Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම් හුටපටය ගැන සියළු දේ සැකෙවින්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිටම් හුටපටය ගැන සියළු දේ සැකෙවින්!

SLMC (Sri Lanka Medical Council) - ශ්‍රී ලංකා වෛද්‍යය සභාව

ලංකාවේ වෛද්‍ය වෘත්තිය පිළිබඳ වූ වෘත්තිය ආයතනය. ලංකාවේ වෛද්‍යවරුන් ගේ ප්‍රමිතිය පවත්වාගෙන යාම මොවුන් ගේ වගකීමකි. ප්‍රධානියා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතායි

GMOA (Government Medical Officers Association) - රජයේ වෛද්‍ය නිලධාරී සංගමයරජයේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් ගේ වෘත්තිය සමිතිය.

මෙය හුදෙක් වෘත්තිය සමිතියක් වන අතර SLMC එකට ඇති වෘත්තිය බලය මොවුන්ට නොමැත. මෙහි ප්‍රධානියා වෛද්‍ය පාදෙණිය මහතායි.

SMG (State Medical Graduates) - රජයේ විශ්ව විද්‍යාල වලින් උපාධිය සමත් වූ උපාධිධාරීන්

FMG (Foreign Medical Graduates ) - විදේශීය විශ්ව විද්‍යාල වලින් උපාධිය සමත් වූ උපාධිධාරීන්

විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලැබීම සහ වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කිරීම අතර වෙනසක් ඇත. විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් දීම එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වගකීමකි.

නමුත් කෙනෙක් වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කිරීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි විය යුතුය.

මෙය වෛද්‍ය සේවයට පමණක් අදාල තත්වයක් නොවේ. විවිධ මට්ටම් වලින් වෙනත් සේවාවන් හිදී ද මෙය ක්‍රියාත්මක වේ. උදාහරණයකට නිවෙසක සැලසුමක් අනුමත කිරීමට සිවිල් ඉංජිනේරු උපාධියක් තිබීම ප්‍රමානවත් නොවේ. ඒ සඳහා වරලත් සිවිල් ඉංජිනේරුවෙක් විය යුතුය. වරලත් ඉංජිනේරු තත්වය පිරිනමන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අනුරූප ඉංජිනේරු අංශයේ ආයතනය වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (Institute of Engineers Sri Lanka) හෙවත් IESL ආයතනයෙනි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් ඇත.

1. පොදු බහුවරණ පරීක්ෂනය (Common MCQ)මෙය රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධි ධාරීන් සඳහා පැවැත්වේ.

2. ERPM (Act 16)මෙය විදේශීය විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධි ධාරීන් සඳහා පැවැත් වේ.

මෙම පරීක්ෂන දෙකෙන් සමත් වූ අයෙකුට වෛද්‍ය වරයෙක් ලෙස ලංකාව තුළ සේවය කිරීමේ බලය ඇත.රජයේ රෝහල් වලට වෛද්‍ය වරු බඳවා ගැනීමේදී යොදා ගන්නේද මෙම විභාගයක් දෙකයි.සියළුම රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන උපාධිධාරීන් පොදු බහුවරණ පරීක්ෂනයට සහභාගී විය යුතුය. එහිදී ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් ලැයිස්තු ගත කෙරෙන අතර රජයේ රෝහල් වල සේවයට බඳවා ගැනෙන්නේ එම ලැයිස්තුවේ අනු පිළිවෙලටයි.

විදේශීය විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරීන් ERPM පරීක්ෂනයට සහභාගී විය යුතුය. එහිදී ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් ලැයිස්තු ගත කෙරෙන අතර රජයේ රෝහල් වල සේවයට බඳවාගැනෙන්නේ එම ලැයිස්තුවේ අනු පිළිවෙලටයි.

මෙහිදී විදේශීය උපාධිධාරීන් ලැයිස්තු ගත කෙරෙන්නේ රජයේ උපාධිධාරීන්ට පසුවය.

උදාහරණයකට පොදු බහුවරණ පරික්ෂනයෙන් 1200ක් සමත් වූයේ නම්, ERPM විභාගයෙන් වැඩිම ලකුණු ගත් උපාධිධාරියා ට ලැබෙන අංකය 1201 යි.

මීට හේතුව වන්නේ ERPM පරීක්ෂනය මදක් ලිහිල් වීමයි.කෙසේ නමුත් ERPM විභාගය සඳහා සහභාගී වන අයගෙන් සමත් වන්නේ 15% ක තරම් ප්රතිශතයකි.අසමත් වන අයට ලංකාව තුළ වෛද්‍ය වරයෙක් ලෙස සේවය කළ නොහැක.

2007 වසරේදී විදේශීය උපාධිධාරීන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට පොදු බහුවරණ පරික්ෂනයට සහභාගී වීමට ඉඩ ලබාදුන් අතර, එහිදී ඔවුන් ගේ සමත්වන ප්‍රතිශතය 1.5% දක්වා පහත වැටිනි.

සයිටම් (SAITM) දකුණු ආසියා තාක්ෂනික සහ වෛද්‍ය අධ්‍යාපන ආයතනය (South Asia Institute of Technology and Medicine)ලංකාවේ ඇති පුද්ගලික විශ්ව විද්‍යාලයක්. මෙමගින් වෛද්‍ය උපාධියක් ලබා දේ.

සයිටම් ආයතනයෙන් පිට වන උපාධිධාරීන් ERPM පරික්ෂනය සඳහා සහභාගී නොවේ. ඊට හේතුව ඔවුන් විදේශීය විශ්ව විද්‍යාලයක් නොවන නිසාය. නමුත් ඔවුහු පොදු බහුවරණ පරීක්ෂනයටද සහභාගී නොවේ.

එහිදී ඔවුන් ගෙන එන තර්කය වන්නේ රජයේ රෝහල් වල සේවය සඳහා රජයේ උපාධිධාරීන් සමඟ තරග කිරීමට ඔවුන්ට අවශ්‍යය නොමැති බවයි.

වෙනත් වචන වලින් කිවහොත්, රජයේ විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් 1200 ක් පොදු බහුවරණ පරීක්ෂනයෙන් සමත් වුවහොත් සයිටම් උපධිධාරීන්හට ලැයිස්තුවේ 1201 න් අරඹා අංක ලබා දීම ප්‍රමානවත් බවයි.

නමුත් මෙහිදී මතුවන ගැටළුව නම් එවිට සයිටම් උපාධිධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඇගයීමකට ලක් නොවීමයි.

මෙහිදී ඔවුන් තමාගේ අවසන් වසර පරීක්ෂනය නියාමනය කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ආරාධනා කලහ. නමුත් එය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් නොවේ.එමනිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් උපාධිධාරීන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කළ අතර, ඊයේ පෙරේදා ලැබුණු නඩු තීන්දුවෙන් ඔවුන්ට එසේ කිරීම නවතා සයිටම් උපාධිධාරීන් ලියාපදිංචි කරන ලෙස දන්වන ලදී.

~සසර සැරිසරන පාදඩයා~

[QUOTE="Pium Witharanage, post: 21199895, member: 558327"] [b]සයිටම් හුටපටය ගැන සියළු දේ සැකෙවින්![/b] [size=4]SLMC (Sri Lanka Medical Council) - ශ්‍රී ලංකා වෛද්‍යය සභාව ලංකාවේ වෛද්‍ය වෘත්තිය පිළිබඳ වූ වෘත්තිය ආයතනය. ලංකාවේ වෛද්‍යවරුන් ගේ ප්‍රමිතිය පවත්වාගෙන යාම මොවුන් ගේ වගකීමකි. ප්‍රධානියා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතායි GMOA (Government Medical Officers Association) - රජයේ වෛද්‍ය නිලධාරී සංගමයරජයේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් ගේ වෘත්තිය සමිතිය. මෙය හුදෙක් වෘත්තිය සමිතියක් වන අතර SLMC එකට ඇති වෘත්තිය බලය මොවුන්ට නොමැත. මෙහි ප්‍රධානියා වෛද්‍ය පාදෙණිය මහතායි. SMG (State Medical Graduates) - රජයේ විශ්ව විද්‍යාල වලින් උපාධිය සමත් වූ උපාධිධාරීන් FMG (Foreign Medical Graduates ) - විදේශීය විශ්ව විද්‍යාල වලින් උපාධිය සමත් වූ උපාධිධාරීන් විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලැබීම සහ වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කිරීම අතර වෙනසක් ඇත. විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් දීම එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වගකීමකි. නමුත් කෙනෙක් වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කිරීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි විය යුතුය. මෙය වෛද්‍ය සේවයට පමණක් අදාල තත්වයක් නොවේ. විවිධ මට්ටම් වලින් වෙනත් සේවාවන් හිදී ද මෙය ක්‍රියාත්මක වේ. උදාහරණයකට නිවෙසක සැලසුමක් අනුමත කිරීමට සිවිල් ඉංජිනේරු උපාධියක් තිබීම ප්‍රමානවත් නොවේ. ඒ සඳහා වරලත් සිවිල් ඉංජිනේරුවෙක් විය යුතුය. වරලත් ඉංජිනේරු තත්වය පිරිනමන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අනුරූප ඉංජිනේරු අංශයේ ආයතනය වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (Institute of Engineers Sri Lanka) හෙවත් IESL ආයතනයෙනි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් ඇත. 1. පොදු බහුවරණ පරීක්ෂනය (Common MCQ)මෙය රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධි ධාරීන් සඳහා පැවැත්වේ. 2. ERPM (Act 16)මෙය විදේශීය විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධි ධාරීන් සඳහා පැවැත් වේ. මෙම පරීක්ෂන දෙකෙන් සමත් වූ අයෙකුට වෛද්‍ය වරයෙක් ලෙස ලංකාව තුළ සේවය කිරීමේ බලය ඇත.රජයේ රෝහල් වලට වෛද්‍ය වරු බඳවා ගැනීමේදී යොදා ගන්නේද මෙම විභාගයක් දෙකයි.සියළුම රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන උපාධිධාරීන් පොදු බහුවරණ පරීක්ෂනයට සහභාගී විය යුතුය. එහිදී ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් ලැයිස්තු ගත කෙරෙන අතර රජයේ රෝහල් වල සේවයට බඳවා ගැනෙන්නේ එම ලැයිස්තුවේ අනු පිළිවෙලටයි. විදේශීය විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරීන් ERPM පරීක්ෂනයට සහභාගී විය යුතුය. එහිදී ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් ලැයිස්තු ගත කෙරෙන අතර රජයේ රෝහල් වල සේවයට බඳවාගැනෙන්නේ එම ලැයිස්තුවේ අනු පිළිවෙලටයි. මෙහිදී විදේශීය උපාධිධාරීන් ලැයිස්තු ගත කෙරෙන්නේ රජයේ උපාධිධාරීන්ට පසුවය. උදාහරණයකට පොදු බහුවරණ පරික්ෂනයෙන් 1200ක් සමත් වූයේ නම්, ERPM විභාගයෙන් වැඩිම ලකුණු ගත් උපාධිධාරියා ට ලැබෙන අංකය 1201 යි. මීට හේතුව වන්නේ ERPM පරීක්ෂනය මදක් ලිහිල් වීමයි.කෙසේ නමුත් ERPM විභාගය සඳහා සහභාගී වන අයගෙන් සමත් වන්නේ 15% ක තරම් ප්රතිශතයකි.අසමත් වන අයට ලංකාව තුළ වෛද්‍ය වරයෙක් ලෙස සේවය කළ නොහැක. 2007 වසරේදී විදේශීය උපාධිධාරීන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට පොදු බහුවරණ පරික්ෂනයට සහභාගී වීමට ඉඩ ලබාදුන් අතර, එහිදී ඔවුන් ගේ සමත්වන ප්‍රතිශතය 1.5% දක්වා පහත වැටිනි. සයිටම් (SAITM) දකුණු ආසියා තාක්ෂනික සහ වෛද්‍ය අධ්‍යාපන ආයතනය (South Asia Institute of Technology and Medicine)ලංකාවේ ඇති පුද්ගලික විශ්ව විද්‍යාලයක්. මෙමගින් වෛද්‍ය උපාධියක් ලබා දේ. සයිටම් ආයතනයෙන් පිට වන උපාධිධාරීන් ERPM පරික්ෂනය සඳහා සහභාගී නොවේ. ඊට හේතුව ඔවුන් විදේශීය විශ්ව විද්‍යාලයක් නොවන නිසාය. නමුත් ඔවුහු පොදු බහුවරණ පරීක්ෂනයටද සහභාගී නොවේ. එහිදී ඔවුන් ගෙන එන තර්කය වන්නේ රජයේ රෝහල් වල සේවය සඳහා රජයේ උපාධිධාරීන් සමඟ තරග කිරීමට ඔවුන්ට අවශ්‍යය නොමැති බවයි. වෙනත් වචන වලින් කිවහොත්, රජයේ විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් 1200 ක් පොදු බහුවරණ පරීක්ෂනයෙන් සමත් වුවහොත් සයිටම් උපධිධාරීන්හට ලැයිස්තුවේ 1201 න් අරඹා අංක ලබා දීම ප්‍රමානවත් බවයි. නමුත් මෙහිදී මතුවන ගැටළුව නම් එවිට සයිටම් උපාධිධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඇගයීමකට ලක් නොවීමයි. මෙහිදී ඔවුන් තමාගේ අවසන් වසර පරීක්ෂනය නියාමනය කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ආරාධනා කලහ. නමුත් එය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් නොවේ.එමනිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් උපාධිධාරීන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කළ අතර, ඊයේ පෙරේදා ලැබුණු නඩු තීන්දුවෙන් ඔවුන්ට එසේ කිරීම නවතා සයිටම් උපාධිධාරීන් ලියාපදිංචි කරන ලෙස දන්වන ලදී. [/size] ~සසර සැරිසරන පාදඩයා~ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom