Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සම්මතයට අභියෝග කළ ක්ලියෝපැට්රා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මතයට අභියෝග කළ ක්ලියෝපැට්රා

ටොලමි රාජ වංශය

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ සෙනවියකු වූ ටොලමි, ක්‍රි.පූ. 323 දී සිදු වූ ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසුව ඊජිප්තුවේ පාලකයා බවට පත් වුණා. ඔහු I වන ටොලමි යන නම භාවිතා කරමින් ටොලමි රාජවංශයට මුල පිරුවා. ක්ලියෝපැට්රා අයත් වූයේ එම රාජවංශයටයි. ක්ලියෝපැට්රා එම රාජවංශයේ එම නමින් සිටි සත් වැන්නිය වූ අතර ඇය ක්ලියෝපැට්රා VII ෆිලෝපේටර් නම් වනවා.

ටොලමි රාජ වංශය ඊජිප්තු සංස්කෘතියේ ඇතැම් ලක්ෂණ උකහා ගැනීමට කටයුතු කළ නමුත් එය බොහෝ කොටම ග්‍රීක රජපවුලක් ලෙස පැවතුණා. උදාහරණයක් ලෙස වන ටොලමි ක්‍රි.පූ. 305 දී තමන්ට ෆාරාවෝ යන තනතුර ද ආරෝපණය කරගත්තා. නමුත් එසේ කරන්නට ඇත්තේ ඊජිප්තු ජනයා අතර තම පාලන තන්ත්රයට පිළිගැනීමක් ලබාදීමට යයි සිතිය හැකියි. මේ අතර සියවස් තුනකට ආසන්න කාළයක් තිස්සෙ ටොලමි පවුල තනිකරම ග්‍රීක පවුලක් වශයෙන් පවතින්නට නැති බවට ද සාධාරණ සැකයක් තිබෙනවා. විශේෂයෙන් ම අප්‍රිකානුවන් ද එම පවුලට සම්බන්ධ වන්නට ඇතැයි සැක කෙරෙනවා.

සාමාන්‍යයෙන් ටොලමි රාජවංශිකයන් ඊජිප්තු බස භාවිතා කළේ නැතත් ක්ලියෝපැට්රා එම භාෂාව ඉගෙනීමට කටයුතු කළ බව සඳහන් වනවා. එමෙන්ම රාජ්‍යත්වයට පත් වූ පසු ක්ලියෝපැට්රා ඊජිප්තු සාම්ප්‍රදායික දෙවඟනක වූ අයිසිස් දෙවඟනගේ ස්වරූපය ආරූඪ කරගත්තා. ඒ ඇය ඊජිප්තු වැසියන්ගේ නායිකාව බව ප්‍රකාශ කිරීමටයි.

ඉතිහාසයේ තවත් දෛවෝපගත සිද්ධියක් ප්‍රදර්ශනය කරමින්, අනාදිමත් කාළයක පටන් පැවතෙන ඊජිප්තුවේ ෆාරාවෝ තනතුර දැරූ අවසන් තැනැත්තා බවට පත් වූයේ ද ඇයයි.

සමකාලීන වාර්තා හිඟකම

ක්ලියෝපැට්රාගේ ජීවිත කතාව පිළිබඳ සමකාලීන වාර්තා සොයා ගැනීම අපහසුයි. ඇය පිළිබඳ ඉතිහාසය නිර්මාණය වන්නේ පසු කාලීනව ග්‍රීක සහ රෝමන් ඉතිහාසකරුවන් විසින් ලියන ලද ඉතිහාස සටහන් ආශ්රයෙන්.

ක්ලියෝපැට්රා උපන්නේ ක්‍රි.පූ. 69 දී XII වන ටොලමි අවුලෙටස්ගේ දියණියක ලෙසයි. ඇගේ මව කවරෙක්දැයි ඓතිහාසික වාර්තා අනුව ස්ථිරව පැවසීමට හැකිව නැහැ. සිය පියාගේ අභාවයෙන් පසු ක්‍රි.පූ. 51 දී ක්ලියෝපැට්රා සහ ඇගේ සහෝදර වන XIII ටොලමි සම පාලකයන් ලෙස ඊජිප්තුවේ රජකමට පත් වුණා. එවකට ඇයට වයස අවුරුදු 18 ක් වූ අතර ඇගේ සහෝදරයා දස හැවිරිදි වුණා. එකළ පැවති සම්ප්රදාය අනුව මෙම දෙදෙන විවාහයට ද පත් වූ බව විශ්වාස කෙරෙනවා.

ක්ලියෝපැට්රාගේ ප්‍රතිමාවක් (history.com)

කෙසේ නමුත් වැඩිකල් යෑමට පෙර ක්ලියෝපැට්රාට තමන් සතු බලය අහිමි වනවා. ක්ලියෝපැට්රා සහ ටොලමි අතර බල අරගලයක් ඇතිවූ බවට විශ්වාස කෙරෙන අතර එහිදී ටොලමිගේ උපදේශකයින් විසින් ක්ලියෝපැට්රා බලයෙන් ඉවත් කිරීමට සමත් වූ බවට සැළකෙනවා. මේ අනුව ක්‍රි.පූ. 49 දී ක්ලියෝපැට්රා සිරියාවට පැමිණියා.

ක්ලියෝපැට්රා දක්ෂ කාන්තාවක බව පෙන්වන එක් අවස්ථාවක් වූයේ මෙසේ සිරියාව කරා පැමිණි අවස්ථාවයි. ඇය සිරියාවේ සිටිමින් ඊජිප්තුවේ බලය අල්ලාගැනීම සඳහා කුලී හමුදාවක් එකතු කරගැනීමට සමත් වුණා. ක්‍රි.පූ. 48 දී ක්ලියෝපැට්රා නැවත ඊජිප්තුව වෙත ළඟා වූයේ එම හමුදාව ද සමඟයි.

ජුලියස් සීසර් හමුවීම

රෝමයේ පාලනය සඳහා ජුලියස් සීසර් සමඟ කළ සටනින් පරාජය වන පොම්පේ ඊජිප්තුවට පැමිණි නමුත් එහිදී ඔහුව මරා දමනු ලැබුවා. ටොලමි ඉන් බලාපොරොත්තු වන්නේ සීසර්ගේ සහය තමන් සතු කරගැනීමයි. කෙසේ වෙතත් මේ අතර ක්ලියෝපැට්රා ද සීසර්ගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වුණා.

තම ප්‍රතිවාදියා වුවද, පොම්පේ මරා දැමීම පිළිබඳ සීසර් අප්‍රසාදය දක්වා ඇති බව සඳහන් වනවා. එහෙයින් ටොලමි පිළිබඳ සීසර්ගේ එතරම් යහපත් අදහසක් ඇතිවූයේ නැහැ. ක්ලියෝපැට්රා ක්‍රියාත්මක වූයේ මේ අතරවාරයේදියි.

ඉතිහාසඥ ප්ලූටාර්ක් ජුලියස් සීසර්ගේ ජීවිතය පිළිබඳ සිය Life of Julius Caesar පොතෙහි දක්වා ඇති පරිදි සීසර් රැඳී සිටි මාලිගය වටා ටොලමිගේ හමුදා රැකවල් තිබුණ අතර එය පසුකර මාලිගය තුළට ක්ලියෝපැට්රා ඇතුලු වන්නේ සිසිලියේ ඇපොලොඩෝරස් විසින් ඔසවාගන ගිය විශාල බුමුතුරුණක් තුළ සැඟවී ය.

සීසර් ක්ලියෝපැට්රාට වසඟ වූ අතර ඉන්පසු ඇයගේ රාජ්‍යත්වය පිළිබඳ අයිතිය සුරකිනු පිණිස සටන් කරන්නට වුණා. අමතර හමුදා එනතුරු සීසර්ගේ රෝමන් හමුදාවලට ටොලමිගේ හමුදාවන් පරාජය කිරීමට ලැබුණේ නැහැ. නමුත් අමතර සේනා පැමිණීමත් සමඟ ටොලමිගේ හමුදා පරාජය වුණා. ටොලමි ඇලෙක්සැන්ඩ්‍රියා අගනුවර අතැර පළාගියා. ඔහු නයිල් නදියේ ගිලී මියගිය බවට සැක කරනු ලබනවා.

ක්ලියෝපැට්රා සහ සීසර් හමුවීම, ශෝන් – ලියොන් ජෙරෝම්ගේ චිත්‍රයක් (Jean-Léon Gérôme, 1866/Public Domain)

ක්ලියෝපැට්රා ඊජිප්තුවේ රැජිණ බවට නැවත පත්වූ අතර ඒ වනවිට 13 වන වියෙහි පසුවන ඇගේ අනෙක් බාල සහෝදරයකු XIV වන ටොලමි නමින් ඇය සමඟ සම පාලකයා ලෙස නම් කෙරුණා. කෙසේ වෙතත් එකළ ක්ලියෝපැට්රා එතරම් ජනප්‍රිය නායිකාවක වූයේ නැහැ. නයිල් නදිය පිටාර ගැලීම අක්‍රමවත් වීම හේතුවෙන් ආහාර නිෂ්පාදනය අඩු වීමෙන් ඊජිප්තුවේ ආර්ථික තත්ත්වය මෙකළ පහළ වැටී තිබුණා.

මේ අතර ක්‍රි.පූ. 47 දී ක්ලියෝපැට්රා, ටොලමි සීසර් නම් පුතකු බිහි කළා. ක්ලියෝපැට්රා ඔහුව හැඳින්වූයේ සිසේරියන් (කුඩා සීසර්) නමින්.

ක්‍රි.පූ. 46-45 සමයේ ක්ලියෝපැට්රා සිය සහෝදරයා සහ පුත්‍රයා සමඟ රෝමයට පැමිණියා. සීසර් ඒ වනවිට ආපසු රෝමයට ගොස් සිටි අතර නගරය අසළ වූ ඔහුට අයත් නිවසක ඔවුන් නවාතැන් ගත්තා. සීසර් සහ ක්ලියෝපැට්රා අතර සබඳතාව සැඟවිය හැකි එකක් වූයේ නැහැ. කෙසේ නමුත් සීසර් විවාහකයකු වූ හෙයින් මෙය ඉමහත් ආන්දෝලනයක් ඇති කළා.

ක්‍රි.පූ. 44 මාර්තු 15 වනදා සීසර් ඝාතනය කෙරුණ අතර ඉන්පසු ක්ලියෝපැට්රා ඇතුලු පිරිස යළි ඊජිප්තුව බලා පිටත් වුණා. එයින් ටික දිනකට පසු ක්ලියෝපැට්රාගේ බාල සහෝදරයා ද මරණයට පත් වුණා. මෙම මරණය ක්ලියෝපැට්රා විසින්ම කරවන්නට ඇතැයි ද සැකයක් පවතිනවා. කෙසේ නමුත් මින් පසු සිය තුන් අවුරුදු පුත්‍රයා සම රාජ්‍ය පාලක තනතුරේ තබාගෙන ක්ලියෝපැට්රා රාජ්‍යය පාලනය කළා.

ඇන්තනි සහ ක්ලියෝපැට්රා

සීසර්ගේ මරණින් පසුව රෝමයේ සිවිල් යුධ තත්ත්වයක් ඇති වුණා. ඒ සීසර්ගේ අනුගාමිකයන් තිදෙනකු වූ මාර්ක් ඇන්තනි, ඔක්ටේවියන් සහ ලෙපිඩස් යන තිදෙනා සහ සීසර්ගේ ඝාතකයන් වූ කැසියස් සහ බෲටස් අතරයි. මෙකළ මධ්‍යධරණියේ පිහිටි වැදගත් රාජ්‍යයක් වූ හෙයින් ඊජිප්තුවේ සහය මෙම දෙපාර්ශවය ම බලාපොරොත්තු වුණා. සීසර් විසින් ඊජිප්තුවේ නවතා තිබූ රෝමන් සේනාංක සීසර්ගේ අනුගාමිකයන් ගේ පාර්ශවයට සහය පිණිස යැවීමට ක්ලියෝපැට්රා කටයුතු කළේ මේ අවස්ථාවේදීයි. ක්‍රි.පූ. 42 වනවිට ඔවුන් සිවිල් යුද්ධයෙන් ජයගත් අතර ඔක්ටේවියන් සහ මාක් ඇන්තනි රෝමයේ බලය බෙදා ගත්තා.

ක්‍රි.පූ. 41 දී මාර්ක් ඇන්තනි දකුණුදිග තුර්කියේ පිහිටි ටාර්සුස් නගරයට ක්ලියෝපැට්රා කැඳවූයේ සීසර්ගේ මරණින් පසු ගත වූ කාළය තුළ ඇගේ ක්‍රියාකලාපය පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මේ අවස්ථාවේ ක්ලියෝපැට්රා ටාර්සුස් වරායට පැමිණ ඇත්තේ රිදී පැහැ හබල්වලින් සහ දම්පැහැ රුවල්වලින් යුතු රන්පැහැ ගන්වන ලද නෞකාවක නැගී අයිසිස් දෙවඟන මෙන් සැරසීගෙනයි. තමන් ග්‍රීක දෙවි ඩියෝනිසස්ගේ ප්‍රතිරූපය යයි විශ්වාස කළ මාර්ක් ඇන්තනි එකණෙහි ම ඇයට වසඟ වූ බව පැවසෙනවා.

ඊජිප්තු රාජ්‍යයට ආරක්ෂාව ලබා දීමට මාර්ක් ඇන්තනි එකඟ වූ අතර එවිට පිටුවහල් ව සිටි ක්ලියෝපැට්රාගේ සහෝදරිය ඝාතනය කරවීමට ද ඔහු කටයුතු කළා. මේ අනුව ක්ලියෝපැට්රා සහ ඇගේ පුත්‍රයාගේ සිහසුනට ඇති අයිතිය තවත් තහවුරු වුණා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ හමුවීම ඔවුනගේ අවසන් ව්‍යසනයට ද හේතු වේ යයි ඔවුන් දෙදෙනාටම එම අවස්ථාවේ සිතෙන්නට නැත.

ක්‍රි.පූ. 41 – 40 සමයේ ශීත සෘතුව ගතකිරීම සඳහා මාර්ක් ඇන්තනි ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණියා. ඒ ඔහුගේ තෙවන බිරිඳ ෆල්වියා සහ දරුවන් රෝමයේ සිටියදී. ඇන්තනි ආපසු රෝමයට ගොස් මාස කිහිපයකින් ක්ලියෝපැට්රා නිවුන් දරුවන් දෙදෙනකු ලැබුවා. ඒ ඇලෙක්සැන්ඩර් හේලියෝස් (සූර්යයා) සහ ක්ලියෝපැට්රා සෙලීන් (චන්ද්‍රයා) යන දෙදෙනායි.

ෆල්වියා රෝගී තත්ත්වය හේතුවෙන් මරණයට පත් වූ පසු මාක් ඇන්තනිට දේශපාලනමය විවාහයකට ඇතුලු වීමට සිදු වුණා. ඒ ඔක්ටේවියන්ගේ අර්ධ සහෝදරිය ඔක්ටේවියා සමඟයි. මේ අතර ක්‍රි.පූ. 37 දී ඔහු යළි ඊජිප්තුවට පැමිණියේ කළක පටන් කල් දමමින් තිබූ පාර්තියාව ආක්‍රමණය කිරීමේ උත්සාහයට මුදල් සපයා ගැනීමේ ද අදහසින්. මේ අතර ක්ලියෝපැට්රා සහ මාක් ඇන්තනිගේ සම්බන්ධය නැවත අලුත් වුණා. ක්‍රි.පූ. 36 දී ක්ලියෝපැට්රා ෆිලොඩොල්ෆස් නම් තවත් පුතකු ලැබුවා.

පාර්තියානු (පර්සියාව හෙවත් වත්මන් ඉරානය) ආක්‍රමණය අසාර්ථක වී පරාජිත හැඟීමෙන් ආපසු පැමිණි මාර්ක් ඇන්තනි ඔක්ටේවියා වෙත යාම ප්‍රතික්ෂේප කර ඇලෙක්සැන්ඩ්‍රියාවේ නතර වුණා. මේ අතර ක්‍රි.පූ. 34 දී ඔහු ජුලියස් සීසර්ගේ නියම උරුමකරු වන්නේ ඔහුගෙන් ක්ලියෝපැට්රා ලද දරුවා වූ සිසේරියන් මිස සීසර් විසින් හදාගත් දරුවකු වන ඔක්ටේවියන් නොවන බව මාර්ක් ඇන්තනි ප්‍රකාශ කළා. මෙය ඔක්ටේවියන් සහ ඇන්තනි අතර භේදය ස්ථිර කළා.

ක්‍රි.පූ. 32 දී රෝමන් සෙනට් මණ්ඩලය විසින් මාර්ක් ඇන්තනි සතු වූ සියලු තනතුරු ඔහුට අහිමි කළ අතර ඔක්ටේවියන් ක්ලියෝපැට්රාට එරෙහිව යුධ ප්‍රකාශ කළා.

ඇක්ටියම් සටන, ලොරෙන්සෝ ඒ. කැස්ත්‍රෝගේ චිත්‍රයක් (Lorenzo A. Castro, 1672/Public Domain)

ක්‍රි.පූ 31 සැප්තැම්බර් 2 වනදා ඔක්ටේවියන්ගේ රෝමන් හමුදා සහ මාර්ක් ඇන්තනිගේත්, ක්ලියෝපැට්රාගේත් හමුදා අතර දැවැන්ත නාවික සටනක් සිදු වුණ අතර එය ක්‍රිස්තු උපතට පෙර ලොව සිදු වූ විශාලම නාවික සටන්වලින් එකක් වූ ඇක්ටියම් සංග්‍රාමයයි. මෙහිදී රෝමන් යුධ නැව් 250 ක් පමණ ද ඇන්තනි සහ ක්ලියෝපැට්රාගේ යුධ නැව් 290 ක් පමණ ද සටන් වැදුණ අතර ඊජිප්තු සේනාංකය මෙහෙයවූයේ ක්ලියෝපැට්රා විසින්. මෙහිදී ඔක්ටේවියන්ගේ සේනාංක විසින් ඇන්තනි සහ ක්ලියෝපැට්රා පරාජය කෙරුණා.

ඊළඟ අවුරුද්දේ ඔක්ටේවියන් ඊජිප්තුව ආක්‍රමණය කළා. ඇන්තනිගේ හමුදාව ඔහු හැර ගොස් ඔක්ටේවියන් සමඟ එක් වුණා. මේ අතර ක්ලියෝපැට්රා සිය දිවි නසාගත් බවට වැරදි පුවතක් කණ වැකුණු මාර්ක් ඇන්තනි සිය කඩුවෙන් ඇණගෙන සිය දිවි නසාගත්තා. නමුත් ඔහු මරණයට පත් වීමට පෙර ක්ලියෝපැට්රාගේ මරණය පිළිබඳ ලද පුවත මුසාවක් බව ඔහුට දැනගන්නට ලැබුණ බව සඳහන්.

ඓතිහාසික පුරාවෘත්තවලට අනුව ක්‍රි.පූ. 30 අගෝස්තු 12 වනදා ක්ලියෝපැට්රා නාගයකු දෂ්ඨ කරගැනීමෙන් සිය දිවි නසාගත්තා. කෙසේ නමුත් මෙම අදහසට ඇතැම් ඉතිහාසකරුවන් එකඟ වන්නේ නැහැ. සමහරෙක්ගේ අදහස ඔක්ටේවියන් විසින් ඇය මරවන්නට ඇති බවයි.

සිසේරියන් කුමරුවා ද රෝමන් හමුදා විසින් අල්ලාගෙන ඝාතනය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර ඇන්තනි සහ ක්ලියෝපැට්රාගේ දරුවන් රෝමයට ගෙන යනු ලැබුණා. ඔක්ටේවියා විසින් ඔවුන් රැකබලාගත් අතර පසුව ක්ලියෝපැට්රා සෙලීන් මොරිටානියාවේ II වන ජුබා රජුට සරණ පාවා දෙනු ලැබුණා.

ක්ලියෝපැට්රා ගරු කළයුතු කාන්තාවක් ද?

ඓතිහාසික මූලාශ්රවල සඳහන් කරුණු පිළිබඳ එකණෙහි ම බැලූවිට ක්ලියෝපැට්රා ශක්තිමත් චරිතයකින් හෙබි, පිරිමින් වසඟ කරගන්නා කාන්තාවක ලෙස හුවා දැක්වෙනවා. ඇතැම් කරුණු අනුව ඇය සම්මත ක්‍රමවේදයෙන් ඉවත් ව කටයුතු කළ නැණවත් කාන්තාවක් බව කිව හැකියි.

සිය ජනයාට සමීප වීම පිණිස ඔවුනගේ භාෂාව ඉගෙනගැනීමත් ඔවුනගේ දෙවඟනකගේ ස්වරූපය අනුගමනය කිරීමත් රාජ්‍යතාන්ත්‍රික උපක්‍රම ලෙස ගත හැකියි. කෙසේ වෙතත් ක්ලියෝපැට්රා භාෂාවන් කිහිපයක් ම හැදෑරූ අයකු බවයි සඳහන් වන්නේ.

බලයෙන් පහ කරන ලද අවස්ථාවේ සිරියාවට ගොස් එහි දී කුලී හමුදාවක් රැස් කරගැනීම ඇගේ නොපසුබස්නා අදිටන පෙන්නුම් කරනවා. සීසර් හමුවීමට යෑමට ගත් උපක්‍රමය ඇගේ ස්ථානෝචිත ප්‍රඥාවට සාක්ෂියක් වනවා. මාර්ක් ඇන්තනි තම වසඟයට ගැනීමට කළ උපක්‍රමය පෙන්නුම් කරන්නේ ඇය ඔහු මුණ ගැසීමට පෙර ඔහුගේ රුචි අරුචිකම් හොඳින් අධ්‍යයනය කළ බවයි. මෙය රාජ්‍යතාන්ත්‍රික උපක්‍රමයක් ලෙස සර්වකාලීන වැදගත්කමකින් යුතු කරුණක්.

එමෙන්ම ඇන්තනි සහ ක්ලියෝපැට්රා අතර ඉතාම ශක්තිමත් බැඳීමක් තිබුණ බවට සැක කළ හැකියි. පාර්තියාවේදී යුධමය වශයෙන් පරාජය වී ආපසු පැමිණෙන ඇන්තනි රෝමයට නොගොස් ක්ලියෝපැට්රා ළඟ නතර වන්නේ ඔහුට මානසික සහනයක් අවශ්‍ය වූ විට එය ලැබෙන්නේ ක්ලියෝපැට්රාගෙන් බව දැන සිටි නිසා වීමට පුලුවනි. අවසානය තෙක් ම ඔවුන් දෙදෙනා එක්ව සිටීමෙන් සැක කළ හැක්කේ ක්ලියෝපැට්රා පිරිමින් වසඟයට ගෙන තම සිතැඟි ඉටු කරගත්තා පමණකැයි පැවසීම එතරම් සාධාරණ නොවන බවයි. සීසර්ගේ මරණය තෙක් ඔහු හැර නොගිය ක්ලියෝපැට්රා, ජයග්‍රහණ මෙන් ම පරාජයන් හමුවේ, මාර්ක් ඇන්තනි ද හැර නොගිය බව මෙහිදී සිහිපත් කළ යුතු වනවා.

[QUOTE="Idias, post: 23464990, member: 556682"] [b]සම්මතයට අභියෝග කළ ක්ලියෝපැට්රා[/b] [B][SIZE=4]ටොලමි රාජ වංශය[/SIZE][/B] [SIZE=4]මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ සෙනවියකු වූ ටොලමි, ක්‍රි.පූ. 323 දී සිදු වූ [URL="http://www.history.com/topics/ancient-history/alexander-the-great"]ඇලෙක්සැන්ඩර්ගේ[/URL] මරණින් පසුව ඊජිප්තුවේ පාලකයා බවට පත් වුණා. ඔහු I වන ටොලමි යන නම භාවිතා කරමින් ටොලමි රාජවංශයට මුල පිරුවා. ක්ලියෝපැට්රා අයත් වූයේ එම රාජවංශයටයි. ක්ලියෝපැට්රා එම රාජවංශයේ එම නමින් සිටි සත් වැන්නිය වූ අතර ඇය ක්ලියෝපැට්රා VII ෆිලෝපේටර් නම් වනවා.[/SIZE] [SIZE=4]ටොලමි රාජ වංශය ඊජිප්තු සංස්කෘතියේ ඇතැම් ලක්ෂණ උකහා ගැනීමට කටයුතු කළ නමුත් එය බොහෝ කොටම ග්‍රීක රජපවුලක් ලෙස පැවතුණා. උදාහරණයක් ලෙස වන ටොලමි ක්‍රි.පූ. 305 දී තමන්ට ෆාරාවෝ යන තනතුර ද ආරෝපණය කරගත්තා. නමුත් එසේ කරන්නට ඇත්තේ ඊජිප්තු ජනයා අතර තම පාලන තන්ත්රයට පිළිගැනීමක් ලබාදීමට යයි සිතිය හැකියි. මේ අතර සියවස් තුනකට ආසන්න කාළයක් තිස්සෙ ටොලමි පවුල [URL="http://www.historyextra.com/article/ancient-egypt/6-things-you-probably-didn%E2%80%99t-know-about-cleopatra"]තනිකරම ග්‍රීක පවුලක් වශයෙන් පවතින්නට නැති බවට ද[/URL] සාධාරණ සැකයක් තිබෙනවා. විශේෂයෙන් ම අප්‍රිකානුවන් ද එම පවුලට සම්බන්ධ වන්නට ඇතැයි සැක කෙරෙනවා.[/SIZE] [SIZE=4]සාමාන්‍යයෙන් ටොලමි රාජවංශිකයන් ඊජිප්තු බස භාවිතා කළේ නැතත් ක්ලියෝපැට්රා එම භාෂාව ඉගෙනීමට කටයුතු කළ බව සඳහන් වනවා. එමෙන්ම රාජ්‍යත්වයට පත් වූ පසු ක්ලියෝපැට්රා ඊජිප්තු සාම්ප්‍රදායික දෙවඟනක වූ [URL="http://www.smithsonianmag.com/history/who-was-cleopatra-151356013/"]අයිසිස් දෙවඟනගේ ස්වරූපය ආරූඪ කරගත්තා[/URL]. ඒ ඇය ඊජිප්තු වැසියන්ගේ නායිකාව බව ප්‍රකාශ කිරීමටයි.[/SIZE] [SIZE=4]ඉතිහාසයේ තවත් දෛවෝපගත සිද්ධියක් ප්‍රදර්ශනය කරමින්, අනාදිමත් කාළයක පටන් පැවතෙන ඊජිප්තුවේ ෆාරාවෝ තනතුර දැරූ අවසන් තැනැත්තා බවට පත් වූයේ ද ඇයයි.[/SIZE] [B][SIZE=4]සමකාලීන වාර්තා හිඟකම[/SIZE][/B] [SIZE=4]ක්ලියෝපැට්රාගේ ජීවිත කතාව පිළිබඳ සමකාලීන වාර්තා සොයා ගැනීම අපහසුයි. ඇය පිළිබඳ ඉතිහාසය නිර්මාණය වන්නේ පසු කාලීනව ග්‍රීක සහ රෝමන් ඉතිහාසකරුවන් විසින් ලියන ලද ඉතිහාස සටහන් ආශ්රයෙන්.[/SIZE] [SIZE=4]ක්ලියෝපැට්රා උපන්නේ ක්‍රි.පූ. 69 දී XII වන ටොලමි අවුලෙටස්ගේ දියණියක ලෙසයි. ඇගේ මව කවරෙක්දැයි ඓතිහාසික වාර්තා අනුව ස්ථිරව පැවසීමට හැකිව නැහැ. සිය පියාගේ අභාවයෙන් පසු ක්‍රි.පූ. 51 දී ක්ලියෝපැට්රා සහ ඇගේ සහෝදර වන XIII ටොලමි සම පාලකයන් ලෙස ඊජිප්තුවේ රජකමට පත් වුණා. එවකට ඇයට වයස අවුරුදු 18 ක් වූ අතර ඇගේ සහෝදරයා දස හැවිරිදි වුණා. එකළ පැවති සම්ප්රදාය අනුව මෙම දෙදෙන විවාහයට ද පත් වූ බව විශ්වාස කෙරෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/115-701x1052.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ක්ලියෝපැට්රාගේ ප්‍රතිමාවක් (history.com)[/SIZE] [SIZE=4]කෙසේ නමුත් වැඩිකල් යෑමට පෙර ක්ලියෝපැට්රාට තමන් සතු බලය අහිමි වනවා. ක්ලියෝපැට්රා සහ ටොලමි අතර බල අරගලයක් ඇතිවූ බවට විශ්වාස කෙරෙන අතර එහිදී ටොලමිගේ උපදේශකයින් විසින් ක්ලියෝපැට්රා බලයෙන් ඉවත් කිරීමට සමත් වූ බවට සැළකෙනවා. මේ අනුව ක්‍රි.පූ. 49 දී ක්ලියෝපැට්රා සිරියාවට පැමිණියා.[/SIZE] [SIZE=4]ක්ලියෝපැට්රා දක්ෂ කාන්තාවක බව පෙන්වන එක් අවස්ථාවක් වූයේ මෙසේ සිරියාව කරා පැමිණි අවස්ථාවයි. ඇය සිරියාවේ සිටිමින් ඊජිප්තුවේ බලය අල්ලාගැනීම සඳහා කුලී හමුදාවක් එකතු කරගැනීමට සමත් වුණා. ක්‍රි.පූ. 48 දී ක්ලියෝපැට්රා නැවත ඊජිප්තුව වෙත ළඟා වූයේ එම හමුදාව ද සමඟයි.[/SIZE] [B][SIZE=4]ජුලියස් සීසර් හමුවීම[/SIZE][/B] [SIZE=4]රෝමයේ පාලනය සඳහා ජුලියස් සීසර් සමඟ කළ සටනින් පරාජය වන පොම්පේ ඊජිප්තුවට පැමිණි නමුත් එහිදී ඔහුව මරා දමනු ලැබුවා. ටොලමි ඉන් බලාපොරොත්තු වන්නේ සීසර්ගේ සහය තමන් සතු කරගැනීමයි. කෙසේ වෙතත් මේ අතර ක්ලියෝපැට්රා ද සීසර්ගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වුණා.[/SIZE] [SIZE=4]තම ප්‍රතිවාදියා වුවද, පොම්පේ මරා දැමීම පිළිබඳ සීසර් අප්‍රසාදය දක්වා ඇති බව සඳහන් වනවා. එහෙයින් ටොලමි පිළිබඳ සීසර්ගේ එතරම් යහපත් අදහසක් ඇතිවූයේ නැහැ. ක්ලියෝපැට්රා ක්‍රියාත්මක වූයේ මේ අතරවාරයේදියි.[/SIZE] [SIZE=4]ඉතිහාසඥ ප්ලූටාර්ක් ජුලියස් සීසර්ගේ ජීවිතය පිළිබඳ සිය Life of Julius Caesar පොතෙහි දක්වා ඇති පරිදි සීසර් රැඳී සිටි මාලිගය වටා ටොලමිගේ හමුදා රැකවල් තිබුණ අතර එය පසුකර මාලිගය තුළට ක්ලියෝපැට්රා ඇතුලු වන්නේ සිසිලියේ ඇපොලොඩෝරස් විසින් ඔසවාගන ගිය විශාල බුමුතුරුණක් තුළ සැඟවී ය.[/SIZE] [SIZE=4]සීසර් ක්ලියෝපැට්රාට වසඟ වූ අතර ඉන්පසු ඇයගේ රාජ්‍යත්වය පිළිබඳ අයිතිය සුරකිනු පිණිස සටන් කරන්නට වුණා. අමතර හමුදා එනතුරු සීසර්ගේ රෝමන් හමුදාවලට ටොලමිගේ හමුදාවන් පරාජය කිරීමට ලැබුණේ නැහැ. නමුත් අමතර සේනා පැමිණීමත් සමඟ ටොලමිගේ හමුදා පරාජය වුණා. ටොලමි ඇලෙක්සැන්ඩ්‍රියා අගනුවර අතැර පළාගියා. ඔහු නයිල් නදියේ ගිලී මියගිය බවට සැක කරනු ලබනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/25-701x1016.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ක්ලියෝපැට්රා සහ සීසර් හමුවීම, ශෝන් – ලියොන් ජෙරෝම්ගේ චිත්‍රයක් (Jean-Léon Gérôme, 1866/Public Domain)[/SIZE] [SIZE=4]ක්ලියෝපැට්රා ඊජිප්තුවේ රැජිණ බවට නැවත පත්වූ අතර ඒ වනවිට 13 වන වියෙහි පසුවන ඇගේ අනෙක් බාල සහෝදරයකු XIV වන ටොලමි නමින් ඇය සමඟ සම පාලකයා ලෙස නම් කෙරුණා. කෙසේ වෙතත් එකළ ක්ලියෝපැට්රා එතරම් ජනප්‍රිය නායිකාවක වූයේ නැහැ. නයිල් නදිය පිටාර ගැලීම අක්‍රමවත් වීම හේතුවෙන් ආහාර නිෂ්පාදනය අඩු වීමෙන් ඊජිප්තුවේ ආර්ථික තත්ත්වය මෙකළ පහළ වැටී තිබුණා.[/SIZE] [SIZE=4]මේ අතර ක්‍රි.පූ. 47 දී ක්ලියෝපැට්රා, ටොලමි සීසර් නම් පුතකු බිහි කළා. ක්ලියෝපැට්රා ඔහුව හැඳින්වූයේ සිසේරියන් (කුඩා සීසර්) නමින්.[/SIZE] [SIZE=4]ක්‍රි.පූ. 46-45 සමයේ ක්ලියෝපැට්රා සිය සහෝදරයා සහ පුත්‍රයා සමඟ රෝමයට පැමිණියා. සීසර් ඒ වනවිට ආපසු රෝමයට ගොස් සිටි අතර නගරය අසළ වූ ඔහුට අයත් නිවසක ඔවුන් නවාතැන් ගත්තා. සීසර් සහ ක්ලියෝපැට්රා අතර සබඳතාව සැඟවිය හැකි එකක් වූයේ නැහැ. කෙසේ නමුත් සීසර් විවාහකයකු වූ හෙයින් මෙය ඉමහත් ආන්දෝලනයක් ඇති කළා.[/SIZE] [SIZE=4]ක්‍රි.පූ. 44 මාර්තු 15 වනදා සීසර් ඝාතනය කෙරුණ අතර ඉන්පසු ක්ලියෝපැට්රා ඇතුලු පිරිස යළි ඊජිප්තුව බලා පිටත් වුණා. එයින් ටික දිනකට පසු ක්ලියෝපැට්රාගේ බාල සහෝදරයා ද මරණයට පත් වුණා. මෙම මරණය ක්ලියෝපැට්රා විසින්ම කරවන්නට ඇතැයි ද සැකයක් පවතිනවා. කෙසේ නමුත් මින් පසු සිය තුන් අවුරුදු පුත්‍රයා සම රාජ්‍ය පාලක තනතුරේ තබාගෙන ක්ලියෝපැට්රා රාජ්‍යය පාලනය කළා.[/SIZE] [B][SIZE=4]ඇන්තනි සහ ක්ලියෝපැට්රා[/SIZE][/B] [SIZE=4]සීසර්ගේ මරණින් පසුව රෝමයේ සිවිල් යුධ තත්ත්වයක් ඇති වුණා. ඒ සීසර්ගේ අනුගාමිකයන් තිදෙනකු වූ මාර්ක් ඇන්තනි, ඔක්ටේවියන් සහ ලෙපිඩස් යන තිදෙනා සහ සීසර්ගේ ඝාතකයන් වූ කැසියස් සහ බෲටස් අතරයි. මෙකළ මධ්‍යධරණියේ පිහිටි වැදගත් රාජ්‍යයක් වූ හෙයින් ඊජිප්තුවේ සහය මෙම දෙපාර්ශවය ම බලාපොරොත්තු වුණා. සීසර් විසින් ඊජිප්තුවේ නවතා තිබූ රෝමන් සේනාංක සීසර්ගේ අනුගාමිකයන් ගේ පාර්ශවයට සහය පිණිස යැවීමට ක්ලියෝපැට්රා කටයුතු කළේ මේ අවස්ථාවේදීයි. ක්‍රි.පූ. 42 වනවිට ඔවුන් සිවිල් යුද්ධයෙන් ජයගත් අතර ඔක්ටේවියන් සහ මාක් ඇන්තනි රෝමයේ බලය බෙදා ගත්තා.[/SIZE] [SIZE=4]ක්‍රි.පූ. 41 දී මාර්ක් ඇන්තනි දකුණුදිග තුර්කියේ පිහිටි ටාර්සුස් නගරයට ක්ලියෝපැට්රා කැඳවූයේ සීසර්ගේ මරණින් පසු ගත වූ කාළය තුළ ඇගේ ක්‍රියාකලාපය පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මේ අවස්ථාවේ ක්ලියෝපැට්රා [URL="http://www.history.com/news/10-little-known-facts-about-cleopatra"]ටාර්සුස් වරායට පැමිණ ඇත්තේ[/URL] රිදී පැහැ හබල්වලින් සහ දම්පැහැ රුවල්වලින් යුතු රන්පැහැ ගන්වන ලද නෞකාවක නැගී අයිසිස් දෙවඟන මෙන් සැරසීගෙනයි. තමන් ග්‍රීක දෙවි ඩියෝනිසස්ගේ ප්‍රතිරූපය යයි විශ්වාස කළ මාර්ක් ඇන්තනි එකණෙහි ම ඇයට වසඟ වූ බව පැවසෙනවා.[/SIZE] [SIZE=4]ඊජිප්තු රාජ්‍යයට ආරක්ෂාව ලබා දීමට මාර්ක් ඇන්තනි එකඟ වූ අතර එවිට පිටුවහල් ව සිටි ක්ලියෝපැට්රාගේ සහෝදරිය ඝාතනය කරවීමට ද ඔහු කටයුතු කළා. මේ අනුව ක්ලියෝපැට්රා සහ ඇගේ පුත්‍රයාගේ සිහසුනට ඇති අයිතිය තවත් තහවුරු වුණා.[/SIZE] [SIZE=4]කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ හමුවීම ඔවුනගේ අවසන් ව්‍යසනයට ද හේතු වේ යයි ඔවුන් දෙදෙනාටම එම අවස්ථාවේ සිතෙන්නට නැත.[/SIZE] [SIZE=4]ක්‍රි.පූ. 41 – 40 සමයේ ශීත සෘතුව ගතකිරීම සඳහා මාර්ක් ඇන්තනි ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණියා. ඒ ඔහුගේ තෙවන බිරිඳ ෆල්වියා සහ දරුවන් රෝමයේ සිටියදී. ඇන්තනි ආපසු රෝමයට ගොස් මාස කිහිපයකින් ක්ලියෝපැට්රා නිවුන් දරුවන් දෙදෙනකු ලැබුවා. ඒ ඇලෙක්සැන්ඩර් හේලියෝස් (සූර්යයා) සහ ක්ලියෝපැට්රා සෙලීන් (චන්ද්‍රයා) යන දෙදෙනායි.[/SIZE] [SIZE=4]ෆල්වියා රෝගී තත්ත්වය හේතුවෙන් මරණයට පත් වූ පසු මාක් ඇන්තනිට දේශපාලනමය විවාහයකට ඇතුලු වීමට සිදු වුණා. ඒ ඔක්ටේවියන්ගේ අර්ධ සහෝදරිය ඔක්ටේවියා සමඟයි. මේ අතර ක්‍රි.පූ. 37 දී ඔහු යළි ඊජිප්තුවට පැමිණියේ කළක පටන් කල් දමමින් තිබූ පාර්තියාව ආක්‍රමණය කිරීමේ උත්සාහයට මුදල් සපයා ගැනීමේ ද අදහසින්. මේ අතර ක්ලියෝපැට්රා සහ මාක් ඇන්තනිගේ සම්බන්ධය නැවත අලුත් වුණා. ක්‍රි.පූ. 36 දී ක්ලියෝපැට්රා ෆිලොඩොල්ෆස් නම් තවත් පුතකු ලැබුවා.[/SIZE] [SIZE=4]පාර්තියානු (පර්සියාව හෙවත් වත්මන් ඉරානය) ආක්‍රමණය අසාර්ථක වී පරාජිත හැඟීමෙන් ආපසු පැමිණි මාර්ක් ඇන්තනි ඔක්ටේවියා වෙත යාම ප්‍රතික්ෂේප කර ඇලෙක්සැන්ඩ්‍රියාවේ නතර වුණා. මේ අතර ක්‍රි.පූ. 34 දී ඔහු ජුලියස් සීසර්ගේ නියම උරුමකරු වන්නේ ඔහුගෙන් ක්ලියෝපැට්රා ලද දරුවා වූ සිසේරියන් මිස සීසර් විසින් හදාගත් දරුවකු වන ඔක්ටේවියන් නොවන බව [URL="https://www.biography.com/people/cleopatra-vii-9250984"]මාර්ක් ඇන්තනි ප්‍රකාශ කළා[/URL]. මෙය ඔක්ටේවියන් සහ ඇන්තනි අතර භේදය ස්ථිර කළා.[/SIZE] [SIZE=4]ක්‍රි.පූ. 32 දී රෝමන් සෙනට් මණ්ඩලය විසින් මාර්ක් ඇන්තනි සතු වූ සියලු තනතුරු ඔහුට අහිමි කළ අතර ඔක්ටේවියන් ක්ලියෝපැට්රාට එරෙහිව යුධ ප්‍රකාශ කළා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/36.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඇක්ටියම් සටන, ලොරෙන්සෝ ඒ. කැස්ත්‍රෝගේ චිත්‍රයක් (Lorenzo A. Castro, 1672/Public Domain)[/SIZE] [SIZE=4]ක්‍රි.පූ 31 සැප්තැම්බර් 2 වනදා ඔක්ටේවියන්ගේ රෝමන් හමුදා සහ මාර්ක් ඇන්තනිගේත්, ක්ලියෝපැට්රාගේත් හමුදා අතර දැවැන්ත නාවික සටනක් සිදු වුණ අතර එය ක්‍රිස්තු උපතට පෙර ලොව සිදු වූ විශාලම නාවික සටන්වලින් එකක් වූ ඇක්ටියම් සංග්‍රාමයයි. මෙහිදී රෝමන් යුධ නැව් 250 ක් පමණ ද ඇන්තනි සහ ක්ලියෝපැට්රාගේ යුධ නැව් 290 ක් පමණ ද සටන් වැදුණ අතර ඊජිප්තු සේනාංකය මෙහෙයවූයේ ක්ලියෝපැට්රා විසින්. මෙහිදී ඔක්ටේවියන්ගේ සේනාංක විසින් ඇන්තනි සහ ක්ලියෝපැට්රා පරාජය කෙරුණා.[/SIZE] [SIZE=4]ඊළඟ අවුරුද්දේ ඔක්ටේවියන් ඊජිප්තුව ආක්‍රමණය කළා. ඇන්තනිගේ හමුදාව ඔහු හැර ගොස් ඔක්ටේවියන් සමඟ එක් වුණා. මේ අතර ක්ලියෝපැට්රා සිය දිවි නසාගත් බවට වැරදි පුවතක් කණ වැකුණු මාර්ක් ඇන්තනි සිය කඩුවෙන් ඇණගෙන සිය දිවි නසාගත්තා. නමුත් ඔහු මරණයට පත් වීමට පෙර ක්ලියෝපැට්රාගේ මරණය පිළිබඳ ලද පුවත මුසාවක් බව ඔහුට දැනගන්නට ලැබුණ බව සඳහන්.[/SIZE] [SIZE=4]ඓතිහාසික පුරාවෘත්තවලට අනුව ක්‍රි.පූ. 30 අගෝස්තු 12 වනදා ක්ලියෝපැට්රා නාගයකු දෂ්ඨ කරගැනීමෙන් සිය දිවි නසාගත්තා. කෙසේ නමුත් මෙම අදහසට ඇතැම් ඉතිහාසකරුවන් එකඟ වන්නේ නැහැ. සමහරෙක්ගේ අදහස ඔක්ටේවියන් විසින් ඇය මරවන්නට ඇති බවයි.[/SIZE] [SIZE=4]සිසේරියන් කුමරුවා ද රෝමන් හමුදා විසින් අල්ලාගෙන ඝාතනය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර ඇන්තනි සහ ක්ලියෝපැට්රාගේ දරුවන් රෝමයට ගෙන යනු ලැබුණා. ඔක්ටේවියා විසින් ඔවුන් රැකබලාගත් අතර පසුව ක්ලියෝපැට්රා සෙලීන් මොරිටානියාවේ II වන ජුබා රජුට සරණ පාවා දෙනු ලැබුණා.[/SIZE] [B][SIZE=4]ක්ලියෝපැට්රා ගරු කළයුතු කාන්තාවක් ද?[/SIZE][/B] [SIZE=4]ඓතිහාසික මූලාශ්රවල සඳහන් කරුණු පිළිබඳ එකණෙහි ම බැලූවිට ක්ලියෝපැට්රා ශක්තිමත් චරිතයකින් හෙබි, පිරිමින් වසඟ කරගන්නා කාන්තාවක ලෙස හුවා දැක්වෙනවා. ඇතැම් කරුණු අනුව ඇය සම්මත ක්‍රමවේදයෙන් ඉවත් ව කටයුතු කළ නැණවත් කාන්තාවක් බව කිව හැකියි.[/SIZE] [SIZE=4]සිය ජනයාට සමීප වීම පිණිස ඔවුනගේ භාෂාව ඉගෙනගැනීමත් ඔවුනගේ දෙවඟනකගේ ස්වරූපය අනුගමනය කිරීමත් රාජ්‍යතාන්ත්‍රික උපක්‍රම ලෙස ගත හැකියි. කෙසේ වෙතත් ක්ලියෝපැට්රා භාෂාවන් කිහිපයක් ම හැදෑරූ අයකු බවයි සඳහන් වන්නේ.[/SIZE] [SIZE=4]බලයෙන් පහ කරන ලද අවස්ථාවේ සිරියාවට ගොස් එහි දී කුලී හමුදාවක් රැස් කරගැනීම ඇගේ නොපසුබස්නා අදිටන පෙන්නුම් කරනවා. සීසර් හමුවීමට යෑමට ගත් උපක්‍රමය ඇගේ ස්ථානෝචිත ප්‍රඥාවට සාක්ෂියක් වනවා. මාර්ක් ඇන්තනි තම වසඟයට ගැනීමට කළ උපක්‍රමය පෙන්නුම් කරන්නේ ඇය ඔහු මුණ ගැසීමට පෙර ඔහුගේ රුචි අරුචිකම් හොඳින් අධ්‍යයනය කළ බවයි. මෙය රාජ්‍යතාන්ත්‍රික උපක්‍රමයක් ලෙස සර්වකාලීන වැදගත්කමකින් යුතු කරුණක්.[/SIZE] [SIZE=4]එමෙන්ම ඇන්තනි සහ ක්ලියෝපැට්රා අතර ඉතාම ශක්තිමත් බැඳීමක් තිබුණ බවට සැක කළ හැකියි. පාර්තියාවේදී යුධමය වශයෙන් පරාජය වී ආපසු පැමිණෙන ඇන්තනි රෝමයට නොගොස් ක්ලියෝපැට්රා ළඟ නතර වන්නේ ඔහුට මානසික සහනයක් අවශ්‍ය වූ විට එය ලැබෙන්නේ ක්ලියෝපැට්රාගෙන් බව දැන සිටි නිසා වීමට පුලුවනි. අවසානය තෙක් ම ඔවුන් දෙදෙනා එක්ව සිටීමෙන් සැක කළ හැක්කේ ක්ලියෝපැට්රා පිරිමින් වසඟයට ගෙන තම සිතැඟි ඉටු කරගත්තා පමණකැයි පැවසීම එතරම් සාධාරණ නොවන බවයි. සීසර්ගේ මරණය තෙක් ඔහු හැර නොගිය ක්ලියෝපැට්රා, ජයග්‍රහණ මෙන් ම පරාජයන් හමුවේ, මාර්ක් ඇන්තනි ද හැර නොගිය බව මෙහිදී සිහිපත් කළ යුතු වනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom