Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සම්බර අසුරයා සහ වපුරන බීජ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුර අසුර යුද්ධය ගැන නාහපු කෙනෙක් නැහැනෙ. ත්‍රිපිටකයේ අවස්ථා ගණනාවකදීම සඳහන් වෙලා තියෙනවා මේ යුද්ධය ගැන. සංයුක්ත නිකායේ තියෙන සම්බර සූත්‍රය කියන්නෙත් එවැනි එක් සූත්‍රයක්. සූත්‍රය දේශනා කරන්නෙ බුදුරජාණන්වහන්සේ. සූත්‍රයට පාදක වුන කතාවක් තියෙනවා.

බොහොම කාලෙකට ඉස්සර සුර අසුර යුද්ධයක් ඇති වුනා. මේ කාලයේ සෘෂිවරු මුහුදු වෙරළේ ආශ්රමවල තමයි ජීවත් වුනේ. ඒ අයට තේරුනා මේ යුද්ධය නිසා තමුන්ට වගේම තමුන්ගෙ ආශ්‍රම වලටත් හානි වෙන්න පුළුවන් කියලා. ඒ සැරේ මේ සෘෂි කණ්ඩායම කල්පනා කලා දෙවියො නැත්නම් සුරයො ධාර්මිකයි, ඔවුන්ගෙන් අපට කරදරයක් වෙන්නෙ නැහැ, හැබැයි අසුරයො අධාර්මිකයි, ඔවුන්ගෙන් තමයි හානියක් වෙන්න පුළුවන්. මේ නිසා අසුරයො හම්බවෙලා අපිට පාඩුවෙ ඉන්න ඉඩ දෙන්න කියලා ඉල්ලන්න ඕනා කියලා. එහෙම කල්පනා කළ මේ සෘෂිවරු 'සම්බර' කියන අසුර රජු හමු වෙන්න ගියා. ගිහිල්ලා මෙහෙම කිව්වා.

“සම්බර කරා පැමිණි ඎෂීහු අභයදානය ඉල්වත්. ඔවුන්ට භය දෙන්නට හෝ අභය දෙන්නට හෙතෙම පොහොසති.”

මේක අහපු සම්බර උත්තර දෙනවා මෙහෙම.

‘අපට විරුද්ධවූ ශක්‍රයා සේවනය කරන්නාවූ මේ ඎෂීන්ට භයක් මුත් අභයක් නැත. නිර්භය ඉල්ලන්නාවූ තොපට බියක්ම දෙමි.’

ඒ කියන්නෙ සම්බරගෙ තීරණය වුනේ මේ සෘෂිවරු හිතවත් සක්‍රයාට. ඒක නිසා අසුරයන්ගෙන් අභය ඉල්ලුවාට වැඩක් නැහැ. හානි ම තමයි කරන්නෙ කියන එක.

මේක අහන සෘෂිවරු සම්බරට කියනවා මෙහෙම.

'නිර්භය ඉල්ලන්නා අපට භයක්ම දෙන්නෙහිය. තාගේ මේ කීම පිළිගනිමු. තගේ බිය ක්ෂය නොවේවා. (යමෙක්) යම්බඳු බිජුවටක් වපුරාද එබඳුමවූ ඵලයක් (හෙතෙම) ලබයි. යහපත් දේ කරන්නා යහපතද, පව් කරන්නා පාප විපාකද ලබයි. දරුව, තා විසින් බීජයක් වපුරණ ලද්දේය. එහි ඵලය විඳින්නෙහිය.’

ඒ කියලා සෘෂිවරු ආපහු තමුන්ගෙ ආරාමයන්ට පැමිණෙනවා. සෘෂිවරුන්ගෙ කතාව නිසා සම්බරට වරු ගණනක් නින්ද යන්නෙ නැහැ කියලා සූත්‍රයෙ සඳහන් වෙලා තියෙනවා.

සම්බරට සෘෂිවරු කියන මේ වපුරන බීජයේ පලය තමයි නෙලාගන්න වෙන්නෙ කියන කතාව බයිබලයෙත් සඳහන් වෙනවා. මේකෙන් ලොකු පණිවිඩයක් දෙනවා මිනිස්සුන්ට.

මනුස්සයෙක් වැඩි දියුණු කරන්නෙ, ලෝකයට දෙන්නෙ තරහ නැත්නම් වෛරය නැත්නම් ද්වේශය නම් එයාට ලැබෙන්නෙ ඒ දේවල්මයි. මොකද වපුරන විදියට ලැබෙන නිසා. ඒ වගේම තමයි මනුස්සයෙක් ලෝකයට දෙන්නෙ ආදරය නැත්නම් මෛත්‍රිය නම් එයාට ලැබෙන්නෙත් ඒ දේවල්මයි. මොකද වපුරන විදියට ලැබෙන නිසා.

මෙතන තව දෙයක් තියෙනවා. නිකමට හිතන්න කෙනෙක් වී වපුරනවා කියලා. නැත්නම් මුං වපුරනවා කියලා. නැත්නම් කුරහන් වපුරනවා කියලා. මේවා වපුරන ප්‍රමාණයට වඩා ආපසු ලැබෙනවා. වී කිලෝ 50 ක් අස්වැන්න විදියට ගන්න බිත්තර වී කිලෝ 50 ක් ම කුඹුරට ඉහින්න ඕනා නැහැ. ඒ වගේ. ඉතින් අපි දැනගන්න ඕන දේ තමයි අපි අද වපුරන බීජවල ප්‍රතිඵල දෙගුණ තුන්ගුණ වෙලා ලැබෙන්න පුළුවන් කියන එක. මේක තව නිදසුනකින් කියනවා නම් මුගලන් මහරහතන්වහන්සේ එක්තරා ආත්මයක තමුන්ගෙ දෙමාපියන්ට හොරු කණ්ඩායමක් දම්මලා ගුටි ගැස්සෙව්වා. ඒ එක ආත්මයක කරපු ක්රියාවේ ප්‍රතිඵල නිවන් දැකපු ආත්මෙත් ලැබුනා. කොහොමවුනත් හිතන්න එපා මේ ප්‍රතිඵල ලැබෙන්නෙ කරන නරක අයහපත් ක්‍රියාවලට විතරක් කියලා. හොඳ යහපත් ක්රියාවලටත් ඒ විදියටම ප්‍රතිඵල ලැබෙනවා.

බුදුරජාණන්වහන්සේ මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නෙ ලොකු පණිවිඩයක් අපට දෙන්න. සුර අසුර යුද්ධය දැනට කොයිතරම් කාලයකට කලින් ඇති වුනත් ඒ ආශ්රයෙන් දේශනා කළ මේ සූත්‍රයෙ වටිනාකම කියා නිම කරන්න බැහැ.

[ATTACH=full]235328[/ATTACH]

[QUOTE="hpalpola, post: 30062981, member: 321413"] [SIZE=5]සුර අසුර යුද්ධය ගැන නාහපු කෙනෙක් නැහැනෙ. ත්‍රිපිටකයේ අවස්ථා ගණනාවකදීම සඳහන් වෙලා තියෙනවා මේ යුද්ධය ගැන. සංයුක්ත නිකායේ තියෙන සම්බර සූත්‍රය කියන්නෙත් එවැනි එක් සූත්‍රයක්. සූත්‍රය දේශනා කරන්නෙ බුදුරජාණන්වහන්සේ. සූත්‍රයට පාදක වුන කතාවක් තියෙනවා. බොහොම කාලෙකට ඉස්සර සුර අසුර යුද්ධයක් ඇති වුනා. මේ කාලයේ සෘෂිවරු මුහුදු වෙරළේ ආශ්රමවල තමයි ජීවත් වුනේ. ඒ අයට තේරුනා මේ යුද්ධය නිසා තමුන්ට වගේම තමුන්ගෙ ආශ්‍රම වලටත් හානි වෙන්න පුළුවන් කියලා. ඒ සැරේ මේ සෘෂි කණ්ඩායම කල්පනා කලා දෙවියො නැත්නම් සුරයො ධාර්මිකයි, ඔවුන්ගෙන් අපට කරදරයක් වෙන්නෙ නැහැ, හැබැයි අසුරයො අධාර්මිකයි, ඔවුන්ගෙන් තමයි හානියක් වෙන්න පුළුවන්. මේ නිසා අසුරයො හම්බවෙලා අපිට පාඩුවෙ ඉන්න ඉඩ දෙන්න කියලා ඉල්ලන්න ඕනා කියලා. එහෙම කල්පනා කළ මේ සෘෂිවරු 'සම්බර' කියන අසුර රජු හමු වෙන්න ගියා. ගිහිල්ලා මෙහෙම කිව්වා. “සම්බර කරා පැමිණි ඎෂීහු අභයදානය ඉල්වත්. ඔවුන්ට භය දෙන්නට හෝ අභය දෙන්නට හෙතෙම පොහොසති.” මේක අහපු සම්බර උත්තර දෙනවා මෙහෙම. ‘අපට විරුද්ධවූ ශක්‍රයා සේවනය කරන්නාවූ මේ ඎෂීන්ට භයක් මුත් අභයක් නැත. නිර්භය ඉල්ලන්නාවූ තොපට බියක්ම දෙමි.’ ඒ කියන්නෙ සම්බරගෙ තීරණය වුනේ මේ සෘෂිවරු හිතවත් සක්‍රයාට. ඒක නිසා අසුරයන්ගෙන් අභය ඉල්ලුවාට වැඩක් නැහැ. හානි ම තමයි කරන්නෙ කියන එක. මේක අහන සෘෂිවරු සම්බරට කියනවා මෙහෙම. 'නිර්භය ඉල්ලන්නා අපට භයක්ම දෙන්නෙහිය. තාගේ මේ කීම පිළිගනිමු. තගේ බිය ක්ෂය නොවේවා. (යමෙක්) යම්බඳු බිජුවටක් වපුරාද එබඳුමවූ ඵලයක් (හෙතෙම) ලබයි. යහපත් දේ කරන්නා යහපතද, පව් කරන්නා පාප විපාකද ලබයි. දරුව, තා විසින් බීජයක් වපුරණ ලද්දේය. එහි ඵලය විඳින්නෙහිය.’ ඒ කියලා සෘෂිවරු ආපහු තමුන්ගෙ ආරාමයන්ට පැමිණෙනවා. සෘෂිවරුන්ගෙ කතාව නිසා සම්බරට වරු ගණනක් නින්ද යන්නෙ නැහැ කියලා සූත්‍රයෙ සඳහන් වෙලා තියෙනවා. සම්බරට සෘෂිවරු කියන මේ වපුරන බීජයේ පලය තමයි නෙලාගන්න වෙන්නෙ කියන කතාව බයිබලයෙත් සඳහන් වෙනවා. මේකෙන් ලොකු පණිවිඩයක් දෙනවා මිනිස්සුන්ට. මනුස්සයෙක් වැඩි දියුණු කරන්නෙ, ලෝකයට දෙන්නෙ තරහ නැත්නම් වෛරය නැත්නම් ද්වේශය නම් එයාට ලැබෙන්නෙ ඒ දේවල්මයි. මොකද වපුරන විදියට ලැබෙන නිසා. ඒ වගේම තමයි මනුස්සයෙක් ලෝකයට දෙන්නෙ ආදරය නැත්නම් මෛත්‍රිය නම් එයාට ලැබෙන්නෙත් ඒ දේවල්මයි. මොකද වපුරන විදියට ලැබෙන නිසා. මෙතන තව දෙයක් තියෙනවා. නිකමට හිතන්න කෙනෙක් වී වපුරනවා කියලා. නැත්නම් මුං වපුරනවා කියලා. නැත්නම් කුරහන් වපුරනවා කියලා. මේවා වපුරන ප්‍රමාණයට වඩා ආපසු ලැබෙනවා. වී කිලෝ 50 ක් අස්වැන්න විදියට ගන්න බිත්තර වී කිලෝ 50 ක් ම කුඹුරට ඉහින්න ඕනා නැහැ. ඒ වගේ. ඉතින් අපි දැනගන්න ඕන දේ තමයි අපි අද වපුරන බීජවල ප්‍රතිඵල දෙගුණ තුන්ගුණ වෙලා ලැබෙන්න පුළුවන් කියන එක. මේක තව නිදසුනකින් කියනවා නම් මුගලන් මහරහතන්වහන්සේ එක්තරා ආත්මයක තමුන්ගෙ දෙමාපියන්ට හොරු කණ්ඩායමක් දම්මලා ගුටි ගැස්සෙව්වා. ඒ එක ආත්මයක කරපු ක්රියාවේ ප්‍රතිඵල නිවන් දැකපු ආත්මෙත් ලැබුනා. කොහොමවුනත් හිතන්න එපා මේ ප්‍රතිඵල ලැබෙන්නෙ කරන නරක අයහපත් ක්‍රියාවලට විතරක් කියලා. හොඳ යහපත් ක්රියාවලටත් ඒ විදියටම ප්‍රතිඵල ලැබෙනවා. බුදුරජාණන්වහන්සේ මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නෙ ලොකු පණිවිඩයක් අපට දෙන්න. සුර අසුර යුද්ධය දැනට කොයිතරම් කාලයකට කලින් ඇති වුනත් ඒ ආශ්රයෙන් දේශනා කළ මේ සූත්‍රයෙ වටිනාකම කියා නිම කරන්න බැහැ. [ATTACH type="full"]235328[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom