Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමනල වසන්තය - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අන්කල් අපි කට්ටිය ආවෙ මේ පිටිපස්ස දොලෙන් නාන්න.."

"ඕකේ සනා.. යූ එන්ජෝයි විත් යුවර් ෆෙන්ඩ්ස්.."

මේ යකානං මාර පොරක්. සිංහලෙන් කියන දේට උත්තර දෙන්නෙත් කඩ්ඩෙන්. විනී ආන්ටි අපිට චේන්ජ් කරගන්න කියලා කාමරයක් පෙන්නුවා. අපි ෂෝටවල් ටිකකට බැහැලා කාමරෙන් එළියට එද්දි අන්කල් අලුත්ම තුවා තුනක් විතර අපිට දුන්නා.

"එපා අන්කල් අපි ළග තුවා තියෙනවා.."

"නෝ නෝ සනා ටේක් දිස්.."

ඒක කියද්දි විහග තුවා ටික ඉක්මනට අතට ගත්තෙ, නැත්තං අන්කල් ඉංශ්‍රීසියෙන් බනියි කියලා වෙන්න ඇති. බැන්නත් ඉතිං අවුලක් නෑ. අර බල්ලා කියන හැමදේටම නගුට වනනවා වගේ හිනාවෙලා අහන් ඉන්න තියෙන්නේ. මොකෝ තේරෙන එකක්යෑ. අපි ඩ්‍රයිවර් අන්කල්ට කියවන්න පත්තර ටිකකුත් දීලා අන්කල් එක්ක වත්ත පහලට ගියා.

වත්තෙ ඉස්සරහ තියෙනවට වඩා ලොකු ඉඩක් පිටිපස්සෙ තිබුණා. බෑවුම වගේ තිබුණ ඒ හරියෙ මල් වවලා ඒ පාත්ති අතරින් ගල් වැටි වගේ දාලා පාරවල් හදලා එළකිරි ලුක් එකක් තිබුනේ. අපේ කෙල්ලො ටික එහෙම මේ මල් වත්ත දැක්කා නම් උන්ගෙ අවසන් හුස්ම පොද මෙතනම යනවා. ඒ තරම් ගති. පහල පෙනුන දොල පාර දකිද්දි මට මතක් උනේ කාච්චි මලේ.. නාන්න ඕනෙ නෑ.. දැක්කත් සැපයි..

"ඕ......... වට් අ නයිස් ප්ලේස්..."

ෂෝටා ටිකක් උච්ච ස්වරයෙන් කිව්වෙ අන්කල්ට ඇහෙන්න වෙන්න ඇති. කොළඹින් ඇවිත් ගොඩේ බයියො ටික වගේ ඉදලා බෑනේ..

"යර්ස් සනා.. ඔයාලා කැමති නම් කට්ටියම ස්කූල් වැකේෂන් එකට මෙහේ ඇවිත් ඉදලා යන්න.."

ඔන්න අපේ එකා දන්න කඩු දෙක තුන කිව්වා විතරයි අන්කල් කාරයා සිංහලට බැස්සා. මොනව නැතත් පෙරගෙ යෝජනාව නම් ටොප්. අපි නාන්න පටන් ගත්තම අන්කල් ගෙදර ගියා. අපේ ගැන්සිය ගල් උඩින් පැන පැන පෙරලි පෙරලි වතුරෙ දගලන්න ගත්තෙ හරියට සහරා කාන්තාරෙ ඉදලා ආවා වගේ. වැඩියම දැගලුවෙ ෂෝටා. ඌ එක දිගට තිබුණ ගල් පේලියක් දිගේ යද්දි ජබොක් ගාලා ඇදගෙන වැටුනා. මං පොඩි කවියක් මතක් වෙලා කියද්දි ඉතුරු හතර දෙනත් මාත් එක්ක එකතුවෙලා කවිය කිව්වා.

"ඒ දන්ඩේ......... කොටා..

යන විට ගාට......ගාටා.....

වැටුණේය..........වතුරටා..

හූ.......................ටා......"

කොටා කියපු නිසාද මන්දා ඌගේ මූණ දෙකවෙලා. අපි බීම බිබී කඩල කකා ෆුල් ෆන් එක ගත්තා.

"මචං ෂෝටා.. උඹ දන්නවද අර අලියගෙයි කූඹියගෙයි කතාව..?"

විහග අහද්දි අපි කට්ටිය ඌ දිහාට හැරුණා..

"අලියගෙයි කූඹියගෙයි කතා කොයිතරම් තියෙනවද උඹ අහන්නෙ කොයි එකද..?"

"අලියයි කූඹියයි නාන්න ගිය එක..?"

"ම්හ්... කියපංකො බලන්න.."

"මෙහෙමයි.. අලියයි කූඹියයි නාන්න ගියාලු. මුලින්ම අලියා නාලා ඉවරවෙනකල් කූඹියා ගොඩට වෙලා බලන් හිටියලු. දන්නවද ඒ ඇයි කියලා..?"

"අලියට පෑගිලා ඌ මැරෙයි කියලා වෙන්නැති.."

"නෑ උඹලා දන්නවද උත්තරේ..?"

"ඒකත් ඉතිං උඹම කියහං.."

"අලියා නාලා ඉවර උනාම උගේ ෂෝට ඉල්ලගන්න.."

"හරි හරි ඩෝ.. උඹ ඒ කතාවෙ කොනකටත් මාව ගාව ගන්නද හදන්නේ..?"

ෂෝටා අද දවසෙ බයිට් එක වෙලා. පිස්සු නට නට නාලා ගොඩ එද්දි අපේ අත්වල ඇගිලි රැලිවැටිලා. හැබැයි ඇගටනං දැනුනෙ පුදුම සනීපයක්..

"මචං සාරංගයෝ.. උඹලගෙ අන්කල් කාරයා අපිට ආමාශගත කරන්න මුකුත් දෙන එකක් නැද්ද..? යකෙක් කන්න බඩගිනියි.."

විහගත් හරියට ස්කුබී ඩූ වගේ.  කන්න දෙනවනං ඊට වඩා දෙයක් නෑ..

"වෙලාව කීයද දන්නෑ බං.. අරුන් එළියට ඇවිත් අපිව හොයනවද දන්නෙත් නෑ.."

මං කිව්වෙ අපේ ස්ත්‍රී පාර්ශවය මතක් වෙලා.. අපි ගෙදරට යද්දි විනී ආන්ටි කෑම ලෑස්ති කරලා බලාන හිටියා.

"ඔයාලට බඩගිනි ඇතිනේ.. ඉක්මනට චේන්ජ් එකක් දාගෙන එන්න.. ලන්ච් එක රෙඩී.."

"බලපං බං ආන්ටිට පුදුම තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්නේ.. මේ වගේ උදවිය බුදුන් දැක නිවන් දකින්න ඕන.."

අපි ආන්ටිට පින් දිදි කෑම මේසෙට සෙට් උනා. ආන්ටි හදලා තිබුණෙ මැකරෝනි. ලොකු කුකුල් මස් තසිමක් එක්ක තිබුණ උණු උණු මැකරෝනි දකිද්දි විහග කෙල බාල්දියක් විතර ගිලලා ඉවරයි..

"මචං ඩ්‍රයිවර් අංකල්..?"

මං ඇහුවෙ මෙච්චර වෙලා කාටවත්ම උන්දෑව මතක තිබුණෙ නැති නිසා..

"ඔයාලා කන්න. මං එයාලට කෑම බෙදලා දුන්නා.."

"ආන්ටිලත් එන්න කන්න.. කෝ අන්කල්..?"

"එයා හදිස්සියෙ කෝල් එකක් ඇවිත් වත්තට ගියා. තව ටිකකින් එයි.. මං එයා ආවාම කන්නම්.."

එහෙම කියලා ආන්ටි අපිට කෑම බෙදුවා. අපරාදෙ කියන්න බෑ අපේ බඩවල් වල තරම දැනගෙනද කොහෙද ආන්ටි කොත ගහලා මැකරෝනි දාගෙන ගියා. මේවා තම්බපු බට කෑලි වගේ උනාට ආන්ටිගෙ මස් හොද්දත් එක්ක අවුට් නොවී බැට් කරන්න පුළුවං.. ඒක කාලා ඉවර වෙද්දි අයිස් ක්‍රීම් මේසේ උඩ. ඒකටත් වග කියපු අපි ආන්ටිලාට නොසෑහෙන්න පිං දීලා එන්න සෙට් උනා.

"ආන්ටි අන්කල් එන්න පරක්කු වෙයි වගේ නේද..? අපි එහෙනම් ගිහින් එන්නම්.. අන්කල්ටත් කියන්න.."

"ඕකේ සනා, ආයෙත් දවසක යාළුවොත් එක්ක එන්න.. ටේක් කෙයා..!"

"අපිට සංග්‍රහ කලාට තෑන්ක්ස් ආන්ටි. එහෙනං අපි ගිහින් එන්නම්.. බායි.."

සාගත මළු ටිකත් පුරවගෙන ජොලියක් දාලා අපි ආයෙත් අර ඉස්කෝලෙට ආවත් අපේ කවුරුවත් පේන්න හිටියෙ නෑ. හැබැයි උදේ තිබුණට වඩා වාහනත් අඩුයි..

"අපි ටික නැති නිසා මුං ගෙදර ගිහින්ද දන්නෙ නෑ.."

"සචීලගෙ අම්මයි, හංසි අක්කයි මොබයිල් ගෙනත් තිබුණා. වරෙං පහලට ගිහින් කෝල් එකක් දීලා බලමු.."

වෑන් එක ඉස්කෝලෙ තියෙද්දි අපි කට්ටිය පයින්ම පැත්තට ඇවිදගෙන ආවා. ඒ හරියෙම ප්‍රේමවන්තයින්ට සුර ලොවක් වගේ. මං පර්ස් එකේ දාගෙන හිටපු හංසිගෙ නොම්මරේට බොක්ස් එකකින් කෝල් කලා.

"ආ මල්ලිලා ඔයා කොහෙද ඉන්නේ..? මේ නංගි සෙකන්ඩ් රවුන්ඩ් එකට සිලෙක්ට් උන නිසයි ටිකක් පරක්කු උනේ. තව පැයකින් විතර මේක ඉවරයි."

හංසි කියපු පණිවිඩේ මං අනිත් කට්ටියට කිව්වා. හැමෝම කිව්වෙ අපි තව ටිකක් වැව රවුමෙ ඉමු කියලා. ඉතිං අපි වැව දිහා බල බල ඒ හරියෙ ඉන්න කෙල්ලන්ට විහිළු කර කර හිටියා.

"බලාගෙන බං නුවර කෙල්ලන්ට විහිළු කරලා ගහන්න ආවොත් දුවන්න පාරවල් දන්නෙත් නෑ.. ටිකක් පරිස්සමින්.."

"අපි කවද්ද බං කෙල්ලන්ගෙන් ගුටි කෑවේ. බැරිම අවස්ථාවක් ආවොත් වැවට පනිනවා.."

ෂෝටා එහෙම කිව්වට ඌට මතක නැතුව ඇති උදේ ඇතින්නක් විතර කෙල්ලෙක් ඌව සුප් කරන්න හදපු හැටි. අපි කතා කර කර ඉන්න පැත්තට චයිනා ලුක් එකක් තියෙන චප්ප මුක්කා ඩයල් තුනක් ආවා. මොකක්දෝ මන්දා චාං චූං බාසාවක් කතා කර කර ආපු උන් අපිව පහු කරද්දිම විහගයා උන්ට හලෝ කිව්වා. තුන්දෙනාගෙන් ඉස්සරහින්ම ආපු පොර හිනාවෙලා මොකක්දෝ මන්දා දෙයක් විහගට කිව්වා. හිනාවෙලා කියපු හැටියට ඒක නයිස් ටු මීට් යූ වගේ සුහද ටෝකක් වෙන්නැති කියලයි මට හිතුනේ. මෙන්න බොලේ ඌ ඒක කියද්දිම විහගත් ඒ වගේම බාසාවකින් ඔළුව පාත් කරලා මොනවදෝ කිව්වා. සුද්දො ටික හිනාවෙවී යද්දි අපි ලෝකෙ අටවෙනි පුදුමෙ දැක්කා වගේ විහග දිහා බලන් හිටියා.

"උඹ මොකක්ද බං අර චීනට කිව්වේ..?"

"ඌ සුභ පතද්දි මමත් ඌට සුභ පැතුවා.."

පිස්සු පපඩං කතාවක් තමයි මූත් කිව්වේ. මූ චීනට සුභ පැතුවලු.

"උඹ චීන භාෂාව දන්නවා කියලා අපි දන්නෙ නෑනේ.. අපි හිතුවෙ උඹ දන්නෙ සිංහල විතරයි කියලා.."

"සිංහල තමයි බං මම කිව්වේ. ඌ කියපු මෙලෝ දෙයක් මට තේරුනේ නෑ. මොනවා හරි කියන්න ඕන නිසා මමත් කිව්වා.."

මූත් මාර පොරක් තමයි..

"ඉතිං උඹ මොනවද ඔළුව පාත් කරලා කිව්වේ..?"

"මං කිව්වෙ සාට මොයිකල් අමතර කොටස් කියලා.."

"ඒ කිව්වෙ බං..."

"ඒ කිව්වෙ බං මෝට සයිකල් අමතක කොටස් කියලනේ.."

අපි කට්ටිය හිනා උනේ මූ කියපු හරුපෙ කටට කොහෙන් ආවද දන්නෑ කියල හිතලයි..

"අරුන් තුන්දෙනා දැන් චීන ඩික්ෂනරිය පෙරලයි ඒකෙ තේරුම හොයන්න.."

"උඹ තමයි බං දවසකටවත් මිනිහා. උන් ටික හිනාවෙවී යන්න ඇත්තේ ඒක තේරුනේ නැති නිසා තමයි.."

අපි හවස තුනට විතර ආපහු ඉස්කෝලෙ පැත්තට එද්දි මිස්ලා ඈත ඉදන් වෑන් එක පැත්තට එනවා දැක්කා. කට්ටියම කට කපලා හිනාවෙවී ආවේ. අපේ සචී දිනලද මන්දා..

"ආ.. ඔයාලා උදේ ඇදන් හිටියෙ මේවා නෙමෙයිනේ.. කොහෙද ගියේ..?"

අපේ සැබෑ වෙනස මුලින්ම තේරුණේ හංසිට. එයා මං දිහා බලලා එහෙම කියද්දි අනිත් කට්ටියත් අපේ කේෂාන්තයේ ඉදලා පාදාංතය වෙනකල්ම බැලුවා.

"මිස් මෙයාලා කොහෙන්ද නාලා.."

සචී ඉස්සිලා මගේ කැප් එක ගලවලා ගත්තා. අනිත් කට්ටියගෙ කොණ්ඩෙ වේලිලා තිබුණට කැප් එක දාගෙන හිටපු නිසා මගේ කොණ්ඩෙ තෙතයි.

"අපි ගිය තැන් පස්සෙ කතා කරමු. දැන් කියනවා බලන්න උඹේ නැටුමට මොකද උනේ කියලා... උඹ දින්නා නේද..?"

"දින්නද කියලා තවම දන්නෑ. උදේ ෆස්ට් රවුන්ඩ් එකෙන් හයදෙනෙක්ව තෝරලා තව වටයක් තිබ්බා. මම ඒකෙන් දෙවෙනියට නැටුවෙ. ඉතුරු හතරදෙනා නටලා ඉවර උනාම තමයි ප්ලේස් එක කියන්නේ.."

සචී අපි කට්ටියටම ඇහෙන්න කිව්වා. සචීලගෙ අම්මනං හරි සංතෝසෙන් හිටියේ.

"අපිට හෝල් එකට යන්න දුන්නෙ නැති වුනාට අපි කට්ටිය ජනේලෙන් බලන් හිටියෙ මෙයාලා නටනවා. අපේ සචී තරම් ලස්සනට කිසිම කෙනෙක් නැටුවෙ නෑ.."

ජනා අචී කියලා හයියෙන් කිව්වෙ කුමුදු මිස් හිටපු නිසා වෙන්න ඇති. ජනාලි එහෙම කියද්දි නිරෝධ මට පේන්න කොලර් එක උස්ස ගත්තා. මූ දැන්මම සචීගෙ හස්බණ්ඩා වගේ ඇක්ෂන් දාන්නේ..

"ළමයි අනිත් කට්ටිය ඉවර වෙද්දි පහත් පහුවෙයි. ප්ලේස් එක අහන්න හිටියොත් අපට රෑ වෙනවා. එයාලා සදුදට ඉස්කෝලෙට දැනුම් දෙනවලු.. අපි දැන් යං.."

මිස්ගෙ තීරණය අවසාන තීරණය වේ කියලා අපි කට්ටිය වෑන් එකට නැග්ගා. මං ෂේප් එකේ සචී ලගින් ඉදගත්තා. ඒකිව කතාවට අල්ලගන්න හිතාගෙන. සචී නැටුමට මේකප් කරපු නිසාද කොහෙද ඒකිගෙ සුදු කම්මුල් රෝස පාට වෙලා. මේ තරම් ළගට ඒ ලස්සන මූන දකිද්දි මට ලෝභ හිතුනා.

එයාලා ඇතුලට ගියාට පස්සෙ අපි මොකද කලේ කියලා සචී අහපු නිසා මං විතර විචාරෙ දුන්නා. හංසි අහක බලං වගේ හිටියට කණ තිබුණෙ අපි දෙන්නා ළගද කොහෙද..? විහගලා සිංදු කියන්න පටන් ගත්තට ඒක උදේ වගේ නැගලා ගියේ නෑ. ඒ නිසා එක එකා තනියෙම සිංදු කියන්න ගත්තම අනිත් අය මියුසික් දුන්නා.

"ඒයි අපේ අසහාය ගායකයා කියපංකෝ සිංදුවක්.."

සාරංග කෑගැහුවෙ මට. මං සචිනිගෙ මූණ දිහාත් ටිකක් වෙලා බලන් ඉදලා සිංදුවක් කියන්න පටන් ගත්තා.

"ඔබට සිත ආදරේ කරයි..

දෙතොල ගොළු වී සිටි..

නැගුණු සෙනෙහේ කියනු බැරි වී..

මගේ සිත වේදනා විදී.."

නුවර පාර දිගේ හයියෙන් ගිය අපේ වෑන් එක ඇතුලෙ මගේ සිංදුව හොද පැහැදිලිව ඇහුනා. කට්ටිය ඩ්‍රම් එක ගහන්නත් අමතක වෙලා ඇස් වහගෙන සිංදුව රස විදිද්දි සචී හිටියෙ මගේ මූණ දිහා බලාගෙන. එයාට එහා පැත්තෙ හිටපු අම්මා නිදාගෙන ඉන්නවා මං දැක්කා. සිංදුව ඉවර වෙද්දි කට්ටිය විසිල් ගහලා ඉල්ලුවෙ තව සිංදුවක්. ඊළගට මං ගොඩක් ආස කරන නින්ද නැති රැයේ සිංදුව කියන්න ගත්තා.

"මචං උඹේ රාණි හිටියනං උඹට යුග ගීයක් කියන්න තිබුණා නේද..?"

මම සචී ළග ඉදගෙන හිටපු නිසා ඊරිසියා හිතිලද කොහෙද නිරෝධ එකපාරටම නෙත්මිව මතක් කලා..

"කවුද රන්දු රාණි කියන්නේ..?"

"රාණි කියන්නෙ මුගේ ගර්ල් ෆෙන්ඩ්.."

ජනාලි අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ සාරංගයා. ඒක ඇහෙද්දි හංසි මගේ පැත්තට හැරුනෙ පැයට හැටේ වේගෙන්. ඔය නිව්ස් එක අපේ අක්කට ගියොත් ඉතිං මට බඩුම තමයි. කිසිම ගැලවිමක් නෑ..

"ඒ කතාව ඇත්තද රන්දු..? ඔයාට ගර්ල් කෙනෙක් ඉන්නවද..? ඇයි අපිට කිව්වෙ නැත්තේ..?"

ඕන ප්‍රශ්නයක් වරකට එක බැගින් ඇහුවනං ඉවරයිනේ සචී ප්‍රශ්න වැලක්ම ඇහුවෙ එක හුස්මට.

"ඔව් බං, ඒක ඇත්ත. හැබැයි තාම කියන්න තරම් කාලයක් උන්නෑ.."

මං සචීට පොඩි නයි පැටියෙක් ඇරලා බැලුවා. කෙල්ල බිම බලාගෙන කල්පනා කරනවා. මේකි ලණුව කාලා කියලා නියමෙට තේරුණා.

"සචී මට ඇත්ත කියන්න.. ඔයා කාටවත්ම ආදරේ කරන්නෙ නැද්ද..?"

මෙයාට කොල්ලෙක් නැති විත්තිය නං අපි දන්නවා. ඒත් කවුද දන්නෙ සචී නිරෝධව ලව්ද කියලා. කට්ටිය එකා දෙන්නා වෙන වෙනම කතාව. ඉතිං අපේ සංවාදෙ වෙන කවුරුවත් නම් අහං ඉදිනෙ නෑ කියලා දැනුන නිසා මං සචීගෙන් ඇහුවා.

"මං... මං... මං ආදරේ කරනවා රන්දු. ඒත් ඒක මං එයාට කියලා නෑ.."

මං හිතුවා හරි. නිරෝධ සචීට ලව්. ඒත් තාම කියලා නෑ. ඒ වගේම සචිත් ලව් කරන්නෙ නිරෝධටම වෙන්න ඇති. එයත් ඒක හිතේ තියන් ඉන්වා. මේ රන්දුට ඉතං සොරි ඩොට් කොම් තමයි.

"ඔයා ආදරේ කරන්නෙ අපේ සෙට් එකේ කාටහරි නේද..?"

මං හිමීට එහෙම අහද්දි කෙල්ලගෙ ලස්සන ඇස්වල කදුළු පිරිලා. ආදරේ හිතේ තියන් දුක් විදින එක කොයි තරම් අමාරුද කියලා මට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ. ඒ දුක මටත් දැනිලා තියෙනවා. ඊයෙ පෙරේදා අලුතෙන් ආපු කෙල්ලෙක් දිහා හොරෙන් බැලුවට පුංචි කාලෙ ඉදලා මං ළග හිටපු සචිනිට මං ආදරේ කරලා කියලා මට දැනුනෙ නිරෝධ අපේ ගෙදර නතර උන දවසෙ රෑ. ඒත් මට ඒ පොත පෙරලන්නෙ නැතුවම වහලා දාන්න වෙලා. මං දැන් මගේ හොදම යාළුවෙක් උන නිරෝධට උදව් කරන්න පොරොන්දු වෙලා ඉවරයි.

"සචී මට ඇත්ත කියන්න සචී.."

"ඒ ගැන අහන්නෙපා රන්දු. මං දන්නෙ මං එයාට ගොඩක් ආදරෙයි කියලා විතරයි.."

මෙච්චර වෙලා සචීගෙ ඇස්වල පිරිලා තිබුණු කදුළු බිංදු නිදහසේ ගලාගෙන යද්දි එයා ඉස්සරහ සීට් එකට ඔලුව තියාගත්තා. කෙල්ලො කොයි තරම් අඩනවා දැකලා තිබුණත් සචීගෙ කදුළු ඉස්සරහ මගේ හිත උණු උනා.

"ඔයා ආදරෙයි කියනකන් එයා බලන් ඉන්නවා සචී. ඒක ඉක්මනට කියන්න.."

සචීගෙ සිනිදු අතක් උඩින් අත තියලා මං කියද්දි එයා මගේ අත තද කරලා අල්ලගත්තා. දැන් මේ රන්දු ෆුල් හොල්මං. මේ රෝස මල නිරෝධගෙ අතට දෙන්නෙ කොහොමද කියනෙක මං කොළඹට එනකල් කල්පනා කලා. මග නතර කරලා ආප්ප කාලා තේ බීලා ආපු නිසා ඉස්කෝලෙට එද්දි හයහමාර විතර උනා. අපි මගදි කෝල් කරපු හින්දා ගෙවල් වලින් ඇවිත් තිබුණට සාරංගටයි දිනුකටයි යන්න විදියක් තිබුණෙ නෑ.

"සාරංග උඹලා දෙන්නව අපේ වෑන් එකේ ගිහින් දාන්නද..?"

මං ඇහුවෙ උන්ව මග දාලා යන එක හොද නැති නිසා..

"නෑ බං තාම එචච්ර කළුවර වෙලත් නෑ නේ.. අපි ත්‍රීවිල් එකක යන්නම්..."

එහෙම කියලා උන් දෙන්නා පාර පැත්තට ගියා. කුමුදු මිස්ව ගෙදරට දාන්න සචී බාරගත්තා.

"හංසි අක්කේ ඔයා යන්නෙ කොහොමද..?"

මං ඇහුවෙ එයා ගැන අහන්න මට යුතුකමක් තියෙනවා කියලා හිතුන නිසා. මොකද හංසි දැන් මට මගේ අක්කා වගේ තමයි.

"අපේ මල්ලි බයික් එකේ ඇවිත් ඉන්නේ. මං එයා එක්ක යන්නම්. ඔයාලා පරිස්සමින් යන්න.."

ගේට්ටුව ළග පල්සර් බයික් එකක් නතර කරලා තිබුණෙ හංසිගෙ මල්ලි වෙන්න ඇති. හැමෝම යන්න සෙට් වෙද්දි මං අපේ වෑන් එකට නැග්ගෙ විහගත් එක්ක. ඌට අද රෑ අපේ ගෙදර ඉන්න කිව්වත් මහන්සියි කියලා ගෙදර යන්න ඕන කිව්වා. ඌවත් ගෙදර දාලා අපි ගෙදර එද්දි හතහමාරට විතර ඇති.

"පොඩි පුතා කොහොමද ගමන..?"

මං වෑන් එකෙන් බහිද්දිම අම්මා අවිත් මගේ අත අල්ල ගත්තා. එයා ගොඩක් වෙලා පාර බලන් ඉන්න ඇති කියලා මට හිතුණා ඒ මූණ දකිද්දිම.

"ගමන නම් නියමයි අම්මා.. හැබැයි හරිම මහන්සියි.."

"ගමන නියමයි කියලා තේරෙනවා කටහඩට වෙලා තියෙන දේ බලද්දි. හරියට වචන පිටවෙන්නෙත් නෑ.."

අක්කා සුපුරුදු ගෝරනාඩුව දාලා මාව පිළිගත්තා. මග දිගට සිංදු කිය කිය ඇවිත් අක්කා කිව්වා වගේ මගේ උගුර බැරැන්ඩි වෙලා තිබුණෙ. ඉක්මනට ඇග සෝදපු මම රෑට කන්නෙත් නැතුව ඇදට පැන්නා.

http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12415139

[QUOTE="crazybuddy, post: 12427407, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]"අන්කල් අපි කට්ටිය ආවෙ මේ පිටිපස්ස දොලෙන් නාන්න.."[/COLOR][/B] [B][COLOR=#783f04]"ඕකේ සනා.. යූ එන්ජෝයි විත් යුවර් ෆෙන්ඩ්ස්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ යකානං මාර පොරක්. සිංහලෙන් කියන දේට උත්තර දෙන්නෙත් කඩ්ඩෙන්. විනී ආන්ටි අපිට චේන්ජ් කරගන්න කියලා කාමරයක් පෙන්නුවා. අපි ෂෝටවල් ටිකකට බැහැලා කාමරෙන් එළියට එද්දි අන්කල් අලුත්ම තුවා තුනක් විතර අපිට දුන්නා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එපා අන්කල් අපි ළග තුවා තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෝ නෝ සනා ටේක් දිස්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක කියද්දි විහග තුවා ටික ඉක්මනට අතට ගත්තෙ, නැත්තං අන්කල් ඉංශ්‍රීසියෙන් බනියි කියලා වෙන්න ඇති. බැන්නත් ඉතිං අවුලක් නෑ. අර බල්ලා කියන හැමදේටම නගුට වනනවා වගේ හිනාවෙලා අහන් ඉන්න තියෙන්නේ. මොකෝ තේරෙන එකක්යෑ. අපි ඩ්‍රයිවර් අන්කල්ට කියවන්න පත්තර ටිකකුත් දීලා අන්කල් එක්ක වත්ත පහලට ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වත්තෙ ඉස්සරහ තියෙනවට වඩා ලොකු ඉඩක් පිටිපස්සෙ තිබුණා. බෑවුම වගේ තිබුණ ඒ හරියෙ මල් වවලා ඒ පාත්ති අතරින් ගල් වැටි වගේ දාලා පාරවල් හදලා එළකිරි ලුක් එකක් තිබුනේ. අපේ කෙල්ලො ටික එහෙම මේ මල් වත්ත දැක්කා නම් උන්ගෙ අවසන් හුස්ම පොද මෙතනම යනවා. ඒ තරම් ගති. පහල පෙනුන දොල පාර දකිද්දි මට මතක් උනේ කාච්චි මලේ.. නාන්න ඕනෙ නෑ.. දැක්කත් සැපයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕ......... වට් අ නයිස් ප්ලේස්..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටා ටිකක් උච්ච ස්වරයෙන් කිව්වෙ අන්කල්ට ඇහෙන්න වෙන්න ඇති. කොළඹින් ඇවිත් ගොඩේ බයියො ටික වගේ ඉදලා බෑනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"යර්ස් සනා.. ඔයාලා කැමති නම් කට්ටියම ස්කූල් වැකේෂන් එකට මෙහේ ඇවිත් ඉදලා යන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔන්න අපේ එකා දන්න කඩු දෙක තුන කිව්වා විතරයි අන්කල් කාරයා සිංහලට බැස්සා. මොනව නැතත් පෙරගෙ යෝජනාව නම් ටොප්. අපි නාන්න පටන් ගත්තම අන්කල් ගෙදර ගියා. අපේ ගැන්සිය ගල් උඩින් පැන පැන පෙරලි පෙරලි වතුරෙ දගලන්න ගත්තෙ හරියට සහරා කාන්තාරෙ ඉදලා ආවා වගේ. වැඩියම දැගලුවෙ ෂෝටා. ඌ එක දිගට තිබුණ ගල් පේලියක් දිගේ යද්දි ජබොක් ගාලා ඇදගෙන වැටුනා. මං පොඩි කවියක් මතක් වෙලා කියද්දි ඉතුරු හතර දෙනත් මාත් එක්ක එකතුවෙලා කවිය කිව්වා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ දන්ඩේ......... කොටා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] යන විට ගාට......ගාටා.....[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වැටුණේය..........වතුරටා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හූ.......................ටා......"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කොටා කියපු නිසාද මන්දා ඌගේ මූණ දෙකවෙලා. අපි බීම බිබී කඩල කකා ෆුල් ෆන් එක ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං ෂෝටා.. උඹ දන්නවද අර අලියගෙයි කූඹියගෙයි කතාව..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විහග අහද්දි අපි කට්ටිය ඌ දිහාට හැරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අලියගෙයි කූඹියගෙයි කතා කොයිතරම් තියෙනවද උඹ අහන්නෙ කොයි එකද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අලියයි කූඹියයි නාන්න ගිය එක..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම්හ්... කියපංකො බලන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙහෙමයි.. අලියයි කූඹියයි නාන්න ගියාලු. මුලින්ම අලියා නාලා ඉවරවෙනකල් කූඹියා ගොඩට වෙලා බලන් හිටියලු. දන්නවද ඒ ඇයි කියලා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අලියට පෑගිලා ඌ මැරෙයි කියලා වෙන්නැති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ උඹලා දන්නවද උත්තරේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකත් ඉතිං උඹම කියහං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අලියා නාලා ඉවර උනාම උගේ ෂෝට ඉල්ලගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි හරි ඩෝ.. උඹ ඒ කතාවෙ කොනකටත් මාව ගාව ගන්නද හදන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටා අද දවසෙ බයිට් එක වෙලා. පිස්සු නට නට නාලා ගොඩ එද්දි අපේ අත්වල ඇගිලි රැලිවැටිලා. හැබැයි ඇගටනං දැනුනෙ පුදුම සනීපයක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං සාරංගයෝ.. උඹලගෙ අන්කල් කාරයා අපිට ආමාශගත කරන්න මුකුත් දෙන එකක් නැද්ද..? යකෙක් කන්න බඩගිනියි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විහගත් හරියට ස්කුබී ඩූ වගේ. [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]කන්න දෙනවනං ඊට වඩා දෙයක් නෑ..[/COLOR][/B] [B][COLOR=#783f04]"වෙලාව කීයද දන්නෑ බං.. අරුන් එළියට ඇවිත් අපිව හොයනවද දන්නෙත් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කිව්වෙ අපේ ස්ත්‍රී පාර්ශවය මතක් වෙලා.. අපි ගෙදරට යද්දි විනී ආන්ටි කෑම ලෑස්ති කරලා බලාන හිටියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාලට බඩගිනි ඇතිනේ.. ඉක්මනට චේන්ජ් එකක් දාගෙන එන්න.. ලන්ච් එක රෙඩී.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලපං බං ආන්ටිට පුදුම තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්නේ.. මේ වගේ උදවිය බුදුන් දැක නිවන් දකින්න ඕන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි ආන්ටිට පින් දිදි කෑම මේසෙට සෙට් උනා. ආන්ටි හදලා තිබුණෙ මැකරෝනි. ලොකු කුකුල් මස් තසිමක් එක්ක තිබුණ උණු උණු මැකරෝනි දකිද්දි විහග කෙල බාල්දියක් විතර ගිලලා ඉවරයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං ඩ්‍රයිවර් අංකල්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඇහුවෙ මෙච්චර වෙලා කාටවත්ම උන්දෑව මතක තිබුණෙ නැති නිසා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාලා කන්න. මං එයාලට කෑම බෙදලා දුන්නා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආන්ටිලත් එන්න කන්න.. කෝ අන්කල්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයා හදිස්සියෙ කෝල් එකක් ඇවිත් වත්තට ගියා. තව ටිකකින් එයි.. මං එයා ආවාම කන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා ආන්ටි අපිට කෑම බෙදුවා. අපරාදෙ කියන්න බෑ අපේ බඩවල් වල තරම දැනගෙනද කොහෙද ආන්ටි කොත ගහලා මැකරෝනි දාගෙන ගියා. මේවා තම්බපු බට කෑලි වගේ උනාට ආන්ටිගෙ මස් හොද්දත් එක්ක අවුට් නොවී බැට් කරන්න පුළුවං.. ඒක කාලා ඉවර වෙද්දි අයිස් ක්‍රීම් මේසේ උඩ. ඒකටත් වග කියපු අපි ආන්ටිලාට නොසෑහෙන්න පිං දීලා එන්න සෙට් උනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආන්ටි අන්කල් එන්න පරක්කු වෙයි වගේ නේද..? අපි එහෙනම් ගිහින් එන්නම්.. අන්කල්ටත් කියන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕකේ සනා, ආයෙත් දවසක යාළුවොත් එක්ක එන්න.. ටේක් කෙයා..!"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපිට සංග්‍රහ කලාට තෑන්ක්ස් ආන්ටි. එහෙනං අපි ගිහින් එන්නම්.. බායි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සාගත මළු ටිකත් පුරවගෙන ජොලියක් දාලා අපි ආයෙත් අර ඉස්කෝලෙට ආවත් අපේ කවුරුවත් පේන්න හිටියෙ නෑ. හැබැයි උදේ තිබුණට වඩා වාහනත් අඩුයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි ටික නැති නිසා මුං ගෙදර ගිහින්ද දන්නෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සචීලගෙ අම්මයි, හංසි අක්කයි මොබයිල් ගෙනත් තිබුණා. වරෙං පහලට ගිහින් කෝල් එකක් දීලා බලමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෑන් එක ඉස්කෝලෙ තියෙද්දි අපි කට්ටිය පයින්ම පැත්තට ඇවිදගෙන ආවා. ඒ හරියෙම ප්‍රේමවන්තයින්ට සුර ලොවක් වගේ. මං පර්ස් එකේ දාගෙන හිටපු හංසිගෙ නොම්මරේට බොක්ස් එකකින් කෝල් කලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ මල්ලිලා ඔයා කොහෙද ඉන්නේ..? මේ නංගි සෙකන්ඩ් රවුන්ඩ් එකට සිලෙක්ට් උන නිසයි ටිකක් පරක්කු උනේ. තව පැයකින් විතර මේක ඉවරයි."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හංසි කියපු පණිවිඩේ මං අනිත් කට්ටියට කිව්වා. හැමෝම කිව්වෙ අපි තව ටිකක් වැව රවුමෙ ඉමු කියලා. ඉතිං අපි වැව දිහා බල බල ඒ හරියෙ ඉන්න කෙල්ලන්ට විහිළු කර කර හිටියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලාගෙන බං නුවර කෙල්ලන්ට විහිළු කරලා ගහන්න ආවොත් දුවන්න පාරවල් දන්නෙත් නෑ.. ටිකක් පරිස්සමින්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි කවද්ද බං කෙල්ලන්ගෙන් ගුටි කෑවේ. බැරිම අවස්ථාවක් ආවොත් වැවට පනිනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටා එහෙම කිව්වට ඌට මතක නැතුව ඇති උදේ ඇතින්නක් විතර කෙල්ලෙක් ඌව සුප් කරන්න හදපු හැටි. අපි කතා කර කර ඉන්න පැත්තට චයිනා ලුක් එකක් තියෙන චප්ප මුක්කා ඩයල් තුනක් ආවා. මොකක්දෝ මන්දා චාං චූං බාසාවක් කතා කර කර ආපු උන් අපිව පහු කරද්දිම විහගයා උන්ට හලෝ කිව්වා. තුන්දෙනාගෙන් ඉස්සරහින්ම ආපු පොර හිනාවෙලා මොකක්දෝ මන්දා දෙයක් විහගට කිව්වා. හිනාවෙලා කියපු හැටියට ඒක නයිස් ටු මීට් යූ වගේ සුහද ටෝකක් වෙන්නැති කියලයි මට හිතුනේ. මෙන්න බොලේ ඌ ඒක කියද්දිම විහගත් ඒ වගේම බාසාවකින් ඔළුව පාත් කරලා මොනවදෝ කිව්වා. සුද්දො ටික හිනාවෙවී යද්දි අපි ලෝකෙ අටවෙනි පුදුමෙ දැක්කා වගේ විහග දිහා බලන් හිටියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ මොකක්ද බං අර චීනට කිව්වේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඌ සුභ පතද්දි මමත් ඌට සුභ පැතුවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පිස්සු පපඩං කතාවක් තමයි මූත් කිව්වේ. මූ චීනට සුභ පැතුවලු.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ චීන භාෂාව දන්නවා කියලා අපි දන්නෙ නෑනේ.. අපි හිතුවෙ උඹ දන්නෙ සිංහල විතරයි කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සිංහල තමයි බං මම කිව්වේ. ඌ කියපු මෙලෝ දෙයක් මට තේරුනේ නෑ. මොනවා හරි කියන්න ඕන නිසා මමත් කිව්වා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූත් මාර පොරක් තමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං උඹ මොනවද ඔළුව පාත් කරලා කිව්වේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කිව්වෙ සාට මොයිකල් අමතර කොටස් කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කිව්වෙ බං..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කිව්වෙ බං මෝට සයිකල් අමතක කොටස් කියලනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි කට්ටිය හිනා උනේ මූ කියපු හරුපෙ කටට කොහෙන් ආවද දන්නෑ කියල හිතලයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අරුන් තුන්දෙනා දැන් චීන ඩික්ෂනරිය පෙරලයි ඒකෙ තේරුම හොයන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ තමයි බං දවසකටවත් මිනිහා. උන් ටික හිනාවෙවී යන්න ඇත්තේ ඒක තේරුනේ නැති නිසා තමයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි හවස තුනට විතර ආපහු ඉස්කෝලෙ පැත්තට එද්දි මිස්ලා ඈත ඉදන් වෑන් එක පැත්තට එනවා දැක්කා. කට්ටියම කට කපලා හිනාවෙවී ආවේ. අපේ සචී දිනලද මන්දා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ.. ඔයාලා උදේ ඇදන් හිටියෙ මේවා නෙමෙයිනේ.. කොහෙද ගියේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපේ සැබෑ වෙනස මුලින්ම තේරුණේ හංසිට. එයා මං දිහා බලලා එහෙම කියද්දි අනිත් කට්ටියත් අපේ කේෂාන්තයේ ඉදලා පාදාංතය වෙනකල්ම බැලුවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මිස් මෙයාලා කොහෙන්ද නාලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සචී ඉස්සිලා මගේ කැප් එක ගලවලා ගත්තා. අනිත් කට්ටියගෙ කොණ්ඩෙ වේලිලා තිබුණට කැප් එක දාගෙන හිටපු නිසා මගේ කොණ්ඩෙ තෙතයි. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි ගිය තැන් පස්සෙ කතා කරමු. දැන් කියනවා බලන්න උඹේ නැටුමට මොකද උනේ කියලා... උඹ දින්නා නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දින්නද කියලා තවම දන්නෑ. උදේ ෆස්ට් රවුන්ඩ් එකෙන් හයදෙනෙක්ව තෝරලා තව වටයක් තිබ්බා. මම ඒකෙන් දෙවෙනියට නැටුවෙ. ඉතුරු හතරදෙනා නටලා ඉවර උනාම තමයි ප්ලේස් එක කියන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සචී අපි කට්ටියටම ඇහෙන්න කිව්වා. සචීලගෙ අම්මනං හරි සංතෝසෙන් හිටියේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපිට හෝල් එකට යන්න දුන්නෙ නැති වුනාට අපි කට්ටිය ජනේලෙන් බලන් හිටියෙ මෙයාලා නටනවා. අපේ සචී තරම් ලස්සනට කිසිම කෙනෙක් නැටුවෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ජනා අචී කියලා හයියෙන් කිව්වෙ කුමුදු මිස් හිටපු නිසා වෙන්න ඇති. ජනාලි එහෙම කියද්දි නිරෝධ මට පේන්න කොලර් එක උස්ස ගත්තා. මූ දැන්මම සචීගෙ හස්බණ්ඩා වගේ ඇක්ෂන් දාන්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ළමයි අනිත් කට්ටිය ඉවර වෙද්දි පහත් පහුවෙයි. ප්ලේස් එක අහන්න හිටියොත් අපට රෑ වෙනවා. එයාලා සදුදට ඉස්කෝලෙට දැනුම් දෙනවලු.. අපි දැන් යං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිස්ගෙ තීරණය අවසාන තීරණය වේ කියලා අපි කට්ටිය වෑන් එකට නැග්ගා. මං ෂේප් එකේ සචී ලගින් ඉදගත්තා. ඒකිව කතාවට අල්ලගන්න හිතාගෙන. සචී නැටුමට මේකප් කරපු නිසාද කොහෙද ඒකිගෙ සුදු කම්මුල් රෝස පාට වෙලා. මේ තරම් ළගට ඒ ලස්සන මූන දකිද්දි මට ලෝභ හිතුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එයාලා ඇතුලට ගියාට පස්සෙ අපි මොකද කලේ කියලා සචී අහපු නිසා මං විතර විචාරෙ දුන්නා. හංසි අහක බලං වගේ හිටියට කණ තිබුණෙ අපි දෙන්නා ළගද කොහෙද..? විහගලා සිංදු කියන්න පටන් ගත්තට ඒක උදේ වගේ නැගලා ගියේ නෑ. ඒ නිසා එක එකා තනියෙම සිංදු කියන්න ගත්තම අනිත් අය මියුසික් දුන්නා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒයි අපේ අසහාය ගායකයා කියපංකෝ සිංදුවක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සාරංග කෑගැහුවෙ මට. මං සචිනිගෙ මූණ දිහාත් ටිකක් වෙලා බලන් ඉදලා සිංදුවක් කියන්න පටන් ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔබට සිත ආදරේ කරයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දෙතොල ගොළු වී සිටි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නැගුණු සෙනෙහේ කියනු බැරි වී..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ සිත වේදනා විදී.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නුවර පාර දිගේ හයියෙන් ගිය අපේ වෑන් එක ඇතුලෙ මගේ සිංදුව හොද පැහැදිලිව ඇහුනා. කට්ටිය ඩ්‍රම් එක ගහන්නත් අමතක වෙලා ඇස් වහගෙන සිංදුව රස විදිද්දි සචී හිටියෙ මගේ මූණ දිහා බලාගෙන. එයාට එහා පැත්තෙ හිටපු අම්මා නිදාගෙන ඉන්නවා මං දැක්කා. සිංදුව ඉවර වෙද්දි කට්ටිය විසිල් ගහලා ඉල්ලුවෙ තව සිංදුවක්. ඊළගට මං ගොඩක් ආස කරන නින්ද නැති රැයේ සිංදුව කියන්න ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං උඹේ රාණි හිටියනං උඹට යුග ගීයක් කියන්න තිබුණා නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම සචී ළග ඉදගෙන හිටපු නිසා ඊරිසියා හිතිලද කොහෙද නිරෝධ එකපාරටම නෙත්මිව මතක් කලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුද රන්දු රාණි කියන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රාණි කියන්නෙ මුගේ ගර්ල් ෆෙන්ඩ්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ජනාලි අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ සාරංගයා. ඒක ඇහෙද්දි හංසි මගේ පැත්තට හැරුනෙ පැයට හැටේ වේගෙන්. ඔය නිව්ස් එක අපේ අක්කට ගියොත් ඉතිං මට බඩුම තමයි. කිසිම ගැලවිමක් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කතාව ඇත්තද රන්දු..? ඔයාට ගර්ල් කෙනෙක් ඉන්නවද..? ඇයි අපිට කිව්වෙ නැත්තේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඕන ප්‍රශ්නයක් වරකට එක බැගින් ඇහුවනං ඉවරයිනේ සචී ප්‍රශ්න වැලක්ම ඇහුවෙ එක හුස්මට.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් බං, ඒක ඇත්ත. හැබැයි තාම කියන්න තරම් කාලයක් උන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං සචීට පොඩි නයි පැටියෙක් ඇරලා බැලුවා. කෙල්ල බිම බලාගෙන කල්පනා කරනවා. මේකි ලණුව කාලා කියලා නියමෙට තේරුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සචී මට ඇත්ත කියන්න.. ඔයා කාටවත්ම ආදරේ කරන්නෙ නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙයාට කොල්ලෙක් නැති විත්තිය නං අපි දන්නවා. ඒත් කවුද දන්නෙ සචී නිරෝධව ලව්ද කියලා. කට්ටිය එකා දෙන්නා වෙන වෙනම කතාව. ඉතිං අපේ සංවාදෙ වෙන කවුරුවත් නම් අහං ඉදිනෙ නෑ කියලා දැනුන නිසා මං සචීගෙන් ඇහුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං... මං... මං ආදරේ කරනවා රන්දු. ඒත් ඒක මං එයාට කියලා නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං හිතුවා හරි. නිරෝධ සචීට ලව්. ඒත් තාම කියලා නෑ. ඒ වගේම සචිත් ලව් කරන්නෙ නිරෝධටම වෙන්න ඇති. එයත් ඒක හිතේ තියන් ඉන්වා. මේ රන්දුට ඉතං සොරි ඩොට් කොම් තමයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා ආදරේ කරන්නෙ අපේ සෙට් එකේ කාටහරි නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං හිමීට එහෙම අහද්දි කෙල්ලගෙ ලස්සන ඇස්වල කදුළු පිරිලා. ආදරේ හිතේ තියන් දුක් විදින එක කොයි තරම් අමාරුද කියලා මට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ. ඒ දුක මටත් දැනිලා තියෙනවා. ඊයෙ පෙරේදා අලුතෙන් ආපු කෙල්ලෙක් දිහා හොරෙන් බැලුවට පුංචි කාලෙ ඉදලා මං ළග හිටපු සචිනිට මං ආදරේ කරලා කියලා මට දැනුනෙ නිරෝධ අපේ ගෙදර නතර උන දවසෙ රෑ. ඒත් මට ඒ පොත පෙරලන්නෙ නැතුවම වහලා දාන්න වෙලා. මං දැන් මගේ හොදම යාළුවෙක් උන නිරෝධට උදව් කරන්න පොරොන්දු වෙලා ඉවරයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සචී මට ඇත්ත කියන්න සචී.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ ගැන අහන්නෙපා රන්දු. මං දන්නෙ මං එයාට ගොඩක් ආදරෙයි කියලා විතරයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙච්චර වෙලා සචීගෙ ඇස්වල පිරිලා තිබුණු කදුළු බිංදු නිදහසේ ගලාගෙන යද්දි එයා ඉස්සරහ සීට් එකට ඔලුව තියාගත්තා. කෙල්ලො කොයි තරම් අඩනවා දැකලා තිබුණත් සචීගෙ කදුළු ඉස්සරහ මගේ හිත උණු උනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා ආදරෙයි කියනකන් එයා බලන් ඉන්නවා සචී. ඒක ඉක්මනට කියන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සචීගෙ සිනිදු අතක් උඩින් අත තියලා මං කියද්දි එයා මගේ අත තද කරලා අල්ලගත්තා. දැන් මේ රන්දු ෆුල් හොල්මං. මේ රෝස මල නිරෝධගෙ අතට දෙන්නෙ කොහොමද කියනෙක මං කොළඹට එනකල් කල්පනා කලා. මග නතර කරලා ආප්ප කාලා තේ බීලා ආපු නිසා ඉස්කෝලෙට එද්දි හයහමාර විතර උනා. අපි මගදි කෝල් කරපු හින්දා ගෙවල් වලින් ඇවිත් තිබුණට සාරංගටයි දිනුකටයි යන්න විදියක් තිබුණෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සාරංග උඹලා දෙන්නව අපේ වෑන් එකේ ගිහින් දාන්නද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඇහුවෙ උන්ව මග දාලා යන එක හොද නැති නිසා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ බං තාම එචච්ර කළුවර වෙලත් නෑ නේ.. අපි ත්‍රීවිල් එකක යන්නම්..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා උන් දෙන්නා පාර පැත්තට ගියා. කුමුදු මිස්ව ගෙදරට දාන්න සචී බාරගත්තා. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හංසි අක්කේ ඔයා යන්නෙ කොහොමද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඇහුවෙ එයා ගැන අහන්න මට යුතුකමක් තියෙනවා කියලා හිතුන නිසා. මොකද හංසි දැන් මට මගේ අක්කා වගේ තමයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපේ මල්ලි බයික් එකේ ඇවිත් ඉන්නේ. මං එයා එක්ක යන්නම්. ඔයාලා පරිස්සමින් යන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගේට්ටුව ළග පල්සර් බයික් එකක් නතර කරලා තිබුණෙ හංසිගෙ මල්ලි වෙන්න ඇති. හැමෝම යන්න සෙට් වෙද්දි මං අපේ වෑන් එකට නැග්ගෙ විහගත් එක්ක. ඌට අද රෑ අපේ ගෙදර ඉන්න කිව්වත් මහන්සියි කියලා ගෙදර යන්න ඕන කිව්වා. ඌවත් ගෙදර දාලා අපි ගෙදර එද්දි හතහමාරට විතර ඇති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පොඩි පුතා කොහොමද ගමන..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං වෑන් එකෙන් බහිද්දිම අම්මා අවිත් මගේ අත අල්ල ගත්තා. එයා ගොඩක් වෙලා පාර බලන් ඉන්න ඇති කියලා මට හිතුණා ඒ මූණ දකිද්දිම.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ගමන නම් නියමයි අම්මා.. හැබැයි හරිම මහන්සියි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ගමන නියමයි කියලා තේරෙනවා කටහඩට වෙලා තියෙන දේ බලද්දි. හරියට වචන පිටවෙන්නෙත් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කා සුපුරුදු ගෝරනාඩුව දාලා මාව පිළිගත්තා. මග දිගට සිංදු කිය කිය ඇවිත් අක්කා කිව්වා වගේ මගේ උගුර බැරැන්ඩි වෙලා තිබුණෙ. ඉක්මනට ඇග සෝදපු මම රෑට කන්නෙත් නැතුව ඇදට පැන්නා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?rpmgn7z9a9ojhgh"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12415139"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom