Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සබ්බං පහාය ගමනීයං ~ සියල්ල හැරදා යා යුතු වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ධර්ම දේශනාව වශයෙන් තෝරා ගත්තේ මජ්ම නිකායේ රාජ වග්ගයේ රට්ඨපාල සූත්‍රයේ සඳහන් වන වැදගත් කරුණු හතරක් පැහැදිලි කිරීමයි. මෙහි සඳහන් විස්තර කිරීමට පළමුව එහි සරල තේරුම දැනගත යුතු වෙනවා. අපේ ජීවිතය අස්ථීරයි. ජීවිතය හැමවිටම කිසියම් අනතුරකට මුහුණ දී තිබේ. තමන්ගේ කියා කිසිවක් නැති අතර සියල්ල අතහැර යා යුතුයි. කිසිවිටක සිත සෑහීමකට පත් නොවේ යනු එහි සරල තේරුමයි.

රට්ඨපාල තෙරණුවන් මෙම අදහස් දේශනා කළේ , රාජ උද්‍යානයේදී කෝරව්‍ය රජුට කෝරව්‍ය රජු තම රාජ්‍ය කටයුතු කරන අතරතුරදී සිතේ සහනය සතුට, නිදහස සොයා යන්නේ තම උයනටය. දිනක් මහ රජු විනෝදවීම සඳහා රාජ උද්‍යානයට යයි. මෙදින රට්ඨපාල තෙරුන් උද්‍යානයේ ගසක් යට වැඩසිටියි. රජු ප්‍රධාන දොරටුවෙන් උයනට පිවිසෙන විට රට්ඨපාල තෙරුන් උද්‍යානයේ වැඩ සිටින බව උයන්පල්ලා රජුට කීවේය. රටේ ප්‍රධාන සිටු පවුලේ එකම පුතු වූ රට්ඨපාල තෙරුන්ගේ නම ඇසූ පමණින් සතුටු වූ රජු රට්ඨපාල තෙරුන් බැහැදැකීමට කල්පනා කරයි. තෙරුන් වැඩ සිටින ගස යටට යන කෝරව්‍ය රජු තෙරුන්ගේ දෙපා වැඳ වටිනා කලාලයක් එලා එතැනට වැඩම කරන ලෙස ආරාධනා කර රජුද කලාලයක් එලා වාඩිවිය. නමුත් තෙරුන් වහන්සේ වැඩ සිටි තැනම වැඩ සිටිමින් රජු සමඟ සුහදව කථාකළහ.

“ඔබ වහන්සේ සිටු පවුලේ සියලු සැප සම්පත් තිබෙද්දී තරුණ වියේදීම පැවිදි වන්නට තීරණය කළේ ඇයි දැයි රජු තෙරුන්ගෙන් ඇසු විට “මහරජතුමනි” ලොව සියල්ල දැනගත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝවැස්සාගේ ජීවිතවල පවතින ස්වභාව හතරක් දේශනා කර තිබෙන බවත් ඒ සියලු කරුණු මට අසන්නට ලැබුණු බවත් ඒ ගැන මාගේ සිත් යොමුකර බැලු හෙයින් එය සත්‍ය බව ඇත්ත බව වැටහී ගිය නිසා මමද පැවිදි වූ බව රට්ඨපාල තෙරුන් කෝරව්‍ය රජුට ප්‍රකාශ කළා. බුදුරදුන් එදා දේශනා කළ ජීවිතවලට බලපාන කරුණු මොනවාදැයි මහරජු නැවතත් අසයි. මේ අවස්ථාවේ රට්ඨපාල තෙරුන් ඒ සියලු කරුණු රජුට මතක් කළේ මෙසේය.

“අද්ධුවා ලොකො විපරිනාම ධම්මො” අපගේ ජීවිතය අස්ථිරයි. අනියතයි. වෙනස්වන සුළුයි. ලොව පවතින සජීවි, අජීවි, සියලු දේ අනිත්‍යයි. හෙවත් වෙනස් වීමට පත්වේ “යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං” හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් වෙයිද ඒ සියල්ල අනිත්‍ය ස්වභාවයට පත්වේ. මිනිසා ඇතුළු සියලු සත්වයෝද සජීවි අජීවි සියල්ල හේතු ප්‍රත්‍ය එකතුවෙන් සැකසී ඇත. ඒ හේතු ප්‍රත්‍යයෙන් විද්‍යමාන වන එක් හේතුවක් හෝ නැතිවි යාමෙන් අනිත්‍ය ස්වභාවයට පත්වේ. දරුවකු මව් කුසක පිළිසිඳ ගත් දින සිට හැදී වැඩී මව් කුසින් බිහිවී ඒ ඒ කාල පසුකරයි. ළදරුවිය , ළමාවිය, තරුණවිය, මැදිවිය, මහලුවිය, ආදි වශයෙන් බෙදී ඇත්තේ වෙනස්වන හෙයිනි. එය නැවැත්වීමට කිසිවෙකුට නොහැකිය. ක්ෂණයක් ක්ෂණයක් පාසා විදුලි වේගයෙන් වෙනස් වී යයි. එහෙයින් වෙනස් වන ලෝකයේ නොවෙනස් වන කිසිවක් නැත. අනිත්‍ය ලොව සියල්ලට පොදුවූ ධර්මතාවයකි. මේ කාරණ බුදුරදුන් පසක්කර ගෙන දේශනා කළා. එය පළමු කාරණාවයි.

“අත්තනො ලොකො අනභිස්සරො” ජීවිතය හැමවිටම අනතුරක පවතී. එයින් බේරීමට තමාට පුළුවන් කමක් නැහැ. කිසිවෙකුගෙන් පිහිටක් සරණක් ලබා ගන්නට බැරි බලවේග තුනක් තිබේ. එනම් ජරා, ව්‍යාධි, මරණ වශයෙනි. මේ බිය තුනට සියල්ලෝම මුහුණදිය යුතුයි. එහෙයින්, තමාට පිහිටක් නැති අනතුරක පවතියැයි වදාළා. “කතමඤ්ච භික්ඛවෙ ජරා යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජීර්ණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තතා ආයුනො සංගාති ඉන්ද්රියානං පරිපාකො අයං වුච්චති ජරා “

ඒ ඒ සත්ව නිකායේ යම් දිරීමක් දිරන බවක් දත් වැටීමක් කෙස් පැහීමක් ආයු පිරිහීමක් ඇඟ රැලි වැටීමක් ඉඳුරන්ගේ පෑහීමක් වේද මෙය ජරාවට පත්වීම යැයි කියයි. ව්‍යාධි යනු ලෙඩවීමයි. කායික හා මානසික දෙඅංශයම ලෙඩ වෙයි. ලෙඩට බේත් සාත්තු සප්පායම් කෙතරම් තිබූ මුත් අසාධ්‍ය වූ රෝගයන්ට ඒ කිසිවැඩක් නොවෙයි. ඉන්ද්‍රියන් අබල දුබල වෙයි. දැඩි දුබලතාව නිසා මනස ඒ ශරීරය තුළ රඳාසිටීමට අපහසු වෙයි. මරණයට පත්වීම එහි ප්රතිඵලයයි. එම මරණ බිය සියල්ලන්ටම පොදු වූවකි.

“සබ්බං පහාය ගමණීයං” සියල්ල අතහැර දමා යා යුතු බව ඉන් කියයි. ඒ තුන්වන කාරණයයි. තම ශරීරය දේපොල ඥාති හිතවතුන් චංචල නිශ්චල සියල්ල අතහැර දමා තම මනුෂ්‍ය ජීවිතයද අතහැර වෙනත් නොදන්නා භවයක් කරා යා යුතුය. මහණෙනි මරණය යනු කවරේද? ඒ ඒ සත්ව නිකායයන්ගේ යම් වෙනස්වීමක් වෙන්වන බවක් බිඳීමක් ස්කන්ධයන්ගේ බිඳීමක් සිරුර හැරදැමීමක් වේද ඒ මරණයයි.

හතරවන කාරණය ඌනො ලොකො අතිත්තෝ තණ්හා දාසෝ “” හැම දෙනාම තෘෂ්ණාවේ දාසයෙකු වෙයි. මිනිසා කොපමණ සම්පත් ලැබුවත් සෑහීමට පත්නොවෙයි. එහෙයින් අතෘප්තිකර ජීවිතයක අතරමං වෙයි “ න කහාපණ වස්සේන තිත්ථි කාමෙසු විජ්ජති” කහවනු වැස්සක් වැස්සත් ඉන් සෑහීමට පත් නොවීම තෘෂ්ණාවේ ලක්ෂණයකි. කාම, භව, විභව වශයෙන් තෘෂ්ණාව තෙපරිදි වෙයි.කොපමණ ලැබුණත් “මට මදි “ මිස ඇතැයි කියා සෑහීමක් නැත. ස්ත්‍රි පුරුෂ දෙපිරිසම අතෘප්තිකර ස්වභාවයෙන් යුක්ත වෙති.

මහරජතුමනි, ලෝකයේ ස්වභාවය බුදුරදුන් දේශනා කළ හෙයින් මමද ඒ කෙරෙහි අවධානය යොමු කළෙමි. එවිට මට වැටහුණා ජීවිතයේ ඇති ස්වභාවය එහෙයින් ගිහි ජීවිතයයි පැවිදි ජීවිතයයි අතර පැවිදි ජීවිතය උතුම් උසස් යැයි මට හැඟී ගියා. මව්පිය උරුමයෙන් ලත් දේපොලවත් අඹුදරුවන්වත් මගේ තරුණ කමෙන්වත් සැපතක් ලෙසට වඩා මා ඉහළින් සැළකුවේ පැවිදි වී ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමයි. බුදුරජාණන් වහන්සේ ඊට නිසිමග කියාදුන් නිසා ජීවිතයේ ස්වභාවධර්ම හතරක් තත්වූ පරිදි දැන ගතිමි.

රට්ඨපාල තෙරුන්ගේ මෙම අනගි දේශනාව ඇසූ කෝරව්‍ය රජු ඉතා සතුටට පත්වුණු අතර රට්ඨපාල තෙරුන් දිනුවා යැයි පවසා තෙරුන්ගේ දෙපා වන්දනා කළහ .

රට්ඨපාල සූත්‍රයේ ඇතුළත් මෙම කරුණු පිළිබඳ අවබෝධය තුළින් ජීවිතයේ යථාර්ථය වටහා ගත හැකිය. දුර්ලභ බුද්ධෝත්පාද කාලයක දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලබාගෙන මෙලොව උපන් ඔබද ධර්මානුධර්ම ප්රතිපත්තිවල පිහිටා ජීවිතය සසර කෙළවර දක්වා වාසනාවන්ත කරගෙන නිවන් සම්පත් ප්‍රාර්ථනා කරගන්න.

[MEDIA=facebook]id=456560455583669;type=v;user=287161758614357[/MEDIA]

[QUOTE="asliyanage, post: 26514534, member: 8764"] අද ධර්ම දේශනාව වශයෙන් තෝරා ගත්තේ මජ්ම නිකායේ රාජ වග්ගයේ රට්ඨපාල සූත්‍රයේ සඳහන් වන වැදගත් කරුණු හතරක් පැහැදිලි කිරීමයි. මෙහි සඳහන් විස්තර කිරීමට පළමුව එහි සරල තේරුම දැනගත යුතු වෙනවා. අපේ ජීවිතය අස්ථීරයි. ජීවිතය හැමවිටම කිසියම් අනතුරකට මුහුණ දී තිබේ. තමන්ගේ කියා කිසිවක් නැති අතර සියල්ල අතහැර යා යුතුයි. කිසිවිටක සිත සෑහීමකට පත් නොවේ යනු එහි සරල තේරුමයි.[RIGHT][IMG align="right"]https://www.budusarana.lk/budusarana/2014/06/19/z_pic350-vis.jpg[/IMG][/RIGHT] රට්ඨපාල තෙරණුවන් මෙම අදහස් දේශනා කළේ , රාජ උද්‍යානයේදී කෝරව්‍ය රජුට කෝරව්‍ය රජු තම රාජ්‍ය කටයුතු කරන අතරතුරදී සිතේ සහනය සතුට, නිදහස සොයා යන්නේ තම උයනටය. දිනක් මහ රජු විනෝදවීම සඳහා රාජ උද්‍යානයට යයි. මෙදින රට්ඨපාල තෙරුන් උද්‍යානයේ ගසක් යට වැඩසිටියි. රජු ප්‍රධාන දොරටුවෙන් උයනට පිවිසෙන විට රට්ඨපාල තෙරුන් උද්‍යානයේ වැඩ සිටින බව උයන්පල්ලා රජුට කීවේය. රටේ ප්‍රධාන සිටු පවුලේ එකම පුතු වූ රට්ඨපාල තෙරුන්ගේ නම ඇසූ පමණින් සතුටු වූ රජු රට්ඨපාල තෙරුන් බැහැදැකීමට කල්පනා කරයි. තෙරුන් වැඩ සිටින ගස යටට යන කෝරව්‍ය රජු තෙරුන්ගේ දෙපා වැඳ වටිනා කලාලයක් එලා එතැනට වැඩම කරන ලෙස ආරාධනා කර රජුද කලාලයක් එලා වාඩිවිය. නමුත් තෙරුන් වහන්සේ වැඩ සිටි තැනම වැඩ සිටිමින් රජු සමඟ සුහදව කථාකළහ. “ඔබ වහන්සේ සිටු පවුලේ සියලු සැප සම්පත් තිබෙද්දී තරුණ වියේදීම පැවිදි වන්නට තීරණය කළේ ඇයි දැයි රජු තෙරුන්ගෙන් ඇසු විට “මහරජතුමනි” ලොව සියල්ල දැනගත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝවැස්සාගේ ජීවිතවල පවතින ස්වභාව හතරක් දේශනා කර තිබෙන බවත් ඒ සියලු කරුණු මට අසන්නට ලැබුණු බවත් ඒ ගැන මාගේ සිත් යොමුකර බැලු හෙයින් එය සත්‍ය බව ඇත්ත බව වැටහී ගිය නිසා මමද පැවිදි වූ බව රට්ඨපාල තෙරුන් කෝරව්‍ය රජුට ප්‍රකාශ කළා. බුදුරදුන් එදා දේශනා කළ ජීවිතවලට බලපාන කරුණු මොනවාදැයි මහරජු නැවතත් අසයි. මේ අවස්ථාවේ රට්ඨපාල තෙරුන් ඒ සියලු කරුණු රජුට මතක් කළේ මෙසේය. “අද්ධුවා ලොකො විපරිනාම ධම්මො” අපගේ ජීවිතය අස්ථිරයි. අනියතයි. වෙනස්වන සුළුයි. ලොව පවතින සජීවි, අජීවි, සියලු දේ අනිත්‍යයි. හෙවත් වෙනස් වීමට පත්වේ “යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං” හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් වෙයිද ඒ සියල්ල අනිත්‍ය ස්වභාවයට පත්වේ. මිනිසා ඇතුළු සියලු සත්වයෝද සජීවි අජීවි සියල්ල හේතු ප්‍රත්‍ය එකතුවෙන් සැකසී ඇත. ඒ හේතු ප්‍රත්‍යයෙන් විද්‍යමාන වන එක් හේතුවක් හෝ නැතිවි යාමෙන් අනිත්‍ය ස්වභාවයට පත්වේ. දරුවකු මව් කුසක පිළිසිඳ ගත් දින සිට හැදී වැඩී මව් කුසින් බිහිවී ඒ ඒ කාල පසුකරයි. ළදරුවිය , ළමාවිය, තරුණවිය, මැදිවිය, මහලුවිය, ආදි වශයෙන් බෙදී ඇත්තේ වෙනස්වන හෙයිනි. එය නැවැත්වීමට කිසිවෙකුට නොහැකිය. ක්ෂණයක් ක්ෂණයක් පාසා විදුලි වේගයෙන් වෙනස් වී යයි. එහෙයින් වෙනස් වන ලෝකයේ නොවෙනස් වන කිසිවක් නැත. අනිත්‍ය ලොව සියල්ලට පොදුවූ ධර්මතාවයකි. මේ කාරණ බුදුරදුන් පසක්කර ගෙන දේශනා කළා. එය පළමු කාරණාවයි. “අත්තනො ලොකො අනභිස්සරො” ජීවිතය හැමවිටම අනතුරක පවතී. එයින් බේරීමට තමාට පුළුවන් කමක් නැහැ. කිසිවෙකුගෙන් පිහිටක් සරණක් ලබා ගන්නට බැරි බලවේග තුනක් තිබේ. එනම් ජරා, ව්‍යාධි, මරණ වශයෙනි. මේ බිය තුනට සියල්ලෝම මුහුණදිය යුතුයි. එහෙයින්, තමාට පිහිටක් නැති අනතුරක පවතියැයි වදාළා. “කතමඤ්ච භික්ඛවෙ ජරා යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජීර්ණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තතා ආයුනො සංගාති ඉන්ද්රියානං පරිපාකො අයං වුච්චති ජරා “ ඒ ඒ සත්ව නිකායේ යම් දිරීමක් දිරන බවක් දත් වැටීමක් කෙස් පැහීමක් ආයු පිරිහීමක් ඇඟ රැලි වැටීමක් ඉඳුරන්ගේ පෑහීමක් වේද මෙය ජරාවට පත්වීම යැයි කියයි. ව්‍යාධි යනු ලෙඩවීමයි. කායික හා මානසික දෙඅංශයම ලෙඩ වෙයි. ලෙඩට බේත් සාත්තු සප්පායම් කෙතරම් තිබූ මුත් අසාධ්‍ය වූ රෝගයන්ට ඒ කිසිවැඩක් නොවෙයි. ඉන්ද්‍රියන් අබල දුබල වෙයි. දැඩි දුබලතාව නිසා මනස ඒ ශරීරය තුළ රඳාසිටීමට අපහසු වෙයි. මරණයට පත්වීම එහි ප්රතිඵලයයි. එම මරණ බිය සියල්ලන්ටම පොදු වූවකි. “සබ්බං පහාය ගමණීයං” සියල්ල අතහැර දමා යා යුතු බව ඉන් කියයි. ඒ තුන්වන කාරණයයි. තම ශරීරය දේපොල ඥාති හිතවතුන් චංචල නිශ්චල සියල්ල අතහැර දමා තම මනුෂ්‍ය ජීවිතයද අතහැර වෙනත් නොදන්නා භවයක් කරා යා යුතුය. මහණෙනි මරණය යනු කවරේද? ඒ ඒ සත්ව නිකායයන්ගේ යම් වෙනස්වීමක් වෙන්වන බවක් බිඳීමක් ස්කන්ධයන්ගේ බිඳීමක් සිරුර හැරදැමීමක් වේද ඒ මරණයයි. හතරවන කාරණය ඌනො ලොකො අතිත්තෝ තණ්හා දාසෝ “” හැම දෙනාම තෘෂ්ණාවේ දාසයෙකු වෙයි. මිනිසා කොපමණ සම්පත් ලැබුවත් සෑහීමට පත්නොවෙයි. එහෙයින් අතෘප්තිකර ජීවිතයක අතරමං වෙයි “ න කහාපණ වස්සේන තිත්ථි කාමෙසු විජ්ජති” කහවනු වැස්සක් වැස්සත් ඉන් සෑහීමට පත් නොවීම තෘෂ්ණාවේ ලක්ෂණයකි. කාම, භව, විභව වශයෙන් තෘෂ්ණාව තෙපරිදි වෙයි.කොපමණ ලැබුණත් “මට මදි “ මිස ඇතැයි කියා සෑහීමක් නැත. ස්ත්‍රි පුරුෂ දෙපිරිසම අතෘප්තිකර ස්වභාවයෙන් යුක්ත වෙති. මහරජතුමනි, ලෝකයේ ස්වභාවය බුදුරදුන් දේශනා කළ හෙයින් මමද ඒ කෙරෙහි අවධානය යොමු කළෙමි. එවිට මට වැටහුණා ජීවිතයේ ඇති ස්වභාවය එහෙයින් ගිහි ජීවිතයයි පැවිදි ජීවිතයයි අතර පැවිදි ජීවිතය උතුම් උසස් යැයි මට හැඟී ගියා. මව්පිය උරුමයෙන් ලත් දේපොලවත් අඹුදරුවන්වත් මගේ තරුණ කමෙන්වත් සැපතක් ලෙසට වඩා මා ඉහළින් සැළකුවේ පැවිදි වී ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමයි. බුදුරජාණන් වහන්සේ ඊට නිසිමග කියාදුන් නිසා ජීවිතයේ ස්වභාවධර්ම හතරක් තත්වූ පරිදි දැන ගතිමි. රට්ඨපාල තෙරුන්ගේ මෙම අනගි දේශනාව ඇසූ කෝරව්‍ය රජු ඉතා සතුටට පත්වුණු අතර රට්ඨපාල තෙරුන් දිනුවා යැයි පවසා තෙරුන්ගේ දෙපා වන්දනා කළහ . රට්ඨපාල සූත්‍රයේ ඇතුළත් මෙම කරුණු පිළිබඳ අවබෝධය තුළින් ජීවිතයේ යථාර්ථය වටහා ගත හැකිය. දුර්ලභ බුද්ධෝත්පාද කාලයක දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලබාගෙන මෙලොව උපන් ඔබද ධර්මානුධර්ම ප්රතිපත්තිවල පිහිටා ජීවිතය සසර කෙළවර දක්වා වාසනාවන්ත කරගෙන නිවන් සම්පත් ප්‍රාර්ථනා කරගන්න. [MEDIA=facebook]id=456560455583669;type=v;user=287161758614357[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom