Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරණාගමනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරණාගමනය

සරණාගමනයේ මූලාරම්භය

සරණාගමනය පළමුවෙන් ම ලොවට හඳුන්වා දුන්නේ දෙවියන් විසින් නො වේ. ශ්‍රාවකයන් විසින් ද නො වේ. ඍෂීන් විසින් ද නො වේ. ඒ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ විසින් ම සසර ගමනේ අසරණ වූ සත්වයාට පිහිට, පිළිසරණ, ආරක්ෂාව පිණිස සරණාගමනය අනුදැන වදාළෝ ය. ඒ බරණැස ඉසිපතන මිගදායේ දී පළමු රහතන් වහන්සේලා සැටනම හමුයේ දී ය.

ඒ කුමක් හෙයින් ද යත් මුලින් ම ඒ රහතන් වහන්සේලා ගම් දනව් සිසාරා දහම් දෙසමින් වඩින කල සැදැහැවත් කුල පුත්‍රයෝ බුදු සසුන කෙරෙහි පහන්ව පැවිදි උපසම්පදාව ඉල්ලා සිටියෝ ය.

එතෙක් ශාස්තෘන් වහන්සේ විසින් පමණක් ම පැවිදි උපසම්පදා කර තිබූ බැවින් ශ්‍රාවකයන් විසින් පැවිදි උපසම්පදාව සිදු කළයුතු ආකාරයක් පනවා නොතිබුණි. එකරුණු මුල් කරගෙන සරණාගමනය ලබා දීමෙන් පැවිදි උපසම්පදාව ලබන ආකාරය භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට අනුදැන වදාළෝ ය. ඒ මෙසේ ය.

“මහණෙනි, මෙසේ වනාහී පැවිදි කළ යුතු ය. උපසම්පදා කළ යුතු ය. පළමුව කෙස් රැවුල් බා කසාවත් හඳවා උත්තරාසංගය ඒකාංශ කරවා භික්ෂූන්ගේ පා වන්දවා උක්කුටියෙන් හිඳුවා ඇඳිලි බන්දවා මෙසේ කියව’යි කිය යුතු ය.

‘බුද්ධං සරණං ගච්ඡාමි

ධම්මං සරණං ගච්ඡාමි

සංඝං සරණං ගච්ඡාමි’

යනුවෙනි.”

සසුනට ඇතුළුවන ද්වාරය

එතැන් පටන් මෙසේ සරණාගමනය මාර්ගයෙන් දෙවිමිනිසුන් උපාසක භාවයෙන් හෝ ප්‍රව්‍රජිත භාවයෙන් හෝ ශාසනයට බැස ගනියි ද ශාසනයට බැස ගන්නා තැනැත්තා හට මාර්ගය වන්නේ සරණාගමනය යි. සරණාගමනය ලැබූවන්ගේ ඒ සරණාගමනය කරණ කොටගෙන බිය, තැති ගැනීම, දුක, දුගතිය, කරදර දුරු කෙරෙයි. විනාශ කෙරෙයි, බැහැර කෙරෙයි. නිරුද්ධ කෙරෙයි.

ඒ සරණාගමනය ලබන ශ්රාවකයා මෙසේ පළමු කොට බුද්ධ රත්නය සරණ යයි.

බුද්ධ යන ශ්‍රී නාමයේ අරුත කුමක් ද?

ඒ බුද්ධ යන නාමය තම මව විසින් හෝ පියා විසින් හෝ සොහොයුරා විසින් හෝ සහෝදරිය විසින් හෝ මිත්‍රාමාත්‍යයන් විසින් හෝ සහලේ නෑයන් විසින් හෝ මහණ බමුණන් විසින් හෝ දෙවියන් විසින් හෝ නොකරන ලදහ. බුදුවරයනට යම් ඒ බුද්ධ යන නාමයක් වේ නම් අරහත් ඵලයාගේ අන්තයෙහි උපන් ඒ නාමය මහ බෝ මැඩ දී සර්වඥතා ඤාණයාගේ ප්‍රතිලාභය සමඟ අරහත් ඵලය ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකි.

තව ද ඒ බුදුරජාණෝ ලොවේ සත්‍යය අවබෝධ කළ බැවින් බුද්ධ ය. අන් අයට අවබෝධ කරවන බැවින් බුද්ධ ය. සර්වඥ බැවින් බුද්ධ ය. සියල්ල දන්නා සුලු බැවින් බුද්ධ ය. අනෙකෙකු විසින් අවබෝධ නොකරවන ලද බැවින් බුද්ධ ය. නා නා ගුණ සුවඳ විහිදුවන බැවින් බුද්ධ ය. ආශ්‍රව ක්ෂය කළ බැවින් බුද්ධ ය. උපක්ලේෂ රහිත බැවින් බුද්ධ ය. ඒකාන්තයෙන් පහ කළ රාග, ද්වේෂ, මෝහ ඇති බැවින් බුද්ධ ය. ඒකාන්තයෙන් නික්ලේශී හෙයින් බුද්ධ ය. ඒකායන මාර්ගයට ගිය හෙයින් බුද්ධ ය. එකලා ව අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ හෙයින් බුද්ධ ය. මෝහය නැසූ හෙයින්, බුද්ධිය පිළිලැබූ හෙයින් බුද්ධ ය. යම් සේ ලෝකයේ අවබෝධයට යන තැනැත්තා, අවබෝධයට ගිය තැනැත්තා යයි කියනු ලැබේ ද මෙසේ සත්‍යයන් අවබෝධ කළාහු’යි බුද්ධ වේ.

යම් සේ කොළ වියළවන වාතය ‘පණ්ණසුසා’ යයි කියනු ලැබේ ද මෙසේ ප්‍රජාවට අවබෝධ කරවාහු’යි බුද්ධ වේ. ‘සබ්බඤ්ඤුතාය බුද්ධෝ’ යනු සියලු ධර්මය අවබෝධ කර ගැනීමට සමත් බුද්ධියෙන් යුක්ත හෙයින් බුද්ධ යයි කියන ලද්දේ වෙයි. ‘සබ්බදස්සාවිතාය බුද්ධෝ’ යනු සියලු ධර්මයන් නුවණින් දැකීමට සමත් බුද්ධියෙන් යුක්ත වන හෙයින් බුද්ධ යයි කියන ලද්දේ වෙයි. ‘අනඤ්ඤනෙය්යතාය බුද්ධෝ’ යනු අනෙකෙකු විසින් අවබෝධ නොකරවන ලද්දේ, තමා ම අවබෝධ කළ හෙයින් බුද්ධ යයි කියන ලද්දේ වෙයි. ‘විසවිතාය බුද්ධෝ’ යනු නොයෙකුත් ගුණ උපදවන හෙයින් පියුමක් මෙන් විකසනාර්ථයෙන් බුද්ධ යයි කියන ලද්දේ වෙයි. ‘ඛීණාසව සංඛාතේන බුද්ධෝ’ යනු මේ ආදී වූ සිත හැකිළීම කරන ධර්මයන්ගේ ප්‍රහාණයෙන් නිදි හැර පිබිදුනු පුරුෂයෙක් මෙන් සියලු කෙලෙස් නිදි දුරු කිරීමෙන් පිබිදුනු බැවින් බුද්ධ යැයි කියන ලද්දේ වෙයි.

තුන්සරණයට එළඹීම

මෙසේ හිත දෙයෙහි පැවැත්මෙන් ද අහිත දෙයින් වැළැක්වීමෙන් ද සත්වයන්ගේ භය දුරු කෙරෙයි යන අර්ථයෙන් බුද්ධ වේ. භව කතරින් එතෙර කිරීමෙන් ද අස්වැසිලි දීමෙන් ද ධම්ම වේ. ස්වල්ප වශයෙන් කරන්නා වූ දන් පිදීම් වශයෙන් එළවන සත්කාරයන්ට මහත්ඵල ලබා දීම කරන හෙයින් සංඝ වේ. එබැවින් මේ ක්‍රමයෙන් බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන සරණ වේ.

එහි ප්‍රසාදය ඇති කරන, එයට ගරු කරන තැනැත්තේ වනාහී නසන ලද විනාශ කළ කෙලෙස් ඇති හේ, ඒ සරණ පිහිටකොට ගැනීම් ස්වභාව ඇත්තේ, නැතහොත් වෙනත් බාහිර පිහිට නොපතන සිත්හී පහළ වීම සරණාගමනය යි. කියන ලද ආකාරයට සිත් උපදවා ගැනීමෙන් ‘මෙය ම මට සරණ ය, මෙය ම මට පිහිට ය’ යැයි මෙසේ මේ රතනත්‍රය වෙත එළඹෙයි.

එළඹෙන්නෝ ද “ස්වාමීනී, මේ අප භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද සරණ යයි. භාග්‍යවතුන් වහන්සේ අප උපාසකයන් ලෙස පිළිගන්නා සේක්වා!” යි තපස්සු භල්ලිකාදීන් මෙන් සමාදන් වීමෙන් හෝ “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවරයා ය. මම ශ්රාවකයා වෙමි.” යි මහා කස්සප මහරහතන් වහන්සේ මෙන් ශිෂ්‍ය භාවයට පත් වීමෙන් හෝ මෙසේ කී කල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ අසුනින් නැඟිට උතුරු සළුව ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එහි ඇදිලි බැඳ නමැද තුන්වරක් “ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!” යනුවෙන් උදම් ඇනූ අයුරින් හෝ කර්මස්ථාන වඩන්නන් තම ආත්මය පාවා දීම් වශයෙන් හෝ කෘත්‍ය වශයෙන් හෝ එළඹෙයි. මෙසේ සරණාගමනයෙන් ශ්‍රාවකයන් ශාසනයට පැමිණෙයි.

සරණ භේදය

අන්‍ය ශාස්තෘවරයෙක් දේශනා කළ ආකාරයට පැවැත්මෙන් ද ශාස්තෘන් වහන්සේ දේශනා කළ ආකාරයට වෙනස් ව පැවැත්මෙන් ද තෙරුවන් සරණ භේද වේ. මෙය සිදු වන්නේ පෘථග්ජනයන්ගෙන් ම ය. බුදුරජුන් ගුණ නොදැනීමෙන් ද සැක කිරීමෙන් ද මිථ්යානුසය නිසා ද අනාදර ආදී පැවැත්මෙන් ද ඔවුන්ගේ සරණ කිලිටි වේ. ආර්ය පුද්ගලයෝ නොබිදුණු සරණ ඇත්තෝ ද නොකිලිටි සරණ ඇත්තෝ ද වෙති. යම් සේ “මහණෙනි, දෘෂ්ටි සම්පන්න ශ්‍රාවකයෙක් අන්‍ය ශාස්තෘවරයෙක් උදෙසා සිටින්නේ ය යන ඒ කාරණය හේතු රහිත ය. අවකාශ රහිත ය.” යැයි වදාළේ එහෙයිනි. පෘථග්ජනයෝ ද යම්තාක් සරණ භේදයට නොපැමිණේ ද ඒ තාක් නොබිඳුනු සරණ ඇත්තෝ ම වෙති. ඔවුන්ගේ සාවද්‍ය සරණ භේදය වනාහී කෙලෙස් සහිත ද අනිටු ඵල ගෙන දෙන්නේ ද වෙයි.

නොබිඳුණු සරණාගමනය ඵල වශයෙන් ඉෂ්ඨඵල ම දෙයි. යම් සේ වදාළේ ද “යම් කිසිවෙක් බුදුන් සරණ ගියාහු ද ඔවුහු අපායට නොයන්නාහු ය. මිනිස් කය අතහැර දේවකාය පුරවන්නාහ” යනුයි.

නිර්භය වූ උත්තම සරණ

“බුද්ධං සරණං ගච්ඡාමි” යනුවෙන් සරණ යෑමේ අරුත නම් ‘බුදුන් වහන්සේ මම සරණ යමි. බුදුරජාණන් වහන්සේ මට සරණ ය, මට පිහිට ය, දුක නසන්නාහ, යහපත සලසන්නාහ’ යන මේ අදහසින් උන්වහන්සේ ව භජනය කිරීමක් ඇද්ද සේවනය කිරීමක් ඇද්ද ඇසුරු කිරීමක් ඇද්ද යන එය යි.

සරණාගමනයේ එන බුද්ධ, ධම්ම, සංඝ යන වචන තුන අතුරෙන් සියලු සත්වයන්ට අග්‍ර යයි සලකා පළමුව බුදුන් වහන්සේ ද උන්වහන්සේ පහළ වූ හෙයින් ද උන්වහන්සේ දේශනා කරන ලද හෙයින් ද අනතුරුව ධර්මය වේ. ඒ ධර්මයට ආධාරක වන හෙයින් ද ඒ ධර්මය ඇසුරු කරන හෙයින් ද අවසානයට සංඝයා වෙයි.

මෙසේ මේ ත්‍රිවිධ රත්නය යමෙක් සරණ යයි ද හේ මෙලොව උතුම් ම සරණ ලැබූ අයෙකි. බිය තැති ගැනීම් රහිත සරණ ලැබූ අයෙකි. ඔහු හාත්පසින් ම සුරක්ෂිත පුද්ගලයෙකි. ඒ නිසා ම පුරාතන ශ්‍රී ලංකාවේ ගිහි පැවිදි මහ පඬිවරු රචිත අතිබහුතරයක් ග්රන්ථ ඒ ත්‍රිවිධ රත්නයේ ම ගුණ වර්ණනා කරමින් රචනා කරන්නට විය. බුත්සරණ, පූජාවලිය, අමාවතුර, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මරත්නාකරය, ධර්මප්රදීපිකාව ආදී ග්රන්ථ ඊට උදාහරණ ය.

මෙසේ සියලු සතුන්ට අග්‍ර වූ අනන්ත ගුණ ඇති බුදුරජුන් යමෙක් සරණ යයි ද උන්වහන්සේගේ හදමඬලේ උපන් ශ්‍රී සද්ධර්මය සරණ යයි ද ඒ ශ්‍රී සද්ධර්මය අනුව ජීවත් වන ශ්‍රාවක සංඝයා සරණ යයි ද ඔහු මෙලොව සැබෑ ම සුරක්ෂිත වූ පුද්ගලයා ය. ඔහු සැබෑ ම පිළිසරණ ලබා ගත් කෙනා ය. ඔහු බිය සැක රහිත ස්ථානයේ සිටින කෙනා ය. ඒ උත්තම සරණ ලැබූ කෙනා ය. අප සියලු දෙනාට ඒ උතුම් සරණ ලබන්නට වාසනාව ලැබේවා!

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි

[QUOTE="vinuga, post: 24598005, member: 520332"] [B][SIZE="5"]සරණාගමනය සරණාගමනයේ මූලාරම්භය සරණාගමනය පළමුවෙන් ම ලොවට හඳුන්වා දුන්නේ දෙවියන් විසින් නො වේ. ශ්‍රාවකයන් විසින් ද නො වේ. ඍෂීන් විසින් ද නො වේ. ඒ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ විසින් ම සසර ගමනේ අසරණ වූ සත්වයාට පිහිට, පිළිසරණ, ආරක්ෂාව පිණිස සරණාගමනය අනුදැන වදාළෝ ය. ඒ බරණැස ඉසිපතන මිගදායේ දී පළමු රහතන් වහන්සේලා සැටනම හමුයේ දී ය. ඒ කුමක් හෙයින් ද යත් මුලින් ම ඒ රහතන් වහන්සේලා ගම් දනව් සිසාරා දහම් දෙසමින් වඩින කල සැදැහැවත් කුල පුත්‍රයෝ බුදු සසුන කෙරෙහි පහන්ව පැවිදි උපසම්පදාව ඉල්ලා සිටියෝ ය. එතෙක් ශාස්තෘන් වහන්සේ විසින් පමණක් ම පැවිදි උපසම්පදා කර තිබූ බැවින් ශ්‍රාවකයන් විසින් පැවිදි උපසම්පදාව සිදු කළයුතු ආකාරයක් පනවා නොතිබුණි. එකරුණු මුල් කරගෙන සරණාගමනය ලබා දීමෙන් පැවිදි උපසම්පදාව ලබන ආකාරය භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට අනුදැන වදාළෝ ය. ඒ මෙසේ ය. “මහණෙනි, මෙසේ වනාහී පැවිදි කළ යුතු ය. උපසම්පදා කළ යුතු ය. පළමුව කෙස් රැවුල් බා කසාවත් හඳවා උත්තරාසංගය ඒකාංශ කරවා භික්ෂූන්ගේ පා වන්දවා උක්කුටියෙන් හිඳුවා ඇඳිලි බන්දවා මෙසේ කියව’යි කිය යුතු ය. ‘බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි’ යනුවෙනි.” සසුනට ඇතුළුවන ද්වාරය එතැන් පටන් මෙසේ සරණාගමනය මාර්ගයෙන් දෙවිමිනිසුන් උපාසක භාවයෙන් හෝ ප්‍රව්‍රජිත භාවයෙන් හෝ ශාසනයට බැස ගනියි ද ශාසනයට බැස ගන්නා තැනැත්තා හට මාර්ගය වන්නේ සරණාගමනය යි. සරණාගමනය ලැබූවන්ගේ ඒ සරණාගමනය කරණ කොටගෙන බිය, තැති ගැනීම, දුක, දුගතිය, කරදර දුරු කෙරෙයි. විනාශ කෙරෙයි, බැහැර කෙරෙයි. නිරුද්ධ කෙරෙයි. ඒ සරණාගමනය ලබන ශ්රාවකයා මෙසේ පළමු කොට බුද්ධ රත්නය සරණ යයි. බුද්ධ යන ශ්‍රී නාමයේ අරුත කුමක් ද? ඒ බුද්ධ යන නාමය තම මව විසින් හෝ පියා විසින් හෝ සොහොයුරා විසින් හෝ සහෝදරිය විසින් හෝ මිත්‍රාමාත්‍යයන් විසින් හෝ සහලේ නෑයන් විසින් හෝ මහණ බමුණන් විසින් හෝ දෙවියන් විසින් හෝ නොකරන ලදහ. බුදුවරයනට යම් ඒ බුද්ධ යන නාමයක් වේ නම් අරහත් ඵලයාගේ අන්තයෙහි උපන් ඒ නාමය මහ බෝ මැඩ දී සර්වඥතා ඤාණයාගේ ප්‍රතිලාභය සමඟ අරහත් ඵලය ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකි. තව ද ඒ බුදුරජාණෝ ලොවේ සත්‍යය අවබෝධ කළ බැවින් බුද්ධ ය. අන් අයට අවබෝධ කරවන බැවින් බුද්ධ ය. සර්වඥ බැවින් බුද්ධ ය. සියල්ල දන්නා සුලු බැවින් බුද්ධ ය. අනෙකෙකු විසින් අවබෝධ නොකරවන ලද බැවින් බුද්ධ ය. නා නා ගුණ සුවඳ විහිදුවන බැවින් බුද්ධ ය. ආශ්‍රව ක්ෂය කළ බැවින් බුද්ධ ය. උපක්ලේෂ රහිත බැවින් බුද්ධ ය. ඒකාන්තයෙන් පහ කළ රාග, ද්වේෂ, මෝහ ඇති බැවින් බුද්ධ ය. ඒකාන්තයෙන් නික්ලේශී හෙයින් බුද්ධ ය. ඒකායන මාර්ගයට ගිය හෙයින් බුද්ධ ය. එකලා ව අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ හෙයින් බුද්ධ ය. මෝහය නැසූ හෙයින්, බුද්ධිය පිළිලැබූ හෙයින් බුද්ධ ය. යම් සේ ලෝකයේ අවබෝධයට යන තැනැත්තා, අවබෝධයට ගිය තැනැත්තා යයි කියනු ලැබේ ද මෙසේ සත්‍යයන් අවබෝධ කළාහු’යි බුද්ධ වේ. යම් සේ කොළ වියළවන වාතය ‘පණ්ණසුසා’ යයි කියනු ලැබේ ද මෙසේ ප්‍රජාවට අවබෝධ කරවාහු’යි බුද්ධ වේ. ‘සබ්බඤ්ඤුතාය බුද්ධෝ’ යනු සියලු ධර්මය අවබෝධ කර ගැනීමට සමත් බුද්ධියෙන් යුක්ත හෙයින් බුද්ධ යයි කියන ලද්දේ වෙයි. ‘සබ්බදස්සාවිතාය බුද්ධෝ’ යනු සියලු ධර්මයන් නුවණින් දැකීමට සමත් බුද්ධියෙන් යුක්ත වන හෙයින් බුද්ධ යයි කියන ලද්දේ වෙයි. ‘අනඤ්ඤනෙය්යතාය බුද්ධෝ’ යනු අනෙකෙකු විසින් අවබෝධ නොකරවන ලද්දේ, තමා ම අවබෝධ කළ හෙයින් බුද්ධ යයි කියන ලද්දේ වෙයි. ‘විසවිතාය බුද්ධෝ’ යනු නොයෙකුත් ගුණ උපදවන හෙයින් පියුමක් මෙන් විකසනාර්ථයෙන් බුද්ධ යයි කියන ලද්දේ වෙයි. ‘ඛීණාසව සංඛාතේන බුද්ධෝ’ යනු මේ ආදී වූ සිත හැකිළීම කරන ධර්මයන්ගේ ප්‍රහාණයෙන් නිදි හැර පිබිදුනු පුරුෂයෙක් මෙන් සියලු කෙලෙස් නිදි දුරු කිරීමෙන් පිබිදුනු බැවින් බුද්ධ යැයි කියන ලද්දේ වෙයි. තුන්සරණයට එළඹීම මෙසේ හිත දෙයෙහි පැවැත්මෙන් ද අහිත දෙයින් වැළැක්වීමෙන් ද සත්වයන්ගේ භය දුරු කෙරෙයි යන අර්ථයෙන් බුද්ධ වේ. භව කතරින් එතෙර කිරීමෙන් ද අස්වැසිලි දීමෙන් ද ධම්ම වේ. ස්වල්ප වශයෙන් කරන්නා වූ දන් පිදීම් වශයෙන් එළවන සත්කාරයන්ට මහත්ඵල ලබා දීම කරන හෙයින් සංඝ වේ. එබැවින් මේ ක්‍රමයෙන් බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන සරණ වේ. එහි ප්‍රසාදය ඇති කරන, එයට ගරු කරන තැනැත්තේ වනාහී නසන ලද විනාශ කළ කෙලෙස් ඇති හේ, ඒ සරණ පිහිටකොට ගැනීම් ස්වභාව ඇත්තේ, නැතහොත් වෙනත් බාහිර පිහිට නොපතන සිත්හී පහළ වීම සරණාගමනය යි. කියන ලද ආකාරයට සිත් උපදවා ගැනීමෙන් ‘මෙය ම මට සරණ ය, මෙය ම මට පිහිට ය’ යැයි මෙසේ මේ රතනත්‍රය වෙත එළඹෙයි. එළඹෙන්නෝ ද “ස්වාමීනී, මේ අප භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද සරණ යයි. භාග්‍යවතුන් වහන්සේ අප උපාසකයන් ලෙස පිළිගන්නා සේක්වා!” යි තපස්සු භල්ලිකාදීන් මෙන් සමාදන් වීමෙන් හෝ “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවරයා ය. මම ශ්රාවකයා වෙමි.” යි මහා කස්සප මහරහතන් වහන්සේ මෙන් ශිෂ්‍ය භාවයට පත් වීමෙන් හෝ මෙසේ කී කල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ අසුනින් නැඟිට උතුරු සළුව ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එහි ඇදිලි බැඳ නමැද තුන්වරක් “ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!” යනුවෙන් උදම් ඇනූ අයුරින් හෝ කර්මස්ථාන වඩන්නන් තම ආත්මය පාවා දීම් වශයෙන් හෝ කෘත්‍ය වශයෙන් හෝ එළඹෙයි. මෙසේ සරණාගමනයෙන් ශ්‍රාවකයන් ශාසනයට පැමිණෙයි. සරණ භේදය අන්‍ය ශාස්තෘවරයෙක් දේශනා කළ ආකාරයට පැවැත්මෙන් ද ශාස්තෘන් වහන්සේ දේශනා කළ ආකාරයට වෙනස් ව පැවැත්මෙන් ද තෙරුවන් සරණ භේද වේ. මෙය සිදු වන්නේ පෘථග්ජනයන්ගෙන් ම ය. බුදුරජුන් ගුණ නොදැනීමෙන් ද සැක කිරීමෙන් ද මිථ්යානුසය නිසා ද අනාදර ආදී පැවැත්මෙන් ද ඔවුන්ගේ සරණ කිලිටි වේ. ආර්ය පුද්ගලයෝ නොබිදුණු සරණ ඇත්තෝ ද නොකිලිටි සරණ ඇත්තෝ ද වෙති. යම් සේ “මහණෙනි, දෘෂ්ටි සම්පන්න ශ්‍රාවකයෙක් අන්‍ය ශාස්තෘවරයෙක් උදෙසා සිටින්නේ ය යන ඒ කාරණය හේතු රහිත ය. අවකාශ රහිත ය.” යැයි වදාළේ එහෙයිනි. පෘථග්ජනයෝ ද යම්තාක් සරණ භේදයට නොපැමිණේ ද ඒ තාක් නොබිඳුනු සරණ ඇත්තෝ ම වෙති. ඔවුන්ගේ සාවද්‍ය සරණ භේදය වනාහී කෙලෙස් සහිත ද අනිටු ඵල ගෙන දෙන්නේ ද වෙයි. නොබිඳුණු සරණාගමනය ඵල වශයෙන් ඉෂ්ඨඵල ම දෙයි. යම් සේ වදාළේ ද “යම් කිසිවෙක් බුදුන් සරණ ගියාහු ද ඔවුහු අපායට නොයන්නාහු ය. මිනිස් කය අතහැර දේවකාය පුරවන්නාහ” යනුයි. නිර්භය වූ උත්තම සරණ “බුද්ධං සරණං ගච්ඡාමි” යනුවෙන් සරණ යෑමේ අරුත නම් ‘බුදුන් වහන්සේ මම සරණ යමි. බුදුරජාණන් වහන්සේ මට සරණ ය, මට පිහිට ය, දුක නසන්නාහ, යහපත සලසන්නාහ’ යන මේ අදහසින් උන්වහන්සේ ව භජනය කිරීමක් ඇද්ද සේවනය කිරීමක් ඇද්ද ඇසුරු කිරීමක් ඇද්ද යන එය යි. සරණාගමනයේ එන බුද්ධ, ධම්ම, සංඝ යන වචන තුන අතුරෙන් සියලු සත්වයන්ට අග්‍ර යයි සලකා පළමුව බුදුන් වහන්සේ ද උන්වහන්සේ පහළ වූ හෙයින් ද උන්වහන්සේ දේශනා කරන ලද හෙයින් ද අනතුරුව ධර්මය වේ. ඒ ධර්මයට ආධාරක වන හෙයින් ද ඒ ධර්මය ඇසුරු කරන හෙයින් ද අවසානයට සංඝයා වෙයි. මෙසේ මේ ත්‍රිවිධ රත්නය යමෙක් සරණ යයි ද හේ මෙලොව උතුම් ම සරණ ලැබූ අයෙකි. බිය තැති ගැනීම් රහිත සරණ ලැබූ අයෙකි. ඔහු හාත්පසින් ම සුරක්ෂිත පුද්ගලයෙකි. ඒ නිසා ම පුරාතන ශ්‍රී ලංකාවේ ගිහි පැවිදි මහ පඬිවරු රචිත අතිබහුතරයක් ග්රන්ථ ඒ ත්‍රිවිධ රත්නයේ ම ගුණ වර්ණනා කරමින් රචනා කරන්නට විය. බුත්සරණ, පූජාවලිය, අමාවතුර, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මරත්නාකරය, ධර්මප්රදීපිකාව ආදී ග්රන්ථ ඊට උදාහරණ ය. මෙසේ සියලු සතුන්ට අග්‍ර වූ අනන්ත ගුණ ඇති බුදුරජුන් යමෙක් සරණ යයි ද උන්වහන්සේගේ හදමඬලේ උපන් ශ්‍රී සද්ධර්මය සරණ යයි ද ඒ ශ්‍රී සද්ධර්මය අනුව ජීවත් වන ශ්‍රාවක සංඝයා සරණ යයි ද ඔහු මෙලොව සැබෑ ම සුරක්ෂිත වූ පුද්ගලයා ය. ඔහු සැබෑ ම පිළිසරණ ලබා ගත් කෙනා ය. ඔහු බිය සැක රහිත ස්ථානයේ සිටින කෙනා ය. ඒ උත්තම සරණ ලැබූ කෙනා ය. අප සියලු දෙනාට ඒ උතුම් සරණ ලබන්නට වාසනාව ලැබේවා! – මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom