Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම්' පෞද්ගලික වෛද්‍ය උපාධිය ජාතික ව්ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිටම්' පෞද්ගලික වෛද්‍ය උපාධිය ජාතික ව්&#3514

මේ දිනවල රට පුරා මතභේදාත්මක සිද්ධියක් වශයෙන් කතාබහට ලක් වී ඇති 'සයිටම්' අර්බුදය පිළිබඳව මහජන අවධානය යොමු විය යුතුයි. එහි දී 'සයිටම්' නමැති මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අප රටෙහි නීතිගත කිරීමට දරන ප්රයත්න හා ඊට එරෙහි ව එල්ල වී ඇති ජනතා විරෝධය පිළිබඳ සිද්ධි මාලාව අපේ සැලකිල්ලට බඳුන් විය යුතුයි. සෘජුවම පවසතොත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සුදුසු නුසුදුසුභාවය තීරණය කිරීමට නීතියට සුදුසුකම් තිබේ ද, යනුවෙන් පැන නැගී ඇති ගැටලුව විමසුමට ලක් වීම අවශ්‍යයි.

මෙය තවත් සරලව විග්රහ කරගත හැකිය. මෙරට වෛද්‍යවරුන් නිසි වෛද්‍ය අධ්‍යාපනයක් ලබා තිබේ ද යන්න පිළිබඳ තීරණය කිරීමට හැකියාව තිබෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටයි. විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක සුපරීක්ෂණය මත වෛද්‍ය සභාව පසුගියදා ඒකමතික තීරණයකට පැමිණ තිබුණේ ය. එනම් මේ 'සයිටම්' ආයතනය මනාව පුහුණු වූ වෛද්‍යවරුන් බිහි කිරීමට නුසුදුසු ය කියායි.

මෙවැනි පසුබිමක සිට මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව 2015 වර්ෂයේ අගදී මෙවැනි නිවේදනයක් ප්‍රසිද්ධියට පත් කළේ ය. එය පාඨකයන් ඇති සැටියෙන් ම දැනගැනීම මේ ගැටලුව පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමේ පූර්ව ප්‍රවේශයක් වනු නොඅනුමාන ය. එය මෙසේ යි.

"ශ්‍රී ලංකා වෛද්‍ය සභාව

මහජනතාව වෙත කෙරෙන දැනුම්දීම" යි

1 ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) වූකලී පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත ආයතනයකි. (වෛද්‍ය ආඥා පනතේ 105 වන පරිච්ඡේදය.) එහි ප්‍රධාන කාර්යභාරයක් වන්නේ, පොදුජන සෞඛ්‍ය ප්රමුඛ ජන ජීවනයේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම යි.

2. මෙරට බටහිර වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයේ නිසි ප්‍රමිතිය පවත්වා ගැනීමේ නෛතික බලය උක්ත පනත මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැවරී ඇත. ඒ අනුව වෛද්‍ය සභාවේ වෛද්‍යවරයකු වශයෙන් ලියාපදිංචි වීමට අවශ්‍ය ආධ්‍යාපනික සුදුසුකම් ප්රදානය කරනු ලබන සෑම ආයතනයක ම පාඨමාලා, විභාග, ආචාර්ය මණ්ඩල, තාක්ෂණික උපකරණ, නේවාසික පහසුකම්, සපයනු ලබන පුහුණුව ආදී කී නොකී සියලු අංශවල ම නිසි ප්‍රමිතිය නිර්ණය කිරීමේ බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සතු ය. "ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සිදු වන්නේ අදාළ ආඥා පනතේ 19 (e) වගන්තියට අනුකූල ව ය.

3. මාලබේ පිහිටා ඇති, දකුණු ආසියාතික තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනයේ (SAITM- සයිටම්) සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා 2014 වර්ෂයේ මැයි මස 14 වැනි දින දරන ලිපිය මගින් වෛද්‍ය සභාවට දැන්වූයේ, සයිටම් ආයතනය සහ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NSPH) ලියාපදිංචිය සඳහා අදාළ ගැසට් නිවේදන මගින් නියම කර ඇති සියලු කොන්දේසි සපුරා ඇති බව යි.

4. පූර්වෝක්ත ලිපියේ අන්තර්ගත සමහර වැදගත් කරුණු පිළිබඳ සූක්ෂ්ම පැහැදිලි කරගැනීම්වලින් අනතුරුව, වෛද්‍ය ආඥා පනතේ 19(A) වගන්තියට අනුව මෙම ආයතනය පරීක්ෂා කර බැලීමට වෛද්‍ය සභාව තීරණය කර ඇති බව 2015 ජූනි මස 16 වැනි දින දරන ලිපියෙන් සයිටම් ආයතනයට දැනුම් දෙන ලදී.

5. අනතුරු ව 2015 ජූනි 24 වෙනි දින දාතමින් යුත් ලිපියෙන් වෛද්‍ය සභාව සයිටම් ආයතනයට දැනුම් දුන්නේ, වෛද්‍ය සභාව විසින් පත් කරන ලද පරීක්ෂණ කණ්ඩායමක් 2015 ජූලි මස 13, 14, 15 යන දිනවල දී සයිටම් ආයතනයට පැමිණීමට නියමිත බව යි. දස දෙනකුගෙන් යුක්ත එකී කණ්ඩායම සමන්විත වූයේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ විවිධ අංශ පිළිබඳ ප්‍රාමාණික විශේෂඥයන්ගෙනි.

6. එම විශේෂඥ කණ්ඩායම සැලසුම් කරගෙන සිටි පරිදි සයිටම් ආයතනය පරීක්ෂා කොට 2015 අගෝස්තු මස 28 වන දිනයේ දී පැවති වෛද්‍ය සභාවේ 556 වැනි සමස්ත සභා වාරයට කණ්ඩායමේ ඒකමතික සමාප්ත නිල වාර්තාව ඉදිරිපත් කෙරිණි.

7. විශේෂඥ කණ්ඩායම සයිටම් ආයතනය තුළ දී ඔවුන් නිරීක්ෂණය කළ ප්රශස්ත අංග මෙන් ම විවිධ අධ්‍යාපනික අඩුපාඩු ද වාර්තා කර තිබුණේ ය. එකී ප්රශස්ත අංග අතර පැමිණෙන රෝගීන්ට දක්ෂ වෛද්‍යවරුන් විසින් ප්රශස්ත ආකාරයේ ප්‍රතිකාර ඉතා කාර්යක්ෂම සහ ප්‍රවේශම් සහගත ආකාරයෙන් සපයනු ලැබීම නිරීක්ෂණය වී ඇති බව මෙහි දී පැවසීම උචිත ය. එහෙත් මෙහි දී ප්රස්තුත කරුණට අදාළව අධ්‍යාපනික ප්‍රමිතියට ප්‍රමුඛත්වය දෙන වෛද්‍ය සභාවේ දැඩි අවධානය යොමු වූයේ ප්‍රධාන අඩුපාඩු තුනක් කෙරෙහි ය.

(අ) මාලබේ සයිටම් ආයතනයේ වෛද්‍ය සිසුන්ට රෝග ඥානනය හෙවත් රෝග පිළිබඳ දැනුම ලබා ගැනීම සහ ප්‍රතිකර්ම හැදෑරීම පිණිස අවස්ථාව තිබෙන්නේ ඉතා සීමිත රෝගීන් සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පමණක් බව නිරීක්ෂණ කණ්ඩායමට මනාව පැහැදිලි වී තිබේ. එසේම මෙරට දක්නට ලැබෙන විවිධ රෝග ව්‍යාධි රාශිය අතරින් මේ සිසුන්ට හැදෑරීමට අවස්ථාව තිබුණේ රෝග වර්ග කිහිපයකින් පෙළෙන රෝගීන් සුළු සංඛ්‍යාවක් පිළිබඳව පමණි. මෙය බරපතළ අඩුපාඩුවක් බව වෛද්‍ය සභාව ඒකමතිකව පිළිගත්තේ ය. සවිස්තරව කියතොත් හදිසි රිය අනතුරු හා වෙනත් ආපදා නිසා ඇති වන ව්‍යාධිවලින් පෙළෙන රෝගීන් මාලබේ සයිටම් ශික්ෂණ රෝහලේ ඉතා විරළ විය. එසේ ම ගර්භණී තත්ත්වය නිසා ඇති වන හදිසි අවස්ථාවලින් පෙළෙන කාන්තාවන් එම රෝහලේ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. හදිසි ශල්‍යකර්මවලට භාජන කළ යුතු රෝගවලින් පෙළෙන රෝගීන් ද මේ රෝහලේ ඉතා අඩු ය. ක්ෂණික ව ප්‍රතිකර්ම කළ යුතු රෝගවලින් පෙළෙන වැඩිහිටියන්, ළමුන් සහ ළදරුවන් ද මේ ශික්ෂණ රෝහලේ බහුලව දක්නට ලැබෙන්නේ නැත. මේ උග්‍ර අඩුපාඩුව පිරිමසා ගැනීමට සයිටම් රෝහලේ වෛද්‍යවරුන් දැඩි ප්රයත්න දරා තිබෙන බවට සාක්ෂ්‍ය තිබිණි. එහෙත් 2009 වසරේ දී අරඹන ලද මාලබේ රෝහල අපගේ විශේෂඥ කණ්ඩායම නිරීක්ෂණයට ගිය 2015 වසරේ ජූලි මාසය වන විටත් ඒ ප්රයත්නයන්ගෙන් සතුටුදායක ප්‍රතිඵල නෙළා නොතිබුණු බව දිස් වේ. විවිධ වර්ගවල රෝගවලින් පෙළෙන සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් පරීක්ෂා කර නොබලා වෛද්‍ය විද්‍යාව නිසි ලෙස උගත නොහැකි බව වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයේ පොදු සම්මතයකි.

(ආ) අධිකරණ වෛද්‍ය විද්‍යාව මනා සේ හැදෑරීමට අවශ්‍ය විධි-විධාන මාලබේ සයිටම් ආයතනය සතු නොවේ. උදාහරණයක් වශයෙන් ශාරීරික ගැටුම් නිසා හටගන්නා අධික රුධිරය වහනයකින් යුතු තුවාලවලින් පෙළෙන රෝගීන් මාලබේ සයිටම් ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා යන බවක් සාමාන්‍යයෙන් පෙනෙන්නේ නැත. එසේ ම පශ්චාත් මරණ පරීක්ෂණ කිරීමට අවශ්‍ය පුහුණුවක් ලබා ගැනීමට ද සයිටම් විද්‍යා සිසුන්ට අවකාශ නැත.

(ඇ) මහජන සෞඛ්‍ය කාර්යාලවල සිදු වන වෛද්‍ය කටයුතු සහ පාරිසරික සෞඛ්‍ය සංසිද්ධි හැදෑරීමට සයිටම් වෛද්‍ය සිසුන්ට පහසුකම් නොමැති බැවින් රෝග නිවාරණයට සහ මහජන සෞඛ්‍යයට සම්බන්ධ ඥානය ලබා ගැනීමට ඔවුන්ට අවකාශ නොමැත.

8. වෛද්‍ය ආඥා පනතේ 19 (C) වගන්තයෙන් කියවෙන්නේ, සභාව විසින් පත් කරන ලද පරීක්ෂණ කණ්ඩායමක් යම් වෛද්‍ය විද්‍යා අධ්‍යාපනික ආයතනයක් පරීක්ෂා කර බලා නිකුත් කරන වාර්තාව පිළිබඳව සභාව සාකල්‍යයෙන්ම තෘප්තිමත් නම් ඒ පිළිබඳ ව සභාව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය යි. එබඳු ආයතනයක තිබිය යුතු අත්‍යවශ්‍ය පහසුකම් පිළිබඳ ව වෛද්‍ය සභාව පළ කර තිබෙන නිල ප්‍රකාශයක් මුද්‍රණය කර තිබේ. එහි අන්තර්ගත නිර්ණායකවලට අනුව සභාව විසින් පත් කරන ලද නිරීක්ෂණ කණ්ඩායම විසින් සයිටම් ආයතනය අදාළ වැදගත් නිර්ණායක කිහිපයක් සපුරා නැති බව ඒකමතික ව වාර්තා කොට ඇත. ඒ විනිශ්චය වෛද්‍ය සභාව විසින් ඒකමතික ව පිළිගන්නා ලදී.

9. වෛද්‍ය ආඥා පනතේ 19 (C) වගන්තියට අනුව පනතේ 19 (A) සහ 19 (B) වගන්තිවලට අනුකූලව විශේෂඥ පරීක්ෂණ කණ්ඩායමක් විසින් සම්පාදනය කර තිබෙන වාර්තාව මගින් එම ආයතනය අදාළ ප්‍රමිති තත්ත්වයන් සපුරා නොමැති බව සභාවට වාර්තා කළ හොත් සභාව විසින් ඒ බව සෞඛ්‍ය අමාත්‍යවරයාට දන්වා ඒ අනුව එම ආයතනය වෛද්‍ය උපාධි පිරිනැමීමට නුසුදුසු ආයතනයක් බව ප්‍රකාශ කළ යුතු යෑයි නිර්දේශයක් ඉදිරිපත් කළ හැකි ය.

10. යථෝක්ත සියලු කරුණුවලට අනුව 2015 සැප්තැම්බර් මස 4 වැනි දින සෞඛ්‍ය අමාත්‍යවරයාට නිල වශයෙන් වෛද්‍ය සභාව මේ සම්බන්ධ ව නිර්දේශයක් ඉදිරිපත් කළේ ය. විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනකුගෙන් සමන්විත වූ පරීක්ෂණ කණ්ඩායමේ විනිශ්චය වන්නේ, සයිටම් ආයතනය වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට සුදුසු වන උපාධි පිරිනැමීමේ හැකියාවක් ඇති ආයතනයක් නොවන බව යි. ඒ අනුව වෛද්‍ය සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට නිර්දේශ කළේ මාලබේ සයිටම් ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති උපාධිධාරීන් බිහි කරන ආයතනයක් ලෙස නොපිළිගත යුතු බව යි. පූර්වෝක්ත නිර්දේශය වෛද්‍ය සභාව විසින් කරන ලද්දේ හුදෙක් මෙරට ජනතාවට සැපයෙනු ලැබෙන වෛද්‍ය සේවය සහ ඇප-උපස්ථානවල ගුණාත්මක බව කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස සුදුසුකම් සහිත වෛද්‍යවරුන් බිහි කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සභාවට පැවරී තිබෙන නෛතික වගකීම පදනම් කොටගෙන බව ඉඳුරා ම පැවසිය යුතු ය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා

ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව

වෛද්‍ය සභාවේ නියමය පරිදි පළ කරවන ලදී.

http://mageblogspot.blogspot.com/2017/02/blog-post_50.html

[QUOTE="sudu23, post: 21263045, member: 534023"] [b]සයිටම්' පෞද්ගලික වෛද්‍ය උපාධිය ජාතික ව්ය[/b] මේ දිනවල රට පුරා මතභේදාත්මක සිද්ධියක් වශයෙන් කතාබහට ලක් වී ඇති 'සයිටම්' අර්බුදය පිළිබඳව මහජන අවධානය යොමු විය යුතුයි. එහි දී 'සයිටම්' නමැති මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අප රටෙහි නීතිගත කිරීමට දරන ප්රයත්න හා ඊට එරෙහි ව එල්ල වී ඇති ජනතා විරෝධය පිළිබඳ සිද්ධි මාලාව අපේ සැලකිල්ලට බඳුන් විය යුතුයි. සෘජුවම පවසතොත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සුදුසු නුසුදුසුභාවය තීරණය කිරීමට නීතියට සුදුසුකම් තිබේ ද, යනුවෙන් පැන නැගී ඇති ගැටලුව විමසුමට ලක් වීම අවශ්‍යයි. මෙය තවත් සරලව විග්රහ කරගත හැකිය. මෙරට වෛද්‍යවරුන් නිසි වෛද්‍ය අධ්‍යාපනයක් ලබා තිබේ ද යන්න පිළිබඳ තීරණය කිරීමට හැකියාව තිබෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටයි. විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක සුපරීක්ෂණය මත වෛද්‍ය සභාව පසුගියදා ඒකමතික තීරණයකට පැමිණ තිබුණේ ය. එනම් මේ 'සයිටම්' ආයතනය මනාව පුහුණු වූ වෛද්‍යවරුන් බිහි කිරීමට නුසුදුසු ය කියායි. මෙවැනි පසුබිමක සිට මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව 2015 වර්ෂයේ අගදී මෙවැනි නිවේදනයක් ප්‍රසිද්ධියට පත් කළේ ය. එය පාඨකයන් ඇති සැටියෙන් ම දැනගැනීම මේ ගැටලුව පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමේ පූර්ව ප්‍රවේශයක් වනු නොඅනුමාන ය. එය මෙසේ යි. "ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මහජනතාව වෙත කෙරෙන දැනුම්දීම" යි 1 ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) වූකලී පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත ආයතනයකි. (වෛද්‍ය ආඥා පනතේ 105 වන පරිච්ඡේදය.) එහි ප්‍රධාන කාර්යභාරයක් වන්නේ, පොදුජන සෞඛ්‍ය ප්රමුඛ ජන ජීවනයේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම යි. 2. මෙරට බටහිර වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයේ නිසි ප්‍රමිතිය පවත්වා ගැනීමේ නෛතික බලය උක්ත පනත මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැවරී ඇත. ඒ අනුව වෛද්‍ය සභාවේ වෛද්‍යවරයකු වශයෙන් ලියාපදිංචි වීමට අවශ්‍ය ආධ්‍යාපනික සුදුසුකම් ප්රදානය කරනු ලබන සෑම ආයතනයක ම පාඨමාලා, විභාග, ආචාර්ය මණ්ඩල, තාක්ෂණික උපකරණ, නේවාසික පහසුකම්, සපයනු ලබන පුහුණුව ආදී කී නොකී සියලු අංශවල ම නිසි ප්‍රමිතිය නිර්ණය කිරීමේ බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සතු ය. "ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සිදු වන්නේ අදාළ ආඥා පනතේ 19 (e) වගන්තියට අනුකූල ව ය. 3. මාලබේ පිහිටා ඇති, දකුණු ආසියාතික තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනයේ (SAITM- සයිටම්) සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා 2014 වර්ෂයේ මැයි මස 14 වැනි දින දරන ලිපිය මගින් වෛද්‍ය සභාවට දැන්වූයේ, සයිටම් ආයතනය සහ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NSPH) ලියාපදිංචිය සඳහා අදාළ ගැසට් නිවේදන මගින් නියම කර ඇති සියලු කොන්දේසි සපුරා ඇති බව යි. 4. පූර්වෝක්ත ලිපියේ අන්තර්ගත සමහර වැදගත් කරුණු පිළිබඳ සූක්ෂ්ම පැහැදිලි කරගැනීම්වලින් අනතුරුව, වෛද්‍ය ආඥා පනතේ 19(A) වගන්තියට අනුව මෙම ආයතනය පරීක්ෂා කර බැලීමට වෛද්‍ය සභාව තීරණය කර ඇති බව 2015 ජූනි මස 16 වැනි දින දරන ලිපියෙන් සයිටම් ආයතනයට දැනුම් දෙන ලදී. 5. අනතුරු ව 2015 ජූනි 24 වෙනි දින දාතමින් යුත් ලිපියෙන් වෛද්‍ය සභාව සයිටම් ආයතනයට දැනුම් දුන්නේ, වෛද්‍ය සභාව විසින් පත් කරන ලද පරීක්ෂණ කණ්ඩායමක් 2015 ජූලි මස 13, 14, 15 යන දිනවල දී සයිටම් ආයතනයට පැමිණීමට නියමිත බව යි. දස දෙනකුගෙන් යුක්ත එකී කණ්ඩායම සමන්විත වූයේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ විවිධ අංශ පිළිබඳ ප්‍රාමාණික විශේෂඥයන්ගෙනි. 6. එම විශේෂඥ කණ්ඩායම සැලසුම් කරගෙන සිටි පරිදි සයිටම් ආයතනය පරීක්ෂා කොට 2015 අගෝස්තු මස 28 වන දිනයේ දී පැවති වෛද්‍ය සභාවේ 556 වැනි සමස්ත සභා වාරයට කණ්ඩායමේ ඒකමතික සමාප්ත නිල වාර්තාව ඉදිරිපත් කෙරිණි. 7. විශේෂඥ කණ්ඩායම සයිටම් ආයතනය තුළ දී ඔවුන් නිරීක්ෂණය කළ ප්රශස්ත අංග මෙන් ම විවිධ අධ්‍යාපනික අඩුපාඩු ද වාර්තා කර තිබුණේ ය. එකී ප්රශස්ත අංග අතර පැමිණෙන රෝගීන්ට දක්ෂ වෛද්‍යවරුන් විසින් ප්රශස්ත ආකාරයේ ප්‍රතිකාර ඉතා කාර්යක්ෂම සහ ප්‍රවේශම් සහගත ආකාරයෙන් සපයනු ලැබීම නිරීක්ෂණය වී ඇති බව මෙහි දී පැවසීම උචිත ය. එහෙත් මෙහි දී ප්රස්තුත කරුණට අදාළව අධ්‍යාපනික ප්‍රමිතියට ප්‍රමුඛත්වය දෙන වෛද්‍ය සභාවේ දැඩි අවධානය යොමු වූයේ ප්‍රධාන අඩුපාඩු තුනක් කෙරෙහි ය. (අ) මාලබේ සයිටම් ආයතනයේ වෛද්‍ය සිසුන්ට රෝග ඥානනය හෙවත් රෝග පිළිබඳ දැනුම ලබා ගැනීම සහ ප්‍රතිකර්ම හැදෑරීම පිණිස අවස්ථාව තිබෙන්නේ ඉතා සීමිත රෝගීන් සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පමණක් බව නිරීක්ෂණ කණ්ඩායමට මනාව පැහැදිලි වී තිබේ. එසේම මෙරට දක්නට ලැබෙන විවිධ රෝග ව්‍යාධි රාශිය අතරින් මේ සිසුන්ට හැදෑරීමට අවස්ථාව තිබුණේ රෝග වර්ග කිහිපයකින් පෙළෙන රෝගීන් සුළු සංඛ්‍යාවක් පිළිබඳව පමණි. මෙය බරපතළ අඩුපාඩුවක් බව වෛද්‍ය සභාව ඒකමතිකව පිළිගත්තේ ය. සවිස්තරව කියතොත් හදිසි රිය අනතුරු හා වෙනත් ආපදා නිසා ඇති වන ව්‍යාධිවලින් පෙළෙන රෝගීන් මාලබේ සයිටම් ශික්ෂණ රෝහලේ ඉතා විරළ විය. එසේ ම ගර්භණී තත්ත්වය නිසා ඇති වන හදිසි අවස්ථාවලින් පෙළෙන කාන්තාවන් එම රෝහලේ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. හදිසි ශල්‍යකර්මවලට භාජන කළ යුතු රෝගවලින් පෙළෙන රෝගීන් ද මේ රෝහලේ ඉතා අඩු ය. ක්ෂණික ව ප්‍රතිකර්ම කළ යුතු රෝගවලින් පෙළෙන වැඩිහිටියන්, ළමුන් සහ ළදරුවන් ද මේ ශික්ෂණ රෝහලේ බහුලව දක්නට ලැබෙන්නේ නැත. මේ උග්‍ර අඩුපාඩුව පිරිමසා ගැනීමට සයිටම් රෝහලේ වෛද්‍යවරුන් දැඩි ප්රයත්න දරා තිබෙන බවට සාක්ෂ්‍ය තිබිණි. එහෙත් 2009 වසරේ දී අරඹන ලද මාලබේ රෝහල අපගේ විශේෂඥ කණ්ඩායම නිරීක්ෂණයට ගිය 2015 වසරේ ජූලි මාසය වන විටත් ඒ ප්රයත්නයන්ගෙන් සතුටුදායක ප්‍රතිඵල නෙළා නොතිබුණු බව දිස් වේ. විවිධ වර්ගවල රෝගවලින් පෙළෙන සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් පරීක්ෂා කර නොබලා වෛද්‍ය විද්‍යාව නිසි ලෙස උගත නොහැකි බව වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයේ පොදු සම්මතයකි. (ආ) අධිකරණ වෛද්‍ය විද්‍යාව මනා සේ හැදෑරීමට අවශ්‍ය විධි-විධාන මාලබේ සයිටම් ආයතනය සතු නොවේ. උදාහරණයක් වශයෙන් ශාරීරික ගැටුම් නිසා හටගන්නා අධික රුධිරය වහනයකින් යුතු තුවාලවලින් පෙළෙන රෝගීන් මාලබේ සයිටම් ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා යන බවක් සාමාන්‍යයෙන් පෙනෙන්නේ නැත. එසේ ම පශ්චාත් මරණ පරීක්ෂණ කිරීමට අවශ්‍ය පුහුණුවක් ලබා ගැනීමට ද සයිටම් විද්‍යා සිසුන්ට අවකාශ නැත. (ඇ) මහජන සෞඛ්‍ය කාර්යාලවල සිදු වන වෛද්‍ය කටයුතු සහ පාරිසරික සෞඛ්‍ය සංසිද්ධි හැදෑරීමට සයිටම් වෛද්‍ය සිසුන්ට පහසුකම් නොමැති බැවින් රෝග නිවාරණයට සහ මහජන සෞඛ්‍යයට සම්බන්ධ ඥානය ලබා ගැනීමට ඔවුන්ට අවකාශ නොමැත. 8. වෛද්‍ය ආඥා පනතේ 19 (C) වගන්තයෙන් කියවෙන්නේ, සභාව විසින් පත් කරන ලද පරීක්ෂණ කණ්ඩායමක් යම් වෛද්‍ය විද්‍යා අධ්‍යාපනික ආයතනයක් පරීක්ෂා කර බලා නිකුත් කරන වාර්තාව පිළිබඳව සභාව සාකල්‍යයෙන්ම තෘප්තිමත් නම් ඒ පිළිබඳ ව සභාව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය යි. එබඳු ආයතනයක තිබිය යුතු අත්‍යවශ්‍ය පහසුකම් පිළිබඳ ව වෛද්‍ය සභාව පළ කර තිබෙන නිල ප්‍රකාශයක් මුද්‍රණය කර තිබේ. එහි අන්තර්ගත නිර්ණායකවලට අනුව සභාව විසින් පත් කරන ලද නිරීක්ෂණ කණ්ඩායම විසින් සයිටම් ආයතනය අදාළ වැදගත් නිර්ණායක කිහිපයක් සපුරා නැති බව ඒකමතික ව වාර්තා කොට ඇත. ඒ විනිශ්චය වෛද්‍ය සභාව විසින් ඒකමතික ව පිළිගන්නා ලදී. 9. වෛද්‍ය ආඥා පනතේ 19 (C) වගන්තියට අනුව පනතේ 19 (A) සහ 19 (B) වගන්තිවලට අනුකූලව විශේෂඥ පරීක්ෂණ කණ්ඩායමක් විසින් සම්පාදනය කර තිබෙන වාර්තාව මගින් එම ආයතනය අදාළ ප්‍රමිති තත්ත්වයන් සපුරා නොමැති බව සභාවට වාර්තා කළ හොත් සභාව විසින් ඒ බව සෞඛ්‍ය අමාත්‍යවරයාට දන්වා ඒ අනුව එම ආයතනය වෛද්‍ය උපාධි පිරිනැමීමට නුසුදුසු ආයතනයක් බව ප්‍රකාශ කළ යුතු යෑයි නිර්දේශයක් ඉදිරිපත් කළ හැකි ය. 10. යථෝක්ත සියලු කරුණුවලට අනුව 2015 සැප්තැම්බර් මස 4 වැනි දින සෞඛ්‍ය අමාත්‍යවරයාට නිල වශයෙන් වෛද්‍ය සභාව මේ සම්බන්ධ ව නිර්දේශයක් ඉදිරිපත් කළේ ය. විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනකුගෙන් සමන්විත වූ පරීක්ෂණ කණ්ඩායමේ විනිශ්චය වන්නේ, සයිටම් ආයතනය වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට සුදුසු වන උපාධි පිරිනැමීමේ හැකියාවක් ඇති ආයතනයක් නොවන බව යි. ඒ අනුව වෛද්‍ය සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට නිර්දේශ කළේ මාලබේ සයිටම් ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති උපාධිධාරීන් බිහි කරන ආයතනයක් ලෙස නොපිළිගත යුතු බව යි. පූර්වෝක්ත නිර්දේශය වෛද්‍ය සභාව විසින් කරන ලද්දේ හුදෙක් මෙරට ජනතාවට සැපයෙනු ලැබෙන වෛද්‍ය සේවය සහ ඇප-උපස්ථානවල ගුණාත්මක බව කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස සුදුසුකම් සහිත වෛද්‍යවරුන් බිහි කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සභාවට පැවරී තිබෙන නෛතික වගකීම පදනම් කොටගෙන බව ඉඳුරා ම පැවසිය යුතු ය. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍ය සභාවේ නියමය පරිදි පළ කරවන ලදී. [url]http://mageblogspot.blogspot.com/2017/02/blog-post_50.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom