Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සනත් අයියගෙ ගොඩක් ෂොට්ස් මටත් පුළුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇය අපට සැබැවින්ම ආඩම්බරයකි. නැවතත් ශ්‍රී ලංකා නාමය ක්‍රිකට් වංශ කතාවේ ඉහළින් ලියා තබන්නට ඇය සමත් වූවාය. ඒ පසුගියදා පැවැති නවසීලන්ත - ශ්‍රී ලංකා ODI තරගාවලිය ශතක දෙකක් සමඟින් 3-2 ක් ලෙස ජය ගනිමින් ලෝකයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමුවැනියා ලෙස ශ්‍රී ලංකා නාමය ඉහළින්ම රඳවමිනි. චමරී අතපත්තු කියූ පමණින් ලොවම හඳුනන ඇය, වත්මන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ද වන්නීය. ක්‍රිකට් යනු ලෝකයේම උන්මාදයකි. මෙරට ක්‍රිකට් උන්මාදයේ පුරෝගාමියා සනත් ජයසූරිය බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. චමරී ද ඒ උන්මාදයේ කොටස්කාරියකි. ඔහුගේ අඩිපාරේ යමින් ඒ අභාසය ලබමින් ළමා වියේ සිටම ක්‍රිකට්වලට පෙම් බැඳි ඇය තම පිති ප්‍රහාරය දියත් කරන්නේ ද ජයසූරියගේ ආරටය. වේගවත් පිති හරඹයට පෙම් බඳින චමරී අප හා එක්වුණේ ජයග්‍රහණයේ උණුසුමත් සමඟිනි.

නවසීලන්තයත් එක්ක පැවැති අවසන් ODI තරගයේ ඔබ ලෝකයේ වේගවත්ම 4 වැනි ශතකය වාර්තා කළා. ඒ පන්දු 80කට නොදැවී ලකුණු 140ක් වාර්තා කරමින්. ඒත් එක්කම ඔබ පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමුවැනියා බවට පත්වුණා. ඒ ගැන කතා කළොත්?

නවසීලන්තය එක්ක ගාල්ලෙ පවත්වපු ODI තරගාවලිය තරග 3-2 කින් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. පළමු තරගයෙදි මගේ ක්‍රිකට් ජීවිතේ 7 වැනි එක් දින ශතකය වාර්තා කළා. දෙවැනි තරගය දිනුවෙ නවසීලන්තය. තුන්වැනි තරගයත් අපි දිනලා තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගත්තා. ඒකෙදි මගේ 8 වැනි එක්දින ශතකය වාර්තා කළේ පන්දු 80කදි නොදැවී ලකුණු 140ක් වාර්තා කරමින්. ඒත් එක්කම වාර්තා කිහිපයක් අලුත් වුණා. මේක තමයි අපි නවසීලන්තය එක්ක ODI තරගාවලියක් දිනපු පළමු අවස්ථාව. තවත් T20 තරග 3ක් තියෙනවා.

ගාල්ලේ පැවැති පළමු තරගයේදි ඔබ ශතකයක් ගහලා ඒ එක්කම ටීෂර්ට් එක ඔසවලා බැට් එක බඩට තියලා බඩ පෙන්නමින් යම්කිසි ප්‍රතිචාරයක් දක්වනවා. ඇයි ඔබ ඒ වගේ දෙයක් කළේ?

පහුගිය කාලේ කිහිප දෙනෙක්ම මගේ ෆිට්නස් ලෙවල් එක ගැන මගෙන් ප්‍රශ්න කළා. මගෙ බඩ වැඩියි කියල කිවුවා. මම එදා ශතකය ගහලා බඩ පෙන්නුවේ බඩ තිබුණට මට ගහන්න පුළුවන් කියන එක පෙන්නන්නයි.

පළමු තරගයේ ශතකයක් ගැහුව ඔබ දෙවැනි තරගයේ බිංදුවට දැවී ගියා. කලින් දවසෙ ඔල්වරසන් දුන්න ක්‍රීඩා ලෝලීන්ගේ එදා ප්‍රතිචාරය කොහොමද?

පළවෙනි තරගයේදි මං ශතකයක් ගැහුවා. අපි එය ජයග්‍රහණය කළා. ඒත් දෙවැනි දවසෙ ලකුණු නොලබාම යන්න වුණා. ඒක මේ ක්‍රීඩාවේ හැටි. අපට හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. ගොඩක් දුරට මං සෝෂල් මීඩියාවල කමෙන්ට්ස් බලනව අඩුයි. මං ෆෝකස් කරන්නෙ මගේ වැඩේට. කොහොමද මං මේක කරන්නෙ, කොහොමද මං මගේ කණ්ඩායම මෙහෙයවන්නේ කියන එකට විතරයි.

ප්රේක්ෂකයො තරග දිනද්දි සතුටු වෙනවා වගේම පරදිද්දි දුක් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔවුන් ඔවුන්ගේ අදහස් සෝෂල් මීඩියා එකේ හරි එළියෙදි හමුවුණහම හරි අනිවාර්යයෙන්ම ප්‍රකාශ කරනවා. මං ඒව මැදහත් සිතින් භාරගන්නවා. හැමවෙලාවෙම ඒවට පොසිටිව් විදිහට මුහුණ දෙනවා.

එක් අවස්ථාවක දී ඔබ ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එළව එළවා පහර දෙනවා. ඒ වේගවත් ලකුණු 178ක් ලබාගනිමින්. ඒ මතකය අවදි කළොත්?

ඒ එක්දින ජාත්‍යන්තර තරගවල මගේ වැඩිම ලකුණු ප්‍රමාණය. එදා මට එක්දින ජාත්‍යන්තර තරගවල වැඩිම ලකුණු ලබාගත් 4 දෙනා අතරට එකතු වෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම ලෝක කුසලානයක වැඩිම ලකුණු ලබාගත් අය අතරේ දෙවැනියා වුණා.

ඔබ නායකත්වයේ වගකීම දරන ගමන්ම ආරම්භක පිතිකරු විදිහටත් ක්‍රීඩා කරනවා. ඒ වගේම 20-20 ලෝක ලීග් තරගාවලිය (ෆ්‍රැන්චයිස්) නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාව. ඒ තරගවලදි විතර ද ඔබ පන්දුවෙන් දස්කම් පාන්නේ?

මම බොහෝ වෙලාවට ෆෝකස් කරන්නේ බැටිං සයිඩ් එක. මං ස්පිනර් කෙනෙක් විදිහටයි පන්දු යවන්නේ. අපේ කණ්ඩායමේ ස්පිනර්ස්ල ගොඩක් ඉන්නවා. කණ්ඩායමේ නායිකාව විදිහට මං ඔවුන්ගේ උපරිමය ගන්න බලනවා. ඒ නිසා මං බෝල් කරන්නේ අඩුවෙන්. මම ෆ්‍රැන්චයිස් ක්‍රීඩා කරද්දි බෝලර් කෙනෙක් විදිහටත් ක්‍රීඩා කරනවා.

පන්දු යැවීම සහ පිතිකරණය යන භූමිකා දෙකේම අවබෝධයක් තියෙන එකේ වාසියකුත් තියෙනවා නේද ?

ඒක ඇත්ත. මං බෝල් කරද්දි පිතිකරණ අත්දැකීමත් මට තියෙන නිසා පිතිකරුවෙක් කොහොමද හිතන්නෙ කියන එක ගැන අදහසක් තියෙනවා. මාත් ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දීල තියෙනවා. ඒ නිසා මට අයිඩියා එකක් තියෙනවා ඔවුන් ඒ වගේ වෙලාවට මොකක්ද කරන්නෙ කියන එක ගැන.

ගැහැනු ළමයෙක් ක්‍රිකට් ගහනව කියද්දි සමාජයේ බැල්ම වෙනස්. ඔබත් ඒ අත්දැකීමට මුහුණ දීල ඇති?

මට අවුරුදු 4ක් 5ක් වගේ කාලෙදි තමයි අප්පච්චි මාව මගේ මාමාට භාරදෙන්නෙ ක්‍රිකට්වලට යොමු කරන්න කියල. ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙක්. අම්මගෙයි අප්පච්චිගෙයි ලොකු සහායක් ලැබුණා. අවුරුදු 8දි වගේ මං ලෙදර් බෝලෙන් සෙල්ලම් කළේ. මං මූලික අධ්‍යාපනය ලැබුවේ ගොකරැල්ල මහා විද්‍යාලයෙන්. ඒකෙ ගෑනු ළමයින්ට ක්‍රිකට් තිබුණෙ නැති නිසා මං සෙල්ලම් කළේ පිරිමි ළමයි එක්ක. මං පිරිමි ළමයි පරද්දනවා. ශිෂ්‍යත්වෙ පාස්වෙලා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට ඇතුළු වුණේ. ඒකෙ කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් තිබුණා. සුදු ගවුමත් ඇඳන් බැට් එක කරේ දාන් එද්දි ගොඩක් අය මා දිහා බැලුවෙ අමුතු විදිහට. අපේ පවුලෙ අය වුණත් අප්පච්චිට කිවුවා ඇයි මේ දුවව කොල්ලෙක් විදිහට හදන්නෙ කියලා. කොහොම හරි මට පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. මගේ දක්ෂතා දැකලා කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයෙන් ඇරයුමක් ලැබුණා මට ක්ලබ් එකේ සෙල්ලම් කරන්න එන්න කියලා. බස් එකේ කොළඹ එද්දි වුණත් සමහරු මං දිහා බැලුවෙ අමුතු විදිහට. මං ඒව ගණන් ගන්නෙ නැතුව හැමදාම මගේ ගමන ගියා. කොළඹ ඇවිත් අන්තර් ක්‍රීඩා සමාජ සෙල්ලම් කරද්දි පළවෙනි අවුරුද්දෙම ඒ කියන්නෙ 2008දි මාව ජාතික සංචිතයට තෝරගත්තා.

එතකොට ඔබ මුලින්ම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළේ?

එංගලන්තයේ පැවැති තරගයකදී ඉන්දියාවට එරෙහිව තමයි මං පළමුවරට ජාත්‍යන්තර තරගයක අත්දැකීම ලබන්නේ. ඒ 2009 අවුරුද්දෙ 20-20 ලෝක කුසලාන තරගයක්. ඒ වගේම ඒක තවත් කාරණයක් නිසා සුවිශේෂී වුණා. ඒක තමයි කාන්තාවන් වෙනුවෙන් ලෝක කුසලාන තරගයක් පවත්වපු පළවෙනි අවස්ථාව. එතකොට මට අවුරුදු 19යි. මට මතකයි ඒකෙදි මං ලකුණු 37ක් ගත්තා.

සමහරු කියනවා චමරිගෙ ප්රහාරයන් සනත් ජයසූරිය වගේ කියලා. ඒකෙ ඇත්තක් තියෙනවද?

මං පොඩි කාලෙ ඉඳන්ම සනත් අයියා ක්‍රීඩා කරනව බලන්න ආසයි. 96 ලෝක කුසලානය නරඹද්දි මට අවුරුදු 6ක් වගේ. මං වැඩියෙන්ම ආස කළේ සනත් අයියට. පොඩි කාලෙ මං ඔහුව අනුකරණය කළා. සනත් අයියගෙ ගොඩක් ෂොට්ස් මටත් පුළුවන්. ඒත් පහු වෙද්දි මං මගේම ක්‍රමයක් හදාගත්තා. දැනටත් ගොඩක් අය කියනව මං සෙල්ලම් කරද්දි ගොඩක් වෙලාවට සනත් අයිය වගේ කියලා. ඒක මට ලොකු සතුටක්. ලංකාවෙ ක්‍රිකට් කියන දේ වෙනස් කරපු ක්‍රිකට් උන්මාදයක් ඇති කරපු ක්‍රීඩකයෙක්. ඔහු වගේ සෙල්ලම් කරනව කියල මිනිස්සු කියනව අහන්නත් සතුටුයි. ඔහු තමයි මගේ සදාකාලික ක්‍රිකට් වීරයා.

පොඩි කාලෙ ඔබ පුනර්භවය ගැන කියවන්න පටන් ගත්ත නිසා ඔබේ පියා ඔබව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළා කියන කතාව ඇත්ත ද?

ඒක ඇත්ත. පොඩි කාලෙ ඒ කියන්නේ අවුරුදු 2 - 3 වගේ කාලෙ මං එහෙම කියල තියෙනවා. අපි දන්න කියන කෙනෙක්වත් හමුදාවට සම්බන්ධ වෙලා ඉඳල නෑ. මං හමුදා කෑම්ප් එකක් දැකලවත් තිබිල නෑ. ඒත් මං හමුදාවෙ අයට හරි ආසයිලු. එයාල දැක්ක ගමන් සැලියුට් ගහනවලු. ඒ කාලෙ මගේ බඩේ රතු පාට ලොකු ලපයක් තිබිල තියෙනවා. ඕක පෙන්න පෙන්න මං කියල තියෙනවා මං හමුදාවෙ හිටියෙ. කැප්ටන් කෙනෙක් එක්ක හිටියෙ කියල. එක පාරක්, මට වෙඩි වැදුණ කියල කිව්වලු. ආයේ පාරක් කිව්වලු වෙඩි වැදිල නැති වුණා කියලත්. මං ඒ බඩ හරිය පෙන්න පෙන්නලු එහෙම කියන්නේ. අවුරුදු 12දි වගේ ඒ ලපේ නැති වෙලා ගියා. කොහොමත් මං පොඩි කාලෙ බෝනික්කො එක්ක නෙවෙයි සෙල්ලම් කරල තියෙන්නෙ තුවක්කු එක්ක. මං පවුලෙ එකම දරුවා. අම්ම මට දුව කියද්දි අප්පච්චි කතා කළේ පුතා කියලා. අප්පච්චිට ඕන වුණේ මාව පුතෙක් වගේ හදන්න.

ඒ දවස්වල තවත් දෙයක් වෙලා තියෙනවා. ඒක යුද්ධෙ දරුණුවටම තිබුණු කාලයක්ලු. දවසක් අම්ම කුස්සියෙ හිටියලු. මං හිටියේ ගේ ඇතුළෙ. අපේ ගේ තිබිල තියෙන්නෙ පාර අයිනෙ. හමුදා ට්‍රක් එකක් නැවත්තුවම මං දුවල ගිහින් ඒකෙ ඉන්න අයට සැලියුට් ගහලා. එයාලත් මාව උස්සල අරන් ට්‍රක් එකෙන් වාඩි කරවගෙන. අම්ම බයවෙලා මාව හොයද්දි මං ඉන්නවලු ට්‍රක් එක ඇතුළේ. මං නිතරම ඒව ගැන කියන එක අම්මලට ලොකු ගැටලුවක් වෙලා. ඒ නිසා ඒක අමතක කරවන්න හිතාගෙන තමයි අප්පච්චි මාව ක්‍රිකට් පැත්තට යොමු කරල තියෙන්නේ. පස්සෙ පස්සෙ මටත් ඒක එහෙමම අමතක වෙලා ගිහින්. එයාල මං ගැන ආඩම්බර වෙනව වගේම මටත් මගේ අම්ම, අප්පච්චි ගැන ලොකු ආඩම්බරයක් තියෙන්නේ. ඔවුන්ගේ ශක්තියෙන් තමයි අද මට ක්‍රිකට් ක්‍රීඩිකාවක් විදිහට ලෝකය ජයගන්න වගේම ලංකාවට නායකත්වය දෙන්න හැකියාව ලැබිල තියෙන්නේ.

රටක් වටින තරුණියකට කවුද ආදරය නොකරන්නෙ. චමරිටත් ආදරණීය අත්දැකීම් ඇති නේද?

ආදරය ගොඩක් වටින දෙයක්. ජීවිතේ එක් කාලෙකදි ආදරයක් ලැබුණා. නමුත් ඒ සමහර දේවල් ජීවිතේට ගැළපෙන්නෙ නෑ කියල දැනුණම ඒකෙන් ඈත් වුණා. මේ වෙද්දි මගේ සම්පූර්ණ ශක්තියම යොදවල තියෙන්නේ ක්‍රීඩාවට. ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සෙ මං මගේ පෞද්ගලික ජීවිතේ ගැන මීට වඩා හිතන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවෙ මං හිතන්නෙ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් ගෙනත් දෙන්නෙ කොහොමද කියන එක ගැන විතරයි. ඒක තමයි මගේ එකම හීනය.

[QUOTE="SLK_sri, post: 29007541, member: 569192"] [IMG]https://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/05/17.jpg?itok=P7rnKp3v[/IMG] ඇය අපට සැබැවින්ම ආඩම්බරයකි. නැවතත් ශ්‍රී ලංකා නාමය ක්‍රිකට් වංශ කතාවේ ඉහළින් ලියා තබන්නට ඇය සමත් වූවාය. ඒ පසුගියදා පැවැති නවසීලන්ත - ශ්‍රී ලංකා ODI තරගාවලිය ශතක දෙකක් සමඟින් 3-2 ක් ලෙස ජය ගනිමින් ලෝකයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමුවැනියා ලෙස ශ්‍රී ලංකා නාමය ඉහළින්ම රඳවමිනි. චමරී අතපත්තු කියූ පමණින් ලොවම හඳුනන ඇය, වත්මන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ද වන්නීය. ක්‍රිකට් යනු ලෝකයේම උන්මාදයකි. මෙරට ක්‍රිකට් උන්මාදයේ පුරෝගාමියා සනත් ජයසූරිය බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. චමරී ද ඒ උන්මාදයේ කොටස්කාරියකි. ඔහුගේ අඩිපාරේ යමින් ඒ අභාසය ලබමින් ළමා වියේ සිටම ක්‍රිකට්වලට පෙම් බැඳි ඇය තම පිති ප්‍රහාරය දියත් කරන්නේ ද ජයසූරියගේ ආරටය. වේගවත් පිති හරඹයට පෙම් බඳින චමරී අප හා එක්වුණේ ජයග්‍රහණයේ උණුසුමත් සමඟිනි. නවසීලන්තයත් එක්ක පැවැති අවසන් ODI තරගයේ ඔබ ලෝකයේ වේගවත්ම 4 වැනි ශතකය වාර්තා කළා. ඒ පන්දු 80කට නොදැවී ලකුණු 140ක් වාර්තා කරමින්. ඒත් එක්කම ඔබ පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමුවැනියා බවට පත්වුණා. ඒ ගැන කතා කළොත්? නවසීලන්තය එක්ක ගාල්ලෙ පවත්වපු ODI තරගාවලිය තරග 3-2 කින් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. පළමු තරගයෙදි මගේ ක්‍රිකට් ජීවිතේ 7 වැනි එක් දින ශතකය වාර්තා කළා. දෙවැනි තරගය දිනුවෙ නවසීලන්තය. තුන්වැනි තරගයත් අපි දිනලා තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගත්තා. ඒකෙදි මගේ 8 වැනි එක්දින ශතකය වාර්තා කළේ පන්දු 80කදි නොදැවී ලකුණු 140ක් වාර්තා කරමින්. ඒත් එක්කම වාර්තා කිහිපයක් අලුත් වුණා. මේක තමයි අපි නවසීලන්තය එක්ක ODI තරගාවලියක් දිනපු පළමු අවස්ථාව. තවත් T20 තරග 3ක් තියෙනවා. [IMG]https://www.silumina.lk/sites/default/files/u78/16_69.jpg[/IMG] ගාල්ලේ පැවැති පළමු තරගයේදි ඔබ ශතකයක් ගහලා ඒ එක්කම ටීෂර්ට් එක ඔසවලා බැට් එක බඩට තියලා බඩ පෙන්නමින් යම්කිසි ප්‍රතිචාරයක් දක්වනවා. ඇයි ඔබ ඒ වගේ දෙයක් කළේ? පහුගිය කාලේ කිහිප දෙනෙක්ම මගේ ෆිට්නස් ලෙවල් එක ගැන මගෙන් ප්‍රශ්න කළා. මගෙ බඩ වැඩියි කියල කිවුවා. මම එදා ශතකය ගහලා බඩ පෙන්නුවේ බඩ තිබුණට මට ගහන්න පුළුවන් කියන එක පෙන්නන්නයි. පළමු තරගයේ ශතකයක් ගැහුව ඔබ දෙවැනි තරගයේ බිංදුවට දැවී ගියා. කලින් දවසෙ ඔල්වරසන් දුන්න ක්‍රීඩා ලෝලීන්ගේ එදා ප්‍රතිචාරය කොහොමද? පළවෙනි තරගයේදි මං ශතකයක් ගැහුවා. අපි එය ජයග්‍රහණය කළා. ඒත් දෙවැනි දවසෙ ලකුණු නොලබාම යන්න වුණා. ඒක මේ ක්‍රීඩාවේ හැටි. අපට හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. ගොඩක් දුරට මං සෝෂල් මීඩියාවල කමෙන්ට්ස් බලනව අඩුයි. මං ෆෝකස් කරන්නෙ මගේ වැඩේට. කොහොමද මං මේක කරන්නෙ, කොහොමද මං මගේ කණ්ඩායම මෙහෙයවන්නේ කියන එකට විතරයි. ප්රේක්ෂකයො තරග දිනද්දි සතුටු වෙනවා වගේම පරදිද්දි දුක් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔවුන් ඔවුන්ගේ අදහස් සෝෂල් මීඩියා එකේ හරි එළියෙදි හමුවුණහම හරි අනිවාර්යයෙන්ම ප්‍රකාශ කරනවා. මං ඒව මැදහත් සිතින් භාරගන්නවා. හැමවෙලාවෙම ඒවට පොසිටිව් විදිහට මුහුණ දෙනවා. එක් අවස්ථාවක දී ඔබ ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එළව එළවා පහර දෙනවා. ඒ වේගවත් ලකුණු 178ක් ලබාගනිමින්. ඒ මතකය අවදි කළොත්? ඒ එක්දින ජාත්‍යන්තර තරගවල මගේ වැඩිම ලකුණු ප්‍රමාණය. එදා මට එක්දින ජාත්‍යන්තර තරගවල වැඩිම ලකුණු ලබාගත් 4 දෙනා අතරට එකතු වෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම ලෝක කුසලානයක වැඩිම ලකුණු ලබාගත් අය අතරේ දෙවැනියා වුණා. ඔබ නායකත්වයේ වගකීම දරන ගමන්ම ආරම්භක පිතිකරු විදිහටත් ක්‍රීඩා කරනවා. ඒ වගේම 20-20 ලෝක ලීග් තරගාවලිය (ෆ්‍රැන්චයිස්) නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාව. ඒ තරගවලදි විතර ද ඔබ පන්දුවෙන් දස්කම් පාන්නේ? මම බොහෝ වෙලාවට ෆෝකස් කරන්නේ බැටිං සයිඩ් එක. මං ස්පිනර් කෙනෙක් විදිහටයි පන්දු යවන්නේ. අපේ කණ්ඩායමේ ස්පිනර්ස්ල ගොඩක් ඉන්නවා. කණ්ඩායමේ නායිකාව විදිහට මං ඔවුන්ගේ උපරිමය ගන්න බලනවා. ඒ නිසා මං බෝල් කරන්නේ අඩුවෙන්. මම ෆ්‍රැන්චයිස් ක්‍රීඩා කරද්දි බෝලර් කෙනෙක් විදිහටත් ක්‍රීඩා කරනවා. පන්දු යැවීම සහ පිතිකරණය යන භූමිකා දෙකේම අවබෝධයක් තියෙන එකේ වාසියකුත් තියෙනවා නේද ? ඒක ඇත්ත. මං බෝල් කරද්දි පිතිකරණ අත්දැකීමත් මට තියෙන නිසා පිතිකරුවෙක් කොහොමද හිතන්නෙ කියන එක ගැන අදහසක් තියෙනවා. මාත් ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දීල තියෙනවා. ඒ නිසා මට අයිඩියා එකක් තියෙනවා ඔවුන් ඒ වගේ වෙලාවට මොකක්ද කරන්නෙ කියන එක ගැන. [IMG]https://www.silumina.lk/sites/default/files/u78/18_56.jpg[/IMG] ගැහැනු ළමයෙක් ක්‍රිකට් ගහනව කියද්දි සමාජයේ බැල්ම වෙනස්. ඔබත් ඒ අත්දැකීමට මුහුණ දීල ඇති? මට අවුරුදු 4ක් 5ක් වගේ කාලෙදි තමයි අප්පච්චි මාව මගේ මාමාට භාරදෙන්නෙ ක්‍රිකට්වලට යොමු කරන්න කියල. ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙක්. අම්මගෙයි අප්පච්චිගෙයි ලොකු සහායක් ලැබුණා. අවුරුදු 8දි වගේ මං ලෙදර් බෝලෙන් සෙල්ලම් කළේ. මං මූලික අධ්‍යාපනය ලැබුවේ ගොකරැල්ල මහා විද්‍යාලයෙන්. ඒකෙ ගෑනු ළමයින්ට ක්‍රිකට් තිබුණෙ නැති නිසා මං සෙල්ලම් කළේ පිරිමි ළමයි එක්ක. මං පිරිමි ළමයි පරද්දනවා. ශිෂ්‍යත්වෙ පාස්වෙලා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට ඇතුළු වුණේ. ඒකෙ කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් තිබුණා. සුදු ගවුමත් ඇඳන් බැට් එක කරේ දාන් එද්දි ගොඩක් අය මා දිහා බැලුවෙ අමුතු විදිහට. අපේ පවුලෙ අය වුණත් අප්පච්චිට කිවුවා ඇයි මේ දුවව කොල්ලෙක් විදිහට හදන්නෙ කියලා. කොහොම හරි මට පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. මගේ දක්ෂතා දැකලා කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයෙන් ඇරයුමක් ලැබුණා මට ක්ලබ් එකේ සෙල්ලම් කරන්න එන්න කියලා. බස් එකේ කොළඹ එද්දි වුණත් සමහරු මං දිහා බැලුවෙ අමුතු විදිහට. මං ඒව ගණන් ගන්නෙ නැතුව හැමදාම මගේ ගමන ගියා. කොළඹ ඇවිත් අන්තර් ක්‍රීඩා සමාජ සෙල්ලම් කරද්දි පළවෙනි අවුරුද්දෙම ඒ කියන්නෙ 2008දි මාව ජාතික සංචිතයට තෝරගත්තා. එතකොට ඔබ මුලින්ම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළේ? එංගලන්තයේ පැවැති තරගයකදී ඉන්දියාවට එරෙහිව තමයි මං පළමුවරට ජාත්‍යන්තර තරගයක අත්දැකීම ලබන්නේ. ඒ 2009 අවුරුද්දෙ 20-20 ලෝක කුසලාන තරගයක්. ඒ වගේම ඒක තවත් කාරණයක් නිසා සුවිශේෂී වුණා. ඒක තමයි කාන්තාවන් වෙනුවෙන් ලෝක කුසලාන තරගයක් පවත්වපු පළවෙනි අවස්ථාව. එතකොට මට අවුරුදු 19යි. මට මතකයි ඒකෙදි මං ලකුණු 37ක් ගත්තා. සමහරු කියනවා චමරිගෙ ප්රහාරයන් සනත් ජයසූරිය වගේ කියලා. ඒකෙ ඇත්තක් තියෙනවද? මං පොඩි කාලෙ ඉඳන්ම සනත් අයියා ක්‍රීඩා කරනව බලන්න ආසයි. 96 ලෝක කුසලානය නරඹද්දි මට අවුරුදු 6ක් වගේ. මං වැඩියෙන්ම ආස කළේ සනත් අයියට. පොඩි කාලෙ මං ඔහුව අනුකරණය කළා. සනත් අයියගෙ ගොඩක් ෂොට්ස් මටත් පුළුවන්. ඒත් පහු වෙද්දි මං මගේම ක්‍රමයක් හදාගත්තා. දැනටත් ගොඩක් අය කියනව මං සෙල්ලම් කරද්දි ගොඩක් වෙලාවට සනත් අයිය වගේ කියලා. ඒක මට ලොකු සතුටක්. ලංකාවෙ ක්‍රිකට් කියන දේ වෙනස් කරපු ක්‍රිකට් උන්මාදයක් ඇති කරපු ක්‍රීඩකයෙක්. ඔහු වගේ සෙල්ලම් කරනව කියල මිනිස්සු කියනව අහන්නත් සතුටුයි. ඔහු තමයි මගේ සදාකාලික ක්‍රිකට් වීරයා. [IMG]https://www.silumina.lk/sites/default/files/u78/19_69.jpg[/IMG] පොඩි කාලෙ ඔබ පුනර්භවය ගැන කියවන්න පටන් ගත්ත නිසා ඔබේ පියා ඔබව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළා කියන කතාව ඇත්ත ද? ඒක ඇත්ත. පොඩි කාලෙ ඒ කියන්නේ අවුරුදු 2 - 3 වගේ කාලෙ මං එහෙම කියල තියෙනවා. අපි දන්න කියන කෙනෙක්වත් හමුදාවට සම්බන්ධ වෙලා ඉඳල නෑ. මං හමුදා කෑම්ප් එකක් දැකලවත් තිබිල නෑ. ඒත් මං හමුදාවෙ අයට හරි ආසයිලු. එයාල දැක්ක ගමන් සැලියුට් ගහනවලු. ඒ කාලෙ මගේ බඩේ රතු පාට ලොකු ලපයක් තිබිල තියෙනවා. ඕක පෙන්න පෙන්න මං කියල තියෙනවා මං හමුදාවෙ හිටියෙ. කැප්ටන් කෙනෙක් එක්ක හිටියෙ කියල. එක පාරක්, මට වෙඩි වැදුණ කියල කිව්වලු. ආයේ පාරක් කිව්වලු වෙඩි වැදිල නැති වුණා කියලත්. මං ඒ බඩ හරිය පෙන්න පෙන්නලු එහෙම කියන්නේ. අවුරුදු 12දි වගේ ඒ ලපේ නැති වෙලා ගියා. කොහොමත් මං පොඩි කාලෙ බෝනික්කො එක්ක නෙවෙයි සෙල්ලම් කරල තියෙන්නෙ තුවක්කු එක්ක. මං පවුලෙ එකම දරුවා. අම්ම මට දුව කියද්දි අප්පච්චි කතා කළේ පුතා කියලා. අප්පච්චිට ඕන වුණේ මාව පුතෙක් වගේ හදන්න. ඒ දවස්වල තවත් දෙයක් වෙලා තියෙනවා. ඒක යුද්ධෙ දරුණුවටම තිබුණු කාලයක්ලු. දවසක් අම්ම කුස්සියෙ හිටියලු. මං හිටියේ ගේ ඇතුළෙ. අපේ ගේ තිබිල තියෙන්නෙ පාර අයිනෙ. හමුදා ට්‍රක් එකක් නැවත්තුවම මං දුවල ගිහින් ඒකෙ ඉන්න අයට සැලියුට් ගහලා. එයාලත් මාව උස්සල අරන් ට්‍රක් එකෙන් වාඩි කරවගෙන. අම්ම බයවෙලා මාව හොයද්දි මං ඉන්නවලු ට්‍රක් එක ඇතුළේ. මං නිතරම ඒව ගැන කියන එක අම්මලට ලොකු ගැටලුවක් වෙලා. ඒ නිසා ඒක අමතක කරවන්න හිතාගෙන තමයි අප්පච්චි මාව ක්‍රිකට් පැත්තට යොමු කරල තියෙන්නේ. පස්සෙ පස්සෙ මටත් ඒක එහෙමම අමතක වෙලා ගිහින්. එයාල මං ගැන ආඩම්බර වෙනව වගේම මටත් මගේ අම්ම, අප්පච්චි ගැන ලොකු ආඩම්බරයක් තියෙන්නේ. ඔවුන්ගේ ශක්තියෙන් තමයි අද මට ක්‍රිකට් ක්‍රීඩිකාවක් විදිහට ලෝකය ජයගන්න වගේම ලංකාවට නායකත්වය දෙන්න හැකියාව ලැබිල තියෙන්නේ. රටක් වටින තරුණියකට කවුද ආදරය නොකරන්නෙ. චමරිටත් ආදරණීය අත්දැකීම් ඇති නේද? ආදරය ගොඩක් වටින දෙයක්. ජීවිතේ එක් කාලෙකදි ආදරයක් ලැබුණා. නමුත් ඒ සමහර දේවල් ජීවිතේට ගැළපෙන්නෙ නෑ කියල දැනුණම ඒකෙන් ඈත් වුණා. මේ වෙද්දි මගේ සම්පූර්ණ ශක්තියම යොදවල තියෙන්නේ ක්‍රීඩාවට. ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සෙ මං මගේ පෞද්ගලික ජීවිතේ ගැන මීට වඩා හිතන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවෙ මං හිතන්නෙ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් ගෙනත් දෙන්නෙ කොහොමද කියන එක ගැන විතරයි. ඒක තමයි මගේ එකම හීනය. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom