සයිමන්ට විස්සයි, නිව්ටන්ට විසි එකයි [ස්මා&#351

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සයිමන්ට විස්සයි, නිව්ටන්ට විසි එකයි [ස්මා&#351

    ලොව මුල්ම ස්මාර්ට් ෆෝන ලෙස සැළැකෙන ‘‘අයි බී එම් සයිමන්‘‘ පසුගියදා තම 20 වැනි උපන්දිනය සැමරීය. එමෙන්ම ලොව මුල්ම මැසේජ් පෑඩ් එක ලෙස සැලකෙන ඇපල් නිව්ටන් වෙළඳපොලට නිකුත්ව දැන් වසර 21කි.

    404px-Apple_Newton-IMG_0454-cropped.jpg


    323px-IBM_Simon_Personal_Communicator.png


    අයි.බී.එම් සයිමන්

    සයිමන් ඇමරිකාවේ අයිබීඑම් සමාගමේ නිශ්පාදනයකි.ජංගම දුරකථනයක් හා සාක්කු පරිගණකයක දෙමුහුමක් ලෙස නිර්මානය කෙරුණු එය වර්තමානයේ නැතුවම බැරි උපාංගයක් බවට පත්ව ඇති ස්මාර්ට් ෆෝනයන් වල පළමු උත්සාහයයි.

    ගඩොල් භාගයක් තරමේ වන ‘‘සයිමන්‘‘ ග්‍රෑම් 500 ක් පමණ බරැතිය. සංවේදී LCD තිරයකින් හා එම තිරය මත ඇඳීීමට ලබාදී තිබුණු විශේෂ පෑනකින් (Stylus) එය සමන්විතය. අයි.බී.එම් සමාගම නිර්මාණය කොට ජපානයේ මිට්සුබිෂි ඉලෙක්ට්‍රික් සමාගම මගින් නිශ්පාදනය කරන ලද සයිමන් සෙලියුලර් ස්මාර්ට් ෆෝනය එලිදැක්වුනේ 1994 අගෝස්තු මසදීය.

    දුරකථන ඇමතුම් ගැනීම,ෆැක්ස් පත් යැවීම මෙන්ම සංවේදී තිරය මත පෑනෙන් එක එක දේ ඇඳ හෝ ලියා හෝ විද්‍යුත් ලිපියක් ලෙස පරිගණකයක් වෙත යැවීමේ හැකියාවද එයට ඇත. මීට අමතරව address book, calendar, appointment scheduler, calculator, world time clock, electronic note pad වැනි මෘදුකාංග (ඇප්ස්) මෙහි අඩංගු විය.

    මතක ධාරිතාවය මෙගාබයිට් 1ක් වූ සයිමන් ස්මාර්ට්ෆෝනය AMPS තාක්ශණයේ සෙලියුලර් ජාල සමග සම්බන්ධවිය හැකි ලෙස නිර්මාණය කොට තිබුණි. AMPS ඇනලොග් සෙලියුලර් තාක්ශණයක් වන අතර එකල ශ්‍රී ලංකාවේ "මොබිටෙල්" ජාලය AMPS තාක්ශණයෙන් ක්‍රියාත්මක විය.

    සයිමන් අයිබීඑම් සමාගම සිතූ පරිදි ජනපි‍්‍රය නොවුනි.එහි විශාලත්වයත්, සංකීර්ණ භාවයත් සාමාන්‍ය ජංගම දුරකථනයක් භාවිතා කිරීමට පුරුදුව සිටි පරිශීලකයෝ එයට ආකර්ෂණය වීම වැළැක්වූ හේතු විය

    ඇතැමුන් සයිමන් මිලදී ගත්තද පසුව හෙළිවූයේ දුරකථන ඇමතුමක යෙදිය හැකිව සිටින්නට හැක්කේ පැයක පමණ කාලයක් පමණක් බවය.එම කාලය ගතවී අවසානය වන විට බැටරිය බින්දුවටම බසී. මෙවන් කරුණු නිසා සයිමන් අසාර්ථක ව්‍යාපෘතියක් වුනි.ඩොලර් 899 කට මිල කර වෙළඳපොළට නිකුත් කෙරුණද මාස කිහිපයක ඇවෑමෙන් මිල ඩොලර් 599 ක් දක්වා පහත බැස්සේය.මෙනිසා තවත් මාස කිහිපයක් බලා සිට සයිමන් සදහටම වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමට අයිබීඑම් සමාගම කටයුතු කළේය

    ඇපල් නිව්ටන්

    මුලුමනින්ම පරිගණක නිර්මාණය කිරීමෙ සමාගමක් ලෙස තිබූ ඇපල් සමාගම මුල්වරට පාරිභෝගික ඉලෙක්ට්‍රොණික භාණ්ඩ (consumer electronics) නිර්මාණයක් ලෙස ඉදිරිපත් කලේ මැසේජ් පෑඩ් එකයි.

    ඇපල් සමාගම මගින් නිර්මාණය කල මෙය නිශ්පාදනය කලේ ජපානයේ ෂාප් සමාගමයි. මුල්වරට තිරයේ ලියන අත් අකුරු හඳුනාගෙන ඒවා පරිගණක අකුරු බවට පරිවර්තනය කල හැකි තාක්ශණයක් (hand writing recognition technology) ප්‍රායෝගිකව හඳුන්වා දුන්නේ නිව්ටන් මැසේජ් පෑඩ් එක මගිනි. අයි.බී.එම් සයිමන් තිරයේද ස්ටයිලස් එකක් ආධාරයෙන් රූප ඇඳිය හැකිව තිබුණු නමුත් අකුරු හඳුනාගැනීමේ හැකියාව එයට නොතිබුණි. එකල එතරම් නොමේරූ තාක්ශණයක් ව තිබුණු අත් අකුරු හඳුනාගැනීමේ තාක්ශණය නිසිපරිදි ක්‍රියාත්මක නොවීම නිව්ටන් මැසේජ් පෑඩ් එකේ අසාර්ථකත්වයට බොහෝසේ දායකවූ බව විචාරකයින්ගේ පිලිගැනීමයි.

    මීට අමතරව LCD සංවේදී තිරය මත ජනනය වන on screen keyboard මගින් සයිලස් එක හරහා අකුරු ලිවීමේ හැකියාවද තිබුණි. මෙය අද සියලු ස්මාර්ට් ෆෝන් වල එන on screen keyboard එකට සැම අතින්ම සමාන විය.සෙලියුලර් ජාල හා සම්බන්ධවීමේ හැකියාවක් නොතිබූ බැවින් ස්මාර්ට් ෆෝනයක් ලෙස ගත නොහැකි වුවද, අද අප භාවිතා කරන අයිෆෝන් හා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන වල ඇති බොහෝ තාක්ශණයන්ගේ තිඹිරිගෙය වන්නේ ඇපල් නිව්ටන් මැසේජ් පෑඩයයි.

    ගත්තේ මෙතනින්... විද්‍යා ගවේෂණ