Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමන්ත_භද්‍ර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රපංචය කියන්නේ phenomenon. මඡ්ක්ධිම නිකායට අයත් “මධු පිණ්ඩික” සූත්‍ර දේශනාවෙන් “ප්‍රපංච” යන වචනයේ තේරුම සොයා ගත හැකිය. එහිදී ඇස මුල් කොට දකින දේ නිසා ප්‍රපංච ඇති වන ආකාරය මෙසේ විස්තර කරයි. “ චක්ඛුං ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං ප්රපංචේති” ඇසත් රූපයත් නිසා ඇසේ විඤ්ඤාණය හට ගනී. මේවායෙහි එකතුව ස්පර්ශය යි. ස්පර්ශය නිසා විඳීමත් විඳීම නිසා හඳුනා ගැනීමත් හඳුනා ගැනීමෙන් විතර්කයත් විතර්කය නිසා ප්‍රපංචයත් ඇති වේ. මේ අනුව සරල වශයෙන් “ප්‍රපංච” යනු ආයතන හයෙන් හඳුනා ගත් දෙයක් පිළිබඳ ව දිගින් දිගට සිතා බැලීම ලෙස දැක්විය හැකිය. අප ඇසින් යමක් දුටු විට දුටු පමණින් නැවතීමක් නැත. එය හඳුනා ගෙන දිගින් දිගට ඒ පිළිබඳ ව සිතන්නට පෙළඹේ. උදාහරණයක් ලෙස ඇසින් දුටුවේ පුටුවක් නම්, එය සාදා ඇත්තේ කුමකින්ද ? එහි වර්ණය, හැඩය ආදී වශයෙන් විවිධ සිතිවිලි පහල කරයි. හඳුනා ගැනීමත් සමග ම යෙදෙන මේ සිතිවිලි ප්‍රපංච ලෙස දැක්වේ. මෙහි දී විතර්කය හා ප්රපංචය දෙකක් ලෙස දැක්වීම ද විශේෂත්වයකි. විතර්කයම තව දුරටත් දිග් ගැස්වීම ප්රපංචය යි. විතර්ක ප්‍රපංච දෙකටම මූලික වන්නේ විඳීම හා හඳුනා ගැනීමයි. විඳීමක් හඳුනා ගැනීමක් නොමැති තැන විතර්ක ප්‍රපංච නැත. ප්‍රපංච අකුසල සහගත පමණක් ම නොවේ. ධම්ම විතර්ක ද ඇත. ඒවා ද දිගින් දිගටම මෙනෙහි කිරීම ප්රපංචය යි. කෙසේ හෝ ප්රපංචය හේතු කොට ගෙන අනිත්‍ය දර්ශනය ට බාධා ඇතිවේ.

මේ නිසා විතර්ක ප්‍රපංච බැහැර නොකොට අනිත්‍ය දර්ශනය ලබා ගැනීමට නොහැකිය. යමක් හඳුනා ගැනීම ප්රපංචයට හේතු වන බව “සඤ්ඤානිදානා හි ප්රපංචසංඛ” යන සුත්ත නිපාතයේ කලහ විවාද සූත්‍ර පාඨයෙන් ද හෙළිවේ. මේ නිසා අනිත්‍ය දර්ශනය සංඥාවෙන් බැහැර වූ දෙයක් ලෙස තේරුම් ගත හැකිය.

මේ කරුණ ම මඩු පිණ්ඩික සූත්‍රයේ දී තවදුරටත් විග්රහ කර දක්වයි. “යමක් හේතුකොට ගෙන ( විඳීමක්, හඳුනාගැනීමක් ) පුද්ගලයෙකුගේ සිත තුළ ප්‍රපංච හැසිරේ නම් ඒවා පිළි නො ගත යුතුය. ඒ පිළිබඳ කථා බස් නො කළ යුතුය. ඒවාට බැඳී නොසිටිය යුතුය. මෙය සියලු පාපී අකුසල ධර්මයන් ගේ නිරෝධය යි.” ප්රපංචයන් ගෙන් බැහැර වීම නම් අනිත්‍ය දර්ශනයට පැමිණිය යුතුය. නිවනට පරියාය වචනයක් ලෙස “නිප්පඤ්ච” වචනය යෙදී ඇති බව මෙහිදී සලකා බැලිය හැකිය. අංගුත්තර නිකායට අයත් “ අනුරුද්ධ සූත්‍රයෙහි ද , “ මේ ධර්මය ප්රපංචයන් හි නො ඇලී සිටින තැනැත්තාම බව දැක්වේ. එහිම අවසන් ගාථාවන්හි සඳහන් වන “නිප්පපඤ්චරතො බුද්ධෝ” යන්නෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රපංච නැති බවෙහි ඇලී වාසය කරන බව දැක්වේ.

යවකලාපී සූත්‍රයේ දී මේ ප්රපංචය ඉතා සියුම් වූ මාර බන්ධනයක් ලෙස හඳුන්වා වදාළහ. එසේ ම ප්රපංචය යනු සිතෙහි හැසිරෙන සිතිවිලි සමුදායක් බව ද එම සූත්‍රයෙන් ම තේරුම් ගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ බාගිය දාරුචීරය තාපසයාට දුන් කෙටි අවවාදයෙහි සඳහන් “දුටුවෙහි දුටු පමණක් වන්නේ ය”, යන්නෙන් ප්‍රපංච නැති බව අදහස් වේ. ඒ ප්‍රපංච නැති බවට පැමිණීමෙන් ම බාහිය අර්හත්වය ලබා ගති. සාමාන්‍ය ලෝකයා ආයතන හයෙන් ලබා ගන්නා අරමුණු ඔස්සේ විතර්ක ප්‍රපංච වලට යොමු වේ. නමුත් සතිය දියුණු කර ගත් යෝගාවචරයා දකින, අසන, විඳින, දැනගන්නා දේ අනිත්‍ය වූ ධර්මතාවයක් ලෙස සලකා බලයි. ව්‍යවහාරයට අදාළ සංඥා වශයෙන් නොව ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් ත්රිලක්ෂණයට නගා බැලීම ප්‍රපංච නිරෝධ මාර්ගය යි. අනිත්‍ය දර්ශනය විතර්කයක් නො වන බව මෙයින් ඉතාම පැහැදිලි වේ.

බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය දේශනා කොට වදාළේ, අනිත්‍ය දර්ශනය පිණිස සිත පුහුණු කිරීමට යි. ඒ නිසා සෑම අවස්ථාවක ම සිහියෙන් යුක්තව කටයුතු කිරීමෙන් ඒ ඒ දෙයෙහි අනිත්‍ය බව තේරුම් ගත හැකිය. ඒ අයුරින් සතිය දියුණු කරගත් යෝගාවචරයාට විතර්කයකින් තොරව හේතු ඵල දහමක් ලෙස අනිත්‍ය දර්ශනය ලැබිය හැකිය.

යමක් පිළිබඳව විතර්ක ප්‍රපංච කිරීම මනස නමැති ආයතනයේ ක්‍රියාකාරිත්වය යි. ආයතනයක ක්‍රියාකාරිත්වය නිවන නොව සසර යි. සළායතන නිරෝධය ම නිවන වේ. මේ නිසා සතර සතිපට්ඨානය තුළ සතිය දියුණු කළ යුත්තේ විතර්කයෙන් තොරව අනිත්‍ය දර්ශනයට පැමිණීම පිණිසය. ආරම්භයේ දී මෙය අපහසු වේ. මුලදී විතර්ක බලයෙන් සමාධිය දියුණු කොට පසුව විතර්ක සංසිදුවා අනිත්‍ය දර්ශනයට යොමු විය යුතුය.

සළායතනයන් ගෙන් අරමුණු ගන්නා වේගය අඩු කිරීම සමාධියේ කෘත්‍යය යි. අංගුත්තර නිකාය ඡක්ක නිපාතයෙහි “ යො පපඤ්චං අනුයුත්තො, පපඤ්චාභි රතෝ මගෝ, විරාධයී සෝ නිබ්බානං, යෝගක්ඛේමං අනුත්තරං” යනුවෙන් යම් පුද්ගලයෙක් ප්‍රපංචයෙහි යෙදුනේ ද ප්‍රපංචයෙහි ඇලුනේ ද ඔහු යෝගක්ඛේම නම් වූ නිවනින් දුරු වුනා යනුවෙන් දේශනා කොට වදාළහ.

නිවන පිණිස ප්රපංචය කොතරම් බලපෑමක් කරන්නේදැයි මෙයින් පැහැදිළි වේ. මේ නිසා නිවන පිණිස වෙර දරන යෝගාවචරයා ප්‍රපංච දුරු කිරීම පිණිස උත්සාහ කළ යුතු වේ. ඒ සඳහා නිවැරැදි ලෙස සතිය දියුණු කළ යුතුය.

[QUOTE="50KG, post: 21573519, member: 558780"] [SIZE=4]ප්රපංචය කියන්නේ phenomenon. මඡ්ක්ධිම නිකායට අයත් “මධු පිණ්ඩික” සූත්‍ර දේශනාවෙන් “ප්‍රපංච” යන වචනයේ තේරුම සොයා ගත හැකිය. එහිදී ඇස මුල් කොට දකින දේ නිසා ප්‍රපංච ඇති වන ආකාරය මෙසේ විස්තර කරයි. “ චක්ඛුං ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං ප්රපංචේති” ඇසත් රූපයත් නිසා ඇසේ විඤ්ඤාණය හට ගනී. මේවායෙහි එකතුව ස්පර්ශය යි. ස්පර්ශය නිසා විඳීමත් විඳීම නිසා හඳුනා ගැනීමත් හඳුනා ගැනීමෙන් විතර්කයත් විතර්කය නිසා ප්‍රපංචයත් ඇති වේ.[/SIZE][SIZE=4] මේ අනුව සරල වශයෙන් “ප්‍රපංච” යනු ආයතන හයෙන් හඳුනා ගත් දෙයක් පිළිබඳ ව දිගින් දිගට සිතා බැලීම ලෙස දැක්විය හැකිය. අප ඇසින් යමක් දුටු විට දුටු පමණින් නැවතීමක් නැත. එය හඳුනා ගෙන දිගින් දිගට ඒ පිළිබඳ ව සිතන්නට පෙළඹේ. උදාහරණයක් ලෙස ඇසින් දුටුවේ පුටුවක් නම්, එය සාදා ඇත්තේ කුමකින්ද ? එහි වර්ණය, හැඩය ආදී වශයෙන් විවිධ සිතිවිලි පහල කරයි. හඳුනා ගැනීමත් සමග ම යෙදෙන මේ සිතිවිලි ප්‍රපංච ලෙස දැක්වේ. මෙහි දී විතර්කය හා ප්රපංචය දෙකක් ලෙස දැක්වීම ද විශේෂත්වයකි. විතර්කයම තව දුරටත් දිග් ගැස්වීම ප්රපංචය යි. විතර්ක ප්‍රපංච දෙකටම මූලික වන්නේ විඳීම හා හඳුනා ගැනීමයි. විඳීමක් හඳුනා ගැනීමක් නොමැති තැන විතර්ක ප්‍රපංච නැත. ප්‍රපංච අකුසල සහගත පමණක් ම නොවේ. ධම්ම විතර්ක ද ඇත. ඒවා ද දිගින් දිගටම මෙනෙහි කිරීම ප්රපංචය යි. කෙසේ හෝ ප්රපංචය හේතු කොට ගෙන අනිත්‍ය දර්ශනය ට බාධා ඇතිවේ. [/SIZE] [SIZE=4] මේ නිසා විතර්ක ප්‍රපංච බැහැර නොකොට අනිත්‍ය දර්ශනය ලබා ගැනීමට නොහැකිය. යමක් හඳුනා ගැනීම ප්රපංචයට හේතු වන බව “සඤ්ඤානිදානා හි ප්රපංචසංඛ” යන සුත්ත නිපාතයේ කලහ විවාද සූත්‍ර පාඨයෙන් ද හෙළිවේ. මේ නිසා අනිත්‍ය දර්ශනය සංඥාවෙන් බැහැර වූ දෙයක් ලෙස තේරුම් ගත හැකිය.[/SIZE] [SIZE=4] මේ කරුණ ම මඩු පිණ්ඩික සූත්‍රයේ දී තවදුරටත් විග්රහ කර දක්වයි. “යමක් හේතුකොට ගෙන ( විඳීමක්, හඳුනාගැනීමක් ) පුද්ගලයෙකුගේ සිත තුළ ප්‍රපංච හැසිරේ නම් ඒවා පිළි නො ගත යුතුය. ඒ පිළිබඳ කථා බස් නො කළ යුතුය. ඒවාට බැඳී නොසිටිය යුතුය. මෙය සියලු පාපී අකුසල ධර්මයන් ගේ නිරෝධය යි.” ප්රපංචයන් ගෙන් බැහැර වීම නම් අනිත්‍ය දර්ශනයට පැමිණිය යුතුය. නිවනට පරියාය වචනයක් ලෙස “නිප්පඤ්ච” වචනය යෙදී ඇති බව මෙහිදී සලකා බැලිය හැකිය. අංගුත්තර නිකායට අයත් “ අනුරුද්ධ සූත්‍රයෙහි ද , “ මේ ධර්මය ප්රපංචයන් හි නො ඇලී සිටින තැනැත්තාම බව දැක්වේ. එහිම අවසන් ගාථාවන්හි සඳහන් වන “නිප්පපඤ්චරතො බුද්ධෝ” යන්නෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රපංච නැති බවෙහි ඇලී වාසය කරන බව දැක්වේ.[/SIZE] [SIZE=4] යවකලාපී සූත්‍රයේ දී මේ ප්රපංචය ඉතා සියුම් වූ මාර බන්ධනයක් ලෙස හඳුන්වා වදාළහ. එසේ ම ප්රපංචය යනු සිතෙහි හැසිරෙන සිතිවිලි සමුදායක් බව ද එම සූත්‍රයෙන් ම තේරුම් ගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ බාගිය දාරුචීරය තාපසයාට දුන් කෙටි අවවාදයෙහි සඳහන් “දුටුවෙහි දුටු පමණක් වන්නේ ය”, යන්නෙන් ප්‍රපංච නැති බව අදහස් වේ. ඒ ප්‍රපංච නැති බවට පැමිණීමෙන් ම බාහිය අර්හත්වය ලබා ගති. සාමාන්‍ය ලෝකයා ආයතන හයෙන් ලබා ගන්නා අරමුණු ඔස්සේ විතර්ක ප්‍රපංච වලට යොමු වේ. නමුත් සතිය දියුණු කර ගත් යෝගාවචරයා දකින, අසන, විඳින, දැනගන්නා දේ අනිත්‍ය වූ ධර්මතාවයක් ලෙස සලකා බලයි. ව්‍යවහාරයට අදාළ සංඥා වශයෙන් නොව ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් ත්රිලක්ෂණයට නගා බැලීම ප්‍රපංච නිරෝධ මාර්ගය යි. අනිත්‍ය දර්ශනය විතර්කයක් නො වන බව මෙයින් ඉතාම පැහැදිලි වේ.[/SIZE] [SIZE=4] බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය දේශනා කොට වදාළේ, අනිත්‍ය දර්ශනය පිණිස සිත පුහුණු කිරීමට යි. ඒ නිසා සෑම අවස්ථාවක ම සිහියෙන් යුක්තව කටයුතු කිරීමෙන් ඒ ඒ දෙයෙහි අනිත්‍ය බව තේරුම් ගත හැකිය. ඒ අයුරින් සතිය දියුණු කරගත් යෝගාවචරයාට විතර්කයකින් තොරව හේතු ඵල දහමක් ලෙස අනිත්‍ය දර්ශනය ලැබිය හැකිය.[/SIZE] [SIZE=4] යමක් පිළිබඳව විතර්ක ප්‍රපංච කිරීම මනස නමැති ආයතනයේ ක්‍රියාකාරිත්වය යි. ආයතනයක ක්‍රියාකාරිත්වය නිවන නොව සසර යි. සළායතන නිරෝධය ම නිවන වේ. මේ නිසා සතර සතිපට්ඨානය තුළ සතිය දියුණු කළ යුත්තේ විතර්කයෙන් තොරව අනිත්‍ය දර්ශනයට පැමිණීම පිණිසය. ආරම්භයේ දී මෙය අපහසු වේ. මුලදී විතර්ක බලයෙන් සමාධිය දියුණු කොට පසුව විතර්ක සංසිදුවා අනිත්‍ය දර්ශනයට යොමු විය යුතුය. [/SIZE] [SIZE=4] සළායතනයන් ගෙන් අරමුණු ගන්නා වේගය අඩු කිරීම සමාධියේ කෘත්‍යය යි. අංගුත්තර නිකාය ඡක්ක නිපාතයෙහි “ යො පපඤ්චං අනුයුත්තො, පපඤ්චාභි රතෝ මගෝ, විරාධයී සෝ නිබ්බානං, යෝගක්ඛේමං අනුත්තරං” යනුවෙන් යම් පුද්ගලයෙක් ප්‍රපංචයෙහි යෙදුනේ ද ප්‍රපංචයෙහි ඇලුනේ ද ඔහු යෝගක්ඛේම නම් වූ නිවනින් දුරු වුනා යනුවෙන් දේශනා කොට වදාළහ.[/SIZE] [SIZE=4] නිවන පිණිස ප්රපංචය කොතරම් බලපෑමක් කරන්නේදැයි මෙයින් පැහැදිළි වේ. මේ නිසා නිවන පිණිස වෙර දරන යෝගාවචරයා ප්‍රපංච දුරු කිරීම පිණිස උත්සාහ කළ යුතු වේ. ඒ සඳහා නිවැරැදි ලෙස සතිය දියුණු කළ යුතුය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom