Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සන්නද්ධ විප්ලවකාරයන්ට ඉඩ දෙන්න බැහැ - PCR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එසේම විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය අතර යම් සම්මුතියක අවශ්‍යතාව ඇතැමුන් මතු කරනවා. එවැනි සම්මුතික දේශපාලනයකට ඔබ සූදානම් ද?

අනිවාර්යෙන්ම. පැහැදිලිවම ඒක කරන්න තිබුණේ ජනාධිපතිවරණය පාර්ලිමේන්තුව තුළ පවත්වන්න කලින්. සම්මුතියකින් ජනාධිපති පත්කරගන්න තිබුණා. ඒ නිසයි අපි යෝජනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක අවශ්‍යතාව. එසේම ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවේ සර්ව පාක්ෂික පක්ෂ වල නායකයින් විසින් ප්‍රතිපත්ති තීරණය කරන ජාතික සභාවක්. ඒකට පිටස්තර ආයතන සහ විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේ ආයතන ශ්‍රීලංකා නීතිඥ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, Direction sri Lanka, ඒ වගේම ආගමික නායකත්වයේ ඉන්න මහජන සභාව වැනි ආයතනවල නියෝජනයක් සහිතව මෙය කළ යුතුව තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී 224 ම අමාත්‍යාංශවලට අනුයුක්ත කරලා ස්ථාවර නියෝග හරහා අමාත්‍යාංශ කාරක සභාවල බලතල වැඩිකරලා මේදේවල් ශක්තිමත් කළ යුතුව තිබුණා. ඇමතිවරයා කාරක සභාවේ සභාපති ධූරයට සීමා කළ යුතුව තිබුණා.

ඉදිරියේදී බිඳවැටීමට නියමිත රාජ්‍ය ආයතන තවදුරටත් දේශපාලන හෙංචයියන් ලවා පාලනය කරන්න දෙන්න බැහැ. ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සිට දේශපාලනයෙන් තොර වෘත්තීය පිරිසක් අතට පත්කරන්න ඕන. මහා බැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා ගැනත් ප්‍රශ්නයක් නැහැ. මේ මූල්‍ය අර්බුදය රාජපක්ෂලා විතරක් හදපු එකක් නෙවෙයි. මෙයට වග කියන්න ඕන නිලධාරී පැලන්තියක් ඉන්නවා. මේ රට ණය බරින් කඩාවැටෙනවා කියන දේ දේශපාලකන්ට නෙවෙයිනේ තේරෙන්නේ. ඔවුන්ට සම්පුර්ණයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. මේ ක්ෂේත්රවලට අවංක වෘත්තීයවේදීන් පිරිසක් අනිවාර්යෙන් පත්කළ යුතුයි. යම් සැලසුමකට අනුව රටට ඇත්ත කියලා ගමන් කළ යුතුයි. රටේ විශ්වාසය නැත්නම් මොන හොඳ පියවර ගත්තත් එයට විරුද්ධව කටයුතු කිරීම තමයි සිද්ධ වෙන්නේ.

ඇතැම් පිරිස් ජනතා සම්මුතිවාදී ආණ්ඩුවක් පාර්ලිමේන්තුවෙන් පිටත නිර්මාණය විය යුතු බවත්, පවතින සමස්ත ක්‍රියාවලිය ම වෙනස් විය යුතු බවටත් පවසමින් අරගලයක නිරත වෙනවා. ඒ සම්බන්ධ ඔබේ පක්ෂයේ ප්‍රතිචාරය කෙබඳු ද?

සම්මුතිවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමත් පද්ධතියේ වෙනසක් ඇති කිරීමටත් තමයි අපි මේ හැම යෝජනාවක් ම කළේ. මේ ඇතැම් ආර්ථික විචාරකයෝ කියන දේවල් නෙවෙයි; ආර්ථික දැනුම තියෙන, වැඩ කරලා පුරුදු අයයි මේ රටේ නව ක්‍රමවේදයක් ගොඩනැඟීමේ යෝජනා ගෙන ඒම කරන්න අවශ්‍ය වෙන්නේ. ඉදිරියටත් ආර්ථික විචාරකයෝ සහ විශේෂඥයෝ පත් කළා කියලා මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ. වැඩ කරලා පුරුදු අවංක ප්‍රයෝගික වෘත්තීයවේදීන් මේ තනතුරුවලට පත් කළ යුතුයි. එයයි සිස්ටම් චේන්ජ් එක කියන්නේ. එළියේ ඉඳගෙන පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න 225 ට බැණ බැණ ඉන්නෙ නැතුව ඒ අයට පුළුවන් ඡන්දෙ ඉල්ලලා බලයට ඇවිල්ලා රට වෙනුවෙන් කටයුතු කරන්න. අපිට අරගල භුමියේ ඇතැමුන් ගැන ඇහෙන චෝදනාවලින් පේන්නේ මේ රටේ දේශපාලකයෝ අවුරුදු 60 ක් තිස්සේ කරපු දේවල්. දේශපාලකයෝයි, අරගල භූමියේ නායකයෝ කියලා ඉන්න අයයි අතරේ කිසි වෙනසක් නැහැ. ඒ වගේම ජන අරගලය අපිය කියලා අරගල භූමියේ ඉන්න කීපදෙනෙක් ඒක අත්පත් කරගන්න දරන වෑයමයි අතර සහ රාජපක්ෂලාගෙයි කිසි වෙනසක් නැහැ.

ජනතාව මුහුණ දෙන ආහාර, ඉන්ධන, ගෑස්, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි ක්ෂේත්රවල මූලික ගැටලු විසඳා ගැනීමට නම් රටේ දේශපාලන ස්ථාවරත්වයක අවශ්‍යතාව ඔබ පිළිගන්නවාද?

මම මේ අර්බුදය ගැන කිව්වේ 2013 දීයි. ඒ අවස්ථාවේ අර්බුදය ගැන කියපු අපිට කිව්වේ අපි එල්ටිටීඊ හිතවාදීන් කියලා. අද ඔය සමහරු දෙමළ සන්ධානයත් එක්ක එකට ගිහින් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ඡන්දය පාවිච්චි කළා. හැබැයි එදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ පාවිච්චි කරනකොට අපිව රට බෙදන ද්‍රෝහියෝ කිව්වා ඒ අයම. MCC වැනි ප්‍රතිපත්තිමය යෝජනාවලට ව්‍යාජ විරෝධයක් මේ රටේ හැදුවා. ව්‍යාජ මුස්ලිම් විරෝධයක් රටේ හැදුවා. එහෙම තමයි ඒ ආණ්ඩුව බිඳ වැට්ටුවේ. අද පවතින තත්ත්වය වෙනවා කියලා මම කිව්වේ 2013 දී. අද ඒවා අකුරක් නෑර සත්‍ය වෙලා තියෙනවා.

ඔබට මේ අර්බුදයෙන් රට ගොඩගැනීමට යෝජනා තියෙනවාද?

එදා ඉඳන් දැන් තියෙන තත්ත්වය යටතේ මුහුණ දීමට කරුණු පහක් යෝජනා කළා. මේ අවුරුද්දේ ජනවාරි මාසේ විසි තුන්වෙනිදායි මම ඒ යෝජනා ඉදිරිපත් කළේ. එහි පළවෙනි කරුණ දේශපාලන ප්‍රතිසංස්කරණය, රටට අවශ්‍ය සර්වපාක්ෂික නියෝජනය, වෘත්තීය පාලනය, ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර බල තුලනය කිරීම. දෙවැනි කරුණ අපේ ණය ප්‍රතිවුහගත කිරීම.

ඒ වගේම අපේ රාජ්‍ය මුල්‍ය ආදයම් වියදම් සම්පුර්ණයෙන්ම සීමා කරලා අදායම වැඩි කරලා, වියදම කපා හැරලා මේ තත්ත්වය සමතුලිතත්වයකට ගෙන ඒමයි. ඒ වගේම අවම ප්‍රතිපත්ති මාලාවක් ඒ සඳහා තනා ගැනීම. මේ කියන කාරණා සමඟ සමාජීය වශයෙන් වැදගත් වෘත්තීය පිරිසකට ඒ අවම වැඩපිළිවෙළට සාපේක්ෂව රාජ්‍ය පාලනය ඒ අයට ලබාදිය යුතුයි. මේ අවම වැඩපිළිවෙළ ගැන යෝජනා කළාම ඒවායේ මොනවද තියෙන්නේ කියලා දැන් අපි කතා කරන්න ඕන. ඉතා පැහැදිලි ව IMF එක අපේ රටේ ප්‍රධානින් එක්ක කරපු සාකච්ඡාවලදි ඒගොල්ලෝන්ගේ මාර්ග සිතියම ලබාදීලා තියෙනවා. හැබැයි ඒ මාර්ග සිතියම අපි දන්නේ නැහැ. ඒක රටට කියලා ඒ ගැන රටේ අවධානය කැමැත්ත දිනාගන්න ඕන. රාජ්‍ය සේවයේ කළයුතු ප්‍රතිසංස්කරණ මොනවද කියලා සංවාදයන් අවශ්‍යයි. විසඳුමක් ලෙස රාජ්‍ය සේවය පුද්ගලිකකරණයෙන් දැන් මේ තියෙන ප්‍රශ්නවලට විසඳුමක් නම් එය කරන්න අවශ්‍යයි. එයින් ප්‍රශ්න විසඳෙන ආකාරය ගැන සංවාදයක් තියන්න අවශ්‍යයි.කුමක්ද කෙරෙන්නේ කියන කරුණ ගැන සංවාදයක් තියෙන්න අවශ්‍යයි. රාජ්‍යයේ වියදම් පාලනයට මොකද කරන්නේ.

මේ ආණ්ඩුව පසුගිය කාලයේ රටට ගෙනාපු ඉතාම වැදගත් ව්‍යාපෘති 322 අවලංගු කළා. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු දුම්රිය හා බස් ව්‍යපෘති අවලංගු කළා. ඒ සහාසික අපරාධය කරලා තමයි අධිවේගී මාර්ගවලින් මුදල් ගහන්න හැදුවේ ආයෙත් වතාවක්. ඒවා දැන් තවදුරටත් කරන්න බැහැ.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනයට නිවැරදි තීන්දු තීරණ ගැනීමට සහ රට අරාජිකත්වයකට නොයා ගොඩගැනීමට අනෙක් පාර්ශ්වවලින් යම් සහයෝගයක් සහ කාල රාමුවක් අවශ්‍ය යැයි ඔබ පිළිගන්නවාද.?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපිට සහයෝගයකට එන්නේ අපි අපේ ණය ප්‍රතිව්‍යුහගත කරගත්තොත් පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කරගන්නවා කියන්නේ දේශිය සහ විදේශිය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමයි. දැනටම චීනය දැනුම් දීලා තියෙනවා ඒ අයගේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න දෙන්නේ නැහැ කියලා. එතකොට මොකක්ද කරන්නේ; අපේ රටට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා; මේ මාසයේ 25වැනිදා නොගෙවා තියෙන බැදුම්කරයක් සම්බන්ධව. එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ගත් බැඳුම්කරයක්.

ඒ බැඳුම්කරය 2012 වසරේ දි අත්තනෝමතිකව ක්‍රියාකරන්න ගත්ත බැඳුම්කරයක්. ඒ බැඳුම්කරය පියවන්න තිබුණත් එය පියවන්න බැහැ. එයට නඩුවක් දාලා තියෙනවා. දේශිය ණය සම්බන්ධයෙන් තවමත් මුකුත් ප්රකාශවෙලා නැහැ. රාජ්‍ය බැංකුවක් ලබා දිලා තියෙනවා තමන්ගේ වත්කම්වලින් සියයට 57 පාරවල් හදන්න. ඒ දේවල්වලට මොනවද කරන්නේ. ඒවාට මොකද කරන්නේ තැන්පත් කරුවන්ට මොනවද වෙන්නේ. මේ දේවල් ගැන විවෘත සාකචඡාවක් අවශ්‍යයි. පාඩු ලබන සංස්ථා සමාගම්වලට මොනවද කරන්නේ කියලා කතා කරන්න අවශ්‍යයි. ජනතාවට කියන්න අවශ්‍යයි.

සමගි ජන බලවේගය නියෝජනය කළත් ඔබ වෙනම දේශපාලන අනන්‍යතාවක් සහ වෙනම දේශපාලන පෞරුෂයක් ගොඩනඟා ගත් අයෙක්. මේ ව්‍යසනකාරී මොහොතේ රට ගොඩගැනීමේ කාර්යය සඳහා පංගුකාරයෝ වන ලෙස ඔබට යම් ආරාධනාවක් ලැබුණහොත් ඔබ ඊට දක්වන ප්‍රතිචාරය?

සර්ව පාක්ෂීක ආණ්ඩුවක් හදන්න පොදු වැඩපිළිවෙළක් හදන්න කියලා 224 දෙනාම සම්බන්ධ කරගන්න; මේ ආයතනයන් භාර දෙන්න. අපි අපේ වගකිම් එවිට ඉටුකරන්න ලෑස්තියි කියලා අපි කිව්වා. එසේ නොකර මේ අර්බුදය අස්සෙත් ගෑස් ටිකෙනුත් හොරකම් කරනවා නම්, තෙල්වලින් හොරකම් කරන්න ඉන්නවා නම් ඒවගේ ක්‍රියාවලියකට අපි දායක වෙන්නේ නැහැ. මම දේශපාලනයට ආවේ තාත්තාගේ අම්මගේ හයියෙන් හෝ එතනොල් බිස්නස් කරලා, මත්කුඩු විකුණලා, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය අයිතිකරුවන්ගේ අනුග්‍රාහකත්වය ලබලා දේශපාලනයට ආව කෙනෙක් නොවෙයි. මම අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ මගේ කකුල් දෙකේ හයියෙන් දෑතේ හයියෙන්. ඒවගේම තව මේ රටේ ඉන්නවා අවස්ථා අහිමි කරපු පරපුරක්. ඒ පරපුර දැන් නැගිටලා ඉන්නවා. ඒ නැඟිටපු පරපුර වෙනුවෙන් වෙනසක් ඇති කරන්න අපි කැපවෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් එම ධූරයට පත්වීම අරගලයට සම්බන්ධ වූවන් අනුමත කරන්නේ නැහැ. ඔවුන් උද්ඝෝෂණවලට ඉදිරියේදිත් යොමු වූවහොත්; ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කෙබඳුද?

ඔවුන්ට උද්ඝෝෂණ කළ හැකියි. නමුත් ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයේ සීමාවේ සහ රාමුවේ සිටිමින් කළ යුතුයි. සමහරුන්ට සන්නද්ධ බලයක් හදලා පාර්ලිමේන්තුවෙන් පිට බලයක් හදලා සෝවියට පන්නයේ විප්ලවයක් කිරීමට අවශ්‍යයි. ඒ අයට මට කියන්න තියෙන්නේ ඒවගේ විප්ලවයක් කළා කියුබාවේ. එය පිදෙල් කැස්ත්‍රෝ විසින් එය කළේ. නමුත් අවුරුදු 60 ගිහිනුත් තාම පෝලිම් යුගය අවසන් වෙලා නැහැ. පොදු මහජනතාවගේ කම්පනය වේදනාව අපි තේරුම් ගන්න අවශ්‍යයි. දරුවෝ පාසල් යවා ගන්න බැහැ, බෙහෙතක් ගන්න බැහැ, වැඩි හිටියන්ට රෝහලේ හෝ පුද්ගලික ආරෝග්‍ය ශාලාවල බෙහෙත් නැහැ, තෙල් ටික නැහැ, රැකියාවට යන්න බැහැ, ජීවිකාව ගෙනයන්න බැහැ.

විදුලි කප්පාදුව නිසා රැකියාව කරගන්න බැහැ. ලබන සැප්තැම්බර් මාසයේ සිට පැය 14 විදුලිය කප්පාදු කරන්න වෙනවා; ගල්අඟුරුටික ගේන්න බැරිවුණොත්. අපි මහජනතාවගේ කම්පනය දන්නවා.ඒවා අවියෙන් විසඳන්න බැහැ. ආරක්ෂක හමුදා පසුගිය දවස්වල මේ වෙනුවෙන් හඬනඟන අයට විරුද්ධව වෙඩි තිබ්බේ නැහැ. එයට හේතුව ඒ අය දන්නවා ඒඅයගේ ගෙදරත් ගෑස් ටික නැහැ; දරුවන්ට පාසල් නැහැ; ඒ මිනිසුනුත් මේ දුක විඳිනවා. ඒ අය දන්නවා මේ ජනතාවගේ දුක. පයින් බස්එකෙන් ඒ අයත් වැඩට යන්නේ.

[QUOTE="monson, post: 28003678, member: 30005"] [B]එසේම විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය අතර යම් සම්මුතියක අවශ්‍යතාව ඇතැමුන් මතු කරනවා. එවැනි සම්මුතික දේශපාලනයකට ඔබ සූදානම් ද?[/B] අනිවාර්යෙන්ම. පැහැදිලිවම ඒක කරන්න තිබුණේ ජනාධිපතිවරණය පාර්ලිමේන්තුව තුළ පවත්වන්න කලින්. සම්මුතියකින් ජනාධිපති පත්කරගන්න තිබුණා. ඒ නිසයි අපි යෝජනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක අවශ්‍යතාව. එසේම ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවේ සර්ව පාක්ෂික පක්ෂ වල නායකයින් විසින් ප්‍රතිපත්ති තීරණය කරන ජාතික සභාවක්. ඒකට පිටස්තර ආයතන සහ විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේ ආයතන ශ්‍රීලංකා නීතිඥ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, Direction sri Lanka, ඒ වගේම ආගමික නායකත්වයේ ඉන්න මහජන සභාව වැනි ආයතනවල නියෝජනයක් සහිතව මෙය කළ යුතුව තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී 224 ම අමාත්‍යාංශවලට අනුයුක්ත කරලා ස්ථාවර නියෝග හරහා අමාත්‍යාංශ කාරක සභාවල බලතල වැඩිකරලා මේදේවල් ශක්තිමත් කළ යුතුව තිබුණා. ඇමතිවරයා කාරක සභාවේ සභාපති ධූරයට සීමා කළ යුතුව තිබුණා. ඉදිරියේදී බිඳවැටීමට නියමිත රාජ්‍ය ආයතන තවදුරටත් දේශපාලන හෙංචයියන් ලවා පාලනය කරන්න දෙන්න බැහැ. ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සිට දේශපාලනයෙන් තොර වෘත්තීය පිරිසක් අතට පත්කරන්න ඕන. මහා බැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා ගැනත් ප්‍රශ්නයක් නැහැ. මේ මූල්‍ය අර්බුදය රාජපක්ෂලා විතරක් හදපු එකක් නෙවෙයි. මෙයට වග කියන්න ඕන නිලධාරී පැලන්තියක් ඉන්නවා. මේ රට ණය බරින් කඩාවැටෙනවා කියන දේ දේශපාලකන්ට නෙවෙයිනේ තේරෙන්නේ. ඔවුන්ට සම්පුර්ණයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. මේ ක්ෂේත්රවලට අවංක වෘත්තීයවේදීන් පිරිසක් අනිවාර්යෙන් පත්කළ යුතුයි. යම් සැලසුමකට අනුව රටට ඇත්ත කියලා ගමන් කළ යුතුයි. රටේ විශ්වාසය නැත්නම් මොන හොඳ පියවර ගත්තත් එයට විරුද්ධව කටයුතු කිරීම තමයි සිද්ධ වෙන්නේ. [B]ඇතැම් පිරිස් ජනතා සම්මුතිවාදී ආණ්ඩුවක් පාර්ලිමේන්තුවෙන් පිටත නිර්මාණය විය යුතු බවත්, පවතින සමස්ත ක්‍රියාවලිය ම වෙනස් විය යුතු බවටත් පවසමින් අරගලයක නිරත වෙනවා. ඒ සම්බන්ධ ඔබේ පක්ෂයේ ප්‍රතිචාරය කෙබඳු ද?[/B] සම්මුතිවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමත් පද්ධතියේ වෙනසක් ඇති කිරීමටත් තමයි අපි මේ හැම යෝජනාවක් ම කළේ. මේ ඇතැම් ආර්ථික විචාරකයෝ කියන දේවල් නෙවෙයි; ආර්ථික දැනුම තියෙන, වැඩ කරලා පුරුදු අයයි මේ රටේ නව ක්‍රමවේදයක් ගොඩනැඟීමේ යෝජනා ගෙන ඒම කරන්න අවශ්‍ය වෙන්නේ. ඉදිරියටත් ආර්ථික විචාරකයෝ සහ විශේෂඥයෝ පත් කළා කියලා මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ. වැඩ කරලා පුරුදු අවංක ප්‍රයෝගික වෘත්තීයවේදීන් මේ තනතුරුවලට පත් කළ යුතුයි. එයයි සිස්ටම් චේන්ජ් එක කියන්නේ. එළියේ ඉඳගෙන පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න 225 ට බැණ බැණ ඉන්නෙ නැතුව ඒ අයට පුළුවන් ඡන්දෙ ඉල්ලලා බලයට ඇවිල්ලා රට වෙනුවෙන් කටයුතු කරන්න. අපිට අරගල භුමියේ ඇතැමුන් ගැන ඇහෙන චෝදනාවලින් පේන්නේ මේ රටේ දේශපාලකයෝ අවුරුදු 60 ක් තිස්සේ කරපු දේවල්. දේශපාලකයෝයි, අරගල භූමියේ නායකයෝ කියලා ඉන්න අයයි අතරේ කිසි වෙනසක් නැහැ. ඒ වගේම ජන අරගලය අපිය කියලා අරගල භූමියේ ඉන්න කීපදෙනෙක් ඒක අත්පත් කරගන්න දරන වෑයමයි අතර සහ රාජපක්ෂලාගෙයි කිසි වෙනසක් නැහැ. [B]ජනතාව මුහුණ දෙන ආහාර, ඉන්ධන, ගෑස්, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි ක්ෂේත්රවල මූලික ගැටලු විසඳා ගැනීමට නම් රටේ දේශපාලන ස්ථාවරත්වයක අවශ්‍යතාව ඔබ පිළිගන්නවාද?[/B] මම මේ අර්බුදය ගැන කිව්වේ 2013 දීයි. ඒ අවස්ථාවේ අර්බුදය ගැන කියපු අපිට කිව්වේ අපි එල්ටිටීඊ හිතවාදීන් කියලා. අද ඔය සමහරු දෙමළ සන්ධානයත් එක්ක එකට ගිහින් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ඡන්දය පාවිච්චි කළා. හැබැයි එදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ පාවිච්චි කරනකොට අපිව රට බෙදන ද්‍රෝහියෝ කිව්වා ඒ අයම. MCC වැනි ප්‍රතිපත්තිමය යෝජනාවලට ව්‍යාජ විරෝධයක් මේ රටේ හැදුවා. ව්‍යාජ මුස්ලිම් විරෝධයක් රටේ හැදුවා. එහෙම තමයි ඒ ආණ්ඩුව බිඳ වැට්ටුවේ. අද පවතින තත්ත්වය වෙනවා කියලා මම කිව්වේ 2013 දී. අද ඒවා අකුරක් නෑර සත්‍ය වෙලා තියෙනවා. [B]ඔබට මේ අර්බුදයෙන් රට ගොඩගැනීමට යෝජනා තියෙනවාද?[/B] එදා ඉඳන් දැන් තියෙන තත්ත්වය යටතේ මුහුණ දීමට කරුණු පහක් යෝජනා කළා. මේ අවුරුද්දේ ජනවාරි මාසේ විසි තුන්වෙනිදායි මම ඒ යෝජනා ඉදිරිපත් කළේ. එහි පළවෙනි කරුණ දේශපාලන ප්‍රතිසංස්කරණය, රටට අවශ්‍ය සර්වපාක්ෂික නියෝජනය, වෘත්තීය පාලනය, ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර බල තුලනය කිරීම. දෙවැනි කරුණ අපේ ණය ප්‍රතිවුහගත කිරීම. ඒ වගේම අපේ රාජ්‍ය මුල්‍ය ආදයම් වියදම් සම්පුර්ණයෙන්ම සීමා කරලා අදායම වැඩි කරලා, වියදම කපා හැරලා මේ තත්ත්වය සමතුලිතත්වයකට ගෙන ඒමයි. ඒ වගේම අවම ප්‍රතිපත්ති මාලාවක් ඒ සඳහා තනා ගැනීම. මේ කියන කාරණා සමඟ සමාජීය වශයෙන් වැදගත් වෘත්තීය පිරිසකට ඒ අවම වැඩපිළිවෙළට සාපේක්ෂව රාජ්‍ය පාලනය ඒ අයට ලබාදිය යුතුයි. මේ අවම වැඩපිළිවෙළ ගැන යෝජනා කළාම ඒවායේ මොනවද තියෙන්නේ කියලා දැන් අපි කතා කරන්න ඕන. ඉතා පැහැදිලි ව IMF එක අපේ රටේ ප්‍රධානින් එක්ක කරපු සාකච්ඡාවලදි ඒගොල්ලෝන්ගේ මාර්ග සිතියම ලබාදීලා තියෙනවා. හැබැයි ඒ මාර්ග සිතියම අපි දන්නේ නැහැ. ඒක රටට කියලා ඒ ගැන රටේ අවධානය කැමැත්ත දිනාගන්න ඕන. රාජ්‍ය සේවයේ කළයුතු ප්‍රතිසංස්කරණ මොනවද කියලා සංවාදයන් අවශ්‍යයි. විසඳුමක් ලෙස රාජ්‍ය සේවය පුද්ගලිකකරණයෙන් දැන් මේ තියෙන ප්‍රශ්නවලට විසඳුමක් නම් එය කරන්න අවශ්‍යයි. එයින් ප්‍රශ්න විසඳෙන ආකාරය ගැන සංවාදයක් තියන්න අවශ්‍යයි.කුමක්ද කෙරෙන්නේ කියන කරුණ ගැන සංවාදයක් තියෙන්න අවශ්‍යයි. රාජ්‍යයේ වියදම් පාලනයට මොකද කරන්නේ. මේ ආණ්ඩුව පසුගිය කාලයේ රටට ගෙනාපු ඉතාම වැදගත් ව්‍යාපෘති 322 අවලංගු කළා. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු දුම්රිය හා බස් ව්‍යපෘති අවලංගු කළා. ඒ සහාසික අපරාධය කරලා තමයි අධිවේගී මාර්ගවලින් මුදල් ගහන්න හැදුවේ ආයෙත් වතාවක්. ඒවා දැන් තවදුරටත් කරන්න බැහැ. [B]නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනයට නිවැරදි තීන්දු තීරණ ගැනීමට සහ රට අරාජිකත්වයකට නොයා ගොඩගැනීමට අනෙක් පාර්ශ්වවලින් යම් සහයෝගයක් සහ කාල රාමුවක් අවශ්‍ය යැයි ඔබ පිළිගන්නවාද.?[/B] ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපිට සහයෝගයකට එන්නේ අපි අපේ ණය ප්‍රතිව්‍යුහගත කරගත්තොත් පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කරගන්නවා කියන්නේ දේශිය සහ විදේශිය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමයි. දැනටම චීනය දැනුම් දීලා තියෙනවා ඒ අයගේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න දෙන්නේ නැහැ කියලා. එතකොට මොකක්ද කරන්නේ; අපේ රටට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා; මේ මාසයේ 25වැනිදා නොගෙවා තියෙන බැදුම්කරයක් සම්බන්ධව. එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ගත් බැඳුම්කරයක්. ඒ බැඳුම්කරය 2012 වසරේ දි අත්තනෝමතිකව ක්‍රියාකරන්න ගත්ත බැඳුම්කරයක්. ඒ බැඳුම්කරය පියවන්න තිබුණත් එය පියවන්න බැහැ. එයට නඩුවක් දාලා තියෙනවා. දේශිය ණය සම්බන්ධයෙන් තවමත් මුකුත් ප්රකාශවෙලා නැහැ. රාජ්‍ය බැංකුවක් ලබා දිලා තියෙනවා තමන්ගේ වත්කම්වලින් සියයට 57 පාරවල් හදන්න. ඒ දේවල්වලට මොනවද කරන්නේ. ඒවාට මොකද කරන්නේ තැන්පත් කරුවන්ට මොනවද වෙන්නේ. මේ දේවල් ගැන විවෘත සාකචඡාවක් අවශ්‍යයි. පාඩු ලබන සංස්ථා සමාගම්වලට මොනවද කරන්නේ කියලා කතා කරන්න අවශ්‍යයි. ජනතාවට කියන්න අවශ්‍යයි. [B]සමගි ජන බලවේගය නියෝජනය කළත් ඔබ වෙනම දේශපාලන අනන්‍යතාවක් සහ වෙනම දේශපාලන පෞරුෂයක් ගොඩනඟා ගත් අයෙක්. මේ ව්‍යසනකාරී මොහොතේ රට ගොඩගැනීමේ කාර්යය සඳහා පංගුකාරයෝ වන ලෙස ඔබට යම් ආරාධනාවක් ලැබුණහොත් ඔබ ඊට දක්වන ප්‍රතිචාරය?[/B] සර්ව පාක්ෂීක ආණ්ඩුවක් හදන්න පොදු වැඩපිළිවෙළක් හදන්න කියලා 224 දෙනාම සම්බන්ධ කරගන්න; මේ ආයතනයන් භාර දෙන්න. අපි අපේ වගකිම් එවිට ඉටුකරන්න ලෑස්තියි කියලා අපි කිව්වා. එසේ නොකර මේ අර්බුදය අස්සෙත් ගෑස් ටිකෙනුත් හොරකම් කරනවා නම්, තෙල්වලින් හොරකම් කරන්න ඉන්නවා නම් ඒවගේ ක්‍රියාවලියකට අපි දායක වෙන්නේ නැහැ. මම දේශපාලනයට ආවේ තාත්තාගේ අම්මගේ හයියෙන් හෝ එතනොල් බිස්නස් කරලා, මත්කුඩු විකුණලා, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය අයිතිකරුවන්ගේ අනුග්‍රාහකත්වය ලබලා දේශපාලනයට ආව කෙනෙක් නොවෙයි. මම අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ මගේ කකුල් දෙකේ හයියෙන් දෑතේ හයියෙන්. ඒවගේම තව මේ රටේ ඉන්නවා අවස්ථා අහිමි කරපු පරපුරක්. ඒ පරපුර දැන් නැගිටලා ඉන්නවා. ඒ නැඟිටපු පරපුර වෙනුවෙන් වෙනසක් ඇති කරන්න අපි කැපවෙනවා. [B]ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් එම ධූරයට පත්වීම අරගලයට සම්බන්ධ වූවන් අනුමත කරන්නේ නැහැ. ඔවුන් උද්ඝෝෂණවලට ඉදිරියේදිත් යොමු වූවහොත්; ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කෙබඳුද?[/B] ඔවුන්ට උද්ඝෝෂණ කළ හැකියි. නමුත් ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයේ සීමාවේ සහ රාමුවේ සිටිමින් කළ යුතුයි. සමහරුන්ට සන්නද්ධ බලයක් හදලා පාර්ලිමේන්තුවෙන් පිට බලයක් හදලා සෝවියට පන්නයේ විප්ලවයක් කිරීමට අවශ්‍යයි. ඒ අයට මට කියන්න තියෙන්නේ ඒවගේ විප්ලවයක් කළා කියුබාවේ. එය පිදෙල් කැස්ත්‍රෝ විසින් එය කළේ. නමුත් අවුරුදු 60 ගිහිනුත් තාම පෝලිම් යුගය අවසන් වෙලා නැහැ. පොදු මහජනතාවගේ කම්පනය වේදනාව අපි තේරුම් ගන්න අවශ්‍යයි. දරුවෝ පාසල් යවා ගන්න බැහැ, බෙහෙතක් ගන්න බැහැ, වැඩි හිටියන්ට රෝහලේ හෝ පුද්ගලික ආරෝග්‍ය ශාලාවල බෙහෙත් නැහැ, තෙල් ටික නැහැ, රැකියාවට යන්න බැහැ, ජීවිකාව ගෙනයන්න බැහැ. විදුලි කප්පාදුව නිසා රැකියාව කරගන්න බැහැ. ලබන සැප්තැම්බර් මාසයේ සිට පැය 14 විදුලිය කප්පාදු කරන්න වෙනවා; ගල්අඟුරුටික ගේන්න බැරිවුණොත්. අපි මහජනතාවගේ කම්පනය දන්නවා.ඒවා අවියෙන් විසඳන්න බැහැ. ආරක්ෂක හමුදා පසුගිය දවස්වල මේ වෙනුවෙන් හඬනඟන අයට විරුද්ධව වෙඩි තිබ්බේ නැහැ. එයට හේතුව ඒ අය දන්නවා ඒඅයගේ ගෙදරත් ගෑස් ටික නැහැ; දරුවන්ට පාසල් නැහැ; ඒ මිනිසුනුත් මේ දුක විඳිනවා. ඒ අය දන්නවා මේ ජනතාවගේ දුක. පයින් බස්එකෙන් ඒ අයත් වැඩට යන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom