සරණාගතයින් 153ට මොකද වුණේ?
ශ්‍රී ලාංකික සරණාගතයින් 153ක් රැගත් බෝට්ටුවක් ඉන්දියාවේ පුඩුචේරි සිට ඔස්ට්‍රේලියාවට පලාගොස් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එම ලාංකිකයින් අතර 32ක් කාන්තාවන්ද 37ක් කුඩා ළමුන් බවද විදෙස් වාර්තා කියයි.
ලාංකික සරණාගතයින් පිරිසක් රැගත් බෝට්ටුවක් ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බවට පළව ඇති වාර්තා සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය මෙලෙස අවධානය යොමුකර ඇත.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව ද එවැනි සිද්ධියක් පිළිබඳව තොරතුරු තහවුරු කර නැත.
එහෙත් අදාළ බෝට්ටුවේ සිටින ලාංකික සරණාගතයින් විසින් ඔවුන්ගේ බෝට්ටුවේ සිදුව ඇති තෙල් කාන්දුවක් ගැන ඔස්ට්‍රේලියාවට පසුගිය 28 වැනිදා දුරකථන මගින් දැනුම්දී ඇතැයි ද පැවසේ.
එසේ වුවද ඔස්ට්‍රේලියාව මේ දක්වා ඒ ගැන නිල ප්‍රකාශයක් කර නැත.
මෙම වාතාවරණය යටතේ ඉන්දියාවේ පුඩුචේරි ආරක්ෂක සේවා නියෝජිතයින් මෙන්ම පොලීසිය ද පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ ලාංකික සරණාගතයින් පිරිසක් ඔස්ට්‍රේලියාවට පලාගොස් ඇති ද යන්න බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
ඒ අනූව පුඩුචේරි හි ධීවර ගම්මානවල පදිංචිකරුවන්ගෙන් ඉන්දීය පොලීසිය ප්‍රශ්න කිරීම් ද ආරම්භ කර ඇත.
මසුන් ඇල්ලීමට යන මුවාවෙන් ඔවුන් මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පලාගොස් ඇති බවට සැකයක් මතුව තිබේ.
අද දෙරන
සරණාගතයින් 153ට මොකද වුණේ? - ඉන්දියාවෙන් පරීක්ෂණ - ඔස්ට්‍රේලියාව නිහඬයි