Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාජගත ආර්තික සංකල්ප හා අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල ටයිප් කරනකොට අකුරු පොඩ්ඩක් වැරදුනා. ඒ ගැන මුලින්ම සමාවෙන්න

ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මැදුම් පිළිවෙත

බෞද්ධ වූ අපි කවදා හෝ නිවන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමු. නිවන යනු සියලු කෙලෙස් නැති කොට සිත පිරිසිදු කර ගැනීම යි. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගයක් අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබේ. ඒ මාර්ගය හැඳින්වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමිනි. උතුම් වූ අංග අටක් ඇති මාර්ගය හෙවත් පාර යනු එහි අදහසයි. මේ මාර්ගයට මැදුම් පිළිවෙත කියාත් කියනු ලැබේ. ශරීරයට දැඩි දුක් දීමේ අන්තයට හෝ ශරීරයට වැඩි සැපදීමේ අන්තයට නො ගොස් ඒ අතර මැදි පිළිවෙතක් අනුගමනය කෙරෙන බැවින්, එය මැදුම් පිළිවෙත නමින් හැඳින්වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මැදුම් පිළිවෙත පිළිපැදීමෙන් නිවන් ලබා ගැනීමට හැකි වෙනවා පමණක් නොව ඉගෙනීම ඇතුළු දිනපතා ජීවිතයේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ.

ආර්ය අෂ්ටංගික මාර්ගයේ අංග අට මෙසේය.

1. යහපත් දැකීම හෙවත් සම්මා දිට්ඨී

2. යහපත් කල්පනාව හෙවත් සම්මා සංකප්ප

3. යහපත් වචනය හෙවත් සම්මා වාචා

4. යහපත් ක්‍රියාව හෙවත් සම්මා කම්මන්ත

5. යහපත් දිවි පැවැත්ම හෙවත් සම්මා ආජීව

6. යහපත් උත්සහාය හෙවත් සම්මා වායාම

7. යහපත් සිහිය හෙවත් සම්මා සති

8. යහපත් සිතේ එකඟ කම හෙවත් සම්මා සමාධි

සම්මා වාචා

දීඝ නිකායේ සතිපට්ඨාන සුත්‍රයේ සම්මා වාචා මාර්ග අංගය සතර ආකාරයකින් සඳහන් කර ඇත. “කතමාච භික්ඛවේ සම්මා වාචා? මුසාවාදා වේරමණී, පිසුනාය වාචා වේරමණී , ඵරුසාය වාචා වේරමණී සම්ඵප්පලාපා වේරමණී, අයං වුච්චති භික්ඛවේ සම්මා වාචා.”

“මහණෙනි, සම්‍යක් (යහපත්) වචනය යනු කවරේද? බොරු කීමෙන් වැළකීම, කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකිම, හිස් වචන කීමෙන් වැළකීම යන මේවාට යහපත් වචන යැයි කියනු ලැබේ.

සත්‍ය වචන කථා කරන විට වුව ද මෙය කීමෙන් යහපතක් වෙයි ද? අයහපතක් වෙයි ද? යනුවෙන් කල්පනා කළ යුතු ය. අයහපතක් වේ නම් නොකිය යුතු ය.වචනයෙන් සිදු වන වැරැදිවලින් වැළකී නිවැරැදි ලෙස වචන භාවිතා කිරිම නම් වු සම්මා වාචාව දියුණු කර ගැනීම නිවන් දැකීමට අවශ්‍ය දෙයකි.

සම්මා කම්මන්ත

"කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තා" මොනවද මහණෙනි යහපත් කර්මාන්ත කියන්නෙ? "පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අබ්‍රහ්මචරියා වේරමණී (නැතිනම් කාමේසු මිච්ඡාචාරා වේරමණි) සතුන් මැරීමෙන් වැළකිම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීම මෙන් ම සුරා පානයෙන් වැළකීම ආදී කයින් කෙරෙන අකුසල්වලින් වැළකී යහපත් ජීවිතයක් ගත කිරීම සම්මා කම්මන්ත යනුවෙන් හැඳින්වේ. නිවන් දැකීමට බලාපොරොත්තු වන අය සම්මා ආජීවය ආරක්ෂා කළ යුතු ය.

සම්මා ආජීව

යහපත් නිවැරැදි දිවි පැවැත්ම යි. සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මාංස වෙළඳාම, මත් පැන් වෙළඳාම, වස විෂ වෙළඳාාම යන පස් වැදැරුම් වෘත්තීන් වැරැදි දිවි පැවතුම් ලෙස බුදු රජාණන් වහන්සේ වදාරා ඇත. නිවන් මාර්ගයෙහි ගමන් කරන අය සම්මා ආජීවය රැකිය යුතුව ඇත. මෙ පමණක් නොව හොරට කිරීම් මැනීම්, වංචා කිරීම්, වෙළඳ ද්‍රව්‍යවලට නුසුදුසු දේ කලවම් කිරීම්, පොදු දේපොළ අයථා පරිහරණය, අල්ලස් ගැනීම්, අනාථාධාර සහනාධාර ආදිය ගසා කෑම වැනි ක්‍රියා රාශියක් වැරදි දිවි පැවැත්වීම් ගණයට වැටේ. මිච්ඡා ආජීවය ද නිවන් මඟට බාධාවකි.

සම්මා වායාම

සම්මා වායාම යනු යහපත් උත්සාහය යි. එම උත්සාහ ගත යුතු කරුණු ගැන, සතර සතිපට්ඨාන සූත්‍රය ඇතුළු සුත්‍රවල බුදු රජාණන් වහන්සේ මෙසේ වදාරා ඇත. "කතමෝච භික්ඛවේ සම්මා වායාම? ඉධ භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති, විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති, උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති" නූපන් අකුසල් උපදවා නොගෙන දිගට ම සිටීමට උත්සාහ ගත යුතු යි. උපන් අකුසල ධර්ම ප්රහාණය කිරීම සඳහා උත්සාහ ගත යුතු යි. නූපන් කුසල ධර්ම උපදවා ගත යුතු යි. ඇති කර ගෙන තිබෙන කුසල ධර්ම තව තවත් දියුණු කර ගත යුතු යි. සත් තිස් බෝධි පාක්ෂික ධර්ම, සතර සතිපට්ඨාන ධර්ම, සතර සම්ම ප්‍රධාන විර්යය (සම්මා වායාම යනු මෙයම යි.) සතර ඉද්ධිපාද, (ඡන්ද, චිත්ත, විරිය, වීමංසා) පංචෙන්ද්‍රිය, පංච බල, (ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පහ ඉන්ද්රිය ධර්ම හා බල ධර්ම ලෙස සැලකේ. ) සප්ත බොජ්ඣඬ්ග (සති, ධම්ම විචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා යනු සප්ත බොජ්ඣඬ්ග යි.) යනාදිය නූපන් කුසල ධර්ම යි.

සම්මා සති

සම්මා සතිය යනු යහපත් සිහිය යි. රෑබුදු රජාණන් වහන්සේ බොහෝ තැන්වල සම්මා සමාධිය විස්තර කර ඇත්තේ මෙසේ ය. "ඉධ භික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සී විහරති, ආතාපි සම්පජානෝ සතිමා විනෙය්ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස, වේදනාසු වේදනානුපස්සී විහරති, චිත්තේසු චිත්තානුපස්සී විහරති, ධම්මේසු ධම්මානුපස්සි විහරති...." කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යන කරුණු හතර සම්මා සතිය ලෙස හැඳින්වේ. සතර සතිපට්ඨානය නම් වු මේ කරුණු හතර දියුණු කර ගැනිම යි සම්මා සතිය. සතර සතිපට්ඨානයෙන් කටයුතු කිරීමේ දී කයේ සම්මා සතියේ පිහිටිය යුතු යි; වේදනාවේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සිතිවිලි ධර්ම පිළිබඳව සම්මා සතියේ පිහිටිය යුතු යි. නිවන් දැකීම සඳහා සතිය දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. දිනකට අඩු වශයෙන් විනාඩි 10- 15 ක් වත් සිහියෙන් වැඩ කිරීම සතිය දියුණු කර ගැනීමට හේතු වේ.

සම්මා සමාධි

සිතේ එකඟ භාවයක් තිබිම යි. සිත එක අරමුණක තබා ගැනීමට නොහැකි නම්, සිත විසිරෙනවා නම්, නොයෙක් අරමුණු කරා දිව යනවා නම් ඔහුට නිවන් දැකිමට නොහැකි වනු ඇත. "නත්ථි ඣානං අපඤ්ඤස්ස, පඤ්ඤා නත්ථි අඣායතෝ" යැයි බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. සිතේ එකඟ භාවයක් නැති තැනැත්තාට ප්‍රඥාවක් ඇති නොවේ. ‛උපතින් ප්‍රඥාව නැති තැනැත්තාට සිතේ එකඟ භාවයක් ලබා ගත නොහැකි ය.’ යන්න එහි අදහස යි.

සිත සමාධි ගත කර ගත් තැනැත්තාට ප්‍රථම දෙවන තෙවන සිවු වන යන කාමාවචර ධ්‍යාන හතර ලැබිය හැකි ය. රූපාවචර ධ්‍යාන හතර ලැබිය හැකි ය. සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන මාර්ග ඵල ලැබිය හැකි ය. සම්මා සමාධිය ඇති කර ගැනීමට නම් පළමුවෙන් සම්මා සතිය ඇති කර ගත යුතු යි. අනතුරු ව භාවනා මාර්ගයේ ගමන් කිරීමෙන් සමාධිය ඇති කර ගෙන නිවනට පත් විය හැකි ය.

[QUOTE="රත්තරං, post: 15431465, member: 391748"] [SIZE="5"][B] සිංහල ටයිප් කරනකොට අකුරු පොඩ්ඩක් වැරදුනා. ඒ ගැන මුලින්ම සමාවෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මැදුම් පිළිවෙත[/B][/SIZE] [SIZE="4"][B]බෞද්ධ වූ අපි කවදා හෝ නිවන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමු. නිවන යනු සියලු කෙලෙස් නැති කොට සිත පිරිසිදු කර ගැනීම යි. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගයක් අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබේ. ඒ මාර්ගය හැඳින්වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමිනි. උතුම් වූ අංග අටක් ඇති මාර්ගය හෙවත් පාර යනු එහි අදහසයි. මේ මාර්ගයට මැදුම් පිළිවෙත කියාත් කියනු ලැබේ. ශරීරයට දැඩි දුක් දීමේ අන්තයට හෝ ශරීරයට වැඩි සැපදීමේ අන්තයට නො ගොස් ඒ අතර මැදි පිළිවෙතක් අනුගමනය කෙරෙන බැවින්, එය මැදුම් පිළිවෙත නමින් හැඳින්වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මැදුම් පිළිවෙත පිළිපැදීමෙන් නිවන් ලබා ගැනීමට හැකි වෙනවා පමණක් නොව ඉගෙනීම ඇතුළු දිනපතා ජීවිතයේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ. ආර්ය අෂ්ටංගික මාර්ගයේ අංග අට මෙසේය. 1. යහපත් දැකීම හෙවත් සම්මා දිට්ඨී 2. යහපත් කල්පනාව හෙවත් සම්මා සංකප්ප 3. යහපත් වචනය හෙවත් සම්මා වාචා 4. යහපත් ක්‍රියාව හෙවත් සම්මා කම්මන්ත 5. යහපත් දිවි පැවැත්ම හෙවත් සම්මා ආජීව 6. යහපත් උත්සහාය හෙවත් සම්මා වායාම 7. යහපත් සිහිය හෙවත් සම්මා සති 8. යහපත් සිතේ එකඟ කම හෙවත් සම්මා සමාධි [IMG]http://ireshikamadhuwanthi.files.wordpress.com/2010/03/400px-sasara.jpg?w=595[/IMG] සම්මා වාචා දීඝ නිකායේ සතිපට්ඨාන සුත්‍රයේ සම්මා වාචා මාර්ග අංගය සතර ආකාරයකින් සඳහන් කර ඇත. “කතමාච භික්ඛවේ සම්මා වාචා? මුසාවාදා වේරමණී, පිසුනාය වාචා වේරමණී , ඵරුසාය වාචා වේරමණී සම්ඵප්පලාපා වේරමණී, අයං වුච්චති භික්ඛවේ සම්මා වාචා.” “මහණෙනි, සම්‍යක් (යහපත්) වචනය යනු කවරේද? බොරු කීමෙන් වැළකීම, කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකිම, හිස් වචන කීමෙන් වැළකීම යන මේවාට යහපත් වචන යැයි කියනු ලැබේ. සත්‍ය වචන කථා කරන විට වුව ද මෙය කීමෙන් යහපතක් වෙයි ද? අයහපතක් වෙයි ද? යනුවෙන් කල්පනා කළ යුතු ය. අයහපතක් වේ නම් නොකිය යුතු ය.වචනයෙන් සිදු වන වැරැදිවලින් වැළකී නිවැරැදි ලෙස වචන භාවිතා කිරිම නම් වු සම්මා වාචාව දියුණු කර ගැනීම නිවන් දැකීමට අවශ්‍ය දෙයකි. සම්මා කම්මන්ත "කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තා" මොනවද මහණෙනි යහපත් කර්මාන්ත කියන්නෙ? "පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අබ්‍රහ්මචරියා වේරමණී (නැතිනම් කාමේසු මිච්ඡාචාරා වේරමණි) සතුන් මැරීමෙන් වැළකිම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීම මෙන් ම සුරා පානයෙන් වැළකීම ආදී කයින් කෙරෙන අකුසල්වලින් වැළකී යහපත් ජීවිතයක් ගත කිරීම සම්මා කම්මන්ත යනුවෙන් හැඳින්වේ. නිවන් දැකීමට බලාපොරොත්තු වන අය සම්මා ආජීවය ආරක්ෂා කළ යුතු ය. සම්මා ආජීව යහපත් නිවැරැදි දිවි පැවැත්ම යි. සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මාංස වෙළඳාම, මත් පැන් වෙළඳාම, වස විෂ වෙළඳාාම යන පස් වැදැරුම් වෘත්තීන් වැරැදි දිවි පැවතුම් ලෙස බුදු රජාණන් වහන්සේ වදාරා ඇත. නිවන් මාර්ගයෙහි ගමන් කරන අය සම්මා ආජීවය රැකිය යුතුව ඇත. මෙ පමණක් නොව හොරට කිරීම් මැනීම්, වංචා කිරීම්, වෙළඳ ද්‍රව්‍යවලට නුසුදුසු දේ කලවම් කිරීම්, පොදු දේපොළ අයථා පරිහරණය, අල්ලස් ගැනීම්, අනාථාධාර සහනාධාර ආදිය ගසා කෑම වැනි ක්‍රියා රාශියක් වැරදි දිවි පැවැත්වීම් ගණයට වැටේ. මිච්ඡා ආජීවය ද නිවන් මඟට බාධාවකි. සම්මා වායාම සම්මා වායාම යනු යහපත් උත්සාහය යි. එම උත්සාහ ගත යුතු කරුණු ගැන, සතර සතිපට්ඨාන සූත්‍රය ඇතුළු සුත්‍රවල බුදු රජාණන් වහන්සේ මෙසේ වදාරා ඇත. "කතමෝච භික්ඛවේ සම්මා වායාම? ඉධ භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති, විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති, උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති" නූපන් අකුසල් උපදවා නොගෙන දිගට ම සිටීමට උත්සාහ ගත යුතු යි. උපන් අකුසල ධර්ම ප්රහාණය කිරීම සඳහා උත්සාහ ගත යුතු යි. නූපන් කුසල ධර්ම උපදවා ගත යුතු යි. ඇති කර ගෙන තිබෙන කුසල ධර්ම තව තවත් දියුණු කර ගත යුතු යි. සත් තිස් බෝධි පාක්ෂික ධර්ම, සතර සතිපට්ඨාන ධර්ම, සතර සම්ම ප්‍රධාන විර්යය (සම්මා වායාම යනු මෙයම යි.) සතර ඉද්ධිපාද, (ඡන්ද, චිත්ත, විරිය, වීමංසා) පංචෙන්ද්‍රිය, පංච බල, (ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පහ ඉන්ද්රිය ධර්ම හා බල ධර්ම ලෙස සැලකේ. ) සප්ත බොජ්ඣඬ්ග (සති, ධම්ම විචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා යනු සප්ත බොජ්ඣඬ්ග යි.) යනාදිය නූපන් කුසල ධර්ම යි. සම්මා සති සම්මා සතිය යනු යහපත් සිහිය යි. රෑබුදු රජාණන් වහන්සේ බොහෝ තැන්වල සම්මා සමාධිය විස්තර කර ඇත්තේ මෙසේ ය. "ඉධ භික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සී විහරති, ආතාපි සම්පජානෝ සතිමා විනෙය්ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස, වේදනාසු වේදනානුපස්සී විහරති, චිත්තේසු චිත්තානුපස්සී විහරති, ධම්මේසු ධම්මානුපස්සි විහරති...." කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යන කරුණු හතර සම්මා සතිය ලෙස හැඳින්වේ. සතර සතිපට්ඨානය නම් වු මේ කරුණු හතර දියුණු කර ගැනිම යි සම්මා සතිය. සතර සතිපට්ඨානයෙන් කටයුතු කිරීමේ දී කයේ සම්මා සතියේ පිහිටිය යුතු යි; වේදනාවේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සිතිවිලි ධර්ම පිළිබඳව සම්මා සතියේ පිහිටිය යුතු යි. නිවන් දැකීම සඳහා සතිය දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. දිනකට අඩු වශයෙන් විනාඩි 10- 15 ක් වත් සිහියෙන් වැඩ කිරීම සතිය දියුණු කර ගැනීමට හේතු වේ. සම්මා සමාධි සිතේ එකඟ භාවයක් තිබිම යි. සිත එක අරමුණක තබා ගැනීමට නොහැකි නම්, සිත විසිරෙනවා නම්, නොයෙක් අරමුණු කරා දිව යනවා නම් ඔහුට නිවන් දැකිමට නොහැකි වනු ඇත. "නත්ථි ඣානං අපඤ්ඤස්ස, පඤ්ඤා නත්ථි අඣායතෝ" යැයි බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. සිතේ එකඟ භාවයක් නැති තැනැත්තාට ප්‍රඥාවක් ඇති නොවේ. ‛උපතින් ප්‍රඥාව නැති තැනැත්තාට සිතේ එකඟ භාවයක් ලබා ගත නොහැකි ය.’ යන්න එහි අදහස යි. සිත සමාධි ගත කර ගත් තැනැත්තාට ප්‍රථම දෙවන තෙවන සිවු වන යන කාමාවචර ධ්‍යාන හතර ලැබිය හැකි ය. රූපාවචර ධ්‍යාන හතර ලැබිය හැකි ය. සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන මාර්ග ඵල ලැබිය හැකි ය. සම්මා සමාධිය ඇති කර ගැනීමට නම් පළමුවෙන් සම්මා සතිය ඇති කර ගත යුතු යි. අනතුරු ව භාවනා මාර්ගයේ ගමන් කිරීමෙන් සමාධිය ඇති කර ගෙන නිවනට පත් විය හැකි ය. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom