Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සම්මත හා පරමාර්ථ ධර්මයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මත හා පරමාර්ථ ධර්මයන්

බුද්ධ ධර්මය ලියැවී ඇති පොත්පත් වල මෙන්ම බොහෝ ධර්ම දේශකයින් වහන්සේලාද සම්මතය හා පරමාර්ථ ධර්ම පිළිබඳව කථා කරති. සාමාන්‍ය බෞද්ධයාට පමණක් නොව උගත් ගිහි පැවිදි දෙපක්ෂයටම මේ දෙකෙහි වෙනස පිළිබඳව නිවැරදි වැටහීමක් නැත. සම්මතය, වචන වලින් උදාහරණ වලින් විස්තර කර ප්‍රකාශ කළ හැකි වුවත්, පරමාර්ථ ධර්ම විස්තර කළ නොහැකි නමුත් තමන්ම අවබෝධ කරගත යුතු දෙයකි. සම්මතය තේරුම් ගැනීමට එතරම් අපහසු නොවුනත්, පරමාර්ථ ධර්ම වචනයෙන් කරන විස්තරයකින් ලියා හෝ කියා තේරුම් කළ නොහැකිය. ඒ නිසා මේ මම දරණ උත්සාහයද කොතරම් දුරට සාර්ථක වේ දැයි අනුමානයෙන් වත් සිතා ගත නොහැකිය.

අප ජීවත්වන ලෝකයෙහි භාවිතා කරන එදිනෙදා කරන, කියන, හිතන සියලුම දේ සම්මතයන් අනුවම කරති. ලෝකයා සමඟ සහයෝගිතාවයන්, සම්බන්ධතාවයන් පවත්වන සෑම විටකම, මේ සම්මතයන් අනුවම කටයුතු කරති. මිනිස් වර්ගයා බිහි වූ දා පටන්ම එකිනෙකා සමඟ එක්ව කටයුතු කිරීමේදී සම්මත ලෙසින් පනවාගෙන, පිහිටුවාගෙන ඒවායෙහි පිහිටා කටයුතු කරති. මහා සම්මත රජ කෙනෙකු පත්කරගත් කථාවත් මේ සම්මතයන්හි පිහිටීමේම වැදගත් අවස්ථාවකි.

මනස මෙහෙයවා මනසින් මැන කටයුතු කිරීමේදී, මිනිසාට මේ පැවැත්ම අවුලකින් තොරව යම් රටාවකට පවත්වා ගන්නට නම් සම්මත උපකාර වෙයි. සම්මත වල පිහිටා කටයුතු නොකළ හොත් පිස්සෙකු, උන්මන්තකයෙකු ලෙස සමාජය සළකනු ඇත. සම්මත

වලට ගරු කිරීම සුචරිතය ලෙසද, යහපත් සමාජ චාරිත්‍ර වාරිත්‍ර ලෙසද හඳුන්වා දෙති. නමුත් කිසිම සම්මතයක් නිවන් දැකීමට උපකාර නොවේ. එය රාග, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ, සංඛාර ප්‍රකාශ කිරීමට හෝ විස්තර කිරීමට උපකාර කර ගන්නා මාධ්‍යයක් පමණි. ”සං” ”මත” යන පද දෙක එකතු වී ”සම්මත” යන වචනය සෑදී ඇත. ”සං” යනු ඔබ දන්නා පරිදි රාග, ද්වේෂ, මෝහ පැවැත්වීම සඳහා එකතු කරන දේ යන තේරුමයි. ”මත” යනු යම් ආකාරයක මත් වීමකි. බුදිමත , නිදිමත, සුරාමත වැනි මතකි. “සං” නිසා මත් වූ යන තේරුම මෙහි ඇත. සංසාර පැවැත්ම පැවැත්වීම දිගින් දිගටම ගෙනයාමට උපකාර කරගත හැකි, ලෞකිකත්වය අවුලකින් තොරව පැවැත්වීමට උපකාර වන පොදු නිගමන, සම්මත ලෙස පෙන්විය හැකිය. රාග, ද්වේෂ, මෝහ වලින් මත් වූ මිනිසුන් යම් පාලනයකින් යුතුව පොදු රීතීින්ට අනුව පැවැත්වීමට සම්මත උපකාර වේ. එසේ නම් ලෞකිකත්වය සාධාරණ ලෙසින් පවත්වන්නේ සම්මත නිසාය. සම්මත මෙන්ම අසම්මතද රාග, ද්වේෂ, මෝහ මුල් කර ගෙනම උපත ලබන නිසා මෙහි වෙනසක් නැත. ඒ අරිය උත්තමයෙකුටය.

මේ කිසිඳු සම්මතයක එල්ලී කටයුතු කිරීම නිවන් මඟට උපකාර නොවේ. නිවන් දැකීමට උපකාර වන පරමාර්ථ ධර්මය ඇත්තේද සම්මතය තුළමය. බුද්ධියෙන්, ප්‍රඥාවෙන් කල්පනා කර යමක ධර්මතාවය දැක්කොත් (සං දිට්ඨිකෝ) එතැන සම්මතය තුළ ගැබ් වී ඇති පරමාර්ථ ධර්මය දැකිය හැකිය. ඒ සඳහා හේතුඵල දහම, පටිච්චසමුප්පාද ධර්මයම උපකාර කරගත යුතුය. ඒ සම්මතය, ධර්මයට බහා බැලිය යුතුය. සම්මතයක් නොවන දෙයක් තුළින් පරමාර්ථ ධර්මයක් දැකිය නොහැකිය. ඒ නිසා සම්මතයේ නැති දෙයකින්, සම්මතයක් නොවන අවස්ථාවක කිසි ලෙසකින් පරමාර්ථ ධර්මයක් දැකිය නොහැකිමය. ඒ නිසාම සම්මතයන් කිසිසේත් අතහැර දැමිය යුතු දෙයක් නොවේ. සම්මතය තුළින්ම පරමාර්ථය අවබෝධ කර ගැනීම නිවන් දැකීමයි.

මේ පිළිබඳ උදාහරණයක් ගෙන බැලුවොත්, ගෙඩියක පොත්ත හා මදය යැයි දෙකක් ඇත. ඇසට පෙනෙන්නේ විවිධ වූ, විෂම වූ පිට පොත්තය. ඒ පොත්ත තුළ මදයක් ඇති බව බාහිරින් බලන කෙනෙකුට නොපෙනේ. අපට වැදගත් වන්නේ මදය මිස පොත්ත නොවේ. පොත්ත නැති තැනක අපට අවශ්‍ය මදයක් පැවතිය නොහැකිය. පිට පොත්ත සම්මතය නම් මදය පරමාර්ථයයි. පිට පොත්ත අතගා එහි ලක්ෂණ බලා සිටියාට මදය දැක ගත නොහැකිය. ඒ පිට පොත්ත විද, හාරා, පසාරු කර, ඇතුළට කිඳා බැසීමෙන්ම මදය දැක ගත හැකිය. එලෙසම විපස්සනා නුවණින් සම්මතය හාරා අවුස්සා, බෙදා වෙන්කර, එහි ඇති ධර්මතාවය අවබෝධ කර ගැනීම පරමාර්ථ සත්‍යය දැකීමයි. කට්ට කකා සිටීම හෝ පොත්ත අතගගා සිටීම පෘථග්ජනයාගේ හැසිරීමයි. කට්ට විද, පොත්ත පසාරු කර, මදය හරය දැකීම අරිය උත්තමයාගේ හැසීරීමයි.

සම්මත කිසිවිටකත් දිගටම එකසේ පවතින ඒවා නොවේ. එසේම සියලු සම්මත අනිච්ච ධර්මයෝය. කැමතිසේ නොපවතියි. සෑම මොහොතකම වෙනස්වන, විපරිණාමයට පත්වන, විනාශ වන අනාථ දහම්ය. ඒවාට උරුම නියත ධර්මතාවය උපන් මොහොතේ පටන් විනාශය කරා, මරණය කරා ගමන් කිරීමය. සංඛාර වල ගැබ්වූ සියලු ලක්ෂණ සම්මත වලද පිහිටා ඇත.

දරුවෙකු ඉපැදුණු මොහොතේම උපතින්ම මරණයද උරුම වී ඇත. වසරකින් වයස ගියා යනු වසරකින් මරණය කරා ළංවීමයි. එහිදී සිදුවූයේ ලබා උපන් ශක්තිය වසරකින් ගෙවා දැමීමකි. තව වසර කිහිපයකින් දරුවා ළමයෙකු විය. සම්මතය වෙනස් විය. තව කලකින් වැඩිහිටියෙකු බවටත් මහලු බවටත් පත්ව මිය යයි. මේ නිසා සම්මතය එක මොහොතකුදු එකසේ නොපවතී. විපරිණාමයට පත් වී, විනාශ වී යයි. ඒ සම්මත වල ස්වභාවයයි. සම්මත භංගූරත්වය යනු එයයි. එය ඕනෑම පුද්ගලයෙකුට තේරුම් ගත හැකිය. එය ශ්‍රාවක ගෝචර දහමකි.

මෙහි යටින් ඇති පරමාර්ථ සත්‍යය මීට හාත්පසින්ම වෙනස්ය. බිහිකළ ශක්තියක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ගෙවී ගොස් බිහිකළ ශක්තියේ බලය අවසන් වීම නිසා බිහිවූ දෙය විනාශ වී යාමක් සිදුවිය. හැම මොහොතකම ක්‍රියාත්මක වන හේතු ඵල දහමට අනුව, හේතුවක් නිසා බිහිවී හේතුවක් නිසාම විපරිණාමයට පත් වී, හේතුවක් නිසාම විනාශ වන නියත ධර්මතාවය මිස වෙන කිසි අර්ථයක්, හරයක්, වටිනාකමක් මෙහි නැති බව විපස්සනා නුවණ මෙහෙයවා බැලුවහොත් දැකිය හැකිවෙයි.

මම, මට, මගේ යනු සම්මත ප්රකාශයෝය. ඇත, නැත යනු සම්මත ප්රකාශයන්ය. මේ ඇත, නැත යන සංඛාර ක්‍රියාත්මක වන, හේතුඵල දහමින් මතුවන, ඇති වන නැති වන ක්‍රියාකාරකම්ය. ඒ මිස සත්‍ය දෙයක් පරමාර්ථ සත්‍යයක් එහි නැත. දෘෂ්ඨියක්, මායාවක් පමණක්ම එහි ඇත. මිනිසෙකු මැරුණු පසු කවුරුන් මැරුණාදැයි යන ප්‍රශ්ණය සම්මතයයි. එම මරණයට අදාළ පරමාර්ථ ධර්මය දැකීමට නම්, මරණයට හේතු වූ දේ දැකිය යුතුය. මැරෙන්නටම ආ කෙනෙක්, මරණය උරුම වූ කෙනෙක් මැරණා මිස ආයුෂ අවසන් වීමෙන් විනාශ වූවා මිස, නොමැරෙන්නට ආ කෙනෙකු මැරුණා නොවේ. එය හේතුඵල දහමේ සම්බන්ධය දැකීමයි.

ලෝකය තුළ බිහිවී පවතින සියලුම සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ප්‍රභේද වලට අපි සම්මත පනවා ගෙන, ඒවා මිනිසුන්, සතුන්, ගස්, ගල්, ලෙසින් හඳුන්වමු. නමුත් පරමාර්ථ ධර්ම ලෙසින් මේ සියල්ල ආපෝ, තේජෝ, වායෝ, පඨවි ධාතු වල එකතු වීමක් පමණි. විඤ්ඤාණයෙන් මේ සියල්ල එකතු කර, සකස් කර බලගන්වා ඇත. රාග, ද්වේෂ, මෝහ ගති විඤ්ඤාණයට ශක්තිය ලබාදෙන උල්පතයි. එසේ නම් සම්මතයෙහි ඇති සියලු දේ විඤ්ඤාණ ශක්තියෙන් (සිතේ ශක්තියෙන්) ශුද්ධාෂ්ටක එකතු කර, සකස්කර පවත්වා ගෙන යාමට දරණ උත්සාහයක්, ක්‍රියාදාමයක් පමණි. සමස්ත පැවැත්මෙහි පරමාර්ථ සත්‍යය හෙවත් ප්රඥප්තිය දැක ගැනීමට නම්, ශුද්ධාෂ්ටක ලෙසින් පෙන්වූ ගති අටත්, විඤ්ඤාණ ශක්තිය ලෙසින් පෙන්වූ ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ සංඛාර හයත් මිස, වෙන කිසිදු බලවේගයක් දෙවියෙක් හෝ විශ්වකර්මයෙකු මෙහි නැති බව යථාපරිදි අවබෝධ කර ගැනීමයි. ශුද්ධාෂ්ටක (වර්ණ, ගන්ධ, රස, ඕජා, ආපෝ, තේජෝ, වායෝ, පඨවි) වල එකතු වීම, වෙන්වීම, සංකලනය වී, විපරිණාමයට පත්වීම වැනි ක්‍රියාවලියන් අපි මේ පැවැත්ම ලෙස සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය වස්තු ලෙසින් සම්මතයේ හඳුන්වමු. විඤ්ඤාණයෙන් ශක්තියක් නිපදවන තුරුම මේ එකතු කිරීම, වෙන් කිරීම, විපරිණාමය, විනාශය නොනවත්වාම ක්‍රියාත්මක වනු ඇත.

විඤ්ඤාණයේ බලාපොරොත්තු හටගැනීම නිසා බිහිකළ චිත්ත ශක්තිය (ජාති) ඒ ඒ සත්ත්වයා තම කැමැත්තෙන්ම උපදවා ගත් ඒවාය. හේතුව කැමැත්තෙන්ම සිදු කළත්, ලැබෙන ඵලයට අකමැති විය හැකිය. ඊට හේතුව, ඵලය කැමැත්ත පරිදි හෝ පැතුම පරිදි හෝ නොලැබෙන නිසාය. ඵලය නිතරම ධර්මතාවයෙන් උරුම වූ දෙයක්ම මිස අපට අවශ්‍ය දෙයක්ම නොවිය හැකිය.

ඕනෑම කෙනෙකුට ඕනෑම ක්‍රියාවක් කළ හැකිය. තමන් කළ ක්‍රියාවට ධර්මතාවයෙන් උරුම වූ ඵලයද ලැබීමට සූදානම් වී සිටිය යුතුය. මිනිසෙකු ලෙස උපත ලැබූ හැම කෙනෙකුටම මේ ගැන අවබෝධ කර ගත හැකිය. සම්මත හා පරමාර්ථ ධර්ම ගැන දැනීමක් ලබා ගත යුතු වන්නේ, මිනිසෙකු ලෙස මනසින් කල්පනා කර, මේ සම්මත හේතු වෙනස් කිරීමෙන් පමණක් හා සම්මත හේතුවලින් නිදහස් වීමෙන් පමණක්, ඵලයද වෙනස් කර ගැනීමට ඇති හැකියාව අවබෝධ කර ගැනීමෙනි.

වෙනත් දෙවියෙකුට, බ්රහ්මයෙකුට හෝ සත්ත්යෙකුට හෝ විශ්වකර්මයෙකුට මිනිසාට උපතින්ම ලැබී ඇති මේ ශක්තිය, මනසින් මැන බැලීමේ ශක්තිය ලැබී නැත. සම්මතය තුළින් පරමාර්ථය අවබෝධ කර ගැනීම ඒ ශක්තියයි. ලාභ – පාඩු, යස – අයස, නින්දා – ප්‍රසංසා, දුක – සැප ආදී අටලෝ දහමම සම්මතයන්ට අයත්ය. මේවා ඇත, නැත යන ධර්මතාවයන්ය. නමුත් මේ අටලෝ දහමෙහිම පරමාර්ථය අවබෝධ කරගතහොත්, මේ කිසි දෙයක හොඳක්, නරකක්, ලාභයක්, පාඩුවක් හෝ ඇත, නැත යන කිසිවක් නොවන බව දැකිය හැක. ලාභයක් යනු මේ සංසාර සම්බන්ධතාවය පවත්වා ගන්නට මේ මොහොතේ මම ලබාගත් සම්මත ලැබීමකි. මේ ලාභය ලැබීම තව කෙනෙකුට පාඩුවක් කිරීමකි. අපි අනුන්ගේ කොටසක්, අයිතියක් අයුතු ලෙස පරිහරණය කිරීමකි. අද අදම මේ ලාභය භුක්ති වින්දත් සංසාර ගණුදෙණුවේදී මතුවට මේ සුළු ලාභය දස දහස් ගුණයෙන් ආපසු ගෙවන්නට සිදුවෙයි.

යථාවබෝධයෙන් යුතුව ඒ අවස්ථාවෙහිම ලාභය අතහැර දැම්මේ නම් ගණුදෙනුවෙන් මිදුණි. ලාභය ඒ අවස්ථාවේ ලැබූ සුළු සැපයකි. තෘප්තියකි. මතු කිහිප ගුණයකින් ගෙවන්නට වීම ඒ ලැබූ සැපයට වන්දි ගෙවීමකි. අටලෝ දහම මෙවැනි හේතුඵල දහම ක්‍රියාත්මක වන ක්‍රියාවලියකි. සම්මතය හා පරමාර්ථයන් අතර වෙනස දැකගත යුතු වන්නේ, දහම ක්‍රියාත්මක වන ආකාරය දැක, අටලෝ දහමින්ම මිදී නිදහස් වීමටය.

සම්මත මෙන්ම අසම්මත ද සියල්ල සංඛාරයෝය. පුද්ගලයාගෙන් පුද්ගලයාට, රටින් රටට, කාලයෙන් කාලයට, විවිධ වූ, විෂම වූ සම්මතයන් සත්‍ය ධර්මතාවය පෙන්නුම් නොකරයි. පරමාර්ථ සත්‍යය එසේ වෙනස් විය නොහැකිය. ඒ නිසාම කාලාන්තරයකට පෙර බුදුපියාණන්වහන්සේ පෙන්වා වදාළ පරමාර්ථ ධර්ම ලොව පවතින තුරු සත්‍ය ධර්මයෝය.

එකම සංඛාරයක සම්මත දහස් ගණනක් සාදා ගත හැකිය. නමුත් පරමාර්ථ ධර්මය නැතිනම් සත්‍යයන් එකක් පමණක්ම ඇත. දුක නැමැති සංඛාරය, සම්මතයේදී විවිධ අයට බඩගින්න, පිපාසය, ලෙඩ රෝග, වේදනාව, මුදල් නැති කම, ගෙවල් නැතිකම ආදී දහසකුත් ලෞකික අඩුපාඩු ලෙසින් දැකිය හැකිය. උපන් කිසිම සත්ත්වයෙකුට ෙහෙසියෙන් දුකින් මිදී යා නොහැකිව ඇත්තේ, දුක නැමති සම්මතයෙහි එල්ලී තාවකාලිකව දුක නැති කර ගැනීමට විවිධ පිළියම් කරන හෙයිනි. මේ හැම පිළියමක්ම දුක් ගින්න වැඩි කරන්නකි. දුක පිළිබඳව යථාර්ථය, පරම සත්‍යය තේරුම් ගැනීම පමණක් දුකින් මිදී යාමට උපකාර වෙයි. එය චතුරාර්ය සත්‍ය දැකීමයි. දුක පිළිබඳව හේතුඵල දහම යථාවබෝධයෙන් දැක, සමුදය නිරෝධ කිරීම නිවනයි. සම්මතයෙන් දුක යැයි නිගමනය කර ගෙන සිටින බඩගින්න, ලෙඩරෝග, සම්පත් හිඟකම සිතින්ම සාදාගත් සිත සිතා කරන විඳවීමකි. මෙය සම්මතය නැමති කට්ට කකා සිටීමකි. එලෙස සම්මතයන් තුළම විඳවීම, හිරවී දුක් විඳීම කිසිවිටකත් දුකින් මිදී යාමට හේතුවක් නොවේ. දුකට හේතුවම සම්මතයට යටින් ඇති පරමාර්ථ ධර්මයම දැක අවබෝධ කරගත හොත්, කෙනෙකු දුකින් මිදෙන මාර්ගය දකියි. එය ”අනිච්ච” බව, ”අනත්ථ” බව දැකීම ලෙස බුදුපියාණන් දේශණා කළ සේක. කැමැත්ත පරිදි නොලැබීම, කැමැත්ත සිදු නොවීම, අනිච්ච ධර්මතාවයයි. එයම දුකට හේතුවය. එවැනි තත්ත්වයක් අනිවාර්යයෙන් අනාථ තත්ත්වයකි. නොවටිනා, අර්ථයක් හරයක් නැති අනාථ තත්ත්වයකි. මෝහයෙන්, තණ්හාවෙන්, බලාපොරොත්තු ඇතිකර ගත්තත්, මේ බලාපොරොත්තු කැමති පරිදි සිදුනොවේ නම්, කිසිවිටකත් සිදු කර ගත නොහැකි නම් එය දුකම උරුම කරදෙන අනාථ තත්ත්වයකි. දුක පිළිබඳව මේ හේතු ඵල දහම අවබෝධ කරගැනීම, දුක පිළිබඳව පරමාර්ථ සත්‍යය දැකීමයි. එය ”අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි” අවබෝධ කර ගැනීමයි. සැප පිළිබඳව පැවති නිච්ච, සුභ, සුඛ, අත්ථ සංඥාවන් අත් හැරීමයි.

මේ විස්තරයෙන් පැහැදිළි කරදීමට උත්සාහ කළේ, පරමාර්ථ සත්‍යය වචනයෙන් ලියා හෝ කටින් කියා හෝ විස්තර කරදීමට හැකි දෙයක් නොවන බවයි. එය තම තමන්ම අවබෝධ කරගත යුතු ධර්මතාවයකි. සම්මතය යනු, එය ප්‍රකාශ කර විස්තර කරදීම සඳහා උපයෝගි කර ගන්නා මාධ්‍යයයි.

- මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි

[QUOTE="rajitha.wijayaratne, post: 22596474, member: 563228"] [b]සම්මත හා පරමාර්ථ ධර්මයන්[/b] [SIZE="3"] බුද්ධ ධර්මය ලියැවී ඇති පොත්පත් වල මෙන්ම බොහෝ ධර්ම දේශකයින් වහන්සේලාද සම්මතය හා පරමාර්ථ ධර්ම පිළිබඳව කථා කරති. සාමාන්‍ය බෞද්ධයාට පමණක් නොව උගත් ගිහි පැවිදි දෙපක්ෂයටම මේ දෙකෙහි වෙනස පිළිබඳව නිවැරදි වැටහීමක් නැත. සම්මතය, වචන වලින් උදාහරණ වලින් විස්තර කර ප්‍රකාශ කළ හැකි වුවත්, පරමාර්ථ ධර්ම විස්තර කළ නොහැකි නමුත් තමන්ම අවබෝධ කරගත යුතු දෙයකි. සම්මතය තේරුම් ගැනීමට එතරම් අපහසු නොවුනත්, පරමාර්ථ ධර්ම වචනයෙන් කරන විස්තරයකින් ලියා හෝ කියා තේරුම් කළ නොහැකිය. ඒ නිසා මේ මම දරණ උත්සාහයද කොතරම් දුරට සාර්ථක වේ දැයි අනුමානයෙන් වත් සිතා ගත නොහැකිය. අප ජීවත්වන ලෝකයෙහි භාවිතා කරන එදිනෙදා කරන, කියන, හිතන සියලුම දේ සම්මතයන් අනුවම කරති. ලෝකයා සමඟ සහයෝගිතාවයන්, සම්බන්ධතාවයන් පවත්වන සෑම විටකම, මේ සම්මතයන් අනුවම කටයුතු කරති. මිනිස් වර්ගයා බිහි වූ දා පටන්ම එකිනෙකා සමඟ එක්ව කටයුතු කිරීමේදී සම්මත ලෙසින් පනවාගෙන, පිහිටුවාගෙන ඒවායෙහි පිහිටා කටයුතු කරති. මහා සම්මත රජ කෙනෙකු පත්කරගත් කථාවත් මේ සම්මතයන්හි පිහිටීමේම වැදගත් අවස්ථාවකි. මනස මෙහෙයවා මනසින් මැන කටයුතු කිරීමේදී, මිනිසාට මේ පැවැත්ම අවුලකින් තොරව යම් රටාවකට පවත්වා ගන්නට නම් සම්මත උපකාර වෙයි. සම්මත වල පිහිටා කටයුතු නොකළ හොත් පිස්සෙකු, උන්මන්තකයෙකු ලෙස සමාජය සළකනු ඇත. සම්මත වලට ගරු කිරීම සුචරිතය ලෙසද, යහපත් සමාජ චාරිත්‍ර වාරිත්‍ර ලෙසද හඳුන්වා දෙති. නමුත් කිසිම සම්මතයක් නිවන් දැකීමට උපකාර නොවේ. එය රාග, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ, සංඛාර ප්‍රකාශ කිරීමට හෝ විස්තර කිරීමට උපකාර කර ගන්නා මාධ්‍යයක් පමණි. ”සං” ”මත” යන පද දෙක එකතු වී ”සම්මත” යන වචනය සෑදී ඇත. ”සං” යනු ඔබ දන්නා පරිදි රාග, ද්වේෂ, මෝහ පැවැත්වීම සඳහා එකතු කරන දේ යන තේරුමයි. ”මත” යනු යම් ආකාරයක මත් වීමකි. බුදිමත , නිදිමත, සුරාමත වැනි මතකි. “සං” නිසා මත් වූ යන තේරුම මෙහි ඇත. සංසාර පැවැත්ම පැවැත්වීම දිගින් දිගටම ගෙනයාමට උපකාර කරගත හැකි, ලෞකිකත්වය අවුලකින් තොරව පැවැත්වීමට උපකාර වන පොදු නිගමන, සම්මත ලෙස පෙන්විය හැකිය. රාග, ද්වේෂ, මෝහ වලින් මත් වූ මිනිසුන් යම් පාලනයකින් යුතුව පොදු රීතීින්ට අනුව පැවැත්වීමට සම්මත උපකාර වේ. එසේ නම් ලෞකිකත්වය සාධාරණ ලෙසින් පවත්වන්නේ සම්මත නිසාය. සම්මත මෙන්ම අසම්මතද රාග, ද්වේෂ, මෝහ මුල් කර ගෙනම උපත ලබන නිසා මෙහි වෙනසක් නැත. ඒ අරිය උත්තමයෙකුටය. මේ කිසිඳු සම්මතයක එල්ලී කටයුතු කිරීම නිවන් මඟට උපකාර නොවේ. නිවන් දැකීමට උපකාර වන පරමාර්ථ ධර්මය ඇත්තේද සම්මතය තුළමය. බුද්ධියෙන්, ප්‍රඥාවෙන් කල්පනා කර යමක ධර්මතාවය දැක්කොත් (සං දිට්ඨිකෝ) එතැන සම්මතය තුළ ගැබ් වී ඇති පරමාර්ථ ධර්මය දැකිය හැකිය. ඒ සඳහා හේතුඵල දහම, පටිච්චසමුප්පාද ධර්මයම උපකාර කරගත යුතුය. ඒ සම්මතය, ධර්මයට බහා බැලිය යුතුය. සම්මතයක් නොවන දෙයක් තුළින් පරමාර්ථ ධර්මයක් දැකිය නොහැකිය. ඒ නිසා සම්මතයේ නැති දෙයකින්, සම්මතයක් නොවන අවස්ථාවක කිසි ලෙසකින් පරමාර්ථ ධර්මයක් දැකිය නොහැකිමය. ඒ නිසාම සම්මතයන් කිසිසේත් අතහැර දැමිය යුතු දෙයක් නොවේ. සම්මතය තුළින්ම පරමාර්ථය අවබෝධ කර ගැනීම නිවන් දැකීමයි. මේ පිළිබඳ උදාහරණයක් ගෙන බැලුවොත්, ගෙඩියක පොත්ත හා මදය යැයි දෙකක් ඇත. ඇසට පෙනෙන්නේ විවිධ වූ, විෂම වූ පිට පොත්තය. ඒ පොත්ත තුළ මදයක් ඇති බව බාහිරින් බලන කෙනෙකුට නොපෙනේ. අපට වැදගත් වන්නේ මදය මිස පොත්ත නොවේ. පොත්ත නැති තැනක අපට අවශ්‍ය මදයක් පැවතිය නොහැකිය. පිට පොත්ත සම්මතය නම් මදය පරමාර්ථයයි. පිට පොත්ත අතගා එහි ලක්ෂණ බලා සිටියාට මදය දැක ගත නොහැකිය. ඒ පිට පොත්ත විද, හාරා, පසාරු කර, ඇතුළට කිඳා බැසීමෙන්ම මදය දැක ගත හැකිය. එලෙසම විපස්සනා නුවණින් සම්මතය හාරා අවුස්සා, බෙදා වෙන්කර, එහි ඇති ධර්මතාවය අවබෝධ කර ගැනීම පරමාර්ථ සත්‍යය දැකීමයි. කට්ට කකා සිටීම හෝ පොත්ත අතගගා සිටීම පෘථග්ජනයාගේ හැසිරීමයි. කට්ට විද, පොත්ත පසාරු කර, මදය හරය දැකීම අරිය උත්තමයාගේ හැසීරීමයි. සම්මත කිසිවිටකත් දිගටම එකසේ පවතින ඒවා නොවේ. එසේම සියලු සම්මත අනිච්ච ධර්මයෝය. කැමතිසේ නොපවතියි. සෑම මොහොතකම වෙනස්වන, විපරිණාමයට පත්වන, විනාශ වන අනාථ දහම්ය. ඒවාට උරුම නියත ධර්මතාවය උපන් මොහොතේ පටන් විනාශය කරා, මරණය කරා ගමන් කිරීමය. සංඛාර වල ගැබ්වූ සියලු ලක්ෂණ සම්මත වලද පිහිටා ඇත. දරුවෙකු ඉපැදුණු මොහොතේම උපතින්ම මරණයද උරුම වී ඇත. වසරකින් වයස ගියා යනු වසරකින් මරණය කරා ළංවීමයි. එහිදී සිදුවූයේ ලබා උපන් ශක්තිය වසරකින් ගෙවා දැමීමකි. තව වසර කිහිපයකින් දරුවා ළමයෙකු විය. සම්මතය වෙනස් විය. තව කලකින් වැඩිහිටියෙකු බවටත් මහලු බවටත් පත්ව මිය යයි. මේ නිසා සම්මතය එක මොහොතකුදු එකසේ නොපවතී. විපරිණාමයට පත් වී, විනාශ වී යයි. ඒ සම්මත වල ස්වභාවයයි. සම්මත භංගූරත්වය යනු එයයි. එය ඕනෑම පුද්ගලයෙකුට තේරුම් ගත හැකිය. එය ශ්‍රාවක ගෝචර දහමකි. මෙහි යටින් ඇති පරමාර්ථ සත්‍යය මීට හාත්පසින්ම වෙනස්ය. බිහිකළ ශක්තියක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ගෙවී ගොස් බිහිකළ ශක්තියේ බලය අවසන් වීම නිසා බිහිවූ දෙය විනාශ වී යාමක් සිදුවිය. හැම මොහොතකම ක්‍රියාත්මක වන හේතු ඵල දහමට අනුව, හේතුවක් නිසා බිහිවී හේතුවක් නිසාම විපරිණාමයට පත් වී, හේතුවක් නිසාම විනාශ වන නියත ධර්මතාවය මිස වෙන කිසි අර්ථයක්, හරයක්, වටිනාකමක් මෙහි නැති බව විපස්සනා නුවණ මෙහෙයවා බැලුවහොත් දැකිය හැකිවෙයි. මම, මට, මගේ යනු සම්මත ප්රකාශයෝය. ඇත, නැත යනු සම්මත ප්රකාශයන්ය. මේ ඇත, නැත යන සංඛාර ක්‍රියාත්මක වන, හේතුඵල දහමින් මතුවන, ඇති වන නැති වන ක්‍රියාකාරකම්ය. ඒ මිස සත්‍ය දෙයක් පරමාර්ථ සත්‍යයක් එහි නැත. දෘෂ්ඨියක්, මායාවක් පමණක්ම එහි ඇත. මිනිසෙකු මැරුණු පසු කවුරුන් මැරුණාදැයි යන ප්‍රශ්ණය සම්මතයයි. එම මරණයට අදාළ පරමාර්ථ ධර්මය දැකීමට නම්, මරණයට හේතු වූ දේ දැකිය යුතුය. මැරෙන්නටම ආ කෙනෙක්, මරණය උරුම වූ කෙනෙක් මැරණා මිස ආයුෂ අවසන් වීමෙන් විනාශ වූවා මිස, නොමැරෙන්නට ආ කෙනෙකු මැරුණා නොවේ. එය හේතුඵල දහමේ සම්බන්ධය දැකීමයි. ලෝකය තුළ බිහිවී පවතින සියලුම සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ප්‍රභේද වලට අපි සම්මත පනවා ගෙන, ඒවා මිනිසුන්, සතුන්, ගස්, ගල්, ලෙසින් හඳුන්වමු. නමුත් පරමාර්ථ ධර්ම ලෙසින් මේ සියල්ල ආපෝ, තේජෝ, වායෝ, පඨවි ධාතු වල එකතු වීමක් පමණි. විඤ්ඤාණයෙන් මේ සියල්ල එකතු කර, සකස් කර බලගන්වා ඇත. රාග, ද්වේෂ, මෝහ ගති විඤ්ඤාණයට ශක්තිය ලබාදෙන උල්පතයි. එසේ නම් සම්මතයෙහි ඇති සියලු දේ විඤ්ඤාණ ශක්තියෙන් (සිතේ ශක්තියෙන්) ශුද්ධාෂ්ටක එකතු කර, සකස්කර පවත්වා ගෙන යාමට දරණ උත්සාහයක්, ක්‍රියාදාමයක් පමණි. සමස්ත පැවැත්මෙහි පරමාර්ථ සත්‍යය හෙවත් ප්රඥප්තිය දැක ගැනීමට නම්, ශුද්ධාෂ්ටක ලෙසින් පෙන්වූ ගති අටත්, විඤ්ඤාණ ශක්තිය ලෙසින් පෙන්වූ ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ සංඛාර හයත් මිස, වෙන කිසිදු බලවේගයක් දෙවියෙක් හෝ විශ්වකර්මයෙකු මෙහි නැති බව යථාපරිදි අවබෝධ කර ගැනීමයි. ශුද්ධාෂ්ටක (වර්ණ, ගන්ධ, රස, ඕජා, ආපෝ, තේජෝ, වායෝ, පඨවි) වල එකතු වීම, වෙන්වීම, සංකලනය වී, විපරිණාමයට පත්වීම වැනි ක්‍රියාවලියන් අපි මේ පැවැත්ම ලෙස සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය වස්තු ලෙසින් සම්මතයේ හඳුන්වමු. විඤ්ඤාණයෙන් ශක්තියක් නිපදවන තුරුම මේ එකතු කිරීම, වෙන් කිරීම, විපරිණාමය, විනාශය නොනවත්වාම ක්‍රියාත්මක වනු ඇත. විඤ්ඤාණයේ බලාපොරොත්තු හටගැනීම නිසා බිහිකළ චිත්ත ශක්තිය (ජාති) ඒ ඒ සත්ත්වයා තම කැමැත්තෙන්ම උපදවා ගත් ඒවාය. හේතුව කැමැත්තෙන්ම සිදු කළත්, ලැබෙන ඵලයට අකමැති විය හැකිය. ඊට හේතුව, ඵලය කැමැත්ත පරිදි හෝ පැතුම පරිදි හෝ නොලැබෙන නිසාය. ඵලය නිතරම ධර්මතාවයෙන් උරුම වූ දෙයක්ම මිස අපට අවශ්‍ය දෙයක්ම නොවිය හැකිය. ඕනෑම කෙනෙකුට ඕනෑම ක්‍රියාවක් කළ හැකිය. තමන් කළ ක්‍රියාවට ධර්මතාවයෙන් උරුම වූ ඵලයද ලැබීමට සූදානම් වී සිටිය යුතුය. මිනිසෙකු ලෙස උපත ලැබූ හැම කෙනෙකුටම මේ ගැන අවබෝධ කර ගත හැකිය. සම්මත හා පරමාර්ථ ධර්ම ගැන දැනීමක් ලබා ගත යුතු වන්නේ, මිනිසෙකු ලෙස මනසින් කල්පනා කර, මේ සම්මත හේතු වෙනස් කිරීමෙන් පමණක් හා සම්මත හේතුවලින් නිදහස් වීමෙන් පමණක්, ඵලයද වෙනස් කර ගැනීමට ඇති හැකියාව අවබෝධ කර ගැනීමෙනි. වෙනත් දෙවියෙකුට, බ්රහ්මයෙකුට හෝ සත්ත්යෙකුට හෝ විශ්වකර්මයෙකුට මිනිසාට උපතින්ම ලැබී ඇති මේ ශක්තිය, මනසින් මැන බැලීමේ ශක්තිය ලැබී නැත. සම්මතය තුළින් පරමාර්ථය අවබෝධ කර ගැනීම ඒ ශක්තියයි. ලාභ – පාඩු, යස – අයස, නින්දා – ප්‍රසංසා, දුක – සැප ආදී අටලෝ දහමම සම්මතයන්ට අයත්ය. මේවා ඇත, නැත යන ධර්මතාවයන්ය. නමුත් මේ අටලෝ දහමෙහිම පරමාර්ථය අවබෝධ කරගතහොත්, මේ කිසි දෙයක හොඳක්, නරකක්, ලාභයක්, පාඩුවක් හෝ ඇත, නැත යන කිසිවක් නොවන බව දැකිය හැක. ලාභයක් යනු මේ සංසාර සම්බන්ධතාවය පවත්වා ගන්නට මේ මොහොතේ මම ලබාගත් සම්මත ලැබීමකි. මේ ලාභය ලැබීම තව කෙනෙකුට පාඩුවක් කිරීමකි. අපි අනුන්ගේ කොටසක්, අයිතියක් අයුතු ලෙස පරිහරණය කිරීමකි. අද අදම මේ ලාභය භුක්ති වින්දත් සංසාර ගණුදෙණුවේදී මතුවට මේ සුළු ලාභය දස දහස් ගුණයෙන් ආපසු ගෙවන්නට සිදුවෙයි. යථාවබෝධයෙන් යුතුව ඒ අවස්ථාවෙහිම ලාභය අතහැර දැම්මේ නම් ගණුදෙනුවෙන් මිදුණි. ලාභය ඒ අවස්ථාවේ ලැබූ සුළු සැපයකි. තෘප්තියකි. මතු කිහිප ගුණයකින් ගෙවන්නට වීම ඒ ලැබූ සැපයට වන්දි ගෙවීමකි. අටලෝ දහම මෙවැනි හේතුඵල දහම ක්‍රියාත්මක වන ක්‍රියාවලියකි. සම්මතය හා පරමාර්ථයන් අතර වෙනස දැකගත යුතු වන්නේ, දහම ක්‍රියාත්මක වන ආකාරය දැක, අටලෝ දහමින්ම මිදී නිදහස් වීමටය. සම්මත මෙන්ම අසම්මත ද සියල්ල සංඛාරයෝය. පුද්ගලයාගෙන් පුද්ගලයාට, රටින් රටට, කාලයෙන් කාලයට, විවිධ වූ, විෂම වූ සම්මතයන් සත්‍ය ධර්මතාවය පෙන්නුම් නොකරයි. පරමාර්ථ සත්‍යය එසේ වෙනස් විය නොහැකිය. ඒ නිසාම කාලාන්තරයකට පෙර බුදුපියාණන්වහන්සේ පෙන්වා වදාළ පරමාර්ථ ධර්ම ලොව පවතින තුරු සත්‍ය ධර්මයෝය. එකම සංඛාරයක සම්මත දහස් ගණනක් සාදා ගත හැකිය. නමුත් පරමාර්ථ ධර්මය නැතිනම් සත්‍යයන් එකක් පමණක්ම ඇත. දුක නැමැති සංඛාරය, සම්මතයේදී විවිධ අයට බඩගින්න, පිපාසය, ලෙඩ රෝග, වේදනාව, මුදල් නැති කම, ගෙවල් නැතිකම ආදී දහසකුත් ලෞකික අඩුපාඩු ලෙසින් දැකිය හැකිය. උපන් කිසිම සත්ත්වයෙකුට ෙහෙසියෙන් දුකින් මිදී යා නොහැකිව ඇත්තේ, දුක නැමති සම්මතයෙහි එල්ලී තාවකාලිකව දුක නැති කර ගැනීමට විවිධ පිළියම් කරන හෙයිනි. මේ හැම පිළියමක්ම දුක් ගින්න වැඩි කරන්නකි. දුක පිළිබඳව යථාර්ථය, පරම සත්‍යය තේරුම් ගැනීම පමණක් දුකින් මිදී යාමට උපකාර වෙයි. එය චතුරාර්ය සත්‍ය දැකීමයි. දුක පිළිබඳව හේතුඵල දහම යථාවබෝධයෙන් දැක, සමුදය නිරෝධ කිරීම නිවනයි. සම්මතයෙන් දුක යැයි නිගමනය කර ගෙන සිටින බඩගින්න, ලෙඩරෝග, සම්පත් හිඟකම සිතින්ම සාදාගත් සිත සිතා කරන විඳවීමකි. මෙය සම්මතය නැමති කට්ට කකා සිටීමකි. එලෙස සම්මතයන් තුළම විඳවීම, හිරවී දුක් විඳීම කිසිවිටකත් දුකින් මිදී යාමට හේතුවක් නොවේ. දුකට හේතුවම සම්මතයට යටින් ඇති පරමාර්ථ ධර්මයම දැක අවබෝධ කරගත හොත්, කෙනෙකු දුකින් මිදෙන මාර්ගය දකියි. එය ”අනිච්ච” බව, ”අනත්ථ” බව දැකීම ලෙස බුදුපියාණන් දේශණා කළ සේක. කැමැත්ත පරිදි නොලැබීම, කැමැත්ත සිදු නොවීම, අනිච්ච ධර්මතාවයයි. එයම දුකට හේතුවය. එවැනි තත්ත්වයක් අනිවාර්යයෙන් අනාථ තත්ත්වයකි. නොවටිනා, අර්ථයක් හරයක් නැති අනාථ තත්ත්වයකි. මෝහයෙන්, තණ්හාවෙන්, බලාපොරොත්තු ඇතිකර ගත්තත්, මේ බලාපොරොත්තු කැමති පරිදි සිදුනොවේ නම්, කිසිවිටකත් සිදු කර ගත නොහැකි නම් එය දුකම උරුම කරදෙන අනාථ තත්ත්වයකි. දුක පිළිබඳව මේ හේතු ඵල දහම අවබෝධ කරගැනීම, දුක පිළිබඳව පරමාර්ථ සත්‍යය දැකීමයි. එය ”අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි” අවබෝධ කර ගැනීමයි. සැප පිළිබඳව පැවති නිච්ච, සුභ, සුඛ, අත්ථ සංඥාවන් අත් හැරීමයි. මේ විස්තරයෙන් පැහැදිළි කරදීමට උත්සාහ කළේ, පරමාර්ථ සත්‍යය වචනයෙන් ලියා හෝ කටින් කියා හෝ විස්තර කරදීමට හැකි දෙයක් නොවන බවයි. එය තම තමන්ම අවබෝධ කරගත යුතු ධර්මතාවයකි. සම්මතය යනු, එය ප්‍රකාශ කර විස්තර කරදීම සඳහා උපයෝගි කර ගන්නා මාධ්‍යයයි. [B]- මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom