Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සනත් නිශාන්තගේ ඩ්‍රයිවර් අවුල්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Meke kathawa tikak wenas .

දකුණෙන් ඉස්සර කළ කාර් එකේ වදී කියලා ජීප් එක වමට ගනිද්දී කන්ටේනරයේ වැදුණා

January 26, 2024 1:04 am 0 comment

ජීප් එක වට කිහිපයක් කැරකුණා ඊට පස්සේ මොනවා වුණාද දන්නෙ නෑ –රාජ්‍ය ඇමැතිගේ රියැදුරු පොලිසිය හමුවේ කියයි

අනතුර සිදුවන විට රාජ්‍ය ඇමැතිවරයා නින්දේ

ඊයේ පාන්දර රිය අනතුරකින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මියයයි

ආරක්ෂක නිලධාරියාත් මරුට – මියගිය ආරක්ෂක නිලධාරී කොස්තාපල් අනුරාධ ජයකොඩි

අපේ වාහනයට ඉස්සරහින් කන්ටේනර් එකක් ගමන් කරමින් තිබුණා. අපේ වාහනය කන්ටේනරයට ඉස්සර කරන්න යනකොටම දකුණු පැත්තෙන් වේගයෙන් ආපු කාර් එකක් ඉස්සර කළා. අපේ වාහනයේ ඒ කාර් එක වැදෙයි කියා අපේ වාහනය මම වමට කැපුවා. ඒත් එක්කම අපේ වාහනය කන්ටේනර් එකේ ලොකු සද්දෙකුත් එක්ක වැදුණා. වාහනය කැරකෙනවා වගේ දැනුණා. ඊට පස්සෙ මොනව වුණාද කියල සිතා ගන්න බැරි වුණා” යැයි රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ කටුනායක අධිවේගි මාර්ගයේදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් එහි රියැදුරු ප්‍රභාත් එරංග පවසයි. රාගම රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින ආරච්චිකට්ටුව, කැලේගම අදිප්පල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 29 හැවිරිදි ප්‍රභාත් එරංග මෙසේ පවසා ඇත්තේ පොලිස් නිලධාරින් සහ සනත් නිශාන්ත මහතාගේ සමීපතමයන් රෝහලට ගොස් සිදුවූයේ කුමක්දැයි විමසන අවස්ථාවලදීය.

මෙතෙක් මෙම රියැදුරාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන නැත. ඉදිරියේදී ඔහුගෙන් ප්‍රකාශයක් ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම අනතුරට වගකිවයුතු පුද්ගලයා ලෙස හඳුනාගෙන සිටින්නේ මෙම රියැදුරා බව ද එම නිලධාරියා කීය.

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන්ගත් ඩබ්ලිව්.පී.කේ.පී. 7684 වීඑයිට් වර්ගයේ ලෑන්ඩ් කෲෂර් ජීප් රථය මෙසේ අනතුරට ලක්ව තිබේ. රියැදුරුගේ අපරික්ෂාකාරී රිය පැදවීම සහ අධික වේගය මෙම අනතුරට මුල්වී ඇතැයි පොලිසිය කියයි. රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් මෙම රථය මීගමුව දෙස සිට පැමිණ කටුනායක අධිවේගි මාර්ගයට ඇතුළු කර ඇත්තේ මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි පිවිසුමෙනි. වාහනය අධිවේගි මාර්ගයට ඇතුළු කර විනාඩි 10 – 15කටත් වඩා අඩු කාලයක් තුළ මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසියට නිරීක්ෂණය වී ඇත. අධිවේගි මාර්ගයේ 11.1 කිලෝමීටර කණුව අසලදී අලුයම 1.55ට පමණ මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන විට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන් කරමින් සිට ඇත්තේ වාහනයේ රියැදුරු අසුනට යාබදව ඇති වම්පස අසුනේය. ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් ජයකොඩි ආරච්චිලාගේ අනුරාධ ජයකොඩි (43) ගමන් කරමින් සිට ඇත්තේ ඇමැතිවරයාට සමාන්තර පිටුපස අසුනේය. ඔහු මහව අටවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථය ගැටී ඇත්තේ ජගත් එදිරිසිංහ සමාගමට අයත් බව කියවෙන ඩබ්ලිව්.පී.එල්.වයි. 1263/ ඩබ්ලිව්.පී.එල්. එක්ස් 1667 දරන කන්ටේනරයේ බඳේ පිටුපසය.

රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථයේ වම්පස කොටස කන්ටේනරයේ පිටුපස දකුණුපස මුල්ලේ වැදී රථය කැරකී ගොස් අධිවේගි මාර්ගයේ වම්පස ඇති යකඩ වැටෙහි ගැටී තිබෙන බව මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අධිවේගි මාර්ග රථ වාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

මෙම අනතුරින් රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථයේ එන්ජිම පිහිටි ඉදිරි කොටස සහ වාහනයේ වම්පස සුන්බුන් ගොඩක් බවට පත්ව තිබේ.

රාජ්‍ය ඇමැතිවරයාත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාත් වාහනයේ වම්පස අසුන්ගෙන සිටීම නිසා අනතුරෙන් ඔවුන්ට දැඩි ලෙස හානි සිදු වී ඇත. වාහනයේ සුන්බුන් අතර සිරවී සිටි රාජ්‍ය ඇමැතිවරයාව පිටතට ගැනීමට අධිවේගි මාර්ගයේ සේවකයන්ට සහ පොලිසියට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව තිබේ. ඒ වන විට මාරාන්තික තුවාල ලබා සිටි රාජ්‍ය ඇමැතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව රෝහලකට රැගෙන යෑමට මාර්ගයේ ගමන් කළ වාහනයක් නතර කර ගැනීමට පවා යම් ප්‍රමාදයක් සිදුව ඇති බව සඳහන් වේ. රාගම රෝහලට ඇතුළත් කරන විටදී රාජ්‍ය ඇමැතිවරයා සහ ආරක්ෂක නිලධාරියා මියගොස් සිටි බව වාර්තා වේ.

මෙම අනතුර සිදුවන විට රාජ්‍ය ඇමැතිවරයා ගමන් කරමින් තිබූ ජීප් රථය පැයට කිලෝමීටර 130ට එහා වේගයකින් ගමන්කර ඇතැයි පෙනී යන්නේ යැයි මෙම නිලධාරියා සඳහන් කළේය.

අනතුර සිදු වන අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා තමන් වාඩි වී සිටි අසුන පිටුපසට නවාගෙන නිදාගෙන පැමිණ තිබෙන බව ද පොලිසියට අනාවරණය වී ඇත. කුරුණෑගල ඥාතියකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට බිරිය හා දරුවන් සමඟ සහභාගි වී ඔවුන්ව වෙනත් වාහනයක කොළඹ බලා පිටත් කළ ඇමැතිවරයා නැවත ආරච්චිකට්ටුවේ තවත් විවාහ උත්සවයකට ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පැවසේ. එම මංගල උත්සවයේ ඇමැතිවරයා සිට ඇත්තේ විනාඩි 15ක පමණ කාලයක් බවද වාර්තා වෙයි. අනතුර සිදුව ඇත්තේ එතැන සිට කොළඹ බලා ආපසු එන ගමනේදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ඇමැතිවරයාගේ නිවෙසට ගිය අවස්ථවේදී ඒ මහතාගේ බිරිය ජනාධිපතිවරයා වෙත පැවසුවේ “ඥතියකු නිසා ෆැමිලි එක පිටින් යන්න ඕනෑ කියලා අපි ඔක්කොම ගියා. ගිහින් එතනින් අපිව වෙන වාහනයකට දැම්මා එන්න. එයා ගියා හලාවත වෙඩින් එකකට. ඒ ගිහින් එමින් ගමන් තමයි මේ…” යනුවෙනි.

මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට කන්ටේනර් රථයේ රියැදුරු පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය සඳහන් කළේය.

රාජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් රථය අනතුරට ලක්ව ඇත්තේ කන්ටේනර් රථයේ පිටුපස ගැටී බැවින් කන්ටේනර් රථයේ රියැදුරු මෙම අනතුරට වගකිව යුතු නැතත් මෙම අනතුර සංවේදී සිදුවීමක් හේතුකොටගෙන මෙම රියැදුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරයාගේ රියැදුරු ද මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද වැලිසර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ, කටුනායක – ටී.කේ.ජී. කපිල, පුත්තලම ප්‍රසාද් පුර්ණමාල්, හිරාන් ප්‍රියංකර, මාරවිල සමූහ – මිහිර විජේසේකර, ජා-ඇළ – ප්‍රසංග පෙරේරා

- https://www.dinamina.lk/2024/01/26/local/58745/දකුණෙන්-ඉස්සර-කළ-කාර්-එකේ/

[QUOTE="monson, post: 29546797, member: 30005"] Meke kathawa tikak wenas . [HEADING=2]දකුණෙන් ඉස්සර කළ කාර් එකේ වදී කියලා ජීප් එක වමට ගනිද්දී කන්ටේනරයේ වැදුණා[/HEADING] January 26, 2024 1:04 am 0 comment [URL='https://www.dinamina.lk/wp-content/uploads/2024/01/NW04-13.jpg'][IMG]https://www.dinamina.lk/wp-content/uploads/2024/01/NW04-13.jpg[/IMG][/URL] [I][B]ජීප් එක වට කිහිපයක් කැරකුණා ඊට පස්සේ මොනවා වුණාද දන්නෙ නෑ –[/B]රාජ්‍ය ඇමැතිගේ රියැදුරු පොලිසිය හමුවේ කියයි[/I] [B]අනතුර සිදුවන විට රාජ්‍ය ඇමැතිවරයා නින්දේ ඊයේ පාන්දර රිය අනතුරකින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මියයයි ආරක්ෂක නිලධාරියාත් මරුට – [I]මියගිය ආරක්ෂක නිලධාරී කොස්තාපල් අනුරාධ ජයකොඩි[/I][/B] අපේ වාහනයට ඉස්සරහින් කන්ටේනර් එකක් ගමන් කරමින් තිබුණා. අපේ වාහනය කන්ටේනරයට ඉස්සර කරන්න යනකොටම දකුණු පැත්තෙන් වේගයෙන් ආපු කාර් එකක් ඉස්සර කළා. අපේ වාහනයේ ඒ කාර් එක වැදෙයි කියා අපේ වාහනය මම වමට කැපුවා. ඒත් එක්කම අපේ වාහනය කන්ටේනර් එකේ ලොකු සද්දෙකුත් එක්ක වැදුණා. වාහනය කැරකෙනවා වගේ දැනුණා. ඊට පස්සෙ මොනව වුණාද කියල සිතා ගන්න බැරි වුණා” යැයි රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ කටුනායක අධිවේගි මාර්ගයේදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් එහි රියැදුරු ප්‍රභාත් එරංග පවසයි. රාගම රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින ආරච්චිකට්ටුව, කැලේගම අදිප්පල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 29 හැවිරිදි ප්‍රභාත් එරංග මෙසේ පවසා ඇත්තේ පොලිස් නිලධාරින් සහ සනත් නිශාන්ත මහතාගේ සමීපතමයන් රෝහලට ගොස් සිදුවූයේ කුමක්දැයි විමසන අවස්ථාවලදීය. මෙතෙක් මෙම රියැදුරාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන නැත. ඉදිරියේදී ඔහුගෙන් ප්‍රකාශයක් ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම අනතුරට වගකිවයුතු පුද්ගලයා ලෙස හඳුනාගෙන සිටින්නේ මෙම රියැදුරා බව ද එම නිලධාරියා කීය. රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන්ගත් ඩබ්ලිව්.පී.කේ.පී. 7684 වීඑයිට් වර්ගයේ ලෑන්ඩ් කෲෂර් ජීප් රථය මෙසේ අනතුරට ලක්ව තිබේ. රියැදුරුගේ අපරික්ෂාකාරී රිය පැදවීම සහ අධික වේගය මෙම අනතුරට මුල්වී ඇතැයි පොලිසිය කියයි. රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් මෙම රථය මීගමුව දෙස සිට පැමිණ කටුනායක අධිවේගි මාර්ගයට ඇතුළු කර ඇත්තේ මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි පිවිසුමෙනි. වාහනය අධිවේගි මාර්ගයට ඇතුළු කර විනාඩි 10 – 15කටත් වඩා අඩු කාලයක් තුළ මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසියට නිරීක්ෂණය වී ඇත. අධිවේගි මාර්ගයේ 11.1 කිලෝමීටර කණුව අසලදී අලුයම 1.55ට පමණ මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන විට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන් කරමින් සිට ඇත්තේ වාහනයේ රියැදුරු අසුනට යාබදව ඇති වම්පස අසුනේය. ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් ජයකොඩි ආරච්චිලාගේ අනුරාධ ජයකොඩි (43) ගමන් කරමින් සිට ඇත්තේ ඇමැතිවරයාට සමාන්තර පිටුපස අසුනේය. ඔහු මහව අටවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථය ගැටී ඇත්තේ ජගත් එදිරිසිංහ සමාගමට අයත් බව කියවෙන ඩබ්ලිව්.පී.එල්.වයි. 1263/ ඩබ්ලිව්.පී.එල්. එක්ස් 1667 දරන කන්ටේනරයේ බඳේ පිටුපසය. රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථයේ වම්පස කොටස කන්ටේනරයේ පිටුපස දකුණුපස මුල්ලේ වැදී රථය කැරකී ගොස් අධිවේගි මාර්ගයේ වම්පස ඇති යකඩ වැටෙහි ගැටී තිබෙන බව මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අධිවේගි මාර්ග රථ වාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත. මෙම අනතුරින් රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථයේ එන්ජිම පිහිටි ඉදිරි කොටස සහ වාහනයේ වම්පස සුන්බුන් ගොඩක් බවට පත්ව තිබේ. රාජ්‍ය ඇමැතිවරයාත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාත් වාහනයේ වම්පස අසුන්ගෙන සිටීම නිසා අනතුරෙන් ඔවුන්ට දැඩි ලෙස හානි සිදු වී ඇත. වාහනයේ සුන්බුන් අතර සිරවී සිටි රාජ්‍ය ඇමැතිවරයාව පිටතට ගැනීමට අධිවේගි මාර්ගයේ සේවකයන්ට සහ පොලිසියට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව තිබේ. ඒ වන විට මාරාන්තික තුවාල ලබා සිටි රාජ්‍ය ඇමැතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව රෝහලකට රැගෙන යෑමට මාර්ගයේ ගමන් කළ වාහනයක් නතර කර ගැනීමට පවා යම් ප්‍රමාදයක් සිදුව ඇති බව සඳහන් වේ. රාගම රෝහලට ඇතුළත් කරන විටදී රාජ්‍ය ඇමැතිවරයා සහ ආරක්ෂක නිලධාරියා මියගොස් සිටි බව වාර්තා වේ. මෙම අනතුර සිදුවන විට රාජ්‍ය ඇමැතිවරයා ගමන් කරමින් තිබූ ජීප් රථය පැයට කිලෝමීටර 130ට එහා වේගයකින් ගමන්කර ඇතැයි පෙනී යන්නේ යැයි මෙම නිලධාරියා සඳහන් කළේය. අනතුර සිදු වන අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා තමන් වාඩි වී සිටි අසුන පිටුපසට නවාගෙන නිදාගෙන පැමිණ තිබෙන බව ද පොලිසියට අනාවරණය වී ඇත. කුරුණෑගල ඥාතියකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට බිරිය හා දරුවන් සමඟ සහභාගි වී ඔවුන්ව වෙනත් වාහනයක කොළඹ බලා පිටත් කළ ඇමැතිවරයා නැවත ආරච්චිකට්ටුවේ තවත් විවාහ උත්සවයකට ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පැවසේ. එම මංගල උත්සවයේ ඇමැතිවරයා සිට ඇත්තේ විනාඩි 15ක පමණ කාලයක් බවද වාර්තා වෙයි. අනතුර සිදුව ඇත්තේ එතැන සිට කොළඹ බලා ආපසු එන ගමනේදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ඇමැතිවරයාගේ නිවෙසට ගිය අවස්ථවේදී ඒ මහතාගේ බිරිය ජනාධිපතිවරයා වෙත පැවසුවේ “ඥතියකු නිසා ෆැමිලි එක පිටින් යන්න ඕනෑ කියලා අපි ඔක්කොම ගියා. ගිහින් එතනින් අපිව වෙන වාහනයකට දැම්මා එන්න. එයා ගියා හලාවත වෙඩින් එකකට. ඒ ගිහින් එමින් ගමන් තමයි මේ…” යනුවෙනි. මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට කන්ටේනර් රථයේ රියැදුරු පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය සඳහන් කළේය. රාජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් රථය අනතුරට ලක්ව ඇත්තේ කන්ටේනර් රථයේ පිටුපස ගැටී බැවින් කන්ටේනර් රථයේ රියැදුරු මෙම අනතුරට වගකිව යුතු නැතත් මෙම අනතුර සංවේදී සිදුවීමක් හේතුකොටගෙන මෙම රියැදුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරයාගේ රියැදුරු ද මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද වැලිසර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. [I]ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ, කටුනායක – ටී.කේ.ජී. කපිල, පුත්තලම ප්‍රසාද් පුර්ණමාල්, හිරාන් ප්‍රියංකර, මාරවිල සමූහ – මිහිර විජේසේකර, ජා-ඇළ – ප්‍රසංග පෙරේරා - [URL]https://www.dinamina.lk/2024/01/26/local/58745/%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%bb-%e0%b6%9a%e0%b7%85-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%9a/[/URL][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom