Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳුදා සිට CCTV කැමරාවෙන් බලා දඩ කොළය ගෙදරටම..📛
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ නගරයේදී රථවාහන වැරදි කරන රියැදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන එම රියැදුරන් පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළක් ලබන 22 වැනිදා සිට ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවේ ඊයේ (18 දා) කියා සිටියේය.

රථවාහන වරදට අදාළ වීඩියෝ පටය ද එම වරද සිදුකරන රියැදුරන් වෙත යැවීමට කටයුතු කරන බව ද තෙන්නකෝන් මහතා කියා සිටියි. ඒ අනුව රථවාහන ආලෝක සංඥා, මාර්ග සංඥා, සුදු ඉර මත නොනවත්වා වාහන ධාවනය කිරීම ඇතුළු රථවාහන පාවිච්චියේදී සිදුකරන වැරදි සම්බන්ධයෙන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනා ගැනීමට පොලිස් රථවාහන අංශය කටයුතු කරයි.එහිදී වැරදි සිදුකරන රියැදුරන් හඳුනාගෙන එම වැරදි සිදුකරන වාහන පිළිබඳ සියලු තොරතුරු ලබාගෙන ඒ ඔස්සේ එම රියැදුරන් පදිංචි පොලිස් බලප්‍රදේශය වෙත දඩ පත්‍රිකා යැවීමට පොලිසිය පියවර ගනී.

ඒ අනුව අදාළ වරද සිදුකරන රියැදුරුට එම පොලිස් ස්ථානය වෙත පැමිණ තමන් සිදු කළ වැරදට අදාළ දඩය ගෙවා දැමීමට සිදුවනු ඇත.

මේ ආකාරයට කොළඹ නගරය තුළ රථවාහන වැරදි සිදුකරන රියැදුරන් හඳුනාගැනීම සඳහා සීසීටීවී කැමරා පද්ධති පරීක්ෂාවට වෙනම පොලිස් කණ්ඩායම් යෙදවීමට නියමිතය.

මේ පිළිබඳව අදහස් දැක්වූ වැඩ බලන පොලිස්පතිවරයා මෙසේ කියා සිටියේය.

පොලිස් රථවාහන අංශය ලබන 22 වැනිදා සිට ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ යටතේ රථවාහන වැරදි කරලා කිසි කෙනකුට සැඟවී ඉන්න බැහැ.

උදාහරණයක් විදිහට අනුරාධපුරේ ඉඳලා කොළඹට ආව කෙනෙක් කොළඹදී රථවාහන වරදක් කරලා ගියොත් පොලිසිය සීසීටීවී කැමරා ඔස්සේ ඒ වරදකරු හඳුනාගන්නවා. ඊට පස්සේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා අදාළ වාහනය පිළිබඳ තොරතුරු ලබාගෙන ඒ රියැදුරා පදිංචි අනුරාධපුර පොලිසිය වෙත දඩ පත්‍රිකාව සහ අදාළ වීඩියෝ දර්ශනය යවනවා. පොලිසිය ඒ දඩ පත්‍රිකාව රියැදුරුගේ නිවසට යවනවා. එතකොට රියැදුරන්ට තමන් කරපු වැරදින් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. ඒ රියැදුරුට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම තමන් කරපු වරදට අදාළ දඩ මුදල පොලිසියට ඇවිත් ගෙවා දමන්න යැයි ද දේශබන්ධු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා කියාසිටියේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින සියලුම නිලධාරීන් මේ වනවිට හඳුනාගැනීමට කටයුතු කර ඇති බවයි.එම නිලධාරීන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බව හඳුනා ගැනීමෙන් පසු පොලිස් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ද තෙන්නකෝන් මහතා කියා සිටියේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය භාවිත කරන නිලධාරීන් ඉන්න බැහැ. ඒ සියලු නිලධාරීන් හඳුනාගෙන ඒ අය පොලිසියෙන් ඉවත්කිරීමට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා යැයි ද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

2023 වර්ෂයේදී බාල වයස්කරුවන් අපචාරවලට යොදාගෙන සිදුකළ සිද්ධීන් ලක්ෂයක පමණ ප්‍රමාණයක් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා කියා සිටියි.දරුවන්ට විවිධ දේවල් ලබාදී සිදුකළ අපචාර ක්‍රියාවන්ට සම්බන්ධ සමාජයේ බලාපොරොත්තු නොවන පිරිස් පවා සිටින බවත් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මේ වනවිට පොලිසිය විමර්ශන සිදුකරමින් තිබෙන බවත් ඒ මහතා කීය.

මේ අතර ඡායාරූප මගින් අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළේ ස්ථාපිත කර ඇති විශේෂ ඒකකය වෙත මෙරට සංවිධානාත්මක කල්ලි අපරාධකරුවන් 1092ක ගේ ඡායාරූප ලබාදී ඇති බව දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසයි.

එමෙන්ම ව්‍යාජ මූල්‍ය ආයතන ණය දෙන සමිති පිහිටුවා මෙරට මධ්‍යම පාන්තිකයන්ට වංචා කර අති විශාල මුදලක් එකතු කරගෙන රටින් පලායන පුද්ගලයන් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර තිබේ.

මෙම වංචනිකයන්ගේ ඡායාරූප ද කටුනායක ගුවන්තොටුපළේ අපරාධකරුවන් හඳුනාගැනීමේ ඒකකය වෙත ලබාදීමට පියවර ගන්නා බව ද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ද සහභාගි වූ අතර ඒ මහතා කියාසිටියේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙරට අපරාධවල 17%ක අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බවයි.

මෙම මෙහෙයුම නැවැත්වීම සඳහා විවිධ පාර්ශ්ව නොයකුත් ප්‍රකාශ කළත් රටින් මත්කුඩු සහ පාතාලය මර්දනය වන තුරු මෙහෙයුම් නොනවත්වන බව ද ඇමැතිවරයා කීය.

ඇතැමුන්ට මාධ්‍ය සංදර්ශනයක් ලෙස පෙනුනත් මීට මාස 7කට පමණ පෙර පොලිස්පතිවරයා ලෙස දේශබන්ධු තෙන්නකෝන් මහතා පත්කරන ලෙස ඉල්ලා සිටි බවත්, ඔහු වැඩ බලන පොලිස්පති ලෙස පත්වීමට මාස හයකට පෙර තෙන්නකෝන් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ කමිටුවක් මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කළ බවත් ඒ මහතා කීය. එය යුක්තිය මෙහෙයුම හරහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙන බවත් ඇමැතිවරයා පැවසීය.

මෙම යුක්තිය මෙහෙයුම මහා නායක හිමිවරුන් ඇතුළු රටේ සාමාන්‍ය ජනතාව පැසසුමට ලක්කරන බවත්, එයට එරෙහිව හඬනගන රාජ්‍ය නොවන සංවිධානවල නීතිඥයන් කිහිපදෙනෙක්, එම ජාවාරම්කරුවන්ගෙන් වරප්‍රසාද ලබන පිරිස් කටයුතු කරන බවත් කී ඇමැතිවරයා ඒ හඬනගන පිරිසට එරෙහිව මහජනතාව පෙරට ආයුතු බවත් කීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරනවා නම් එම ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ ප්‍රහාරයක් බවත් එහි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබූ අවස්ථා පොලිසියේ අතපසුවීමෙන් මගහැරී ඇති බවත් ඇමැතිවරයා කීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලින් සියයට 90ක් අවසන් බවට තමා සිදුකළ ප්‍රකාශ දැනටත් වලංගු බවත්, පොලිසිය මගින් සිදුකළ යුතු කාර්යන් සිදුකර නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවත්, එම කාර්ය එම ආයතනය විසින් සිදුකළ යුතු බවත් ඇමැතිවරයා කීය. එම පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන්නේ නම් කාදිනල්තුමා ඇතුළු එම පාර්ශ්ව තමන් සතු තොරතුරු ලබාදෙන ලෙස මීට පෙර අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියත් මෙතෙක් එම තොරතුරු ලබාදී නැතැයි ද ඇමැතිවරයා කීය.

දේවස්ථානයක බෝම්බයක් තබා යෑම සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල කරන බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදුකිරීමේදී දේවස්ථානයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී දේවස්ථානය තුළ බෝම්බය සහිත බෑගය එහි සේවකයෙක් විසින් රැගෙන යන අයුරු දැක්වෙන නිසා ඔහු අත්අඩංගුවට ගත් බවත් වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී ත්‍රීවීල් රථයකින් පැමිණි පුද්ගලයකු එම බෑගය තබන බවට නිරීක්ෂණයවීම නිසා ඔහු අත්අඩංගුවට ගත් බවත් ඔහුගේ තොරතුරු මත බෝම්බය තැබීමට ලබාදුන් වෛද්‍යවරයකු ද අත්අඩංගුවට ගත් බවත් කී ඒ මහතා ඔවුන් දෙදෙනාම අධිකරණය හමුවේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කළ බවත් කීය.

එම නිසා එම සිද්ධිය සම්බන්ධයෙන් කාදිනල්තුමා ඇතුළු එම පාර්ශ්ව සෑහීමකට පත් නොවන්නේ නම් මාධ්‍ය හමු නොපවත්වා ඒ ගැන විමසීමක් කරන්නේ නම් එම පාර්ශ්ව දැනුවත් කිරීමට පරීක්ෂණ සිදුකළ නිලධාරීන් හරහා කටයුතු කළ හැකි බව ද ඇමැතිවරයා කීය.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කළේ දැනට විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ ක්‍රමවේදය සරල කිරීමට කටයුතු කරන බවය. දැනට රටට පැමිණ වීසා ලබාගැනීම වෙනුවට විදෙස් රටක සිට පැමිණීමට පෙර මෙරට වීසා ලබා ගැනීමටත් එය විවිධ පාර්ශ්වවලට අදාළව මාසය, වසර 10 හෝ ජීවිත කාලයම යන්න ලබාගෙන පැමිණිය හැකි බව ද ඔහු කීය.

මේ වනවිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී පුද්ගලයන් ඇඟිලි සලකුණෙන් සහ මුහුණේ ස්වරූපයෙන් හඳුනාගැනීමේ තාක්ෂණය හඳුන්වා දී තිබෙන බවත් එම තාක්ෂණය අනුව මුහුණ වෙනස් කර කොණ්ඩය කපා හෝ වවා වැනි ඕනෑම ස්වරූපයකින් ව්‍යාජ ලෙස විදෙස් ගතවීමට උත්සහ කළහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බවත් ඒ මහතා කීය.

එමෙන්ම ඉන්දියාවේ සිට ලංකාවට නැව් (පෙරිය) හරහා ගමන් කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබෙන බවත් ඒ සඳහා මෙරට නිලධාරීන් ස්ථානගත කර එම වැඩපිළිවෙළ සකස් කරමින් පවතින බවත් ඒ මහතා කීය. වව්නියාව ආගමන විගමන කාර්යාලයේ ගැටලුවක් පැවැති බවත් ඒ සඳහා නව කාර්යාලයක් ස්ථාපිත කර පෙබරවාරි මාසයේ සිට එකී කටයුතු ආරම්භ කරන බවත් ඔහු කීය. මේ වනවිට හැඳුනුම්පත් සකස් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 335 මගින් සිදුකරන සේවාව මෙන් විදෙස් ගමන් බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාගත හැකි ක්‍රමවේදය සකස් කරමින් පවතින බවත් ඉලුක්පිටිය මහතා කීය.

https://divaina.lk/කැමරාවෙන්-බලයි-දඩ-කොළය-ගෙ/

[QUOTE="Truth Hurts, post: 29527027, member: 477372"] කොළඹ නගරයේදී රථවාහන වැරදි කරන රියැදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන එම රියැදුරන් පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළක් ලබන 22 වැනිදා සිට ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවේ ඊයේ (18 දා) කියා සිටියේය. [SIZE=5]රථවාහන වරදට අදාළ වීඩියෝ පටය ද එම වරද සිදුකරන රියැදුරන් වෙත යැවීමට කටයුතු කරන බව ද තෙන්නකෝන් මහතා කියා සිටියි. ඒ අනුව රථවාහන ආලෝක සංඥා, මාර්ග සංඥා, සුදු ඉර මත නොනවත්වා වාහන ධාවනය කිරීම ඇතුළු රථවාහන පාවිච්චියේදී සිදුකරන වැරදි සම්බන්ධයෙන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනා ගැනීමට පොලිස් රථවාහන අංශය කටයුතු කරයි.එහිදී වැරදි සිදුකරන රියැදුරන් හඳුනාගෙන එම වැරදි සිදුකරන වාහන පිළිබඳ සියලු තොරතුරු ලබාගෙන ඒ ඔස්සේ එම රියැදුරන් පදිංචි පොලිස් බලප්‍රදේශය වෙත දඩ පත්‍රිකා යැවීමට පොලිසිය පියවර ගනී.[/SIZE] ඒ අනුව අදාළ වරද සිදුකරන රියැදුරුට එම පොලිස් ස්ථානය වෙත පැමිණ තමන් සිදු කළ වැරදට අදාළ දඩය ගෙවා දැමීමට සිදුවනු ඇත. මේ ආකාරයට කොළඹ නගරය තුළ රථවාහන වැරදි සිදුකරන රියැදුරන් හඳුනාගැනීම සඳහා සීසීටීවී කැමරා පද්ධති පරීක්ෂාවට වෙනම පොලිස් කණ්ඩායම් යෙදවීමට නියමිතය. මේ පිළිබඳව අදහස් දැක්වූ වැඩ බලන පොලිස්පතිවරයා මෙසේ කියා සිටියේය. [IMG alt="කැමරාවෙන් බලයි: දඩ කොළය ගෙදරටම"]https://divaina.lk/wp-content/uploads/2024/01/CCTV-19.jpg[/IMG] පොලිස් රථවාහන අංශය ලබන 22 වැනිදා සිට ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ යටතේ රථවාහන වැරදි කරලා කිසි කෙනකුට සැඟවී ඉන්න බැහැ. උදාහරණයක් විදිහට අනුරාධපුරේ ඉඳලා කොළඹට ආව කෙනෙක් කොළඹදී රථවාහන වරදක් කරලා ගියොත් පොලිසිය සීසීටීවී කැමරා ඔස්සේ ඒ වරදකරු හඳුනාගන්නවා. ඊට පස්සේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා අදාළ වාහනය පිළිබඳ තොරතුරු ලබාගෙන ඒ රියැදුරා පදිංචි අනුරාධපුර පොලිසිය වෙත දඩ පත්‍රිකාව සහ අදාළ වීඩියෝ දර්ශනය යවනවා. පොලිසිය ඒ දඩ පත්‍රිකාව රියැදුරුගේ නිවසට යවනවා. එතකොට රියැදුරන්ට තමන් කරපු වැරදින් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. ඒ රියැදුරුට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම තමන් කරපු වරදට අදාළ දඩ මුදල පොලිසියට ඇවිත් ගෙවා දමන්න යැයි ද දේශබන්ධු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය. මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා කියාසිටියේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින සියලුම නිලධාරීන් මේ වනවිට හඳුනාගැනීමට කටයුතු කර ඇති බවයි.එම නිලධාරීන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බව හඳුනා ගැනීමෙන් පසු පොලිස් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ද තෙන්නකෝන් මහතා කියා සිටියේය. පොලිස් දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය භාවිත කරන නිලධාරීන් ඉන්න බැහැ. ඒ සියලු නිලධාරීන් හඳුනාගෙන ඒ අය පොලිසියෙන් ඉවත්කිරීමට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා යැයි ද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය. 2023 වර්ෂයේදී බාල වයස්කරුවන් අපචාරවලට යොදාගෙන සිදුකළ සිද්ධීන් ලක්ෂයක පමණ ප්‍රමාණයක් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා කියා සිටියි.දරුවන්ට විවිධ දේවල් ලබාදී සිදුකළ අපචාර ක්‍රියාවන්ට සම්බන්ධ සමාජයේ බලාපොරොත්තු නොවන පිරිස් පවා සිටින බවත් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මේ වනවිට පොලිසිය විමර්ශන සිදුකරමින් තිබෙන බවත් ඒ මහතා කීය. මේ අතර ඡායාරූප මගින් අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළේ ස්ථාපිත කර ඇති විශේෂ ඒකකය වෙත මෙරට සංවිධානාත්මක කල්ලි අපරාධකරුවන් 1092ක ගේ ඡායාරූප ලබාදී ඇති බව දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසයි. එමෙන්ම ව්‍යාජ මූල්‍ය ආයතන ණය දෙන සමිති පිහිටුවා මෙරට මධ්‍යම පාන්තිකයන්ට වංචා කර අති විශාල මුදලක් එකතු කරගෙන රටින් පලායන පුද්ගලයන් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර තිබේ. මෙම වංචනිකයන්ගේ ඡායාරූප ද කටුනායක ගුවන්තොටුපළේ අපරාධකරුවන් හඳුනාගැනීමේ ඒකකය වෙත ලබාදීමට පියවර ගන්නා බව ද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෙම මාධ්‍ය හමුවට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ද සහභාගි වූ අතර ඒ මහතා කියාසිටියේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙරට අපරාධවල 17%ක අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බවයි. මෙම මෙහෙයුම නැවැත්වීම සඳහා විවිධ පාර්ශ්ව නොයකුත් ප්‍රකාශ කළත් රටින් මත්කුඩු සහ පාතාලය මර්දනය වන තුරු මෙහෙයුම් නොනවත්වන බව ද ඇමැතිවරයා කීය. ඇතැමුන්ට මාධ්‍ය සංදර්ශනයක් ලෙස පෙනුනත් මීට මාස 7කට පමණ පෙර පොලිස්පතිවරයා ලෙස දේශබන්ධු තෙන්නකෝන් මහතා පත්කරන ලෙස ඉල්ලා සිටි බවත්, ඔහු වැඩ බලන පොලිස්පති ලෙස පත්වීමට මාස හයකට පෙර තෙන්නකෝන් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ කමිටුවක් මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කළ බවත් ඒ මහතා කීය. එය යුක්තිය මෙහෙයුම හරහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙන බවත් ඇමැතිවරයා පැවසීය. මෙම යුක්තිය මෙහෙයුම මහා නායක හිමිවරුන් ඇතුළු රටේ සාමාන්‍ය ජනතාව පැසසුමට ලක්කරන බවත්, එයට එරෙහිව හඬනගන රාජ්‍ය නොවන සංවිධානවල නීතිඥයන් කිහිපදෙනෙක්, එම ජාවාරම්කරුවන්ගෙන් වරප්‍රසාද ලබන පිරිස් කටයුතු කරන බවත් කී ඇමැතිවරයා ඒ හඬනගන පිරිසට එරෙහිව මහජනතාව පෙරට ආයුතු බවත් කීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරනවා නම් එම ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ ප්‍රහාරයක් බවත් එහි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබූ අවස්ථා පොලිසියේ අතපසුවීමෙන් මගහැරී ඇති බවත් ඇමැතිවරයා කීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලින් සියයට 90ක් අවසන් බවට තමා සිදුකළ ප්‍රකාශ දැනටත් වලංගු බවත්, පොලිසිය මගින් සිදුකළ යුතු කාර්යන් සිදුකර නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවත්, එම කාර්ය එම ආයතනය විසින් සිදුකළ යුතු බවත් ඇමැතිවරයා කීය. එම පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන්නේ නම් කාදිනල්තුමා ඇතුළු එම පාර්ශ්ව තමන් සතු තොරතුරු ලබාදෙන ලෙස මීට පෙර අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියත් මෙතෙක් එම තොරතුරු ලබාදී නැතැයි ද ඇමැතිවරයා කීය. දේවස්ථානයක බෝම්බයක් තබා යෑම සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල කරන බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදුකිරීමේදී දේවස්ථානයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී දේවස්ථානය තුළ බෝම්බය සහිත බෑගය එහි සේවකයෙක් විසින් රැගෙන යන අයුරු දැක්වෙන නිසා ඔහු අත්අඩංගුවට ගත් බවත් වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී ත්‍රීවීල් රථයකින් පැමිණි පුද්ගලයකු එම බෑගය තබන බවට නිරීක්ෂණයවීම නිසා ඔහු අත්අඩංගුවට ගත් බවත් ඔහුගේ තොරතුරු මත බෝම්බය තැබීමට ලබාදුන් වෛද්‍යවරයකු ද අත්අඩංගුවට ගත් බවත් කී ඒ මහතා ඔවුන් දෙදෙනාම අධිකරණය හමුවේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කළ බවත් කීය. එම නිසා එම සිද්ධිය සම්බන්ධයෙන් කාදිනල්තුමා ඇතුළු එම පාර්ශ්ව සෑහීමකට පත් නොවන්නේ නම් මාධ්‍ය හමු නොපවත්වා ඒ ගැන විමසීමක් කරන්නේ නම් එම පාර්ශ්ව දැනුවත් කිරීමට පරීක්ෂණ සිදුකළ නිලධාරීන් හරහා කටයුතු කළ හැකි බව ද ඇමැතිවරයා කීය. මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කළේ දැනට විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ ක්‍රමවේදය සරල කිරීමට කටයුතු කරන බවය. දැනට රටට පැමිණ වීසා ලබාගැනීම වෙනුවට විදෙස් රටක සිට පැමිණීමට පෙර මෙරට වීසා ලබා ගැනීමටත් එය විවිධ පාර්ශ්වවලට අදාළව මාසය, වසර 10 හෝ ජීවිත කාලයම යන්න ලබාගෙන පැමිණිය හැකි බව ද ඔහු කීය. [SIZE=5]මේ වනවිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී පුද්ගලයන් ඇඟිලි සලකුණෙන් සහ මුහුණේ ස්වරූපයෙන් හඳුනාගැනීමේ තාක්ෂණය හඳුන්වා දී තිබෙන බවත් එම තාක්ෂණය අනුව මුහුණ වෙනස් කර කොණ්ඩය කපා හෝ වවා වැනි ඕනෑම ස්වරූපයකින් ව්‍යාජ ලෙස විදෙස් ගතවීමට උත්සහ කළහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බවත් ඒ මහතා කීය.[/SIZE] එමෙන්ම ඉන්දියාවේ සිට ලංකාවට නැව් (පෙරිය) හරහා ගමන් කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබෙන බවත් ඒ සඳහා මෙරට නිලධාරීන් ස්ථානගත කර එම වැඩපිළිවෙළ සකස් කරමින් පවතින බවත් ඒ මහතා කීය. වව්නියාව ආගමන විගමන කාර්යාලයේ ගැටලුවක් පැවැති බවත් ඒ සඳහා නව කාර්යාලයක් ස්ථාපිත කර පෙබරවාරි මාසයේ සිට එකී කටයුතු ආරම්භ කරන බවත් ඔහු කීය. මේ වනවිට හැඳුනුම්පත් සකස් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 335 මගින් සිදුකරන සේවාව මෙන් විදෙස් ගමන් බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාගත හැකි ක්‍රමවේදය සකස් කරමින් පවතින බවත් ඉලුක්පිටිය මහතා කීය. [URL='https://divaina.lk/%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92-%E0%B6%AF%E0%B6%A9-%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%BA-%E0%B6%9C%E0%B7%99/']https://divaina.lk/කැමරාවෙන්-බලයි-දඩ-කොළය-ගෙ/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom