Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සපා කෙළ ගිලින බුලත් විටක් “ඔසුවිට”
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සපා කෙළ ගිලින බුලත් විටක් “ඔසුවිට”

“සිරි සාර බුලත් විට කාලා බලන්

පොඩි නංගී වරෙන්... පොඩි මල්ලි වරෙන්...”

සාරවිට පුරවා ගත් පැසක් රැගෙන පොඩි නංගිලා මල්ලිලාට පමණක් නොව සාරවිට කන්නට ආස කරන සියල්ලන්ට සාරවිට ගන්න යැයි බොහෝ සෙනෙහසින් ආරාධනා කරමින් එන සාරයියා වෙනුවට තරුණ වියේ සාරයියාලා තුන් දෙනෙක් එක්ව නව නිපැයුමක් ගෙන පැමිණ ඇත.

තරුණ නීතිඥයෙකු වන චමින්ද රූපසේනත්, භෞතික විද්‍යා ගුරුවරයෙකු වන චානක රණසිංහත්, ඉංජිනේරුවරයෙකු වන ඉන්දික සිල්වෙස්ටරුත් එක්ව සාරවිටටත් වඩා රස විටක් නිෂ්පාදනය කර තිබෙන අතර ඔවුන් එය “ඔසුවිට” ලෙසින් නම් කර තිබේ.

‘බුලත් විට කාලා රෝගී වෙමු ද? නොඑසේ නම් ඔසුවිට කාලා නිරෝගී වෙමු ද?’ යන්න ඔවුන් මෙහිදී විමසා සිටින කාරණයකි.

මෙම නිෂ්පාදනය හඳුන්වා දෙමින් ඔවුන් පවසන්නේ මේ බුලත්විට, බාබුල් සහ චුවින්ගම් සඳහා ආයුර්වේද ආදේශකයක් බවය. එසේම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ 02/01/10/375 යටතේ ලියාපදිංචි කර තිබෙන බවත් පවසන්නේ එම නිෂ්පාදනය වැඩිදුරටත් හඳුන්වා දෙමින් නීතිඥ චමින්ද රූපසිංහ ය.

“අපි තුන්දෙනා දීර්ඝකාලීන යාළුවෝ. ගෙවල් තියෙන්නේ කුරුණෑගල, අලව්වේ විවිධ රැකියා කළාට අපි එක ගමේ යාළුවෝ. බුලත් විට කද්දි පරිසරයට වෙන හානි වගේම ඒ බුලත්විට කන පුද්ගලයාට ඇතිවෙන හානි අපි දැක්කා. පරිසරයට බුලත් කෙළ ගැසීම, පරිසරය අපවිත්‍ර කිරීම වගේම ශරීරයට වෙන හානි ගත් විට මුඛයේ දත්වලට වගේම පිළිකා රෝගය දක්වා ඇතිවෙන හානිය අපි දැක්කා. ආසියාවේ මිනිස්සු විදිහට අපේ පුරුද්දක් තියෙනවා මොනවා හෝ දෙයක් හපන්න. බත් කෑවට පස්සේ මොනවා හෝ හපන්න. තේ බිව්වට පස්සේ මොනවා හෝ හපන්න. ඔය පැත්තට විකල්පයක් හෙව්වා. රජකාලේ කොහොමද මිනිස්සු ඒ ගැන කළේ කියලා හෙව්වා. ඒ ගැන ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන පොත් පත් බැලුවා. දැනුම එකතු කරගෙන ඒ දැනුම අරගෙන අපි නිර්මාණයක් කළා.” ඔහු පවසයි.

ඒ අනුව මෙම ඔසුවිට ඔවුන් නිෂ්පාදනය කිරීම ආරම්භ කළ බව ද සඳහන් කර සිටි ඔහු එහි අන්තර්ගතව ඇති දේ ගැන ද පැහැදිලි කිරීමක් කළා.

අරළු, බුළු, නෙල්ලි, සාදික්කා, වසාවාසි, එනසල්, කරදමුංගු, මූණමල්පොතු, අරත්ත, වැල්මී, මයිල පොතු, කුරුඳු පොතු වැනි දේශීය බෙහෙත් සහ මී පැණි කළවම් කර මෙම ඔසුවිට නිෂ්පාදනය කර ඇත.

යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු තුළින් නිරෝගීමත් පරපුරක් ඇතිවෙන බවත් කොලෙස්ට්‍රෝල්, අධික රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම සහ අර්ශස් වැනි රෝග පාලනය සඳහා ප්රත්යක්ෂ ඖෂධයක් බව ද පවසන්නේ චමින්ද මහතාය. ඔහු සඳහන් කරන අන්දමට මෙය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව මගින් වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිත කළ හැකි ඖෂධයක් ලෙස නිර්දේශ කර තිබෙන බව ද පවසයි.

“අපි මේක සැලසුම් කළාට මේකේ අවුට්පුට් එක එළියට එද්දි මීට වඩා ගොඩක් හොඳ තත්ත්වයකට අපිට යන්න පුළුවන් වුණා. දුම්පානය කරන අයෙකුට එම ඇබ්බැහිවීමෙන් මිදෙන්න මේ ඔසුවිට තුළින් පුළුවන්.”

මෙම ඔසුවිට නිෂ්පාදනය කිරීම ගැන අදහස හිතට ආවේ කෙසේ ද යන්න ගැන වැඩිදුරටත් පැහැදිලි කරමින් චමින්ද මහතා.

“අපේ යාළුකමට අවුරුදු 27ක් වෙනවා. ඒ යාළුකම තාමත් තියෙනවා. මේක අපේම නිර්මාණයක්. අපි අමුද්‍රව්‍යවල තියෙන ගුණ අගුණ අන්තර්ජාලයෙන් බැලුවා. මුලින්ම හැදුවේ අපිට කන්න පුළුවන් තරම් ඉතාම ටිකයි. අපිට මෙය තව ටිකක් ඉදිරියට ගෙනියන්න ඕනෑ වුණා. ලංකාවේ කාර්මික හා තාක්ෂණ ආයතනය වෙත අපේ නිෂ්පාදනය යොමු කරලා බැලුවා. මෙහි තත්ත්වය සහ ගුණාගුණ බව ගැන. මෙය හොඳ තත්ත්වයක තිබෙන බව දැක්කා. මේ සහතික 2017 දෙසැම්බර් මාසෙදි තමයි ලැබුණේ. කාර්මික තාක්ෂණ ආයතනයෙන් එම ඇගැයීම ලැබුණේ.

“මෙතැනින් ඉදිරියට යන්නේ කොෙහාමද කියන අදහස හිතේ පැහැදිලිව ආවේ නැහැ. ඊට පස්සේ මේ වගේ දෙයක් ලංකාවේ යනවා නම් මීට අදාළව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගත යුතුව තිබුණා. නාවින්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අවසරය ගැනීම සඳහා අපේ තැන නිෂ්පාදනාගාරයක් බවට පත් කළා. අවසන් අනුමැතියත් ලැබුණා. ලංකාවේ මෙවැනි දෙයක් කිරීම අසීරුයි. දැනට වෙළෙඳපොළට දාලා තියෙනවා. එක පැකට් එකක් රුපියල් 50ක් වෙනවා. මෙය පස් වතාවක් කන්න පුළුවන්. සැෂේ පැකට් එකක්. මේ පැකට් එක පරිසර හානියක් නැති එකක්. කුඩා ප්‍රමාණයක් අතට අරන් කෑවට පස්සේ ඉතුරු ටික වහලා අලවලා තියන්න පුළුවන්. කිසිදු මත්වීමක් නැහැ. කල්තබා ගැනීම සඳහා කිසිදු ද්‍රව්‍යයක් යොදලා නැහැ.

මෙය ඔසුවිට කියලා කිව්වට බුලත්විටක් නෙවෙයි. හාත්පසින් වෙනස්. අපි පටන් ගත්තේ බුලත්විටට ආදේශකයක් සොයන්න. ඊට පස්සේ අපි යනවා අද ලංකාවේ මිනිස්සුන්ට බෝවන රෝග ගැන ලොකු ප්‍රශ්නයක් ඇවිත් තියෙනවානේ. ඒවා ඇතිවෙන්න එක පුරුද්දක් තමයි අපේ මිනිස්සුන්ගේ ආහාර රටාවේ ඇති වැරැද්ද. හැසිරීමේ වැරැද්ද.

අපි අමතර ආහාරයක් ගන්නවානේ ටොෆියක් කනවා. බුලත්විටක් කනවා. ඒකට ආදේශකයක් විදියට මේක හදලා තියෙන්නේ. කොලෙස්ට්‍රෝල් පාලනය කරගන්න.

ගැස්ට්‍රයිටිස්වලට. අමුද්‍රව්‍ය යොදාගෙන බුලත් විට රසයත් ගන්න තමයි අපේ උත්සාහය තිබුණේ. රජකාලේ මයිලපොතු කාලා තිබුණා බුලත් විට වෙනුවට. මේ ඔසුවිටටත් අපි මයිල පොතු දමා තිබෙනවා. ඒ වගේම මෙහි කිසිදු පිළිකා කාරකයක් අඩංගු නැති බව ඉතා වගකීමෙන් කියනවා.

චානක රණසිංහ

ඔහු වෘත්තියෙන් භෞතික විද්‍යා අාචාර්යවරයෙකි. ඔහු මේ පිළිබදව සිය අදහස් එක් කළේ මෙසේය.

“ඔසුවිට කියන සංකල්පය අතීතයේදිත් තිබිලා තියෙනවා. පෘතුගීසි ආක්රමණයත් එක්ක තමයි හුණු සහ දුම්කොළ භාවිතාව ලංකාවේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. බුලත් පුවක් සමග අනෙක් කුළුබඩු වර්ග තමයි පාවිච්චි කරලා තිබිලා තියෙන්නේ. අපිත් කුළු බඩු සමග දේශීය ඖෂධ තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ හරහා තමයි. දත්මුල් දියවීම, දත් මැලියම් නැති වීම, කට සුවඳවත් වීම මේ සියල්ල වෙනවා. පරිසරයට කෙළ ගැසීම තමයි ලොකුම ප්රශ්නය. නමුත් මේ ඔසුවිට පාවිච්චි කරන විට ඒ කෙළ ගිලිනවා. ඖෂධීය රසයක් තියෙන්නේ. සීනි, දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් නැතිවීම, අර්ශස් අමාරුව නැතිවීම, ඔසප් චක්‍රය නිසි ලෙස ක්‍රියාත්මක වීම මේ සියල්ලටම හොඳයි. ඒ බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සඳහන් කරල තියෙනවා.

ජපානය වැනි රටවලට සාම්පල් ටිකක් යවනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙය අනුමත කරලා තියෙනවා. දැනට සුපිරි මාකට්වල තියෙනවා.

අපිට වෙනම වෛද්‍යවරයෙක් සිටිනවා. ගංගානි ප්‍රේමරත්න. ඇය අපේ නිෂ්පාදන පරික්ෂා කරනවා. ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවෙන් අපේ නිෂ්පාදනය සම්බන්ධයෙන් අනුමැතිය අරන් තියෙනවා

ඉන්දික සිල්වෙස්ටර්

ටෙක්නිකල් පැත්ත බලන්නේ මමයි. මෙම නිෂ්පාදනය කිරීම වෙනුවෙන් මැෂින් ගෙන්නලා අපිට අවශ්‍ය පරිදි සකස් කරගෙන තියෙනවා. කෙඳි වගේනේ තියෙන්නේ. දවසකට පැකට් 1500-2000 ක් විතර විකිණෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර 037 43534444. 0785728658 යන දුරකථන අංකවලින් සහ wedagedaraproducts.lk වෙබ් අඩවියෙන් ද ලබාගත හැකි බව ඔවුන් පවසන්නේ මෙහි සැබෑ ගුණ අගුණ මෙන්ම රසය පිළිබඳව ද හොඳින් දැන ගන්නට පැමිණෙන ලෙසට සොඳුරු ආරාධනාවක් ද කරමිනි.

Source : www.lankadeepa.lk

[QUOTE="slx, post: 25086383, member: 511494"] [b]සපා කෙළ ගිලින බුලත් විටක් “ඔසුවිට”[/b] [CENTER][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_72f22e5122.jpg[/IMG][/CENTER] [B][COLOR="Red"][CENTER][SIZE="5"]“සිරි සාර බුලත් විට කාලා බලන් පොඩි නංගී වරෙන්... පොඩි මල්ලි වරෙන්...” [/SIZE][/CENTER][/COLOR][/B] [SIZE="4"]සාරවිට පුරවා ගත් පැසක් රැගෙන පොඩි නංගිලා මල්ලිලාට පමණක් නොව සාරවිට කන්නට ආස කරන සියල්ලන්ට සාරවිට ගන්න යැයි බොහෝ සෙනෙහසින් ආරාධනා කරමින් එන සාරයියා වෙනුවට තරුණ වියේ සාරයියාලා තුන් දෙනෙක් එක්ව නව නිපැයුමක් ගෙන පැමිණ ඇත. තරුණ නීතිඥයෙකු වන චමින්ද රූපසේනත්, භෞතික විද්‍යා ගුරුවරයෙකු වන චානක රණසිංහත්, ඉංජිනේරුවරයෙකු වන ඉන්දික සිල්වෙස්ටරුත් එක්ව සාරවිටටත් වඩා රස විටක් නිෂ්පාදනය කර තිබෙන අතර ඔවුන් එය “ඔසුවිට” ලෙසින් නම් කර තිබේ. ‘බුලත් විට කාලා රෝගී වෙමු ද? නොඑසේ නම් ඔසුවිට කාලා නිරෝගී වෙමු ද?’ යන්න ඔවුන් මෙහිදී විමසා සිටින කාරණයකි. මෙම නිෂ්පාදනය හඳුන්වා දෙමින් ඔවුන් පවසන්නේ මේ බුලත්විට, බාබුල් සහ චුවින්ගම් සඳහා ආයුර්වේද ආදේශකයක් බවය. එසේම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ 02/01/10/375 යටතේ ලියාපදිංචි කර තිබෙන බවත් පවසන්නේ එම නිෂ්පාදනය වැඩිදුරටත් හඳුන්වා දෙමින් නීතිඥ චමින්ද රූපසිංහ ය. “අපි තුන්දෙනා දීර්ඝකාලීන යාළුවෝ. ගෙවල් තියෙන්නේ කුරුණෑගල, අලව්වේ විවිධ රැකියා කළාට අපි එක ගමේ යාළුවෝ. බුලත් විට කද්දි පරිසරයට වෙන හානි වගේම ඒ බුලත්විට කන පුද්ගලයාට ඇතිවෙන හානි අපි දැක්කා. පරිසරයට බුලත් කෙළ ගැසීම, පරිසරය අපවිත්‍ර කිරීම වගේම ශරීරයට වෙන හානි ගත් විට මුඛයේ දත්වලට වගේම පිළිකා රෝගය දක්වා ඇතිවෙන හානිය අපි දැක්කා. ආසියාවේ මිනිස්සු විදිහට අපේ පුරුද්දක් තියෙනවා මොනවා හෝ දෙයක් හපන්න. බත් කෑවට පස්සේ මොනවා හෝ හපන්න. තේ බිව්වට පස්සේ මොනවා හෝ හපන්න. ඔය පැත්තට විකල්පයක් හෙව්වා. රජකාලේ කොහොමද මිනිස්සු ඒ ගැන කළේ කියලා හෙව්වා. ඒ ගැන ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන පොත් පත් බැලුවා. දැනුම එකතු කරගෙන ඒ දැනුම අරගෙන අපි නිර්මාණයක් කළා.” ඔහු පවසයි. ඒ අනුව මෙම ඔසුවිට ඔවුන් නිෂ්පාදනය කිරීම ආරම්භ කළ බව ද සඳහන් කර සිටි ඔහු එහි අන්තර්ගතව ඇති දේ ගැන ද පැහැදිලි කිරීමක් කළා. අරළු, බුළු, නෙල්ලි, සාදික්කා, වසාවාසි, එනසල්, කරදමුංගු, මූණමල්පොතු, අරත්ත, වැල්මී, මයිල පොතු, කුරුඳු පොතු වැනි දේශීය බෙහෙත් සහ මී පැණි කළවම් කර මෙම ඔසුවිට නිෂ්පාදනය කර ඇත. [/SIZE] [CENTER][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1a49fc132c.jpg[/IMG][/CENTER] [SIZE="4"]යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු තුළින් නිරෝගීමත් පරපුරක් ඇතිවෙන බවත් කොලෙස්ට්‍රෝල්, අධික රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම සහ අර්ශස් වැනි රෝග පාලනය සඳහා ප්රත්යක්ෂ ඖෂධයක් බව ද පවසන්නේ චමින්ද මහතාය. ඔහු සඳහන් කරන අන්දමට මෙය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව මගින් වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිත කළ හැකි ඖෂධයක් ලෙස නිර්දේශ කර තිබෙන බව ද පවසයි. “අපි මේක සැලසුම් කළාට මේකේ අවුට්පුට් එක එළියට එද්දි මීට වඩා ගොඩක් හොඳ තත්ත්වයකට අපිට යන්න පුළුවන් වුණා. දුම්පානය කරන අයෙකුට එම ඇබ්බැහිවීමෙන් මිදෙන්න මේ ඔසුවිට තුළින් පුළුවන්.” මෙම ඔසුවිට නිෂ්පාදනය කිරීම ගැන අදහස හිතට ආවේ කෙසේ ද යන්න ගැන වැඩිදුරටත් පැහැදිලි කරමින් චමින්ද මහතා. “අපේ යාළුකමට අවුරුදු 27ක් වෙනවා. ඒ යාළුකම තාමත් තියෙනවා. මේක අපේම නිර්මාණයක්. අපි අමුද්‍රව්‍යවල තියෙන ගුණ අගුණ අන්තර්ජාලයෙන් බැලුවා. මුලින්ම හැදුවේ අපිට කන්න පුළුවන් තරම් ඉතාම ටිකයි. අපිට මෙය තව ටිකක් ඉදිරියට ගෙනියන්න ඕනෑ වුණා. ලංකාවේ කාර්මික හා තාක්ෂණ ආයතනය වෙත අපේ නිෂ්පාදනය යොමු කරලා බැලුවා. මෙහි තත්ත්වය සහ ගුණාගුණ බව ගැන. මෙය හොඳ තත්ත්වයක තිබෙන බව දැක්කා. මේ සහතික 2017 දෙසැම්බර් මාසෙදි තමයි ලැබුණේ. කාර්මික තාක්ෂණ ආයතනයෙන් එම ඇගැයීම ලැබුණේ. “මෙතැනින් ඉදිරියට යන්නේ කොෙහාමද කියන අදහස හිතේ පැහැදිලිව ආවේ නැහැ. ඊට පස්සේ මේ වගේ දෙයක් ලංකාවේ යනවා නම් මීට අදාළව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගත යුතුව තිබුණා. නාවින්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අවසරය ගැනීම සඳහා අපේ තැන නිෂ්පාදනාගාරයක් බවට පත් කළා. අවසන් අනුමැතියත් ලැබුණා. ලංකාවේ මෙවැනි දෙයක් කිරීම අසීරුයි. දැනට වෙළෙඳපොළට දාලා තියෙනවා. එක පැකට් එකක් රුපියල් 50ක් වෙනවා. මෙය පස් වතාවක් කන්න පුළුවන්. සැෂේ පැකට් එකක්. මේ පැකට් එක පරිසර හානියක් නැති එකක්. කුඩා ප්‍රමාණයක් අතට අරන් කෑවට පස්සේ ඉතුරු ටික වහලා අලවලා තියන්න පුළුවන්. කිසිදු මත්වීමක් නැහැ. කල්තබා ගැනීම සඳහා කිසිදු ද්‍රව්‍යයක් යොදලා නැහැ. මෙය ඔසුවිට කියලා කිව්වට බුලත්විටක් නෙවෙයි. හාත්පසින් වෙනස්. අපි පටන් ගත්තේ බුලත්විටට ආදේශකයක් සොයන්න. ඊට පස්සේ අපි යනවා අද ලංකාවේ මිනිස්සුන්ට බෝවන රෝග ගැන ලොකු ප්‍රශ්නයක් ඇවිත් තියෙනවානේ. ඒවා ඇතිවෙන්න එක පුරුද්දක් තමයි අපේ මිනිස්සුන්ගේ ආහාර රටාවේ ඇති වැරැද්ද. හැසිරීමේ වැරැද්ද. අපි අමතර ආහාරයක් ගන්නවානේ ටොෆියක් කනවා. බුලත්විටක් කනවා. ඒකට ආදේශකයක් විදියට මේක හදලා තියෙන්නේ. කොලෙස්ට්‍රෝල් පාලනය කරගන්න. ගැස්ට්‍රයිටිස්වලට. අමුද්‍රව්‍ය යොදාගෙන බුලත් විට රසයත් ගන්න තමයි අපේ උත්සාහය තිබුණේ. රජකාලේ මයිලපොතු කාලා තිබුණා බුලත් විට වෙනුවට. මේ ඔසුවිටටත් අපි මයිල පොතු දමා තිබෙනවා. ඒ වගේම මෙහි කිසිදු පිළිකා කාරකයක් අඩංගු නැති බව ඉතා වගකීමෙන් කියනවා.[/SIZE] [B]චානක රණසිංහ[/B] [SIZE="4"]ඔහු වෘත්තියෙන් භෞතික විද්‍යා අාචාර්යවරයෙකි. ඔහු මේ පිළිබදව සිය අදහස් එක් කළේ මෙසේය. “ඔසුවිට කියන සංකල්පය අතීතයේදිත් තිබිලා තියෙනවා. පෘතුගීසි ආක්රමණයත් එක්ක තමයි හුණු සහ දුම්කොළ භාවිතාව ලංකාවේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. බුලත් පුවක් සමග අනෙක් කුළුබඩු වර්ග තමයි පාවිච්චි කරලා තිබිලා තියෙන්නේ. අපිත් කුළු බඩු සමග දේශීය ඖෂධ තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ හරහා තමයි. දත්මුල් දියවීම, දත් මැලියම් නැති වීම, කට සුවඳවත් වීම මේ සියල්ල වෙනවා. පරිසරයට කෙළ ගැසීම තමයි ලොකුම ප්රශ්නය. නමුත් මේ ඔසුවිට පාවිච්චි කරන විට ඒ කෙළ ගිලිනවා. ඖෂධීය රසයක් තියෙන්නේ. සීනි, දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් නැතිවීම, අර්ශස් අමාරුව නැතිවීම, ඔසප් චක්‍රය නිසි ලෙස ක්‍රියාත්මක වීම මේ සියල්ලටම හොඳයි. ඒ බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සඳහන් කරල තියෙනවා. ජපානය වැනි රටවලට සාම්පල් ටිකක් යවනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙය අනුමත කරලා තියෙනවා. දැනට සුපිරි මාකට්වල තියෙනවා. අපිට වෙනම වෛද්‍යවරයෙක් සිටිනවා. ගංගානි ප්‍රේමරත්න. ඇය අපේ නිෂ්පාදන පරික්ෂා කරනවා. ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවෙන් අපේ නිෂ්පාදනය සම්බන්ධයෙන් අනුමැතිය අරන් තියෙනවා [/SIZE] [B]ඉන්දික සිල්වෙස්ටර් [/B] [SIZE="4"]ටෙක්නිකල් පැත්ත බලන්නේ මමයි. මෙම නිෂ්පාදනය කිරීම වෙනුවෙන් මැෂින් ගෙන්නලා අපිට අවශ්‍ය පරිදි සකස් කරගෙන තියෙනවා. කෙඳි වගේනේ තියෙන්නේ. දවසකට පැකට් 1500-2000 ක් විතර විකිණෙනවා. මේ පිළිබඳ වැඩි විස්තර 037 43534444. 0785728658 යන දුරකථන අංකවලින් සහ wedagedaraproducts.lk වෙබ් අඩවියෙන් ද ලබාගත හැකි බව ඔවුන් පවසන්නේ මෙහි සැබෑ ගුණ අගුණ මෙන්ම රසය පිළිබඳව ද හොඳින් දැන ගන්නට පැමිණෙන ලෙසට සොඳුරු ආරාධනාවක් ද කරමිනි. [/SIZE] Source : [url]www.lankadeepa.lk[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom