Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳුනි (නොකියූ කතාව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳුනි - පළමු කොටස

“පළමු වැනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය බදුල්ල බලා පිටත් වේ. මීලග නැවතුතුම්පල..”

“පේරා වලට ඊලඟට තියෙන ට්‍රේන් එකේ සෙකන්ඩ් ක්ලාස් තියෙනවද?”

හැමදාම මෙන් අදත් ප්‍රමාදව පැමිණි අනුරාධ දුම්රිය ටිකට් කවුන්ටරයට එඹී ඇසුවේ බලාපොරොත්තු රහිත ස්වරයෙනි.

“දැන් තියෙන එකේ ඉතුරු වෙලා තියෙන්නේ තර්ඩ් ක්ලාස් විතරයි.”

“ඊලඟ ට්‍රේන් එක කීයටද?”

“ආයේ ට්‍රේන් එකක් තියෙන්නෙ පැය 2කින්”

පැය 2ක් බලන් ඉන්නවද? තර්ඩ් ක්ලාස් එකක් අරන් යනවද? අනුරාධ දෙලොවක තනිවිය. කුඩා කල සිටම සැප පහසු ජීවිතයකට හුරුවූ ඔහු දුම්රියෙන් ගමන් ගොස් ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. ගණිත විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වීමෙන් පසු තමන්ගේ ඉදිරි අධ්‍යාපනය ඉංජිනේරු අංශයෙන් හැදැරීමට තෝරා ගත්තේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයයි. මින් පෙර ගෙදරින් පිට ජීවත්වී නැති අනුරාධට අකැමැත්තෙන් වුවද විශ්වවිද්‍යාලයට සමීප ස්ථානයක නැවතී අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සිදුවිය. මුල් මාස කීපයේ යෑමට එමට පියාගේ කාර් රථය ලැබුනද නිතර යාමට ඒමට පොදු ප්‍රවාහන ක්‍රමයක් පාවිච්චි කරන්නට ඔහුට සිදුවිය.

දුම්රියේ යාමට ඔහු කැමති නැත. ඕන වෙලාවක යන්නට ට්‍රේන් නැත. පළමු, දෙවැනි පන්ති වල ටිකට්ද සීමිතය. පරක්කු උනොත් තුන්වැනි පන්තියේ චප්ප වී යන්නට සිදුවේ.

නමුත් ට්‍රේන් එකේ එක වාසියක් තිබේ. බස් එකට වඩා ඉක්මණින් යා හැකිය. ට්‍රැෆික් එකට අහුවෙන්නේද නැත.

“තර්ඩ් ක්ලාස් එකක් දෙන්න.”

ප්‍රවේශ පත්‍රය උදුරාගත් ඔහු වේගයෙන් ඉදිරියට ඇදෙන දුම්රිය දෙසට දිව යන්නට විය.

ආයෙ නම් ජීවිතේට පරක්කු වෙන්නෙ නෑ. වෙනදාට ඔහුටම වෙන්වූ සුව පහසු අසුනකට වී කවුලුවෙන් පිටත සුන්දරත්වය නරඹමින් දුම්රියේ ගිය ඔහු අද හුස්ම ගන්නට වත් ඉඩක් නැති තරමට තෙරපුනු තුන්වැනි වේදිකාවේ සිටගෙන වහල දෙස බලාගෙන තමන්ටම බැනගන්නට විය.

“අයියේ මේ බෑග් එක උඩට දාලා දෙන්න පුලුවන්ද?”

හිටගෙන නිදිකිරමින් සිටි ඔහුට හීනෙන් මෙන් කවුදෝ කියනු ඇසුනි.

“අයියේ?”

“ආහ්” ඇස් දෙක අඩවන්ව ඔහු ඈ දෙස බැලුවේය. මල් ගවුමකින් සැරසී සිටි යුවතියකි. හේ නැවතත් ඇස් පොඩි කර බැලුවේය. මේ හීනයක්ද?

“මොකද්ද නංගි?”

“අයියේ මේ බෑග් එක උඩට දාලා දෙන්න පුලුවන්ද? මට උස මදි.”

ට්‍රැවලින් බෑගයක් අත් දෙකින්ම ඔසවාගෙන ඈ ඔහු දෙස බලා සිටී.

“කෝ දෙන්න.” අනුරාධ බෑගය අතට ගත්තේය. “මේකෙ බර. නංගි ගෙවල් මාරු කරනවද?” බෑගය ඉහළින් අඩුක් කරමින් අනුරාධ ඇසුවේ මුවගට සිනහක් නංවමිනි.

“හ්ම්. හෙට කැම්පස් පටන් ගන්නවා අයියා. බෝඩිමට බඩු ගෙනියනවා ඉතින්. ගෙවල් මාරු කරනවා වගේ තමයි.” ඈ එක හුස්මට කීය.

“කොහෙද පේරාද?”

“හ්ම්.”

“ආට්ස් වෙන්න ඇති ශුවර් එකට.”

“නෑ අයියා. මම බයෝ කළේ.” ඇය නුරුස්සනා සුලු ස්වරයකීන් කීය. “මෙඩිසින්.”

“ෂා මරුනේ. දොස්තර නෝන කෙනෙක්. අපිටත් පස්සෙ කාලෙක බේත් ගන්න පුලුවන් වෙයි නේ?”

ඈ දුප්පත් පවුලකින් පැවත එන්නියකි. කුරුණෑගල නගරයෙන් දුර බැහැර පාසලක උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ ඈ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ජීව විද්‍යා විෂයධාරාවෙන් උසස්පෙළ සමත් වූයේ දෙමාපිය ගුරු සැමගේ බලාපොරොත්තු පහන් කරමිනි. ලංකාවේ පමණක් නොව ලොව සුන්දරතම විශ්වවිද්‍යාලයක් වන පේරාදෙනිය විශ්වවිද්‍යාලය ඈ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට තෝරාගන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට යෑමට ඈට උවමනාවටත් වඩා ලකුණු තිබියදීය. නගරයට ඈගේ වැඩි කැමැත්තක් මුල සිටම තිබුනේ නැත. කුරුණෑගලින් පිටත දුෂ්කර ගම්මානයක හැදුනු ඇය සැමවිට ඒ ගැමිකමට පෙම් කළාය. කුඩාකළ පාසලින් ගිය අධ්‍යාපන චාරිකාවකදී වරක් ඈ පේරාදෙනිය උද්භීද උද්‍යානය නැරඹීමට ගිය අයුරු ඈට අද මෙන් මතකය. “කොහොම හරි මෙහෙ කැම්පස් එකට එනවාමයි.” එදා පුංචි ඇගේ සිහිනය අද වන විට යථාර්ථයක් බවට පත්වී අවසන්ය.

“නංගි? හීන බලනවද?”

“ආහ්.” ඈ පියවි සිහියට පැමිණියාය.

“තාම පටන්ගෙන වත් නෑ අයියා. මොන බේත්ද” ඈ ලැජ්ජාවෙන් බිම බලාගෙන කීවාය.

ඈ සමඟ දොඩමලු වන අතර කාලය වේගයෙන් ගෙවී ගියේය. ඔවුන් සිතන්නටත් පෙර පේරාදෙනිය දුම්රිය ස්ථානයට දුම්රිය ප්රවිශ්ඨ විය.

“අයියා බෑග් එක අරන් දෙන්න. මම මෙතනින් බහිනවා.”

“ආ බහිනවද? මෙන්න” අනුරාධ බෑගය අරන් දුන්නේය. “එහෙනම් ගුඩ් ලක් නංගි.”

“ස්තූතියි අයියා.” ඈ දුම්රියෙන් බැස ගියාය.

මරු කෙල්ල. අනුරාධ කැම්පස් එකේ ඕනෑ තරම් යුවතියන් දැක ඇත. කෙල්ලො නම් පේරා. නමුත් ඈ තුළ ඔහු වෙනදා නුදුටු දෙයක් දුටුවේය. ඒ අහින්සක බව. ගැමි බව. අනුරාධ සිහින ලොවක අතරමං විය.

සරසවි උයන දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියෙන් අනුරාධ බැස ගත්තේ සිහියකින් තොරවය. ගතවූ පැය කීපයට ඈව ඔහුට ඒ තරම් සමීප වී තිබුනි. නැවත කෙසේ හෝ ඈ හමුවිය යුතුමයි.

“මල කෙළියයි නම අහගත්තෙ නෑනේ.”

ඔහු ඈ දොඩමලුවූ ඒ පැය කීපය තුල ඔහු ඇගේ අනන්‍යතාවය පිළිබඳ කිසිම දෙයක් අසා තිබුනේ නැත. දුරකතන අංකයක්, ඉන්නෙ කොහෙද තියා නම වත් අහගන්නට ඔහුට මතක් වුනේ නැත.

දැන් මොකද කරන්නේ. දෙදරා යමින් තිබූ ඔහුගේ සිහිනය නැවත ගොඩනගන්නට ඔහු දස අතේ කල්පනා කරන්නට විය.

කැම්පස් එකේ හොයන්න තමයි වෙන්නේ. ඒත් ෆෙෂර්ස්ලා කීයක් නම් එයිද. අනික අපේ ෆැක් එකෙත් නෙවෙයි මට කතාවක් අහගන්න තමයි වෙන්නෙ අන්තිමට.

ඒ අදහස ඔහුට අකැමැත්තෙන් වුවද අත්හරින්නට විය.

හරි. ලබන ඉරිද මේ ට්‍රේන් එකේ මේ වෙලාවටම ගිහින් බලනවා.

සරසවි උයන සමීපයේ පිහිටි බෝඩිමට අනුරාධ පියනැගුවේ ඊලඟ ඉරිදා ගැන සිහින මවමිනි.

-මතු සම්බන්ධයි-

සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත.

චන්දිම [05-12-2015]

[QUOTE="chandima3010, post: 19512442, member: 39011"] [SIZE="5"]:love:[U] සඳුනි - පළමු කොටස [/U]:love:[/SIZE] [SIZE="3"] “පළමු වැනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය බදුල්ල බලා පිටත් වේ. මීලග නැවතුතුම්පල..” “පේරා වලට ඊලඟට තියෙන ට්‍රේන් එකේ සෙකන්ඩ් ක්ලාස් තියෙනවද?” හැමදාම මෙන් අදත් ප්‍රමාදව පැමිණි අනුරාධ දුම්රිය ටිකට් කවුන්ටරයට එඹී ඇසුවේ බලාපොරොත්තු රහිත ස්වරයෙනි. “දැන් තියෙන එකේ ඉතුරු වෙලා තියෙන්නේ තර්ඩ් ක්ලාස් විතරයි.” “ඊලඟ ට්‍රේන් එක කීයටද?” “ආයේ ට්‍රේන් එකක් තියෙන්නෙ පැය 2කින්” පැය 2ක් බලන් ඉන්නවද? තර්ඩ් ක්ලාස් එකක් අරන් යනවද? අනුරාධ දෙලොවක තනිවිය. කුඩා කල සිටම සැප පහසු ජීවිතයකට හුරුවූ ඔහු දුම්රියෙන් ගමන් ගොස් ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. ගණිත විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වීමෙන් පසු තමන්ගේ ඉදිරි අධ්‍යාපනය ඉංජිනේරු අංශයෙන් හැදැරීමට තෝරා ගත්තේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයයි. මින් පෙර ගෙදරින් පිට ජීවත්වී නැති අනුරාධට අකැමැත්තෙන් වුවද විශ්වවිද්‍යාලයට සමීප ස්ථානයක නැවතී අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සිදුවිය. මුල් මාස කීපයේ යෑමට එමට පියාගේ කාර් රථය ලැබුනද නිතර යාමට ඒමට පොදු ප්‍රවාහන ක්‍රමයක් පාවිච්චි කරන්නට ඔහුට සිදුවිය. දුම්රියේ යාමට ඔහු කැමති නැත. ඕන වෙලාවක යන්නට ට්‍රේන් නැත. පළමු, දෙවැනි පන්ති වල ටිකට්ද සීමිතය. පරක්කු උනොත් තුන්වැනි පන්තියේ චප්ප වී යන්නට සිදුවේ. නමුත් ට්‍රේන් එකේ එක වාසියක් තිබේ. බස් එකට වඩා ඉක්මණින් යා හැකිය. ට්‍රැෆික් එකට අහුවෙන්නේද නැත. “තර්ඩ් ක්ලාස් එකක් දෙන්න.” ප්‍රවේශ පත්‍රය උදුරාගත් ඔහු වේගයෙන් ඉදිරියට ඇදෙන දුම්රිය දෙසට දිව යන්නට විය. ------------------------------------------------------------------------------ ආයෙ නම් ජීවිතේට පරක්කු වෙන්නෙ නෑ. වෙනදාට ඔහුටම වෙන්වූ සුව පහසු අසුනකට වී කවුලුවෙන් පිටත සුන්දරත්වය නරඹමින් දුම්රියේ ගිය ඔහු අද හුස්ම ගන්නට වත් ඉඩක් නැති තරමට තෙරපුනු තුන්වැනි වේදිකාවේ සිටගෙන වහල දෙස බලාගෙන තමන්ටම බැනගන්නට විය. “අයියේ මේ බෑග් එක උඩට දාලා දෙන්න පුලුවන්ද?” හිටගෙන නිදිකිරමින් සිටි ඔහුට හීනෙන් මෙන් කවුදෝ කියනු ඇසුනි. “අයියේ?” “ආහ්” ඇස් දෙක අඩවන්ව ඔහු ඈ දෙස බැලුවේය. මල් ගවුමකින් සැරසී සිටි යුවතියකි. හේ නැවතත් ඇස් පොඩි කර බැලුවේය. මේ හීනයක්ද? “මොකද්ද නංගි?” “අයියේ මේ බෑග් එක උඩට දාලා දෙන්න පුලුවන්ද? මට උස මදි.” ට්‍රැවලින් බෑගයක් අත් දෙකින්ම ඔසවාගෙන ඈ ඔහු දෙස බලා සිටී. “කෝ දෙන්න.” අනුරාධ බෑගය අතට ගත්තේය. “මේකෙ බර. නංගි ගෙවල් මාරු කරනවද?” බෑගය ඉහළින් අඩුක් කරමින් අනුරාධ ඇසුවේ මුවගට සිනහක් නංවමිනි. “හ්ම්. හෙට කැම්පස් පටන් ගන්නවා අයියා. බෝඩිමට බඩු ගෙනියනවා ඉතින්. ගෙවල් මාරු කරනවා වගේ තමයි.” ඈ එක හුස්මට කීය. “කොහෙද පේරාද?” “හ්ම්.” “ආට්ස් වෙන්න ඇති ශුවර් එකට.” “නෑ අයියා. මම බයෝ කළේ.” ඇය නුරුස්සනා සුලු ස්වරයකීන් කීය. “මෙඩිසින්.” “ෂා මරුනේ. දොස්තර නෝන කෙනෙක්. අපිටත් පස්සෙ කාලෙක බේත් ගන්න පුලුවන් වෙයි නේ?” ඈ දුප්පත් පවුලකින් පැවත එන්නියකි. කුරුණෑගල නගරයෙන් දුර බැහැර පාසලක උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ ඈ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ජීව විද්‍යා විෂයධාරාවෙන් උසස්පෙළ සමත් වූයේ දෙමාපිය ගුරු සැමගේ බලාපොරොත්තු පහන් කරමිනි. ලංකාවේ පමණක් නොව ලොව සුන්දරතම විශ්වවිද්‍යාලයක් වන පේරාදෙනිය විශ්වවිද්‍යාලය ඈ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට තෝරාගන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට යෑමට ඈට උවමනාවටත් වඩා ලකුණු තිබියදීය. නගරයට ඈගේ වැඩි කැමැත්තක් මුල සිටම තිබුනේ නැත. කුරුණෑගලින් පිටත දුෂ්කර ගම්මානයක හැදුනු ඇය සැමවිට ඒ ගැමිකමට පෙම් කළාය. කුඩාකළ පාසලින් ගිය අධ්‍යාපන චාරිකාවකදී වරක් ඈ පේරාදෙනිය උද්භීද උද්‍යානය නැරඹීමට ගිය අයුරු ඈට අද මෙන් මතකය. “කොහොම හරි මෙහෙ කැම්පස් එකට එනවාමයි.” එදා පුංචි ඇගේ සිහිනය අද වන විට යථාර්ථයක් බවට පත්වී අවසන්ය. “නංගි? හීන බලනවද?” “ආහ්.” ඈ පියවි සිහියට පැමිණියාය. “තාම පටන්ගෙන වත් නෑ අයියා. මොන බේත්ද” ඈ ලැජ්ජාවෙන් බිම බලාගෙන කීවාය. ඈ සමඟ දොඩමලු වන අතර කාලය වේගයෙන් ගෙවී ගියේය. ඔවුන් සිතන්නටත් පෙර පේරාදෙනිය දුම්රිය ස්ථානයට දුම්රිය ප්රවිශ්ඨ විය. “අයියා බෑග් එක අරන් දෙන්න. මම මෙතනින් බහිනවා.” “ආ බහිනවද? මෙන්න” අනුරාධ බෑගය අරන් දුන්නේය. “එහෙනම් ගුඩ් ලක් නංගි.” “ස්තූතියි අයියා.” ඈ දුම්රියෙන් බැස ගියාය. මරු කෙල්ල. අනුරාධ කැම්පස් එකේ ඕනෑ තරම් යුවතියන් දැක ඇත. කෙල්ලො නම් පේරා. නමුත් ඈ තුළ ඔහු වෙනදා නුදුටු දෙයක් දුටුවේය. ඒ අහින්සක බව. ගැමි බව. අනුරාධ සිහින ලොවක අතරමං විය. සරසවි උයන දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියෙන් අනුරාධ බැස ගත්තේ සිහියකින් තොරවය. ගතවූ පැය කීපයට ඈව ඔහුට ඒ තරම් සමීප වී තිබුනි. නැවත කෙසේ හෝ ඈ හමුවිය යුතුමයි. “මල කෙළියයි නම අහගත්තෙ නෑනේ.” ඔහු ඈ දොඩමලුවූ ඒ පැය කීපය තුල ඔහු ඇගේ අනන්‍යතාවය පිළිබඳ කිසිම දෙයක් අසා තිබුනේ නැත. දුරකතන අංකයක්, ඉන්නෙ කොහෙද තියා නම වත් අහගන්නට ඔහුට මතක් වුනේ නැත. දැන් මොකද කරන්නේ. දෙදරා යමින් තිබූ ඔහුගේ සිහිනය නැවත ගොඩනගන්නට ඔහු දස අතේ කල්පනා කරන්නට විය. කැම්පස් එකේ හොයන්න තමයි වෙන්නේ. ඒත් ෆෙෂර්ස්ලා කීයක් නම් එයිද. අනික අපේ ෆැක් එකෙත් නෙවෙයි මට කතාවක් අහගන්න තමයි වෙන්නෙ අන්තිමට. ඒ අදහස ඔහුට අකැමැත්තෙන් වුවද අත්හරින්නට විය. හරි. ලබන ඉරිද මේ ට්‍රේන් එකේ මේ වෙලාවටම ගිහින් බලනවා. සරසවි උයන සමීපයේ පිහිටි බෝඩිමට අනුරාධ පියනැගුවේ ඊලඟ ඉරිදා ගැන සිහින මවමිනි. [/SIZE] [I]-මතු සම්බන්ධයි- සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත. චන්දිම[/I] [05-12-2015] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom