Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සදාම් හුසෙන්ගේ ආදර අන්දරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සදාම් හුසෙන්ගේ ආදර අන්දරය

මුදල් මඩිස්සල ගැසීම ලොව බොහෝ පාලකයන්ට වැරදුණ තැනය. එවැන්නන් තුළ පැවතියේ බල ලෝභයයි. අධික තණ්හාවයි. තෘෂ්ණාවයි. ඔවුහු ජනතාව අමතක කළහ. තම රට අමතක කළහ. ජනතා අභිලාෂයන් තුට්ටුවට නොසැලකූහ. පුහු මාන්නයෙන් හිස උදුම්මවාගත්හ. දඩබ්බර වූහ. අශිෂ්ටත්වය කර පින්නා ගත්හ. මෙවැනි අපකීර්තිමත් අදූරදර්ශී පාලකයන්ට හිමිවූයේ ඉතිහාසයේ කුණු බක්කියයි.

ලොව බිහිවූ මෙවැනි පාලකයන් රැසක් පිළිබඳ උදාහරණ දැක්විය හැකිය. මෙවැනි පාලකයන් රාශියක් ආරාබියේ සහ අප්රිකාවේද සිටියහ. ඉඩි අමීන් මොවුන්ගෙන් කෙනෙකි. මුගාබේ තවත් කෙනෙකි. මොවුන් අතරට සදාම් හුසේන්ගේ නමද ඇතුළත් වී ඇත. ඉන්දුනීසියාවේ සුහර්තෝද එවැනි රාජ්‍ය පාලකයෙකි.

මා මේ ලියන්නේ එවැනි පාලකයන් රටේ පාලන බලය සියතට ගත් ආකාරය ගැන නොවේ. ඔව්හු බලපරාක්රමයෙන් විරාජමානව වැජඹුන මහේෂාක්‍ය විලාශය ගැනද නොවේ. ඔවුන්ගෙන් එක් අයෙකුගේ ජීවිතයේ ඇතුල් පැත්ත ගැනය. ඔහුගේ තරුණ දිවියේ පැවති පෙම් සබඳතා ගැනය. ඔහුගේ විවාහ ජීවිතය ගැනය. මෙය ඔහුගේ ජීවිතයේ නුදුටු පැත්ත විවර කිරීමකි.

සදාම් හුසේන් කවරහුද?

ඔහු වෙන කිසිවෙකු නොවේ. අතීතයේදී ඔහු ඇමරිකාවේ නොම්මර එකේ හතුරාය. දින 8000 කට වැඩි කාලයක් ඉරාකය පාලනය කළ ඔහු සදාම් හුසේන්ය. නැතහොත් සදාම් හුසේන් අල් මජීඞ් අල් ටික්රිටිය (SADDAM HUSSAIN AL MAJID AL TIKRITI) පෝරකයට නැග දිවියෙන් සමුගත් ඉරාකයේ හිටපු පාලකයාය.

“දුක සැප නිති පෙරළේ, රිය සකලෙස ලෝකේ” යයි කියමනක් ඇත. මේ කියමන සදාම්ගේ ජීවිතයට මනාව ගැළපේ. ඔහු ගිය ගමන් මාර්ගයේ හොඳ මෙන්ම නරකද සටහන් වී තිබුණි. ඒ පිළිබඳව විමංශනයක යෙදීම මගේ අරමුණ නොවේ. බුෂ්, සදාම් නැත්තටම නැති කළ ආකාරය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීමටද අපේක්ෂා නොකරමි. සදාම්ගේ නැගීම හා බැසීම අපූරු වෘත්තාන්තයක් බඳුය.

ඇමෙරිකාවේ වයිට් හවුස් (WHITE HOUSE) මන්දිරය අල්ලන්නට ගිය මේ සදාම් හුසේන් කවුරුන්ද? ලෝකයාට ඔහුව කිසිදාක අමතක නොවන චරිතයකි. ජීවිතයේ 69 වෙනි සැතපුම් කණුව පසු කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී සදහටම දෙනෙත් පියාගත් මේ අපූරු මිනිසා ආරාබි ලෝකයට නම් තවමත් වීරයෙකි.

සදාම් හුසේන්ගේ පවුල

පැලක උපන් සදාම්

1937 අප්‍රේල් 28 වෙනිදා ඉරාකයේ අල් අවුජා ප්‍රදේශයේ ටික්රිටි නැමති කැලෑබද ගම්මානයේ ගොවිපොළක කටුමැටි ගැසූ පැල්පතක සදාම් හුසේන් උපත ලැබීය. ඔහු මෙලොව එළිය දැක මාස 6කින් ඔහුගේ පියා මව අතහැර ගියේය. ඔහු කුඩා කළ හැදී වැඩුණේ පියාගෙන් තොරවය. ඔහුගේ ළමා කාලය මෙන්ම තරුණ අවධියද ඉතා කටුක විය. දුෂ්කර විය.

කුඩා අවධියේම තම මවගේ සහෝදරයා නැතහොත් මාමාගේ බැග්ඩෑග් නුවර පිහිටි නිවසට ගොස් එහි හැදී වැඩෙන්නට ඉඩ ලැබීම සදාම්ගේ ජීවිතය උඩු යටිකුරු කළ සිද්ධියකි. අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට නොහැකි වූවත් මාමාගේ අභාසය තුළින් ඔහු දේශපාලනයට නැඹුරු විය. ඉරාකයේ සුන්නි මුස්ලිම් වරුන් නියෝජනය කළ බාත් පක්ෂයේ ප්‍රබල සාමාජිකයකු වූ තම මාමා දේශපාලන කටයුතු වල නිරත වන අයුරු තරුණ සදාම් නිරීක්ෂණය කළේය. ඔවුන්ගේ සටන වූයේ ෂියා මුස්ලිම් වරුන්ට එරෙහිවය.

සදාම්ගේ මුල් ආදරය

1958 දී ඉරාකයේ පයිසාල් රජු බලයෙන් පහ කිරීමට නායකත්වය දුන් පිරිසට සදාම්ද ඇතුළත් විය. එවිට ඔහුගේ වයස යාන්තම් අවුරුදු 21 කි. ඉන්පසු බලයට පත්වූ කාසීම් ඝාතනය කිරීමට තම මාමා ප්රමුඛ පිරිස සමඟ කුමන්ත්‍රණය කළේද සදාම්ය. මෙම ඝාතන ප්රයත්නයෙන් පාලක කාසිම්ට වෙඩිතැබුවේද සදාම්ය. වෙඩි පහරින් තුවාල ලැබූ කාසිම් පණ ගලවා ගත්තේ අනූනවයෙනි. සදාම් දුටු තැන ඇල්ලීමට වරෙන්තු නිකුත් කරන ලදී. ඔහු ඊජිප්තුවට පළා ගියේය.

ඊජිප්තුවේ 1959 සිට 1963 දක්වා දිවි ගෙව්වේය. මේ සිද්ධීන්ට පෙර විප්ලවකාරි සදාම්ගේ සිත ආලයෙන් මත්වී තිබුණි. ඒ ඔහුගේ මුල් ආදර කතාවයි.

සදාම්ගේ මාමාගේ වැඩිමහල් දියණිය නමින් සජිදාය. (SAJIDA) සජිදා ටල්ෆාය. සදාම් හා සජිදා උපන්නේ එකම වර්ෂයේය. එනම් 1937 දීය. මාමාගේ නිවසට අසරණ දිළිඳු කොලු පැටියෙකු වශයෙන් ළඟාවූ සදාම් හැදී වැඩුණේ මේ සජිදා සමඟය. යෞවන වියට පත් වෙද්දී මේ දෙදෙනාගේ ඇසුර නිතැතින්ම ආදරයක් බවට පත්විය. හරියට සඳුන් ගසකට සමන් වැලක් එතුණා වගේය.

සජිදා රූමතියකි. ඇයගේ දසුන සදාම් නැමති හැඩිදැඩි තරුණයාට අමා මිහිරක් විය. එකම වහලක් යට, කිසිඳු බාධාවකින් තොරව ආදර ගඟුලේ කිමිදෙන්නට මේ තරුණ පෙම්වතුන් යුවළකට ඉඩ ලැබීම අනිකුත් ආදර කතන්දර වලට වඩා වෙනස් සිද්ධියකි. දේශපාලනය, විප්ලවය, ආණ්ඩු පෙරළිය, තම ආගමික වර්ගයා වෙනුවෙන් ඇප කැප වීම ආදිය තුළ ඇලී ගැලී සිටි සදාම් තම දිවියට සහනයක් ලබා ගත්තේ සජිදාගේ ආදර පහස තුළිනි. තුරුණු දිවියක එකම මිහිරියාව ආලය ආදරය මිස වෙන කවරක්ද?

සදාම් සජිදා ආදර කතාව

වැලි කතරට සුදු සඳරැස් පතිත වෙද්දී ගිමන් හරින ඔවුන්ගෙන් සමන්විත නිසල පරිසරයක රට ඉඳි වලින් පැණි බේරෙද්දී සදාම්-සජිදා පෙම් යුවළ ගෙවූ කාලය කොතරම් මිහිරියාවකින් පිරෙන්නට ඇද්ද? ලක්ෂ 400 කට ආසන්න ජනගහණයකින් සමන්විත ඉරාකයේ සුක්කානම තම අතට පත්වනු ඇතැයි එදා සදාම් හීනෙකින්වත් හිතන්නට නැත. ඉරාකයේ අනාගත රජුගේ අග මෙහෙසිය බවට තමා පත්වනු ඇතැයි සජිදා ද හිතන්නට නැත. මේ හැඩිදැඩි උඩු රැවුල් කාරයා තම අනාගත සහකරු කර ගැනීම එදා සජිදාගේ එකම ප්‍රාර්ථනය විය. අභිප්රායවිය.

දෙදෙනා එකට පාසල් ගියහ. ගෙදර දොර වැඩ කළේද දෙදෙනා එකතුවය. කටුක කාන්තාරය ඔවුන්ගේ ආදරයේ තෝතැන්න බවට පතිවිය. ගිනියම් වූ වැලි කුණාටු ඔවුන්ගේ පෙම් ලොවට බාධාවක් නොවීය. බාධක කම් කටොලු දෙහදක ආදරය වඩාත් විසිතුරු කිරීමට බලපායි. අවහිරතාවලින් තොරවූ පරිසරයක් තුළදීද සදාම් සජිදා නැමති ආදර වෘක්ෂය සරුවට හැදී දලුලා වැඩුණේය.

එදා ඉරාකයේ හිටපු පාලක කාසිම්ට වෙඩි තබා මරණීය තුවාල සිදු කිරීම නිසා සිරභාරයට පත්වීමට තිබියදී සදාම් ඉරාකයෙන් පලායාම තුළින් සජිදා හදවතින් වැළපුණාය. දුක ශෝකය තුරුළු කරගත් ඇය තම ප්‍රේමවන්තයා යළිත් දිවියේ කවරදා හෝ හමුවනු ඇතැයි හිත හදා ගත්තාය. මේ දෙදෙනාගේ වෙන්වීම ගැන දෙදෙනාම හදවතින් වැළපුනේ විරහ වේදනාව ඉවසා ගත නොහැකිවය. සදාම් ඊජිප්තුවට යැවීමට සියළු කටයුතු යොදනු ලැබුවේ ඔහුගේ මාමා විසිනි. නැතහොත් සජිදාගේ පියා විසිනි. සජිදාගේ පියා ඇයට මෙහිදී පැවසුවේ සදාම් ටික කලකින් සුරක්ෂිතව ඉරාකයට ගෙන්වා ගන්නා බවය. පියාගේ වචනය ඇය විශ්වාස කළාය. සදාම්ගේ වෙන්වීම එදා තරුණ සජිදා සැලකුවේ තමා ලොව තනිවූ ලෙසටය.

සදාම්-සජිදා විවාහය

5

ඊජිප්තුවට පලාගිය සදාම් එහි ගතකළ වසර 4ක කාල සීමාව සජිදාගේ දිවියේ අඳුරුම කාල පරිච්ඡේදය විය. කාසිම්ගේ පාලන තන්ත්රය තුළ ඇය පියා ඇතුළු මුළු පවුලටම සැඟවී සිටින්නට සිදුවූහ. පසු කලෙක ඇයගේ මේ අඳුරු දිවිය ආලෝකමත් වූයේ විස්මයජනක අයුරිනි. එදා පාළු කතරක අතරමං වී සිටි ඇය පසු කලෙක මුළු මහත් අරාබියම තම ඇඟිලි අතරට ගුලි කරගත හැකි ආකාරයේ ප්‍රබල චරිතයක් බවට පත්වීම වාසනා මහිමයක් නොවන්නේද?

1959 දී ඊජිප්තුවට ගිය සදාම් යළි ඉරාකයට ළඟාවූයේ 1963 වර්ෂයේදීය. ඒ ඉතා රහසිගතවය. ඒ වසරේම ඉරාකයේ ඉතා රහසිගත ස්ථානයකදී සදාම් සහ සජිදාගේ විවාහය සිදුවිය. එහෙත් ඒ වන විටත් අපරාධකරුවෙකු වශයෙන් හංවඩු ගසනු ලැබ සිටි සදාම් ට නිදහස් දිවියක් ගත කිරීමට ඉඩ ප්‍රස්ථාවක් නොලැබුණි. සදාම් හා සජිදාගේ විවාහ දිවියේ මුල් කාලය පිළිබඳ ලියද්දී මට එක්තරා පැරණි සිංහල සිංදුවක කොටසක් මතක් විය. එය මෙසේය. “මනරම් හැඟුමන් කදිමයි මේ මනු ලොව කෙළි මඬලකි කැරකි කැරකි දෛවේ”

මේ සොඳුරු යුවළ විවාහ වී ගත වුයේ හරියටම එක් වසරක කාලයකි. පාලකයන් විසින් සදාම් හුසේන් අල්ලාගෙන ඔහුට විරුද්ධව නඩු පවරා ඔහු සිරගත කරනු ලැබීය. ඒ 1964 වර්ෂයේදීය. දෙවන වරටත් සජිදා ලොව තනිවුණේ මෙසේය. තම දෛවය මෙතරම් කුරිරු දැයි ඇය තමාගෙන්ම විමසුවාය. එහෙත් ඇය තම සොඳුරු සැමියා පිළිබඳ දැඩි අධිෂ්ඨානයකින් පසුවූවාය.

යකඩ හස්තය හා ප්‍රේමය අතර හිරවූ සදාම් හුසේන්

සදාම් සිර බාරයට පත්වන විට සජිදා ගැබිනියකි. සජිදා තම මුල්ම දරුවා වූ උඬේ හුසේන් පුත්‍රයා මෙලොවට බිහි කළේ සදාම් සිර බාරයේ සිටියදීය. පාලකයන් පලවා හැරීමේ සටන කෙසේ හෝ ජය ගැනීමට සදාම් සිර මැදිරියේ යකඩ කූරු ගනිමින් අධිෂ්ඨාන කර ගත්තේ මේ සිද්ධියෙන් ඇති වූ කෝපය හා කම්පනය පෙරදෑරි කොට ගෙනය. 1967 වර්ෂයේදී සදාම් හිර මැදිරිය කඩාගෙන හිරෙන් පැන ගත්තේ කෝපාවිෂ්ඨ වූ ව්‍යාඝ්‍රයෙකු මෙනි.

1968 වර්ෂයේදි පාලක කාසීම් පලවා හරිමින් අහමඞ් හසන්ට (AHAMED HASSAN) රටේ බලය ලබාදීමේ සටනේ පෙරමුණේ සිටියේ සදාම්ය. බාත් පක්ෂයට රටේ පාලන බලය මෙසේ ලබා ගැනීමට හැකිවීම සදාම් ලැබූ ජයග්‍රහණයකි. රටේ බහුතර ජනතාව ෂියා මුස්ලිම් වරුන්ය. සුළු ජන කොටසක්වූ සුන්නි මුස්ලිම් වරුන්ට මෙසේ පාලන බලය ලැබීම සදාම් කාලයක් තිස්සේ ගෙනගිය සටන ජය ගැනීමකි.

ඉරාකයේ මුල් පුටුවට පත් අරාබියේ වීරයා

අහමඞ් හසන් ඉරාකයේ පාලකයා බවට පත්වෙද්දී ඔහුගේ රජයේ දෙවැනි තැන හිමිවූයේ සදාම් හුසේන්ටය. 1968 ජූලි 17 සිට 1979 ජූලි 16 දා තෙක් අහමඞ් හසන් ඉරාකය පාලනය කළේය. අහමඞ් හසන් පළවා හැර හමුදා කුමන්ත්රණයකින් 1979 ජූලි 16 දා ඉරාකයේ පාලනය සියතට ගැනීමට සදාම් හුසේන් සමත්විය. ඔහු ඉරාකයේ පස් වැනි ජනාධිපතිවරයාය. සජිදාටද ඉරාකයේ ජනාධිපති මැදුරේ දොරටු විවෘත වුණේ මෙසේය.

සදාම් සහ සජිදා යුවලට ළමයින් 5ස් දෙනෙකි. පුතුන් දෙදෙනෙක් සහ දියණියන් තිදෙනෙකි. 1979 වර්ෂයේ සිට 2003 අප්‍රේල් 9දා තෙක් පුරා වසර 24ක් සදාම් ඉරාකය පාලනය කළේය. ඔහුගේ බිරිඳ සජිදා ද උඬේ සහ කුසේ යන පුතුන් දෙදෙනා සදාම්ට වඩා බලවත් වූ බව කියනු ලැබේ. ඔහුට වඩා මේ පුතුන් දෙදෙනාට මිනීමැරුම්, සමූහ ඝාතන, පැහැර ගැනීම් හා දූෂණ චෝදනා එල්ලවිය. පියාගේ රැකවරණය ලැබ මේ පුතුන් දෙදෙනා ස්ත්‍රී දූෂණ සිදු කරමින් රජයේ දේපොල කොල්ලකමින් රටපුරා භීෂණය ඇති කළහ.

වැරදුණු තැන

1980 සැප්තැම්බර් 22දා ඉරානය අල්ලා ගැනීමට සදාම් ඉරානය සමඟ යුද වැදුණේය. ඉරාක -- ඉරාන යුද්ධය වසර 7කට වඩා පැවතුණි. ඔහු 1990 අගෝස්තු 2දා තවත් අල්ලපු රටක් වූ කුවේට් දේශය අල්ලා ගැනීමට යුද වැදුණේය. කුවේට් දේශය ආක්‍රමණය කළේය. ඔහුට වැරදුණ තැන තමා මුළු මහත් අරාබියේම පාලකයා වීමට උත්සහා කිරීමයි. ඉරාකයට අල්ලපු රටවල් ආක්‍රමණය කිරීමට යුද වැදීමයි. ඔහුගේ මෙම රටවල් ආක්‍රමණය කිරීමේ ක්‍රියාවලියට මුලින්ම විරුද්ධ වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. ඇමෙරිකාව ඔහුට තදින්ම චෝදනා කළේය. ඔහු රසායනික අවි නිපදවා ලොව වැනසීමට උත්සහ කරන බවට ඇමෙරිකාව පවසා සිටියේය. සදාම් හුසේන් ඇමෙරිකා ජනාධිපති ජෝර්ජ් බුෂ්ට අභියෝග කළේය. ඇමෙරිකාව 2003 මාර්තු මස 20දා රතු මුහුදේ සිට ඉරාකයට මුල්ම ප්‍රහාරය එල්ල කළේය. සදාම් හුසේන්ට තම ගුවන් හමුදාවට අයත් එකම ගුවන් යානයක්වත් ගුවනට නැංවීමට අවස්ථාවක් නොලැබුණි. මුල් ප්‍රහාරය එල්ල කොට සුළු වේලාවකින් ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කළේය. බැග්ඩෑඩය බිඳ වැටුණේය.

ඩොලර් පෙට්ටිය

තම උපන් ගම වූ ටික්රිටි අසල ගොවිපොළක උමඟක් තුළ ඩොලර් නෝට්ටු පුරවා තිබූ සූට්කේසයක් අතැතිව සිටි සදාම් හුසේන් ඇමෙරිකා හමුදාව මඟින් අල්ලා ගන්නා ලද්දේ 2003 දෙසැම්බර් 13 දාය. ඔහුට එරෙහිව පැවරූ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 2006 නොවැම්බර් 5 දාය. ඒ සදාම් පෝරකයට නියම කිරීමයි. 2006 දෙසැම්බර් 30දා සදාම් හුසේන් එල්ලා මරා දමනු ලැබීය. 2006 දෙසැම්බර් 31දා ඔහුගේ නිසල දේහය ඔහු උපන් අල් අවුජා හි ටික්රිටි ගමේ මිහිදන් කරන ලදී. ගමෙන් නගරයට ගිය සදාම් නගරයෙන් ගමට පැමිණියේ මෙසේය.

සදාම් හුසේන් එල්ලා මරා දැමීමට පෙර ඔහුගේ පුතුන් දෙදෙනාවූ උඬේ සහ කුසේ ද ඇමෙරිකා හමුදාව මඟින් ඝාතනය කරනු ලැබූහ. බිරිඳ සජිදා හලා නැමති දියණිය සමඟ 2003 මාර්තු මස අවසාන සතියේ ජෝර්දානයට පලාගිය බව වාර්තාවිය. ඔවුන්ගේ අනිකුත් දියණියන් දෙදෙනා වන රනා සහ රගාඞ් තවත් අරාබි රටකට පැන ගිය බවද මාධ්‍යයන් සඳහන් කර තිබුණි. ඔවුන් සතුව ඇති විශාල ධනස්කන්ධයක් ස්විස් බැංකු ගිණුම් වල තැන්පත් කර තිබූ බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

දෙවැනි පෙම් පළහිලව්ව

සජිදා සමඟ විවාහ වී සිටියදී සදාම් හුසේන් තවත් සුරූපී තරුණියක් සමඟ පෙම් සබඳතාවක් පවත්වා ඇති බව දැන් නොරහසකි. මෙම පෙම් සබඳතාව අරඹා ඇත්තේ සදාම් ඉරාකයේ ජනපති වීමෙන් පසුවය. මෙය සදාම්ගේ දෙවැනි පෙම් පළහිලව්වයි. සදාම් ඉරාකය පුරා ජනාධිපති මන්දිර 9ක් ඉදිකර තිබුණි. ඔහු හොර රහසේම තම දෙවැනි පෙම්වතිය සමඟ මෙම මහා මැදුරු වල පෙම් රස වින්ඳේය.

දෙවැනි බිරිය සමිරා

ඇය සමිරා ෂබන්දර්ය. (SAMIRA SHABANDAR) සදාම් සමිරා ප්‍රේම සම්බන්ධය සජිදා ට රහසක් විය. මේ පිළිබඳව සජිදා දැන ගත්තේ 1986 වසරේදී. සදාම් සමිරා සමඟ විවාහ වීමෙන් පසුවය. මේ දත්තයන් ලොවට හෙළි කරන්නේ අන්තර් ජාලයේ විකිපීඩියා (WIKIPEDIA) සෙවුම් ඒකකයයි. සමිරා සමඟ විවාහ වීමෙන් පසු ඇමෙරිකාවෙන් එල්ල වූ පීඩාවට වැඩි පීඩාවක් මුල් බිරිඳ හා ළමයින්ගෙන් සදාම් හුසේන් වෙත එල්ල විය. සදාම් සමිරා යුවළට අලි නමින් යුත් එක් පුතෙකු සිටි බවද “විකිපීඩියා” සෙවුම් ඒකකය අන්තර් ජාලයේ සඳහන් කර ඇත. සමීරා සදාම් ගේ මුල් පෙම්වතියවූ සජිදාට නැතහොත් මුල් බිරිඳට වඩා ඉතා රූමත් තැනැත්තියකි.

සමිරා සහ ඇයගේ පුත්‍රයාට සිදුවූයේ කුමක්දැයි තවමත් අබිරහසකි. සදාම් සහ සමිරාගේ ප්‍රේම වෘත්තාන්තයද අප්‍රකටය. අන්තර් ජාලයේ “විකිපීඩියා” ගවේෂකයන්ටද සදාම් හා සමීරා ගේ ප්‍රේම වෘත්තාන්තය පිළිබඳ සැබෑ තොරතුරු සොයා ගැනීමට නොහැකි වී ඇත. එහෙත් සමීරා, සදාම් හුසේන්ට හඳුන්වා දුන් සදාම්ගේ සෙවණැල්ල මෙන් ඔහු ළඟම සිටි ප්‍රධාන ගෝලයා සදාම්ගේ වැඩිමහල් පුත්‍රයා වූ උඬේ හුසේන් විසින් ඝාතනය කරනු ලැබූ බව නොරහසකි.

http://www.lankadeepa.lk

[QUOTE="sbanurada, post: 19732190, member: 33920"] [b]සදාම් හුසෙන්ගේ ආදර අන්දරය[/b] [SIZE="4"][SIZE="4"][CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/456789.jpg[/IMG][/CENTER] මුදල් මඩිස්සල ගැසීම ලොව බොහෝ පාලකයන්ට වැරදුණ තැනය. එවැන්නන් තුළ පැවතියේ බල ලෝභයයි. අධික තණ්හාවයි. තෘෂ්ණාවයි. ඔවුහු ජනතාව අමතක කළහ. තම රට අමතක කළහ. ජනතා අභිලාෂයන් තුට්ටුවට නොසැලකූහ. පුහු මාන්නයෙන් හිස උදුම්මවාගත්හ. දඩබ්බර වූහ. අශිෂ්ටත්වය කර පින්නා ගත්හ. මෙවැනි අපකීර්තිමත් අදූරදර්ශී පාලකයන්ට හිමිවූයේ ඉතිහාසයේ කුණු බක්කියයි. ලොව බිහිවූ මෙවැනි පාලකයන් රැසක් පිළිබඳ උදාහරණ දැක්විය හැකිය. මෙවැනි පාලකයන් රාශියක් ආරාබියේ සහ අප්රිකාවේද සිටියහ. ඉඩි අමීන් මොවුන්ගෙන් කෙනෙකි. මුගාබේ තවත් කෙනෙකි. මොවුන් අතරට සදාම් හුසේන්ගේ නමද ඇතුළත් වී ඇත. ඉන්දුනීසියාවේ සුහර්තෝද එවැනි රාජ්‍ය පාලකයෙකි. මා මේ ලියන්නේ එවැනි පාලකයන් රටේ පාලන බලය සියතට ගත් ආකාරය ගැන නොවේ. ඔව්හු බලපරාක්රමයෙන් විරාජමානව වැජඹුන මහේෂාක්‍ය විලාශය ගැනද නොවේ. ඔවුන්ගෙන් එක් අයෙකුගේ ජීවිතයේ ඇතුල් පැත්ත ගැනය. ඔහුගේ තරුණ දිවියේ පැවති පෙම් සබඳතා ගැනය. ඔහුගේ විවාහ ජීවිතය ගැනය. මෙය ඔහුගේ ජීවිතයේ නුදුටු පැත්ත විවර කිරීමකි. [SIZE="5"][COLOR="Red"]සදාම් හුසේන් කවරහුද?[/COLOR][/SIZE] ඔහු වෙන කිසිවෙකු නොවේ. අතීතයේදී ඔහු ඇමරිකාවේ නොම්මර එකේ හතුරාය. දින 8000 කට වැඩි කාලයක් ඉරාකය පාලනය කළ ඔහු සදාම් හුසේන්ය. නැතහොත් සදාම් හුසේන් අල් මජීඞ් අල් ටික්රිටිය (SADDAM HUSSAIN AL MAJID AL TIKRITI) පෝරකයට නැග දිවියෙන් සමුගත් ඉරාකයේ හිටපු පාලකයාය. “දුක සැප නිති පෙරළේ, රිය සකලෙස ලෝකේ” යයි කියමනක් ඇත. මේ කියමන සදාම්ගේ ජීවිතයට මනාව ගැළපේ. ඔහු ගිය ගමන් මාර්ගයේ හොඳ මෙන්ම නරකද සටහන් වී තිබුණි. ඒ පිළිබඳව විමංශනයක යෙදීම මගේ අරමුණ නොවේ. බුෂ්, සදාම් නැත්තටම නැති කළ ආකාරය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීමටද අපේක්ෂා නොකරමි. සදාම්ගේ නැගීම හා බැසීම අපූරු වෘත්තාන්තයක් බඳුය. ඇමෙරිකාවේ වයිට් හවුස් (WHITE HOUSE) මන්දිරය අල්ලන්නට ගිය මේ සදාම් හුසේන් කවුරුන්ද? ලෝකයාට ඔහුව කිසිදාක අමතක නොවන චරිතයකි. ජීවිතයේ 69 වෙනි සැතපුම් කණුව පසු කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී සදහටම දෙනෙත් පියාගත් මේ අපූරු මිනිසා ආරාබි ලෝකයට නම් තවමත් වීරයෙකි. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/130.jpg[/IMG] [COLOR="Red"] සදාම් හුසේන්ගේ පවුල[/COLOR] [COLOR="Red"][SIZE="5"] පැලක උපන් සදාම්[/SIZE][/COLOR] 1937 අප්‍රේල් 28 වෙනිදා ඉරාකයේ අල් අවුජා ප්‍රදේශයේ ටික්රිටි නැමති කැලෑබද ගම්මානයේ ගොවිපොළක කටුමැටි ගැසූ පැල්පතක සදාම් හුසේන් උපත ලැබීය. ඔහු මෙලොව එළිය දැක මාස 6කින් ඔහුගේ පියා මව අතහැර ගියේය. ඔහු කුඩා කළ හැදී වැඩුණේ පියාගෙන් තොරවය. ඔහුගේ ළමා කාලය මෙන්ම තරුණ අවධියද ඉතා කටුක විය. දුෂ්කර විය. කුඩා අවධියේම තම මවගේ සහෝදරයා නැතහොත් මාමාගේ බැග්ඩෑග් නුවර පිහිටි නිවසට ගොස් එහි හැදී වැඩෙන්නට ඉඩ ලැබීම සදාම්ගේ ජීවිතය උඩු යටිකුරු කළ සිද්ධියකි. අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට නොහැකි වූවත් මාමාගේ අභාසය තුළින් ඔහු දේශපාලනයට නැඹුරු විය. ඉරාකයේ සුන්නි මුස්ලිම් වරුන් නියෝජනය කළ බාත් පක්ෂයේ ප්‍රබල සාමාජිකයකු වූ තම මාමා දේශපාලන කටයුතු වල නිරත වන අයුරු තරුණ සදාම් නිරීක්ෂණය කළේය. ඔවුන්ගේ සටන වූයේ ෂියා මුස්ලිම් වරුන්ට එරෙහිවය. [COLOR="Red"][SIZE="5"]සදාම්ගේ මුල් ආදරය[/SIZE][/COLOR] 1958 දී ඉරාකයේ පයිසාල් රජු බලයෙන් පහ කිරීමට නායකත්වය දුන් පිරිසට සදාම්ද ඇතුළත් විය. එවිට ඔහුගේ වයස යාන්තම් අවුරුදු 21 කි. ඉන්පසු බලයට පත්වූ කාසීම් ඝාතනය කිරීමට තම මාමා ප්රමුඛ පිරිස සමඟ කුමන්ත්‍රණය කළේද සදාම්ය. මෙම ඝාතන ප්රයත්නයෙන් පාලක කාසිම්ට වෙඩිතැබුවේද සදාම්ය. වෙඩි පහරින් තුවාල ලැබූ කාසිම් පණ ගලවා ගත්තේ අනූනවයෙනි. සදාම් දුටු තැන ඇල්ලීමට වරෙන්තු නිකුත් කරන ලදී. ඔහු ඊජිප්තුවට පළා ගියේය. ඊජිප්තුවේ 1959 සිට 1963 දක්වා දිවි ගෙව්වේය. මේ සිද්ධීන්ට පෙර විප්ලවකාරි සදාම්ගේ සිත ආලයෙන් මත්වී තිබුණි. ඒ ඔහුගේ මුල් ආදර කතාවයි. සදාම්ගේ මාමාගේ වැඩිමහල් දියණිය නමින් සජිදාය. (SAJIDA) සජිදා ටල්ෆාය. සදාම් හා සජිදා උපන්නේ එකම වර්ෂයේය. එනම් 1937 දීය. මාමාගේ නිවසට අසරණ දිළිඳු කොලු පැටියෙකු වශයෙන් ළඟාවූ සදාම් හැදී වැඩුණේ මේ සජිදා සමඟය. යෞවන වියට පත් වෙද්දී මේ දෙදෙනාගේ ඇසුර නිතැතින්ම ආදරයක් බවට පත්විය. හරියට සඳුන් ගසකට සමන් වැලක් එතුණා වගේය. සජිදා රූමතියකි. ඇයගේ දසුන සදාම් නැමති හැඩිදැඩි තරුණයාට අමා මිහිරක් විය. එකම වහලක් යට, කිසිඳු බාධාවකින් තොරව ආදර ගඟුලේ කිමිදෙන්නට මේ තරුණ පෙම්වතුන් යුවළකට ඉඩ ලැබීම අනිකුත් ආදර කතන්දර වලට වඩා වෙනස් සිද්ධියකි. දේශපාලනය, විප්ලවය, ආණ්ඩු පෙරළිය, තම ආගමික වර්ගයා වෙනුවෙන් ඇප කැප වීම ආදිය තුළ ඇලී ගැලී සිටි සදාම් තම දිවියට සහනයක් ලබා ගත්තේ සජිදාගේ ආදර පහස තුළිනි. තුරුණු දිවියක එකම මිහිරියාව ආලය ආදරය මිස වෙන කවරක්ද? [COLOR="Red"][SIZE="5"]සදාම් සජිදා ආදර කතාව[/SIZE][/COLOR] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/781.jpg[/IMG] වැලි කතරට සුදු සඳරැස් පතිත වෙද්දී ගිමන් හරින ඔවුන්ගෙන් සමන්විත නිසල පරිසරයක රට ඉඳි වලින් පැණි බේරෙද්දී සදාම්-සජිදා පෙම් යුවළ ගෙවූ කාලය කොතරම් මිහිරියාවකින් පිරෙන්නට ඇද්ද? ලක්ෂ 400 කට ආසන්න ජනගහණයකින් සමන්විත ඉරාකයේ සුක්කානම තම අතට පත්වනු ඇතැයි එදා සදාම් හීනෙකින්වත් හිතන්නට නැත. ඉරාකයේ අනාගත රජුගේ අග මෙහෙසිය බවට තමා පත්වනු ඇතැයි සජිදා ද හිතන්නට නැත. මේ හැඩිදැඩි උඩු රැවුල් කාරයා තම අනාගත සහකරු කර ගැනීම එදා සජිදාගේ එකම ප්‍රාර්ථනය විය. අභිප්රායවිය. දෙදෙනා එකට පාසල් ගියහ. ගෙදර දොර වැඩ කළේද දෙදෙනා එකතුවය. කටුක කාන්තාරය ඔවුන්ගේ ආදරයේ තෝතැන්න බවට පතිවිය. ගිනියම් වූ වැලි කුණාටු ඔවුන්ගේ පෙම් ලොවට බාධාවක් නොවීය. බාධක කම් කටොලු දෙහදක ආදරය වඩාත් විසිතුරු කිරීමට බලපායි. අවහිරතාවලින් තොරවූ පරිසරයක් තුළදීද සදාම් සජිදා නැමති ආදර වෘක්ෂය සරුවට හැදී දලුලා වැඩුණේය. එදා ඉරාකයේ හිටපු පාලක කාසිම්ට වෙඩි තබා මරණීය තුවාල සිදු කිරීම නිසා සිරභාරයට පත්වීමට තිබියදී සදාම් ඉරාකයෙන් පලායාම තුළින් සජිදා හදවතින් වැළපුණාය. දුක ශෝකය තුරුළු කරගත් ඇය තම ප්‍රේමවන්තයා යළිත් දිවියේ කවරදා හෝ හමුවනු ඇතැයි හිත හදා ගත්තාය. මේ දෙදෙනාගේ වෙන්වීම ගැන දෙදෙනාම හදවතින් වැළපුනේ විරහ වේදනාව ඉවසා ගත නොහැකිවය. සදාම් ඊජිප්තුවට යැවීමට සියළු කටයුතු යොදනු ලැබුවේ ඔහුගේ මාමා විසිනි. නැතහොත් සජිදාගේ පියා විසිනි. සජිදාගේ පියා ඇයට මෙහිදී පැවසුවේ සදාම් ටික කලකින් සුරක්ෂිතව ඉරාකයට ගෙන්වා ගන්නා බවය. පියාගේ වචනය ඇය විශ්වාස කළාය. සදාම්ගේ වෙන්වීම එදා තරුණ සජිදා සැලකුවේ තමා ලොව තනිවූ ලෙසටය. [COLOR="Red"][SIZE="5"]සදාම්-සජිදා විවාහය[/SIZE][/COLOR] 5 ඊජිප්තුවට පලාගිය සදාම් එහි ගතකළ වසර 4ක කාල සීමාව සජිදාගේ දිවියේ අඳුරුම කාල පරිච්ඡේදය විය. කාසිම්ගේ පාලන තන්ත්රය තුළ ඇය පියා ඇතුළු මුළු පවුලටම සැඟවී සිටින්නට සිදුවූහ. පසු කලෙක ඇයගේ මේ අඳුරු දිවිය ආලෝකමත් වූයේ විස්මයජනක අයුරිනි. එදා පාළු කතරක අතරමං වී සිටි ඇය පසු කලෙක මුළු මහත් අරාබියම තම ඇඟිලි අතරට ගුලි කරගත හැකි ආකාරයේ ප්‍රබල චරිතයක් බවට පත්වීම වාසනා මහිමයක් නොවන්නේද? 1959 දී ඊජිප්තුවට ගිය සදාම් යළි ඉරාකයට ළඟාවූයේ 1963 වර්ෂයේදීය. ඒ ඉතා රහසිගතවය. ඒ වසරේම ඉරාකයේ ඉතා රහසිගත ස්ථානයකදී සදාම් සහ සජිදාගේ විවාහය සිදුවිය. එහෙත් ඒ වන විටත් අපරාධකරුවෙකු වශයෙන් හංවඩු ගසනු ලැබ සිටි සදාම් ට නිදහස් දිවියක් ගත කිරීමට ඉඩ ප්‍රස්ථාවක් නොලැබුණි. සදාම් හා සජිදාගේ විවාහ දිවියේ මුල් කාලය පිළිබඳ ලියද්දී මට එක්තරා පැරණි සිංහල සිංදුවක කොටසක් මතක් විය. එය මෙසේය. “මනරම් හැඟුමන් කදිමයි මේ මනු ලොව කෙළි මඬලකි කැරකි කැරකි දෛවේ” මේ සොඳුරු යුවළ විවාහ වී ගත වුයේ හරියටම එක් වසරක කාලයකි. පාලකයන් විසින් සදාම් හුසේන් අල්ලාගෙන ඔහුට විරුද්ධව නඩු පවරා ඔහු සිරගත කරනු ලැබීය. ඒ 1964 වර්ෂයේදීය. දෙවන වරටත් සජිදා ලොව තනිවුණේ මෙසේය. තම දෛවය මෙතරම් කුරිරු දැයි ඇය තමාගෙන්ම විමසුවාය. එහෙත් ඇය තම සොඳුරු සැමියා පිළිබඳ දැඩි අධිෂ්ඨානයකින් පසුවූවාය. [COLOR="Red"][SIZE="5"]යකඩ හස්තය හා ප්‍රේමය අතර හිරවූ සදාම් හුසේන්[/SIZE][/COLOR] සදාම් සිර බාරයට පත්වන විට සජිදා ගැබිනියකි. සජිදා තම මුල්ම දරුවා වූ උඬේ හුසේන් පුත්‍රයා මෙලොවට බිහි කළේ සදාම් සිර බාරයේ සිටියදීය. පාලකයන් පලවා හැරීමේ සටන කෙසේ හෝ ජය ගැනීමට සදාම් සිර මැදිරියේ යකඩ කූරු ගනිමින් අධිෂ්ඨාන කර ගත්තේ මේ සිද්ධියෙන් ඇති වූ කෝපය හා කම්පනය පෙරදෑරි කොට ගෙනය. 1967 වර්ෂයේදී සදාම් හිර මැදිරිය කඩාගෙන හිරෙන් පැන ගත්තේ කෝපාවිෂ්ඨ වූ ව්‍යාඝ්‍රයෙකු මෙනි. 1968 වර්ෂයේදි පාලක කාසීම් පලවා හරිමින් අහමඞ් හසන්ට (AHAMED HASSAN) රටේ බලය ලබාදීමේ සටනේ පෙරමුණේ සිටියේ සදාම්ය. බාත් පක්ෂයට රටේ පාලන බලය මෙසේ ලබා ගැනීමට හැකිවීම සදාම් ලැබූ ජයග්‍රහණයකි. රටේ බහුතර ජනතාව ෂියා මුස්ලිම් වරුන්ය. සුළු ජන කොටසක්වූ සුන්නි මුස්ලිම් වරුන්ට මෙසේ පාලන බලය ලැබීම සදාම් කාලයක් තිස්සේ ගෙනගිය සටන ජය ගැනීමකි. [COLOR="Red"][SIZE="5"]ඉරාකයේ මුල් පුටුවට පත් අරාබියේ වීරයා[/SIZE][/COLOR] අහමඞ් හසන් ඉරාකයේ පාලකයා බවට පත්වෙද්දී ඔහුගේ රජයේ දෙවැනි තැන හිමිවූයේ සදාම් හුසේන්ටය. 1968 ජූලි 17 සිට 1979 ජූලි 16 දා තෙක් අහමඞ් හසන් ඉරාකය පාලනය කළේය. අහමඞ් හසන් පළවා හැර හමුදා කුමන්ත්රණයකින් 1979 ජූලි 16 දා ඉරාකයේ පාලනය සියතට ගැනීමට සදාම් හුසේන් සමත්විය. ඔහු ඉරාකයේ පස් වැනි ජනාධිපතිවරයාය. සජිදාටද ඉරාකයේ ජනාධිපති මැදුරේ දොරටු විවෘත වුණේ මෙසේය. සදාම් සහ සජිදා යුවලට ළමයින් 5ස් දෙනෙකි. පුතුන් දෙදෙනෙක් සහ දියණියන් තිදෙනෙකි. 1979 වර්ෂයේ සිට 2003 අප්‍රේල් 9දා තෙක් පුරා වසර 24ක් සදාම් ඉරාකය පාලනය කළේය. ඔහුගේ බිරිඳ සජිදා ද උඬේ සහ කුසේ යන පුතුන් දෙදෙනා සදාම්ට වඩා බලවත් වූ බව කියනු ලැබේ. ඔහුට වඩා මේ පුතුන් දෙදෙනාට මිනීමැරුම්, සමූහ ඝාතන, පැහැර ගැනීම් හා දූෂණ චෝදනා එල්ලවිය. පියාගේ රැකවරණය ලැබ මේ පුතුන් දෙදෙනා ස්ත්‍රී දූෂණ සිදු කරමින් රජයේ දේපොල කොල්ලකමින් රටපුරා භීෂණය ඇති කළහ. [COLOR="Red"][SIZE="5"]වැරදුණු තැන[/SIZE][/COLOR] 1980 සැප්තැම්බර් 22දා ඉරානය අල්ලා ගැනීමට සදාම් ඉරානය සමඟ යුද වැදුණේය. ඉරාක -- ඉරාන යුද්ධය වසර 7කට වඩා පැවතුණි. ඔහු 1990 අගෝස්තු 2දා තවත් අල්ලපු රටක් වූ කුවේට් දේශය අල්ලා ගැනීමට යුද වැදුණේය. කුවේට් දේශය ආක්‍රමණය කළේය. ඔහුට වැරදුණ තැන තමා මුළු මහත් අරාබියේම පාලකයා වීමට උත්සහා කිරීමයි. ඉරාකයට අල්ලපු රටවල් ආක්‍රමණය කිරීමට යුද වැදීමයි. ඔහුගේ මෙම රටවල් ආක්‍රමණය කිරීමේ ක්‍රියාවලියට මුලින්ම විරුද්ධ වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. ඇමෙරිකාව ඔහුට තදින්ම චෝදනා කළේය. ඔහු රසායනික අවි නිපදවා ලොව වැනසීමට උත්සහ කරන බවට ඇමෙරිකාව පවසා සිටියේය. සදාම් හුසේන් ඇමෙරිකා ජනාධිපති ජෝර්ජ් බුෂ්ට අභියෝග කළේය. ඇමෙරිකාව 2003 මාර්තු මස 20දා රතු මුහුදේ සිට ඉරාකයට මුල්ම ප්‍රහාරය එල්ල කළේය. සදාම් හුසේන්ට තම ගුවන් හමුදාවට අයත් එකම ගුවන් යානයක්වත් ගුවනට නැංවීමට අවස්ථාවක් නොලැබුණි. මුල් ප්‍රහාරය එල්ල කොට සුළු වේලාවකින් ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කළේය. බැග්ඩෑඩය බිඳ වැටුණේය. [COLOR="Red"][SIZE="5"]ඩොලර් පෙට්ටිය[/SIZE][/COLOR] තම උපන් ගම වූ ටික්රිටි අසල ගොවිපොළක උමඟක් තුළ ඩොලර් නෝට්ටු පුරවා තිබූ සූට්කේසයක් අතැතිව සිටි සදාම් හුසේන් ඇමෙරිකා හමුදාව මඟින් අල්ලා ගන්නා ලද්දේ 2003 දෙසැම්බර් 13 දාය. ඔහුට එරෙහිව පැවරූ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 2006 නොවැම්බර් 5 දාය. ඒ සදාම් පෝරකයට නියම කිරීමයි. 2006 දෙසැම්බර් 30දා සදාම් හුසේන් එල්ලා මරා දමනු ලැබීය. 2006 දෙසැම්බර් 31දා ඔහුගේ නිසල දේහය ඔහු උපන් අල් අවුජා හි ටික්රිටි ගමේ මිහිදන් කරන ලදී. ගමෙන් නගරයට ගිය සදාම් නගරයෙන් ගමට පැමිණියේ මෙසේය. සදාම් හුසේන් එල්ලා මරා දැමීමට පෙර ඔහුගේ පුතුන් දෙදෙනාවූ උඬේ සහ කුසේ ද ඇමෙරිකා හමුදාව මඟින් ඝාතනය කරනු ලැබූහ. බිරිඳ සජිදා හලා නැමති දියණිය සමඟ 2003 මාර්තු මස අවසාන සතියේ ජෝර්දානයට පලාගිය බව වාර්තාවිය. ඔවුන්ගේ අනිකුත් දියණියන් දෙදෙනා වන රනා සහ රගාඞ් තවත් අරාබි රටකට පැන ගිය බවද මාධ්‍යයන් සඳහන් කර තිබුණි. ඔවුන් සතුව ඇති විශාල ධනස්කන්ධයක් ස්විස් බැංකු ගිණුම් වල තැන්පත් කර තිබූ බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි. [COLOR="Red"][SIZE="5"]දෙවැනි පෙම් පළහිලව්ව[/SIZE][/COLOR] සජිදා සමඟ විවාහ වී සිටියදී සදාම් හුසේන් තවත් සුරූපී තරුණියක් සමඟ පෙම් සබඳතාවක් පවත්වා ඇති බව දැන් නොරහසකි. මෙම පෙම් සබඳතාව අරඹා ඇත්තේ සදාම් ඉරාකයේ ජනපති වීමෙන් පසුවය. මෙය සදාම්ගේ දෙවැනි පෙම් පළහිලව්වයි. සදාම් ඉරාකය පුරා ජනාධිපති මන්දිර 9ක් ඉදිකර තිබුණි. ඔහු හොර රහසේම තම දෙවැනි පෙම්වතිය සමඟ මෙම මහා මැදුරු වල පෙම් රස වින්ඳේය. [COLOR="Red"][SIZE="5"]දෙවැනි බිරිය සමිරා[/SIZE][/COLOR] ඇය සමිරා ෂබන්දර්ය. (SAMIRA SHABANDAR) සදාම් සමිරා ප්‍රේම සම්බන්ධය සජිදා ට රහසක් විය. මේ පිළිබඳව සජිදා දැන ගත්තේ 1986 වසරේදී. සදාම් සමිරා සමඟ විවාහ වීමෙන් පසුවය. මේ දත්තයන් ලොවට හෙළි කරන්නේ අන්තර් ජාලයේ විකිපීඩියා (WIKIPEDIA) සෙවුම් ඒකකයයි. සමිරා සමඟ විවාහ වීමෙන් පසු ඇමෙරිකාවෙන් එල්ල වූ පීඩාවට වැඩි පීඩාවක් මුල් බිරිඳ හා ළමයින්ගෙන් සදාම් හුසේන් වෙත එල්ල විය. සදාම් සමිරා යුවළට අලි නමින් යුත් එක් පුතෙකු සිටි බවද “විකිපීඩියා” සෙවුම් ඒකකය අන්තර් ජාලයේ සඳහන් කර ඇත. සමීරා සදාම් ගේ මුල් පෙම්වතියවූ සජිදාට නැතහොත් මුල් බිරිඳට වඩා ඉතා රූමත් තැනැත්තියකි. සමිරා සහ ඇයගේ පුත්‍රයාට සිදුවූයේ කුමක්දැයි තවමත් අබිරහසකි. සදාම් සහ සමිරාගේ ප්‍රේම වෘත්තාන්තයද අප්‍රකටය. අන්තර් ජාලයේ “විකිපීඩියා” ගවේෂකයන්ටද සදාම් හා සමීරා ගේ ප්‍රේම වෘත්තාන්තය පිළිබඳ සැබෑ තොරතුරු සොයා ගැනීමට නොහැකි වී ඇත. එහෙත් සමීරා, සදාම් හුසේන්ට හඳුන්වා දුන් සදාම්ගේ සෙවණැල්ල මෙන් ඔහු ළඟම සිටි ප්‍රධාන ගෝලයා සදාම්ගේ වැඩිමහල් පුත්‍රයා වූ උඬේ හුසේන් විසින් ඝාතනය කරනු ලැබූ බව නොරහසකි. [/SIZE] [url]http://www.lankadeepa.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom