Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමහර කෙල්ලන්ගෙ ජීවිතේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර කෙල්ලන්ගෙ ජීවිතේ

සමහර කෙල්ලන්ගෙ ජීවිතේ කොල්ලොයි ෙෆා්න් එකයි විතරයි

පැහැසරා ඈත සිතිජය දෙස ඇසිපිය නොහෙලා බලාසිටියාය. “දෙයියනේ මගේ හිතේ කොච්චර ලොකු බලාපොරොත්තු හීන කොච්චරක් තිබුණද. ඒත් ඒවා අද ලස්සනම ලස්සන හීනම විතරයි කියල තේරෙනකොට හිතට ලොකු වේදනාවක් දැනනෙවා’’ යි ඇය කීවේ සුසුමක් හෙළමිනි.

කැකුළු හාලේ බතට මුං ඇට වෑංජනයක් හදල ගොටුකොළ සම්බලයකුයි කරවල බැදුමක් එක්ක කෙසෙල් කොළේ ඔතාගෙන ආපු බත්මුල ලිහාගෙන මේ වැල්ල අයිනේ ඉඳගෙන කාපු හැටි මතක් වෙනකොට මගේ පපුව හෝස්ගාලා දාල පිච්චිලා යනවා වගේ දැනෙනවා. ඔයා දන්නවද මගේ ළගට අරගෙන රසට අනපු බත්ගුලි එයාට කැව්වේ අම්මා කෙනෙක් පුතකුට බත් කවනවා වගේ. කොච්චර ලස්සනට ආදරෙන් ගෙවිච්ච දවස්ද ඒ?

‘‘කුඩුකාරයෙක් ගංජා කාරයෙක් වුණාට එයා මාර ආදරණීය චරිතයක්. ඔය හොඳයි කියලා සමාජ හංවඩුව ගහල ඉන්න අයට වඩා නරක කියල සමාජ හංවඩුව ගහල ඉන්න අය ළඟ කොච්චර හොඳ ගතිගුණ වගේම කොච්චර හොඳ ආදරණීය හිත් තියනවද?’’ ඇය මා දෙස බලා කීවේ එය සත්‍යයක් නේද යැයි මගෙන්ද විමසමිනි.

අපේ ඉස්කෝලේ ළඟට එක දවසක් එයා ආවේ චණ්ඩියෙක් මදාවියෙක් වගේ. එදා මට හරියට ලජ්ජා හිතුණා. මොකද මම ඉස්කෝලේ හොඳ කාඩ් එකක් තියාගෙන හිටියේ. චානක පිස්සෙක් වගේ ඉස්කෝලේ ගේට්ටුව ගාවට ඇවිත් ඉස්කෝලේ කොල්ලකුට අම්බානකට ගැහැව්වා. මට හරියට බයත් හිතුණා.

එහෙම වුණේ ඉස්කෝලේ කොල්ලෙක් එක්ක මම යාළුයි කියලා එයාට බොරු ආරංචියක් ගිය නිසා. එදා නම් මට මාර අප්සෙට්. ඒ විතරක් නෙවි කේන්තිය. මුළු ඉස්කෝලම එදා ඒ සිද්ධිය දැනගත්තා.

ඒත් එයා අද ජීවතුන් අතර නැති වුණත් එදා එයා එහෙම හැසිරෙන්න ඇත්තේ මට ගොඩාක්ම ආදරය කරපු නිසා වෙන්නැති කියලා අද මට හිතෙනවා.

වෙන කොල්ලෝ තමන්ගේ යාළුවෙච්ච කෙල්ල හරි මගදී සෙට්වෙච්ච කෙල්ලක් හරි මුහුද අයිනේ කොහේට හරි මුල්ලකට එක්ක යන්නෙ හෙට ලෝක විනාශය වෙනවා කියල හිතාගෙන.

මුහුදේ රළ පහර ගොඩට ඇවිත් වෙරළේ පා සලකුණු මකාගෙන ගොඩට ඇවිත් ආපසු මුහුදටම යනවා වගේ සමහර කොල්ලන් වැල්ලෙ ඉඳල ගොඩට එන්නේ කෙල්ල අමතක කරල දාලා. උන් වෙන දවසක එන්නෙ වෙන ෙකල්ලෙක් අරගෙන.

සමහර කොල්ලො විතරක් නෙවි සමහර කෙල්ලොත් ඔය පිස්සුව නටනවා. උන්ගේ ජීවිතයේ කොල්ලොයි මොබයිල්ෙෆා්න් එකයි විතරයි.

සමහර අය ෙෆා්න් එකක් විතරක් නෙවෙයි දෙකක් තියාගෙන ඉන්නෙ සෝබනේට. කීයක් වත් හම්බ කරන්නේ නැති සමහර කෙල්ලෝ ගාව තියන්නේ දහස් ගණනක් වටිනා ෙෆා්න්. පේස්බුක් එකෙන් චැට් කරන්නේ රෑ කුමාරයන්ට. දවල් කුමාරයොත් එක්ක ඉන්නේ වැල්ලේ රෑනපදුරක් යට. නැත්නම් වැල්ල අයිනේ රූම් එකක.

මමත් කෙල්ලෙක්. ඒත් මම දන්නව මේ සමාජය ගැන. මට අවුරුදු විස්සක් උනාට මට අවුරුදු පනහක විතර මේ සමාජයේ හැසිරීම ගැන අත්දැකීම් තිබෙනවා. ඒ අතින් චානක කුඩ්ඩෙක්, ගංජා කාරයෙක් වුණාට කෙල්ලකුට රෙස්පෙක්ට් කරන්න හොඳට දන්නවා. ‘‘පැහැසරා මම ඔයාට ගොඩාක්ම, ගොඩාක් ආදරෙයි’’ චානක එහෙම කියාගෙන මගේ ඇස් දිහා බලාගෙන ඉන්නේ ගොඩාක් ආදරෙන්. ඒ ඇස් දෙකේ වනචර කමක් කවදාවත්ම දැක්කේ නැහැ. ඒක සංසාරගත ආදරයක් කියලයි මට හිතෙන්නේ.

‘‘එයා වේලාසනින් නින්දට යන්න ඇත්තේ මාත් එක්ක ඉන්න පින් නැතිව නෙවෙයි. එයත් එක්ක ඉන්න මට පිනක් නැති නිසා වෙන්නැති’’ පැහැසරා කීවේ කඳුළුකැට කඩාවැටෙන දෙනෙත පිසදමමිනි.

මේ ආත්මෙ අපි දෙන්නට එකට එකතු වෙලා ජීවත්වෙන්න බැරිවුණත් පින් නැති වුණත් ඊළඟ ආත්ෙම ඔයා මගේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා’’ චානක එහෙම හිතනවා ඇති වගේම පැහැසරාත් එහෙම හිතනවා ඇති කියා මට සිතුණි.

ජීවිතේ කියන්නේ අපි ප්‍රාර්ථනා කරන දේවල් නෙවෙයි. අපිට ලැබෙන දේ. නිවන් දක්නා ජාති දක්වා ඔයා මගේම වේවා චානක කියමින් පැහැසරා කයිකාවල වෙරළෙන් සමුගත්තේ යළි කවදා හෝ මුණගැසීමේ බලාපොරොත්තුවෙනි.

කයිකාවල වෙරළේ සිට ගාලුපාරට ආ මා ඊළගට යාලගම, ඉඳුරුව, අතුරුවැල්ල පසුකොට බෙන්තොට වරාහේනට පැමිණියේ මා මුණගැසීමේ බලාපොරොත්තුවෙන් සිටි රුවන්ගිගේ කතාව පාඨක ඔබට කීමේ අදහසිනි.

ගාලු පාරේ හෝ යාබද දුම්රිය මාර්ගයේ සිට බැලුවද මහා සයුර නොපෙනේ. සයුර නොපෙනෙන තරමටම උස්ව රෑනපඳුර උස්වී වැඩී තිබේ. ඝණව වැඩී ඇති ඇතැම් රෑනපඳුරු ගුහා මෙන් දිස්වේ. අඩ අඳුරුය. කිසිදු ගාස්තුවක් නොගෙවා පෙම්සුව විඳීමට අපුරූ තැනකි.

රුවන්ගි මා හමුවීමට ආවේ ඇයගේ සුරතල් සිඟිති දියණිය ද සමගිනි. සුරලොවෙන් ආ පුංචි සුරංගනාවියක් මෙන් ලස්සන ඇයගේ දියණිය තවමත් 10 හැවිරිදි වියේ පසුවන්නීය.

අපි තුන්දෙනා අසල පිහිටි අවන්හලකට ගොඩව එළිමහනේ තබා තිබූ සුවපහසු පුටුවල අසුන්ගත්තේ රුවන්ගි කියන කතාව දැනගැනීමේ අාසාවෙනි.

අපි මොනව හරි බීලම කතා කරමු නේද? රුවන්ගි මා දෙස බැලුවේ මගේ කැමැත්ත අකැමැත්ත දැනගැනීමේ අදහසිනි.

‘කමක් නැහැ. කැමති දෙයක්’’ මම කීවෙමි. එහෙමනම් මම ආසම ආස ෆලුඩා බොමු’’ ඇය මා දෙස බලමින් කීවාය. ‘‘හ්ම්’’ මම කීවෙමි.

‘‘මගේ දෝණි පැටියා මොනාද බොන්නේ ඔරෙන්ජ් ජූස් ?’’ ඇය සිය ආදරණීය දියණියගේ කැමැත්ත විමසයි.

‘‘ඔයාගේ නම්බර් එක හොයාගත්ෙත් මගේ යාළුවෙකුගෙන්. මේ කතාව මම කියන්නේ මගේ පව් සමා කරගන්න.

ඒ විතරක් නෙවෙයි අතරමඟදී මුණගැහිල මොහොතක සුවයක් විඳින්න ගිහින් අනාථ ෙවන එක පවුලක් බේරගන්න පුළුවන් වුණොත් මගේ පව් සමාකරගන්න එ් හොඳටම ඇති. ගොඩාක්ම කල්පනා කරලයි ඔයාට මේ කතාව කියන්නේ. හැබැයි මාව බේරගෙන ලියන්න. ඒ විශ්වාසය උඩයි මේ කතාව ඔයාට කියන්නේ’’ කියමින් මුහුණට වැටුන දඟකාර කෙස්රොද පසකට ගනිමින් රුවන්ගි කීවේ මා දෙස ආයාචනාත්මක බැල්මක් හෙළමිනි.

තිස්හැවිරිදි රුවන්ගි මනා රූසපුවකින් පිරිපුන් කාන්තාවකි. ඇය දියණිය ද සමග මා හමුවීමට පැමිණියේ නිල් පැහැති ස්කූටියකිනි. රථගාලේ කොනක නවතා ඇති ස්කුටිය දෙස බැලුවෙමි. එවන් ස්කුටි බොහොමයක් ලැගුම්හල්වල තැනින් තැන නවතා තිබෙනු අනන්තවත් දැක ඇත්තෙමි. එසේම ගාලු පාර අයිනේ වෙරළ තීරයේ හුදකලා තැන්වල එවන් ස්කූටි බොෙහාමයක් නවතා තිබෙනු අනන්තවත් දැක ඇත්තෙමි. ජංගම දුරකථන මෙන්ම පාට පාට හුරුබුහුටි ස්කූටිද ඇතැම් පවුල් මෙන්ම ජීවිත විනාශ කරන කොඩිවින යැයි මට සිතේ.

මගේ ලස්සන පවුල් ජීවිතය විනාශ වුණේ මගේ වැරැද්දෙන්. ඒකට මම කාටවත්ම දොස් කියන්නේ නැහැ. මේ වැල්ලත් මගේ ජීවිතේ විනාශ කළාට සාක්ෂි කියන්න ඕනෑ, කොහෙන් කතාව පටන් ගන්නද කියල මට හිතාගන්න බැහැ’’ යි රුවන්ගි කීවේ අහලපහල බලමිනි.

‘‘ඇයි බයවෙලා වගේ’’ මම ඇසුවෙමි. ‘‘මම මෙතන ඉන්නව අඳුනන කෙනෙක් දැක්කොත් මාව ඉවරයි. මගේ මුළු ආත්මයම ආපහු විනාශකරාවි’’ රුවන්ගි කීවේ රත්පැහැගැන් වූ මුහුණේ මතු වූ දා බිඳු පිසදමමිනි.

කමක් නැහැ මගේ ජීවිතේ ආපහු වරද්ද ගන්න තරම් මම මෝඩ නැහැ. පිරිමින්ගේ පාට කරපු බොරු සුරංගනා කතාවලට මම ආපහු අහුවන්නේ නැහැ. මම දැන් ජීවත් වෙන්නේ මගේ රත්තරං දෝණි වෙනුවෙන්. ඒ කෙල්ල තමයි මගේ ජීවිෙත් එකම බලාපොරොත්තුව. අපරාදේ මගේ මහත්තයා එයා ආමි එකේ වුණාට තද හිතක් තියන කෙනෙක් නෙවි. එයා මට එකපාරක් දෙපාරක් නෙවි තුන් පාරක්ම සමාව දුන්නා. ඒත් එ් වැරැද්දම ආපහු මම කළා.

‘‘මොකක්ද ඔයාට වුණේ?’’ මම ඇගෙන් ඇසුවෙමි’’ ඒක මහා දිග කතාවක්. ඒත් අතරින් පතර මට මතක් වෙන විදියට ඔයාට කියන්නම්’’ රුවන්ගි කීවාය.

මගේ අම්මා - තාත්තා ගමේ යමක් කමත් තිබුණ වැදගත් මිනිස්සු. අපේ පවුල්වල අයට ගමේ අයගේ ලොකු ගෞරවයක් තිබුණා. අපේ අම්මා නම් වංසේ කබල්ගානවා. නිතරම අම්මලාගේ කුලය ගැන පුරසාරම් කිව්වේ අනිත් මිනිස්සු තුට්ටුවට දෙකට පහළට දාලා.

තාත්තා අපිට හරි ආදරෙයි. මට අවුරුදු දොළහ විතර වයසේදී තාත්තා මැරුණේ පපුවේ අමාරුවක් හැදිලා. තාත්තා මැරුණට පස්සේ අම්ම අපිව බලාගත්තේ හිරේ දාලා වගේ. හරියට නීති. අපේ පවුලේ කෙල්ලොම හතරක්. බාල මල්ලිට මානසික ආබාධයක් තිබුණා. එයාට ඉගෙනගන්නත් බැරිවුණා.

අපි පදිංචි වෙලා හිටියේ මුහුද අයිනේ ගමක. සුනාමියට ඒ ගමම විනාශ වුණා.

ඉස්කෝලෙ ගියේ නගරයේ තිබුණ ජනප්‍රියම ලොකුම ඉස්කෝලෙට. අපි ඉස්කෝලෙ ගියේ බස්එකේ. බස් එකේ බෙල් එක ගහන්නේ මම. ඒ කාලෙත් ඉතිං පිස්සු නැටුවා. ඒවා ඔක්කොම පාරේදියි ඉස්කෝලෙදි විතරයි. ගෙදර ආවාම අපි අම්මට බයේ පූස්පැටව් වගේ ඉන්නේ. තාත්තා නැති නිසා අම්මා ලොකු වගකීමක් අරගෙන එහෙම කළේ අපිට හොඳ අනාගතයක් හදන්න වෙන්නැති කියලා අද මට හිතෙනවා.

කොහොම හරි ඒලෙවල් කරල ඉස්කෝලෙන් අවුට් ෙවනකොට මට විවාහ වෙන්න වුණා. මාව බස්එකේ දී දැකපු කෙනෙක් අම්ම හමුවන්න ඇවිත් මාව ඉල්ලල තිබුණා. එයා උතුරු - නැගෙනහිර ප්‍රදේශවල හමුදාවේ සේවය කරපු කෙනෙක්. එයා මට වැඩිය දෙගුණයක් වැඩිමහල්. ඒත් අම්ම නම් කිව්වේ ‘‘රන්පැටි’’ ඒ බෝයි නම් ටිකක් වයසයි වගේ කියලා. ‘රන්පැටි’ කියන්නෙ ගෙදරදි හුරතලේට මට කියපු නම.

අම්මට තනියම පවුලේ බර කරගහන්න අමාරු හින්දමද දන්නේ නැහැ. කොහොම හරි එයාව බඳින්න මට සිද්ධ වුණා. මම කිව්වේ අම්මගේ කැමැත්තක් කියලා.

එයා මාව ගොඩාක් ආදරෙන් බලාගත්තා. හැබැයි මට හැමදේම දුන්නා. මට කිසිම අඩුවක් තිබුණේ නැහැ. දැනුණේ නැහැ. හැබැයි එකම එක අඩුවක් තිබුණා ඒ අඩුවම තමයි මගේ ජීවිතේ විනාශ වෙන්න හේතු වුණේ.

‘‘මොකක්ද ඒ අඩුව’ මම විමසීමි ‘‘අඩුව තමයි තනිකම පාළුව මහත්තයා නිවාඩු ලැබිල ගෙදර ආවේ මාසයකට වතාවක් දෙකක්’’

‘‘ඉතිං ඔය සමහර පිරිමි රටගිහින් අවුරුදු දෙකතුන ගෙදරට වෙලා ඉන්නේ’’ මම කීවෙමි.

‘‘ඒක ඇත්ත තමයි මම පිළිගන්නවා. මම අමාරුවේ වැටුණේ ලස්සනට ඇන්දා... මාර නීට් ආයේ සුපිරි විදියට ඇන්දා. දෝණි මොන්ටිසෝරි යන්නේ හයර් වෑන් එකක. කෙල්ල ගෙදරින් ගියාම තනි නිසා මාත් තනියට යනවා. ඉතිං මොන්ටිසෝරි ඇරෙනකම් ටවුමේ තියන කඩගානේ යනව මොන්ටිසෝරියට එන අම්මලා දෙතුන් දෙනෙක් එක්ක කඩවලට ගිහින් කනවා.

එක දවසක් මම දෝණි ආපු හයර් වෑන් එකට වෙලා හිටියේ වෙන කරන්න දෙයක් නැති නිසා

ඒ හයර් වෑන් එකේ ඩ්‍රයිවර්ගේ කතාවට මට හිතගියා. මෑන් නියමෙටම දැල එලල මාව කොටුකර ගත්තා. ඊළඟ දවසෙත් මම වෑන් එකට වෙලා හිටියා. දෝණිට හදාගෙන ගිය සැන්වීච් පෙති දෙකතුනක් එයාට දුන්නා. කොහොම හරි දවස් දෙක තුනක් යන කොට අපි දෙන්න අතරේ ලොකු සම්බන්ධයක් ඇතිවුණා. අපි පෙම්වතුන් වුණා.

මට එයා නැතිවම බැරිවුණා. තුන් පාරක්ම මහත්තයාට මාව අහුවුණා. බෝධිසත්වයෙක් වගේ ඉඳපු ඒ රත්තරං මහත්තයා මට සමාව දුන්නා.

ඒත් මම ඒ දෙවියෙක් වගේ ඉඳපු මගේ මහත්තයට ද්‍රෝහි වුණා. අන්තිමේ බැරිම තැන ඩිවෝස් නඩුවක් එයා දැම්මා.

මම දැන් දෝණි එක්ක වෙනම ජීවත් වෙනවා. මම හිතුවේ මායම් හැටහතර තියන්නේ ගෑනුන්ගේ කියලා. සමහර පිරිමින්ගේ මායම් ඒකසියහැට හතරක් තියනවා කියලා දැනගත්තේ ඒ මොන්ටිසෝරි හයර් වෑන් එකේ ඩ්රයිවර්ගෙන්’’ ඇය කීවේ සුසුමක් හෙළමිනි.

[QUOTE="banda065, post: 21929161, member: 27834"] [b]සමහර කෙල්ලන්ගෙ ජීවිතේ[/b] [SIZE="4"][COLOR="Blue"]සමහර කෙල්ලන්ගෙ ජීවිතේ කොල්ලොයි ෙෆා්න් එකයි විතරයි පැහැසරා ඈත සිතිජය දෙස ඇසිපිය නොහෙලා බලාසිටියාය. “දෙයියනේ මගේ හිතේ කොච්චර ලොකු බලාපොරොත්තු හීන කොච්චරක් තිබුණද. ඒත් ඒවා අද ලස්සනම ලස්සන හීනම විතරයි කියල තේරෙනකොට හිතට ලොකු වේදනාවක් දැනනෙවා’’ යි ඇය කීවේ සුසුමක් හෙළමිනි. කැකුළු හාලේ බතට මුං ඇට වෑංජනයක් හදල ගොටුකොළ සම්බලයකුයි කරවල බැදුමක් එක්ක කෙසෙල් කොළේ ඔතාගෙන ආපු බත්මුල ලිහාගෙන මේ වැල්ල අයිනේ ඉඳගෙන කාපු හැටි මතක් වෙනකොට මගේ පපුව හෝස්ගාලා දාල පිච්චිලා යනවා වගේ දැනෙනවා. ඔයා දන්නවද මගේ ළගට අරගෙන රසට අනපු බත්ගුලි එයාට කැව්වේ අම්මා කෙනෙක් පුතකුට බත් කවනවා වගේ. කොච්චර ලස්සනට ආදරෙන් ගෙවිච්ච දවස්ද ඒ? ‘‘කුඩුකාරයෙක් ගංජා කාරයෙක් වුණාට එයා මාර ආදරණීය චරිතයක්. ඔය හොඳයි කියලා සමාජ හංවඩුව ගහල ඉන්න අයට වඩා නරක කියල සමාජ හංවඩුව ගහල ඉන්න අය ළඟ කොච්චර හොඳ ගතිගුණ වගේම කොච්චර හොඳ ආදරණීය හිත් තියනවද?’’ ඇය මා දෙස බලා කීවේ එය සත්‍යයක් නේද යැයි මගෙන්ද විමසමිනි. අපේ ඉස්කෝලේ ළඟට එක දවසක් එයා ආවේ චණ්ඩියෙක් මදාවියෙක් වගේ. එදා මට හරියට ලජ්ජා හිතුණා. මොකද මම ඉස්කෝලේ හොඳ කාඩ් එකක් තියාගෙන හිටියේ. චානක පිස්සෙක් වගේ ඉස්කෝලේ ගේට්ටුව ගාවට ඇවිත් ඉස්කෝලේ කොල්ලකුට අම්බානකට ගැහැව්වා. මට හරියට බයත් හිතුණා. එහෙම වුණේ ඉස්කෝලේ කොල්ලෙක් එක්ක මම යාළුයි කියලා එයාට බොරු ආරංචියක් ගිය නිසා. එදා නම් මට මාර අප්සෙට්. ඒ විතරක් නෙවි කේන්තිය. මුළු ඉස්කෝලම එදා ඒ සිද්ධිය දැනගත්තා. ඒත් එයා අද ජීවතුන් අතර නැති වුණත් එදා එයා එහෙම හැසිරෙන්න ඇත්තේ මට ගොඩාක්ම ආදරය කරපු නිසා වෙන්නැති කියලා අද මට හිතෙනවා. වෙන කොල්ලෝ තමන්ගේ යාළුවෙච්ච කෙල්ල හරි මගදී සෙට්වෙච්ච කෙල්ලක් හරි මුහුද අයිනේ කොහේට හරි මුල්ලකට එක්ක යන්නෙ හෙට ලෝක විනාශය වෙනවා කියල හිතාගෙන. මුහුදේ රළ පහර ගොඩට ඇවිත් වෙරළේ පා සලකුණු මකාගෙන ගොඩට ඇවිත් ආපසු මුහුදටම යනවා වගේ සමහර කොල්ලන් වැල්ලෙ ඉඳල ගොඩට එන්නේ කෙල්ල අමතක කරල දාලා. උන් වෙන දවසක එන්නෙ වෙන ෙකල්ලෙක් අරගෙන. සමහර කොල්ලො විතරක් නෙවි සමහර කෙල්ලොත් ඔය පිස්සුව නටනවා. උන්ගේ ජීවිතයේ කොල්ලොයි මොබයිල්ෙෆා්න් එකයි විතරයි. සමහර අය ෙෆා්න් එකක් විතරක් නෙවෙයි දෙකක් තියාගෙන ඉන්නෙ සෝබනේට. කීයක් වත් හම්බ කරන්නේ නැති සමහර කෙල්ලෝ ගාව තියන්නේ දහස් ගණනක් වටිනා ෙෆා්න්. පේස්බුක් එකෙන් චැට් කරන්නේ රෑ කුමාරයන්ට. දවල් කුමාරයොත් එක්ක ඉන්නේ වැල්ලේ රෑනපදුරක් යට. නැත්නම් වැල්ල අයිනේ රූම් එකක. මමත් කෙල්ලෙක්. ඒත් මම දන්නව මේ සමාජය ගැන. මට අවුරුදු විස්සක් උනාට මට අවුරුදු පනහක විතර මේ සමාජයේ හැසිරීම ගැන අත්දැකීම් තිබෙනවා. ඒ අතින් චානක කුඩ්ඩෙක්, ගංජා කාරයෙක් වුණාට කෙල්ලකුට රෙස්පෙක්ට් කරන්න හොඳට දන්නවා. ‘‘පැහැසරා මම ඔයාට ගොඩාක්ම, ගොඩාක් ආදරෙයි’’ චානක එහෙම කියාගෙන මගේ ඇස් දිහා බලාගෙන ඉන්නේ ගොඩාක් ආදරෙන්. ඒ ඇස් දෙකේ වනචර කමක් කවදාවත්ම දැක්කේ නැහැ. ඒක සංසාරගත ආදරයක් කියලයි මට හිතෙන්නේ. ‘‘එයා වේලාසනින් නින්දට යන්න ඇත්තේ මාත් එක්ක ඉන්න පින් නැතිව නෙවෙයි. එයත් එක්ක ඉන්න මට පිනක් නැති නිසා වෙන්නැති’’ පැහැසරා කීවේ කඳුළුකැට කඩාවැටෙන දෙනෙත පිසදමමිනි. මේ ආත්මෙ අපි දෙන්නට එකට එකතු වෙලා ජීවත්වෙන්න බැරිවුණත් පින් නැති වුණත් ඊළඟ ආත්ෙම ඔයා මගේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා’’ චානක එහෙම හිතනවා ඇති වගේම පැහැසරාත් එහෙම හිතනවා ඇති කියා මට සිතුණි. ජීවිතේ කියන්නේ අපි ප්‍රාර්ථනා කරන දේවල් නෙවෙයි. අපිට ලැබෙන දේ. නිවන් දක්නා ජාති දක්වා ඔයා මගේම වේවා චානක කියමින් පැහැසරා කයිකාවල වෙරළෙන් සමුගත්තේ යළි කවදා හෝ මුණගැසීමේ බලාපොරොත්තුවෙනි. කයිකාවල වෙරළේ සිට ගාලුපාරට ආ මා ඊළගට යාලගම, ඉඳුරුව, අතුරුවැල්ල පසුකොට බෙන්තොට වරාහේනට පැමිණියේ මා මුණගැසීමේ බලාපොරොත්තුවෙන් සිටි රුවන්ගිගේ කතාව පාඨක ඔබට කීමේ අදහසිනි. ගාලු පාරේ හෝ යාබද දුම්රිය මාර්ගයේ සිට බැලුවද මහා සයුර නොපෙනේ. සයුර නොපෙනෙන තරමටම උස්ව රෑනපඳුර උස්වී වැඩී තිබේ. ඝණව වැඩී ඇති ඇතැම් රෑනපඳුරු ගුහා මෙන් දිස්වේ. අඩ අඳුරුය. කිසිදු ගාස්තුවක් නොගෙවා පෙම්සුව විඳීමට අපුරූ තැනකි. රුවන්ගි මා හමුවීමට ආවේ ඇයගේ සුරතල් සිඟිති දියණිය ද සමගිනි. සුරලොවෙන් ආ පුංචි සුරංගනාවියක් මෙන් ලස්සන ඇයගේ දියණිය තවමත් 10 හැවිරිදි වියේ පසුවන්නීය. අපි තුන්දෙනා අසල පිහිටි අවන්හලකට ගොඩව එළිමහනේ තබා තිබූ සුවපහසු පුටුවල අසුන්ගත්තේ රුවන්ගි කියන කතාව දැනගැනීමේ අාසාවෙනි. අපි මොනව හරි බීලම කතා කරමු නේද? රුවන්ගි මා දෙස බැලුවේ මගේ කැමැත්ත අකැමැත්ත දැනගැනීමේ අදහසිනි. ‘කමක් නැහැ. කැමති දෙයක්’’ මම කීවෙමි. එහෙමනම් මම ආසම ආස ෆලුඩා බොමු’’ ඇය මා දෙස බලමින් කීවාය. ‘‘හ්ම්’’ මම කීවෙමි. ‘‘මගේ දෝණි පැටියා මොනාද බොන්නේ ඔරෙන්ජ් ජූස් ?’’ ඇය සිය ආදරණීය දියණියගේ කැමැත්ත විමසයි. ‘‘ඔයාගේ නම්බර් එක හොයාගත්ෙත් මගේ යාළුවෙකුගෙන්. මේ කතාව මම කියන්නේ මගේ පව් සමා කරගන්න. ඒ විතරක් නෙවෙයි අතරමඟදී මුණගැහිල මොහොතක සුවයක් විඳින්න ගිහින් අනාථ ෙවන එක පවුලක් බේරගන්න පුළුවන් වුණොත් මගේ පව් සමාකරගන්න එ් හොඳටම ඇති. ගොඩාක්ම කල්පනා කරලයි ඔයාට මේ කතාව කියන්නේ. හැබැයි මාව බේරගෙන ලියන්න. ඒ විශ්වාසය උඩයි මේ කතාව ඔයාට කියන්නේ’’ කියමින් මුහුණට වැටුන දඟකාර කෙස්රොද පසකට ගනිමින් රුවන්ගි කීවේ මා දෙස ආයාචනාත්මක බැල්මක් හෙළමිනි. තිස්හැවිරිදි රුවන්ගි මනා රූසපුවකින් පිරිපුන් කාන්තාවකි. ඇය දියණිය ද සමග මා හමුවීමට පැමිණියේ නිල් පැහැති ස්කූටියකිනි. රථගාලේ කොනක නවතා ඇති ස්කුටිය දෙස බැලුවෙමි. එවන් ස්කුටි බොහොමයක් ලැගුම්හල්වල තැනින් තැන නවතා තිබෙනු අනන්තවත් දැක ඇත්තෙමි. එසේම ගාලු පාර අයිනේ වෙරළ තීරයේ හුදකලා තැන්වල එවන් ස්කූටි බොෙහාමයක් නවතා තිබෙනු අනන්තවත් දැක ඇත්තෙමි. ජංගම දුරකථන මෙන්ම පාට පාට හුරුබුහුටි ස්කූටිද ඇතැම් පවුල් මෙන්ම ජීවිත විනාශ කරන කොඩිවින යැයි මට සිතේ. මගේ ලස්සන පවුල් ජීවිතය විනාශ වුණේ මගේ වැරැද්දෙන්. ඒකට මම කාටවත්ම දොස් කියන්නේ නැහැ. මේ වැල්ලත් මගේ ජීවිතේ විනාශ කළාට සාක්ෂි කියන්න ඕනෑ, කොහෙන් කතාව පටන් ගන්නද කියල මට හිතාගන්න බැහැ’’ යි රුවන්ගි කීවේ අහලපහල බලමිනි. ‘‘ඇයි බයවෙලා වගේ’’ මම ඇසුවෙමි. ‘‘මම මෙතන ඉන්නව අඳුනන කෙනෙක් දැක්කොත් මාව ඉවරයි. මගේ මුළු ආත්මයම ආපහු විනාශකරාවි’’ රුවන්ගි කීවේ රත්පැහැගැන් වූ මුහුණේ මතු වූ දා බිඳු පිසදමමිනි. කමක් නැහැ මගේ ජීවිතේ ආපහු වරද්ද ගන්න තරම් මම මෝඩ නැහැ. පිරිමින්ගේ පාට කරපු බොරු සුරංගනා කතාවලට මම ආපහු අහුවන්නේ නැහැ. මම දැන් ජීවත් වෙන්නේ මගේ රත්තරං දෝණි වෙනුවෙන්. ඒ කෙල්ල තමයි මගේ ජීවිෙත් එකම බලාපොරොත්තුව. අපරාදේ මගේ මහත්තයා එයා ආමි එකේ වුණාට තද හිතක් තියන කෙනෙක් නෙවි. එයා මට එකපාරක් දෙපාරක් නෙවි තුන් පාරක්ම සමාව දුන්නා. ඒත් එ් වැරැද්දම ආපහු මම කළා. ‘‘මොකක්ද ඔයාට වුණේ?’’ මම ඇගෙන් ඇසුවෙමි’’ ඒක මහා දිග කතාවක්. ඒත් අතරින් පතර මට මතක් වෙන විදියට ඔයාට කියන්නම්’’ රුවන්ගි කීවාය. මගේ අම්මා - තාත්තා ගමේ යමක් කමත් තිබුණ වැදගත් මිනිස්සු. අපේ පවුල්වල අයට ගමේ අයගේ ලොකු ගෞරවයක් තිබුණා. අපේ අම්මා නම් වංසේ කබල්ගානවා. නිතරම අම්මලාගේ කුලය ගැන පුරසාරම් කිව්වේ අනිත් මිනිස්සු තුට්ටුවට දෙකට පහළට දාලා. තාත්තා අපිට හරි ආදරෙයි. මට අවුරුදු දොළහ විතර වයසේදී තාත්තා මැරුණේ පපුවේ අමාරුවක් හැදිලා. තාත්තා මැරුණට පස්සේ අම්ම අපිව බලාගත්තේ හිරේ දාලා වගේ. හරියට නීති. අපේ පවුලේ කෙල්ලොම හතරක්. බාල මල්ලිට මානසික ආබාධයක් තිබුණා. එයාට ඉගෙනගන්නත් බැරිවුණා. අපි පදිංචි වෙලා හිටියේ මුහුද අයිනේ ගමක. සුනාමියට ඒ ගමම විනාශ වුණා. ඉස්කෝලෙ ගියේ නගරයේ තිබුණ ජනප්‍රියම ලොකුම ඉස්කෝලෙට. අපි ඉස්කෝලෙ ගියේ බස්එකේ. බස් එකේ බෙල් එක ගහන්නේ මම. ඒ කාලෙත් ඉතිං පිස්සු නැටුවා. ඒවා ඔක්කොම පාරේදියි ඉස්කෝලෙදි විතරයි. ගෙදර ආවාම අපි අම්මට බයේ පූස්පැටව් වගේ ඉන්නේ. තාත්තා නැති නිසා අම්මා ලොකු වගකීමක් අරගෙන එහෙම කළේ අපිට හොඳ අනාගතයක් හදන්න වෙන්නැති කියලා අද මට හිතෙනවා. කොහොම හරි ඒලෙවල් කරල ඉස්කෝලෙන් අවුට් ෙවනකොට මට විවාහ වෙන්න වුණා. මාව බස්එකේ දී දැකපු කෙනෙක් අම්ම හමුවන්න ඇවිත් මාව ඉල්ලල තිබුණා. එයා උතුරු - නැගෙනහිර ප්‍රදේශවල හමුදාවේ සේවය කරපු කෙනෙක්. එයා මට වැඩිය දෙගුණයක් වැඩිමහල්. ඒත් අම්ම නම් කිව්වේ ‘‘රන්පැටි’’ ඒ බෝයි නම් ටිකක් වයසයි වගේ කියලා. ‘රන්පැටි’ කියන්නෙ ගෙදරදි හුරතලේට මට කියපු නම. අම්මට තනියම පවුලේ බර කරගහන්න අමාරු හින්දමද දන්නේ නැහැ. කොහොම හරි එයාව බඳින්න මට සිද්ධ වුණා. මම කිව්වේ අම්මගේ කැමැත්තක් කියලා. එයා මාව ගොඩාක් ආදරෙන් බලාගත්තා. හැබැයි මට හැමදේම දුන්නා. මට කිසිම අඩුවක් තිබුණේ නැහැ. දැනුණේ නැහැ. හැබැයි එකම එක අඩුවක් තිබුණා ඒ අඩුවම තමයි මගේ ජීවිතේ විනාශ වෙන්න හේතු වුණේ. ‘‘මොකක්ද ඒ අඩුව’ මම විමසීමි ‘‘අඩුව තමයි තනිකම පාළුව මහත්තයා නිවාඩු ලැබිල ගෙදර ආවේ මාසයකට වතාවක් දෙකක්’’ ‘‘ඉතිං ඔය සමහර පිරිමි රටගිහින් අවුරුදු දෙකතුන ගෙදරට වෙලා ඉන්නේ’’ මම කීවෙමි. ‘‘ඒක ඇත්ත තමයි මම පිළිගන්නවා. මම අමාරුවේ වැටුණේ ලස්සනට ඇන්දා... මාර නීට් ආයේ සුපිරි විදියට ඇන්දා. දෝණි මොන්ටිසෝරි යන්නේ හයර් වෑන් එකක. කෙල්ල ගෙදරින් ගියාම තනි නිසා මාත් තනියට යනවා. ඉතිං මොන්ටිසෝරි ඇරෙනකම් ටවුමේ තියන කඩගානේ යනව මොන්ටිසෝරියට එන අම්මලා දෙතුන් දෙනෙක් එක්ක කඩවලට ගිහින් කනවා. එක දවසක් මම දෝණි ආපු හයර් වෑන් එකට වෙලා හිටියේ වෙන කරන්න දෙයක් නැති නිසා ඒ හයර් වෑන් එකේ ඩ්‍රයිවර්ගේ කතාවට මට හිතගියා. මෑන් නියමෙටම දැල එලල මාව කොටුකර ගත්තා. ඊළඟ දවසෙත් මම වෑන් එකට වෙලා හිටියා. දෝණිට හදාගෙන ගිය සැන්වීච් පෙති දෙකතුනක් එයාට දුන්නා. කොහොම හරි දවස් දෙක තුනක් යන කොට අපි දෙන්න අතරේ ලොකු සම්බන්ධයක් ඇතිවුණා. අපි පෙම්වතුන් වුණා. මට එයා නැතිවම බැරිවුණා. තුන් පාරක්ම මහත්තයාට මාව අහුවුණා. බෝධිසත්වයෙක් වගේ ඉඳපු ඒ රත්තරං මහත්තයා මට සමාව දුන්නා. ඒත් මම ඒ දෙවියෙක් වගේ ඉඳපු මගේ මහත්තයට ද්‍රෝහි වුණා. අන්තිමේ බැරිම තැන ඩිවෝස් නඩුවක් එයා දැම්මා. මම දැන් දෝණි එක්ක වෙනම ජීවත් වෙනවා. මම හිතුවේ මායම් හැටහතර තියන්නේ ගෑනුන්ගේ කියලා. සමහර පිරිමින්ගේ මායම් ඒකසියහැට හතරක් තියනවා කියලා දැනගත්තේ ඒ මොන්ටිසෝරි හයර් වෑන් එකේ ඩ්රයිවර්ගෙන්’’ ඇය කීවේ සුසුමක් හෙළමිනි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom