Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳ ගමන-‘‘මිනිස් වර්ගයා ලද යෝධ පිම්ම” අපේ ජීවි&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳ ගමන-‘‘මිනිස් වර්ගයා ලද යෝධ පිම්ම” අපේ ජීවි&

සඳ ගමන-‘‘මිනිස් වර්ගයා ලද යෝධ පිම්ම” අපේ ජීවිතයට බලපෑ හැටි

‘‘මෙය මිනිසකුට කුඩා පියවරක්, නමුත් මිනිස් වර්ගයාට යෝධ පිම්මක්.”පළමු වරට සඳ මත පා තැබීම අතරතුර නීල් ආම්ස්ට්‍රෝන්ගේ මුවින් පිටවූ එම වචන 1969 වසරේ ජුලි 20 වෙනි දින, එනම් අදින් පනස් වසරකට පෙර විද්‍යාව සහ තාක්ෂණය ලබා ගත් විජයග්රහණයක් පිළිබඳ සඳහනකි.

එසේම එය අප දෛනික ජීවිතය කෙරෙහි බලපෑ ඉතා වැදගත් සංධිස්ථානයකි. වර්තමාන වටිනාකමට අනුව ඇමරිකානු ඩොලර් කෝටි 20,000 ක් වැය කර ඇතැයි ඇස්තමේන්තු කෙරෙන ‘ඇපලෝ‘ වැඩසටහන කිසි දින අප නොදැන සිටි ඇතැම් ක්ෂේත්රවල අනපේක්ෂිත වර්ධනයකට ද හේතු කාරක විය.

රැහැන් රහිත විද්‍යුත් උපාංග ‘ඇපලෝ’ අභ්‍යවකාශ ගමන්වලට පෙර බිහි වී තිබුණි. නමුත් එකී උපාංග අද පවතින ආකාරයෙන් වඩාත් උසස් තත්ත්වයට ගෙන ඒම සඳහා ඇපලෝ වැඩසටහන විශාල වශයෙන් දායක විය.

උදාහරණයක් වශයෙන් 1961 වසරේදී ඇමරිකානු උපාංග නිෂ්පාදන සමාගමක් වන ‘බ්ලැක් ඇන්ඞ් ඩෙකර්’ රැහැන් රහිත විද්‍යුත් බුරුමයක් (Drill) වෙළෙඳපොළට නිකුත් කළේය.

සඳ වෙත ගිය චන්ද්‍රිකාව මගින් මූලික නියැදි ලබා ගැනීම සඳහා එම සමාගම නාසා ආයතනය වෙත විශේෂ බුරුමයක් සපයා තිබිණි.

එම උපකරණය සහ බැටරි දියුණු කිරීමේදී අත්පත් කර ගත් දැනුම මගින් 1979 වසරේදී ලොව පළමු රැහැන් රහිත වාණිජ මට්ටමේ වැකියුම් ක්ලීනරය (Vacuum cleaner) ඇතුළු අලූත් උපාංග පෙළක් ඉදිරිපත් කිරීමට ‘බ්ලැක් ඇන්ඞ් ඩෙකර්’

සමාගමට හැකි විය.

තිස් වසරක් ඇතුළත ‘ඩස්ට්බස්ටර්’ වැකියුම් ක්ලීනර් මිලියන 150 කට වැඩි ප්‍රමාණයක් අලෙවි වී ඇත.

යථාතථය, නැතිනම් සම්පූර්ණයෙන්ම නිවැරදි බව සාර්ථක ලෙස සඳ මත පා තැබීමෙහි ලා අතිශය වැදගත් සාධකයක් විය. අභ්‍යවකාශගාමීන්ගේ ජීවිතය සහ මරණය අතර වෙනසක් ඇති කිරීමට තත්පරයකින් කොටසකට හැකියාව ඇත.

එබැවින් මෙහෙයුම පාලනය සඳහා නාසා ආයතනයට වඩාත් නිවැරදි ඔරලෝසු අවශ්‍ය වීම පුදුමයක් නොවේ.

අදාළ උපාංග සඳහා වසරකට මිනිත්තුවක නිවැරදිතාවක් ලබා දුන් වඩාත් උසස් ආකාරයේ ක්වොට්ස් (uartz) ඔරලෝසු ඊට විසඳුම විය.

sada2නමුත් එහි ඇති උත්ප්රාසය නම් ‘ඇපලෝ 11’ මෙහෙයුමේදී ආම්ස්ට්‍රෝන් සහ ඔහුගේ සගයා වූ බස් ඇඩි්රන් ‘‘පැරණි තාලයේ” යාන්ත්‍රික අත්ඔරලෝසු (mechanical wristwatches) පැළඳ සිටීමය.

‘ඇපලෝ’ යානය තුළ ජල පවිත්‍රකරණය සඳහා යොදා ගත් තාක්ෂණය අද වනවිට ජල මූලාශ්රවල බැක්ටීරියා, වෛරස් සහ ඇල්ගී මර්දනය සඳහා ආකාර කිහිපයකින් යොදා ගැනේ. ක්ලෝරීන් රහිත තාක්ෂණය භාවිත කිරීමේ නිර්මාතෘ ‘ඇපලෝ’ වැඩසටහනය. එම තාක්ෂණය ලොව පුරා නාන තටාක සහ වතුර මල් පාලනය සඳහා තවමත් විශාල වශයෙන් යොදා ගැනේ.

වර්තමාන අභ්‍යවකාශගාමීන් ඇඟලන ඇඳුම තවමත් පදනම් වී ඇත්තේ සඳ මත ඇවිද යෑම සඳහා ‘ඇපලෝ’ අභ්‍යවකාශ

ගාමීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 1965 වසරේදී සැලසුම් කරන ලද මොඩලයයි. එසේම එම තාක්ෂණය පාවහන් නිමයුම දිරිමත් කිරීමෙහි ලා බලපා ඇත. වඩාත් නම්‍යශීලී, පයට පහසු, ගැස්සීම් දරා ගන්නා ක්‍රීඩකයන් පළඳින ආකාරයේ සපත්තු පසුගිය දශක කිහිපය තුළ වෙළෙඳපොළට නිකුත් වී තිබේ.

පුහුණුවීම් අතරතුර හටගත් ගින්නක් හේතුවෙන් ඇපලෝ 1’ යානය විනාශ වී එහි සිටි අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු මරණයට පත් විය. ඒ සමග ඇමරිකානු අභ්‍යවකාශ වැඩසටහන අත්හිටුවනු ලැබිණි.

ඒ සමග ගින්නට ඔරොත්තු දිය හැකි රෙදි වර්ගයක් අලූතින් අත්හදා බැලීමට නාසා ආයතනය කටයුතු කළේය. එසේ වැඩිදියුණු කරන ලද ගින්නට ඔරොත්තු දෙන රෙදි මේ වන විට පෘථිවිය තුළ විශාල වශයෙන් භාවිත වේ.

අභ්‍යාවකාශ යානා ගුවන් ගත වන අවස්ථාවේ අභ්‍යාවකාශ ගාමීන් ප්‍රාණවත්ව තබා ගැනීම සඳහා භාවිත කරන ලද සිසිල් කිරීමේ පද්ධතිය (cooling system) වර්තමානයේ සරල දෘඪ වීමේ රෝගාබාධ වැළඳුනු පුද්ගලයන් මෙන්ම අශ්වයන් සඳහා ද යොදා ගැනේ.

අනතුරුදායක ආකාරයේ අසාමාන්‍ය හෘද ස්පන්දන රටා සහිත පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා උපාංග පළමුව නිර්මාණය කෙරුණේ, නාසා ආයතනය ක්ෂුද්‍ර විද්‍යුත් පරිපථ තාක්ෂණය සම්බන්ධයෙන් කළ වැඩිදියුණු කිරීම් හේතුවෙන්ය.

හෘද ස්පන්දන රටාව නිරීක්ෂණය කිරීම සඳහා ක්ෂුද්‍ර විද්‍යුත් පරිපථ රෝගියාගේ සමට යටින් තැන්පත් කරනු ලැබිණි.

අසාමාන්‍ය තත්ත්වයන් ඉලෙක්ට්‍රෝනික ආවේගයක් මගින් නිවැරදි කෙරුණි.

ඒ ආකාරයේ පළමු ක්ෂුද්‍ර විද්‍යුත් පරිපථ අසූව දශකයේදී භාවිතයට ගැනිණි.

සඳ වෙත ළඟා වීමේ ගවේෂණයේදී, ඉඩකඩ ඉතිරි කර

ගැනීම සහ අභ්‍යාවකාශ යානා හැකිතාක් සැහැල්ලූ මට්ටමක තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ නාසා ආයතනයේ අවධානය යොමු විය.

ඒ සමග ‘ඇපලෝ’ වැඩසටහන් සඳහා ආහාර කල්තබා

ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භ විය.

මීට පෙර දියත් කළ ‘මර්කරි’ සහ ’ජෙමිනි’ අභ්‍යාවකාශ

ගමන් සඳහා ගත වූ කාලය කෙටි වුවත් සඳ ගවේෂණ සඳහා අභ්යාවකශය තුළ දින 13 දක්වා කාලයක් ගත වනු ඇත.

අඩු උෂ්ණත්වයක් යටතේ පිස එහි වූ ජලය ඉවත් කර ආහාර වියළි තත්ත්වයෙන් අධි ශීත කර පසුව උණු ජලය මඳක් මිශ්‍ර කර අනුභව කළ හැකි ක්‍රමවේදයක් විසඳුම වශයෙන් ඉදිරිපත් විය.

නීල් ආම්ස්ට්‍රෝන්ට කදිමට ගැළපුණු එම ආහාර අද වනවිට කඳු නගින්නන් සහ කඳවුරු බඳින්නන් ඇතුළු පරම්පරා

ගණනාවක තේරීම බවට පත්ව ඇත.

‘ඇපලෝ‘ මෙහෙයුම් අතරතුර හිරු රශ්මියෙන් ආරක්ෂා වීම සඳහා නාසා ආයතනය විසින් යොදා ගන්නා ලද දිලිසෙන ආරක්ෂක පොරෝනය කරලියට ආවේ ‘ස්පේස් බ්ලැන්කට්’ යන සුරතල් නමිනි.

ප්ලාස්ටික්, ඇලූමිනියම් යොදා නිෂ්පාදිත ‘ස්පේස් බ්ලැන්කට්’ අද වනවිට භාවිත කරන්නේ අභ්යාවකාශගමීන්ම පමණක් නොවේ. බේරා ගැනීමේ සහ මානුෂීය මෙහෙයුම්වලදී යොදා ගන්නා හදිසි උණුසුම් පොරෝන නිෂ්පාදනය සඳහා නාසා තාක්ෂණය භාවිත කෙරිණි.

එමෙන්ම මැරතන් ධාවන තරග සඳහා සහභාගි වන ක්‍රීඩකයන්ගේ ශරීර උෂ්ණත්වය එක වර පහත වැටීම වළක්වා ගැනීම සඳහා ද එම පොරෝන භාවිත කෙරේ. රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා රෝහල් විසින් මේ තාක්ෂණය නිතර භාවිත කරනු ලබයි.

[QUOTE="rolecoaster, post: 24652373, member: 57087"] [b]සඳ ගමන-‘‘මිනිස් වර්ගයා ලද යෝධ පිම්ම” අපේ ජීවි&[/b] [SIZE="4"]සඳ ගමන-‘‘මිනිස් වර්ගයා ලද යෝධ පිම්ම” අපේ ජීවිතයට බලපෑ හැටි ‘‘මෙය මිනිසකුට කුඩා පියවරක්, නමුත් මිනිස් වර්ගයාට යෝධ පිම්මක්.”පළමු වරට සඳ මත පා තැබීම අතරතුර නීල් ආම්ස්ට්‍රෝන්ගේ මුවින් පිටවූ එම වචන 1969 වසරේ ජුලි 20 වෙනි දින, එනම් අදින් පනස් වසරකට පෙර විද්‍යාව සහ තාක්ෂණය ලබා ගත් විජයග්රහණයක් පිළිබඳ සඳහනකි. එසේම එය අප දෛනික ජීවිතය කෙරෙහි බලපෑ ඉතා වැදගත් සංධිස්ථානයකි. වර්තමාන වටිනාකමට අනුව ඇමරිකානු ඩොලර් කෝටි 20,000 ක් වැය කර ඇතැයි ඇස්තමේන්තු කෙරෙන ‘ඇපලෝ‘ වැඩසටහන කිසි දින අප නොදැන සිටි ඇතැම් ක්ෂේත්රවල අනපේක්ෂිත වර්ධනයකට ද හේතු කාරක විය. රැහැන් රහිත විද්‍යුත් උපාංග ‘ඇපලෝ’ අභ්‍යවකාශ ගමන්වලට පෙර බිහි වී තිබුණි. නමුත් එකී උපාංග අද පවතින ආකාරයෙන් වඩාත් උසස් තත්ත්වයට ගෙන ඒම සඳහා ඇපලෝ වැඩසටහන විශාල වශයෙන් දායක විය. උදාහරණයක් වශයෙන් 1961 වසරේදී ඇමරිකානු උපාංග නිෂ්පාදන සමාගමක් වන ‘බ්ලැක් ඇන්ඞ් ඩෙකර්’ රැහැන් රහිත විද්‍යුත් බුරුමයක් (Drill) වෙළෙඳපොළට නිකුත් කළේය. සඳ වෙත ගිය චන්ද්‍රිකාව මගින් මූලික නියැදි ලබා ගැනීම සඳහා එම සමාගම නාසා ආයතනය වෙත විශේෂ බුරුමයක් සපයා තිබිණි. එම උපකරණය සහ බැටරි දියුණු කිරීමේදී අත්පත් කර ගත් දැනුම මගින් 1979 වසරේදී ලොව පළමු රැහැන් රහිත වාණිජ මට්ටමේ වැකියුම් ක්ලීනරය (Vacuum cleaner) ඇතුළු අලූත් උපාංග පෙළක් ඉදිරිපත් කිරීමට ‘බ්ලැක් ඇන්ඞ් ඩෙකර්’ සමාගමට හැකි විය. තිස් වසරක් ඇතුළත ‘ඩස්ට්බස්ටර්’ වැකියුම් ක්ලීනර් මිලියන 150 කට වැඩි ප්‍රමාණයක් අලෙවි වී ඇත. යථාතථය, නැතිනම් සම්පූර්ණයෙන්ම නිවැරදි බව සාර්ථක ලෙස සඳ මත පා තැබීමෙහි ලා අතිශය වැදගත් සාධකයක් විය. අභ්‍යවකාශගාමීන්ගේ ජීවිතය සහ මරණය අතර වෙනසක් ඇති කිරීමට තත්පරයකින් කොටසකට හැකියාව ඇත. එබැවින් මෙහෙයුම පාලනය සඳහා නාසා ආයතනයට වඩාත් නිවැරදි ඔරලෝසු අවශ්‍ය වීම පුදුමයක් නොවේ. අදාළ උපාංග සඳහා වසරකට මිනිත්තුවක නිවැරදිතාවක් ලබා දුන් වඩාත් උසස් ආකාරයේ ක්වොට්ස් (uartz) ඔරලෝසු ඊට විසඳුම විය. sada2නමුත් එහි ඇති උත්ප්රාසය නම් ‘ඇපලෝ 11’ මෙහෙයුමේදී ආම්ස්ට්‍රෝන් සහ ඔහුගේ සගයා වූ බස් ඇඩි්රන් ‘‘පැරණි තාලයේ” යාන්ත්‍රික අත්ඔරලෝසු (mechanical wristwatches) පැළඳ සිටීමය. ‘ඇපලෝ’ යානය තුළ ජල පවිත්‍රකරණය සඳහා යොදා ගත් තාක්ෂණය අද වනවිට ජල මූලාශ්රවල බැක්ටීරියා, වෛරස් සහ ඇල්ගී මර්දනය සඳහා ආකාර කිහිපයකින් යොදා ගැනේ. ක්ලෝරීන් රහිත තාක්ෂණය භාවිත කිරීමේ නිර්මාතෘ ‘ඇපලෝ’ වැඩසටහනය. එම තාක්ෂණය ලොව පුරා නාන තටාක සහ වතුර මල් පාලනය සඳහා තවමත් විශාල වශයෙන් යොදා ගැනේ. වර්තමාන අභ්‍යවකාශගාමීන් ඇඟලන ඇඳුම තවමත් පදනම් වී ඇත්තේ සඳ මත ඇවිද යෑම සඳහා ‘ඇපලෝ’ අභ්‍යවකාශ ගාමීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 1965 වසරේදී සැලසුම් කරන ලද මොඩලයයි. එසේම එම තාක්ෂණය පාවහන් නිමයුම දිරිමත් කිරීමෙහි ලා බලපා ඇත. වඩාත් නම්‍යශීලී, පයට පහසු, ගැස්සීම් දරා ගන්නා ක්‍රීඩකයන් පළඳින ආකාරයේ සපත්තු පසුගිය දශක කිහිපය තුළ වෙළෙඳපොළට නිකුත් වී තිබේ. පුහුණුවීම් අතරතුර හටගත් ගින්නක් හේතුවෙන් ඇපලෝ 1’ යානය විනාශ වී එහි සිටි අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු මරණයට පත් විය. ඒ සමග ඇමරිකානු අභ්‍යවකාශ වැඩසටහන අත්හිටුවනු ලැබිණි. ඒ සමග ගින්නට ඔරොත්තු දිය හැකි රෙදි වර්ගයක් අලූතින් අත්හදා බැලීමට නාසා ආයතනය කටයුතු කළේය. එසේ වැඩිදියුණු කරන ලද ගින්නට ඔරොත්තු දෙන රෙදි මේ වන විට පෘථිවිය තුළ විශාල වශයෙන් භාවිත වේ. අභ්‍යාවකාශ යානා ගුවන් ගත වන අවස්ථාවේ අභ්‍යාවකාශ ගාමීන් ප්‍රාණවත්ව තබා ගැනීම සඳහා භාවිත කරන ලද සිසිල් කිරීමේ පද්ධතිය (cooling system) වර්තමානයේ සරල දෘඪ වීමේ රෝගාබාධ වැළඳුනු පුද්ගලයන් මෙන්ම අශ්වයන් සඳහා ද යොදා ගැනේ. අනතුරුදායක ආකාරයේ අසාමාන්‍ය හෘද ස්පන්දන රටා සහිත පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා උපාංග පළමුව නිර්මාණය කෙරුණේ, නාසා ආයතනය ක්ෂුද්‍ර විද්‍යුත් පරිපථ තාක්ෂණය සම්බන්ධයෙන් කළ වැඩිදියුණු කිරීම් හේතුවෙන්ය. හෘද ස්පන්දන රටාව නිරීක්ෂණය කිරීම සඳහා ක්ෂුද්‍ර විද්‍යුත් පරිපථ රෝගියාගේ සමට යටින් තැන්පත් කරනු ලැබිණි. අසාමාන්‍ය තත්ත්වයන් ඉලෙක්ට්‍රෝනික ආවේගයක් මගින් නිවැරදි කෙරුණි. ඒ ආකාරයේ පළමු ක්ෂුද්‍ර විද්‍යුත් පරිපථ අසූව දශකයේදී භාවිතයට ගැනිණි. සඳ වෙත ළඟා වීමේ ගවේෂණයේදී, ඉඩකඩ ඉතිරි කර ගැනීම සහ අභ්‍යාවකාශ යානා හැකිතාක් සැහැල්ලූ මට්ටමක තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ නාසා ආයතනයේ අවධානය යොමු විය. ඒ සමග ‘ඇපලෝ’ වැඩසටහන් සඳහා ආහාර කල්තබා ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භ විය. මීට පෙර දියත් කළ ‘මර්කරි’ සහ ’ජෙමිනි’ අභ්‍යාවකාශ ගමන් සඳහා ගත වූ කාලය කෙටි වුවත් සඳ ගවේෂණ සඳහා අභ්යාවකශය තුළ දින 13 දක්වා කාලයක් ගත වනු ඇත. අඩු උෂ්ණත්වයක් යටතේ පිස එහි වූ ජලය ඉවත් කර ආහාර වියළි තත්ත්වයෙන් අධි ශීත කර පසුව උණු ජලය මඳක් මිශ්‍ර කර අනුභව කළ හැකි ක්‍රමවේදයක් විසඳුම වශයෙන් ඉදිරිපත් විය. නීල් ආම්ස්ට්‍රෝන්ට කදිමට ගැළපුණු එම ආහාර අද වනවිට කඳු නගින්නන් සහ කඳවුරු බඳින්නන් ඇතුළු පරම්පරා ගණනාවක තේරීම බවට පත්ව ඇත. ‘ඇපලෝ‘ මෙහෙයුම් අතරතුර හිරු රශ්මියෙන් ආරක්ෂා වීම සඳහා නාසා ආයතනය විසින් යොදා ගන්නා ලද දිලිසෙන ආරක්ෂක පොරෝනය කරලියට ආවේ ‘ස්පේස් බ්ලැන්කට්’ යන සුරතල් නමිනි. ප්ලාස්ටික්, ඇලූමිනියම් යොදා නිෂ්පාදිත ‘ස්පේස් බ්ලැන්කට්’ අද වනවිට භාවිත කරන්නේ අභ්යාවකාශගමීන්ම පමණක් නොවේ. බේරා ගැනීමේ සහ මානුෂීය මෙහෙයුම්වලදී යොදා ගන්නා හදිසි උණුසුම් පොරෝන නිෂ්පාදනය සඳහා නාසා තාක්ෂණය භාවිත කෙරිණි. එමෙන්ම මැරතන් ධාවන තරග සඳහා සහභාගි වන ක්‍රීඩකයන්ගේ ශරීර උෂ්ණත්වය එක වර පහත වැටීම වළක්වා ගැනීම සඳහා ද එම පොරෝන භාවිත කෙරේ. රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා රෝහල් විසින් මේ තාක්ෂණය නිතර භාවිත කරනු ලබයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom