Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"සඳ කැන් වැසිලා අඳුරේ එතිලා..."
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සඳ කැන් වැසිලා අඳුරේ එතිලා..."

original ---->http://www.boondi.lk/article.php?ArtID=1338

මේ ගීතයට නිමිති වන්නේ එක්ව වසන යුවළකි. විවාහක යුවළක් යයි කියමු. දිවියේ රස තැන් සුව තැන් කටුක ඉම් පසුකොට එළඹෙන එක්තරා මොහොතක බිරිඳ මෙතෙක් වූ බැඳීම නිමා කොට වෙනත් පෙම්වතෙකු හා නික්ම යාමට සැරසෙයි. මෙහි සුවිශේෂත්වය වන්නේ බිරිඳ නොදන්නේ වුව ද සැමියා ඈ යන්නට සැරසෙන’යුරු ඇයටද නොදැනෙන සේ නිහඬව බලා සිටීමයි. ගීතය සිතුවම් වන්නේ ඒ මොහොතේ දී බිඳෙන ඉපදෙන ඔහුගේ සිතුවිලි රළ අනුවය.

"ජීවිතයම සතු එකම සුවේ

හී සර පහරක වෙළෙනු පෙනේ"

අනන්ත වාරයක් මිනිස් ජීවිත වල සිදුවී ඇති පරිදිම සිය සමස්ත පැවැත්මෙහි ප්‍රමෝදය ඔහු ද කේන්ද්‍රගත කොට ඇත්තේ තමන් පෙම් කළ මේ ගැහැණියට හා සමග බැඳි බැඳීමටය. "ජීවිතයම සතු එකම සුවේ" යනුවෙන් ඔහු පවසන්නේ එයයි. ප්‍රේමයෙහි උන්මාදය ද තමන්ට තමන් අහිමි කර ගැනීම ද ස්වකිය පරම උත්කර්ෂය අනෙකාට පිදීම ද එහි වෙයි. ඇගේ වෙනස ඔහුට දැනෙයි..සංවේදනය වෙයි.. ඒ එක්ව ගෙවී ගිය සුවහසක් නිමේෂයන්ගෙන් ලද දැනුමයි. ඇය වෙළෙන්නේ ක්ෂණික හී සරයකය. එය අනෙකෙකුගේ ඉංගිතයක්, මදහසක්, ඇරයුමක් විය හැකිය. ඔහු පරම සුවය ලෙස සැළකූ ප්‍රේමයේ බන්ධනය හැරදා ඇය එහි බැඳෙයි.

"මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු

අසල්වාසියෙක් සොයනු දැනේ"

ඔහු ඇදහූ පරිදි ඈ ලොව දුටු නෙත් ඔහුගේය. පාරිශුද්ධ පෙම හා සංකලනය වී සතු කර ගැනීමේත් හිමිකම දැරීමේත් පුරුද්ද එහි දී මතුවෙයි. අනෙක් අතට ගැහැණිය ද නික්ම ගොස් ලබන්නට තනන්නේ බන්ධනයන්ගෙන් නිරවුල්වූ සැනසිල්ල හෝ පිරිමියාගේ දෑසින් නොව සිය දෑසින් ලොව දැකීමේ ස්වාධීනත්වය හෝ නොවේ. ඈ යළිත් පිවිසෙන්නේ සියළු ජීවින්ට පොදු වූ පරිදි තෘප්තිය හෝ සැනසිල්ල සොයා යාමේ අනවරත අරගලයටය. කෙනෙකුගෙන් ඉක්බිතිව තවෙකෙක්...ආශයන් පදනම් කොටගත් චෛතසිකයේ ස්වභාවික ස්වභාවය හෙවත් නොනවතින ගමන.

"මා නැත අන් සතු සිත් බිඳලා

දෑතම බැඳගෙන හිඳිමි බලා

මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු

රහස් අහස් තලයට පවරා"

සිතුවිලි කැළඹුණ ද ඔහු ඇගේ මේ තැත දෙස තැන්පත්ව බලා සිටියි. නික්මෙන්නට සැරසෙන ඈ නවතන්නට උත්සාහ නොදරයි. ශිෂ්ට යයි සම්මත සමාජයේ සුපුරුදු වියරු සහගත ප්‍රතිචාර වන යැදීම් හෝ තර්ජන ඔහුලෙන් නික්මෙන්නේ නැත. නොසරුප් බසින් බෙණෙමින් කඩු පිස්තෝල සොයා නොදුවයි. තමන් අන් සතු සිතක් නොබිඳි බැව් ඔහු දනියි. ඔහුගේ එකම ප්‍රතිඋත්තරය දෑත් බැඳ බලා සිටීමයි. බොහෝ විට ඒ පරිචය ඔහුට මුල පටන් නොතිබෙන්නට ඇත. කාලයේ තුවාල දැරීමම ඔහුට ඒ පන්නරය හිමි කළා විය හැකිය. එබඳු චරිත අපට සාහිත්‍යයේ දී මතු නොව සැබෑ ජීවිතයේදී ද ඉඳහිට හමුවෙයි. එක්ව යා නොහැකි තැන වෙන්ව යාමට ඉඩ දෙමැයි සමුනොගෙන නික්ම යන බිරිඳට ඔහු සිතින් පිළිණ දෙයි. සිදුවූ දෙය ලොවට හඬගා කියනු හැකිද? එක් අතෙකින් පවුල සහ සමාජයය. අනෙක් පසින් කාලය විසින් හිමි කොට දුන් සංයමය සහ හික්මීමය. එය අත්දැකීම් විසින් පණ පෙවුණු හැඟීම් විරහිත ගූඨ චිත්තාවක ඉපදෙන ශුන්‍යවාදී සිතුවිලි සමූහයක ප්රතිවර්තනයක් ද?

එය එසේ නොවන බැව් අපට ඇඟවෙන්නේ ඔහු ගණඳුර අමතන අයුරු දකින විටය.

"සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා

ගණඳුරු රෑ - තනිකම නෑ ...

සොයා එන්න ගණඳුර තරු නිවලා

මගේ එළිය අද ඔබ පමණි"

ඔහු තුළ ඇති සෞන්දර්යය මේ ඝණඳුරෙහි ද මිය ගොස් නැත. මේ මොහොතේ ඔහුට එළිය දීමට කිසිදු මිනිස් ප්‍රාණයක් තබා සඳ ද සමත් නොවන බැව් ඔහු දනියි. මෙතෙක් එළිය දුන් සඳ අඳුරෙහි ගිලී ගොසිනි. සියල්ල නිහඬය. අත්හැර දමනු ලැබ ඇත. එහෙත් ඔහු පූර්ණ වශයෙන් වේදනාවෙන් මිදී ඇත්තේ නොවේ. තනිකම නෑ කීවද මිනිස් ස්වභාවය ප්‍රකට කරමින් ඔහු හුදෙකලාවෙන් පෙළෙයි. ඔහු පිළිසරණ ලෙස හඳුනා ගන්නේ අඳුරය. සඳ අහිමි වූ කල තරු වලින් කවර ඵල ද? අතේ දුරින් සිටින ඔහුගේ ප්‍රේමයේ සජීවී සංකේතයට වඩා ඒ ගණඳුර ඔහුට ළඟය. අඳුරෙහි සැඟවීම තුළ ඔහු සිය වේදනාව ද සිතුවිලි ද සඟවයි.

මානව සබඳතාවක් තුළ මිනිසෙකු අත්විඳින අසීරුම වේදනාවක් මෙන්ම ඒ අත්දැකීම තුළ මිනිසෙකුට ස්පර්ශ කළ හැකි මිනිසත් බවෙහි ඉහළම ඉසව්වක් වෙත ද මේ ගීත රචකයා අප ගෙන යන්නේ මෙබඳු අත්දැකීම්හි ලා නිරන්තරයෙන් දැක පුරුදු වෛරී තිරශ්චීන ඊර්ෂ්යාපරවශ ගති ස්වභාවයන්ට අභියෝග කරමිනි. මෙහි කතා නායකයා සියළු බැඳීම් වලින් මිදුණු තවුසෙකු සාංදෘෂ්ටිකවාදියෙකු හෝ ශුන්‍යවාදියෙකු නොවේ. ඔහුගේ සංකීර්ණ සිතුවිලි ඉතා සියුම්ව ප්‍රවේශමෙන් තෝරා ගත් වචන කිහිපයකින් අපට දැනවීමට ප්‍රේම් සමත් වන අයුරු අපූරුය. ඔහු සංයමයෙහි පිහිටයි. එසේම වේදනාව ද සංවේදනය කරයි. මෙය මිනිසෙකුගේ අත් කර ගැනීමක් මෙන්ම අත් හැරීමට අසීරු සංතාපය ද මනාව චිත්රණය කරන රචනයක් වන්නේ එබැවිනි.

ඉස්සු ෙව් ෙමතිනින් http://www.boondi.lk/article.php?ArtID=1338

[QUOTE="asknrk, post: 17306623, member: 18756"] [b]"සඳ කැන් වැසිලා අඳුරේ එතිලා..."[/b] original ---->[url]http://www.boondi.lk/article.php?ArtID=1338[/url] මේ ගීතයට නිමිති වන්නේ එක්ව වසන යුවළකි. විවාහක යුවළක් යයි කියමු. දිවියේ රස තැන් සුව තැන් කටුක ඉම් පසුකොට එළඹෙන එක්තරා මොහොතක බිරිඳ මෙතෙක් වූ බැඳීම නිමා කොට වෙනත් පෙම්වතෙකු හා නික්ම යාමට සැරසෙයි. මෙහි සුවිශේෂත්වය වන්නේ බිරිඳ නොදන්නේ වුව ද සැමියා ඈ යන්නට සැරසෙන’යුරු ඇයටද නොදැනෙන සේ නිහඬව බලා සිටීමයි. ගීතය සිතුවම් වන්නේ ඒ මොහොතේ දී බිඳෙන ඉපදෙන ඔහුගේ සිතුවිලි රළ අනුවය. "ජීවිතයම සතු එකම සුවේ හී සර පහරක වෙළෙනු පෙනේ" අනන්ත වාරයක් මිනිස් ජීවිත වල සිදුවී ඇති පරිදිම සිය සමස්ත පැවැත්මෙහි ප්‍රමෝදය ඔහු ද කේන්ද්‍රගත කොට ඇත්තේ තමන් පෙම් කළ මේ ගැහැණියට හා සමග බැඳි බැඳීමටය. "ජීවිතයම සතු එකම සුවේ" යනුවෙන් ඔහු පවසන්නේ එයයි. ප්‍රේමයෙහි උන්මාදය ද තමන්ට තමන් අහිමි කර ගැනීම ද ස්වකිය පරම උත්කර්ෂය අනෙකාට පිදීම ද එහි වෙයි. ඇගේ වෙනස ඔහුට දැනෙයි..සංවේදනය වෙයි.. ඒ එක්ව ගෙවී ගිය සුවහසක් නිමේෂයන්ගෙන් ලද දැනුමයි. ඇය වෙළෙන්නේ ක්ෂණික හී සරයකය. එය අනෙකෙකුගේ ඉංගිතයක්, මදහසක්, ඇරයුමක් විය හැකිය. ඔහු පරම සුවය ලෙස සැළකූ ප්‍රේමයේ බන්ධනය හැරදා ඇය එහි බැඳෙයි. "මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙක් සොයනු දැනේ" ඔහු ඇදහූ පරිදි ඈ ලොව දුටු නෙත් ඔහුගේය. පාරිශුද්ධ පෙම හා සංකලනය වී සතු කර ගැනීමේත් හිමිකම දැරීමේත් පුරුද්ද එහි දී මතුවෙයි. අනෙක් අතට ගැහැණිය ද නික්ම ගොස් ලබන්නට තනන්නේ බන්ධනයන්ගෙන් නිරවුල්වූ සැනසිල්ල හෝ පිරිමියාගේ දෑසින් නොව සිය දෑසින් ලොව දැකීමේ ස්වාධීනත්වය හෝ නොවේ. ඈ යළිත් පිවිසෙන්නේ සියළු ජීවින්ට පොදු වූ පරිදි තෘප්තිය හෝ සැනසිල්ල සොයා යාමේ අනවරත අරගලයටය. කෙනෙකුගෙන් ඉක්බිතිව තවෙකෙක්...ආශයන් පදනම් කොටගත් චෛතසිකයේ ස්වභාවික ස්වභාවය හෙවත් නොනවතින ගමන. "මා නැත අන් සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා" සිතුවිලි කැළඹුණ ද ඔහු ඇගේ මේ තැත දෙස තැන්පත්ව බලා සිටියි. නික්මෙන්නට සැරසෙන ඈ නවතන්නට උත්සාහ නොදරයි. ශිෂ්ට යයි සම්මත සමාජයේ සුපුරුදු වියරු සහගත ප්‍රතිචාර වන යැදීම් හෝ තර්ජන ඔහුලෙන් නික්මෙන්නේ නැත. නොසරුප් බසින් බෙණෙමින් කඩු පිස්තෝල සොයා නොදුවයි. තමන් අන් සතු සිතක් නොබිඳි බැව් ඔහු දනියි. ඔහුගේ එකම ප්‍රතිඋත්තරය දෑත් බැඳ බලා සිටීමයි. බොහෝ විට ඒ පරිචය ඔහුට මුල පටන් නොතිබෙන්නට ඇත. කාලයේ තුවාල දැරීමම ඔහුට ඒ පන්නරය හිමි කළා විය හැකිය. එබඳු චරිත අපට සාහිත්‍යයේ දී මතු නොව සැබෑ ජීවිතයේදී ද ඉඳහිට හමුවෙයි. එක්ව යා නොහැකි තැන වෙන්ව යාමට ඉඩ දෙමැයි සමුනොගෙන නික්ම යන බිරිඳට ඔහු සිතින් පිළිණ දෙයි. සිදුවූ දෙය ලොවට හඬගා කියනු හැකිද? එක් අතෙකින් පවුල සහ සමාජයය. අනෙක් පසින් කාලය විසින් හිමි කොට දුන් සංයමය සහ හික්මීමය. එය අත්දැකීම් විසින් පණ පෙවුණු හැඟීම් විරහිත ගූඨ චිත්තාවක ඉපදෙන ශුන්‍යවාදී සිතුවිලි සමූහයක ප්රතිවර්තනයක් ද? එය එසේ නොවන බැව් අපට ඇඟවෙන්නේ ඔහු ගණඳුර අමතන අයුරු දකින විටය. "සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා ගණඳුරු රෑ - තනිකම නෑ ... සොයා එන්න ගණඳුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණි" ඔහු තුළ ඇති සෞන්දර්යය මේ ඝණඳුරෙහි ද මිය ගොස් නැත. මේ මොහොතේ ඔහුට එළිය දීමට කිසිදු මිනිස් ප්‍රාණයක් තබා සඳ ද සමත් නොවන බැව් ඔහු දනියි. මෙතෙක් එළිය දුන් සඳ අඳුරෙහි ගිලී ගොසිනි. සියල්ල නිහඬය. අත්හැර දමනු ලැබ ඇත. එහෙත් ඔහු පූර්ණ වශයෙන් වේදනාවෙන් මිදී ඇත්තේ නොවේ. තනිකම නෑ කීවද මිනිස් ස්වභාවය ප්‍රකට කරමින් ඔහු හුදෙකලාවෙන් පෙළෙයි. ඔහු පිළිසරණ ලෙස හඳුනා ගන්නේ අඳුරය. සඳ අහිමි වූ කල තරු වලින් කවර ඵල ද? අතේ දුරින් සිටින ඔහුගේ ප්‍රේමයේ සජීවී සංකේතයට වඩා ඒ ගණඳුර ඔහුට ළඟය. අඳුරෙහි සැඟවීම තුළ ඔහු සිය වේදනාව ද සිතුවිලි ද සඟවයි. මානව සබඳතාවක් තුළ මිනිසෙකු අත්විඳින අසීරුම වේදනාවක් මෙන්ම ඒ අත්දැකීම තුළ මිනිසෙකුට ස්පර්ශ කළ හැකි මිනිසත් බවෙහි ඉහළම ඉසව්වක් වෙත ද මේ ගීත රචකයා අප ගෙන යන්නේ මෙබඳු අත්දැකීම්හි ලා නිරන්තරයෙන් දැක පුරුදු වෛරී තිරශ්චීන ඊර්ෂ්යාපරවශ ගති ස්වභාවයන්ට අභියෝග කරමිනි. මෙහි කතා නායකයා සියළු බැඳීම් වලින් මිදුණු තවුසෙකු සාංදෘෂ්ටිකවාදියෙකු හෝ ශුන්‍යවාදියෙකු නොවේ. ඔහුගේ සංකීර්ණ සිතුවිලි ඉතා සියුම්ව ප්‍රවේශමෙන් තෝරා ගත් වචන කිහිපයකින් අපට දැනවීමට ප්‍රේම් සමත් වන අයුරු අපූරුය. ඔහු සංයමයෙහි පිහිටයි. එසේම වේදනාව ද සංවේදනය කරයි. මෙය මිනිසෙකුගේ අත් කර ගැනීමක් මෙන්ම අත් හැරීමට අසීරු සංතාපය ද මනාව චිත්රණය කරන රචනයක් වන්නේ එබැවිනි. ඉස්සු ෙව් ෙමතිනින් [url]http://www.boondi.lk/article.php?ArtID=1338[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom