක් නො හටගණී නම් ඒ තාක් රන් අතුරුදන් වීමෙක් නො වේ ද, කස්සප, ලොව යම් කලෙක රන්බඳු දෙයක් හටගණි නම් එකල්හි රන් පිළිබඳ අතුරුදන් වීම වේ ද, කස්සප, එසෙයින් ම ලොව යම් තාක් සදහම්පිළිරුවෙක් නූඋපදී ද, ඒ තාක් සදහම්හුගේ අතුරුදන් වීම නො වේ. කස්සප, යම් කලෙක ලොව සදහම්පිළිරුවෙක් උපදී ද, එකල්හි සදහම්හුගේ අතුරුදන් වීම වේ." බුදුරජාණන්වහන්සේ පෙන්වලා දෙන්නෙ ධර්මය කියලා කියන ධර්මය නොවන දෙයක් උපදින තාක් ධර්මය අතුරුදන් නොවෙන බව. මෙතැන අතුරුදන් කියන වචනයෙ අර්ථ කීපයක් තියෙනවා. ඒ අතරෙන් එකක් තමයි වැහිලා යනවා කියන එක. මොකද ඒ වැහුණු ධර්මය තමයි බුදුරජාණන්වහන්සේ කෙනෙක් පහල වෙලා අනාවරණය කර ගන්නෙ. බුදුරජාණන්වහන්සේ උදාහරණය විදියට පෙන්වන්නේ රත්තරං වෙනුවට පාවිච්චි කරන වෙන දෙයක් ආවම රත්තරං වැඩක් නෑ කියන එක. මේක කරන්නෙ නැත්නම් මේ ධර්මය නොවන නමුත් ධර්මය වගේ දේ උපදවන්නෙ කව්ද කියලත් බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මෙහෙම. "කස්සප, පඨවිධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි. අපෝධාතුව සදහම් අතුරුදන් නො කරයි. තේජෝධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි. වායෝධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි. වැලි, යම් කෙනෙක් මේ සදහම් අතුරුදන් කෙරෙද්ද, ඒ හිස් පුරුෂයෝ මේ සසුනෙහි ම උපදිත්." හරිම සරලයි. අදට කොයිතරම් ගැලපෙනවද කියලා ඉතින් දන්නෝ දනිති. ඉතින් මේ ශාසනයෙම උපදින හිස් මිනිස්සු කොහොමද ධර්මය අතුරුදන් කරන්නෙ කියලත් බුදුරජාණන්වහන්සේ පෙන්වලා දෙනවා. ඒ මෙහෙමයි. "කස්සප, පිරිහීමට හේතු වන මේ දහම් පසෙක් සදහම්හුගේ නැසීම පිණිස අතුරුදන් වීම පිණිස පවතී. කවර පසෙක් ද යත්. කස්සප, මේ සසුන්හි භික්ෂූහු භික්ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. ධර්මය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. ශික්ෂාව කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. සමාධිය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. කස්සප, පිරිහීමට හේතු වන මේ දහම් පස සදහම්හුගේ නැසීම පිණිස, අතුරුදන් වීම පිණිස පවතී." මේ කරුණු පහ ගැන අමුතු පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැනෙ. ඕන කෙනෙක්ට තේරෙනවා. ඒ වගේම ධර්මය අතුරුදන් නොවෙන්න නම් තියෙන්න ඕනා කරුණු 5 කුත් බුදුරජාණන්වහන්සේ පෙන්වලා දෙනවා. "කස්සප, මේ දහම් පසෙක් සදහම්හුගේ පැවැත්ම පිණිස නොනැසීම පිණිස අතුරුදන් නො වීම පිණිස පවතී. කවර පසෙක් ද යත්: කස්සප, මෙසස්නෙහි භික්ෂූහු භික්ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ ශාසතෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. ධර්මය කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. ශික්ෂාව කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්, සමාධිය කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. කස්සප, මේ දහම්පස සදහම්හුගේ පැවැත්ම පිණිස නො නැසීම පිණිස අතුරුදන් නො වීම පිණිස පවතී." මේකත් හරි පැහැදිලියි. සරලව තේරුම් ගත හැකියි. අද අපි හුඟක් වෙලාවට කියන දෙයක් තමයි කෝ දැන් රහතුන්වහන්සේලා නෑ නෙ කියලා. ඉන්නෙ කොහෙද ඉතින් මේ සූත්‍රයේ තියෙන කරුණු එක්ක බැලුවම. ලංකාවේ ශාසන ඉතිහාසය තුළම තියෙන නිකාය භේදය, කතිකාවත් සැලකිල්ලට අරන් බලන්න. ජනමාධ්‍ය, සමාජමාධ්‍ය තුළ සිව්වණක් පිරිසගේ හැසිරීම බලන්න. කවුරුවත් බුදුරජාණන්වහන්සේට ගරු කරන බවක් පේන්න නැහැ. හැබැයි පම්පෝරිය නම් මහ ඉහළයි. කිසිම හිරිකිතයක් නැතුව සද්ධර්මය තම තමුන්ට ඕන විදියට කියනවා. හැබැයි ඒක තමයි ධර්මය කියලා කරේ තියන් යන්නත් කට්ටිය ඕන තරම් ඉන්නවා. රහතන්වහන්සේලා නැති වෙන්න හේතුව ඉතින් අමුතුවෙන් කියන්න ඕනා නැහැනෙ. ධර්මය පවතින්න නම් තියෙන්න ඕන දේවල් පහක් තියෙනවානෙ. අතුරුදන් වෙන්නත් බලපාන දේවල් පහක් තියෙනවා. තම තමන් ම හිතලා බලන්න අද වැඩියෙන් ම දකින්න ලැබෙන්නෙ කොයි පහ ද කියලා. වෙලාවකට හිතෙනවා මේ වගේ සූත්‍ර ගැන ධර්මදේශනා නොඇසෙන්නෙ උපාසක උපාසිකාවෝ මේ කරුණු දැනගත්තොත් ධර්ම පතිරූපකයන්ට තියෙන තැන නැතිවෙලා යයි කියන හේතුවෙන් දෝ කියලත්. අනික එහෙම දැනගත්තොත් සමහර විට ශ්‍රාවකයො ධර්මය වැඩි කාලයක් පවතින්න නම් තියෙන්න ඕන දේවල් කරන්නත් ඉඩ තියෙනවා කියන හේතුවත් ඇති. මොකද කියනවා නම් මේ ශ්‍රී ලංකාව බුද්ධ ධර්මයත් එක්ක ම පවතින රටක් වීමත්, මේ රට විනාශ කරන්න නැත්නම් සිංහලයා නැති කරලා දාන්න නියම බුද්ධ ධර්මය අතුරුදන් කරවීම අත්‍යවශ්‍ය වීමත් යැයි කියන්න පුළුවන්. සම්පූර්ණ සූත්‍රයට [URL]http://www.thripitakaya.org/tipitakaya/Index/108?s=957[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom